À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45

A+ A-

හොඳ වෙලාවට වැස්ස ඇදගෙන වැටෙන්න කලින් ගෙදරින් පැනගත්තෙ…මස්ටෑන්ග් එකේ ඉස්සරහ වින්ඩ්ශීල්ඩ් එකට හෙනම වේගෙන් ඇවිත් වැටෙන වතුර බිංදු වල සද්දෙ හරියට නිකන් ඇහෙන්නෙ කවුරු හරි උඩ ඉදන් කාර් එකට ගල්කැට අතාරිනවා වගේ. ඒ තරම් වැස්ස සැරයි.

ඔය අතරේ මන් හෙමින් සැරේ ආර්යන් අයියාගෙ අතට පැටලිලා තිබ්බ අපේ අත් දිහා ඇස් කොණින් බැලුවා..හහ්! කාර් එකට නැග්ග වෙලේ මන් ජූස් එක දෙන්න කතා කරායින් පස්සෙ තාම මේ යකා මාත් එක්ක කතා කලේ නෑ. අනික අද උදේ ඉදන්මනෙ ඉතින් ඔය..වචනයක් කතා කරාද? හරි ඉතින් වැරැද්ද මගේ තමයි. ඒ වුණාට ඔච්චර පුම්බන්න ඕනෙද? දැන් ඉන්නවා හොඳට ෆෝන් එකත් ඔබ ඔබා..කවුද දන්නෙ මොකාට ටෙක්ස්ට් කරනවද කියලා? අනික දැන් විනාඩි ගාණක් තිස්සෙ ඔය! අනේ අම්මපා ඔය රෙද්දෙ ෆෝන් එක ඇදලා අරන් කාර් එකෙන් එළියට දාතෑකි මට දැන් මේ එන තරහට! අඩුම එකපාරක් මේ පැත්ත බැලුවනම් මුගේ ඇස් දෙක ගෙවෙනවද කියහන්කො?

ඒ එක්කම මට ආර්යන් අයියාගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දයක් ඇහුනේ මාත් ටක්ගාලා ඒ දිහා බලද්දි..අර ගෞරව් අයියාගෙ කෑල්ලද දන්නෑ..කවුද දන්නෙ ඉතින්. හෝව් පොඩ්ඩක් ඉන්න- මොකද්ද ඒ කෙල්ලගෙ නම කිව්වෙ? මම ආර්යන් අයියා එයාට ආපු කෝල් එක ආන්ස්වර් කරන්න වම් පැත්ත ඉදන් දකුණු පැත්තට එයාගෙ ඇගිල්ල ස්ක්‍රීන් එකේ තියලා අදිනවා දැකලා ඇහි බැම අකුළ ගත්තා. මොකද එතකොට තමයි මට මීටර් වුණේ එයා මට ඒ කෙල්ලගෙ කිසිම විස්තරයක් එදා කිව්වෙ නෑනේද කියලා. අර්හ්හ්! මාත් අමු ගොනානෙ ඉතින්…එදා තකහනියක් ආපු නිසා මාත් ඉතින් රැවටුණා. කොහෙද ඉතින් අපේ හිත් මල් වගේනෙ..ඉක්මණට නිමෙනවා. ඒකනෙ මේ එකේක එවුන් එව්වාගෙන් ප්‍රයෝජන ගන්නෙත්. à·„à·„à·Š! අනිත් එක මූත් මේ ශුවර් එකටම මටයි ගෞරව් අයියාටයි කොළේ වහන්නද කොහෙද හදන්නෙ. ඇයි යකෝ නැත්තන් ඒකිගෙ නමවත් කිව්වෙ නැත්තෙ?

හිතින් දත්ත ඇනලයිස් කර කර ඉන්දැද්දි මම එකපාරටම ආර්යන් අයියාගෙයි මගෙයි අත් දෙක දිහා බැලුවා. මගේ අත මටම පේන්නෙ නෑ..ඒ තරමට මගේ අත දැන් තිබ්බෙ ආර්යන් අයියාගෙ අර සද්ධන්ත අතට වැහැලා ගිහින්. මෙහෙමයි.. එයාගෙ අතේ ඇගිලි මට වඩා තරමක් දිගයි. ඒ කිව්වෙ මේ මහලොකු දිගක් නෑ..චූටි වෙනසයි තිබ්බෙ. හැබැයි එයාගෙ අත මගේ අතින් අල්ලගන්න හැම වෙලාවකම මගේ අත මේ විදිහට අතුරුදහන් වෙන්න හේතුව තමයි ආර්යන් අයියාගෙ අත පළල්. දිගින් බලද්දි වෙනස පොඩ්ඩම පොඩ්ඩක් වුණාට පළලින් ගත්තොත් එයාගෙ අත් විසාලයි වගේ පේන්නෙ ඒ හන්දා. ඕක මම නෝට් කරගත්තෙත් එදා ගාල්ලෙදි ආර්යන් අයියා මගේ අතින් අල්ලන් හිටපු වෙලාවේ මම අපි දෙන්නාගෙ අත් දෙක එකට තියලා බලපු වෙලාවෙ. අනිත් එක කොහොමත් ඔය රග්බි ගහන එවුන්ගෙ අත් හෙන විසාලයි. අර අපේ පන්තියේ රදිල්කයාට පවා තියෙන්නෙ හෙන විසාල අත්..ඉතින් ඒකනෙ උන් අර රග්බි බෝලෙ අතට ගත්තම ඒකෙ තුනෙන් දෙකක්ම මුන්ගෙ අත් දෙකට වැහිලා යන්නෙ.

