À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46

A+ A-

“රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි”

නිශල්කයා දාලා තිබ්බ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ටෝරි එකට මන් ලයික් කරා. අද කොහොමත් කට්ටියගෙම ස්ටෝරීස් මේවාගෙන් පිරිලා තියෙයි. දැනටමත් බාගෙට බාගයක් කට්ටිය ඉන්ස්ටර්ග්‍රෑම් එකේ හෝ ගාලා ඇක්ටිව්.

අද ඉස්කෝලේ අවුරුදු උත්සවේ..අවුරුද්දට නිවාඩු දෙන්න දවසක් තියලා මේක දැම්මාම මන් හිතුවේ කට්ටිය වැඩිය එනේකක් නෑ කියලා. ඒත් ටර්ම් ටෙස්ට් ඉවර වෙච්ච සතුට නිසාද කොහෙදෝ හැමෝම වගේ ඇවිත් ඉන්නවා කියලා තනුජයා දාලා තිබ්බ ස්ටෝරි වලින් මන් දැක්කා. ඒ තරම් සෙනඟක් අවුරුදු උත්සවේ පටන් ගන්න වෙලේ තනුජයා සෙක්ශන් එකේ බැල්කනි එක ගාවා ඉදන් අරන් තිබ්බ වීඩියෝ එකෙන් මන් දැක්කා. පංති එහෙම පිරිලා තිබ්බෙ. හැබැයි දැන්නම් මට මූව ඉන්සර්ග්‍රෑම් එකෙනුත් මියුට් කරන්න හිතෙනවා. ඇයි යකෝ මේ ටිකට කීයක්නම් දාලාද?

“ලොකූ වෙලාව කීයද?”

“අටයි කාලයි” මම ෆොන් එකෙන් වෙලාව බලලා මගේ එහා පැත්තෙ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න තාත්තා දිහා බලලා උඩ ඉදන් යටට බැලුවා.

“හරි හරි බන් ඉතින් චුට්ටක් පරක්කු වුණා තමයි. ඔහොම ඉදහන් මන් ඉස්සරහා කඩේකින් කෑම එකක් අරන් උබව ටක්ගාලා ඉස්කෝලෙට දාන්නම්.” මම ඇස් දෙක රෝල් කරලා ආයෙම ඉස්සරහා බලා ගත්තා.

“මට නම් එපා. ඔයාම කන්න.”

“මන් ඔප්ශන් එකක් දුන්නෙ නෑ ලොකු පුතා හරිද? තමුන් බ්‍රෙක්ෆස්ට් අරන් මිසක් අඩියක් තියන්නෑ ඉස්කෝලේ.”

“ඉතින් ඒක තමයි මන් වෙලාසනින් තාත්තාව ඇහැරෙව්වෙ. ඒත් තාත්තා මොකද කිව්වෙ? ‘හරි හරි බන් තව ටිකයි.’ සීරියස්ලි තාත්තා ඔයා මීටින්ස් තියෙන දවස්වලට උදේ පාන්දර නැගිටින්නෙත් ඔහොමද?”

“ඇයි මගේ දුව ඉන්නෙ…ඒ කෙල්ල නැගිට්ට ගමන් මට කෝපි එකකුත් හදලා දීලා මීටින් එකට යන්න මට ඇඳුම් ටිකත් ලෑස්ති කරලා දීලා තියලා තමයි ඉස්කෝලෙ යන්නෙ. තමුසෙ මොකද්ද කරන්නෙ? කකා බිබී රවුම් දානවා. පාටීස් වලට යනවා. ඊටපස්සෙ සල්ලි නෑ කියලා මට ‘සල්ලි’ කියලා මැසේජ් එකක් එවනවා. ඔහොම ඉදපන්කො මන් ගෙදර එනකන් තමුසෙගෙ කෙරුවාව බලාගන්න.” මම ෆෝන් එක ඔඩොක්කුවට අතෑරලා කන් දෙක වහගත්තා.

“මොකද මොකද තෝ කන් දෙක වහගත්තෙ?? ඔව් ඉතින් අපි කියෙව්වම තමයි අහන් ඉන්න බැරි! කරනවා වැඩියි තොට මන්- නෑ ඉදපන්කො මන් එනකල් ඔහේ!”

“කරන්නෙපා ඉතින්. තාත්තානෙ පැන පැන කරන්නෙ- ආව් ආව්! හරි හරි යකෝ කන්නම් කන්නම් රෙද්ද! ඉක්මණට එළවනවකො ඉතින්..එල් බෝඩ් ගහගත්ත එකෙක් වගේ හතලිහට යන්නෙ.” තාත්තාට මන් ස්පීඩ් එක පෙන්න පෙන්න බැන්නෙ එයා දැන් ටිකකට කලින් අනිත් පැත්තට අබරවපු මගේ ඇගිල්ලත් අතගාගන්න ගමන්..ෆෙරාරි එකක් තියෙන එකෙක් එළවන හැටිද මේ? පොරට නම් නැව ගිලුණත් ගාණක් නෑ. නැව නෙවෙයි ලෝකෙ අනිත් පැත්තට පෙරළුණත් මහේන් තරන්නෙ මහේන්ට ඕන එක.

