À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47

A+ A-

“හරි දැන් මොකද්ද වුනේ කියපන්කො ඔක්කොටම ඉස්සෙල්ලා! ඇයි උබේ ෆෝන් එකයි වොලට් එකයි ආර්යන් අයියා ගාව තියෙන්නෙ?”

නිශල්කයාව ඇදන් එන්න ගත්ත වෙලේ ඉදන් ඌ අහන කිසිම ප්‍රශ්නයකට මන් ඌට උත්තර දෙන්න ගියේ නැත්තෙ මොකද මගේ ඔලුව දැන් විනාඩි ගාණක් තිස්සෙ වැඩ කරන්නෙ එක තැනක නිසයි. ඒ මගේ ෆෝන් එක..

ඕක අදම ආර්යන් අයියාගෙ අතට යන්න ඕන වුණාද?? මන් අහන්නෙ වෙන දවසක- නෑ නෑ දැන් ඒක වෙලා ඉවරයිනේ! දැන් ඉතින් නහයෙන් අඬලා වැඩක් නෑ. කොහොමත් අර ශවිරුවා මගේ ෆෝන් එක අන්ලොක් කරලා දුන්නොත් මිසක්කා ආර්යන් අයියා මගේ පාස්වර්ඩ් එක ඒ දැනගන්න විදිහකුත් නෑ. හැබැයි නොටිෆිකේශන් එකක් ආවොත්?? ශිට් ශිට්! මොන මඟුලක්ද කියහන්කො?! මටමයි වුණොත් හිකෙන්නම වෙන්නෙ! ඇයි ඉතින් කලින් අර ලොකර් රූම් එකෙත් මන් පොරව අවුස්සන්න කියලා හිතලා බට්න්ස් ටිකත් ගලවලා දාලා හෙන කැරි ලයින් එකකුත් දුන්නනෙ. දැන් ඉතින් අරකත් දැක්කොත්- සිරාවටම මට ගහයිද දන්නෑ..

අපරාදෙ රෙද්ද ඉස්කෝලෙ ආවේ! ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන් ඉන්න තිබ්බ එකත් නැති කරගෙන මූව සප්‍රයිස් කරන්න තකහනියක්ම සරම් කෑල්ලකුත් ඇදගෙන මෙහෙට ආවම බලපන් මට ඒකට හම්බෙන තෑග්ග..! දෙයියොන්ටත් ඉදලා ඉදලා ආතල් ගන්න මතක් වෙන්නෙ මගෙන්ම තමයි. මන් ඔය අස්සෙ මගේ කන ගාවා ඉදන් බෙරිහන් දෙන නිශල්කයාගෙ අත තවත් තද කරලා අල්ලගත්තෙ බැරි වෙලාවත් මට මූව අතෑරුණොත් ආර්යන් අයියාගෙන් කෙසේ වෙතත් මට මුගෙන් කන්න වෙන නිසා.

“ඒ සිරාවටම මොකද්ද වුණේ කියලා කියපන්කො බන්?”

“ච්හ්! කට වහන් වරෙන්කො බන්. මට පොඩි වැඩකට ෆෝන් එක ඕන.” මන් හේශිතයාට බැන්නා. ඇයි යකෝ හදිස්සියේ ඉන්න වෙලාවක ඔහොමත් ප්‍රශ්න අහනවද??

“ඉතින් යකෝ ඇත්තනෙ! දැන් උඹ ඔය යන්නෙ ආර්යන් අයියාගෙ බෙල්ල මිරිකන්නද නැත්තන් බෙල්ලෙන් අල්ලා කට කන්නද කියලා අපි දන්නෙ කොහොමද?! තෝ එහෙම එකානෙ! හැබැයි මේ බන්…” ඒපාර ඉස්සරහින් පේන ඕල්ඩ් හෝල් එක දිහා බලලා මම උරහිසින් බැලුවේ රදිල්කයා දිහා..ඔය යන්නෙ අම්බානෙක ගොන් කතාවක් කියන්න හරි ‘අනේ හලෝ’ කියලා නහයෙන් අඬන්න තමා. කවුරුත් නොකිව්වාට මට නම් මූව තනුජයාගෙ කපාපු පලුවවක්ම තමා.. අනික මේකාත් තනුජයා වගේම ආර්යන් අයියාට බුදු බයයි.

බයයි කිව්වෙ ඒක මේ නිකන් බයකුත් නෙමේ..අම්මටසිරි වෙන ජාතියේ බයක්. මොකද මූත් රග්බි ටීම් එකේනෙ. ඊටත් වඩා ආර්යන් අයියා ගියාවුරුද්දෙ මුන්ගෙ වයිස් කැප්ටනුත් එක්ක. මටත් මතකයි ඉස්සර ආර්යන් අයියලා එහෙම මුන්ව මරන් කාපු විදිහ..දැනටත් කියලා වෙනසක් නෑ ඉතින්. හැබැයි ස්කූල් කැප්ටන් වුණාට පස්සෙ නම් ඔන්න අර ඉස්සර වගේ මරාගෙන කන්න ගියේ නැද්ද කොහෙද. ඒකත් අර දේශාන් අයින් වුණායින් පස්සෙ තමා. නැත්තන් ඉස්සර ලඟින් යන මැස්සටත් ආර්යන් අයියා අල්ලන් බනින්නෙ ටීම් එකේ එවුන්ට. ඕවා ඉතින් අපි ලයිව් දැකලා තියේ.. ඇයි ඉතින් ක්‍රිකට් රග්බි එකම වෙලාවෙනෙ ප්‍රැක්ටිසස් තියන්නෙ. ඉතින් ඉස්සර නිතරම අපිට ආර්යන් අයියයි දම්සඳ අයියයි උඟුරු දණ්ඩ කැඩෙනකන් කෑ ගහනවා අපිට නෙට් එකටම ඇහෙනවා. අනික කෑ ගහනවා කියන්නෙ මේ නිකන් බනින එව්වාටත් නෙමේ..අමුම අමු කුණුහර්ප. තව රදිල්කයා එකපාරක් ආර්යන් අයියාගෙන් හෙන පාරකුත් කෑවද කොහෙද.

“ඔන්න ගහනවා නම් කලින් කියපන් ඈ! මගේ ටීම් එකේ එකෙක්ට අත උස්සන්න කලින් හිත හදාගන්න ඕන- ඒත් හැලෝ ආර්යන් අයියා අපේ හෙඩානෙ? එක්කෝ උබට බැයිද බන් ශේපක් දාගන්න?” රදිලකයා පකක් කියවනවා ඒ අස්සෙ. මුන් කියන ඒවා අහන් ඉදලා මගේ මොකද්ද අර කුඩා මොළේද මොකද්ද එකත් පිපිරෙන්න එනවා වගේ. මදැයි මන් මුන් තුන වෙනුවට මේ හාදයවත් එක්ක ආවා!

