À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44

A+ A-

“ලොකු පුතේ?? ඔය ලමයි පොඩ්ඩක් ඉක්මණ් කරා නම්..මේ ලමයි ටික දැන් සෑහෙන්න වෙලාවක් වෙනවා ඇවිත්-“

“එනවා එනවා විනාඩියක් දෙන්න!!” මම සපත්තු දෙක දාලා ඉවර වෙලා බෑග් එක කරේ එල්ලගත්තෙ අනිත් පැත්තට ඇද උඩ ඉදගෙන දාගෙන අතේ බැන්ඩේජ් එක ඔතන තනුජයාගෙ බෑග් එකත් අතට ගන්න ගමන්.

“උබ හෙමීට වරෙන් මම ලන්ච් බොක්ස් ටික දාගන්න යන්නම්.” තනුජයා කටත් උල් කරන් ඔලුව වැනුවාම මම ලාවට හිනා වෙලා විගහට කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළගාවට දුවගෙන ගියේ දැන් විනාඩි පහළොවක් තිස්සෙ අරුන් දෙන්නා පහළට වෙලා අපි දෙන්නා එනකන් හිටපු නිසා..අරුන් දෙන්නා කිව්වෙ ඔය ඇවිත් ඉන්නෙ ශවිරුවායි සාහිල් අයියයි. ඒ අස්සෙ මටයි තනුජයාටයි රෑ ගෙම්බා පොළේ ගහලා වගේ නින්දත් ගියා හුත්ත! ඇයි ඉතින් මට පාන්දර තුන හමාර විතර වෙනකන් ගමිදුවා තනුජයාව හොස්පිට්ල් ගිහින් අතට බෙහෙත් දම්මලා එනකන් ඇහැරන් ඉන්න වුනානේ. පව් ඌටත් නින්දක් නෑ. අනික අද කෙම් පේපර් එක. හොඳ වෙලාවට ලියන අත තුවාල වුන්නැත්තෙ. නැත්තන් එක්සෑම් එක ලියලත් ඉවරයි මිනිහා. ඊයේ රෑත් ඩයල් එක අත රිදෙනවට අත අල්ලගෙන නිදා ගත්තෙ.

පඩිපෙළ බහින තැන උඩට එනගමන් හිටපු ටෙසාගෙ හොම්බටත් ඇගිල්ලෙන් පාරක් ඇනලා මම පඩිපෙළ බහින්න ගත්තත් හරි ඒ එක්කම මගේ ඇහි බැම ඇකිළුණේ ලිවින් ඒරියා එකෙන් අහුණු අමුතු බේස් කටහඬවල් තුන හතර නිසා..එච්චර කවුද? ශවිරුවායි සාහිල් අයියයි විතරනේ මාව ගන්න එනවා කිව්වෙ..මන් ඒක නිසා අඩියට දෙකට පඩිපෙළ බැහැලා දුවගෙන ඇවිත් ලිවින් ඒරියා එකට හොම්බ දැම්මා.

“ආ මරු ටර්ම් ටෙස්ට් ලියන්න ඉන්න එවුන් නැගිටින වෙලාව.” ලිවින් ඒරියා එකේ සෝෆා වල දිගෑදිලා ඉන්න කට්ටියව දැකලා මගේ හුස්ම හිර වුන්නෑ කිව්වොත් බොරු. මොකද මන් කීයටවත් ආර්යන් අයියා ඉදීවි කියලා හිතුවෙ නෑ.

විදේශ් අයියයි ශවිරු අයියයි සාහිල් අයියයි තුන් කට්ටුව එක පැත්තක වාඩි වෙලා ඉන්දැද්දි ආර්යන් අයියා විතරක් අනිත් පැත්තේ තිබුණු තනි සෝෆා එකේ හොඳට කකුළ් දෙකත් පළල් කරගෙන සෝෆා එකේ හේත්තු වෙන කෑල්ලට ඔලුව තියන් ඇස් දෙක වහන් ඉන්නවා දැකලා මගේ පපුවත් ලාවට ගැහෙන්න ගත්තා..ඊට පස්සෙ මම ආපු ගමන්ම ශවිරු අයියා කියපු දේ නිසා ආර්යන් අයියා ඒ හිටපු විදිහටම ඉදලා එකපාරටම ඇස් ඇරියාම මන් ටක්ගාලා වෙනාතක් බලා ගත්තේ එයා හෙමින් සැරේ එයාගෙ ඔලුව මන් උන්නු පැත්තට හරවනවා දැක්ක නිසා.

මට නම් බෑ ඒ යකා දිහා බලන්න. ඇයි යකෝ ඉතින් අර ඊයේ රෑ කාර් එකේදි වෙච්චි එක මතක් වෙද්දි කොහොමද කියහන්කෝ මම ඒ මනුස්සයා දිහා බලන්නෙ? මතක් වෙද්දිත් ලැජ්ජයි රෙද්ද! ඒ මදිවට එයා එවෙලේ මන් දිහා බලන් උන්නු බැලිල්ල මතක් වෙද්දි- නෑ නෑ තිශාක්‍ය stay focused! තෝ අද කෙම් පේපර් එකේ ආර්යන් අයියාගෙයි මගෙයි කෙමෙස්ට්‍රියද  ලියන්න හදන්නෙ??

“නින්ද..ගියා” මට ගොත ගැහුණේ කොහෙත්ම ශවිරු අයියා මන් දිහා ගිලින්න වගේ බලන් හිටපු එකට නෙමෙයි..ඒක කියන ගමන් නිකමට අර පැත්ත බලද්දි ඔලුව උඩ අත තියාගෙන මන් දිහා අමුතු විදිහට බලන් උන්නු ආර්යන් අයියා නිසයි. ඒගමන මම හක්ක තද කරගත්තෙ එයාගෙ කට අග දැනෙන නොදැනෙන ගානට ඉස්සෙනවා දැකලා..තමුසෙට නම් මොකද ඉතින්? අනික් මෙතන අර විදේශ් අයියයා හිටියේ නැත්තන් මන් දැන් මෙලහකටත් හොඳවැයින් තමුසෙට රවලා.

“ඇයි ඊයේ නිදා ගන්නැතුව මොනාද කරේ? ආ යන යන තැන වලි-“

“යමු බන් ඉතින්..දැන් පරක්කුයි ගගා වැලලෙන්න හැදුවා නේද?” සාහිල් අයියා එකපාරටම මැද්දට පැනලා ශවිරු අයියාට එපා වගේ ලුක් එකක් දුන්නෙ කිචන් එකේ මාමා හිටපු නිසා.

“හ්ම්..දැනටම පරක්කුයි තමයි ඉතින්! කොහොමත් මීටින් එක මූ නැතුව පටන් ගන්න බෑනෙ. දැන් කෝ අර අනිත් හාදයා?? මුන්ට ජීවිතේට වෙලාවකට වැඩ කරගන්න බෑ.” ඒගමන මට ඇහුණා ටෙසාගෙ බෙල් එකෙන් එන ටිලිං ටිලං සද්දෙ එන්න එන්න වැඩි වෙනවා.

“හප්පෝ..මැරෙන්නෑ මූ නම්-“

“ගුම්මෝනින් සවිරුකාආආආ!” මම ඒපාර හිනාව තද කරගෙන රත්නසිරි මාමා ගෙනත් දුන්න ලන්ච් බොක්ස් දෙක මගෙයි තනුජයාගෙ බෑග් එකෙයි දාගත්තා.

“ආහ් මේ අනිත් බත් පැකට් එකත් දාගන්න ලොකූ පුතා.” මම මාමාට තැන්ක්‍යූ කියලා ඉවර වෙලා බත් පැකට් එක අතට අරන් මගේ පිටිපස්ස හැරිලා බැලුවේ දැනටමත් ගෙදරින් එළියට බහින්න ලෑස්ති වෙලා ඉන්න කට්ටියව..සිරාවටම අර විදේශ් අයියා එහෙම හිටියෙ නැත්තන් මට මේක මට ආර්යන් අයියාට දෙන්න තිබ්බා. ඒපාර මන් ඒකත් බෑග් එකේ පරිස්සමට තැලෙන්නැති විදිහට දාගත්තා.

තනුජයාගෙ බෑග් එක අතට අරගෙන මගේ බෑග් එකත් මන් තනි පටියෙන් එල්ලන් ඒපාර මන් අනිත් පැත්ත හැරුණාම දැක්කෙ කෙලවරේ සෝෆා එක ගාව මන් දිහා බලන් හිටපු ආර්යන් අයියාව.. මොනාද දන්නෑ බලන්නෙ? ඒ ගමන මන් එයාගෙ කට දිහා බැලුවේ එයාගෙ තොල් හෙලවෙන හැටි දැකලා.. ‘ගුඩ් මෝනින්’ කියලා එයා ඇහෙන්නැති විදිහට කට විතරක් හොලවලා කිව්වම මම ආයෙම එයාගෙ ඇස් දිහා බලලා ලාවට හිනා වුණා. ‘මෝනින්’…මාත් කිව්වා.

