À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43

A+ A-

“ආයේ කියපන් බලන්න!! කියපන් යකෝ ඉතින්?!!” පිටිපස්සෙ බිත්තියේ දැනටම රතු පාටින් ලාවට පැල්ලම් වෙලා තියෙනවා දැකලා මම තවත් තදින් නෙමිත් කියන එකාගෙ කොණ්ඩෙන් ඇදලා උගේ ඔලුව බිත්තයට තියලා ගහගෙන ගහගෙන ගියේ උගේ ඇස් වල කලු බෝලේ හෙමින් සැරේ අතුරුදහන් වෙනවා බලාගෙන.

“ශාක්‍ය හුත්තෝ! අතෑරපන් යකෝ ඕකා මැරෙයි!” මාව පිටිපස්සට ඇදිලා යන්න හදන හැමපාරකම මම කරේ ටක්ගාලා මගේ අනිත් අතින් අරූගෙ බෙල්ල තදින් අල්ලගත්ත එක.

“නෑ ඉදපන්- අතෑරපන් යකෝ මාව! මොකද්ද තෝ කිව්වෙ?? මගේ නන්ගිගෙ එක රසයි??” මාව පිටිපස්සට ඇදිලා යනවත් එක්කම මම උගේ කොණ්ඩෙ හිස් කබලෙන් ගැලවිලා එන්නම ඇදලා ගත්තේ ඒ වේස බල්ලා ඇවිත් මගේ ඇගට බර වෙද්දි..ඒ එක්කම මම උගේ ඔලුව ආයෙම බිත්තියට ගැහුවේ තද රතු පාට පැල්ලමක් බිත්තියේ හිටිද්දි.

අන්තිමට වැදිච්ච පාරට නෙමිත්ගෙ ඇස් ගැස්සිලා ඌව ඇදගෙන වැටෙන්න යද්දි මන් මගේ ඉස්සරහ දත් ටිකේ දිව යවනගමන් හිනා වෙලා ඌව ආයෙම නැගිට්ටුවේ උගේ බෙල්ලෙ තිබ්බ අත තද කරන ගමන්- ඒ එක්කම මාව එකපාරටම හයියෙන් පිටිපස්සට තල්ලු වෙලා ගිහින් බිම වැටුණේ අනිත් පැත්තට තව අත් වගේකින් මාව හිරකරගනිද්දි..මම ඒපාර මගේ නිදහසේ තිබ්බ අත් දෙක දිහා ඇහි බැමත් එකතු කරන් බලන් උන්නා..තව ටිකයි තිබ්බෙ. තව එකපාරක් වැද්දුවා නම්- මම ආයෙම පාරක් මගේ ඔලුව උස්සලා මගේ දැන් ඉස්සරහා සිහිය නැතුව වැටිලා හිටපු නෙමිත්ගෙ මූණ හොලවන සාහිල් අයියා දිහා දත් මිටිකාගෙන බැලුවා.

“ශාක්‍ය මල්ලි..කාම් ඩවුන් යකෝ!”

“ගමිඳු අයියේ හොදින් කියන්නෙ මාව අතෑරපන්!”

“පිස්සු කතා කරන්නෙපා මල්ලි! වරෙන් මාත් එක්ක එළියට යන්න..තනුජ! උබලාටත් එක්ක කියන්නෙ වරෙන්!”

“අයුක! මෙන්න මූව පොඩ්ඩක් බලපන් මන් මුන් ටිකව අරන් යන්නම්.” නෙමිත් ගාව හිටපු සාහිල් අයියා කතා කරාම අයුක අයියලායි තව රග්බි ටීම් එකේ කට්ටියකුයි එතන්ට ආවම සාහිල් අයියා නෙමිත්ව උන්ට බලා ගන්න කියලා බිම වැටිලා හිටපු මන් ගාවට දුවගෙන ඇවිත් මගේ ශර්ට් එකෙන් ඇදලා අරන් මාව නැගිට්ටුවේ මගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගනිද්දි..

“හරි සිහියෙන්ද උබ ඔය ඉන්නෙ??” ඒපාර මම ලාවට ඔලුව දෙපැත්තට වැනුවා..ඇත්තටම මම ඉන්නෙ හරි සිහියකින් නෙවෙයි. මොකද කලින් සාහිල් අයියලා මෙතන්ට ආවෙ නැත්තන් මන් සිරාවටම නෙමිත්ට මෙතන මොකක් හරි කරන්න තිබ්බා.

“හ්ම්..හොඳට හුස්ම ගනින්! හෙමීට හෙමීට…ගමිඳු මූව පහළට එක්ක පලයන් මන් අරුන් තුන් දෙනාව එක්ක එනකල්.” සාහිල් අයියා ටික වෙලාවක් මගේ පිට අත ගාලා ආයෙම මාව ගමිඳු අයියාගෙ පැත්තට බර කලේ මම මගේ ඇගේ බර සම්පූර්ණෙන්ම ගමිඳු අයියාට දෙද්දි..

“අපි යමු..උබට අමාරුවක් නෑනෙ?” මම ඒපාර ඔලුව වැනුවා.

“කොහේට..ද? යන්නෙ?” මම වචන ආපු නැති තැන කැස්සෙ පිට මැද්දෙන් ආපු වේදනාව ගනන් නොගෙන.

“කාර පාර්ක් එකට..එතන සාහිල්ගෙ කාර් එක ඇති- ආ මේ කැප් එක දාගන්න මල්ලි.” ඒපාර ගමිඳු අයියා එයාගෙ ඔලුවේ තිබ්බ කැප් එක ගලවලා දාලා මට දුන්නම මම ඒක අනිත් පැත්තට අරන් මුකුත් නොකියා ඔලුවට දාගත්තෙ ඉස්සරහ සී සී ටී වී තියෙනවා නෝට් කරගෙන..අපි දෙන්නා හොටෙල් එකේ පිටිපස්ස පැත්තෙන් තිබ්බ ස්ටාෆ් ලිෆ්ට් එක අරන් එළියට ආවත් හරි ගමිඳු අයියා ටක්ගාලා ෆෝන් එක අරන් කනේ තියාගන්නවා මම ඇස් කොණින් දැක්කා.

“මන් කිව්වම අර වැඩේ කරන්න..හ්ම් තව කටිටයක් එළියට ගන්නකන් ඉන්න වෙනවා..ආ තව අර CCTVs ගැන බලාගන්න.” ගමිඳු අයියාගෙ කතාව අහලා මම ශේප් එකේ ඌ දිහා බැලලා උගේ උඩ ඉදන් යටට බැලුවා..ඒ එක්කම ගමිඳු අයියා කෝල් එක කට් කරලා මන් දිහා බලලා ඇයි කියලා ඇහුවේ මම උරහිස් දෙක උස්සලා ඉස්සරහා බලාගනිද්දි.

“ඇයි තොපිට විතරද මෙහෙ මැර පාට් දාන්න පුලුවන්? මෙතන කරන්න ඕන හැම කැරි වැඩක්ම කරලා අන්තිමට අපිට තමයි කුණු සුද්ද කරන්න එන්න වෙන්නෙ තොපේ!” මම සද්ද නොකර සාහිල් අයියාගෙ කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා වාඩි වුණේ හෙමින් සැරේ සීට් එකට ඔලුව තියලා ඇස්දෙක පියා ගනිද්දි..

“කොහොමද අයියලා මේ ගැන දැනගත්තෙ?”

“දැනගත්තෙද?? එච්චරයි අඩු දැන් තොට! අර ශවිරුවා එහෙම ඔය සීන් එක දැනගත්ත වෙලාවට තමයි උබට තරු පේන්න ගන්නෙ…බලපන් ඉතින් ඒකත් හොඳ වෙලාවට සාහිල් මට කෝල් කරලා සීන් එක කියපු වෙලාවෙ මාත් එක්ක ටීම් එකත් හිටියේ. නැත්තන් අර බුදු සේනාව නිසා තොපි දැන් හොඳ කෑමක් කාලා.” මම සද්ද නැතුව අහන් හිටියා.

