À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා

A+ A-

     මන් ඇස් ඇර ඇර නැගිටිද්දී මගෙ ඔලුවට තඩි ගලක් අත ඇරලා වගේ තමයි රිදෙන්නේ.

” අ à·„à·Š ”

දෙයියනේ නුරාදත් මගෙ බඩට පැන්න පාර මට දවල් තරු පේන්න පටන් ගත්තේ ඔලුව මදිවට යටි බඩත් රිදුනු නිසා. මන් ඊයේ රෑ එතකොට බේබි ගේ කාමරේ තමයි නිදන් තියෙන්නේ එහෙනම් .

” ආ ආ ”

පැටියා මයෙ කම්මුලට අතින් තට්ටු කර කර මොනවදෝ කියන්න හදනවා.  දැන් නෙ මට ඊයේ රා උගුරු ටිකක් බිව්වා කියලා මතක් වුනේ. මන් ඊයේ රෑ මොන ජවුසමක් නැටුවද මන්දා. මෙලෝ දෙයක් හරියට මතකත් නෑ.
භාගෙට ලිහිලා තිබ්බ සරම් කොටෙත් හදන් පැටියවත් ලූණු කරේ තියන් මයෙ කාමරේ බලා පිටත් වුනේ සින්දුවකුත් හීනිවට මුමුණ මුමුණ. පොඩි බේබි පේන්න වත් නෑ. මගෙ කාමරේ ළගටම යද්දි මට‍ හම්බුනේ කමනි නැන්දව.

” අපේ අප්පේ කොල්ලෝ ඇයි කන්න ආවේ නැත්තේ “

” මන් දැන් නෙ කෙල්ලේ නැගිට්ටේ. මට‍ බත් එකක් වත් බෙදලා තිබ්බේවත් නැද්ද ඉතින් ”

” මන් කුස්සියේදි මැටි කෝප්පෙට දාලා අයින් කරා. දැන් වත් මූණ කට ඩිංගක් වත් හෝදන් බත් ටිකක් කාලා ඉදින් බන්.   අටත් පහුවෙලා. මළ පෙරේතයෙක් වගේ ”

දෙයියනේ මෙච්චර ලස්සන කොල්ලෙක් කොහොමද කමනියෝ මළ පෙරේතයෙක් වගේ වෙන්නේ.  මන් පැටියා එක්කලා කාමරේට එද්දී මයෙ කාමරේ ගන්න දෙයක් නෑ. තැන් තැන් වල පොල් කටු කෝප්ප  මස් කෑලි  කෙසෙල් කොළ  ඊයා මෙව්වා දකිද්දී මට වමනෙට වගේ එනවා .

” චුට්ටන් පැටියෝ ඔතනම පොඩ්ඩක් ඉදන් ඉන්න අයියා පටාර් ගාලා මේ ටික සුද්ද කරලා ගන්නම්කො ”

” ඕ ”

පැටියා ඔහේ ඇද උඩ සෙල්ලම් කරද්දී මන් අස් පස් කරන්න පටන් ගත්තේ ආයේ කවදා වත්ම බොන්නේ නම් නෑ කියලා හිතා ගෙන. ටිකක් වෙලා ගියාමයි මට‍ මීටර් වුනේ මන් ඇදන් ඉන්න සරමයි කමිසේ්යි මයෙ නෙවෙයි කියලා.

” යා ආ ආ ආ ආ ආ ආ ආ ආ ”

ශික් මන් ඊයේ රෑ ඇදුනුත් ගලවන් මොන ජවුසමක් නටලද දන්නෑ. මට නිකම්ම කෑ ගැස්සුනු පාර පොඩ්ඩත් මයෙ දිහා ඇස් බෝල කරන් බලන් හිටියේ පිස්සු හැදිලවද්ද අහන්න වගේ.  ඒ අස්සෙ පොඩි බේබි පේන්න ඇත්තෙත් නෑ.