ආර්යන් අයියා ඒ එක්කම එයාගෙ සුදු කලිසමේ ඉස්සරහා සාක්කුවකට අතක් දාගෙන දොර පැත්තට යනගමන් මටත් එන්න කියලා කිව්වම මාත් ඔලුව වනලා හෙමීට ඉස්සරහාට යන්න අඩිය තිබ්බෙ ඊළඟ තත්පරේ කවුරු හරි ඇවිත් මගේ උරහිසේ වැදිච්ච පාරට මාව ලාවට පැත්තකට තල්ලු වෙලා යද්දි.. මොන-

“සොරි..දැක්කෙ නෑ.” ශවිරු අයියා එහෙම කියලා මගේ උඩ ඉදන් යටට බලලා එතනින් යන්න ගියාම මම කරේ ඌ යන දිහා උරහිස අතින් අතගාන ගමන් බලන් හිටපු එක. පිස්සු හුත්තා!

ඒපාර මගේ හැටි දන්න නිසාමද කොහෙද ඒකා ආයෙම පිටිපස්ස හැරිලා මන් දිහා බලලා පුලුවන් නම් කියවන් වරෙන් වගේ ලුක් එකක් දුන්නම මන් ආයෙම වෙනාතක් බලා ගත්තා. වෙන මොනා කරන්නද ඉතින් ඉවසනවා මිසක්..මගේනෙ වැරැද්ද. ඕකා ඔය ඉන්නෙ ඊයේ වෙච්චි දේට මාත් එක්ක නොසෑහෙන්න තරහකින්. ඇරත් දැන් ඔය අද එක්සෑම් නිසයි තාම හරියට මුකුත් නොකිව්වෙ. නැත්තන් මූ මෙලහකට රට ඉන්න මගේ තාත්තාවත් ගෙන්නලා දැන් මෙතන එක යුද්ධයක් පටන් අරන්.

මම ඉතින් වෙන මොනා කරන්නද කියලා උගේ පකේ ලයින් ඉවසගෙන ගෙදරින් එළියට බැස්සෙ වත්තෙ නවත්තලා තිබ්බ සුදු පැජරෝ එකේ පිටිපස්සෙ දොරේ හැඩ්ල් එක ඇදලා ඉවර වෙලා කාර් එක ගාවට වෙනකන්ම ආපු රත්නසිරි මාමාටත් වැදලා ඇතුළට ගිහින් සීට් එකෙන් වාඩි වුණා..වාඩි වුණා නම් මොකද අර තනුජයාගෙ පිට මගේ මූණේ. මන් හුස්ම ගන්න බැරි තැන ඌව අහකට කරලා ටක්ගාලා මැද්දට වුණේ රියර් මිරර් එකෙන් මන් දිහා බලාගෙන ලාවට හිනා වෙන ආර්යන් අයියාටත්   හොදවැයින් එකක් රවාගෙන.. මූ ඊයේ රෑත් අර පකේ ටෙඩියා කියලා හිතාගෙන අතුයි කකුළුයි සේරෝම දාලා මාව බදාගත්තා මදිවට දැන් මෙතනත් මගේ හුස්ම හිර කරන්න හදනවා.

“හරියට වාඩි වෙයන් යකෝ මගේ කකුළ රිදෙනවා.”

“ඉතින් කලින් කියන්නෙපැයි රෙද්ද! අතත් වැද්දුවා”

“වාඩි වෙයන් ඉතින් දැන් ඕක මට කියලා අබරවගන්නැතව.” තනුජයාගෙ අත දිහා බලලා මම සැරෙන් කිව්වෙ ඌ සද්දෙ නැතුව ඇවිත් මගේ කකුළ් දෙක උඩ වාඩි වෙද්දි..

“තනුජ එහෙනම් යනවා සාහිල්ගෙ ඔඩොක්කුවට..අරූගෙ කකුළ් රිදෙනවනෙ.” ඉස්සරහා හිටපු ශවිරු අයියා පිටිපස්ස හැරිලා රවාගෙන මන් දිහා බලලා එහෙම කිව්වම මම ඔලුව වැනුවා.

“නෑ නෑ ශේප්.” මම තනුජයාගෙ පිටට ඔලුව තියා ගත්තා.

ඔය විදිහට මම කොහොමහරි ගේමක් ගහගෙන තනුජයාව මගේ කකුළ උඩ තියාගෙන හිටියා. නැත්තන් සාහිල් අයියාගෙ යුනිෆෝම් එක අවුල් වෙනවනෙ..ඒකයි තනුජයා වුනත් ඌ ගාවට ගියේ නැත්තෙ. අපේ ඉස්කෝලෙ ලොකුවට බලන දෙයක් තමයි ප්‍රිෆෙක්ට්ස්ලාගෙ ඩිසිප්ලීන් කියන්නෙ. මොකද මුන් අවුල් විදිහට හැසිරෙනවා කියන්නෙ කොච්චර පවර්ෆුල් වුනත් අනිත් එවුන්ට මුන්ව ගාණක් නැති වෙනවා කියන එක. අනික කලින් අවුරුදු වල රිෆෙක්ට්ස් ගිල්ඩ් වල එහෙම වෙනවා අපි අනන්තවත් දැකලා තියේ..

“ඒ මල්ලේ ඕන්නම් වරෙන් මගේ ඔඩොක්කුවට..තිශාක්‍ය මල්ලිට අමාරුද?”

“නෑ නෑ ශේප්..තව ටික දුරයිනෙ.” විදේශ් අයියා එහෙම කිව්වම මම ටක්ගාලා තනුජයාගෙ පිටට තටටුවක් දාලා ඌට ඉන්න කියලා කිව්වා. ඔහොම ටික වෙලාවක් ඉදලා මම ලාවට ඇස් දෙක පියා ගත්තෙ ආපු නිදිමතට. ඊයේ හරියට නිදා ගන්නත් බැරි වුණ නිසා දැන් පට්ට මහන්සියි නිදිමතයි. අනික අද ඔය මේ තකහනියක්ම ශවිරු අයියලා එහෙම මාව ගන්න ආවේ වෙන මොකක් නිසාවත් නෙමෙයි ඊයේ වෙච්චි සීන් එක නිසා. හැමපාරකම අපි ඔය වගේ දාර වලියක් ඇදගත්තොතින් මුන් ඇවිත් අපිව පැය විසිහතරෙම කවර් කරා..ගෙදරින් ඉස්කෝලෙට, ඉස්කෝලෙන් ටියුශන් ක්ලාස් වලට, එතෝට ක්ලාස් එකෙන් ගෙදරට. දැන් ඉතින් හෝල් ක්ලාසස් වලට යන්නෙත් නැති නිසා දැන් කෙලින්ම ඉස්කෝලෙන් ගෙදරට.. එතකොට ආයෙම වෙච්ච වලිය ඉස්සරහට ඇදුනෙ නෑ. මොකද ශවිරු අයියලා අපි පස්සෙන් ඉන්නවා කියන්නෙ ආයෙ මොකෙක්වත් ඕවට අත දාන්න එන්නෙත් නෑ කියන එකනෙ.

හැබැයි මෙදාපාර අලුත් දේකට වුණේ නිශල්කයාව එයාගෙ බෝයිපෙන්ඩ් බාර ගත්ත එකයි ජීවිතේ පළවෙනි පාරට ආර්යන් අයියත් අද මේ ට්‍රාන්ස්පොටේශන් සීන් එකට එක්කාසු වෙච්ච එකයි. නැත්තන් හැමදාම ශවිරු අයියයි සාහිල් අයියයි ගමිදුවායි තමයි මේ සීන් එකේ හිටියේ. හෙහේ..ඇයිද දන්නෑ මේ මළකෝලමත් ආවේ ඇත්තටම…මාව ගන්නද? මම කටට ආපු මල් මල් හිනාව ටක්ගාලා යටකරගෙන හෙමින් සැරේ ඇස් ඇරලා ඔලුව කෙලින් කරගත්තෙ ඒ ගමන්ම සීට් එකේ පිටිපස්සට මගේ ඔලුව හේත්තු කරගනිද්දි.

ඔය ඉන්නෙ ඇහි බැමත් අකුළගෙන..යකෝ පාර දිහා බලන් ඉන්නෙත් හරියට ඒකත් පුලුවන් නම් මරාගෙන කන්න බලන් වගේනෙ. මම ආර්යන් අයියාගෙ ඇකිළිලා ගිහින් තිබ්බ ඇහි බැමයි පාරේ ඒ මේ අත යන තද ගතියෙන් පිරුණු කලු ඇස් දෙක දිහායි රියර් මිරර් එකෙන් බලන් ඉන්න අතරෙ එකපාරටම ඒ ඇස් දෙක පාරින් අයින් වෙලා ඇවිත් කෙලින්ම මගේ ඇස් එක්ක යාවුනේ මට අහක බලාගන්නවත් වෙලාවක් නොදී..මම ඒපාර වෙන කරන්න දෙයක් නැති නිසා එයා එක්ක ලාවට හිනා වුණේ බලන් ඉන්දැද්දිම ආර්යන් අයියාගෙ එකතුවෙලා තිබ්බ ඇහි බැම හෙමීට දුරස් වෙලා යද්දි..ඔය ඉන්නෙ ලස්සනට! ඕම ඉන්නෙපැයි බලන හැමසැරේකම අර නිකන් ගහගන්න වගේ  බලන්නැතුව..අහක යන මිනිස්සුත් බය වෙනවා නැත්තන්. මන් දිහා තත්පර ගාණක් බලන් ඉදලා ආර්යන් අයියා ආයෙම පාර දිහා බලා ගත්තම ඒපාර අර ටිකකට කලින් ඈත් වෙලා තිබුණු ඇහි බැම ආයෙම එකතු වුණේ මන් කටට ආපු හිනාව විගහට තොල හපාගෙන නවත්තගනිද්දි..