“ච්හ්! තාත්තා මන් ටුක් එකක යන්නද? කීයටද කියන්නකො අපි ඕඩර් එක දැම්මෙ? පැය බාගයක් ගිහිනුත් තාම කෑම එක නෑ.” මම ඒපාර මගේ ඉස්සරහා ෆෝන් එක දිහා බලන් ඉන්න තාත්තා දිහා බැලුවෙ එයා දැන් මන් කියපු එක සත පහකටවත් ගනන් ගත්තෙ නෑ කියලා නෝට් කරගෙන. මොන මඟුලක්ද! පරක්කු වෙලා තව කන්නත් එක්ක ආවා. ආයෙ නම් එන්නෑ ඔය මඟුල් වලට මන්! නංගි ආස නිසා ආවෙත්..ඒත් ආයෙ නම් නෑ. ඒ ආවත් ආයෙ නම් තාත්තා එක්ක එන්න ගමන් තියාගන්නෑ. ඇයි යකෝ පරක්කු වෙනවයි කියලා ඔහොමත්? මම මගේ අතේ බැදන් උන්නු වොච් එකෙන් වෙලාව බැලුවා.

නවයයි විස්සයි..දැන් ඉස්කෝලෙට යද්දි අනිවා දහය පනිනවා. ඉතින් ගිහින් වැඩක් තියෙයිද කියහන්කො? මේකයි. ඊයේ නන්ගිලාගෙ ඉස්කෝලෙ ක්ලාස් පාටි එක. එයාලට දැන් ඕලෙවල්ස් වලට ස්ටඩි ලීව් දීලා තියෙන්නෙ. ඊටපස්සෙ කෙලින්ම මැයි වල එක්සෑම්. අනේ මන්දා ඔය කොළඹ පහේ ඉස්කෝලෙත් මහා අමුතුම සීන් එකක් තිබ්බෙ. මෙහෙ මුලු ලංකාවෙම ඉස්කෝල එක දෙයක් කරද්දි උන්ගෙ ඉස්කෝලෙ කරේ වෙනම දෙයක්. ඉතින් අර අන්තාමට තියන ලොකු පේරන්ට්ස් මීටින් එකත් තිබ්බෙ ඊයෙමයි. කවුද කියහන්කො ක්ලාස් පාටි අස්සෙ ඕවා තියන්නෙ? කොහොමහරි මම නම් ඔය මඟුල් වලට යන්න ගියේ නෑ. මම නම් කොළඹ ආවේ නන්ගිව සප්‍රයිස් කරන්න හිතාගෙන. හරි නම් මන් දැන් කොළඹ ඇවිත් දවස් දෙකක් වෙනවා. ඒකත් තාත්තාට නොකියා.

එදා මන් කොළඹට යද්දි හරියටම වෙලාව උදේ දහයට විතර ඇති. අනික එදා සෙනසුරාදාවක් නිසා නන්ගිට ඉස්කෝලෙත් නෑ. තාත්තාත් වීකෙන්ඩ්ස් වල කම්පැනි එකට යන්නෙ එකොළහට විතර වගේ. ඉතින් උදෙන්ම මන් ඇවිත් දොරට තට්ටු කරාම අපරාදේ කියන්න බෑ දෙන්නාම අම්මටසිරි වෙන්න සප්‍රයිස් වුණා. ඔය අස්සේ තාත්තාත් මන් ආපු නිසාමද කොහෙදෝ දවස් දෙකක් ඔෆිස් යන්නැතුව ගෙදරට වෙලා මාත් එක්ක කියව කියව හෙන වෙලාවක් ආතල් එකේ ඉද්දි මට තේරුණා මන් ආපු නිසා තාත්තා ඉන්නෙ පට්ට හැපි එකේ කියලා. නගා වුණත් එහෙමයි. මට කියලා හිටපු දවස් දෙකේම කොණ්ඩෙ මසාජ් කරවගෙන ගොතා ගත්තා. කේක් හදව ගත්තා. ආහ් ඇයි තව අර මාළු ඉන්න පොන්ඩ් එකත් සුද්ද කරවගත්තා. ඊටපස්සෙ තමයි මේ වැඩකාරයා ගැන අනුකම්පා හිතිලා මාව දෙන්නාම පෝට් සිටි ගියේ.. මුන්ට මන් ගැන ගාණක් නෑ ඒයි. අර තාත්තණ්ඩි ඉන්නවා නේද? ඕකා මට කියලා අර ෆෙරාරියයි බෙන්ස් එකයිත් හෝදව ගත්තා. මමත් ඉතින් හොඳ එකානෙ. ඒක නිසා කියන තියන වැඩ තොගේ මන් කරලා දුන්නා.