හරි හරි දැන් ඒවා වැඩක් නෑ- මූ කෝල් එක ඇවිත් තත්පර දෙකක් වත් ගියේ නෑ ආන්සවර් කරපු වේගෙ බලහන්කො! කවුද දන්නෑ ඔච්චර මේ මහා රෑ කෝල් කරන්නෙ? මුට මගේ දිහා බලන්න බෑ. ඒත් එකෙක් කෝල් එකක් ගත්තම නම් ආන්සවර් කරන්න පුලුවන්..මම ඒගමන ආර්යන් අයියාගෙ ඇගිලි වල පැටලිලා තිබ්බ මගේ අත එකපාරටම ඇදලා ගන්න හැදුවත් ඊළඟ තත්පරේම මගේ අත තවත් එයාගෙ ඇගිලි වලට තද වුණේ ආර්යන් අයියා එයාගෙ අතේ ඇගිලි දිගෑරලා ආයෙම කලින්ට වඩා තදට ඒ ඇගිලි මගේ අත උඩින් තිබ්බ පාරට..

“කියන්න සර්.” ඒගමන ආර්යන් අයියා ෆෝන් එක කනේ තියා ගන්න ගමන් මන් දිහා ඇහි බැම අකුළගෙන බැලුවම මමත් සෙකන්ඩ් වෙන්න බැරි නිසා අනිත් පැත්තට එරෙව්වා. ඇයි යකෝ- ආව්! ආව්! මෙන්න මේ යකා මගේ අත අබරනවා! ආර්යන් අයියා හිතලාම මගේ අතේ ඇටකටු ඇඹරෙන්න තද කරන්න ගත්තම මන් ටක්ගාලා අත ඇදලා ගන්න හැදුවත් මගේ අත හෙලවුන්නැති තැන මන් දත් මිටි කාගෙන ආර්යන් අයියා දිහා බැලුවේ ඒ වෙද්දිත් මන් දිහා බලන් හිටපු එයාගෙ තොල් හෙනම සෙල්ලක්කාර විදිහට පැත්තකට ඇදිලා යද්දි..ඒ එක්කම මම අත අදින එක නවත්තලා ගල් පිළිමයක් වගේ ෆ්‍රීස් වුණා.

“පිස්සු නටන්නැතුව ඉන්නවා.” ෆෝන් එක කනෙන් ඈත් කරලා ආර්යන් අයියා එකපාරටම මගේ ගාවට බර වෙලා කටහඬ බාල කරලා එහෙම කිව්වම මම උරහිස කන ගාවට උස්සන ගමන් බෙල්ල ඇද කරේ එයාගෙ කටහඩේ තිබ්බ ගොරෝසු කමට මට කතිකැවෙද්දි..

“ඔව් සර්..ටර්ම් ටෙස්ට් ඉවර වෙලා මීටින් එකක් ගමු ඒ ගැන කතා කරගන්න.” එයා ආයෙම කෙලින් වෙලා ෆෝන් එක කනේ තියා ගන්න ගමන් අහක බලා ගත්තම මම තොල් දෙක තද කරගත්තා. මූ යකෝ! හම්මේ අත කැඩුවද මන්දා වේ මිනිහා- තමුසෙ සෙල්ලමට ගත්තෙ වැරදි මිනිහව අයියෙ à·„à·„à·Š! මම ඒගමන එකපාරටම මගේ ඇගිලි පහම තියලා නියපොතු ඇතුළට යන්නම ආර්යන් අයියාගෙ අත කෙනිත්තුවේ එයාට ඉබේටම මගේ අත අතෑරෙද්දි.. අන්න අන්න ඒම වරෙන්! අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද? මෙතනහ්!

අත විස ගහන නිසාද කොහෙද තත්පරෙන් තත්පරේට ආර්යන් අයියා එයාගෙ අත දිහා බලන් අතමිට මොලවන්න ගත්තම මම කලුවරේම එයාගෙ අතේ තැනින් තැන හීනියට තද පාට වෙනවා දැක්කා. à·„à·’à·„à·“..ලේ එනවද කොහෙද. ඒක තමා කියන්නෙ ගාණට ඉන්න කියලා. ඔය අතරේ කරපු වැඩේට සැටිස් වෙච්ච නිසා මම හිත යටින් හිනා වෙවී ඉන්දැද්දි එකපාරටම මම කෑ ගහන්න බැරිකමට අතමිට මොලාවලා අත කට ඇතුළට ඔබාගෙන අත විකාගත්තෙ හ්ම් සද්දයක් නැති කාර් එක පුරාවට ‘චටාස්’ ගාලා මගේ කලවා හරිය කිස් කන්න වැදිච්ච පාරට.

“නෑ සර් මන් පොඩි වැඩකට අම්මා එක්ක එළියට ආවා..සර්ට කතා කරන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ.” අර්හ්හ්හ්හ් සර් මේ බූරුවා කියන්නෙ අමු පච! මට ගහනවා මේ යකා! මම කටත් උල් කරගෙන මගේ කකුළ අත ගාන්න ගත්තේ විස ගහන තැන දැනටම රතු වෙලා තියෙනවා බලාගෙන.. මහා මොකෙක්ද මන්දා! දෙන්න හිතයි අහුවෙන එකෙන්.