“සිරාවට මල්ලි උබට පිස්සුද ආ? අරූ අතන මැරුණානම් එහෙම? අනේ මන්දා බන් උබලත් කරගන්න දේවල්..” ඒ ගමන මම ඇස් දෙක රෝල් කරලා ආයෙම ගමිඳු අයියා දිහා බැලවා.

“එතකොට කවුද දන්නෑ ගිය අවුරුද්දේ තමාශිද නෙමාශිද මන්දා අටමඟලක් දාගෙන ඒකිගෙ කොල්ලාගෙ සෙට් එකෙන් ගුටි කෑවේ! අන්තිමට අපිට තමා එන්න වුණේ මහා ලොකු රග්බි කැපාව බේරගන්න.”

“හා හා කට කට හිච්චං පණුවා! තොගෙයි තොගේ අර මහා ලොකු අඹ ලෙල්ලෝ තුනයි ඔක්කොම එකයි! කියවන්න ගත්තම ගෑණු පරාදයි! තොට ඔහොම ගිහින් බැදගන්න වෙන්නෙ කෑදැත්තෙක්වම තමා..එතකොට දෙන්නත් එක්කම කච කචේ දාගෙන ඉන්න පුලුවන්නෙ!” ගමිඳු අයියා කට උල් කර කර මඟුලක් කියවද්දි මගේ මූණ එකපාරටම අදුරු වෙලා ගියේ එක්කෙනෙක්ව මතක් වෙලා..ශිට්! මම ටක්ගාලා මගේ හතර පැත්තෙන්ම අත තියලා බැලුවත් මට සාක්කුවේ ෆෝන් එක තියෙනවා දැනුන්නැති තැන මම ඉස්සරහට බර වෙලා කොණ්ඩෙ අස්සෙන් අත ගෙනිච්චා.

“මොකෝ උබ එකපාරටම කෑල්ලව මතක් වෙලා වගේ අරක කියපු ගමන් ඔලුව බදාගත්තෙ?” මම ඇස් දෙක වහගෙන නෑ කියන්න ඔලුව වැනුවා.

“හෝව් හෝව් ආර්යන් උබෙන්- ආ බොසා! සේරම හරිද?” ඒ එක්කම කාර් එකේ දොරක් ඇරෙනවා ඇහුණත් මම දිගටම කලේ ඇස් දෙක වහන් උන්නු එක. හරිනෙ ඉතින්! සේරොමල්ලාම දන්නව ඒ කියන්නෙ..

“හ්ම්..උබ පොඩ්ඩක් අර තනුජ මල්ලිලාව ටිකක් බලලා වරෙන්කො. මන් උන් තුන් දෙනාව උබේ ජීප් එකේ ඉන්දවලා ආවේ.”

“තනුජ? ඇයි ඌට මොනා වෙලාද?”

“ඇයි උබ දැක්කෙ නැද්ද? අල්ලෙ හම ලෙල්ලක්ම නෑ.” ඒ එක්කම ගමිඳු අයියා දඩබඩ ගාලා කාර් එකෙන් එළියට බැස්සෙ මාත් ඔලුව උස්සලා ඒ පැත්තට හැරෙද්දි..

“උබ ඉන්නවනෙ ශාක්‍ය ගාවින්?”

“ඕ..උබ අරූව පොඩ්ඩක් හොස්පිට්ල් එක්කන් බලයන්කෝ මන් මූව ගෙදර බස්සලා එන්නම්..” ඒ එක්කම සාහිල් අයියා ගමිඳු අයියා හිටපු පැත්තෙ දොර වහලා ඉස්සරහා ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වුණේ මමත් සද්ද නැතුව සීට් එකේ පිටිපස්සට බර වෙලා ඔලුව තියාගනිද්දි.

“තනුජට මොකද්ද අවුල?”

“අල්ලෙ හම ගිහින්.”

“අනිත් දෙන්නා?”

“හොඳින්.”

“හ්ම්..” මම සීට් එකට ඔලුව තියන් ඉන්න අතරේ දැක්කෙ රියර් මිරර් එකෙන් මන් දිහා බලන් ඉන්න සාහිල් අයියාව..එතකොට මම ඇහි බැමක් ඉස්සුවේ එයා ආයෙම පාර දිහා බලාගනිද්දි..

“අරවෙලේ මොනාද හිතුවේ?”

“මොන?”

“අරූට ගහද්දි මොනාද හිතුවේ?” ඒපාර මම ඇස් දෙක වහගෙන කට තද කරගත්තෙ හොඳ හුස්මක් ඉහළට අදිද්දි..

“ඉවරයක් කරලා දාන්න හිතුණා.”

“හ්ම්..” සාහිල් අයියා හෙනම අමුතු විදිහකට ඒක කිව්වම මම ඇස් දෙක ඇරලා ආයෙම රියර් මිර එකෙන් එයා දිහා බැලුවම දැක්කෙ එයා අමුතු විදිහට හිනා වෙලා ඉන්නවා.

“ඌ මගේ නන්ගිට කැත විදිහට කතා කරා අයියේ.” මම දිගටම බලන් හිටියේ සාහිල් අයියා දිහා..ඒත් එයාගෙ මූණේ ඒ තිබ්බ අමුතු ලුක් එක තාම ගියේ නැතුව එයා උත්තර නොදී ඉන්දැද්දි මට තරහා ගිය නිසා මම කරේ අහක බලා ගත්ත එක.

“ඉවරයක් කරලා දැම්මාම ඔක්කොම හරිද ඉතින්?”

“අනේ මේ අයියේ බණ නම් කියවන් එන්නෙපා-“

“නෑ! උබ මන් දැන් අහපු දේට උත්තර දීපන්! මමයි වැඩිමල්.. මට අයියා වෙන්න හදන්නෙපා!” සාහිල් අයියා එකපාරටම ඉස්සරහා ස්ටේරින් වීල් එකට ගහලා සද්දෙන් කතා කරාම මම ඇහි බැම අකුළ ගත්තෙ පුදුමෙට. මොකද සාහිල් අයියා මට ජීවිතේට මෙහෙම කතා කරලා තිබ්බෙ නෑ. මම ඒපාර වින්ඩෝ එකෙන් එළිය බැලුවේ එකපාරටම ආපු ගිල්ටි ෆීලින්ග් එකට.. හැබැයි එක අතකට මෙතන ශවිරු නැතුව සාහිල් අයියා ඉන්න එක ලොකු දෙයක්. නැත්තන් අරූ මෙතන තව එක විකාරයක් නටයි.

“මට ඉවසන්න බැරි වුණා අරූ මගේ නන්ගි ගැන එහෙම කියද්දි.”

“එතකොට උබ නිකමටවත් හිතුවද උබ අද ඒවගේ දෙයක් කරා නම් ශෞර්යා නන්ගි ඒක කොහොම දරාගනීවිද කියලා?” මම ඒකට කියන්න දෙයක් නැතුව කට තද කරගත්තෙ සාහිල් අයියා කියන දේවල් හරි නිසා. ඇත්ත..නන්ගි ජීවිත කාලෙම විඳවාවි. මොකද එවෙලෙ මගේ ඇගට ආපු ඇඩ්රිනලින් රශ් එකත් එක්ක මට එවෙලේ හිතුනෙම අරූගෙ ඔලුව තව එකපාරක් තැලිලා යන්නම වද්දන්නයි.

“අනික මල්ලි උබ දැන් තව දෙයක් ගැනත් පොඩ්ඩක් හිතන්නෝන කියලා උබට නිකමටවත් හිතන්නැද්ද?” මම ඒපාර රියර් මිරර් එක දිහා බලලා ඇහි බැම අකුළගත්තා.

