À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා

A+ A-

ඊයේ මාළිගාවට යන්න හදද්දී ඒ ළග තිබ්බ පුංචි කඩයක හරි අහම්බෙන් මගේ ඇස් වලට අහු වුනේ ලස්සන මාල ටිකක්. මාළිගාවේ ගිහිල්ල ඉවර වෙලා පොඩි බේබි නුරාදට අයිස් ක්‍රීම් අරන් දෙන්න ලොරිය ගාවට යද්දී මන් අර පුංචි කඩේට ගියේ ඒ මාල ටික බලන්න. හරි ලස්සනයි.

” ගන්න පුතා මිල අඩු කරලා දෙන්නම් “

” මාමේ ම් මේක දෙන්න ”

ලස්සන මකර රටාවක් කැටයම් කරලා තියෙන පොඩි දළ දෙකක් අමුණපු කළු මාලයක් අතට අරන් කඩේ මාමාට දෙන්න කිව්වේ මට‍ ඒ මාලෙට ලෝභ හිතෙද්දි.

” පුතා ඔය මාලේ නම් අනික් එව්වට වඩා ගොඩක් ගනන්.  ඕකට දාලා තියෙන්නේ දිවි දළ දෙකක්. ඒකයි ගනන්. “

ඉක්මනින් ඒ මාලේ අරන් සාක්කුවට දා ගත්තේ මට‍ ඒ මාලේ බේබිට දෙන්න හිතුනු නිසා. එයා ඒකට කැමති වුනොත් හොදයි ඉතින්. නැත්තම් මට‍ හරි මේක දා ගන්න බැරියෑ.

                       ………

” අයියා පේරාදෙණිය කැම්පස් එකට තේරිලා කියලා අපෙ අප්පච්චි කිව්වා “

” ම් ”

” කැම්පස් එකට ගියාට පස්සේ අපි වත් අමතක වෙයි නේද ”

” ඇයි නිර්මල එහෙම කියන්නේ ”

” කැම්පස් ගියපුහාම කට්ටිය වෙනස් වෙනවා ලු ”

තේ වත්තේ වැඩ කර කර ඉදලා සෝමේ මාමා එක්කලම තේ බොන්න නුග ගහ යටට ගියාම යි මන් දැක්කේ ගලක් උඩ වාඩි වෙලා ඉන්න නිර්මලව. වෙනද නම් දෙනුවන් එක්කලා හා හා පුරා කියලා කතා කර කර ඉන්නේ අපිවත් පේන්නැති විදිහට. සුනිල් මට‍ එක දවසක් කිව්වා දෙනුවන් ගෙයි නිර්මලගෙයි හුටපටයක් ලාවට වගේ තියෙනවා කියලා. එදා තමයි මන් දන්නේ මගේ ප්‍රථම ප්‍රේමය අන්සතුයි කියලා. හීනියට වගේ දුකක් තිබ්බත් මට මේ වැඩත් එක්කලා ලොකුවට නොදැනුනු තරම්.

” ඒක බොරුවක් ”

” ආ ”

” වෙනස් වෙන කෙනා කොහොමත් වෙනස් වෙනවා නිර්මල. කැම්පස් ගියත් එකයි නැතත් එකයි. කාලයක් යද්දි වෙනස් වෙන කෙනා මොන හේතුවකට හරි වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න කැම්පස් යැවිල්ලම බලපාන්නෑ නිර්මල ”

මන් නිර්මල දිහා එක එල්ලේ බලන් කියද්දී එයා මගෙන් ඇස් අහකට අරන් දුර ඈතක් බලන් හිටියෙ ලොකු කල්පනාවකට වැටිලා වගේ.

” කෝ දෙනුවන් ”

මන් එහෙම ඇහුවේ මේ දවස් ටිකේම නිර්මල දෙනුවන් එක්කලාම ඉන්නවා දැකපු නිසා.

” පොඩි බේබි එක්කලා ස්කෝලෙට යන්නැති මයෙ හිතේ “

” ම් ”

නිර්මාල් දෙනුවන් ස්කෝලෙට ගියා කිව්වමයි මතක් වුනේ. දෙනුවන් ආයේ ලොකු බේබි එක්කලා ඕස්ට්‍රේලියාවේ යන්නැතුව මෙහෙ නතර වෙනවා කියලා. ඉතින් පොඩි බේබි දෙනුවන් ව දොළහවසර පන්තියටත් එක්කලා භාර දෙන්න යනවයි කිව්වේ.