මන් මුලදි එක්ක එන්න හිටියේ නිශල්කයාව විතරයි. මොකද ඌ ඉන්න නිසා මම සේෆ්..ඒත් මූ ඇවිත් මගේ කපාපු පලුවනෙ. පව් අර කොහෙවත් නැති සඳැස් අයියටත් දුක් විඳින්න වෙයි ඊටපස්සෙ. මූ මේ ලඟදි මොකද්දෝ මඟුලක් කරන්න ගෙදර තාප්පෙට නැග්ග වෙලේ ෆෝන් එක බිම වට්ටලා ඩිස්ප්ලේ එක යවාගෙන ඒකටත් අර සඳැස් අයියාට බැනලා. ඒ මනුස්සයා ක්ලෙස් අස්සෙ තකහනියක් මූට ෆෝන් එකකුත් අරන් ඇවිත්. මූ ඇවිත් අන්න එහෙම එකා. හැබැයි නිශල්කයා හොඳයි කියන්නෙ පොර දවස් තුන හතරකින් ෆෝන් එකේ ගාණ සඳැස් අයියාට බේරලා දීලා තිබ්බා.

ඉතින් අන්න ඒක නිසා මම අරුන් දෙන්නවත් එක්ක ආවා. කොහොම හරි මන් මදිපාඩුවටත් එක්කලා රදිලකයාවත් එක්ක ආවේ මගේ වැඩි හොඳට.. මොකද මුන් තුන් දෙනා ඉස්සරහා වුණත් මට ආර්යන් අයියාගෙන් කන්න වෙන සම්භාවිතාව අඩුයි තමයි. ඒත් රදිල්කයා ඉන්න නිසා මට ශේපක් ගහගන්න පුලුවන් වෙයි. මොකද ආර්යන් අයියා එයාගෙ ටීම් එක එවුන් ඉස්සරහා පටට්ම ඩීසන්ට් පිට හැසිරෙන්නෙ. ඒ නිසා ආර්යන් අයියා මෙයාලා ඉස්සරහා ඔය අපි එක්ක ඉන්නවා වගේ හැසිරෙන්නෙ නෑ. දැන් ඔය මුන් තුන් දෙනාවත් ආර්යන් අයියා අදුරන්නෙ මේ අද ඊයෙක ඉදන් නෙමේනෙ. ඒත් පොර අදටත් මුන් එක්ක වචන දෙකකට වඩා කතා කරලා නැතුව ඇති දවසකට..ඉතින් එහෙම වෙද්දි ආර්යන් අයියා කොහොමත්ම රදිල්කයා ඉස්සරහා නම් කටක් අරින එකක් නෑ කියලා මට ඩෙඩ් ශුවර්. අනික රදිල්කයා මේ වෙන සීන් සේරම දන්න එකෙක්. ඔය ඒ දවස්වල එහෙම නිශල්කයා සඳැස් අයියා එක්ක තරහා වුණාම සඳැස් අයියා මුගේ අතේ තමයි ප්‍රැක්ටිස් තියෙන දවසට පණිවුඩ එවන්නෙ. ඒක නිසා මූ ශුවර්. අනික ඊටත් වඩා අපි මූව අදුනන්නෙ ශිෂ්‍යත්ව කාලෙඉදන්. ඉතින් පොරගෙ කැරැක්ටර් එක අපි දන්නවා.

“හෙමින් ඇවිදපන්කො පරයෝ! මේ බලහන්..! මගේ සරමත් ගැලවෙන්න ඔන්න මෙන්න” මම හෝල් එකට යන තැන තිබ්බ පොඩි පඩිපෙළ නගින ගමන් නිශල්කයාගෙ බිම ගෑවෙන සරම දිහාත් තකහනියක්ම හැරිලා බැලුවා- අම්මටසිරි! ඇත්ත තමයි. ඒත් කරන්න දෙයක් නෑ පුතෝ මට මගේ ෆෝන් එක ඕනෙ. උබව බිල්ලට දීලා හරි මන් ඒක ගන්නවා. මොකද ඕකෙ එයා දකින්න ඕනෙ නැති දේවල් වගයක් තියෙනවා. ඒ කොහොම වුණත් ආර්යන් අයියා ඒවා තාම දැකලා නෑ කියලා මට සීයට සීයට සීයක් ශුවර්. මොකද නැත්තන් මෙළහකට එක්කෝ එයා මාව මරලා නැත්තන් අරූව මරලා.

“සදැස් අයියා ඇතුළේ ඇති..ඌට කියලාම අන්දව ගනින්.”

මම නිශල්කයාවත් ඇදන් ඕල්ඩ් හෝල් එකේ කෙලවරේ දැනටමත් බාගෙට ඇරලා දාලා තිබ්බ ලොකුම ලොකු දොරත් ඇරගෙන ඇතුළට ගියා..වෙදාට හෝල් එකේ ඇතුළේ පිරෙන්න තිබ්බ පුටු පේළි වෙනුවට අද අපි දැක්කෙ අර වෙඩින්ස් වල වගේ සුදු රෙදි වලින් කවර් වෙලා ගිහින් තිබ්බ රවුම් මේසයි ඒ වටේ ගියපු පුටුයි තියෙනවා. කොහොමත් ඉස්කෝලේ ඕල්ඩ් හෝල් එක කියන්නෙ එහෙම හැමතිස්සෙම පාවිච්චියට ගැනෙන්නැති තැනක්.. ඒකත් මේ වගේ දවසකට ඔය සර්ලා මැඩම්ලාට කන්න එහෙම තමයි මේ හෝල් එක පාවිච්චි කරන්නෙ. ඔන්න වැඩිම වුනොත් ආයෙම ඔය ඩාන්සින් ප්‍රැක්ටිසස් වලටයි කැරම් මැචස් වලටයි මේක ගන්නවා. ඒ ඇරෙන්න අනිත් හැම දවසකම මේ හෝල් එක තියෙන්නෙ වහලා. ඒක නිසා දැන් වුණත් හෝල් එකේ අමුතුම ගුප්ත සීන් එකක් තිබ්බා. මොකද ඕක සති ගණන් මාස ගණන් මේ ලොකු දොරවල් වලින් වැහිලා තියෙන නිසා මේකට එළියත් එන්නෙ හෙනම කලාතුරකින්.