ඊටපස්සෙ රෑ ඔන්න අපි ඕ ජී එෆ් එකේ අලුතින් රිලීස් කරපු ඩෙඩ් පූල්ගෙ ෆිල්ම් එකත් බලලා අර අලුතින් ඕපන් කරපු සිනමන් ලයිෆ් හොටෙල් එකට ගිහින් කෑම කෑවා. හැබැයි ඉතින් නිදහසේ කන්න ආපු එකත් අර තාත්තාගෙ බිසනස් පාට්නර්ස්ලා වගයක් ඒකෙදි තාත්තාව දැකලා නොකියා ආවා කියලා හෙන විකාරයක් නටන්න ගත්තාම තාත්තා හරි නැති නිසා පොඩ්ඩක් කතා කරලා එන්නම් කියලා පැයකට විතර අතුරුදහන් වුණේ ඒකෙනුත් අපි දෙන්නා වාසිය ගනිද්දි..කවුද මල්ලි අතට ආපු චාන්ස් එක නැති කරගන්න ආසා? මායි නගායි ඉතින් අපි දෙන්නට තාත්තා නිසා හම්බුනු වී අයි පී ප්‍රිවිලේජස් උපරිමෙන් භුක්ති විඳින්දා හුම්.

එතනින් ඉවර වුණාද? හහ් ආසා ඇති! ඊයේ හවසත් එහෙමයි.. නන්ගි තාත්තාගෙ කාඩ් එකත් කොල්ල කාගෙන මාවත් එක්කන් ශොපින් ගියා. මෙහෙමයි ඉතින්..නන්ගි මාව එක්කන් ආවා තමයි. මන් හිතුවෙත් පොර මට මොනා හරි අරන් දෙන්න මේ එක්ක ආවා කියලා. බලාගෙන යද්දි මේකි මේ මාව එක්ක ඇවිත් තියෙන්නෙ එයාගෙ සපෝට් එකට. සැක්! ගෑණු නම් මහා මොක්කුද මන්දා. අර මිමෝසා ද සමෝසාද මඟුලක් අස්සෙ රින්ගගෙන පැය දෙකක් විතර කාලේ කෑවා. ඇයි යකෝ! තෝරපු ඇඳුම් දහයත් දොළහත් අරන් ෆිටෝන් කරලා එළියට ආවම අතේ තිබ්බ එක රෙද්දක් එළියට එද්දි තිබ්බෙ නැති වුණාම.. පොඩ්ඩක් හිතපන්කො? ඒවෙලාවට තමයි මට හිතෙන්නෙ කොල්ලෙක් දාගත්ත එක හොඳයි කියලා.

ඔන්න ඔහොම අති සාර්ථක ලෙස මගේ මුලු දවසම කාලා අන්තිමට අපි තුන්දෙනා එහෙ ගෙදර තිබ්බ පොඩි මූවි තියටර් එකේ රෑ එළි වෙනකන් මූවි මැරතන් එකක් කරගෙන ගියා. අපි තුන්දෙනා ඇවිත් ඉතින් හින්දි ෆිල්ම් අමුම අමු පිස්සො ටිකක්. ඉතින් අද එළි වෙනකන් අපි කරේ ඉස්සර තිබ්බ සුපිරිම හිට්ස් ටිකක් බලපු එක.. එකෙන් කොහොම හරි මන් දන්නවා නන්ගි අම්බානෙකට සතුටු වුණා කියලා. තාත්තා වුණත්..ඒකනෙ ඔය කවදාවත් නැතුව අච්චර පරක්කු වෙලා නිදාගෙන මහා රෑ මාව ගෙදර එක්ක ඇවිත් ඔය පාන්දර හද්ද ගේමක් දීලා නැගිටලා මාව ඉස්කෝලෙ එක්ක යන්න ආවෙත්. ඒකත් ඔය කාලෙකින් නිදා ගත්තාමද කොහෙද..ඊයේ දවාලෙත් නිදා ගත්තා. තාත්තා ඔය අම්මා නැති වුණායින් පස්සෙ කම්පැනි එකට නොයා ගෙදරට වෙලා ඔහොම ආතල් එකේ හිටියාමද කොහෙද. අනේ මන්දා මෙහ් පිස්සු කොල්ලාත්- කමක් නෑ..මගේනෙ.

“තාත්තේ ඉක්මණට දාන්න..! තව තත්පර දෙකයි- හයියෝ!!” මම ඔලුව හයියෙන් සීට් එකට තියලා තද කරගත්තා.

“මොකද මොකද හදිස්සිය? අද අවුරුදු උත්සවේනෙ. ඔය පරක්කු වෙන ඒවා බලන්නෙ නෑ ලොකූ.”

“හදිස්සියි කියන්නෙ තාත්තේ තාව පරක්කු වෙලා ගියොත් වැඩක් තියෙනවද?”

“ඔව් ඉතින් පොඩි කාලේ ඉදන් හදිස්සියනෙ. උදේ පාන්දර පහට හයට ඉස්කෝලෙ යන පිස්සුවක් තිබ්බනෙ කොහොමත්. උබලැයේ හෙඩ් බෝයිටවත් නැතුව ඇති එච්චර අමාරුවක් ඔය වෙලාවට යන්න.” හෙහේ..පොර පහයි හතලිස් පහට ඉස්කෝලෙට එන්නෙ. ඔව් ඉතින් තාත්තලා කවද්ද වෙලාවකට ඉස්කෝලෙ ගියේ?

“තාත්තා මන් දැන් මේ කියන්න යන දෙයින් ඔන්න සප්‍රායිස් වෙන්නයි යන්නෙ!”