මන් තව කැවුම් ගෙඩියක් අරන් කොල්ලෝ දෙතුන් තුන් දෙනෙක් එක්කලා කයියක් ගගහා ඉන්න සුනිල් ළගට ගියේ තවත් මට එතැන ඉන්න හිත නොදුන් නිසා.

” ආ කාහන් නිලුවෝ. උබ ඉතින් මෙතැන්ට ආවේ නෑ නේ කොල්ලෝ “

සුනිලයා මට කෙසෙල් කොලේක ඔතපු ලැවරිය ටිකක් දෙද්දී ඒකත් කන්න ගත්තේ කොල්ලෙක්ගෙන් කොත්තමල්ලි ටිකක් පොල් කට්ටකට වක් කර ගනිමින්.

” ඒ බන් හවසට අඩියක් ගහමු. කළුවා උගේ පැලට කළයක් ගේන්නම් කිව්වා. ඉතිරි බඩු ටික අපි තුන් දෙනා ගේනවා බම් ”

” මන් බොන්නෑ බන් ”

” අඩෝ මේක සැර නෑ බන්. පැලේ රෑ ඉදලා ඕනනම් උදේට යමු බන්”

“  පිස්සුද බන්. මට බෑ ”

“  හා හා. උබට ඕනනම් මන් වලව්වට ටිකක් ගේන්නම්. බීලත් නැතු ඇති නේ ”

සුනිල්ගේ කීමට බේරෙන්න බැරි තැන මන් හා කිව්වේ මටත් පොඩ්ඩක් එව්වා තොල ගාන්න ආස හිතුනු නිසා.

” හරි මන් හයට විතර මාදන් ගහ යටට එන්නම්. ”

” මන් ගෙනල්ලා දෙන්නම් ”

” ම් ”

වලව්වට ආපු හැටියේ මන් දැක්කේ ඔහේ මිදුලට වෙලා තනියම චූටි සයිකලේ පැද පැද ඉන්න නුරාදව. දෙව්මි කොහේ ගිහිල්ලාද දන්නෑ.

” ආ ආ ”

” කෝ අක්කි ”

” නා “

බයිසිකලෙන් ගත්ත පොඩ්ඩවත් අතින් අල්ලන් කුස්සියේ පැත්තට යද්දි කමනි නැන්දාත් ඉන්නවා මොන මොනවදෝ තම්බ  තම්බ.

කමනි නැන්දගෙන් ඉල්ල ගත්ත උණු වතුර එක බේසමකට දාලා එකටම කොහොඹ කොළ ටිකකුත් දාලා ඇල් වතුර ටිකක් කවලම් කරේ ලා රස්නියට හිටින්නට. ගල උඩ වාඩි කරපු නුරාදව ළගට ගත්ත මන් පොඩි කෝප්පෙකින් ඔළුවට වතුර වක් කරේ පොඩි එකා මගෙ කකුලක් බදන් උඩ පනිද්දී.

” වැටෙයි වැටෙයි දැන් නම් ඔහොම දගලන්න ගත්තොත් නම්. ”

ඒත් මන් කියන දේ නෙවෙයි කොල්ලා කනකට ගත්තේ. කොල්ලවත් පිහදාලා ගලක් උඩ වාඩි කරපු මන් ඉක්මනට ඉක්මනට වතුර ටිකක් ඔළුවට වත් කර ගත්තත් හරි මගෙ තිබ්බ මහන්සි ගතියත් නැත්තටම නැති වෙලා ගියා.

” ල් ලො කු හාමු ”

” නාලා ඉවරද දෙන්නත් එක්කලා ”

” ඔව් ලොකු හාමු ”

” ම් ”
ලොකු හාමු මයෙ දිහා බලන් ඉද්දැද්දීම පැටියවත් වඩා ගෙන පොඩි බේබිගේ කාමරේට ගියේ පොඩ්ඩට කමිසයක් අන්දන්න. තාම බේබි ඇවිල්ලා නෑ. නැත්තන් මේ කාමරේ මේ විදිහට පිළිවෙලකට තියෙන්නේ නෑ නේ. පොඩි එකා තව හොදයි බේබි එක්කලා බලද්දී.