අඳුරු වුණත් ලයිට්ස් බර ගාණක් දම්මලා එළිය ගන්න ට්‍රයි කරපු හෝල් එක පුරා මම දොරෙන් ටිකක් විතර ඇතුළට වෙන්න ඇවිත් මගේ ඇස් දෙක යැව්වෙ ආර්යන් අයියාව හොයාගන්න හිතාගෙන.. මන් කිව්වෙ! මට මේ මනුස්සයාව හොයාගන්න අමුතුවෙන් වෙලාව නාස්ති වෙන්නෙ නෑ කියලා. කොහේ හිටියත් මට එයාව හොයාගන්න එක මහා ලොකු දෙයක් නෙමේ. ඇරත් හෝල් එකේ කේටරින් එකේ අයයි ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා දෙතුන් දෙනෙක් ඇරුණාම හිටියේ අපේ මහා ලොකු ටොප් බෝඩ් එක විතරයි.

සඳැස් අයියා නම් අපිට පිටු පාගෙන කේටරින් එකේ අයට අතත් දික් කර කර මොනාදෝ කියනවා. එතකොට සාහිල් අයියයි ශවිරු අයියයි මේසෙක මොනාද මන්දා එළාගෙන ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නෙක්වත් එකතු කරන් අයිනතට වෙලා දමාගෙන මොනාද කරද්දි මගේ ඇස් ඉබේටම ගිහින් නතර වුණේ මන් ඉන්න තැනේ ඉදන් ටිකක් විතර ඈතට වෙන්න තිබ්බ ස්ටේජ් එකේ පඩියක් උඩ කකුළ් දෙකත් පළල් කරන් ඉස්සරහට බර වීගෙන ෆෝන් එක ඔබන අටපට්ටම ගාවින්. ඉන්න හැටි විතරක්! අර ටැමිල් ෆිල්ම් එකක ඇක්ටර් කෙනෙක් උගේ විලන් එනකන් අර කාර් එකේ බොනට් එක උඩට වෙලා වාඩි වෙලා ඉන්නේ කොහොමද අන්න ඒ වගේ තමා මේ යකාත් දැන් ඉන්නෙ- ඒ එක්කම මගේ ඇහි බැම ඇකිළුනේ ආර්යන් අයියා ඇදන් උන්නු ශෙර්වානියි එකේ බෙල්ල ගාව ඉදන් පපුවේ මැදක් හරියට වෙනකන් තිබ්බ බොත්තම් ගාවට..උදේ ඔක්කොම දාගෙනනෙ හිටියේ. දැන් බලද්දි සේරම ඇරලා..ඒ මදිවට එයා අර හැමතිස්සෙම දාන රත්තරන් චේන් එකත් එළියට ඇවිත් තියෙනවා දැක්කම මගේ ඇහි බැම තවත් ඇකිළුණා. අර මන් කරපු නිසාද ඒ?

“මොකද්ද උබ දැන් කරන්න යන්නෙ? අන්න පොර ඉන්නවා.” මම නිශල්කගෙ අත හෙමින් සැරේ අතෑරලා දාලා ආර්යන් අයියාට පේන විදිහට උන්ට ඇතුළට ඇවිත් ඉන්න කියලා හෝල් එකේ ඉස්සරහට ඇවිදගෙන ගියේ මොකද අපි ආවේ ඕල්ඩ් හෝල් එකට ඇතුළු වෙන්න තිබ්බ අන්තිම දොරෙන් නිසා. ඔය අස්සෙ මම කිසිම කලබලයක් නැතුව ඉස්සරහට ඇවිදගෙන යන්න ගත්තෙ ආර්යන් අයියා උන්නු තැනට ලන් වෙද්දි.. පස්සෙ ෆෝන් එක ඔබ ඔබා හිටපු එයාටත් එකපාරටම කවුරු හරි එනවා කියලා දැනිලාද  කොහෙද ඔලුව උස්සලා එයාගෙ ඉස්සරහා බැලුවත් කවුරුත් නැති තැන ආයෙම මගේ පැත්ත බැලුවේ එහෙම්ම එයාගෙ ඇස් මා එක්කම යාවෙලා නතර වෙද්දි..

හැබැයි බොරු කියන්න ඕනෙනෑ මම ඇවිදන් එන දිහා ඇස් පිල්ලමක්වත් ගහන්නැතුව ආර්යන් අයියා බලන් ඉන්දැද්දි මට අම්බානෙකට ලැජ්ජා හිතුණා. නෑ ලැජ්ජාවට වඩා මන් හිතන්නෙ මම නර්වස් වුණා වෙන්නෝන..මොකද එයා ඒ බලන විදිහ තියෙනවා නේද? ඒක හරියට කෙනෙක්ව විනිවිද යවන විදිහේ බැල්මක්. අනික ඊටත්වඩා එයා කිසිම කලබලයක් නැතුව එයාගෙ ඇස් මගේ උඩ ඉදන් යටටම අරන් යන විදිහෙන් ලඟ ඉන්න ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් එයා ඒ මාව චෙක්අවුට් කරනවා කියලා. ඒ තරම් එයා ඒක හන්ගන්නවත් ට්‍රයි කරේ නෑ. මමත් ඉතින් ඒ කිසිම දෙයක් ගනන් ගන්නෑ වගේ මගේ සීයේ කට්ටත් පන්නලා ගැහෙන පපුවත් ගන්නන් ගන්නැතුව ගිහින් එයාගෙ ඉස්සරහින් හිටගත්තේ සෙකන්ඩ් වෙන්න බැරි නිසා. ඒ එක්කම ආර්යන් අයියා ආයෙම එයාගෙ ෆෝන් එක දිහා බලාගත්තාම මගේ ඇහි බැම ලන් වුණේ ලාවට ආපු තරහ නිසා. තකහනියක්ම ආවෙත් මෙයාව බලන්න! දැන් අදුනන්නෑ වගේ ඉන්නවා!