මම ශෝට් එකේ කකුළ ඉවර තැන බැලුවම එතන ආර්යන් අයියාගෙ අතේ ඇගිලි පහ සම්පූර්ණෙන් පේන්න නොතිබ්බත් එයාගෙ අත නිසා රතු වෙලා තිබ්බ තැන තියාගෙන අත ගාන ගමන් ආර්යන් අයියා දිහා බැලුවේ තත්පරයක් යන්න කලින් මගේ කට කොණක් හෙමිහිට පැත්තට ඇදිලා යද්දි.. ඔන්න තමුසෙ තමයි අයියේ ඕක පටන් ගත්තෙ. Sorry not sorry.

මම එකදිගටම ආර්යන් අයියා දිහා බලන් ඉන්දැද්දි එයාටත් මන් බලන් ඉන්නවා කියලා තේරිලාද කොහෙද කලින් වගේම අර කින්ඩි ලුක් එකෙන්ම මගේ දිහා හැරිලා බැලුවත් මගේ ලුක් එක දැකලා එයාගෙ හිනාව මූණෙන් නැති වෙලා ගියේ ඒ එක්කම එයාගෙ ඇහි බැම ලාවට ලන් වෙද්දි..ඒ එක්කම මම තොල් අග තිබ්බ හිනාව අඩු කරගන්නැතුවම සීට් එකෙන් ලාවට ඉස්සිලා මන් ඉදන් උන්නු තැනින් සපෝට් එකට දණහිසත් තියාගන්න ගමන් ෆෝන් එක කනේ තියන් ඉන්න ආර්යන් අයියා ගාවට බර වුණේ එයා මන් ඒ එකපාරටම කරපු එකෙන් තරමක් දුරට ගැස්සලා යද්දි..ආර්යන් අයියාගෙ ඇස් මගේ මූණ පුරාම ගිහින් අන්තිමට ඇස් වලට ආවාම මගේ කටේ තිබ්බ හිනාව තවත් වැඩි වුණේ එයා ඉන්නෙ දැන් කලබල වලා කියලා මට තේරිච්ච හින්දා. ඒත් මම ආර්යන් අයියාට වඩා ඉක්මණ් වුණා. මොකද එයා මන් ලගට එන්න එන්න පුලුවන් තරම් ඈත් වෙන්න හදද්දි ඒකෙන් දැන් වැඩක් වෙන්නෙ නෑ කියලා තේරුම් අරගෙන මට පිටුපාන්න ලෑස්ති වෙද්දි මන් ටක්ගාලා එයාගෙ බෙල්ල පිටිපස්සෙන් අත යවලා එයාව මගේ මූණ ගාවට ඇද ගත්තා.

“ආදි-” ආර්යන් අයියාට මගේ නම කියවෙන්න ගියත් එයා හිතලම ඒ වචනෙ ගිලගන්නවා දැකලා මේ පාර මගේ කට සම්පූර්ණෙන්ම ඈත් වුණේ මගේ දත් පවා ඒ හිනාවෙන් පෙණුනා කියලා මටම දැනෙද්දි..කලින් පාරවල් වල නම් මම ලැජ්ජාවෙන් ආර්යන් අයියාගෙන් ඒ හිනාව හන්ග ගන්න කියලා මගේ තොල් තද කරගත්තත් මෙදා පාර මම එහෙම කරේ නැති වුණාම ආර්යන් අයියාගෙ ඇස් පවා මගේ හිනාවේ නතර වෙනවා මන් බලාගෙන. ඒත් එයාගෙ ඇස් වැඩි වෙලාවක් මට එතන නතර කරගන්න බැරි වුණේ පොරගෙ හැටිත් මට විනාඩියකට අමතක වෙද්දි. ඔන්න ඕවා නිසා තමයි මට තමුසෙට හිත ගියෙත් අයියේ.. තමුසෙව නම්මගන්න පට්ට අමාරුයි.

“නෑ සර්. අපිට තව දවස් තුනකින් ෆිසික්ස්.” ඒ එක්කම ආර්යන් අයියා මගේ මූණ ගාවින් ඈත් වෙන්න කලින් මන් ටක්ගාලා කාර් එකේ ඩෑශ් බෝඩ් එකට අතක් තියලා බැලන්ස් එක හදා ගන්න ගමන් දැනටමත් එයාගෙ බෙල්ල පිටිපස්සෙ ගිහින් තිබ්බ මගේ අත හෙමින් සැරේ එයාගෙ අතට අහුවෙන්නැති කොණ්ඩෙ අස්සෙන් යැව්වත් එක්කම ආර්යන් අයියා මන් දිහා කන්න වගේ බැලුවේ මම ආයෙම කටපුරා හිනා වෙද්දි.

“හ්ම්..අපි බලමු සර්. කොහොමත් ඒකට හැමෝටම පාටිසිපේට් වෙන්න වෙනවනෙ. එතකොට අඩුවක් වෙන එකක් නෑ කොහොමත්.” මගේ හිනාව දිහා බලලා ආර්යන් අයියා ආයෙම මන් දිහා බලලා වෝන් කරන්න වගේ ලුක් එකක් දුන්නෙ මගේ හැටි දන්න නිසා..ඒත් ඒකෙන් වුණේ මගේ හිනාව තවත් වැඩි වෙච්ච එක විතරයි. මම ඒ එක්කම හිනා වෙන ගමන් දත් අස්සෙන් ලාවට දිව දාලා හිනා වුණා.