” දැන් පැටියා සූද වෙමු හොදේ ”

නුරාදගේ කම්මුලක් ඉඹපු මන් ක්‍රීම් බෝතලේ අරන් පැටියාගේ ක්‍රීම් උල උල ඉද්දි දොර ඇරන් ඇතුළට ආවේ බේබි.

” නිලූෂ….  දෙන්නා එක්කලා නෑවද “

කමිසේ බොත්තම් ගලව ගලව පොඩි බේබි එහෙම අහද්දී ඔලුව හොලවලා හිනාවක් දීලා ආයෙමත් පැටියට ක්‍රීම් උලන්න ගද්දිම වගේ ආපහු පාරක් භාගෙට ඇදුම් ගලව ගලව හිටිපු බේබිගේ උඩු නිරුවතට මයෙ ඇස් ගියේ හදිස්සියේම දෙයක් මතක් වෙලා.
මන් අරන් දුන්නු මාලේ එයාගේ කරට හරි ලස්සනට තියෙනවා දකිද්දී මට‍ මගෙ ඇග දිගේම අමුතුම හිරියක් යනවා වගේ දැනෙන්නේ.

” නිලූෂ ”

” ම් ”

” හෙට මන් ස්කෝලේ යන්නෑ. අනිද්දා යාපනේ යනවත් එක්කනේ. උදේට යමු බඩු ටිකක් ගන්න. ”

” හොදයි බේබි ”

මන් හය කිට්ටු කරලා වලව්වට එන පාරේ අයිනේ මාදන් ගහ ළගට ගියේ සුනිල් එනවයි කිව්ව නිසා. දැන් විනාඩි දහයකටත් වැඩි දෙයියනේ තාම මේකා නෑ. රා කළේම ඌ තනියෙන් බොනවද මන්දා. තව ටිකක් වෙලා බලන් හිටිය මන් දැක්කේ මේ පැත්තට ඈතින් වගේ එන බයිසිකලයක්. මන් ඒ සුනිල් කියලා හිතුවත් ඒ දෙනුවන්. මාව දැකපු දෙනුවන් මයෙ අතට මල්ලක් දික් කරලා මොකුත්ම නොකියා වලව්ව පැත්තට යද්දි මන් මල්ල ඇතුළට ඔලුව දැම්මා.
අඩේ මේ තියෙන්නේ බඩු.   යකෝ සුනිලයා මොකෝ මෙව්වා මේකා අතේ එව්වේ. අරකා මේක දැක්කද දන්නෙත් නෑ.

විජහට විජහට වලව්වට ගිහින් කාමරේ ඇතුළට රිංගුවේ කවුරු හරි මාව දැකලා ඔය අතේ මොනාද තියෙන්නේ කියලා ඇහුවොත් මට‍ දී ගන්න උත්තරයක් නැති වෙන නිසා. මල්ල ඇද ඇතුළට දාලා කුස්සියේ පැත්තට යන්න යද්දි මට‍ හම්බුනේ දෙනුවන්ව.

” අඩියක් ගහන්න මන් එනකම් ඉන්න ”

” මොකක් ”

” මන් නවයට විතර එන්නම්. එතකොට සෙට් වෙමු. අපි ටික වේලපු ගම් ඌරු මස් ටිකකුත් කළුවට තෙල් දැම්මා. මාත් ඒවායින් ටිකකුත් ඔය මල්ල අස්සට දා ගත්තා ”

එහෙම කියාගෙන දෙනුවන් එළියට යද්දි මන් කුස්සියට ගියේ කහට එකක් බොන්න .  කහට එකක් බීලා කමනි නැන්දට කිරි බත් හදන්න පොලුත් ගාලා එළියට පොඩ්ඩක් ගියේ ඔන්චිල්ලාවේ වාඩි වෙන්න කියලා හිතාගෙන වුනත් මන් දැක්කේ ඔන්චිල්ලාවේ ඉදන් ඈතක් බලන් කල්පනා කරන පොඩි බේබිව . මාත් ඒ ඔන්චිල්ලාවට ගිහිල්ල ඉද ගද්දි තමයි බේබි ගැස්සිලා මයෙ පැත්ත බැලුවේ.