කැකුළු බතුයි දෙහියි උම්බලකඩයි දාලා හදපු රතු පාට පොල් සම්බෝලයි තම්බපු බිත්තරයි අල බැදුමයි මන් කාමරේ ඉදගෙනම පොඩ්ඩට කවන ගමන් මාත් කෑවේ තලු මර මර. වලව්වේ රස කෑම තරම් වෙන කොහෙවත් නෑ මෙව්වගෙ රස කෑම.

” ජෝ ”

නුරාදට වතුරත් පොවලා මැටි කෝප්පේ අරන් කුස්සියේ පැත්තට යද්දියි මන් දැක්කේ පොඩි බේබි සරමේ කොනකුත් අල්ලන් නිර්මලත් එක්කලා කතා කර කර ඉන්නවා. මන් වතුර එකක් බීලා පොඩි බේබි පැත්තට යද්දි පොඩ්ඩත් මයෙ පිටිපස්සෙන්ම ආවේ කුස්සියේ මුල්ලක තිබ්බ එයාගේ කුරුම්බැට්ටියත් කරක කරක.  කොට කලිසම් කොටයකුත් ඇදන් පොඩි බඩ ගෙඩියත් එළියේ දාන් තඩිම තඩි සෙරෙප්පු දෙකත් ඔහේ ඇද ඇද එන පොඩ්ඩව දැකපු පොඩි බේබිට හීනිවට වගේ හිනාවක් ගියා.

” අප්පච්චිගේ වස්තු කොටේ අයියා එක්කලා මේ වෙනකම් දොයියෑවද  ආ…
අප්පච්චි නැගිටිද්දී මයෙ සුදු පුතා අයියා බදන් නෙ හිටියේ ආ….. ඒකයි කතා නොකර ආවේ.. උම්මියක් මෙතැන්ට “

පොඩි බේබි නුරාද දිහාට නැමිලා කෝලම් කර කර අවසානෙදි කම්මුලක් පෙන්නලා උම්මා එකක් ඉල්ලද්දී පොඩි එකෙක් වගේ. වයසට ගැලපෙන විදිහට නෙවෙයි ඉතින් ඉන්නේ.

නුරාදව හුරතල් කර කර ඉන්න පොඩි බේබි දිහා මන් හිනා වෙවී බලන් ඉදලා පැත්තක හිටන් ඉන්න නිර්මල දිහා බලද්දී එයා කටත් ඇරන් අපි තුන් දෙනා දිහා බලන් ඉද්දියි  එයා එහෙම ඉන්න හේතුව මට‍ තේරුම් ගියේ. මාත් ඉතින් මී ගවයා වගේ දෝරේ ගලා යන සෙනෙහසින් මේ දෙන්නා දිහා බලන් ඉදලා තියෙන්නේ ඉන්න තැනත් අමතක කරලනේ.

” දැන් ද නැගිට්ටේ “

” ඔව් “

” ටිකකින් ලෑස්ති වෙන්න. මන් අප්පච්චිට කිව්වා ඔයා ගෙනියනවා කියලා ”

” හරි බේබි ”

රතු පාට කමිසේ වැල මිට ළගින් අත් නමලා ලා අලු පාට කලිසම ඇද ගත්තු මන් මයෙ සුවද විලවුන් එකෙන් චුට්ටක් ඇගට හලන් ලාවට වගේ පොල් තෙල් ටිකකුත් උලා ගත්තේ මයෙ තඹ කොන්ඩේ පොඩ්ඩක් හරි කළු කර ගන්න හිතන්. ඉස්සරට වඩා මයෙ ඇග දැන් පිරිලා ගිහිල්ල. කොල්ලා පොඩ්ඩක්  මේ දවස් ටිකේ කළු වෙලා හිටියට මොකෝ තවත් මන් කඩවසම් වෙලා කියලා කන්නාඩිය බලද්දී තේරෙනවා.