“උබට දැන් නන්ගිම විතරක් නෙමෙයිනෙ මල්ලි ඉන්නෙ.” එතකොට සාහිල් අයියා කියන්න හදන දේ තේරුම් අරන් මම කටපියන් හිටියේ එන්න එන්නම මගේ පපුවේ ගිල්ටි ෆීලින් පිරිලා යද්දි. මොකද දැන් මට ආයෙම කාලේ පස්සට හරවන්න බෑ.. ඒ මොනා වුණත් ඌට කරපු දේ ගැන මම පසු තැවෙන්නෙත් නෑ. මම දුක් වෙන එකම දේ කලින් මම ආර්යන් අයියාට පාටි එකට යනවා කියලා නොකිව්ව එක විතරයි.

“උබලා දෙන්නගෙ සම්බන්ධකම මේ වෙද්දි මොන තැනද තියෙන්නෙ කියලා මන් හරියට දන්නෙ නැති වුණාට මල්ලි මන් එක දෙයක් කියන්නම්..අපේ එකා උබ ගැන පට්ටම සීරියස් මල්ලි.” සාහිල් අයියා රියර් මිරර් එකෙන් මන් දිහා බලලා එහෙම කිව්වම මම අත මිට මොළව ගත්තෙ මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්ත හන්දා.

“මාත්.” තත්පරයක් වත් නාස්ති නොකර මන් ඒක සාහිල් අයියාට කියලා දැම්මා. මොකද මට මගේ හැඟීම් ගැන සීයට සීයක් විශ්වාසයි. ඒ ගමන සාහිල් අයියා ඔලුව වනලා ආයෙම පාර දිහා බැලුවේ අපේ ගෙවල් පැත්තට යන හන්දියෙන් කාර් එක වම් පැත්තට කපද්දි..

“එහෙනම් ආයෙම මොකක් හරි වුණෝතින් පොඩ්ඩක් ඌ ගැනත් හිතපන්. මොකද ඌ ඉන්නෙත් අවුල් ජාලෙක මල්ලි.. ඔය හැමෝම ඉස්සරහ පොර වගේ හිටියට හිත ඇතුලෙන් මාරම කට්ටක් කන ගමන් ඌ ඉන්නෙ..ඇරත් ඒකත් උබ ගාවදි විතරයි ඕකා ටිකක් හරි සැනසීමෙන් ඉන්නෙ. ඌ ඒක අපි එක්කලා අනන්තවත් කියලා තියෙනවා.. ඉතින් එහෙම වෙලා උබත් ඔය විදිහට හැසිරුණාම අර කොල්ලාට පිස්සු හැදෙයි බන්. බලපන් උබ ඔය රෙද්ද අස්සෙ රින්ගලා කරදරේක කියලා දැනගත්තට පස්සෙ ඌ ගෙදර දෙක කරන්න හදලා.” එතකොට ආර්යන් අයියාද සාහිල් අයියලාව එවලා තියෙන්නෙ- ඒ එක්කම මගේ ඇස් හීන් වුණේ සාහිල් අයියා ඒ කියපු දේ අහලා.

“අවුල් කිව්වෙ ගෙදර ප්‍රශ්නද?” මම එහෙම ඇහුවම සාහිල් අයියා ලාවට ඔලුව වැනුවේ මට එදා ආර්යන් අයියා එයාගෙ තාත්තා ගැන කියපු දේ මතක් වෙද්දි..

“ඇයි අන්කල් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්වත් ගිහින්ද?” ඒපාර සාහිල් අයියාගෙ නළල රැළි ගැහෙනවා මම බලාගෙන.

“රජීව් අන්කල් පට්ට සැරයි මල්ලි..අච්චර ෆෝසස් වල පවුලක් වෙලත් අපේ තාත්තලා ඔහොම නෑ. අදත් ඔය කන පැලෙන්න එකක් කාලා ඉන්නෙ.”

“මොකක්? ආර්යන් අයියාට ගහනවද අන්කල්?” ඒපාර සාහිල් අයියා කලබලෙන් කට තද කරගන්නවා මම බලාගෙන.

“සාහිල් අයියේ? මොකද්ද වුණේ කියනවද?” සාහිල් අයියා කලබලෙන් පාර පුරා ඇස් ගෙනියන විදිහ රියර් මිරර් එකෙන් බලාගෙන හිටපු මම සීට් එකෙන් කෙලින් වුණේ එන්න එන්නම මගේ ඇහි බැම ලන් වෙලා මුලු නළලම රිදෙන්න ගනිද්දි.

“මන් කියන්නෙ උබට ඌ ගැනත් පොඩ්ඩක්-“

“මව් ඇහුවේ අන්කල් අයියාට ගහනවද කියලා?”

“නෑ නෑ මන් කියන්න ගියේ- ශිට්!” සාහිල් අයියා නළල දෙපැත්තෙන් ඇගිලි යවනවා බලන් හිටපු මගේ නළල තවත් රිදෙන්න ගත්තෙ ඇහි බැම තදට එකතු වෙලා තිබ්බ හන්දා.

“සාහිල් අයියේ?” එයා සද්දයක් නෑ.

“මාව උගේ ගෙදරට යවාගන්න ඕන්නැත්තන් මට ඇත්ත කියපන් අයියේ හොදේ!” එකපාරටම ආපු කේන්තියට මම කාර් එකේ දොර ඇරියේ අනිත් පැත්තට සාහිල් අයියා කාර් එක පාරින් අයින් කරලා නවත්තද්දි.

“මොනාද ඕයි කරන්නෙ? ඉන්නවා ඉන්නවා පොඩ්ඩක් ඔහොම! මට එකපාරටම මේවා ගැන උබට කියන්න බෑනෙ බන් මල්ලි පොඩ්ඩක් තේරුම් ගනින්කො! අනේ මන්දා තොපි දෙන්නටම ඉවසීම කියන දේ අඩුම දශමයක්වත් ගෑවිලා නැද්ද යකෝ?? ඔය දොර වහපන් ඔක්කොටම ඉස්සෙල්ලා” මම තාමත් හිටියේ කාර් එකේ දොර ඇරගෙන වුණාම මන් හෙමින් සැරේ දොර වහලා ආයෙම සීට් එකෙන් හේත්තු වුණා.

“මට වෙච්ච හැමදේම කියන්න…ප්ලීස්.” මන් අන්තිමට ඇස් දෙක දන්න ගත්ත නිසා සාහිල් අයියාට ප්ලීස් කියලා කිව්වාම එයා දිග හුස්මක් උඩට ඇදලා අරන් කාර් එක පාකින් වලට දාලා හෑන්ඩ් බ්‍රේක් එක උඩට ඇද්දා. ඇත්තමයි මට දැන්නම් ඕන මඟුලක් කියලා ආර්යන් අයියාව බලන්න යන්නත් හිතෙනවා.. ඒත් මන් එදා මටම පොරොන්දු වුණානේ ඔය ගෙවල් පැත්තෙ අපේ හෙවනැල්ලාවවත් වදින්න ඉඩ තියන්නෑ කියලා. ශිට්! මට දැන් පිස්සු වගේ..!

“රජීව් අන්කල් හරි අමුතුයි බන්..මන්දා මට තාම ඒ පවුල ගැන තේරෙන්නෑ. දන්න කාලේ ඉදන් අන්කල් ගෙදර ඉන්න දවසට මන් ආර්යන්ට කෝල් කරොත් එක්කෝ මට ඇහෙන්නෙ රණ්ඩු කරගන්න සද්දෙ නැත්තන් ආර්යන් කියනවා ඌට කතා කරන්න බෑ තාත්තා අම්මා එක්ක රණ්ඩු කරනවා කියලා කෝල් එක කට් කරනවා.” මම තොල් දෙක තද කරගත්තෙ සාහිල් අයියා මේ කියන දේවල් අහන් ඉදලා.