” ඔයත් ආවද ”

” ම් “

රැහැයියන්ගේ හඩ පිරිලා තියෙද්දී අපි දෙන්නම දුර ඈත බලන් හිටියා. පොඩි බේබිගේ කපාපු කොන්ඩේ ආයෙමත් බෙල්ලෙන් පහළට ටිකක් වැවිලා. කොන්ඩේ කෑලි නළල් තලෙනුත් පහළට කඩන් වැටිලා තියෙද්දී බේබි ගේ ඇස් වල ගෑවෙනකොට කරදරයක් නැද්ද මන්දා.

” නිලූෂ ”

” ම් ”

” මට‍ කම්මැලි ”

මට කම්මැලි කියපු පොඩි බේබි එක පාරටම මගෙ උරහිසෙන් ඔලුව තියා ගෙන ඇසුත් පියන් ඔලුව රිදෙනවා කියද්දී මයෙ ඇගිලි තුඩු ඒ වෙලාවේම ඒ ඔලුව පුරාම දුවන්න ගත්තේ හරි පරිස්සමට.

” සනීපයි ”

” පැටියා ගේ කොලෝන් ටික ඔය අප්පච්චිත් ගෑවා නේද ”

එයාගේ ඔලුවෙනුත් කොලෝන් සුවද එද්දී මන් එහෙම කිව්වත් හරි එයා තව ටිකක් මයෙ උරිස්සට ඔලුව බර කර ගත්තා. මෙතැන දැන් ටිකක් කළුවර නිසා පේන්නෑ. ඒ නිසා හොදයි.

” ස්තුති ”

” ඇයි “

” මේ මාලෙට. මන් කැමති ඒකට ”

එයාගේ ඇගේ රස්නි නිසා එළියේ වුනත් මට‍ සීතලක් නොදැනෙන තරම්. එයා මයෙ ඇගට මෙහෙම වාරු වෙද්දී මන් නොසෑහෙන්න නොසන්සුන්. එයාගේ මූණ මට‍ හරි හැටි නොපෙනුනත් මන් නෙවෙයි එයාගේ මූණවත් බලන්න ගියේ. බේබිට නින්ද වත් ගිහිල්ලද දන්නෑ සද්දයක් වත් නෑ නේ.

” බේබි ”

” ම් ”

” යමු ඇතුළට “

” ටිකකින් යමු ”

” ම් ”

ටිකකින් යමුයි කියලා කියද්දී වුනත් බේබි නෙවෙයි ආයේ මට‍ කතා කරේවත්.
ඉතින් මන් බේබිට කතා කරද්දී නින්ද ගිහිල්ල හිටපු බේබි ගැස්සිලා ඇස් ඇරලා මයෙ දිහා බැලුවත් හරි මට‍ හිනා ගියේ එයාගේ මූණ දැකලා. ඇසුත් හොදටම රතු වෙලා  කටේ පැත්තකිනුත් කට කෙල ඩිංගිත්තක් පෙරිලා කොන්ඩෙත් ඇවිස්සිලා හොදටම.

කාමරේ තියෙන රෙදි ටිකත් නවලා ආයෙම වෙලාව බැලුවේ නමයට සෙට් වෙමු කියලා කියපු කෙනා තාම නැති නිසා. ඒත් ටික වෙලාවක් යද්දි දෙනුවන් ආව නිසා ඇද යටින් බෝතලෙයි අනික් පාර්සලෙයි ගන්නකොටම ආයිමත් දොරට තට්ටු කරන හඩක් එද්දී මන් බැලුවේ දෙනුවන් දිහා.

මන් දිහා බලපු දෙනුවන් හිනාවකුත් එක්කලා කිව්ව දේත් එක්කලා මන් ආයෙමත් ගැස්සිලා ගියේ දොරට ගහන හඩින්.

” මන් චූටි බාප්පිටත් අපි එක්කලා සෙට් වෙමු කිව්වා ඉතින් “

දෙනුවන්ම ගිහිල්ලා දොර ඇරියත් හරි කාමරේට ආපු බේබි දොරත් ලොක් කරන්ම පුටුවක් අරන් මන් ඉස්සරහින්ම ඉද ගත්තේ පොල් කටු කෝප්ප තුනකුත් මේසේ උඩින් තියද්දි.

” අප්පටසිරි බාප්පි මට‍ අමතක වුනා නේ ඕවා ගේන්න ”

” හිතුවා.   ඒකයි එන ගමන් කුස්සියට ගිහිල්ලා ගෙනාව “

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.