“අරවෙලේ මන් ෆෝන් එකයි වොලට් එකයි දාලා ගියා..” මම ඒක කියන ගමන් ආර්යන් අයියා ඇදන් උන්නු ශෙර්වානියි එක දිහා බැලුවා. හැබැයි ඒක බැලුවට වඩා බැලුනා. මොකද කලින් මම එද්දි දැක්ක චේන් එක වෙනුවට මට ඒ අස්සෙන් දැන් ආර්යන් අයියාගෙ චෙස්ට් එක මෙතන්ට හොඳටම පෙණුනා. පපුව සම්පූර්ණෙන් නොපෙණුනාට ආර්යන් අයියා ඉස්සරහට බර වෙලා උන්නු විදිහට මට එයාගෙ පපුව මැද ගිහින් තිබ්බ වියතක් තරම් පොඩි ඉර පෙණුනෙ කඳු දෙකක් අතරින් ගලාගෙන යන පුංචිම පුංචි දිය පාරක් වගේ. ඒ මදිවට මේ යකා ආයෙත් අර විදිහටමයි ඉන්නෙ. ඔහොම ගිහින් අවුරුදු උත්සවේ ඉවර වෙන්න කලින් මේකා ඔය ශර්වානියි එක ඉරා ගන්නවා. මම අන්තිම වතාවටත් එයාගෙ ශර්වානියි එක අස්සෙන් පේන චෙස්ට් එක දිහා බලලා ආයෙම ආර්යන් අයියා දිහා බැලුවේ ඒ වෙද්දිත් එයා මන් දිහා හෙනම සෙල්ලක්කාර විදිහට බලන් ඇහි බැමකුත් උස්සන් වෙද්දි මමත් එයා දිහා ඊට නොදැවිනි මරන් කන්න වගේ ලුක් එකකින් බැලුවා.

“ඕක ඉරාගන්නද හදන්නෙ? කෙලින් වෙලා ඉදගන්න!” අර කින්ඩි ලුක් එක මොහොතකටවත් තොල් වලින් අයින් නොකර ආර්යන් අයියා එයාගෙ ශර්වානියි එක අතකින් හදන ගමන් කෙලින් වුණේ ඒගමන්ම එයාගෙ අතේ තිබ්බ ෆෝන් එකත් පැත්තකින් තියද්දි.

“ෆෝන් එක දෙනවා.”

“මට මොනවද දෙන්නෙ?” මම ඒපාර ආර්යන් අයියා දිහා බැලුවේ පට්ට තරහකින්. මුළු පපුවම එළියේ දාගෙන තව ලබ්බක් කියවනවා. අනික මම ලොකර් රූම් එකෙන් එළියට යද්දි බොත්තම් ටික දාගත්තත් එක්ක! මූ ඉස්කෝලෙම ඇවිද්දද දන්නෑ ඔය විදිහට. හෙන ආසා ඇති මල්ලිලා එහෙම බලද්දි.

“මට කඹ අදින්න යන්න තියෙනවා අයියේ ඒක නිසා ඉක්මණට ඕක දෙනවා.”

“මන් දන්නවා. අපියි ඒක ඕගනයිස් කරේ.”

“මන් දැන් ඒකක් ඇහුවෙ නෑනෙ-” ඒ එක්කම මම කියන්න ගිය වචන ටික මටම ගිළිලා ගියේ ආර්යන් අයියා එකපාරටම මගේ ඉණ වටේට අතක් යවලා මාව එයා ගාවට ඇදලා ගත්ත විදිහට- ඒමදිවට ඇදලා ගත්ත වේගෙට පඩිපෙළ ගැට්ටෙ මගේ කකුළ වැදිලා මගේ බැලන්ස් එක නැති වෙන්නත් ගියේ හොඳ වෙලාවට මන් ටක්ගාලා එයාගෙ උරහිසෙන් අත් දෙක තියලා අල්ලගිද්දි. නැත්තන් මන් දැන් මෙලහකට මේ යකාගෙ ඇග උඩ..පිස්සු හැදීගෙන එනවද මන්දා!

“මොකද තමුසෙගෙ කටේ සද්දෙ?” ආර්යන් අයියා ඒක අහපු විදිහට මාව ගැස්සිලා ගියා.

“ම්..මොකද්ද තමුසේ කරන්නෙ අයියේ?? පිස්සුද?” මම ටක්ගාලා වටපිට බලලා ආර්යන් අයියාගෙ අත ගස්සලා දාලා ඈතට වුණා.. වෙලාවට මොකෙක්වත් මේ පැත්ත දිහා බලන් හිටියේ නැත්තෙ. ශිට්! මේ මිනිහාට මොන යකා වැහිලාද එකපාරටම එහෙම- ඒ මදිවට මගේ කොන්ද තාමත් ආර්යන් අයියා දැන් ටිකකට කලින් අල්ලපු එකෙන් රත් වෙලා ගිහින් තාම මට දැණුනෙ හරියට එයා මාව අල්ලන් ඉන්නවා වගේ..මම ආර්යන් අයියා දිහා කන්න වගේ බැලුවා. තව හිනා වෙන ගමන් කම්මුළේ ඇතුල් පැත්තෙන් දිව යවලාද කොහෙද මේ පැත්තට පෙණුනේ කම්මුලේ පැත්තක් රවුමක හැඩෙන් එළියට ඇවිත් වගේ.

“දුන්නොත් ඉතින් මට මොනාද හම්බෙන්නෙ?” මම ආර්යන් අයියාට ඒපාර වියර්ඩ් ලුක් එකක් දුන්නා. සිරාවටම මෙයාට අද මොකක් වෙලාද?

“මොනාද අහන්නෙ? මන් ඔයාගෙ දේවක්යැ ඉල්ලුවේ?” ඒපාර ආර්යන් අයියා තාමත් අර විදිහට කම්මුළේ පැත්තක් දිවෙන් පුම්බන් හිනාවෙන ගමන් ඔලුව වැනුවේ මම ඒ දිහා ඉවසීමෙන් බලන් ඉද්දි..

“That’s not how it works ආදිල්. මම මේවා පරිස්සම් කරගෙන ලඟින් තියාගත්තා. Now return me the favor.”

“Whatever! දෙන්න මට ඉතින්.”

“හොඳින් ඉල්ලනවා.” මම එයා දිහා තත්පර දෙක තුනක් බලන් ඉදලා උඩ ඉදන් යටට බැලුවා.

“මගේ වොලට් එකයි ෆෝන් එකයි දෙන්න.” මම ඒක කියලා අත දික් කරාම ආර්යන් අයියා හිනා වෙන ගමන් ඇහි බැමක් ඉස්සුවේ ඒපාර මගේ පපුව තවත් වේගෙන් ගැහෙන්න ගද්දි.

“දෙන්න?”

“අයියේ.”