“රණ්ඩු කරනවා කිව්වෙ මොන වගේ…”

“අහු වෙන එකෙන් ගහනවාලු..ඉස්සර ගොඩක්ම අන්කල් ගහන්නෙ එයාගෙ කේන් එකෙන්. එදාට ආර්යන් ඉස්කෝලෙ එන්නෙ කලර්ඩ් ඇදගෙන..පස්සෙ අපි උගේ පිටටයි වැදුනු තැන් වලටයි බෙහෙත් ගානවා.”

“මොන වගේ තාත්තෙක්ද ඒ? යකෝ ලමයාට ආදරේ නැත්තන් මොන මඟුලකට ඌව ඉපැද්දුවේ?” ඒපාර සාහිල් අයියා හිනා වුණා.

“අපිත් ඕකම කියනවා..අනික ඉතින් මූත් නිකන් ඉන්නෙ නෑනෙ. එකට එක කියන් යනවා තැන කොතැනද අදාල නෑ. ඉතින් ඔවාගෙන් වෙන්නෙ නිමක් නැතුව එයාලා දෙන්නා බැන ගන්න එක. අනික ආර්යන්ටත් ඔය ඇග්‍රසිව් ගතිය ඇවිත් තියෙන්නෙ අන්කල්ගෙන්මයි. ඊට වඩා රජීව් අන්කල් ගොඩක් වෙලාවට ගෙදර එන්නෙත් බීලා..එතකොට තමයි ගොඩක් වෙලාවට ඔය රණ්ඩු ඇදිලා එන්නෙ. මොකද ආර්යන් ආස නෑ අන්කල් බීලා ගෙදර එනවට. අනික මේ ටිකේ ගෞරව් අයියත් බිස්නස් වැඩ වගේකට රට ගිහින් නිසා අරකා දැන් ගෙදර පිස්සු නටනවා.” එතකොට මන් ඇහි බැම ලන් කරගත්තා.

“එතකොට මෙච්චර හරියක් වෙනකන් අයියාගෙ අම්මා ඒ දිහා බලන් ඉන්නවද?” මන් තවත් තොල් දෙක තද කරගත්තෙ සාහිල් අයියා ඔලුව වනනවා දැකලා.

“හ්ම්..ආන්ටි නම් ඉතින් ගෙදර හිටියත් එකයි නැතත් එකයි. එයා ඕවා ගැන ඇහැක් ඇරලා බලන්නෑ.”

“ඉතින් එහෙනම් මොන ලබ්බකටද ආර්යන් අයියා ඔය ගෙදරට වැදෙන්නෙ අර යකා- අහ්ම්..එයාට මෙහෙම දෙයක් වෙනවා කියලා දැන දැන?”

“මට මීට වඩා දෙයක් කියන්න බෑ මල්ලි..උබට තේරෙණවනෙ මන් කියන්න හදන එක? ඕක උබ අරූගෙ කටින්ම දැනගන්න එක තමා හොඳ..මොකද ආර්යන්ගෙ පර්සනල් දේවල් ගැන කියන්න මට අයිතියක් නෑ.” මම ඒපාර ඔලුව වැනුවා.

“හ්ම්..තැන්ක්‍යූ අයියේ. මන් මේවා ඔයා කියනකල් දැනන් හිටියෙ නෑ.”

“හ්ම්..” සාහිල් අයියා ඒ ගමන ආයෙම කාර් එක පාරට දාලා එළවන්න ගත්තාම මම ඔහේ ජනේලෙන් එළිය බලාගත්තෙ කාර් එක පාර දිගේ යද්දි ඒ එක්කම පහු වෙච්චි හැම බිල්ඩින් එකක් දිහාම බලාගෙන.

“මල්ලි ආර්යන් තාම ඔයාට ඕපන්අප් වුනේ නැද්ද?” විනාඩි ගාණකට පස්සෙ සාහිල් අයියා ඒ අහපු එකට මම ලාවට ඔලුව වැනුවා.

“පොඩ්ඩක්..”

“හ්ම් ඒකත් ලොකු දෙයක්..උබ දන්නවාද මූව පොඩි කාලේ සම්පූර්ණ නම කටින් ගන්නත් අපිට මාස ගාණක් විතර ගියා.” ඒපාර මට ලාවට හිනා ගියා. අටපට්ටම කියන්නෙ නිකන්ද ඉතින්..ලස්සනයි ආඩම්බරකමයි දෙකම තියෙන්නෙ අටපට්ටමකට විතරනෙ. පිස්සු හුත්තා!

“පුතා මොනා හරි බොනවද?” මම ඔලුව වැනුවා.

“බඩගිනි නැද්ද?” ආයෙම මම ඔලුව වැනුවා.

“එහෙනම් අර ටෙසාව එවන්නද? පව් ඒකා ඔය දවසම උන්නෙ සාන්කාවෙන් ලොකු පුතේ.” ඒපාර මම කොට්ටෙන් මූණ උස්සලා බෙඩ්ශීට් එකෙන් මගේ කට පේන්නැති විදිහට රත්නසිරි මාමා දිහා බැලුවා.

“ටෙසා කෑවේ නැද්ද මාමේ?”

“ඔය ඇබ්බිත්තක් කෑවා ලොකු පුතේ..පොඩ්ඩක් එවන්නද මන්?” ඒපාර මම හා කියන්න ඔලුව වැනුවාම මාමා ටක්ගාලා සරමේ කොණකුත් උස්සන් කාමරෙන් එළියට ගියේ ටෙසාගෙ නම කිය කිය කතා කරද්දි..

ඒගමන මම අනිත් පැත්ත හැරිලා මගේ ඔලුව කොට්ටෙ උඩින් තියාගත්තෙ දැන් ටිකකට කලින් රත්නසිරි මාමා ආපු නිසා බෙඩ්ශීට් එක අස්සෙ හන්ග ගෙන උන්නු ෆෝන් එක ආයෙම මන් මගේ මූණ ගාවට ගනිද්දි..රින්ග්ස් යනවා ඒත් නෝ ආන්ස්වර්. කෝලර් අයි ඩී එකේ වැටිලා තිබ්බ ආර්යන් අයියාගෙ නම දිහා බලන් ඉදලා මම තොල තදින් හපා ගත්තා. අඩුම කෝල් එකක් අරන් බැන්නා නම් එකක්. තරහටද නැත්තන් ගෙදර ප්‍රශ්නෙකින්ද වත් කියලා මට එතකොට දැනගන්න තිබ්බනෙ.. ඒත් ඔයා මෙහෙම කරද්දි මට බය හිතෙනවා.

ගත්ත හතර වැනි කෝල් එකෙත් රින්ග්ස් ගිහින් නිකන්ම කට් වෙලා යනවා බලන් ඉදලා මම ෆෝන් එක තදින් අල්ලගත්තා.. දැන් වෙද්දි මගේ හිත මාරම විදිහට කලබල වෙලා තිබ්බෙ. ඒ අස්සෙ මට කෙල ගිලගන්නත් බෑ නිකන් උගුර හිර වෙනවා වගේ දැණුනා. අඩුම මට ඔයා හොඳින්ද කියලවත් දැනගන්න කටහඬ අහන්න දෙන්න බැරිද අයියේ?

ඔය එක්කම එකපාරටම මන් ඔලුව උස්සලා බැලුවේ කාමරේ දොර හරියෙන් ඇහුණ ටිලිං ටිලිං සද්දෙට..

“ටෙස්?” රත්නසිරි මාමා කලින් බාගෙට වහලා තිබ්බ දොර ගාවින් චහ් චහ් ගගා අඩි තිය තිය ගියපු කිරි තේ පාට තඩි පුළුං බෝලේ දැකලා මට පැය ගාණකට පස්සෙ කටට හිනාවක් ආවා..ටෙසා කාමරේ පහු කරගෙන ගියත් මගේ කටහඬ ඇහිලාද කොහෙද ආයෙම පස්සෙන් පස්සට ඇවිත් දොර අස්සෙන් කාමරේට හොම්බ දැම්මෙ මන් කට පුරා හිනා වෙද්දි..