මට‍ නිකමටවත් නිලූෂ මේ ගැන කිව්වේවත් නෑ නේ.  වේලපු ගම් ඌරු මස් කළුවට තෙල් දාලා ගම් කුකුළු මස් කෑලි වලට තුනපහේ දාලා බැදලා අරන්. ඒ කෙසෙල් කොළේ ඔතාපු පාර්සලේ දිග අරිනකොට පැත්තම සුවදයි.
ගොඩක් කාලෙකින් මන් රා පොල් කට්ටක් හරි මෙහෙම බොන්නේ .

” අයියේ ඔයා මීට කලින් බීලා නෑ කියලා කියන්න එපා “ 

දෙනුවන් එහෙම පොල් කට්ටෙන් තොල ගාන ගමන් කියද්දී උත්තරයක් දෙනකම් මන් බලන් හිටියේ නිලූෂ දිහා. මන් මුළු පොල් කට්ටම බිලා ඉවර කරද්දී නිලූෂ උගුරු දෙක තුනයි බිව්වේ මූණත් ඇඹුල් කරන් .

” ම් කලින් බීලා නෑ බේබි “

” උගුරෙන් උගුර බොන්නැතුව එකපාරට ඕක උගුරට දා ගන්න හලෝ ”

දෙනුවන් එහෙම කිව්වත් හරි නිලූෂ බීගෙන බීගෙන ගිහින් මයෙ දිහා බලද්දී එයාගේ මූණත් හොදටම රතු වෙලා බලන්න ලස්සනයි.
ඒ ගමන් දෙනුවන් තව ටිකක් වක් කරලා ඌට දෙද්දී බෑ නොකියා ඌත් බිව්වා. පොල් කටු දෙකක්ම බීලා ඉවර කරපු මන් මස් කෑල්ලක්‌ අරන් කටේ දා ගත්තේ අපුල ගතියක් නැති වෙලා යන්න එක්කමයි.

” බා… ප් පි  මන් කැපුනා හ  රි. දෙන් නා
පරිස්සමින් ඉ න් න  ඉක්  මන් ය න වා ”

ටිකක් වෙරි වෙලා හිටපු දෙනුවන් භාගෙට කමිසේ බොත්තම් ටිකත් ඇරන් කාමරෙන් එලියට ගියත් හරි දැන් තමයි මන් වෙලාව දැක්කේ. දොළහත් පහුවෙලා. මට‍ ටිකක් වෙරි වගේ තිබ්බත් දෙනුවන් තරමට නෑ.

” ඇති නිලූ à·‚. අපි දෙන්න ත් යමු ”

ඉක්   කො  à·„à·š ද ”

” මයෙ කාමරේට ”

පේන විදිහට නම් නිලූෂ ට හොදටම වෙරි වගේ. කොල්ලගේ ඇසුත් ගොරක මද වගේ රත ගැහිලා. තොලත් ලාවට ඉදිමිලා වගේ. මේ රෑ ජාමේ වමනෙවත් යන්න ගියොත් ළිදට දුවන්න පුළුවනෑ.

” ම් ”

ම් කියලා නැගිට්ටත් මොකද මේකා වැටෙන්න ගියපු පාර මන් මේකව ඇදලා අරන් වාරු කර ගත්තේ ආයේ වැටෙයි කියලා.

” ම් ම ට බෑ නෙ ඉක් ඇ විදි න්න. ඇ ඇයි මේ බේ බිලා දෙන්නෙ ක්  ම මාව අ ල්ල න් ”

පොඩි එකෙක් වගේ ඔහේ දොඩවනවා.
යකඩ ගිලලා වගේ මේ අලි කොල්ලගේ පුදුම බරක්‌ . කොහොම හරි අමාරුවෙන් මේකා වාරු කරන් එද්දි මේකාගේ අතින් මයෙ ඉන මිරිකෙන එක තමයි ඉවස ගන්න අමාරු. 