“සර්ට තීම් එක ගැන මොකද්ද-” මන් ජයග්‍රාහී ලෙස මට කරගන්න ඕන වෙලා තිබ්බ එක කරලා ආයෙම මගේ සීට් එකඋඩ ඉදගත්තෙ මන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටපු ආර්යන් අයියාට ඇහැකුත් ගහන ගමන්..ඒ එක්කම මම කාර් එකේ වින්ඩෝ එක පැත්තට හැරුණා. à·„à·’à·„à·“! ඔය මැදැයි හෙඩ් බෝයිව ගස්සලා ගන්න.

“අහ්ම්..සොරි සර්. මන් අහන්න හැදුවේ සර් මොකක් හරි ත්..තීම් එකක් ගැන හිතන් ඉන්නවද කියලා අහන්න.” ආර්යන් අයියාට වචන පැටලෙනවා ඇහිලා මම හිනා වෙන ගමන් මගේ උඩු තොලේ ඇගිල්ලක් යැව්වා. කලින් පොරගෙ මූණ මතක් වෙද්දිත් මට හිනා..ඔව් ඉතින් එයා පුදුම වෙන එක සාධාරණයි. මොකද එවෙලෙ මම වුණත් හිතන් හිටියේ එයාට මගේ නළල තියලා හොඳ පාරක් දෙන්න. ඒත් ආර්යන් අයියා එවෙලේ මන් දිහා බලන් හිටපු විදිහට මගේ ප්ලෑන් එක මටත් හොරෙන්ම වෙනස් වුණේ මන් ඒ වෙනුවට එයාගෙ නහය උඩින් තොල් දෙක තියලා තද කරද්දි..

“ඔව් සර් බජට් එක හැමදාම බැලුවෙ සඳැස්නෙ. ඒක නිසා සඳැස් බලානියි ඒක.” මොන මංගල්‍යක් ගැන මෙච්චර වෙලා මුන් දෙන්නා කියවනවද මන්දා. අනික අර අසංක සරුත් මහා මොකෙද්ද මන්දා! ගෙදර ගෑණියෙක් නැද්ද සපක් අරන් නිදා ගන්න මෙහෙම රෑ තිස්සෙ ලමයි අල්ලන් කෝල් කර කර ඉන්නෙ? යකෝ ප්‍රිෆෙක්ට්ස්භාර කියලා මෙහෙමත්? මම ඒ අස්සෙ වෙලාව බලන්න මගේ ෆෝන් එක ගන්න සාක්කුවට අත දැම්මත් පස්සෙ මතක් වුණේ ඒ රෙද්දත් තියෙන්නෙ මගේ එහා පැත්තෙ ඉන්න අටපට්ටම ගාවා කියලා. මොන මඟුලක්ද?! මම ඒපාර මගේ එහා පැත්තෙ අර අසංක කාරයත් එක්ක දාගෙන මල් කඩන අටපට්ටම දිහා බලලා එයාගෙ වම් අත ඇදලා ගත්තෙ ඒ එක්කම වොච් එකට එබෙන ගමන්.

නවයයි විස්සයි..මම වෙලාව බලලා ඉවර වෙලා ඔලුව උස්සලා ආර්යන් අයියා දිහා බැලුවාම ඒ වෙද්දිත් එයා මන් දිහා බලන් ඉන්නවා දැකලා මම හොඳවැයින් දෙකක් රැව්වා. ඇයි යකෝ මන් යනවා මොන මඟුලක්ද? ආපු වෙලාවෙ ඉදන් කරේ ප්‍රිෆෙක්ට්ස් ගෲප් එකේ මොන මොනාදෝ කොටපු එක. ඊටපස්සෙ දැන්? දැන් අර අසංකයා එක්ක කියවන්න ගත්තා. මගේ මූණ පුරාම ඇස් යවලා ඉවර වෙලා ආර්යන් අයියා ෆෝන් එක කනින් ඈත් කරනවා දැකලා මම නහය පිම්බුවේ කෙන්තියෙන්.

“ගෙදර යන්න ඕනෙද?” අර බලහන්! දැන් මාව ගෙදර යවන්න තමයි එතකොට හදන්නෙ. ඔව් ඉතින් ඉතකොට බැරියැ අර නාකියා එක්ක මල් කඩ කඩා ඉන්න! මන් ඒ ගමන් ආර්යන් අයියාගෙ අත විසි කරලා දාලා කාර් එකේ හැන්ඩ්ල් එක ඇද්දෙ ගෙදර යන්න හිතාගෙන වුණත් මගේ බයිසෙප් එක ලාවට තද වෙච්ච නිසා මම ආයෙම නහය පුම්බගත්තෙ පිටිපස්ස හැරිලා අරයාට ‘මොකද?’ වගේ ලුක් එකක් දෙද්දි..

“ඉන්න” අන්න අන්න ඉතින්..හිතුවද දන්නෑ අපි ඔව්වාට රැවටෙයි කියලා. මම එකදිගටම ආර්යන් අයියා දිහා රවාගෙන බලන් ඉන්දැද්දි එයාගෙ තොල් හිනාවක් නිසා ඇදිලා යනවා මන් බලාගෙන හිටියත් මම කරේ දිගටම එයා දිහා රවාගෙන බලන් හිටපු එක. මන් සැලෙයි ඔව්වාට.