“Come here bubs!” මම ඇදේ මන් ඉන්න තැනට තට්ටු කරලා කිව්වත් හරි ටෙසා දොර හොම්බෙන් එහාට තල්ලු කරලා ඉවර වෙලා වේගෙන් දුවගෙන ඇවිත් ඇදට පැන්නෙ අනිත් පැත්තට මන් මගේ මූණ අත් දෙකෙන්ම වහාගනිද්දි.

“කෝ කෝ කෙල්ලෙ! අයින් වෙනවා ඉතින් පේන්නෙ නෑ නෙ.” මාව දමාගෙන ඉව කරලා කරලා හෙන වෙලාවකට පස්සෙ ටෙසා ඇද උඩින් දිගා වුණේ ඒ ගමන්ම මගේ බඩ උඩින් මූණ තියාගනිද්දි.. හම්මේ ගෙදර වැඩ කරලා මහන්සියිද කොහෙද උඩට දිග හුස්මකුත් ඇදලා අරන් පිට කරේ නෝනා.

“මොකෝ ම්ම්? දුකින් කිව්වා මාමා…පැටියාට පාළුයිද ම්ම්?” මම කෙලින් වෙලා ඇද මිට්ටමට හේත්තුවෙන ගමන් ටෙසාගෙ මුලු මූණම ඉබගෙන ඉබගෙන ගියේ ඌ මන් අහපු එක තේරිලා වගේ කෙදිරි ගාද්දි..

“පාළුයි? අන්න අන්න මූණ දුක් කරනවා හොර ගෙඩියා!” ඔය විදිහට මම ටෙසාගෙන් එක එකේවා අහා අහා එයාට වද දෙද්දි කෙල්ල මට ලාවට ගොරවගෙනත් ආවා..මම ඒපාර හිනා වෙවී ටෙසාගේ කන් දෙක උස්ස උස්ස ඌට වද දෙන්න ගත්තා. අනාව්ව් මගේ පිස්සු කෙල්ලහ්!

“බොරුවනෙ ඉතින් මේ කෙල්ලගෙත්…දෙන්නෙ පුපට!”

මම ටෙසා එක්ක ඔය වගේ හෙන වෙලාවක් හුරතල් වෙවී ඉදලා ආයෙම මගේ කොට්ටෙ උඩින් ඔලුව තියා ගත්තෙ පොඩි වෙලාවකට ඇස් දෙක වහගන්න කියලා හිතාගෙන. ඒ අස්සෙ ඇඟත් මාරම විදිහට රිදෙනවා. නෙමිත්ට අරවෙලේ ගහද්දි උගේ එවුන්ගෙනුත් මට සෑහෙන්න පාරවල් කන්න වුණා..එවෙලෙ ඒවා ගානක් නැති වුණත් දැන් තමයි ඒවගේ පවර් එක විස ගගහා පත්තු වෙන්න ගත්තෙ. ඔය එක්කම මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තෙ මාව ගැස්සිලා නැගිට්ටවෙද්දි..මන් නැගිට්ට පාරට ටෙසාත් ඔලුව උස්සලා මන් දිහා බැලුවාම මන් එයාගෙ ඔලුවත් අතගාන ගාලා ඉවර වෙලා ටක්ගාලා මගේ ෆෝන් එක අතට අරන් ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ කෝලර් අයි ඩී එක දිහා බැලුවා. බොරු කියන්න ඕන නෑ මොකද්දෝ හේතුවකට මගේ හිත කිව්වෙම ඒ කෝල් එක ගන්නෙ ආර්යන් අයියා කියලා. ඒ හිතුවා වගේම කෝල් එක ගන්නෙ ආර්යන් අයියා.. මම උගුරෙන් එළියට පනින්න වගේ ගැහෙන්න ගත්ත පපුව ඉග්නෝ කරලා දාලා කෝල් එක විගහට ආන්ස්වර් කරේ ඒක කට්වෙයි කියන බයට.

“à·„..ලෝ? අයියේ?” උගුරෙන් හරියට වචන ආපු නැති නිසා මම ලාවට උඟුර හැදුවේ ඒ එක්කම කලබලෙන් මගේ අල්ල මන් ශෝට් එකේ පිහදාගනිද්දි..

“ගෙදර ආවද?” කටහඬ..සෑහෙන්න වෙනස් වෙලා. ඒමදිවට කතා කරන්නෙත් අදුරන්නැති එකෙක් එක්ක කතා කරනවා වගේ.

“ඔව්..දැන් ගොඩක් වෙලා.” ඔය එක්කම මගේ ඇහි බැම එකතු වුණේ ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුණු අමුතු සද්දෙට. හරියට නිකන්..වාහනේක ස්ගනල් දාලා වගේ- පොඩ්ඩක් ඉන්න..මෙයා මේ ගෙදර නෙමෙයිද ඉන්නෙ?

“වීඩියෝ කෝල් එකක් ගන්නම් ඒක ආන්ස්වර් කරන්න.”

“නෑ..මට කියන්න අයියේ තමුසේ ඔය කොහෙද ඉන්නෙ කියලා?”

“මට වෙලාව නෑ ආදිල්-“

“නෑ තියෙනවා! මගේ තුවාල බලන්න නම් ඕනෙ මට ඉන්න තැන කියනවා.” ඒ එක්කම ආර්යන් අයියාගෙන් කිසි සද්දයක් නැති වුණාම මම ටක්ගාලා ටෙසාගෙ හොම්බ මගේ බඩ උඩින් අයින් කරවගෙන ඇදෙන් බැස්සෙ විගහට මම බැලකනි එක ගාවට යද්දි..මෙහේ ඇවිත්දවත් කියන සැකේට මම අපේ මුලු ලේන් එක දිහාම බැලුවත් කවුරුත් පාරේ ඉන්නවා දැක්කෙ නැති නිසා මම ආයෙම කර්ටන් එක පහළට දාද්දි..මේ මනුස්සයා කොහෙද එතකොට මේ පාන්දර ගිහින් තියෙන්නෙ? දැන් වෙලාවත් එකහමාරයි.

“ලේන් එකට හැරෙන තැනට එන්න.” ඒ එක්කම කෝල් එක කට් වෙලා ගියාම මම ටික වෙලාවක් ෆෝන් එක දිහා බලන් හිටියා. ඒ කියන්නෙ එයා මෙහෙ ඇවිත්. මම ෆෝන් එකත් සාක්කුවට දාගෙන ටෙසාවත් එක්කන් කාමරෙන් එළියට ඇවිත් ටක්ගාලා මගේ දොර එළියෙන් වහලා ලොක් කරේ හදිස්සියේවත් මාමා මාව බලන්න කාමරේට ආවොත් කියන සැකේට.

රත්නසිරි මාමා කොහෙද දන්නෑ ඇත්තෙ. මම පඩිපෙළ බහින ගමන්ම වටපිට බැලුවේ මාමාගෙන් සද්දයක් නැති නිසා..පහළට ඇවිත් මම ටක්ගාලා රත්නසිරි මාමාගේ කාමරේ දිහාවට ශේප් එකේ හොම්බ දාලා බැලුවාම දැක්කෙ මාමාගෙ කාමරේ දොර යටින් මාමා රෑට නිදා ගනිද්දි දාන ඩිම් ලයිට් එක පත්තු වෙලා තියෙනවා. Oh thank god! ඒ එක්කම මම ටක්ගාලා ඉස්සරහා දොර ඇරගෙන එළියට පැනලා වේගෙන් දොර වැහුවේ ටෙසාත් මාත් එක්කම එළියට එන්න හදනවා දැකලා.

ඔය එක්කම දොර ගාව හැමදාම වගේ තියෙන රත්නසිරි මාමාගෙ බාටා දෙකත් අතට අරන් මන් සද්දෙ ඇහෙන්නැති වෙන්න තණකොළ ගොඩ උඩින් වේගෙන් අඩිය තියන්න ගත්තේ ඒගමන්ම සෙකියුරිටි අන්කල් සිල්වාත් ඉන්නවද කියලා බලාගෙනමයි. ඕක දැක්කොත් ඒ හාදයා එළිවෙන පාන්දර ඒක තාත්තාගෙ කනේ තියාවි. ඒතරම් කේලමා ඕකා.