ඉක්  ම ට ඉක් අමාරු යි ඉක් ”

” ශ් කෑ ගහන්න එ පා. ම ටත් ගොඩක් අමාරුයි ”

කොහොම හරි මේ අලි බබාවත් උස්සන් ඇවිල්ලා ඇදෙන් තිබ්බේ ඇද අයිනේම කොට්ටයකුත් බදන් නිදන් ඉන්න නුරාද දිහාත් බලලා. මන් කොල්ලව නිදි කරපු පාර තාම කොල්ලා හරි සනීපෙට කටත් ඇරන් නිදි. මන් එහෙන්ම රෙදි කෑල්ලක් අරන් වොෂ් රූම් එකට ගිහින් ඒකත් පොගවන් ඇවිල්ලා නිලූෂගේ මූණ පිස්සත් හරි ලාවට වගේ ඇස් ඇරපු නිලූෂ කමිසේ බොත්තම් ටිකක් පන්නන්න දැගලුවේ මාත් ඒකට හවුල් වෙද්දී. හොදටම රස්නි ඇති මෙයාට. එ අස්සේ මුගේ සරමත් ලිහෙලා.

” ව් à·€ තුර “

මයෙ බෝතලේ නිලූෂ ට දුන්නත් හරි මේකා වතුර බොන්න ගත්තේ ඇගෙත් භාගයක් හලන්. ඒත් වැඩි වෙලාවක් එහෙම නොඉද මගෙ අතට බෝතලේ දීපු නිලූෂ සරමත් එක අතින් අල්ලන් වැටී වැටී වොෂ් රූම් එකට යන්න හදද්දී මන් ආයේ පාරක් මයෙ ඇගට කොල්ලව වාරු කර ගත්තේ කොල්ලා සින්කෙකට නැමෙද්දී. ටිකක් මේකාට වැඩි වගේද කොහොදෝ. කලින් බීලත් නෑ කිව්වනේ. දැන් නම් කොල්ලට කෙලින් හිට ගන්නවත් පණ නැති වෙනකොට මයෙ ඇගටම සම්පුර්ණයෙන් වාරු වුනේ සරම අල්ලන් හිටපු අතත් අතෑරිලා ඔහේ පහළට සරම කඩන් වැටෙද්දී.   මන් හරි අමාරුවෙන් එයාගේ ඇගෙන් ඇස් අහකට අරන් සරමත් පැත්තකට කරපු මන් එයාව බිම ඉන්දවලා  මූණ ඇග පත හේදුවේ එයාගේ ඇගේ සිනි ගද යන්නත් එක්කමයි.

” ස් සීත ලයි බ් බේ බි ”

එයාව එළියට අරන් ඇවිල්ලා හොදට මයෙ තුවායෙන් පිහන්න ගත්තේ එයාට සීතල අල්ලයි කියලා.

” දැන් හරි “

” ම් ”

මයෙ හෝදලා දාපු සරමකුයි කමිසෙකුයි අන්දනකම් නිලූෂ ඔහේ මගෙ දිහා බැලුවේ වචනයක් වත් නොකියා. වමනේ ගිහිල්ල ඇග ටිකක් හේදුවට පස්සේ නම් කොල්ලට කලින්ට වඩා වෙරි ටිකක් අඩුයි වගේ.

” ඇයි ”

මගෙ දිහාම බලන් හිටපු නිසා මන් ඇහුවේ එයාගෙන්.

” ම යෙ පපුවට අමුතුයි. ඩග් ඩග් ගානවා “
” ඒ මන් ඉන්න නිසා ”

නිලූෂ පපුව ඩග් ඩග් ගානවා කියද්දී මන් ඉන්න නිසා කියලා මන් කිව්වේ එයා මොනාද කියන්නේ කියලා බලන්න.

” ඔව් ඔයා ඉද්දි තමයි ම යෙ පපුව මෙහෙම ගැහෙන්නේ ”

” ඇත්තටම ද ”
 
මන් ඇත්තටමද කියලා අහද්දී මන් දිහා බලපු කොල්ලා කරේ මාව ඇදලා අරන් ඒ පපුවට තද කර ගත්ත එක.

” ඇහෙනවද “

” ම් තාලෙට ගැහෙනවා ”

” ම් ”

මේ කොල්ලා මාව තව තව තද කරද්දී නම් මටත් දැන් මොකදෝ වගේ.
ඇයි දන්නේ නෑ එක පාරටම ආපු සිතුවිල්ලකට මන් එයාගේ පපුවේ එක පැත්තක් හැපුවේ නිලූෂට කෑ ගැස්සෙද්දී.

” ආව් ”

ටික වෙලාවක් එයාගේ පපුවෙම එහෙන්ම ඉද්දි මට‍ තියෙන වෙරි මතටත් එක්කලා ඇස් පිය වී ගෙන ගියේ නිලූෂ තාමත් මයෙ ඔලුව අත ගාද්දී.