” ඉවර නැද්ද තාම ”

” හරි ”

කන්නාඩියෙන් මයෙ පෙනුම බල බල ඉද්දි කාමරේ ඇතුළට ආපු පොඩි බේබි ඉවර නැද්ද අහද්දී මන් ඔලුව හොල්ලලා හරි කිව්වේ කන්නාඩි දෙක ගලවලා සාක්කුවට දා ගද්දි.

” ඇයි ඕක ගැලෙව්වේ ”

” ම් නිකම් ”

” නිකන් ”

” ඔව් “

ඇත්තටම මට එක ඇහැක් හොදට පේන නිසා මන් කන්නාඩි දෙක ටිකකට ගැලෙව්වත් අවුලක් නෑ.
පොඩි බේබිට මන් දාපු මාලේ එයාගේ විවර වුනු පපු කොටසෙන් පේන්න තියෙද්දී නම් මගේ හිත මොකද්දෝ දෙයකින් පිරිලා යනවා. එයා හරි ආසයි වගේ මන් දුන්නු ඒ මාලෙට.

” ඉන්න පොඩ්ඩක් ”

යන්න ගියපු බේබීගේ අතින් අල්ලන් මන් නතර කර ගත්තේ එයාගේ මූණට හුස්මක් දුරින් ළං වෙද්දී. ඉතින් වැහිලා ගියපු දොර දිහා බලපු මන් එයාගේ කළු ඝණ ඇස් දිහා බලද්දී එයාගේ ඇස් හරි කලබලෙන් මගෙ මූණ පුරා දුවද්දී මයෙ අතැගිලි ඒ අදුරු තොල් උඩ තිවුනත් හරි එයා ගැස්සුනා. එයාගේ තොල් තුවාල වෙලා ඉදිමිලා තියද්දී මට ඊයේ රෑ වුනු සමහර දේවල් ලාවට ලාවට වගේ මතක් වෙන්න වැඩි වෙලාවක් නොඑනකොට එයාගේ මූණ බලන්න බැරි කමට මන් බිම බලන් එයාගෙන් ඈත් වුනා.

ඊයේ එයාව මයෙ පපුවට ඇදලා අර ගත්ත පාර ටික වෙලාවකින් එයාට නින්ද ගියේ මන් එයා දිහාම බලන් ඉද්දියි. එහෙන්ම එයාව ඇදින් තියපු මන් තව තව ඇස් පියවුනු එයාගේ මූණ දිහා බලන් හිටියේ මාව තව තවත් එයාට ඇදිලා යද්දි. වෙරි මතේ හිටපු මට මාව පාලනය කර ගන්න බැරි මට්ටමකට ආවත් හරි ඒ තොල් දෙක මයෙ අතින් තුවාල වෙන්න තප්පර බර ගානක් යන්න ඇති . ඉතින් මට‍ බේබිගේ මූණ බලන්නත් මොකදෝ වගේ.

” ප් පො ඩි බ් බේ… ”

” මට පරක්කුයි යන් ”

මන් මොකුත් කියන්න කලින් පොඩි බේබි දොරත් ඇරන් ගියපු එකෙන් වුනේ මයෙ හිත මහා මූසල හැගීම් වලින් පිරිලා යද්දි. මට මන් ගැනම කේන්ති නොසෑහෙන්න. නිලූෂ උබ තව ටිකක් ඉවසන්න තිබ්බා යකෝ දැන් බලපන් වුනු දේ ශික් . බේබිට කේන්ති යන්න විදිහක් නෑ හැබැයි. මොකද මොකද මන් දන්නවා ඔය ගල් ගිලලා වගේ හිටියට එයත් මට කැමති කියලා. එයත් වචනෙන් නොකිව්වට මයෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා කියලා මන් දන්නවා. මන් යද්දී එයා වාහනේ ඇතුළේ ඉදන් කල්පනාවක හිටියේ දුර ඈතක් බලා ගෙන.