“හ්ම්..ආ ගන්නවා.” ආර්යන් අයියා එකපාරටම කොහෙන්ද මන්දා මගේ වොලට් එක ඇදලා අරන් මගේ මූණට විසි කරාම මම ඒක ටක්ගාලා අල්ලගත්තේ අනිත් පැත්තට මන් එයා දිහා ‘වට් ද හෙල්’ වගේ ලුක් එකකින් බලද්දි..

“කෝ ෆෝන් එක?” පඩිපෙළෙන් නැගිටින ගමන් ආර්යන් අයියා එයාගෙ සරම එක අතකින් එහාට මෙහාට කරලා හදා ගන්න දිහා බලාගෙන මන් එයාගෙන් ඒක ඇහුවාත් එයා නෙමෙයි මට උත්තරයක් දුන්නෙ.

සරම හදලා ඉවර වෙලා ශෙර්වානියි එකේ පපුව මැද්දෙන් දෙපැත්තට පෑරිලා තිබ්බ පලු දෙකත් ඒගමන්ම තනි අතකින් හදලා ඉවර වෙලා ආර්යන් අයියා කොණ්ඩෙ අස්සෙන් අත දාන ගමන් මන් දිහා බලලා මගේ උඩ ඉදන් යටට බැලුවාම මාව ලාවට ගැස්සුණා. මොකද එයාගෙ මූණෙ අර කලින් තිබ්බ ප්ලේෆුල් ගතිය තිබ්බෙ නෑ. ඒ වෙනුවට තිබ්බෙ මන් අර එයා ගාවට එද්දි මට දුන්නු විනිවිද යවන විදිහේ බැල්ම.

“මොකද ඔච්චරට ෆෝන් එක ගන්න හදිස්සිය?”

“මට..වැඩක්.” ආර්යන් අයියා ඒපාර මන් දිහා තත්පර දෙක තුනක් බලන් ඉදලා එතනින් යන්න ගත්තෙ මම මොකාද එකා වගේ බලන් උන්නු අතම බලන් ඉද්දි.

“කඹ ඇදලා දින්නොත්…” ඒපාර මන් දැන් මට පිටුපාලා ඉන්න ආර්යන් අයියාගෙ පිට දිහා බැලුවා.

“සමහරවිට හිතලා බලන්නම්.” මන් දිහා උරහිසෙන් බලන ගමන් හෙනම අමුතු ලුක් එකක් දාලා ආර්යන් අයියා සඳැස් අයියලා උන්නු දිහාවට යන්න හැරුණාමත් එක්ක මාව රත් වුණේ ලැජ්ජාවට..ඒ ඇයි? මන් දන්නෑ! හැබැයි එතකොට තමයි මට ටිකක් තද වුණේ..ඇයි යකෝ! මට තාත්තා එහෙම කොල් කරෝතින්??

“හදිස්සියකට කෝල් එකක් ගන්න වුණොත්??” දැනටමත් ඉස්සරහට ඇදෙන ආර්යන් අයියාට ඇහෙන විදිහට කෑ ගැහුවා.

“Not my problem.”

“එකපාර ගස්සපන් හරිද?!” අපි කට්ටියම සරොම් ටික අල්ලලා දෙකට නමාගෙන ගැට ගහගෙන ඉවර වෙලා කඹේ ගාව හිටගත්තෙ ඉස්සරහා අපිට ජෝගි දාන එවුන්ව ගණන් නොගෙන. මොකද උන් හිතන්නෙ කැරි ටෝක්ස් දුන්නාහම අපිව මෙන්ටලි වැටෙයි කියලා. අන්න එතනයි උන්ට වැරදුණේ.. මොකද අපි වගේ එවුන් ටිකක් කොහොමත් ෆෝම් වෙන්නෙ ඒවාගෙන්. ඒක අපිට දැනෙන්නෙ මෝටිවේශ්න් එකක් වගේ. ඊටත් වඩා අපේ පත්තේ කඹේ අදින්න ඉන්න සෙට් එකම ස්පෝට්ස් කරන දාර ඇඟවල් තිබ්බ එවුන්.

“දුලාන්!! අඩෝ මන් හිතුවේ ඊයේ උබ හිටපු විසිහට අද එනේකක් නෑ කියලා බන්!” අපි හ්ම් සද්දයක් නෑ. ඔය හින්ට් ගහනවා ඇත්තේ දුලාන්ගෙ කෙල්ල ගැන වෙන්නැති. ඒකි දුලානයාට බූට් එක තියලා *** එකේ එකෙක් එක්ක රූම් ගිහින්.

“ඕන්නම ඉස්කෝලෙ ඇරුණාම යමන්-” එහා පැත්තෙ ඉස්සරහාම කඹේ අල්ලන් හිටපු ෂමිත් ඒක හිනා වෙවී කියද්දි උගේ වටේ හිටපු එවුනුත් හිනෙ වුණේ මම දත් මිටි කාගෙන කඹේ අතට ගනිද්දි..ඉස්කෝලෙ නොවුණා නම් මෙලහකට තොට ඇරවලා මන් පොන්නයා.

“හා හා කටවල් වහගන්නවලා! මන් තුනට කවුන්ට් එක දෙනවා! පස්සෙ ඇහුන්නෑ ගාගෙන එන්නෙපා!”

ඒ එක්කම විස්ට්ල් සද්දෙ ඇහුණා.

අපි කට්ටියම එකම තත්පරේ කඹෙත් එක්කම බිමට පාත් වුණා වුණාමයි තත්පර පහළොවක් විතරම එක එල්ලේ ඒ විදිහටම උන්නෙ අරුන් කොච්චර ඇද්දත් අපිව අඟලක්වත් හෙළවෙන්නැති වෙද්දි..

ඔය අස්සෙ මට මගේ වම්පැත්තෙ ටෙන්ට් එක දිහා බැලුණා.. පපුවට අත් දෙක තියලා බැදන් මන් දිහා බලන් හිටපු ආර්යන් අයියා කට හොලවලා ‘අදින්න’ කියලා ඔලුව ලාවට වැනුවාම මම කටකොණින් හිනා වුණේ කලින් එයා කියපු එකක් මතක් වෙච්චි නිසයා. “කඹ ඇදලා දින්නොත් සමහරවිට හිතලා බලන්නම්..” සමහරවිට? That’s not an answer Aryan. ඒ එක්කම මම “අප්!” කියලා කෑ ගැහුවේ අපි එකම තත්පරේ කඹෙත් ගස්සන ගමන් නැගිටලා පස්සෙන් පස්සට යද්දි..