හැබැයි මෙහෙමයි..ආර්යන් අයියා සීරියස්ව ඉන්දැද්දි එයාගෙ මූණට කියාගන්න බැරි හරි අමුතුම ලස්සනක් එනවා. ඒක මට කියාගන්න තේරෙන්නෑ..කොහොමහරි හරිම ආඩම්බරකාර නපුරු පෙනුමක්. ඇරත් ඒකට මන් ගොඩක් ආසයි. ගොඩක් වෙලාවට ආර්යන් අයියා ඉන්නෙම ඔය විදිහට වුණාට එයා මන් එක්කලා ඉද්දි එහෙම නෙවෙයි..අර අඩම්බරකාර නපුරු හිස් ඇස් දෙක පිරිල ගිහිනුයි තිබ්බෙ. කොහොමත් හිනා වෙද්දි තමයි ඒ ඇස් ලස්සනම..ඒත් සමහර වෙලාවට මට එයාගෙ අර නපුරු පෙනුම ගන්නම එයා එක්කලා රණ්ඩු කරලා බලන්න හිතුණු වාර අනන්තයි. ඒවගේ තමයි එයාගෙ නිවිච්ච පෙණුමත්..බලන් ඉන්න ඉන්න ඒ ඇස් අස්සෙ රින්ගලා ඉන්නමයි හිතෙන්නෙ. ඒ කොහොම වුණත් අව්වට විතරක් තද දුඹුරට පේන ඒ තද කලු පාට ඇස් දෙක පිටිපස්සෙ තිබ්බෙ අන්ධකාරයක් එක්ක හැන්ගුණු මොන වගේ රහස් ගොඩක් වුණත් කලුවරට බය මට ඒ අගාධය අස්සට ආසාවෙන් ඇතුල් වෙන්නමයි හිතෙන්නෙ.

“ඕ අයියේ මන් මුගේ ඔඩොක්කුවේ යන්නම් අවුලක් නෑ”

“අනේ ඉතින් තොටත් තිශාක්‍ය නම් ඕන එකක්.” ඒගමන මම හිනා වෙලා තනුජයාගෙ පිටට ඇගිල්ලෙන් අනින්න ගත්තා. හෙහේ ඔන්න මගේ සිඟිත්තා එළියට එන්නයි යන්නෙ…

මම තනුජයාගෙ පිටට අනින අනින පාරට ඌ ඇඹරෙන්න ගත්තෙ ඒගමන මම තවත් ඌට ඒක කරද්දි..ඒ අස්සෙ මගේ ඇස් ඉබේටම ගියේ මගේ වම් පැත්තෙ දැන් තොල් වල ලාවට හිනාවක් අල්ලන් තනුජයා දිහා බලන් හිටපු සාහිල් අයියාට ගාවට..මම තනුජයාගෙ පිට දිහා බලන්න ඔලුව හැරෙව්වත් ආයෙම මට සාහිල් අයියා දිහා බැලුනා. ඒ මොකත ඒ? සාහිල් අයියා මන් ඌ දිහා බලන් ඉන්නවා කියලා තේරිලා එකපාරටම මන් දිහා බලලා මුකුත් නොවුණු ගානට අහක බලා ගත්තම මම කලේ ඌ දිහා බලාගෙන ආයෙම තනුජයාගෙ පිටට හයියෙන් ඇන්න එක. එතකොට තනුජයා උඩ ගියේ ඌ ඇඔරුණු පාරට සාහිල් අයියා ආයෙම තනුජයා දිහා බලලා ඒගමක මන් දිහා බලලා ඇහි බැමක් ඉස්සුවේ ආයෙම මන් තනුජයාට අනිද්දි..දුරින් ඉදන් බලලා සැනසෙන්න සාහිල් අයියේ තනුජයා මගෙහ්!

“අඩෝ මේ තිශාක්‍ය මල්ලි..උබට මේකිව මතකද බන්?” ඔය එක්කම මම ටක්ගාලා එහාට වුණේ විදේශ් අයියා මගේ ඔලුව උඩින් අතක් තිබ්බ හන්දා. අහ් කොණ්ඩේ! මම විදේශ් අයියාට ඔරවන්න බැරි කමට කට තද කරගත්තා. මුනුත් මොන හුත්තකට අදම මූව මේක අස්සෙ දාගෙන ආවද මන්දා.

විදේශ් අයියා කියන්නෙ ආර්යන් අයියලාගෙ ක්ලාස් එකේම පොරක්. මූව ඉස්කෝලෙ නොදන්න එකෙක් නෑ සහ මූ ඉස්කෝලෙ වෙන දේවල් ගැන නොදන්න දේකුත් නෑ. එච්චරට ඕප දූප මූ දන්නවා. මෙහෙමයි ඉතින් දැන් අපි වුණත් නොදන්න දෙයක් නෑනෙ..ඒත් අපි තැන තැන ඒවා චීත්ත වගේ කියව කියව යන්නෑ. විදේශ් කියන්නෙ චීත්තයක්. කියන්නෝන ඒවයි නැති ඒවයි කියලා දෙයක් තියෙනවා කියලා මූට තේරෙන්නෑ. එක්කෝ තේරෙන්නෑ වගේ හැසිරෙලා මූ තැන තැන ගිණි තියලා එනවා. හැබැයි මූ පට්ට ටැලැන්ටඩ්..මම වුණත් මූව දැනගත්තෙ ඔය චීත්ත සීන් එකෙන් නෙමෙයි. ඊට ගොඩ කාලෙකට කලින් මන් විදේශ් අයියාව දැනගත්තෙ ඔය එක එක ඉවෙන්ට්ස් එහෙම කරද්දි මුගේ නම සෑහෙන්න ඔය ඩෙකෝස් හදන වැඩ වලදි ගෑවුණු නිසා..පොර ගැන කිව්වොත් මෙහෙමයි. මූ පට්ට හොද එකා. ඒත් කට තමයි මට අල්ලන්නැත්තෙ. මම ඌ දිහා බලලා ඌ මගේ පැත්තට දික් කරන් ඉන්න ෆෝන් එක දිහා බැලුවා. හහ්..මේ කවුද?

“නෑ.”

“යකෝ මේකිව මතක නැද්ද? මාස අටක් විතර අර උබේ පස්සෙන් ආවේ‍.. අර ***** එකේ අපේ වයසේ බිනුති බන්.” ඒ නම ඇහිච්ච පාර මගේ කකුළ අඩ උන්න තනුජයත් විගහට ඔලුව උස්සලා විදේශ් අයියා මේ පැත්තට අල්ලන් ඉන්න ෆෝන් එක දිහා බැලුවේ අනිත් පැත්තට ඌ වේගෙන් උරහිසෙන් මන් දිහා බලද්දි.

“ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවද කොහෙද. මන් එක දවසක් කීල්ස් එකට යද්දි දැක්කා කොල්ලෙක්ගෙ අතක් බදාගෙන ඉන්නවා. පස්සෙ මාව දැකලා බිනුති ටක්ගාලා ඒ කෝලල්ගෙ අත අතෑරියා.” ඉස්සරහා හිටපු ශවිරු අයියා එහෙම කියද්දි මන් ආයෙම විදේශ් අයියා මගේ මූණ ගාවට අල්ලන් හිටපු ෆෝන් එක දිහා බැලුවා. අහ් හූනියම! ඒකාලෙ මට දීපු වදයක්.. මතක් වෙද්දි ඇපල් ජූසුත් එපා වෙනවා.

“අඩෝ සිරිවට!? කවද්ද බන් ඒ?”

“ගිය අවුරුද්දේ බන්..දෙසැම්බර් අන්තිම වගේ.”

“බලපන් මේකි..පට්ට වට බඩුවක්නෙ අයිසේ! මන් හිතුවේ මේකි මේ මල්ලි පස්සෙන් පන්නපු විදිහට මූට පට්ට සීරියස් කියලා- අඩෝ මතකද එක දවසක් මූ බ්ලිස් එකේ බීලා බාගෙට ඉතුරු කරපු ඇපල් ජූස් එක අරකි හෙන වලත්ත විදිහට ඇවිත් බිව්වෙ?” මම ඇස් දෙක රෝල් කරලා ඉස්සරහා බලා ගත්තාම ඒ එක්කම මගේ ඇස් දෙක රියර් මිරර් එක ගාවට ගිහින් නතර වුණේ ඒ වෙද්දිත් මන් දිහා කන්න වගේ බලන් හිටපු ආර්යන් අයියාගෙ ඇස් වේගෙන් පාරට යද්දි..

“හ්ම්..” එතනින් පස්සෙ කවුරුත් කතා කරන්න ගියේ නෑ..ඒත්-

“ඒත් මතකද බන් ඉස්සර හැමදාම උබලාට ප්‍රැක්ටිස් තියෙන දවසට මේකි බත් එකකුත් උස්සන් එනවා තිශාක්‍යට? තොටත් ඉතින් හිතක් පපුවක් නෑනෙ බන්. අර බත් පැකට් එක මූ හැමදාම ඩස්බින් එකට හලාගෙන යනවනෙ..සැක්!”

“ඉතින් කිව්වා නම් මූ අයියාට දෙනවනෙ ඕක කන්න.” ඒගමන ආර්යන් අයියා ඇරෙන්න කාර් එකේ හිටපු අනිත් හැමෝම තනුජයා ඒ කියපු එකට හිනා වෙද්දි මන් ආයෙම රියර් මිරර් එකෙන් අර ලන් වෙලා ගිහින් තිබ්බ ඇහි බැමයි පාර පුරාවට යන ඇස් දෙක දිහායි බැලුවා.