පූල් එක ගාව තිබ්බ පොඩි ගේට්ටුව අරගෙන මම පුලුවන් තරම් සද්ද නොකර වත්තෙන් එළියට පැනගත්තට පස්සෙ අපේ ගෙදර පහු වෙනකන් මම වේගෙන් වේගෙන් ඇවිදගෙන ගිහින් ගෙවල් දෙක තුනක් පහු වෙච්චි ගමන් මන් ටක්ගාලා බාටා දෙක දාගෙන ලේන් එක පටන් ගන්න තැන මේන් රෝඩ් එක ගාවට ආවා. ඔය එක්කම මන් මගේ දකුණු පැත්ත බැලුවම දැක්කෙ කලුවරේ වුණත් ෆොග් ලයිට්ස් වලට දිළිසෙන කලු ෆෝර්ඩ් මස්ටෑන්ග් එක. මහා පාරෙම නවත්තලා තියෙන නිසා ඩබල් සිග්නල් දාලා තිබ්බ මස්ටෑන්ග් එක දිහා බලලා මම හෙමින් සැරේ ඒ පැත්තට යන්න ගත්තෙ ඒ ගමන්ම ශෝට් එකෙන් මගේ ෆෝන් එකත් එළියට ඇදලා ගන්න ගමන්.

කාර් එක ගාවට ගිහින් මන් පැසෙන්ජර් සීට් එකේ ඩෝ හැඩ්ල් ඇදලා දෙපාරක් හිතන්නැතුව කාර් එක ඇතුළට ගිහින් වාඩි වුණේ අනිත් පැත්තට දොර වහන්න කලින් මගේ කට දෙපැත්ත අතකට තද වෙලා ගිහින් මගේ මූණ පැත්තකට ඇදිලා යද්දි.. ඒ එක්කම මම ඇස් දෙක පියා ගත්තෙ මගේ කම්මුළ් දෙකයි තොලයි ඒ තද වෙච්ච පාරට විස ගහන්න ගත්ත නිසා. තත්පර ගාණක් ඔය විදිහට මගේ කට දෙපැත්ත තද වෙලා තිබුණත් ඊළඟ තත්පරේම මගේ මූණ ලාවට පැත්තකට හැරවුණේ ආර්යන් අයියා මගේ කට දෙපැත්ත තද කරලා අතෑරපු පාරට.

වෙච්ච දේ ප්‍රොසෙස් වෙන්න මට තත්පර ගාණක් ගාණක් ගියත් පස්සෙ මම හෙමින් සැරේ කාර් එකේ දොර වහලා සීට් එකට හේත්තු වෙන ගමන් ඉස්සරහා බලා ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට. මොකද ගෙදරදි සද්දෙ දාලා ආර්යන් අයියාට කතා කලාට දැන් මෙතනදි මම මුකුත් නොකියා ඉදියේ මෙතනදි සම්පූර්ණෙන් වැරදි මගේ නිසයි..ඊටත් වඩා දැන් ආර්යන් අයියා ඉන්නෙ මන් දිහා බලාගෙන කියලා මට ඇස් කොණින් පෙණුනත් මට එයා දිහා බලන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඉතින් ඒ වෙනුවට මන් කරේ මගේ කකුළ් දෙක උඩ කලින් ගහගනිද්දි තුවාල වෙලා ලේ කැටි ගැහිලා තිබ්බ මගේ අත් දෙකත් එක්ක සෙල්ලම් කරපු එක.

“සතුටුද ඉතින්?” මම සද්ද නොකර බලන් හිටියා.

විනාඩි ගාණක් ගිහිනුත් මම තාමත් හිටියේ මගේ ඇගිලි දිහා බලාගෙන ආර්යන් අයියා ඒ අහපු දේට උත්තරයක් දීගන්න වචන ගැට ගහගන්න බැරුව.

“තමුසෙට මාව විහිළුවක්ද ආදිල්?” ඒගමන මන් වේගෙන් ඔලුව උස්සලා ආර්යන් අයියා දිහා බැලුවා.

“මොනාද මේ කියන්නෙ?” ඒපාර මගේ ඇහි බැමත් එක්ක ඇකිළිලා ගියේ ආර්යන් අයියාගේ ලාවට රතු වෙලා තිබ්බ ඇස් වල යාන්තමින් දිළිසෙන්න ගත්ත කඳුළු පටළයයි කම්මුළක පැත්තක රතුපාටට හිටිලා තිබ්බ පාරයි දැකලා.

“මන් අහන්නෙ තමුසෙට මාව විහිලුවක්ද කියලා?” ආර්යන් අයියාගෙ කටහඬ ඇහෙද්දි මගේ කන හිරිවැටිලා ගියේ ඒ තරම් ඒ කටහඬේ තිබ්බ ගොරෑඬි ගතියට.

“ඇයි..ඇයි ඔහොම අහන්නෙ?” මම ආර්යන් අයියාගෙ අත අල්ලන්න ගියා විතරයි එයා මගේ අත ගස්සලා දාලා එහාට වෙනගමන් වේගෙන් එයාගෙ අතක් කොණ්ඩේ පුරාවටම ගෙනියනවා මම බලන් හිටියේ ඒ ගැන කරගන්න කිසි දෙයක් හිතාගන්න බැරුව..ඒ එක්කම ආර්යන් අයියා එයාගෙ පැත්තෙ වින්ඩෝ එක දිහා බලලා එයාගෙ දකුණු අත උස්සලා ටී ශර්ට් එකේ අතින් එයාගෙ මූණ පිහදාගන්නවා දැක්කම මගේ ඇස් දෙක ලොකු වුණේ මාව එකපාරටම සීතල වෙලා යද්දි.

“අ..අයියේ-” ආර්යන් අයියා මම කතා කරන්න හදද්දි හෙමිහිට ඔලුව දෙපැත්තට වනලා ස්ටේරින් වීල් එක උඩින් ඔලුව තියාගත්තම මන් මගේ විස ගහන තොල හපාගෙන මගේ ඔඩොක්කුව උඩ දැන් වෙව්ලන අතේ ඇගිලි දිහා බලාගත්තෙ වෙන කරගන්න දෙයක් හිතා ගන්න බැරුව.

ශිට්! මන් මගේ ඇස් දෙක තදින් වහගත්තා. මේ සේරම මන් නිසා..මගේ මෝඩකමයි ඉවසීමක් නැති කම නිසයි.

ඔහොම දන්නෙම නැතුව හෙන වෙලාවක් ගියත් මම කතා කරන්න තියා හිතුවේවත් නෑ. මොකද මන් දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ බලන් හිටියේ ආර්යන් අයියාගෙ ඇග ගැස්සෙන විදිහයි විටෙන් විට එයා ඉහළට අදිද්දි ස්ටේරින් වීල් එක උඩ තියන් හිටපු එයාගෙ අත් වෙව්ලලා යන විදහයි.. ඒ ගමන් මාත් මගේ අත් දෙකෙන් ඔලුව බදාගෙන සීට් එකේ ඉස්සරහට වුණේ සාහිල් අයියාගෙ වචන රෙකෝඩ් එකක් වගේ මගේ ඔලුවේ ප්ලේ වෙන්න ගනිද්දි..

“පරක්කු වෙනවනම් යන්න..” මම ඒපාර විගහට කෙලින් වෙලා ආර්යන් අයියා ඉන්න පැත්ත බැලුවම දැක්කෙ එයා කලින් වගේම ස්ටේරින් වීල් එකට ඔලුව ගහන් මන් දිහා බලන් ඉන්නවා.

“නෑ..පරක්කු නෑ.” ඒපාර ආර්යන් අයියා හෙමීට ඔලුව වනලා ආයෙම මූණ අත් දෙක අස්සට හරවගත්තෙ මම තදින් තොල හපා ගනිද්දි.