“කෝ හුත්තෝ සද්දෙ ආ???” කඹේ ගැට ගහලා තිබබ රතු රෙද්ද ඉර පාස් කරලා අපේ පැත්තට ආවත් හරි රදිල්කයා කෑ ගහලා කිව්ව දේට මම හිනාවෙන ගමන් මගේ ඉස්සරහා දත් වල දිව යැව්වෙ මගේ දිහා හති දානගමන් බලන් උන්නු ෂමිත් දිහා අනිත් පැත්තට බලාගෙන.

“හැමදාම වගේ අපේ මල්ලිලා ටික නේද අභිරුවන් දින්නෙ?”

“ඔව් නේද ලවන්? ඒකත් කිසිම උත්සාහයක්වත් දරන්නෙ නැතුව නේද?” ඒ එක්කම අපි පැති දෙක මාරු වුණා..ඒවටෙත් දින්නෙ අපි. එතකොට අන්තිම වටේ? ඒකත් අපි තමයි හුත්තෝ!

දින්නට පස්සෙ අපි හද්ද චියර් එකක් දීලා අපිට හම්බුණු තඩිම තඩි ෆැබ් එකේ කේක් එකත් අරන් හෙවණකට ගියේ දැන් ප්‍රිෆෙක්ට්ස්ලා කඹ අදින්න යන නිසා. ඔය අස්සෙ අර මම කලින් කඹ අදිද්දි ආර්යන් අයියා මන් දිහා බලන් උන්නු තැනට ආවා.. කෝ මේ අටපට්ටම? මේ ඉන්නවා මේ නෑ. මූ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා මට තියෙන වදයක්! මම එපැයි බෙල්ල කැඩෙනකන් මූ ඉන්නෙ කොහෙද කියලා හැරි හැරි බලන්න- ඒ එක්කම මම මගේ උරහිස කන ගාවට උස්සලා බෙල්ල ඇද කලේ එකපාරටම කන ගාව ඇහුණු කටහඬේ ගොරෝසුකමට.

“ගෙදර යන්න කලින් ඕල්ඩ් හෝල් එක ගාවට එනවා.” ආර්යන් අයියා ඒක කියලා මගේ උරහිසෙත් හැප්පීගෙන ඉස්සරහට ගියේ ශර්වානියි එකේ අතකුත් වැලිමිටේන් උඩට නමන ගමන්..ඕක කියන්න කන ගාවටම එන්නෝනද? බලහන් කනත් කහනවා වගේ! මේ යකාට නම් අද මොකක්ම හරි වෙලා අප්පාහ්! මේවගෙන් වෙන්නෙ කොහෙවත් නැති අහිංසක මල් තැලෙන එක.

ඔය එක්කම කඹේ ගාවට යන ගමන් හිටපු ආර්යන් අයියා එකපාරටම ශවිරු අයියලා ඉන්න තැනින් නැවතිලා මොනාද කියවන්න ගත්තම එකපාරටම ඒ පැත්තෙ හිටපු හැමෝම ආර්යන් අයියාගෙ ඇගට කඩාගෙන පනින්න එද්දි කොහෙන්ද මන්දා ආපු සඳැස් අයියා එකපාරටම ආර්යන් අයියාව පැත්තකට ඇදගත්තෙ මන් ඒ දිහා ඇස් දෙකත් නැඹුරු කරන් බලන් ඉද්දි.. ඒ මොකද්ද ඒ වුණේ? ඊටපස්සෙ සඳැස් අයියාත් මොනාද මන්දා ඇඟිල්ල දික් කර කර කියලා ආර්යන් අයියාගෙ කරටත් අත දාගෙන අනිත් පැත්තට ඇවිදන් යන්න ගියාම මම නිශල්ක දිහා බැලුවා. අපරාදේ කියන්න බෑ එවෙලේ නිශල්කයාත් කලබලෙන් වගේ මන් දිහා බැලුවේ මම ආයෙම ඉස්සරහ බලාගද්දි..

ප්‍රිෆෙක්ට්ස්ලා දෙකට බෙදිලා පිල් දෙකකට වුණේ ලමයිත් ගාණට කඹේ දෙපැත්තෙන් හිට ගනිද්දි..ඒත් මන් බලන් හිටියේ දැන් පිල් දෙකකට බෙදිලා උන්නු ආර්යන් අයියයලා දිහා. මෙයාලා දැන් ටිකකට කලිනුත් හොඳට හිටියනේ? ඔය එක්කම ආයෙමත් මගේ ඇහි බැම ලන් වෙච්ච පාර මගේ නළලත් රිදෙන්න ගත්තේ සාහිල් අයියා අත දික් කර කර මොනාදෝ කියන්න ගත්තමයි. අනිත් එක කවදාවත් නැතුව අරවින්ද් අයියලා පවා බැනගෙන යනවා. මට තේරෙන්නැත්තෙ ඇයි ඒ හැමෝම ආර්යන් අයියාට බනින්නෙ කියලා.

ඔය එක්කම ආර්යන් අයියා සරම උස්සලා ගැටගහගත්තෙ ඒ ගමන්ම එකපාරටම මන් ඉන්න පැත්ත දිහා වේගෙන් බලද්දි.. තත්පර දෙක තුනක් මන් දිහා බලන් හිටපු එයා ආයෙම ඉස්සරහා බලා ගත්තා. අනිවාර්යෙන් මන් එයාට මොකක් හරි කියයි කියලා හිතන්නැති. මොකද එයත් මම කඹේ අදින ‘අදින්න’ කියලා කට හොලවලා කිව්වානෙ. ඉතින් හිතුවද දන්නෑ මාත් මොනා හරි කියයි කියලා. ඒත් එවෙලෙ මම හිටියේ අර වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

ඒත් මන් බලාපොරොත්තු වෙච්ච විදිහට ආර්යන් අයියා මන් දිහා ආයෙත් බැලුවා. හැබැයි මේ පාර ටිකක් තරා ගිහින්ද කොහෙදෝ ඇහි බැමත් එකතු කරන් එයා ඔලුවත් ලාවට ඉස්සුවේ ‘මොකද කතා කරන්නැත්තේ?’ කියන්න වගේ.. à·„à·„à·Š මන් කිව්වෙ! මේකට අද මොකක් හරි වෙලා කියලා. මන් ඒගමන ලාවට ඔලුව වැනුවා. නැත්තන් වෙන මොනා කියන්නද? එච්චරයි! වෙන මල් මල් කතා නෑ මන් ගාව තමුසෙට! මගේ ෆෝන් එකත් තියා ගත්තා! අනික අද ඔය දෙවැනි දවස මගේ ෆෝන් එක ගත්ත. මෙදාපාර බෙල්ල මිරිකලා හරි අරගන්නවා මන්. ඒගමන මන් දිහා තත්පර ගාණක් බලන් ඉදලා ආර්යන් අයියා ආයෙම ඉස්සරහ බලා ගත්තා.