“අම්මට සිරි සිරාවටම? පොර එච්චර උදෙන් එනවද? උබලැයේ ඉස්කෝලෙ එවුන් හෙන වෙනස් තමයි කොහොමත්. ඇයි වලිකාරයොද?” තාත්තා හිනා වෙවී මන් දිහා බැලුවාම ඉස්සරහ තාම අනූ නවයේ ස්ටක් වෙලා තිබ්බ කලර් ලයිට් එක දිහා බලන් හිටපු මම හෙනම ඩන් ලුක් එකකින් තාත්තා දිහා බැලුවා. පරක්කු වෙලා මදිවට තව කොළ ලයිට් එකත් මිස්ඩ් කරගත්තා.

“හ්ම්..”

“කොහේ කෙනෙක්ද මේ පාර හෙඩ්?”

“ආ?”

“සිංහල බැයිද? කොහේ කොල්ලෙක්ද හෙඩ් බෝයි වුණේ?”

“ආහ්..මෙහෙම එක්කෙනෙක්”

“අම්මටසිරි එහෙමද? කොහොමද ඩයල් එක?”

“වරදක් නෑ. හොඳයි.”

“හොඳයි? ඇයි මේ පාර එකාට වලි නැද්ද කට්ටිය?” මම ඒපාර තාත්තා දිහා දැනෙන නොදැනෙන ගාණට බලලා ලාවට ඔලුව වැනුවේ දැන් අසූවට තියෙන කලර් ලයිට් එක දිහා බලන ගමන්.

“එහෙම ලොකුවට නෑ. පොර හොඳයි.”

“පුදුමයි උබ ප්‍රිෆෙක්ට් කෙනෙක්ට හොඳයි කිව්වා.” මම ආයෙම තාත්තා දිහා බැලුවා.

“තාත්තා ආර්යන් අයියාව එදා මැච් එක දවසේ දැක්කෙ නැද්ද?”

“කවුද ආර්යන්? ආහ් හාඩ් බෝයිද? නෑනෙ බන්..එදා ඉතින් සිහිය තිබ්බෙ කොහෙද?” මම ආයෙම හෙමින් සැරේ ඔලුව වැනුවා.

“ඔතනින් නවත්තන්න තාත්තේ- ඒ තව යන්නෙපා!! හයියෝ- මොකද මොකද අප්පා! කනෙන්ම අදිනවා!” මම තාත්තාට ඉස්කෝලෙ මේන් ගේට් එක ඉස්සරහින්ම ගිහින් නවත්තන්නෙපා කියලා කෑ ගහද්දිත් තාත්තා කරේ කාර් එක හරියටම ගේට් එක ඉස්සරහින්ම ගිහින් නවත්තපු එක. අරහ්හ් හරිනේ! අන්න ටොප් බෝඩ් එකත් එතන! අරුන් හතර දෙනාත් මේ වෙලාවෙම ගේට් එක ඉස්සරහට එන්න වුණානේ! මැදැයි ඉතින් සප්‍රයිස් කරන්න හිටියා.

“මොකද මේ තමුසෙ අද උදේ ඉදන් දොළදුක වගේ නහයෙන් අඬන්නෙ?? යකෝ ෆෙරාරියක් තියාගෙන ඉස්කෝලෙ ඉස්සරහින් බැස්සාම තමුසෙට ලැජ්ජාද? මාර යකෙක්නෙ අයිසේ තෝ!” මම තාත්තා කියවන එක අස්සෙ ශේප් එකේ ඉස්කෝලෙ ගේට් එක දිහා බැලුවා- අර්හ්හ් අන්න ශවිරුවා ෆෙරාරි එක අදුනගෙනද කොහෙදෝ දුවගෙන දුවගෙන එනවා. දැන් ඉතින් හරිනෙ? තාත්තාට නම් මොකද!

“අර බලන්න ඉතින් ශවිරු අයියා එනවා!”

“කෝ?”

අනේ මේ තාත්තෙ! තමුසෙත් අමු ටියුබ් ලයිට් එකනෙ. මම ඇස් වලින් ගේට් එක පැත්ත පෙන්නුවාම තාත්තාත් ඒ පැත්තට හැරුණේ මම ශේප් එකේ ෆෝන් එක ශෝට් එකේ සාක්කුව අස්සට ඔබන ගමන් මගේ වොලට් එකත් ඒගමන්ම අතට ගනිද්දි.