“ඔව් සර් ටීම්ස් වලට කඩමු..අනික ගොඩක් අයගෙ වෝට් එකත් තිබ්බෙ 2016 ගිල්ඩ් එකට.” ආර්යන් අයියා ඒක කියන අතරේ මගේ බයිසෙප් එකෙන් අල්ලන් හිටපු අත හිමීට පහළට ඇදගෙන ඇවිත් මගේ අල්ල ගාවින් නතර කරගත්තෙ තත්පරයක් වත් නාස්ති නොකර මගේ අතේ ඇගිලි අස්සෙන් එයාගෙ අතේ ඇගිලි යවා ගන්න ගමන්.

“ඔව් පුතා. බැකින් වලට ග්‍රේඩ් ටෙන් ලෙවන් ට්වෙල්ව් එතේ කොල්ලො ටිකක්ව ගත්තා නම් හරි.” අනේ අනේ මෙහ් අපි නම් එන්නෑ උබලෑ ඔය මඟුල් වලට! හිතේ ඇති..යකෝ වැඩ මදිවටද!

පැය බාගයක් ගිහින්..ඒත් මේ මගුල කතා කරාගෙන ඉවරයක් නෑ නෙ. ඒ මදිවට තව අපේ කොල්ලොත් ඕනලු! මෙහෙමයි මන් මෙච්චර වෙලා ආර්යන් අයියා කියන ඒවගෙන් තේරුම් ගත්ත දෙයක් තමයි එයාලා මේ කතා තරන්නෙ ඉවෙන්ට් එකක් ගැන කියන එක..ඒත් මොකද්ද කියලා තාම හරියට මන් කියන්න දන්නෑ. හරි මට වැඩක් නෑ මොන රෙද්ද වුණත්! ඒත් යකෝ මෙච්චර වෙලා කෝල්ස් වල ඉන්න අර අසංකයාට සිරාවටම වැඩ නැද්ද? ආර්යන් අයියා පවා ෆෝන් එක කනේ තියන් ඉදලම එපා වෙලාද කොහෙද දැන් ටිකකට කලින් ලවුඩ් ස්පීකර් දාලා ෆෝන් එක එයාගෙ කකුළ උඩින් තියා ගත්තා.

ඒ මදිවට මේ යකා මගේ අත හෙන වෙලාවක් තිස්සෙ අල්ලන් ඉදලමද කොහෙද මගේ වැලිමිටෙන් යට මට දැන් දැනෙන්නෙත් නෑ. හරි නම් කාර් එක ඇතුළේ තිබ්බ සීතලට මෙළහකට මගේ අත හරි නම් ගල් ගැහෙන්න ඕන වුනත් මගේ අල්ල දාඩියට ඇලෙන්න අරන් කියලා මට හොඳටම තේරෙනවා. මොකද ඒ තරම් ආර්යන් අයියා එයා මගේ අත අල්ලන් හිටපු ග්‍රිප් එක තත්පරේකටවත් අඩු කර් නෑ. අනික අත දැනෙන්නෑ කිව්වෙ වේදනාවකටවත් වෙන මොකුත් නිසාවත් නෙමෙයි..අනේ මන්දා. අර මන් හැම තිස්සෙම කියන්නෙ කොච්චර තදින් අල්ලන් හිටියත් රිදෙන්නෙ නෑ කියලා. අන්න ඒ විදිහට තමා එයා දැනුත් මගේ අත අල්ලන් හිටියේ..ඇත්තටම මට තාමත් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මනුස්සයෙක් එහෙම රිදෙන්නැති විදිහට මෙහෙම තදින් අල්ලන් ඉන්නෙ කියන එක. එතකොට මට මතක් වුණේ ඊයේ ආර්යන් අයියා මගේ නිකටින් ඇල්ලුවාම එවෙලෙ මට ඒක රිදිච්ච විදිහ. හ්ම්..එයා එදා ඒ මගෙන් පළිගත්තා. මොකද එයා එහෙම ඇල්ලුවේ අනිවා මට රිදෙනවා කියලා දැන දැන. ඒත් අනේ මන්දා..දැනටමත් මන් අන්ධ වෙලාද? මොකද එහෙම වෙලා නම් මට ඒත් කමක් නෑ. මොකද මන් දැනටමත් මේ මනුස්සයාව මාරම විදිහට විශ්වාස කරන්න අරන්.

මම ආයෙම අපි දෙන්නාගෙ අත් දෙක දිහා බැලුවා..ටිකකට කලින් අත හිරි වැටෙන්න ගත්ත හන්දා මන් අතේ ඇගිලි දිඟෑරියත් ආර්යන් අයියා මගේ අත තවත් තද කරලා අල්ල ගත්ත හැටි මතක් වෙලා මගේ තොල් වලට පොඩි හිනාවක් ආවා. ඒක නිකන් එයා කරේ හරියට මන් මගේ අත එයාගෙන් ගලවගන්න හදනවා කියලා හිතලා බය වෙලා වගේ..ඒක නිසා මන් මගේ අතේ ඇඟිලි දිලෑරලා ආයෙම එයාගෙ අත වටේට එයා හා සමානව තදකින් ඒවා එතුවේ එහෙම නෑ කියලා කියන්න වගේ..එතකොට එයා මන් ඒ දීපු සිග්නල් එක හරියටම තේරුම් අරන් වගේ හෙමින් සැරේ එයාගෙ අතේ ග්‍රිප් එක අඩු කරනවා දැනුනාම මට ආවේ පුදුමාකාර සතුටක්. මන් කිව්වෙ..මට මේ මනුස්සයා එක්ක කතා කරන්න අමුතුවෙන් වචන ඕන නෑ කියලා!