“නැතුව! කනවා තමයි ඇයි යකෝ..ඒකි මූට ලයින් දාන්න කලින් මාත් ඒකිට ලයින් එකේ හිටියේ. කොහෙද ඉතින් ඒකිගෙ කටේ තිබ්බෙම ‘තිශාක්‍ය මල්ලි’ නෙ. ඇයි යකෝ ඉතින් අර යුශිර අයියාගෙ බත්ඩේ පාටි එකෙත් ශාක්‍ය මල්ලිත් කවදාවත් නැතුව ඒකි එක්ක පැය ගාණක් විතර කතා කර කර හිටියා කිව්වම මන් හිතුවේ උබලා දෙන්නා සෙට් කියලා.” ඒ එක්කම කලින් තනුජයාගෙ කකුළට ඇන ඇන වද දුන්න මගේ අතේ ඇගිලි එක පොකුරකට ගුලි වෙලා යනවත් එක්කම තනුජයා විගහට මගේ අතින් අල්ලලා ලාවට ඒ උඩ ඇගිලි යවන්න ගත්තෙ හරියට මගේ මේ වෙලාවෙ හිත තියන තැන තේරුම් ගිහින් වගේ.

“පිස්සුද අයියේ..මූ ඒකි එක්ක යාලු වෙලා හිටියේ නෑ. කවුද එහෙම කිව්වෙ?” මම ඒගමන විදේශ් අයියා දිහා බලද්දි දැක්කෙ උගේ කටේ තිබ්බ හිනාව..මූ හදන්නෙ මෙතන මගේ නම කැත කරලා ගින්නක් පටන් ගන්නද? මොකද එහෙම නම් මටත් පුලුවන් ගින්න වැඩි කරලා දෙන්න.

“නෑ ඉතින් මට ඇහිච්ච දේ නෙ මල්ලි මන්-“

“ඒවා ඉතින් අපි දන්නෑ අයියෙ- ඇයි ඉතින් අර ගියාවුරුද්දෙ ශාක්‍ය කෙල්ලෙක්ව කිස් කරපු එකක් ගියේ නිර්වාන්ගෙ බත්ඩේ පාටි එකේදි..යකෝ එදා ඌ පාටි එකේ හිටියෙත්නෑ.” ඕකට ඉස්සරහා හිටපු ශවිරු අයියත් කටට අත තියාගෙන වින්ඩෝ එකෙන් එළිය බලාගන්නවා මම බලාගෙන.. ඒපාර මම ටක්ගාලා තනුජයාගෙ පිටට නිකට තිබ්බෙ තනුජයාට දැන් ඇති කියන්න වගේ..ඌට මල පැන්නොත් විදේශ් අයියාගෙ රෙදිත් ඉවරයි.

“අම්මෝ හරි හරි සොරි වේවා ඉතින්.. මල්ලි උබ අවුලක් නෑනෙ?” මම විදේශ් අයියා දිහා බලලා කිණ්ඩියට ඔලුව වැනුවා..ඔහොම ටික වෙලාවකට පස්සෙ කාර් එක ඉස්කෝල පාරට දැම්මෙ පාර දිගේ අයියලා දෙතුන් දෙනෙකුත් යනවා පෙනෙද්දි..මම ඒගමන මගේ අතේ තිබ්බ වොච් එකෙන් වෙලාව බැලුවා. පහයි පනහට ලගයි..

ඒත් එක්කම ඉස්කෝලෙ උස තාප්පෙ පටන් ගන්න තැනට වෙනකන් ඇවිත් කාර් එක එකපාරටම නතර වුණාම මම පාර දිහා බලලා ආයෙම රියර් මිරර් එක දිහා බැලුවේ වෙච්ච දේ හිතා ගන්න බැරුව.

“විදේශ් මේක ඇතුළට දාලා පාක් කරපන්.”

“ආහ් එළ එළ උබලට ඩියුටිනෙ.” ආර්යන් අයියා එහෙම කියලා එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා ඉවර වෙලා කාර් එකේ ඩෑශ් බෝඩ් එක උඩට ඒක විසි කරේ අපි හැමෝම ඒ දිහා සද්ද නැතුව බලන් ඉද්දි..ඊටපස්සෙ එයා වොලට් එකත් අතට අරන් දොරත් ඇරගෙන එළියට ගිහින් අනිත් පැත්තට සද්දෙට දොර වැහුවේ මගේ කකුළ් දෙක උඩ උන්න තනුජයා ගැස්සලා යද්දි.. ඒ එක්කම ඉස්සරහා හිටපු ශවිරු අයියා මන් දිහා බලලා ඉවර වෙලා ඩෑශ් බෝඩ් එක උඩ තිබ්බ ආර්යන් අයියාගෙ ෆෝන් එකත් අරන් එයාත් කාර් එකෙන් එළියට ගියේ වේගෙන් වේගෙන් අඩිය තියලා සුදු කලිසමේ පිටිපස්සෙ පොකට් එකට වොලට් එක දානගමන් ඉස්සරහින් ඇවිදන් යන ආර්යන් අයියාව අල්ලගන්න බලාගෙන..

“මල්ලි..” මන් සාහිල් අයියා දිහා බලලා ඔලුව වැනුවා.

“අවුලක් නෑ ඔයා යන්න අයියේ දැන් ඩියුටිනේ..අපි දෙන්නෙ එන්නම්.” සාහිල් අයියා ආයෙම මොකද්ද කියන්න හදලා කට වහගත්ත විදිහට මට තේරුණා එයා එහෙම කලේ විදේශ් අයියා හිටපු නිසා කියලා.

මායි තනුජයයි පැජරෝ එක පිටිපස්සට ගියේ අපි දෙන්නාගෙ බෑග්ස් දෙක ගන්න බලාගෙන..ඒ අස්නෙ බෑග් එක අතට ගන්න ගමන් මන් ආර්යන් අයියාගෙ නයිකි බෑග් එක දිහා බැලුවා.

“කෑම එක දාපන් එහෙනම්.” මම විගහට ඔලුව වැනුවා.

“මට එයා එක්ක කතා කරන්න ඕනෙ.” ඊටපස්සෙ මන් කියන්න හදන දේ තේරුම් අරන් තනුජයා ලාවට ඔලුව වැනුවා.

මම ආයේ විදේශ් අයියාට යනවා කියන්නවත් හැරිලා බැලුවේ නෑ..මොකටද නිකන් ඌට පැන පැන දෙන්නෙ? පේමන්ට් එක දිගේ ඇවිදගෙන යන අතරේ විදේශ් අයියා ආර්යන් අයියාගෙ පැජරෝ එක අරන් අපි දෙන්නව පාස් කරන් ඉස්කෝලෙ පැත්තට යද්දි ඌ අපිට හෝර්න් එකක් ගැහුවත් මම තියා තනුජයාවත් උගේ පැත්ත බලන්න ගියේ නෑ.

“මහා කැරිම ඩයල් එකක් බලන් ඌ..දෙන්න හිතුනා කන ගැලවිලා යන්න මට. ඇයි යකෝ මාර කටක්නෙ ඒක..අපි එකෙක්වත් කතා කරන්න ගියේ නැති නිසා මන් හිතුවේ ඌට හින්ට් එකවත් තේරෙයි කියලා…කොහෙද නෑ! මහා කැරිම පොන්නයෙක්-” ඒ එක්කම තනුජයා කියවන එක නවත්තලා පිටිපස්ස හැරුණේ අපේ පිටිපස්සෙන් කවුද මන්දා උගුර හදනවා ඇහුණු සද්දෙට. මාත් ඒ එක්කම පිටි පස්ස හැරුණා.

“ආහ්..ගුඩ් මෝනින් මැඩම්!”

“මෝනින් මෝනින්..හරි අගෙයි උදේ පාන්දරම පලන්න ගත්ත වචන ටික! කෝ එහාට යනවලා මට යන්න දීලා.” මැඩම් තනුජයාට හීක් ගෑවෙන්නම ලුක් එකක් දීලා මන් දිහාත් උඩ ඉදන් පහළට බලලා අපි දෙන්නාව දෙපැත්තට කරලා මැද්දෙන් යන්න ගියේ පිටිපස්සෙන් ආපු අයියා කෙනෙක්ටත් හිනා යද්දි..

ඊට පස්සෙ අපි දෙන්නා කරේ කියව කියව ගේට් එකෙන් ඉස්කෝලෙ ඇතුළට ඇතුල් වෙච්ච එක..ටර්ම් ටෙස්ට් නිසා අද ලමයි වෙලාසනින් ඉස්කෝලෙ ඇවිත්. ඒ තරම් බෑග් චෙක් කරන තැන උදේ හය වෙද්දිත් වෙනදා උදේ හත වෙනකොට තිබබ සෙනඟ තරමට ලමයි ගොඩක් හිටියා..ඔය අතරේ මගේ ඇස් ලමයිගොඩ අස්සෙන් පීරගෙන කෙනෙක්ව හෙව්වා. වෙන කවුද ඉතින් අර හෙඩ් ප්‍රිෆෙක්ට් ඇරෙන්න..ආ අර ඉන්නෙ! සෙකියුරිට හට් එක ගාවා ඉදන් බෑග් චෙක් කරලා ඉස්කෝලෙ ඇතුළට යන ලමයි දිහා කන්න වගේ බලන් හැටි විතරක්! පව් අර පොඩි එකා.. ආර්යන් අයියා ඌ දිහා බලන් ඉන්න විදිහ දැකලා වේගෙන් ඉස්කෝලෙ ඇතුපට දුවගෙන ගියා.