“දැන් නම් දිනුම පැරදුම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි නේද ලවන්?”

“හ්ම්..තරඟේ ඉවර වෙනකන් බලන් ඉන්නයි තියෙන්නෙ. මොකද කියන්නෙ??” ඒ එක්කම කට්ටිය කෑ ගහනවා වෙනුවට හිටියේ වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව..අපි වුණත් දැන් වෙද්දි හ්ම් සද්දයක් නැතුව ඒ වෙන දේ දිහා බලන් හිටියා. මොකද දෙපැත්තෙම කට්ටිය හිටියේ පට්ටම සීරියස් පිට. ඒ එක්කම දෙපැත්තෙම කට්ටිය කඹේ අතට අරන් පාත් වුණාම තමයි මට දෙයක් මීටර් වුණේ.. යකෝ මුන්ගෙ ඇගවල්?! අපේ ඒවා කැලේ මෙව්වා එක්ක බලද්දි. රග්බි ගහන එවුන් තමා වැඩිපුරම හිටියේ. අනික ඔතන පත සයිස් එකේ ඩබලක් තමා කඹේ අන්තිමට ඇගවටේ කඹේ යවාගෙන දසමහා යෝධයෝ වගේ හිටියේ. මන් හිතන්නෙ මෙතන ෆිට්ම කෙනා තමා ආර්යන් අයියා. මොකද එයාට තමයි ඔතන හරාම ඇග තිබ්බෙ. මන් එහෙම කිව්වෙ රග්බි ටීම් එකේ අනිත් අය දිහා බලද්දි උන්ට තිබ්බෙ පතාක සයිස් බොඩිබිල්ඩින් ඇගවල් එකක්. ඒත් ආර්යන් අයියාට තිබ්බෙ ගාණට මේන්ටේන් කරපු ඇගක්.

හැමෝම හ්ම් සද්දයක් නැතුව ලවන් අයියා කවුන්ට්ඩවුන් එක දෙනකන් බලන් ඉදලා එකපාරටම කෑ ගහන්න ගත්තෙ දෙපැත්තෙම හිටපු අයියලා එකපාරටම ඇද්ද එකෙන් ලූස් එකට තිබ්බ කඹේ ගැස්සලා ගිහින් ඒකෙන් වැලි දුමාරයක් විසි වෙලා යද්දි..

“අම්මටහුඩු යකෝ මන් හිතුවේ කැඩුණා කියලා.” මාත් මුකුත් කියන්නැතුව ඒ දිහා හොඳට බලන් හිටියා.

කට්ටියම අර අපි කරා වගේ බිමට බර වෙලා හෙලවෙන්නැතුව ඒත් ප්‍රෙශ්ර් එක දාගෙන කඹේ අල්ලන් හිටියේ..ඒක නිසා දෙපැත්තෙන් එක පැත්තකටවත් කඹේ යන පාටක් පෙනුන්නෑ. හැබැයි සඳැස් අයියා හෙමින් සැරේ ආර්යන් අයියාට මොකද්ද කිව්ව එකෙන් ආර්යන් අයියා එකපාරටම ඉස්සිලා කඹේ ගැස්සුවත් හරි ඒ පැත්තෙ හිටපු හැමෝම ඒ විදහටම ඉස්සිලා ආයෙම බිමට පාත් වුණා. එයාලා ඒ කරේ අනිත් පැත්තෙ අය හිතන්න කලින් කඹේ එකපාර ගස්සලා අඩියක් පිටිපස්සට තියපු එක. ඒ එක්කම ශවිරු අයියලත් තත්පරයක් යන්න කලින් ඒකම කරේ ආර්යන් අයියලත් යම් තාක් දුරට ඉස්සරහට තල්ලු වෙද්දි..

ඒකට ශවිරු අයියලා හිනා වුණා. කෑ ගහලා හිනා නොවුනත් උන්ගෙ මූණුවල තිබ්බ කින්ඩි හිනාව මම හොඳටම දැක්කා. මන් හිතන්නෙ ආර්යන් අයියලාත් දකින්නැති..එකනේ එයාගෙ හක්ක ගාව ඉරි පේළි දෙක තුන යනවා පේන්නෙ. ඔය එක්කම ආර්යන් අයියා මොකද්දෝ මන්දා හයියෙන් කෑ ගහලා කිව්වේ ඒ පේළියම නැගිටලා කඹේ ගස්ස ගස්ස පිටිපස්සට යද්දි.

ශවිරු අයියලත් නිකන් හිටියේ නෑ. එයාලාත් ඒ විදිහටම ඇද්දා..ඒකෙන් වුණේ කඹේ එකතැනක නතර වෙව්වී ලාවට එහෙට මෙහාට වුණු එක විතරයි. හැබැයි ඒත් එක්කම මන් ආර්යන් අයියා දිහා බලන් ඉන්දැද්දි එකපාරටම එයාගෙ ශර්වානියි එකේ කිහිල්ල හරියේ මට එයාගෙ කිරි තේපාට හම පෙණුනේ මගේ ඇස් දෙක ලොකු වෙද්දි.. ඕහ් ශිට්! ඉරුණානේද?

“දඟලන්නැතුව ඉන්නවා අයියේ!” මම ගාණට ඉදිකට්ට ඇතුළට යවාගන්න හදද්දි ආර්යන් අයියා මගේ උරහිස උඩින් අත තියාගත්තම මම අත ගස්සලා දැම්මා. මේකා දැන් ඕනාවට වඩා වැඩියි! අනික අද මේ මනුස්සයාට මොකක් වෙලාද මන්දා. රවනවයි ඇඟේ ලගින්න එනවයි. අර බලහන් ඉතින් ලේත් ඇවිත් පොඩ්ඩක් විතර.

“ච්හ්! ඕක ඇති.”

“ඇති? ඇයි ඇග පෙන්න පෙන්නද යන්න ඕන? ඔව් ඒකනේ අර මන් එද්දි බොත්තම් ටිකත් පන්නගෙන හිටියෙ- ඉන්නවා ඔහොම මට කියලා ඉදිකට්ටෙන් ඇන ගන්නැතුව.”