ඒගමන මම ආර්යන් අයියා දිහා බැලුවා..එයා හිටියේ අසංක සර් උයි කෝල් එකට දැන් ටිකකට කලින් ඇඩ් වුණු ටොප් බෝඩ් එකේ අයයි කියවන ඒවා අහගෙන හරියටම එයා හිටපු තැන වින්ඩෝ එකෙන් එළිය බලන්. ඔය අතරේ තමයි මට මතක් වුණේ මන් එයාගෙ පේපර් එක ගැනවත් ඇහුවේ නෑ නේද කියලා. කොහෙද ඉතින් මූ අද උදේ පාන්දර මගේ ෆෝන් එක ඉස්සුවා ඉස්සුවාමයි මට ඒක ආයෙම දුන්නෙ නෑනෙ! ඉතින් අහන්නෙ කොහොමද? අනික ගෙදර දැන් තත්වේ? අද මේ මනුස්සයා ගෙදර යනවද නැද්ද කියලවත් මන් දන්නෑ. මොකද ඊයේ රෑ අප්පච්චි එක්ක ලොකු රණඩුවක් ගිහින් මේකා සේරම දමලා ගහලා ආයෙම අපාට්මන්ට් එකට ගිහින්. අනික මන් මේ කෑම හද හදා දෙන හේතුව තමයි අයියාගෙ අම්මා ගෙදර කෑම හදන්න තියා ආර්යන් අයියාලා දිහා ඇහැක්වත් අරින්නෑලුනේ. අනේ මන්දා ඒ ගෙදර නම්…මන් මෙහේ අම්මෙක් නැතුවත් අම්මා ජීවත් වෙලා උන්නු කාලෙ මට දීලා ගිය ආදරෙන් සතුටු වෙද්දි ආර්යන් අයියාට අම්මෙක් ඉදලවත් සතුටක් ලැබෙන්නෙ නෑ.

මම ආර්යන් අයියාගෙ තියුණුවට කැපිලා පේන්න තිබ්බ ජෝලයින් එක දිහා බලන් ඉදලා වෙනදාට දත් වලටම ලොක් වෙලා තිබ්බ හකු අද සැහැල්ලු වෙලා තියෙනවා බලාගෙන එහෙම්මම මන් මගේ ඇස් තව උඩට උඩට අරන් ගියා.. වින්ඩෝ එකෙන් එළිය බලන් ඉන්න නිසා මට දැන් පෙණුනෙ ආර්යන් අයියාගෙ මූණේ හරියටම පැත්තක් විතරයි. ඒක නිසා මට එයාගෙ ඇහි පිහාටු වැස්ස නිසා වතුර බිංදු වලිනුයි ඒ සී එක නිසායි බ්ලර් වෙලා තිබ්බ වින්ඩෝ එකෙනුයි ඒ වැහි බිංදු අතරින් කාර් එක ඇතුලට ගලාගෙන ආපු පාරේ ලයිට් එළියෙනුයි ගොඩක් ෆෝකස් වෙලා පාණුනෙ හරිම ලස්සන විදිහට..

කොහොමත් එයාට තිබ්බෙ මගේ වගේ දිග ඇස් පිහාටු නෙවෙයි. ඒවා මගේ ඒවාට වඩා කොට වුණාට මාරම ඝනකමයි..ඇස් පිරෙන්න ඇහි පිහාටු තිබ්බා. ඇහි බැම ගත්තත් එහෙමයි..පට්ට ඝනකමයි. හැබැයි ඒවා නම් දිගයි..හරියට අර නිකන් හදපු ඒවා වගේ. ඕවා එහෙම අපේ නංගි දැක්කානම් හූල්ලලාම මැරෙන්න හදයි ලස්සනයි ලස්සනයි ගාලා..මොකද එයා ඔය මගේ ඇහි පිහාටු වලටත් පොඩි කාලේ ඉදන්ම ඉන්න දුන්නෑ. කොළඹ ඉදන් ආවාම හැමපාරකම ඒවායේ මස්කාරා ගාලා උලලා පස්සෙ ඒවායේ ෆොටෝස් අරන් හැමෝටම පෙන්න පෙන්න හූල්ලන්න ගන්නවා. මටත් මොකද ඉතින්..ෆ්‍රී ස්කින් කෙයා නිසා මාත් ඔහේ ඕන ලබ්බක් කරගන්න දීලා සැපට නිදා ගන්නවා. නංගිට අනුව නම් මගේ මේ ඇහි පිහාටු ඒවා එහෙම එයාට එන්න තිබ්බ ඒවලු ඔය මට ඇවිත් තියෙන්නෙ.