“අරකට යන්” තනුජයා ඒ අතරේ මාවත් ඇදගෙන සෙනඟ අඩු ලයින් එකට ගියාමත් එක්ක මම මෙච්චර වෙලා මගේ අතේ තිබ්බ තනුජයාගෙ බෑග් එක ශමිත් අයියා ඉස්සරහින් තිබ්බ ඩෙස්ක් උඩින් තිබ්බෙ ඒ එක්කම අපේ වටේට හිටපු කොල්ලොන්ගෙ සද්දෙ නැත්තටම නැති වෙලා යද්දි.. මම ඒ මොකද කියලා බලන්න පිටිපස්ස හැරුණත් සීන් එක තේරුන්නැති තැන තනුජයා හෙමින් සැරේ මගේ අතට තට්ටු කරපු නිසා මන් ආයෙම ඉස්සරහා බැලුවේ ඒ එක්කම මගේ ඇස් ශමිත් අයියාගෙ පිටිපස්සෙ හිටපු කෙනා ගාවට යද්දි..

මන් බලන් ඉන්නෙ කවුරු දිහාද බලන්න ශමිත් අයියාත් ඒ එක්කම හෙමින් සැරේ පිටිපස්ස හැරුණාම එයා හිනා වෙලා ආර්යන් අයියාට ගුඩ් මෝනින් කියනවා මන් අහගෙන..ඒත් ආර්යන් අයියා බලන් හිටියේ මන් දිහා. බලන් හිටියා නම් මොකද බලාගෙන පුච්චලා අළු කරන්න වගේ ඒකා දැන් මන් දිහා බලන් හිටියේ. ලස්සනයි තමයි ඒත් මන් වුණත් ආර්යන් අයියා මේ විදිහට බලද්දි ලොක් වෙනවා. ශමිත් අයියා ගුඩ් මෝනින් කිව්ව එකට ආර්යන් අයියා මන් දිහාම බලන් ඔලුව වැනුවේ කනට ඇහෙන්නැති ගුඩ් මෝනින් එකක් එයාගෙ කටින් පිට වෙද්දි..

ඒගමන තනුජයාගෙ බෑග් එක බලලා ඉවර වුණාට පස්සෙ මාත් මගේ බෑග් එක ඩෙස්ක් එක උඩින් තිබ්බා.

“ඇයි මෙතන ඉන්නෙ? ක්ලාස් එකට යනවා.” ආර්යන් අයියා ඒක කිව්වෙ අනිවා තනුජට..ඒත් එයා තාමත් බලන් හිටියේ මන් දිහා වෙද්දි මාත් මෙච්චර වෙලා එයා එක්ක තියන් හිටපු අයි කන්ටැක්ට් එක කඩාගන්නෙ නැතුවම එයා දිහා බලන් හිටියා.

“මේ..මන් පොකුණ ගාව ඉන්නම් ඈ.” තනුජ මට විතරක් ඇහෙන විදිහට ඒක කිව්වම මම ආර්යන් අයියා දිහා බලාගෙනම ලාවට ඔලුව වැනුවේ ඒගමන ආර්යන් අයියාගෙ ඇස් තනුජයා ගාවට යද්දි..ඌ ඉන්නම් කිව්වෙ කියලා තේරිලාද කොහෙදෝ ආර්යන් අයියා තනුජයා දිහා කන්න වගේ බැලුවාම මම ටක්ගාලා ආයෙම ශමිත් අයියා දිහා බැලුවා. ඒගමන ශමිත් අයියා මගේ බෑග් එක දිහා බලලා ආයෙම වේගෙන් මන් දිහා ඔලුව උස්සලා බැලුවම මම කිසිම දෙයක් නොකියා මගේ අත දික් කරලා බෑග් එක මගේ අතට ගත්තෙ වේගෙන් zip එක උඩට ඇදලා ගනිද්දි..

“ඔය බෑග් එක දෙනවා.” මම zip එක උඩට ඇදගෙන යන එක මඟදි නැවත්තලා දාලා ආර්යන් අයියා දිහා බැලුවේ එකපාරටම ගැහෙන්න ගත්ත පපුවත් හිතින් ගස්සලා දාලා..ඊටපස්සෙ එයා ශමිත් අයියාට එහාට වෙන්න කියලා ඩෙස්ක් එක ඉස්සරහට ඇවිත් හිටගන්නවා මම බෑග් එක තද කරගෙන අල්ලන් බලන් හිටියා.. ශිට්! ඒ එක්කම මන් ආයෙම ශමිත් අයියා දිහා බලලා ඌට මොකක් හරි කරන්න කියලා ලුක් දුන්නම පොර මට කට යටින් බැන්නෙ මම ආයෙම ආර්යන් අයියා දිහා බලද්දි..

“ආර්යන් කෝ මන් බලන්නම්-” ඒ එක්කම ආර්යන් අයියා මගේ අතේ තිබ්බ බෑග් එක ඇදලා අරන් බෑග් එක සම්පූර්ණෙන් ඇරලා දාලා බෑග් එක ඇතුළට අත දැම්මෙ මම සන්සුන්ව ඒ දිහා බලන් ඉද්දි..

“එක හමාරට ප්‍රින්සිපල් ඔෆිස් එක ගාවට එනවා.” බෑග් එක ඇතුළෙන් කලුපාට ෆෝන් කේස් එකක් දාලා තිබ්බ මගේ ට්වෙල්ව් ප්‍රෝ මැක්ස් එක ඇදලා අරන් ආර්යන් අයියා ඒක එයාගෙ සාක්කුවට බස්සගන්නවා බලාගෙන මම සද්ද නැතුව බෑග් එක වහලා ඉවරවෙලා කරේ දාගෙන එතනින් එන්න අනිත් පැත්ත හැරුණා.

“ඔය අතේ බැදන් ඉන්න එකත් ගලවනවා.”

ඒපාර මන් මගේ මගේ මැණික් කටුව හරියෙන් ගැට ගහලා තිබ්බ රතු නූල දිහා බලලා ඇහි බැම දෙක ලන් කරගෙන ආයෙම අර කලින් බෑග් චෙක් කරපු පැත්තට හැරුණා.. මොකද්ද මෙයාට තියෙන ප්‍රශ්නෙ දැන්? පළිගන්නද ඕන?

“ඇයි ඒ?”

“තමුන්ට විතරක් වෙනම නීතියක් තියෙන්න බෑනෙ?” ආර්යන් අයියා බෑග් චෙක් කරන තැනේ ඉදන් මන් ඉන්න තැනට එන්න ගත්තමත් එක්කම මගේ ඇස් දෙක ගියේ මේ වෙන දේ දිහා ඇසුත් ලොකු කරන් බයෙන් වගේ බලන් ඉන්න කොල්ලො ගාවට..ඔය අස්සෙ ගේට් එක ගාව ඉදන් බෑග් චෙක් කරලා යන ලමයි පවා හැරි හැරි අපි දෙන්නා දිහා බලන්න ගත්තම මන් ආර්යන් අයියා දිහා බලලා ඇහි බැමක් උස්සලා බැලුවා.

මන් ලගටම එන්නැතුව ආර්යන් අයියා අඩි දෙක තුනක ඩිස්ටන්ස් එකක් තියලා ඇස් වලින් මගේ අත පෙන්නලා එයාගෙ අත දික් කරාම මමත් එයාගෙ දිගෑරිලා තිබ්බ අල්ල දිහා බැලුවේ බෙල්ල පැත්තකට හරවන ගමන්..ඒ එක්කම මන් එයා ගාවට ඉතුරු අඩි දෙක තුනත් තියලා අපි අතරේ තිබ්බ ගැප් එක කැඩුවේ ප්‍රිෆෙක්ට්ස්ලා දෙතුන් කෙනෙකුත් මෙතන වලියක් යයි කියලා බයේ අපි දෙන්නා ගාවට ලන් වෙද්දි..ඒ එක්කම මම ටක්ගාලා අත දික් කරලා එයාලව ඈත තියාම නවත්ත ගත්තෙ මට ආර්යන් අයියාට දෙයක් කියන්න ඕන වුණ නිසා..ඒක එයාට විතරක් ඇහුණම ඇති.

“තරහා ගිහින් ඉන්නෙ කියලා දන්නවා..ඒත් මගේ ලිමිට් එකත් පන්න ගන්න එපා ම්ම්? ඉස්කෝලේ ඉවර වෙලා කතා කරමු?”

මගේ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලලා ඉවර වෙලා ආර්යන් අයියා අඩියක් පිටිපස්සට තිබ්බම මගේ ඇහි බැම තවත් ලන් වුණා.

“වෙලාව යනවා. ඕක ගලවලා ශමිත්ට දෙන්න.” එහෙම කියලා එයා අතක් සාක්කුවට දාගන්න ගමන් තව අඩියක් පිටිපස්සට තියලා අනිත් පැත්තට හැරුණාම මම මගේ අතක් මිට මොළවගත්තා. මුරණ්ඩුයි හොඳටම!