“අම්මටසිරි ශවිරුවා..දැක්කෙත් නෑ පොරව හෙන කාලෙකින්.” තාත්තා එහෙම කියලා වින්ඩෝ එක පහළට කරාම නළලත් අකුළගෙන කාර් එක ගාවට එන ශවිරු අයියාගෙ නළල ආයෙම දිගෑරෙනවා මන් බලාගෙන. පොර සැකෙන්ද කොහෙද ඒ ආවේ..මොකද මමත් කොළඹ නෙමෙයි කියලා මුන් සේරොමන්ලාත් දන්නවනෙ. ඉතින් බලන්නැති තාත්තා මොකද මෙහෙ කරන්නෙ කියලා. ඒ එක්කම මගේ ඇස් ගියේ කන්ද උඩ වගේ තිබ්බ අපේ මේන් ගේට් එක ගාවා ඉදන් මේ පැත්ත දිහා සද්ද නැතුව බලන් ඉන්න අනිත් තුන් දෙනා ගාවට. සාහිල් අයියයා සඳැස් අයියයි දෙන්නම ‘මොකද්ද සීන්?’ එකේ වගේ බලන් උන්නේ‍. එතකොට අනිත් කෙනා තමයි අර අටපට්ටම. රෝයල් බ්ලූ පාටින් ගියපු සරමට ඒ පාටින්ම ගියපු ශර්ට් එකයි ඇදලා හිටපු එයා මුලදි මේ පැත්ත දිහා බලන් හිටියත් දැන් එයා හිටියේ අතේ තිබ්බ ෆෝන් එක දිහා බලාගෙන. අදත් අර අසංකයාද දන්නෑ. නැත්තන් අර ගෞරව් අයියාගෙ කෑල්ලව්ත්ද දන්නෑ. ටික වෙලාවක් මන් ඔන්න ඔහොම ආර්යන් අයියා දිහා බලන් ඉදලා ආයෙම පල්ලම බැහැගෙන මේ පැත්තට එන ශවිරු අයියා දිහා බැලුවා.

“කොල්ලා! කොහොමද බන් ඉතින්?”

“අන්කල්? අන්කල් මොකද මේ පැත්තෙ- අම්මටහුඩු ශාක්‍ය! උබ කවද්ද බන් ගෙදර ආවේ? කිව්වෙත් නෑනෙ?” ශවිරු අයියා තාත්තා දිහා බලන් කතා කරද්දි එකපාරටම පැසෙන්ජර් සීට් එකේ උන්නු මාව දැකලා ටක්ගාලා ගේට් එක පැත්ත දිහා බලලා ආයෙම වේගෙන් මන් දිහා බැලුවම මන් දැනෙන නොදැන ගාණට කට කොණින් හිනා වෙලා උරහිස් දෙක ඉස්සුවා.

“අරුන් එන්න කියලා ඊයේ දවසෙම වද දුන්නා.” ඊටපස්සෙ මන් තාත්තාගෙ උරහිසට තට්ටුවක් දාලා ඉවර වෙලා කාර් එකේ දොරත් ඇරන් එළියට බස්සෙ අද උදේ ගෙදරින් එන්න කලින් මන් තාත්තාගෙන් ඉල්ලත්ත සරමත් ඒ එක්කම අතට ගන්න ගමන්. මොකද මන් අද එද්දි බෑග් එකක් අරන් ආවෙ නෑ.

“ඕක ඉතින් පොඩි කරන්න එපා බූරුවෝ! ඊටපස්සෙ අදින්නෙ කොහොමද කියපන්කො?”

“මොළේ නෑනෙ අන්කල් මූට කොහොමත්.”

“තාත්තා කීයටද යන්නෙ?” මන් ශවිරු අයියාට මැද ඇගිල්ල පෙන්නලා ආයෙම තාත්තා දිහා බැලුවා.

“හවස යන්නෝන ලොකූ. මන් ඉස්කෝලේ ඇරුණාම පික් කරන්න එන්නම් හාද?” මන් ඔලුව වනලා ශවිරු අයියා ඉන්න පැත්තට ආවේ ආයෙම ගේට් එක දිහා වේගෙන් බලන ගමන්. ආහ් දැන් නම් ඔය බලන් ඉන්නෙ මා දිහා. දැන්ද දන්නෑ මාව දැක්කෙ.
“එපා අන්කල්..ඔයා දැන් වයසයිනෙ. මන් ශාක්‍යව ගෙදරින් දාන්නම්.” තාත්තාගෙන් කුණු බැනුම් අහන්න කලින් මම ශවිරුවත් ඇදගෙන ටිකක් එහාට වුණාම තාත්තා කරේ ශවිරු අයියාට මැද ඇගිල්ල දික් කරපු එක.

“ගහනවා තොට පෙත්සමක් මන්. ඉදපන්කො!”

“තාත්තා ඇමතිනෙ අන්කල්..අවුලක් නෑ ශේපක් ගතහැකි!” මට තාත්තාගෙ මූණ දැකලා හිනා යන්න ආවත් මන් තොල් දාක තද කරන් වුන්නේ පොර දැන් කාර් එකෙන් බැහැලා ආවොත් කියලා. එහෙම එකා ඔය.

කොහෙමහරි ශවිරු අයියා එක්ක කියවලා කියවලා හෙන වෙලාවකට පස්සෙ තාත්තා යනවා කියලා ඉවර වෙලා පාර ඉරාගෙන යනවා වගේ වේගෙන් ගියේ මන් ඒ දිහා තරහින් බලන් ඉද්දි. අච්චර මන් හයියෙන් යමු කිව්ව වේලෙ මූ නෙමෙයි ගෑස් එක උඩින් ආසාවට කකුළක් තිබ්බෙ!

“අඩෝ උබ එනවා කියලවත් කිව්වෙ නෑනෙ බන්?” ශවිරු අයියා මාව තවත් තරහා ගස්සන්න මගේ කොණ්ඩෙ ඇවිස්සුවාම මන් ඌව පැත්තකට තල්ලු කරලා දාලා අපේ ගේට් එක පැත්තට ඇවිදගෙන ගියේ දැනටමත් මන් දිහා බලන් ඉන්න කට්ටිය දිහා මම ඔලුව උස්සලා බලද්දි..