“අපි පාටි එකට නොකියා ගියේ හෙට එක්සෑම්- අද එක්සෑම් නිසා ඔයාලා බනීවි කියලා හිතලා..අනික අපි පැය දෙකෙන් ආපහු එන්න හිටියේ.” අයියාගෙන් කිසිම රෙස්පොන්ඩ් එකක් නැති නිසා මම මුල ඉදල් වෙච්ච හැමදේම එයාට කියන් ගියා..

“අර වෙලේ නන්ගිට කැත විදිහට කතා කරද්දි මට ඉවසගන්න බැරු වුණා..” ඔක්කොම කියලා ඉවර වෙලත් ආර්යන් අයියාගෙන් කිසිම උත්තරයක් නැති තැන මම ආයෙමත් තදින් තොල් දෙක තද කරගත්තෙ හිතේ තිබ්බ වචන එන්න එන්නම මට ගැට ගහගන්න අමාරු වෙද්දි..

“මට..ඉන්නෙ නන්ගි විතරයි අයියේ..එයාට එහෙම කතා කරද්දි මට-“

“එතකොට අරවෙලේ කොල්ලො විස්සක් එක්ක විතර ගහගනිද්දි ඔයාට මොකක් හරි වුණෝතින් නන්ගිට මොකද වෙන්නෙ කියලා පොඩ්ඩකට හිතන්න බැරි වුණාද?” ඒපාර මම ආර්යන් අයියා දිහාවට හැරුණාම දැක්කෙ එයා ස්ටේරින් වීල් එකෙන් ඔලුව අරන් මන් දිහා බලන්නැතුවම සීට් එකේ පිටිපස්සට බර වෙලා ඔලුව තියා ගන්නවා.

“එතකොට නන්ගිට ඉතුරු වෙන්නෙ කවුද? ඔයාට ඉන්නෙ නන්ගි විතරයි කියලා විතරක් හිතන්නෙපා. නන්ගිට ඉන්නෙත් තමුසෙ විතරයි ආදිල්.” ඒපාර මම අනිත් පැත්ත බලාගන්න කියලා මගේ ඔලුව හරවන්න ගියත් මගේ නිකට ලගින් ලාවට තද වුණු පාරට මාව ආයෙම පාරක් ආර්යන් අයියා උන්නු පැත්තට ඇදිලා ගියේ තත්පරයක් යන්න කලින් මට එයාගෙ ඒ තද කලු ඇස් හම්බවෙද්දි..

“මට වුණත්..” ඒ එක්කම ආර්යන් අයියාගෙ ඇස් හෙමින් සීරුවේ මගේ ඇස් වල මාරුවෙන් මාරුවට ගියේ මගේ පපුව ගැහෙන වේගෙ සිය ගුණේකින් වැඩි වෙද්දි..

“මට වුණත් ඉන්නෙ ආදිල් තමුසෙ විතරයි.”

“ආයේ..කරන්නෑ” මට තව දේවල් කියාගන්න ඕන වුණත් ආර්යන් අයියාගෙ ඇස් වල තිබ්බ ඒ බැල්ම දරාගන්න බැරුව මම එයාගෙ ඇස් වලින් මගේ ඇස් අයින් කරගත්තෙ එයාගෙ පිටිපස්සේ පේන්න තිබ්බ මහා පාර දිහා බලද්දි.

“රිදෙනවද?” මම පාර දිහා බලාගෙනම ඇහුවා.

“නෑ.” ඒපාර ආර්යන් අයියා මගේ නිකටින් හෙමීට අත ගත්තෙ මම අනිත් පැත්තට එයාගෙ අත අල්ලගනිද්දි.

“අල්ලගත්තට කමක් නෑ නේද?” කලින් වෙච්ච දේ නිසා මම අවිශ්වාසෙන් වගේ ආර්යන් අයියාගෙ අත අල්ලගන්න හදද්දි ආර්යන් එකපාරටම මගේ අතේ ඇඟිලි අතරෙන් එයාගෙ අතේ ඇඟිලි යවලා පටලවගත්තෙ මගේ මූණට ලාවට හිනාවක් එද්දි..මම ඒ එක්කම ආර්යන් අයියාගෙ අත ලාවට තද කරලා අල්ලගෙන මගේ මූණ ගාවට ගෙනත් එයාගෙයි මගෙයි ඇඟිලි පැටලිලා තියෙන තැනින් ලාවට තොල් තියලා තද කරේ ඒ අතරෙම ආර්යන් අයියාගෙ ඇඟිලි මගේ අතින් තද කරලා අල්ලගන්නවා දැනෙද්දි..

තත්පර දෙක තුනක් මම එහෙම ඉන්නැති..ඊටපස්සෙ මන් මගේ තොල් අපේ අත් උඩින් අරගෙන ඈත් වුණේ අපේ අත් වලට එහෙම්මම පැටලිලා ඉන්න ඉඩ දීලා..

“කාලාද ඉන්නෙ දැන්?” ඒගමන මන් ආර්යන් අයියා දිහා බැලුවේ ඒ වෙද්දිත් එයා මන් දිහා බලාගෙන හිටපු නිසා හෙමීට ඔලුව වනද්දි.

“මොනාද?”

“සැන්ඩ්විච්.”

“ගෙදරින්?” ඒපාර ආර්යන් අයියා නෑ කියන්න ඔලුව වැනුවා.

“රෙස්ට්ටුවරන්ට් එකකින්.”

“මේ වෙලාවේ රෙස්ට්ටුවරන්ට්?” ඒපාර මන් ඇහි බැමක් ඉස්සුවේ ආර්යන් අයියාගෙ කට දෙපැත්තට ඇදිලා යද්දි.. මොනාද දන්නෑ බලන්නෙ හිනා වෙවී.

“එද්දි ගත්ත එකක් ආදිල්.” ඒපාර මම ආර්යන් අයියා දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.

“ගෙදරින් ආවේ කීයටද එතකොට?” මම එහෙම ඇහුවම පොර සද්ද නැතුව මන් දිහා බලන් ඉන්න ගත්තම මට තවත් සැක හිතුණා.

“මට ඇත්ත කියනවා අයියේ තමුසේ කොච්චර වෙලාද මෙතනට ඇවිත්?”

“ටික වෙලාවක්.” මම ඇස් දෙක රෝල් කරා.

“කොච්චර වෙලාද ඉතින්?”

“පැයක් විතර.”

“මොකක්? ඇයි ඉතින් මට කිව්වෙ නැත්තෙ?”

එතකොට ආර්යන් අයියා අහක බලාගන්න හදද්දිම මම ටක්ගාලා ඉස්සරහට බර වෙලා එවාගෙ රතු වෙලා තිබ්බ කම්මුළෙන් හෙමීට අත තියලා මන් ගාවට හරවගත්තෙ එයාගෙ ඇස් එකපාරටම මගේ මැණික් කටුව ගාවින් නතර වෙද්දි.. කොහොමත් එදා ඉදන් මන් යන යන හැම තැකටම මේ නූල ගැට ගහගෙන ගියේ..ඉතින් දැන් එක හැමදාම අතේ බැදගෙන ඉන්න මට පුරුදු වෙලා.

“ඇයි කිව්වෙ නැත්තෙ මට? මන් දන්නවනම් මීට කලින් ඇවිත්නෙ.”

“මන් එවෙලේ ගොඩක් දේවල් එක්ක තරහින් හිටියේ..ඒකයි කතා කරේ නැත්තෙ.” ආර්යන් අයියා අර නූල දිහා බලාගෙනම ඒක කියලා එකපාරටම මගේ දිහා බැලුවම මම හෙමින් සැරේ එයාගෙ කම්මුළ උඩ තිබ්බ මගේ අත අරගත්තෙ ලාවට ඔලුව වනන ගමන්.