“ඕයි!” බෑග් චෙක් කරන පැත්තට යන ගමන් හිටපු ආර්යන් අයියා ඒ එක්කම ඉස්සරහට තියන්න ගියපු කකුළ ආපස්සට ගන්න ගමන් මන් ඉන්න පැත්තට හැරුණේ මාව මේ වෙලාවේ පුලුවන් නම් අළු කරලා දාන්න පුලුවන් වගේ ලුක් එකක් දෙන ගමන්..ඒත් මන් ඒ ලුක් එක හිතින් ගස්සලා දාලා එයා ගාවට ඇවිදගෙන ගිහින් මගේ අතේ තිබ්බ බ්‍රේස්ලට් එක ගලවලා එයාට දික් කරේ එයාගෙ අර බැල්මෙන්ම මන් දිහා තාමත් බලන් ඉන්දැද්දි.

“මට එක්සෑම් එකට යන්න පරක්කු වෙනවා.” පපුව වේගෙන් ගැහුණත් මට එයාගෙ තරහා ඉස්සරහා ගිව් අප් වෙන්න වුවමනාවක් තිබ්බෙ නෑ. කලින් වෙච්ච දේ ගැන කතා කරන්නැතුව කොහොමත්ම බෑ. ඊටපස්සෙ ඕනතරමක් පළිගත්තදෙන්. හැබැයි ඊටකලින් තමුසෙට මාත් එක්ක කතා කරන්න වෙනවා අයියේ.

ඒපාර මුකුත්ම නොකියා එයා බ්‍රේස්ලට් එක ගන්න අත දික් කරාම මම ආයෙම ආර්යන් අයියා දිහා බැලුවා. දැන් එතකොට මන් දිහා බලන්නෙවත් නැද්ද තමුසේ? එයාගෙ අතේ ඇගිලි බ්‍රේස්ලට් එකේ ගෑවෙන්න ඕන්න මෙන්න තියලා මම ආපු තරහට හිතලාම බ්‍රේස්ලට් එක අතෑරියේ ඒක බිම වැටෙද්දි.

“තරහා නිවුණාම කතා කරමු.” මන් එහෙම කියලා එයා දිහා බලන්නෙවත් නැතුව එන්න ආවේ කොහොමත් දැන් මන් යන දිහා එයා බලන් ඉන්නවා කියලා මන් දන්න නිසා.

“තව විනාඩි පහළොවයි” මන් MCQ එකේ අහලා තිබ්බ ප්‍රශ්නෙ අල්ලගෙන එද්දි එකපාරටම අර වීරසිංහ සර් කෑ ගැහුවේ මම ආපු තරහට පෑන ඩෙස්ක් එක උඩට අතාරිද්දි. මොන මඟුලක්ද! මේ රෙද්ද තේරෙන්නෙත් නෑ අර යකා කතා කරෙත් නෑ. මුන් දෙකම එකයි. ඒත් වෙනස මන් මේ රෙද්දට කැමති නෑ අර අටපට්ටමට කැමතියි. නැත්තන් මෙලහකට මන් ඌටත් කෙලවලා මූටත් කෙලවලා. මන් ඒපාර ආයෙම පෑන අතට අරගෙන හොඳ හුස්මක් ඉහළට ඇදලා ගත්තෙ ආයෙම ප්‍රශ්න හෙමීට කියවන්න හිතාගෙන..

“අඩෝ මේ කොහොමද MCQ එක?” පංතියේ බ්‍රයිටා මගේ ඉස්සරහා හිටපු හේශිත් ගාවට පේපර් එකත් උස්සන් එද්දි මන් ඇහි බැම දෙකම උස්සලා ඉවරවෙලා බෑග් එක ඇතුළෙන් කෑම පැකට් එකත් අරන් එතනින් වචනයක්වත් නොකියා හැරිලා එන්න ආවා..ෆස්ට් පේපර් එක විතරයි තිබ්බෙ දැන්ම එනවා කොහොමද අහගෙන.

මන් කෙලවර තිබ්බ පඩිපෙළ අරගෙන වේගෙන් වේගෙන් පහළට බැහැගෙන ගිහින් දකුණු පැත්තට හැරුණේ ටික දුරක් ගිහින් ආයෙම දකුණට හැරෙන්න තිබ්බ ටර්න් එක ගනිද්දි..ආහ්? ඇයි මේ කොරිඩෝ එකේ ඉදන්ම ප්‍රිෆෙක්ට්ස්ලා? මම දන්න සමහරක් අයියලා එක්ක ලාවට හිනා වෙලා ලොකුවට හදලා තිබ්බ ඒ සී රූම් එක ඉස්සරහා හිටගත්තෙ දොරේ රත්තරන් පාට බොඩ් එකේ කලු පාටින් ලියලා තිබ්බ ‘prefects room’ කියන එක දිහා තත්පර දෙක තුනක් බලන් ඉදලා ඒකෙ දොර අරිද්දි..

මුන්ට එක්සෑම්ස් නැද්ද? රූම් එකෙන් හතරෙන් දෙකක් වගෙන තිබ්බ මිනිස්සු පනහකට විතර එකසැරේ ඉන්න පුලුවන් දිගම දිග මීටින් ටේබල් එකේ මුලු ගිල්ඩ් එකම වගේ වටවෙලා වාඩි වෙලා ඉන්නවා දැකලා මාව ඇතුළට යන එකෙන් ඉබේටම නැවැත්තුවා.

ඒගමන මන් දොර ඇරපු නිසා ඒ හැමෝම වගේ කර කර හිටපු වැඩෙත් දාලා මන් දිහා බැලුවම මම කරේ මුකුත් නොවිච්ච ගාණට මට අදාළ කෙනාව හොයාගන්න මගේ ඇස් දෙක මුලු රූම් එක පුරාම ගෙනිච්ච එක..කොහොමත් ඒකට අමුතුවෙන් වෙලාව ගියේ නෑ..මොකද ආර්යන් කියන කැරැක්ටර් එක හොයන්න අමුතුවෙන් මහන්සි වෙන්නෝන නෑ. ටේබල් එක ඉස්සරහා හරි මැදට වෙන්න උසට උසේ ඉදගෙන තොල උඩ අතක් යවන ගමන් එයාගෙ ඉස්සරහා තිබ්බ මොනාදෝ කොළ වගේකට පෑනෙන් ලියන ගමන් හිටපු ආර්යන් අයියා මන් නොහිතපු විදිහට එකපාරටම ඔලුව ඉස්සුවේ මාව ලාවට ගස්සවන ගමන්..මන් දිහා ඕන්නම් තත්පරේකට වඩා පොඩිම පොඩි වෙලාවක් ආර්යන් අයියා බලන් ඉන්නැති..ඊටපස්සෙ එයා ආයෙම අර කොළේ දිහා බැලුවේ ඒත් ඊළඟ තත්පරේම ආයෙම ඔලුව උස්සලා මන් දිහා බලද්දි..ඔය අතරේ මට ඇස් කොණින් සමහර අයියලා ආර්යන් අයියා දිහායි මන් දිහායි මාරුවෙන් මාරුවට බලනවාත් පේනවා. ශුවර් එකටම ඔය අද උදේ සීන් එක වෙච්චි වෙලාවෙ හිටපු එවුන් වෙන්නෝන..

ඒත්..මගේ ඇස් හීන් වුණා..ඒ මොකද කියනවා නම් මගේ අතේ තිබ්බ බත් පැකට් එකේ ඉදන් මගේ ඇස් වෙනකන් ආපු ආර්යන් අයියාගෙ ඇස් දැකලා නෙවෙයි. ඒ එයාගෙ කට කොණට ඇදුනු අමුතුම හිනාව දැකලා. තමුසෙ කියන්නෙ මට මේක තමුසෙට දැන් දෙන්න කොන්දක් නෑ කියලද අයියේ? මෙතන මුලු ගිල්ඩ් එකම ඉන්න නිසා මන් බයයි කියලද හිතන් ඉන්නෙ? උන් මොනා හිතුවත් මට පකද අයිසේ? මම ඇස් දෙක රෝල් කරන් ප්‍රිෆෙක්ට්ස් රූම් එක ඇතුළට ආවේ ඒ එක්කම ආර්යන් අයියාගෙත් කට කොණේ තිබ්බ හිනාව වැඩි වෙනවා බලාගෙන..

ඉස්සරහටම යන්නැතුව මම ටික දුරක් තියලා ඉවර වෙලා බත් පැකට් එක හරියටම ආර්යන් අයියාගෙ ඉස්සරහට විසි කරලා අනිත් පැත්තට හැරිලා එන්න ආවේ ප්‍රිෆෙක්ට්ස් රූම් එකම හ්ම් සද්දයක් නැතිවෙන්න සයිලන්ට් කරලා දාලා..

බත් පැකට් එක විසි කරා තමයි..ඒකත් ආර්යන් අයියගෙයි එයාගෙ දෙපැත්තෙ හරියටම හිටපු සඳැස් අයියාගාය් ශවිරු අයියාගෙයි මැද්දට. මට ඕක ආර්යන් අයියාට කවලම එන්න තිබ්බා කොහෙද ඉතින් එයාමනෙ මට එදා ගාල්ලෙදි කිව්වෙ ලොකු වෙනකන් ඉන්න පිස්සු නටන්නැතුව කියලා..නැත්තන් බලා ගන්න තිබ්බා මන් තමුසෙට එතන කරන දේ අයියෙ.

“දැන් උබලා දෙන්නා තරහද බන්?”

“ඒක ඉතින් එයාම තමයි දන්නෙ.” මම උරහිස් දෙක උස්සලා ඇදේ දෙපැත්තට දිගෑරලා තිබ්බ කකුළ් දෙක දෙපැත්තට වනන්න ගත්තා.