අම්මට යකෝ මුන්! හින්දි නළුවෝ වගේනෙ යකෝ! තවඩිංගෙන් සඳැස් අයියාව අදුනගන්නත් බැරි වුණා. ඇයි ඉතින් පොර ආයෙම බස් කට් එකක් ගහලානෙ. කොහොමත් සඳැස් අයියාගෙ තිබ්බෙ ආර්යන් අයියාට වගේම හෙනම නපුරු ලුක් එකක්. හැබැයි ඒත් ඉතින් ආර්යන් අයියාට තරම් නපුරු ලුක් එකක් සඳැස් අයියාට නෑ. ඒ එක්කම මම සාහිල් අයියා දිහා බැලුවා. අම්මට සිරි මේ හැමෝගෙම සරොම් වල තිබ්බෙ එකම විදිහේ ඩිසයින්ස්. සඳැස් අයියා තැඹිලි සාහිල් අයියා රතු ශවාරු අයියා කොළ- ආහ් එතකොට මෙයා..මේ ඉන්නෙ එයැයිත් මහා ඇතා වගේ හැන්ඩියට. අර ඇදන් ඉන්න ශර්ට් එක නිකන් ස්ලිම් ෆිට් වගේ..පොරගේ අතේ මසල්ස් නිසා රෙද්ද පේන්නෙ හරියට නිකන් ඉරෙන්න ඔන්න මෙන්න වගේ. ඒ තරම් හිරට ඒ අත් පේන්නෙ..රෝයල් බ්ලූ ශර්ට් එකේ එක පැත්තක විතරක් ඉරෙන් බාගෙක හෙන ලොකුවට ගෝල්ඩ් කලර් එකෙන් ගිහින් ඒ ඇඳුමට අමුතුම ලස්සනක් දුන්නා. අනික පොර සුදුත් එක්කනෙ. අර අවුරුද්ද මුලදි තිබ්බ සුද දැන් නැති වුණාට පොර මට වඩා සුදුයි. ඒක නිසා අර රෝයල් බ්ලූ පාට පට්ටම ලස්සනට ආර්යන් අයියාගෙ මූණත් එක්ක කැපිලා පෙණුනා. අඩේ යකෝ දැන්නෙ මේවා දකින්නෙ!

මම කන්ද නැගගෙන උඩට ඇදෙද්දි ඈතට පෙණුනෙ නැති හැම ඩීටේල් එකක්ම මට දැන් පේන්න ගත්ත පාර මමත් ඒ ඔක්කොම දිහා ස්කෑන් පාරක් දාලා ඉවර වෙලා අන්තිමටම ආර්යන් අයියා දිහා බැලුවා. කොහොමත් හොඳම හරිය අන්තිමට කියනවනෙ.. හිතුවා වගේම ආඩම්බරකාරයා මන් දිහා බලාගෙන ඉන්නවා දැකලා මන් එයාට දැනෙන නොදැනෙන ගාණට හෙනාවක් පෙන්නුවේ ආර්යන් අයියාගෙ ඇස් වේගෙන් මගේ හිනාව දිගේ ගිහින් ආයෙම මගේ ඇස් ගාවට එද්දි..

“අඩේ මල්ලි උබ කවද්ද බන් මෙහේ ආවේ? ආර්යන් කිව්වෙ හෙට එනවා කියලනෙ?” ෆෝන් එකත් අතේ තියන් මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා සාහිල් අයියා කියපු දේ අහලා ආයෙම ෆෝන් එක දිහා බැලුවා. අන්න අන්න ඉතින් මූඩ් ගැහුවා! ආර්යන් අයියා ඩොන්ට් කෙයාර් වගේ ෆෝන් එක දිහා බලන් හිටියාත් ෆෝන් එක දිහා බලන් උන්නු එයාගෙ කටේ තිබ්බ දැනෙන නොදැනෙන හිනාවෙන් කියන්න පුලුවන් එයා සතුටින් කියලා. ගෑස් පෙන්නුවාට මොකෝ ඉතින් මේ යකා හුරතල්නෙ.

“එන්න හිතුණා ඉතින් ආවා..” මන් තාමත් හිටියේ ආර්යන් අයියා දිහා බලන්..අනේ කියුට් මේ යකාත් හිටපු ගමන්! පැනලා ගිහින් කම්මුල් දෙක දෙපැත්තට අදින්න හිතයි.

“මොකද මෙතන්ට වෙලා කරන්නෙ කට්ටියම?” ඇතුළේ ඉන්නෝන කට්ටිය එළිය ඉන්නවා කියලා නෝට් වෙච්ච පාර මන් ආයෙම සාහිල් අයියලා දිහා බැලුවා.

“කෑම එක එනකන් බන්. උන් දැන් මේ පැය බාගයක් තිස්සෙ එනවා ගාණවා ඒත් තාම නෑ.” මන් ඔලුව වැනුවා.