“දැන් ආයෙම ගෙදර යන්න ඕනද එතකොට?” මම වේගෙන් ආර්යන් අයියා දිහා බලලා ආයෙම අහක බලා ගත්තේ ඒ එක්කම වගේ එයා තාමත් අල්ලගෙන හිටපු මගේ අත ලාවට තද කරද්දි.

“හ්ම්..යන්න වෙනවනෙ ආදිල් අම්මා තනියම.” මම ඒපාර ඔලුව වනලා මගේ නිදහසේ තිබ්බ අත දිහා බැලුවේ ඒක විස ගහන්න ගත්ත නිසා..මෙච්චර හොඳ දරුවෙක් ලැබිලත් ඒක දකින්න බැරි තරමට ඒ අම්මයි තාත්තයි පුදුම පව් කාරයි.

“කොච්චර දුරට දන්නවද?” මම උරහිස් දෙක ඉස්සුවා.

“ගැහුවා කියලා විතරයි.” ඒ එක්කම මට ඇස් කොණින් පෙනුණා ආර්යන් අයියා ආයෙම එයාගෙ සීට් එකට හේත්තු වෙනවා.

“හ්ම්..”

ඔය විදිහට අපි ආයෙම හෙන වෙලාවක් සද්ද නොකර ඉස්සරහා පාර දිහා බලන් හිටියා. ඇත්තම කිව්වොත් අපි දෙන්නා මෙච්චර කාලෙකට එහෙම මහා ලොකුවට කතා කරලා නෑ.. ගොඩක් වෙලාවට කරේ ඈත ඉදන් ඇස් වලින් කතා කරපු එකයි මෙහෙම සද්ද නැතුව හිටපු එකයි.. මෙතන දැන් ආර්යන් අයියා වෙනුවට වෙන කෙනෙක් හිටියා නම් මෙලහකට මට සිරාවටම නින්ද ගිහින්..ඒත් මෙයා එක්ක ඉද්දි මට විනාඩියකට තියෙන තත්පර ගාණ පවා ආයේ ආයෙම ගණන් කර කර ඉදිතෑකි…ඒ එක්කම ඔහොම තවත් විනාඩි ගාණක් අපි දෙන්නා කියව කියව ඉදලා පස්සෙ මම ම ගෙදර යන්න තීරණේ කරේ හෙට ආර්යන් අයියාටයි මටයි දෙන්නටම එක්සෑම් නිසා.

“හෙට එද්දි මන් කෑම අරන් එන්නම්. අද මාමා ලසඤ්ඤා හැදුවා.” දෙවැනි පාරටත් ආර්යන් අයියාට කෑම ගේන්න එපා කියලා මම කාර් එකේ දොර ඇරියේ ඔය එකක්ම මගේ ඔඩොක්කුවේ තිබ්බ ෆෝන් එකත් අතට ගනිද්දි. කාර් එකෙන් එළියට යන්න හැදුවත් එක්කම එකපාරටම මගේ බයිසෙප් එක හරියෙන් අතක් රස්ණෙට තද වෙච්ච හින්දා මම ආයෙම අනිත් පැත්ත හැරිලා ආර්යන් අයියා දිහා බැලුවා.

“මන්..පස්සෙ-” ආර්යන් අයියා එකපාරටම කලබලෙන් උගුර හැදුවම මම ඇහි බැමත් එකතු කරන් එයා දිහා දිගටම බලන් හිටියේ එයාට ඉතුරු ටිකත් කියන්න දීලා.

“මන් පස්සෙ හැමදේම කියන්නම්.” ඒ එකක්ම මන් ලන් කරගත්තු ඇහි බැම නිදහස් කරලා මගේ නළලේ තිබ්බ බර ගතිය යැව්වෙ ආයෙම කාර් එකේ දොර ලාවට වහලා සීට් එකට බර වෙද්දි..

“ඒ ගැන හිතන්නෙපා අයියේ ඔයාට ඕන තරම් දවසක් ගන්න. මන් බලන් ඉන්නම්.” මම ආර්යන් අයියා දිහා බලලා හිනා වුණා.

ඔය එක්කම ආර්යන් අයියා මන් දිහා බලන් ඉන්දැද්දි එකපාරටම එයාගෙ ඇහි බැම එකතු වෙනවා දැකලා මම ලාවට කලබල වුණා. ඇයි ඒ? මන් මොකක් හරි වැරදි දෙයක්-

මාව ලාවට ගැස්සිලා ගියේ ආර්යන් අයියා හිතපු නැති විදිහට මගේ බයිසෙප් එකෙන් අල්ලලා මාව එයා ගාවට හෙමින් සැරේ ඇදලා ගත්ත හින්දයි..ඊට පස්සෙ එයා එයාගෙ අතක් මගේ මූණෙ පැත්තක් වෙනකන් උස්සලා ඇවිත් නතර කරගත්තෙ මමත් එයා ඒ කරන්න හදන්නෙ මොකද්ද කියලා බලන් ඉන්දැද්දි.. ඒ එක්කම කම්මුළ ගාවින් නතර වුණු අතේ ඇගිලි ලාවට වෙව්වලනවා දැකලා මම ආයෙම ආර්යන් අයියා දිහා බැලුවාම දැක්කෙ එයත් එයාගෙ ලාවට වෙව්ලන ඇඟිලි දිහා ඇහි බැමත් එකතු කරගෙන බලන් ඉන්නවා. ඇයි මේ? මම ඒපාර මගේ කම්මුළ පැත්තකට ඇල කරලා හිතලාම ආර්යන් අයියාගෙ අල්ලෙන් තියෙව්වෙ ඒ එක්කම එයා ගැස්සිලා වගේ මන් දිහා බලද්දි.

“බායි..” ඒ එක්කම ආර්යන් අයියා වෙන සිහියක ඉදලා වගේ එකපාරටම මගේ කම්මුළින් තිබ්බ අත අරන් ඔලුව වැනුවා.

“ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න.” මම ඔලුව වැනුවා.

“පරිස්සමෙන් යන්න එහෙනම් මන් ගියා” මම එහෙම කියලා ටක්ගාලා කාර් එකෙන් බැහැලා දොරත් වහගෙන මගේ ලේන් එකට දුවගෙන ගියේ ඒ එක්කම වගේ මට මස්ටෑන්ග් එක මහා සද්දෙන් පාර දෙබෑ කරන් යනවා ඇහෙද්දි.

මම ආයෙම මගේ පිටිපස්ස බැලුවේ පපුවත් අල්ලගන්න ගමන්. ශිට්! හොඳ වෙලාවට මන් එතනින් පැනගත්තෙ. නැත්තන් මන් තව ඩිංගෙන් හුස්ම ගන්නැතුව ඉදලා එතන කලන්තෙ දාලා ඇදගෙන වැටෙනවා. මොකද මට හොඳටම ශුවර් අර වෙලේ ආර්යන් අයියා මගේ තොල් දිහා බැලුවා කියලා.

A/N

ළමයි අද කතාව ගැන මොකද හිතන්නෙ? 😔😔 මට මෝටිවේශන් ඕනා! හැබැයි ඕන් ඇත්තම කියන්නෝන හොදේ…! පීස්.

ආර්යන් අයියා කියන්නෙ වීක් කැරැක්ටර් එකක් නෙමෙයි! ඒකට හේතු ඔයාලට කතාව ඉස්සරහට කියවන් යද්දි තේරෙයි.. කොටින්ම කිව්වොත් එයා ගැන කතාව ඉවර වෙනකන්ම ඔයාලාට දැන ගන්න පුලුවන්..

ශාක්‍ය…පොඩි ඇටයා ගැන කිව්වොත් ඌ හරිම කූචි කුචි සොෆ්ට් !!👹

ඒනම් ආයෙම අලුත් චැප් එකකින් හමුවෙමු! ආදරෙයි මේ ලැබෙන සපෝට් එකට ❤️ Adareyyy!

~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 43 light novel, ,

Comment

Leave a Reply

Chapter 43