“යකෝ අර වෙලේ ආර්යන් අයියා මන් දිහා අරහෙම බැලුවම මට ක්ලාස් එකට යන පාරත් අමතක වුණා බන්.” තනුජයා උගේ අර ටෙඩියාව පොඩි කරගෙන බදාගෙන සනීප විදිහක් හොයන් ඇදේ දිගෑදුනේ මට ලාවට හිනා යද්දි..

“උබට බය හිතෙන්නැද්ද ශාක්‍ය ආර්යන් අයියාට තරහා ගියාම?” මම ඒපාර ආයෙම තනුජයා දිහා බැලුවා.

“බය කියන්නෙ…අනේ මන්දා. මන් මීට කලින් එයාට තද වෙනවා දැකලා තියේ..ඒත් මට එහෙම දැනිලා නෑ.”

“කොහොම?”

“බය..මට බයක් දැනිලා නෑ.” ඒගමන මට ලාවට හිනා ගියා.

“සමහර විට ඒ එයා මට නරකක් නොකරයි කියන විශ්වාසෙට වෙන්නැති.”

“එතකොට අද වෙච්චි දේවල්? ආර්යන් අයියා එහෙම කරාම ඔයාට දුක හිතුනෙ නැද්ද?”

“මොන?”

“අර නූල ගලවන්න කිව්වාම?”

“ආහ්..එයා ඒක ආයෙම මට දෙයි.” ඒපාර තනුජයාට ලාවට හිනා ගියේ මටත් හිනා යද්දි.

“දුන්නැත්තන්?” මම ඔලුව වැනුවා.

“එයා දෙයි..”

“අනේ මන්දා බන්..උබලගේ ඒකාලෙ වලි මතක් වෙද්දි මට ඉස්සර පුදුම බයක් දැනුනේ. ඒත් දැන් හිතෙනවා තොපි දෙන්නා අපිට වැලි ගහලා ඒ ලව් කරාදත් කියලා.” ඒ එක්කම මන් ඔලුවත් පිටිපස්සට යවන ගමන් මන් හයියෙන් හිනා වුණේ තනුජයා ඒ කියපු කතාව අහලා.

“නෑ…නෑ…ඒකාලෙ මට සිරාවටම ඌව පෙන්නන්න බෑ බන්.”

“ඇයි යකෝ තෝ උගේ ඔලුව පලපු විදිහ..අනික ඌත් උබේ අත කැඩුවනෙ? එතකොට ඒක නරකක් නෙමේද බන්?” මම ලාවට හිනා වුණා.

“එදා බාස්කට්බෝල් මැච් එකේදි සාහිල් අයියාව සුරාජ් අයියා බිම පෙරළගත්ත වෙලේ සුරාජ් අයියා සාහිල් අයියාගෙ අත පෑගුවා..ඕක මාත් දැක්කා ඒත් සද්ද නැතුව හිටියේ අපිට දිනන්න තිබ්බ චාන්ස් එක නිසා..අනික එවෙලෙ ඒ සීන් එක වෙද්දි හැමෝම රවුමට ගැහිලා උන්නෙ අපේ හවුස් ටෙන්ට් එක ගාවදිනෙ. ඉතින් ෆුල් කවුඩඩ්…ඒත් මන් දැක්කා ආර්යන් අයියාට එවෙලේ කොහොම හරි සීන් එක නෝට් වුණා කියලා. ඉතින් එයා ආවේ සුරාජ් අයියාට ගහන්න බලාගෙන සාහිල් අයියාට ඒ කරපු දේට..මන් ඉතින් හිතලාම සෙනඟ අස්සෙන් දුවගෙන ඇවිත් සුරාජ් අයියාගෙ පිටිපස්සෙන් හිටගෙන එයාව කවර් කරේ ආර්යන් අයියාට එයාගාවට එන්න බැරි විදිහට..ඒත් අපේ කවුරු හරි එකෙක් සාහිල් අයියාට ගැහුවනෙ අර පොරකන වෙලාවේ..ඉතින් ආර්යන් අයියා එවෙලේ මම සුරාජ් අයියා කියලා හිතලා මගේ අත අබරලා අරන් අතට පාරක් ගැහුවාම මම ආපු වේදනාවට බිම ඇදගෙන වැටුණා මතකද?”

“යකෝ තෝ මෙච්චර කල් ඉදලා අපිට ඒක කිව්වෙ නෑනෙ!”

“ඉතින් යකෝ මන් හොස්පිට්ල් එකේදි තොපිට කිව්වෙ?? තොපි මොකද්ද කරේ? අරූගෙ මුතුන්මිත්තෝ ඉදන් මතක් කර කර බැන්නා මිසක් මන් කියන දෙයක් ඇහුවද? ඊටපස්සෙ පිනාටත් කෝල් කරලා සීන් එක කිව්වා. අර නිශල්කයා තව ටිකකින් ආර්යන් අයියාගෙ මහා ලොකු අප්පචිටත් කෝල් කරනවා මන් නැවැත්තුවෙ නැත්තන්! අනික එදා මන් පිනාට විස්තරේ කියලා ශේප් කරේ නැත්තන් අපේ ශ්‍රියානි ආන්ටිට ආර්යන් අයියාව දරු කමට හදා ගන්න වෙනවා.”

“හම්මෝ අර රජීව් හාදයාව නම් මතක් කරන්න එපා. මතකනෙ මන් එක දවසක් ඔය හාදයාගෙ ඇගේ හැප්පුණා කියලා ඒ යකා මට දීපු ලුක් එක? යකෝ ඌ මන් දිහා බැලුවේ හරියට මන් මේ ගෙයක් දොරක් නැති එකෙක් කියලා හිතලා වගේනෙ..අනික අපේ තාත්තලාට ඔය හදයාව පෙන්නන්න බෑ. මට ඇහුණා මේ ලගකදිත් බයිනවා.”

“හ්ම්..” ඒගමන තනුජයා උගේ වයිබ්‍රේට් වෙන්න ගත්ත ෆෝන් එක කොට්ටෙ යටින් ඇදලා ආරන් මට දික් කරා.

“ඔන්න උබේ බ්ෘන්ගරාජයා කෝල් ගන්නවා.” මම ඒගමන තනුජයාගෙ ෆෝන් ස්‍ක්‍රීන් එකේ වැටිලා තිබ්බ ‘Aryan Rawurawawansha (HP) is calling…’ කියන එක දිහා බලලා තොල් දෙක තද කරගත්තා. හැමෝම එතකොට සිරාවටම මෙහෙමද එයාව සේව් කරන් ඉන්නෙ?

“උබ ආන්ස්වර් කරපන් ඉතින්.”

“ඇයි ඒ-“

“ඉතින් යකෝ උබට කෝල් එකක් ගත්තම මම ම ඒකට ආන්ස්වර් කරන්නෝන කියලා දෙයක් නෑනෙ.” ඒගමන තනුජයා ටික වෙලාවක් ෆෝන් එක දිහා බලලා ඒක ආන්ස්වර් කරාම මට ලාවට හිනා ගියා..මූ අද අර වෙච්ච සීන් එක නිසා තාම බයෙන්ද කොහෙදෝ ඇත්තෙ.

“ඕ..කියන්න අයියෙ?” තනුජයා මන් දිහා බැලුවම මම ඔලුව වැනුවා. හනේ හනේ..මුන් මට කලින් ආර්යන් අයියා එක්ක ෆිට් එකේ හිටපු එවුන් නේද යකො?

“ඕ ඌ මෙතන ඉන්නෙ” ඒපාර තනුජයා ෆෝන් එක කනින් අයින් කරලා මට ෆෝන් එක දික් කරා.

“ඔයාට දෙන්න කිව්වා.” ඒගමන මන් තනුජගෙන් ෆෝන් එක අරන් කනේ තියාගත්තා.

“කියන්න.”

“මන් ඇවිත් ඉන්නෙ.”

“හ්ම්..ගෙදරට එන්න මාමා කෑම එක පාර්සල් කරලා ඇත්තෙ.” ඒ ගමන මට අනිත් පැත්තට ආර්යන් අයියාගෙන් උත්තරයක් නැති වුණාම මමත් සද්ද නොකර කටවහන් හිටියේ එයා ආයෙම කතා කරනකන්.

“ගෙදරට ආවම මට කතා කරන්න පුලුවන්ද? මට කතා කරන්න ඕනෙ..නිදහසේ.” ඒ ගමන මම තවත් තදට තොල් දෙක තද කරගත්තේ තනුජයා මන් දිහා හිනා වෙවී බලන් උන්නු නිසා.

“හරි ඉන්න මන් එන්නම්.” ඒපාර මන් කෝල් එක කට් කරලා තනුජයාට ෆෝන් එක දුන්නම ඌ මන් දිහා හැලපයෙක් වගේ දිගටම බලන් හිටපු හින්දා මන් ඇස් දෙක රෝල් කරා.

“ආර්යන් අයියා මට එන්න කිව්වා.”

“හරි ඒයි..ඔයාගෙ නෙට්ෆ්ලික්ස් එකට මන් ලොග් වෙන්නම් හොදේ?” මන් ඔලුව වැනුවා.

මන් කිචන් එකට ටක්ගාලා දුවගෙන ගිහින් රත්නසිරි මාමා ලෑස්ති කරලා තිබ්බ කෑම පැකට් එක අතට ගත්තා.