මගේ ඇස් ඒපාර ගියේ ආර්යන් අයියාගෙ කොණ්ඩෙට..කලින් බස් කට් එක ගහලා තිබ්බට දැන් වෙද්දි ඒක යම්තාක් දුරකට වැවිලයි තිබ්බෙ. කොහොමත් ආර්යන් ආර්යන් අයියාට තිබ්බෙ ලාවට කැරලි ගැහෙන කොණ්ඩයක්. අනික ඒවා දැන් වුණත් මෙච්චර කොටට දකිද්දත් තේරෙනවා ඝනකමයි කියලා. ඇරත් මේ ගාන තමයි ප්‍රිෆෙක්ට්ස්ලාගෙ තියෙන්න ඕනෙ. අනික ඉතින් මේ අලි තඩියා හෙඩ් බෝයි නෙ. ඒක මතක් වෙලා මගේ කටට පොඩි හිනාවක් ආවා. ආඩම්බරයක්ද? වෙන්නැති..තාම මේ යකා මගේ කියන්න බැරි වුණාට ඉතින් කවදාහරි වෙයි නෙ. ආන් එතෝට බලාගමු! ටෝ හෙඩ් ප්‍රිෆෙක්ට් තියා සක්කරයාගෙ පුතණ්ඩියා වුණත් ඒක මට අදාල නෑ. මට ඕන එක මන් කරනවා. හහ්! හොඳම උදාහරණේ තමයි දැන් මෙයාගෙ අත.. බලන්න මගේ නියපොතු පාරවල් වල ලස්සන. ලේත් ඇවිල්ලා. ම්හුක්ක්.

“Thank you sir. good night.” ශවිරුවද කොහෙද එහෙම කිව්වම ආර්යන් අයියා එයාගෙ මූණ ඉස්සරහට හරවගත්තත් එක්කම මමත් ටක්ගාලා අහක බලා ගත්තෙ නැත්තන් මෙච්චර වෙලා මන් එයා දිහා බලන් ඉදලා කියලා අහු වෙන නිසා.

“Thank you sir.” තැන්ක්‍යු සර් තමයි. ඒක කිව්ව හැටි.. යකෝ සර් කතා කරන්නෝන විදිහට තමා මූ කතා කරන්නෙ. සර්ගෙත් සර් ආර්යන් සර්.

“අද එක්සෑම් කොහොමද?” මන් ආර්යන් අයියා දිහා බලලා ඔලුව වැනුවා.

“ශේප්..ඔයාගෙ?” මන් උරහිස් දෙක ඉස්සුවා.

“ශේප්.” ඒ එක්කම ආර්යන් අයියා එයාගෙ ඔඩොක්කුවේ තිබ්බ ෆෝන් එක ඩෑශ් බෝඩ් එක උඩින් තියන ගමන් සම්පූර්ණෙන්ම මගේ පැත්ත හැරුලා කාර් එකේ දොරට ඔලුව හේත්තු කරගත්තෙ මගේ අතත් ඒ එක්කම හෙමීට අතෑරලා. මන් ඒ එක්කම එහෙම කලේ ඇයි කියලා අහන්න හැදුවත් එයා ඉනෙන් ඉස්සිලා ඉවර වෙලා එයාගෙ බොටම් එකෙන් ෆෝන් එකක් එළියට ඇදලා ගත්තම මම ඒ දිහා සද්ද නැතුව බලන් හිටියා.

“ඔෆිස් රූම් එක ගාව කොච්චර වෙලා හිටියද?”

“විනාඩි විස්සක් අයියේ!! තමුසෙ නම් හෙන මහා-” අද දවල් ඒ වෙච්ච සීන් එක මන් මේ වෙද්දි අමතක කරලා දාලයි තිබ්බෙ. එච්චරට නෝන්ඩි වුණා අද මන්! තමුසෙට නම් ඉතින් මොකද?! මම කොණ්ඩෙ දිගේ අත යවන ගමන් ඉස්සරහා බලා ගත්තම එකපාරටම මගේ ඔඩොක්කුව උඩට ෆෝන් එකක් වැටුණේ මන් එකඅරන් ඩෑශ් බෝඩ් එක උඩින් තරහින් වගේ තියද්දි..අද හවස මන් ඔෆිස් එක ගාවා රස්තියාදු වෙච්ච විදිහ දන්නෙ මන් විතරයි. ඒකත් තමුසෙගෙ බොරුව නිසා!

“Good.”

“කෝ අනිත් එක?” ආර්යන් අයියා අරහෙම කියද්දි එයාගෙ කටහඬේ තිබ්බ කින්ඩි ටෝන් එක ගනන් ගන්නැතුව මන් එහෙම ඇහුවා.

“මොකද්ද?” මන් ඒපාර ඇහි බැමක් ඉස්සුවා. සීරියස්ලි? බෙල්ල පැත්තකට ඇද කරන ගමන් මන් ආර්යන් අයියාගෙ උඩ ඉදන් යටට බැලුවේ එයාගෙ කට හෙන සෙල්ලක්කාර විදිහට පැත්තකට ඇදෙනවා බලාගෙන. මොකද්ද කරන්නෙ? මම ආර්යන් අයියාගෙ දැනෙන නොදැනෙන ගාණට ඇදිලා ගිහින් තිබ්බ තොල් දිහායි එයාගෙ සෙල්ලක්කාර විදිහට දිලිසෙන ඇස් දෙක දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ තරහින්. උදේ ඉදන් පළි ගත්තා මදිද තවත් මෙහෙම කරන්නෙ?

“තමුසෙ දන්නවා!”