“මන් ඇතුළට යන්නම්..සරම ඇදගන්නෝන.” ෆෝන් එක ඔබ ඔබා හිටපු ආර්යන් අයියා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා මන් අනිත් අයටත් යනවා කියලා ඉස්කෝළේ ඇතුළට එන්න ආවා.

“ඕ කියපන්..” නිශල්කයා එක්ක ශේප් එකේ කෝල් එකේ ඉන්න ගමන් මම ලොකර් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ගියා.

“කනාමුට්ටි? කවුද තනුජයාද?” මම වොලට් එක බෙන්ච් එකක් උඩට අතෑරලා අතේ තිබ්බ සරම දිගෑරියා..

“හ්ම්..ඉදපන් ඉදපන් සරම ඇදගෙන එන්නම්. මට විනාඩි පහක් දීපන්.” මම කෝල් එක කට් කරලා ඉවර වෙලා ෆෝන් එක මගේ වොලට් එක උඩින් තිබ්බෙ සරම ඇතුළට බහින ගමන්.

මම අදින්නෙ රතු පාට සරමක්. එතකොට මගේ ශර්ට් එක සුදුයි. අපිට ඉතින් ඔය ප්‍රිෆෙක්ට්ස්ලාට වගේ ස්ටික්ට් ඩ්‍රෙස් කෝඩ්ස් නෑනෙ..ආයෙම ගෙදර යද්දි ගලෝලා ශෝට පිටින් යන්න තියෙන්නෙ. මම සරම ලස්සනට හිටින්න හදන ගමන් ශෝට් අස්සට අබරවලා ගැහුවා. මේක ඉතින් මහේන් අයියණ්ඩිගෙනෙ..හරිම නීට් එකට සරම මැදලා තිබ්බ නිසා මට ඇදගන්න ලේසි වුණා. ඔය අස්සෙ එකපාරටම ලොකර් රූම් එකේ දොර ඇරුණාම මම සරමේ දිග හරිද කියලා බලන ගමන් මගේ පිටිපස්ස හැරුණේ ඒගමන්ම දොර දිහාත් හෙමින් සැරේ ඔලුව උස්සලා බලද්දි..ආ මෙන්න ඇවිත්? මොකද දන්නෑ හදිස්සියේම මාව බලන්න ආවෙ? ඇයි ඉතින් අතන හිටියේ ඩෝන්ට් කෙයාර් මූඩ් එකක් දාගෙනනෙ.

“ගුඩ් මෝනින්.” මම සරම දිගේ අත දෙතුන් පාරක් ගිනිහින් ඒකෙ පොඩි වෙලා තිබ්බ දැන් බැලුවා.

“කීයටද ආවේ?” මෙන්න වැඩක්! හෙඩ් ප්‍රිෆෙක්ට් නේද? ඔහොමද මල්ලි කෙනෙක් ඉස්සරහා හෙඩ් බොයි දාන ඇටිටියුඩ් එක? ඇයි යකෝ ගුඩ් මෝනින් කිව්වාම ආපස්සට ඒක කියන්න බැයිද?

“දන්නෑ.” මන් බෙන්ච් එක උඩ තිබ්බ මගේ ෆෝන් එකයි වොලට් එකයි අතට අරගෙන සරමත් හදාගන්න ගමන් ඉස්සරහට යන්න ගත්තෙ මන් දැන් කියපු එකට ඇහි බැම දෙකත් ලන් කරන් මන් දිහා බලන් උන්නු ආර්යන් අයියා දිහාවට ලුක් එකකුත් දාගෙන.

“ගුඩ් මෝනින් ආදිල්- මොකද මේ?” මම ආර්යන් අයියාවත් පහු කරගෙන යන්න හදද්දි එයා මගේ බයිසෙප් එකෙන් අල්ලා ඉවර වෙලා මාව නවත්තගත්තම මම උරහිසෙන් එයා දිහා බැලුවා. කලින් ඕක කිව්වා නම් මෙයාගෙ පට්ටම ගැලවෙනවද? නෑනෙ! මහා පුදුම අටපට්ටමක් තමයි මේකත්.

“ඊයේ රෑ.”

“කිව්වෙ නෑනෙ?” මගේ බයිසෙප් එක අතාරින ගමන් ආර්යන් අයියා එයාගෙ එහා පැත්තෙ තිබුණු බෙන්ච් එකෙන් වාඩි වුණාමමමත් ඒ පැත්තට හැරුණා. ආර්යන් අයියා සරමක් ඇදන් උන්නු නිසා සරමත් හදාගන්න ගමන් කකුළ් දෙකත් පළල් කරලා ඉදගත්තාම මගේ ඇස් දෙක වේගෙන් ගියේ එයා ඉස්සරහට බර වුණාම එකපාරටම තද වෙච්ච එයාගෙ ශර්ට් එකේ අත් වලට..තව වැලිමටවල් දෙකත් දණහිස උඩින් තියාගෙන අත් දෙක තදින් එකතු කරගත්තාම ශර්ට් එකේ අත් දෙක තද වෙන හැටි මෙතන්ට පේනවා.