“කෝ ලොකු පුතේ අර දරුවා ආවද? මට වාහන සද්දයක්වත් ආවෙ නෑනෙ?”

“ආ මාමේ එයාට හදිස්සියක් කියලා මට ඉස්සරහට එන්න පුලුවන්ද ඇහුවා.”

“ආ ඒකතමා නැත්තන් එනවනෙ..හරි හරි අර ජූස් එකත් අරන් යන්න. මන් මික්ස් ෆෘට් ජූස් එකක් හැදුවා.” මම ඒපාර මාමාට තැන්ක්‍යූ කියලා ඉස්සරහා තිබ්බ එයාගෙ බාටා දෙකත් දාගෙන මේන් රෝඩ් එකට දුවගෙන ගියේ ඒ ගිහින් හරියටම වම් පැත්තෙ නවත්තලා තිබ්බ මස්ටෑන්ග් එක ගාවට ගිහින් ඒකේ දොර අරිද්දි..

මම ඒපාර කාර් එක ඇතුළට නැගලා මගේ ඔඩොක්කුවේම කෑම එක තියාගෙන එයාට ජූස් එක දික් කරා.

“ආ..මේක බොන්න”

මන් බෝතලේ ආර්යන් අයියාගෙ පැත්තට දික් කරාම එයා තාමත් හිටියේ ඉස්සරහා බලාගෙන වුණාම මම තොල් දෙක තද කරගත්තෙ එයා ඒක ගන්නෙ නැති වෙයි කියලා හිතලා. ඒත් ආර්යන් අයියාගෙ අල්ල එකපාරටම ඇවිත් බෝතලේ වටේට ගිහින් තිබුණු මගේ මුලු අල්ලම වහගත්තෙ කාර් එකේ ඒ සී එකට ගල් වෙලා තිබ්බ එයාගෙ අතේ තිබ්බ සීතලෙන් මාව හිරිවට්ටලා යද්දි..

මගේ අතින් තත්පර දෙක තුනක් තදට අල්ලන් ඉදලා ඉවර වෙලා එයා එයාගෙ අත හෙමින් සැරේ උඩට අරන් ගිහින් බෝතලේ ගත්තත් එක්කම අනිත් පැත්තට එයා ඒ බෝතලේ එයාගෙ අනිත් අතට පාස් කරලා ඉවර වෙලා මන් අත ගන්න කලින් ටක්ගාලා ආයෙම මගේ අතින් අල්ලගත්තෙ මාව මේ ඒ සී එක අස්සෙත් රත් වෙලා යද්දි..ඒ අස්සෙ මන් ඇදන් ඉන්නෙත් ආර්ම් කට් ටී ශර්ට් එකක්. හරි නම් මේ වෙලාවෙ මන් සීතලට වෙව්ලන්න ඕනෙ..ඒත් තමුසෙ මේ කරන වැඩ හින්දා මට බලඩ් ප්‍රෙශර් හැදිලා මාව පිපිරිලා යයි.

“ඕක ඇරගන්න පුලුවන්ද ඉතින්? කෝ දෙන්න-” ඒ එක්කම එයා අර පත බොතලේ මූඩිය තනි අතින් ඇරලා ඉවර වෙලා ඒක බොන්න ගත්තෙ අනිත් පැත්තට මගේ අත ගෙනත් එයාගෙ ඔඩොක්කුව උඩින් තියාගන්න ගමන්.. ඒපාර මම ආර්යන් අයියා ඒ කරන්න යන්න හදන්නෙ මොකද්ද කියලා බලන් ඉන්දැද්දි එයා මගේ අතේ ඇගිලි හෙමින් සැරේ දිගෑරලා ඉවර වෙලා අනිත් පැත්තට එයාගෙ අතේ ඇගිලිත් ඒ අස්සෙන් යවනවා දැක්කෙ ඒමදිවට මගේ මුලු අල්ලම එයාගෙ අර විසාල අතින් වැහිලා යනවා බලාගෙන.. ආහහ්හ්හ්! මේ යකාට මොකෙක් වැහිලාද?? ඔය ගමන මම මගේ ඔඩොක්කුව දිහා බලා ගත්තෙ වෙන මොකුත් නිසා නෙමෙයි එකපාරටම ආපු ලැජ්ජාවට.

A/N

IMPORTANT !!!

අහන්න ලමයි මන් කලිනුත් කියලා තියානවා මේ කතාව වට්පෑඩ් එකේ තියෙන අනෙක් කතා එක්ක ක්ලෑශ් වෙනවා වගේ නම් මට කියන්න කියලා. මොකද එහෙම වෙනවා නම් මේ කතාව සම්පූර්ණෙන්ම අලුත්ම විදිහකට වුණත් ලියන්න මන් ලෑස්තියි. මොකද BL ලියන පළවෙනි පාර වුණාට මන් මේ පුරුදු වෙන්න කතා ලියන කෙනෙක් නෙවෙයි. අනිත් එක ඒ අහපු වෙලේ ඔයාලත් නෑ කිව්ව නිසයි මන් විශ්වාස කරන් හිටියේ හරිද..ඒත් මේ ලඟකදි ඉදන් මන් දැක්ක දෙයක් තමයි සමහර කට්ටය මට එපා වෙන විදිහේ කමෙන්ට්ස් දාලා තිබ්බා..

ඔයාලා කතාවක් කියෙව්වට පස්සෙ ඒ කතාව එක්ක බැඳෙන බව ඇත්ත..මාත් අත්දැකීමෙන් දන්නවා. ඒත් එහෙමයි කියලා අනිත් මිනිස්සුන්ගෙ කතාවල ඒවා කියන්න යන්න එපා. ඔන්න කොපි කරලා තියෙයි වගේ නම් අවුලක් නෑ..ඒත් එහෙමත් නැතුව? I mean මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මන් දන්නවා සමහරක් අය ඒ දේවල් ඒ කියලා තිබ්බෙ තැහකට නෙමෙයි කියලා. ඒත් පොඩ්ඩක් හිතන්න ඒ ඕතර්ස්ලා මේක බැරි වෙලාවත් දැක්කොතින් එයාලට මන් ගැන මොන වගේ දෙයක් හිතෙයිද? මොකද ඕවා කනින් කනට යන්නෙ වෙන වෙන විදිහටනෙ.

තව දෙයක්, ඔයාලා ඔය කියලා තිබ්බ කතාවල ඕතර්ස්ලා මන් මම මාරම විදිහට රෙස්පෙක්ට් කරන චරිත හරිද. ඕවාගෙ දේවල් නිසා හිත් පළුදු වෙනවා ලමයි. ඒක නිසා හිතේ තියන හැම දේම මේකෙ කොටන්න යන්නෙපා! මන් මේ අදහස් කරන්නෙ ‘අනේ මෙයා ***** වගේ, *****ත් ඔහොමයි..’ වගේ කමෙන්ට්ස් ගැන. මේවා එපා! No means no! නිකමට හිතන්නකෝ ඒ ඕතර්ට/ඕතර්ස්ලාට මේ ගැන කවුරු හරි කියලා එයත් ඒ කමෙන්ට්ස් දැක්කට පස්සෙ මන් ගැන ඇති වෙන ඉම්ප්‍රෙශන් එක මොකද්ද කියලා? හෙන අවුල්නෙ..මටත් ඒ වගේ දෙයක් වුනෝතින් මටත් තද වෙනවා. මොකද මේ ටයිප් කරන එකෙන් සල්ලි තියා මුකුත් හම්බුන්නැති වුනාට මේකට යන කාලේ..සෙල්ලම්ද? මම කැම්පස් යන ගමන් එක්සෑම් තියාගෙන මේක ලියන්නෙ මගේ ස්ට්‍රෙස් යවාගන්න. ඉතින් ඒ මිනිස්සුත් ඒවගේනෙ. එහෙම වෙලා මෙවා දැක්කම තවත් ස්ට්‍රෙස් එන්නැද්ද?? ඒක නිසා මට මේ ටොපික් එක ගැන ආයෙ කතා කරන්න ඉඩ තියන්න එපා. Don’t disappoint me.

අනික ලමයි..මන් ඔවාලා ලාස්ට් චැප් එකේ පිරෙන්න දාලා තිබ්බ මැසේජස් කියෙව්වා 😭❤️ අනේ හරිද මන් රිප්ලයි නොකරේ ලොකු කමකට කියලා හිතන්න නම් එපා!! I just didn’t know how to thank y’all!! මට මාරම සතුටුයි! අර උඩ වෙච්චි දේවල් දැකලා දුක හිතුනම මම කෙලින්ම ගිහින් එව්වා කියවලා තමා කතාව ලියන්න මෝටිවේශන් එකහ් ගත්තෙ..truly y’all are the best ppl !!!

ABOUT UPDATES (මේක මෙතන කිව්වෙ ගොඩක් අය මැසේජ් බෝඩ් එක බලන්නැති නිසා)

මන් මෙහෙම සප්‍රයිසස් විදිහටම දාන්නම් නෙහ්? මොකද නැත්තන් ඩේට් එකක් කිව්වොත් අනිවා එදාට මට මොකක්ම හරි මංගල්‍යක් වෙලා දෙන්න වෙන්නෑ.

ඔන්න මන් අද වැරදි හදන්න ගියෙත් ඤැ! එක්සෑම් ඉවර වුණු ගමන් ලිව්වෙ

එහෙනම් මන් ගියා! Adareyyy සිරාවටම ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 44 light novel, ,

Comment

Leave a Reply

Chapter 44