මගේ තොල්වලට ලාවට හිනාවක් ආවා. ඔය ඉන්නෙ හොඳට පූසා වගේ සද්ද නැතිව. ආර්යන් අයියා අහක බලාගෙන ඕල්ඩ් හෝල් එකේ ඉස්සරහා දොර දිහා බලන් ඉන්නවා දැකලා මට හිනා යන්න ආවේ මේකාගෙ විකාර වලට. මම බාගෙට වැහිලා තිබ්බ ඉරුම දිහා බලලා ඉදිකට්ටත් ආපහු අරන් කෙලින් වුණේ නූල් මදි වෙච්ච නිසයි.

“අයියේ නූලක්..” මන් එහෙම කිව්වම ආර්යන් අයියා මන් දිහා බලලා ආයෙම එයාගෙ එහා පැත්තෙ තිබ්බ නූල් රිල් එකෙන් තද නිල් පාට දිග නූල් කෑල්ලක් ඇදලා කඩලා මට දුන්නාම මම  ‘තෑන්ක්ස්’ කියලා ඒ නූල ඉදිකට්ටට දාන්න ලඟට ගෙනාවා.

ආර්යන් අයියලා කඹ ඇදලා ප්ලේස් එක ගත්තා. මෙහෙයි මෙයාලා අපි දින්න විදිහට නෙමෙයි දින්නෙ. ඒ කිව්වෙ ආර්යන් අයියලා කඹේ අදිද්දි කඹේ හරියටම මැදින් කැඩුණා. ඒකත් මෙයාලා දිනාගෙන එද්දි තමයි කැඩුණේ..අර කඹේ මැද්දෙ ගැට ගහලා තිබ්බ රතු රෙද්ද ආර්යන් අයියලාගෙ පැත්තට එද්දිම වගේ තමයි කැඩුණේ. ඉතින් ආයෙම වෙන කඹ තිබ්බෙ නැති නිසා ආර්යන් අයියලාට වින් එක දෙන්න තීරණය වුණා. හොඳම එක කියන්නෙ අර ශවිරුලයි මෙයාලායි මරාගෙන තියෙන්නෙ ඔය කේක් එකට. කලින් ආර්යන් අර වෙලේ අයියා විහිළුවට වගේ ශවිරු අයියාට අනංමනං කියපු හින්දාලු අර විදිහට බැනගෙන තියෙන්නෙ. පොයියනෙ ඉතින් මුන්ගෙ. මහා මොක්කුද මන්දා! බලහං තව ටිකක් ගියා නම් මන් සිරාවටම හිතුවේ මුන් ගහගනීවි කියලා. එච්චරට එවෙලේ රණ්ඩුව නැගලා ගියා.

“ච්හ්! එහාට යනවා අයියේ මොනාද කරන්නෙ පිස්සුද??” මම නිදහසේ පාඩුවේ නූල ඉදිකට්ටට දාන්න යද්දිම එකපාරටම ආර්යන් අයියා මගේ අතක් ඇදලා පැත්තකට විසි කරලා මගේ පපුවට ඔලුව තියා ගත්තාම මම කරගන්න දෙයක් නැතුව තොල හපාගත්තෙ දැන් වෙද්දි මගේ ඇග ගිණි අරන් වගේ දුම් දාද්දි..

“රිලැක්ස් ආදිල්.. මන් තමුසෙව ගිලින්නෑ.” මගේ පපුව ගැහෙනවා ඇහිලාද කොහෙද ආර්යන් අයියා කනට ඇහෙන නෑහෙන ගාණට එහෙම කිව්වා. ඔව් ඔව්! තමුසෙ නම් කියයි..! මම එපැයි හුස්ම හිර කරන් ඉන්න. අනික මොනා වෙලාද මන්දා! වෙනදා මම තමයි එහෙන් මෙහෙන් දාගෙන අනින්නෙත්. අද ඒකට මෙයා.

“මොකද මේ ම්ම්? අද දවසෙම ඔහොමයි.”

“අන්කල් යන්නෙ කවද්ද?” මන් අහපු එක ඉග්නෝ කරලා ආර්යන් අයියා එහෙම ඇහුවා.

“අද යනවා ඇයි?” මම ඉදිකට්ටට නූල දැම්මා.

“හවසට ගමනක් යන්න එනවද?” මම ආර්යන් අයියාට ඔලුව ගන්න කියන්න හදද්දි එයා එහෙම ඇහුවා.

“හ්ම්..”

“හ්ම්? මහන්සිද?” මම ඔලුව වැනුවා. ආහ්! මෙයාට පේන්නෑනේ මම ඔලුව වනන එක.

“නෑ නෑ..යන්.” ඒ එක්කම මම මහන එක අතෑරලා දැම්මෙ ආර්යන් අයියා එයාගෙ ඔලුව තවත් මගේ පපුවට තද කරපු නිසා. මොකද මේ? ප්‍රශ්නෙකින්වත් ද? පූසෙක් වගේනෙ.

“ඔලුව අතගානවද?”

A/N

මගෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමා “තනුජයාට එකෙක් සෙට් වෙනවද?” කියන එක. ඒකට උත්තරේ තමයි, ඔව්! එයාට අනිවා සෙට් වෙනවා

‘ඒ කවුද?’ මන් හිතන්නෙ ඔයාලා දැනටමත් ඒකෙනාව දන්නවා.

“එයාගෙ ආදර කතාව මොන වගේ එකක්ද?” ඒක නම් ආර්යන් ආදිල් එකට වඩා හාත්පසින්ම වෙනස්.

“හින්ට් එකක් දෙන්න පුලුවන්ද?” ගිහින් ‘it’s always been you- by Chris Grey’ සින්දුව අහන්න. එතකොට ශේප් එකේ තේරෙයි ❤️

ඒ අස්සෙ මට දැන් තමා මීටර් වුණේ ඔවාලා තනුජයාලාගෙ එහෙම සම්පූර්ණ නම් එහෙම තාම දන්නෙ නෑ නේද කියලා 🥲 හි හී..එව්වා වෙලාවට දෙඤ්ඤ්ම්.

ආයෙම ඡන්දෙ දවසට එන්නම්ද? අපිලාට නිවාඩුවක්නෙ ඉතින්. ඒනම් මන් යන්නම් හොදේ! Adareyyy ❤️
~හිම්ස්

Tags: read novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47, novel À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47, read À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47 online, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47 chapter, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47 high quality, À¶»À¶¯À·… | The Kandyan Aristocrats 47 light novel, ,

Comment

Leave a Reply

Chapter 47