“නොකියා දේවල් කරාමනෙ අයියෙ සප්‍රයිස් වෙන්නෙ- කෙලින් වෙන්න.” මන් එහෙම කිව්වම ආර්යන් අයියා මන් දිහා එකදිගට බලන් ඉන්න ගත්තෙ මන් කියපු එක තේරුම් ගන්න බැරුව කියලා මට තේරුණා.

“කෙලින් වෙන්න..ඔය අත් දෙක දිහා බලනවා.” මන් එයාගෙ අත ඇස් වලින් පෙන්නුවාම එයාත් විගහට එයාගෙ බයිසෙප් එක දිහා බැලුවේ ඊළඟ තත්පරේම එයා කෙලින් වෙද්දි.. ආර්යන් අයියාගෙ ශර්ට් එක ගාණට තිබ්බා වුණත් එයා අර විදිහට හිටියාම නිකන්ම එයාගෙ අත් ෆ්ලෙක්ස් වෙන්න ගන්නවා.. එතකොට තමයි ශර්ට් එක නිකන්ම තද වෙලා කිහිල්ලේ පිට පැත්තෙන් ඉරෙන්න බලන්නෙ.

“මහන්සි නැද්ද?” මම ඒපාර කට උල් කරලා ඔලුව වැනුවා.

“ඊයේ රෑ කීයට විතරද ආවේ?”

“එකොළහයි ගාණකට.” මම ඒගමන එකපාරටම ආපු ආතල් එකට මගේ ශර්ට් එක දිහා බැලුවා.

“ඒ මෙහ්?” ශර්ට් එක අතින් හදන ගමන් මන් ආයෙම ආර්යන් අයියා දිහා බැලුවම ඒ වෙද්දිත් එයා මන් දිහා බලන් ඉන්නවා දැකලා මම ලාවට එයා එක්කලා හිනා වුණේ එයා ‘ඇයි?’ කියලා අහන්න ඔලුව උස්සද්දි..

“මන් බට්ස් දෙක තුනක් ගැලෙව්වොත් ගති නෙහ්?” මන් එහෙම ඇහුවම බලන් ඉන්දැද්දිම ආර්යන් අයියාගෙ ඇහි බැම එකතු වෙනවා දැකලා හිනා යන්න ආවත් මන් හිතලාම මගේ හිනාව ගිලගත්තා.

“පිස්සුද?”

“ඇයි? එහෙම කරාම ගතිනෙ.”

“කාට පේන්නද?”

“එක්කෙනෙක්ට කියලා නෑ ඉතින්” මන් ඒගමන්ම ශර්ට් එකේ ඉස්සරහා බට්න්ස් තුනක් විතර ගලවලා දාලා ආර්යන් අයියා දියා බැලුවා. Ohh someone is mad maad. ඒගමන මන් එයා දිහා බලාගෙනම තව එකක් ගැලෙව්වෙ එයාගෙ නළල තවත් රැළි ගැහෙනවා බලාගෙන.

“ආ??”

“මට පරක්කු වෙනවා මන් ග්‍රවුන්ඩ් එකට යනෝ බායි!” මන් ටක්ගාලා ලොකර් රූම් එකෙන් එළියට එන්න ආවා.

එයාට තරා ගියාම ලස්සනයි හලෝ! ආර්යන් අයියාගෙ එවෙලෙ මූණ මතක් වෙලා මගේ තොල් දෙක නිකන්ම ඈත් වුණේ දත් ටිකත් පේන්න මතු වෙද්දි..මම ඒපාර හිනා වෙන ගමන් දත් අස්සෙන් ලාවට දැම්මා.

හුටා! මගේ ෆෝන් එකයි වොලට් එකයි දාලා ආවා නේද?

A/N

සාක්‍යගෙ විසේසත්වය තමයි ඌ පස්න නැත්තන් අත වනලා හරි පස්න දාගන්න එක 😔👍🏻

ඒක නෙමෙයි මෙහ් 🙈 ඔයාලා මට බඩ්ඩක් කියනෝද? මෙච්චරකල් කතාව කියවන් ඇවිත් ඔයාලාගෙ හිතට වැදුණුම චරතේ මොකද්ද? ඒ කිව්වෙ නිකන් හරි ඉද්දි මතක් වෙන චරිතේ? එතෝට ඒකට හේතුවත් 👉🏻👈🏻 පුලාන්නම් කියනවද? (මේක අහන්න ඉක්මණ් වැඩියි කියලා මන් දන්නවා..කමක් නෑ. ආයෙම ඉස්සරහට මන් අහන්නම්..එතකොට තව චරිතත් එන්න ඉන්නෝනෙ 😌 ඒත් දැනට කියන් යන්න ඒයිලා)

ඊළඟට එන්නෙ මන් ආසම දවස් ටික හලෝ!! (අවුරුදු උත්සවේ ගැන නෙමෙයි මන් කියන්නෙ..ගොඩක් කතා වල අවුරුදු උත්සව ගැන ලියලා තියෙනෝ නේද? ඒක නිසා මන් වැඩිය ඒගැන ෆෝකස් කරන්නෙ නෑ.)

මන් ආයේ ඉක්මණටම එනවා! පින්කි ප්‍රොමිස් ❤️ Adareyyy
~හිමා

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 46 light novel, ,

Comment

Leave a Reply

Chapter 46