ඊලග උදේ මන් නැගිටිද්දී ඔලුව පුපුරන්න වගේ රිදෙනවා. ඒ මදිවට මදි නොකියන්න කොන්දේ පැත්තක් ඇදුම් කද්දී මන් එහෙන්ම හැරිලා පුතා දිහා බලද්දී මන් දැක්කේ පුතාවත් තුරුල් කරන් නිදන් ඉන්න නිලූෂ ව. ඒ දෙන්නට එහෙන්ම නිදා ගන්න දීලා මන් එළියට ගියේ අප්පච්චි වත් හම්බ වෙන්න.

” අප්පච්චි “

” මොකෝ පාන්දරම මාව හොයන් ආවේ ”

” අප්පච්චි මන් නිලූෂ ත් එක්කලා හන්දියට ගිහිල්ල එන්න යන්නම් “

” ඒ මක්කැටයි ”

” හෙට යාපනේ යන්න බඩු ගන්න ඕනී “

මන් එහෙම කියද්දී එතැන්ට අම්මත් ඇවිත් වාඩි වුනේ අප්පච්චිට කහට එකයි හකුරු කෑල්ලකුයි අතට දීලා.

” එනින් ගමන් එළවලු ටිකකුත් ඕනී. පාන්දරට මන් බත් ගෙඩියක් ලෑස්ති කරලා දෙන්නම්. ”

” ඇයි අම්මේ කමනි නැන්දා ”

” ඒ මනුස්සයට පාන්දර ජාමේ එන්න පිස්සු ඈ පුතා ”

අම්මා එහෙම කියද්දීයි මට‍ මතක් වුනේ නැන්දා පහ කිට්ටු වෙද්දීනෙ වලව්වට එන්නේ ඉතින්.

” පුතා මොකෝ ඔය තොලක් තුවාල වෙලා ”

අම්මා එහෙම කිව්ව පාර තොල දිවෙන් තෙත් කරද්දී දන්න පටන් ගත්තත් හරි තමයි අම්මා කිව්ව දේ ඇත්තක් කියලා දන්නේ.

” ම් මේ මොනා හරි කද්දී මයෙ තොලවත් පෙන්න ඇති අම්මා ”

මටත් හිතා ගන්න බෑ මයෙ තොල තුවාල වෙලා තියෙන්නේ කොහොමද කියලා.

අනික් පාර්ශවේ….

” ඩ් ඩැඩී “

” මොකද ”

 
” අරයා ඇවිල්ලා ”

” ම් මොකක්‌ මොකක්ද උබ ඔය කියන්නේ ආ  ඔයා කියන්නේ…………… එතකොට දැන් ඌ ඇවිල්ලා ඉන්නේ “

” ඔව් ”

චටස්

ඩැඩිගෙ කම්මුල් පාරත් එක්කලා වැටෙන්න ගියපු මන් එතැනම වගේ තිබ්බ පුටුවක්‌ අල්ල ගත්ත නිසා යන්තමින් බේරුනත් මයෙ කම්මුල් තාම පුපුරු ගහනවා. අපරාදේ අරකි මට ඕක ඩැඩීට කියන්නත් එපා කියලා කිව්වා.

” උබම දැන් තනියෙන් ඕන දෙයක් කරපන්.  උබට මන් ඒ දවස් වලම කිව්වා ඕකව හදා ගමුයි කියලා ”

ඩැඩී ඉතින් කොහොම කිව්වත් ඔය වගේ වැඩක් වෙයි කියලා මන් කොහොම දැන ගන්නද.

” ඩැඩී මන් එහෙම දෙයක් හිතුවේ නෑ ඇත්තමයි ගෝඩ් ගේ නේම් එකෙන් වුනත් ප්‍රොමිස් වෙන්නම් මන් ”

මන් එහෙම කියද්දී ඩැඩීගේ මූණ යකෙක්ගේ වගේ වෙන්න තප්පර ගානක් වත් ගියේ නෑ. අපරාදේ මාම් හිටිය නම් මොනා හරි කර ගන්න තිබ්බා මට.

          ……………………….

ගිහිල්ලා එන්නම් යාලු ❤️🤗

බුදුසරණයි හැමෝටම 🙏🙏

             ❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 11