“කියන්නෙ නැතුව මන් දන්නෙ කොහොමද? කටක් තියෙන්නෙ. කට පාවිච්චි කරනවා.” ඒපාර මන් මගේ ඇහි බැම දෙකත් ලන් කරලා තත්පර ගාණක් එයාගෙ ඇස් දෙක දිහා කන්න වගේ බලන් හිටියා.

කමක් නෑ..මටත් දවසක එයිනෙ. එදාට ටෝව මරාගෙන කනවා.

“මගේ බ්‍රේස්ලට් එක ඕනෙ.”

අන්න අන්න..අච්චර ලස්සනට ඇහුවමත් හ්ම් සද්දයක් නෑ! ඔන්න ඕවට තමා මට ප්රේත ආත්ම වැහෙන්න ගන්නෙ! ඒබාර මේ යකා මන් දිහා තත්පර දෙක තුනක් බලන් ඉදලා ඔලුව වැනුවේ මට තවත් පිස්සු හදවද්දි..තුන වසරේ නන්ගි මගේ ස්පයිඩමෑන්ව කඩන්න කලින් ඉවසුවට පස්සෙ අද මේ මන් ඉවසුවාමද කොහෙද.

“ෆෝන් කවර් එක අස්සට දැම්මා.” ඕක කියන්නද යකෝ මෙච්චර වෙලාවක් ගත්තෙ? මට අර නිශල්කයාලෙ ගෙදර ඇවිදගෙන ගිහින් ආයෙම එන්නත්- ආහ් බෑ එච්චර බෑ. කොහොම හරි යන්න තිබ්බ වෙලාවනෙ. මන් ඒගමන මගේ නහයත් පුම්බලා ඩෑශ් බෝඩ් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා. සිරාවටම කලින් කිව්වානම් කට ගෙවෙනවද කියාන්කො? පුදුම රැස්නෙ යකෝ මේවා.

ෆෝන් එකට තද වෙලා තිබ්බ කවර් එක මන් හෙන ගේමක් දීලා ඇරියාට පස්සෙ ඒක එකපාරටම ගැලවිලා ගියේ ෆෝන් එක අස්සෙ තිබිලා අර නූලයි තව මොකද්ද මන්දා කොළේකුයි මගේ ඔඩොක්කුවට වැටෙද්දි..ඒ එක්කම මාව රත් වෙලා ගියේ ඒ මොකද්ද කියලා ටක්ගාලා මට මීටර් වෙච්ච නිසා. ඒ අස්සෙ ආර්යන් අයියා මන් දිහා මේ වෙද්දි සෑහෙන්න ලුක් එකකින් බලන් ඉන්නවා කියලා මට හොඳටම දැනිච්ච නිසා මන් ටක්ගාලා ඒක අරගෙන ආයෙම කවර් එක අස්සට දාලා වහන්න හදද්දී එකපාරටම ෆෝන් එක මගේ අතින් ඇදිලා ගියේ මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර. මේ මොන ලැජ්ජාවක්ද?!

“කවදා ඉදන්ද හොරකම් කරන්න පුරුදු වුණේ?” මගේ කවර් එක අස්සෙන් ආර්යන් අයියා එයාගෙම ෆොටෝ එක උස්සලා පෙන්නුවම මම ලැජ්ජාවට අහක බලා ගත්තා. එදා ඉතින් ඒක හොරකමක්..දැන් එහෙම කියන්න බෑනෙ මුඟුල!

A/N

හනේ අද එක කොටයි නේද? සොරි හොදේ 😭❤️ මට මේ දවස් දෙක තුනේම කෙලින් හිටගන්න බැරු උන්නෙ. වමනෙත් ගියා දෙපාරක්! (මන් පට්ට බයයි වමනේ දාන්න). ඒ නිසා වැරදි දැක්කොත් ඒම දැක්කෙ නෑ වගේ යන්න. ම්හුක්ක්!

ඒකයි හරිද…නැත්තන් මන් එහෙම පරක්කු වෙන්නෑ! අනික මට මේක දවසින් ලියලා චැප දෙන්න තිබ්බා ලමයි..ඒත් මන් ඒ වැඩේට ආසා නෑ. මොකද එතකොට කතාව හෙනට රශ්ඩ් වෙනවා. අද වුණත් ඔයාලා පව් නිසා මන් මෙහෙම හරි ලියලා දුන්නෙ..ඒත් මට ඕන ටික ලියා ගන්න බැරි වුණා අප්පා 😭 කමක් නෑ ඊලඟ එක දිගටම ලියලා දෙන්නම් මේකෙත් අඩු වෙච්ච ගාණ අල්ලලා හරිද?

තැන්ක්‍යූ ලමයිනේ තැන්ක්‍යූ සෝ මච් හරිද මට මේ දෙන ආදරේටයි සප් එකටයි 😭❤️ forever grateful! Adareyyy මන්!

(ඔන්න පැංචෝ ඔයා අහපු පික් එක..මම ඒ තැන දන්නවා වුණාට එතන හරියටම අරන් තිබ්බ පික් එකක් හොයාගන්න බැරි වුණා 🙁 මේකත් ටික්ටොක් එකෙන් හම්බුනේ.. @kush_pasindu_gimha )

ඒනම් ආයෙම පස්සෙ හම්බෙමු..මන් ගියා!
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 45 light novel, ,

Comment

Leave a Reply

Chapter 45