” කෝ නුරාද ”

” දෙව්මි එක්ක ”

” ම් ”

නිහඩ තාවය බිදින්න ඕනී නිසා මන් නුරාද කෝ කියලා අහද්දී එයා කිව්වේ දෙව්මි එක්කලා කියලා.

” දැන්වත් කන්නාඩි දෙක දා ගන්න ”

ඇදුම් කඩයකට ආපු පොඩි බේබි එහෙම කියලා මාවත් පාස් කරන් යද්දි සාක්කුවේ තිබ්බ මයෙ කන්නාඩි දෙකත් මන් දා ගත්තේ එයාගේ පස්සෙන්ම යද්දි. තනිකරම මේ කඩේ පිරිමි ඇදුම් වලින් විතරක්ම පිරිලා තියෙන ලොකු කඩයක්.

” සර් මොනාද බැලුවේ ”

කෙට්ටු සුදු හීන්දෑරි පොඩි කොල්ලෙක් හිනා වෙලා මගෙන් අහද්දී මට ඉබේම බැලුනේ බේබි දිහා. එයා කෙලවරේම කොටසක යට ඇදුම් වගයක් තෝර තෝර හිටියේ මේ පැත්තට පොඩිම හෝ අවදානයක් නොදෙද්දී.

” මගෙ සයිස් එකට කමිස ටිකක් බලන්න පුළුවන්ද ”

” එන්න සර් ”

මන් ඒ කොල්ලා පිටි පස්සේ කමිස තියෙන රාක්ක පැත්තට ගියේ ආපහු වතාවක් බේබි දිහා බලමින්.

” සර් මේ ටිකයි තව ආං අතනත් තියෙනවා ”

මන් කමිස දෙක තුනක් තේරුවත් මට නෙවෙයි හොද එකක් තෝර ගන්න පුළුවන් වුනේ. අතේ තිබ්බ කමිස තුන හතර ආයෙමත් රාක්කෙන් තියෙලා තෝරද්දී අර කොල්ලත් ඇදුම් ටිකක් තෝරන්න මට හවුල් වුනා .

” සර් මේක පොඩ්ඩක් ඇදලා බලන්නකෝ ”

කොල්ලා දීපු මෙරුම් පාට කමිසේ මයෙ ඇගට ටිකක් තද වුනාට ඒක හරි හැඩයි කියලා කන්නාඩියෙන් බලද්දී පේනවා.

” ඕක නම් සර්ටම කියාපු එක. ඉන්නකෝ පොඩ්ඩක් සර් “

ඉන්නකෝ පොඩ්ඩක් සර් කියපු කොල්ලා මයෙ ළගට ඇවිල්ලා උඩට වෙනකම් දාපු බොත්තම් දෙක තුනක් ගලවලා හිනා වුනත් හරි ඇස් කොනින් වගේ මන් දැක්කේ මේ පැත්තට අඩිය තියන පොඩි බේබිව.

” මේ ඕයී අයිසේ තමුසේට ලැජ්ජා නැද්ද ඕයී කොල්ලොන්ගේ කරේ ලගින්න ආ..
මන් අරහේ ඉදන් බලාගෙන හිටියේ උබේ හැසිරීම. ”

” සර් සර්ට වැර.. ”

නෑ ඒ කොල්ලට ආයේ කතා කරගන්න වුන්නෑ අර කොල්ලත් තල්ලු කරන් මයෙ ළගට ආපු බේබි වේගෙන් වේගෙන් මෙරුම් පාට කමිසේ බොත්තම් ටික ගලවලා මයෙ ඇගෙන් අයින් කරන්න හැදුවේ මට මොකුත් හිතා ගන්න බැරි වෙද්දී.

” දැන් වත් මයෙ දිහා කන්න වගේ බලන් ඉන්නැතුව මේක ඇද ගනින් මිනිහෝ. යමු වෙන කඩේකට. තමුසෙට ඇදුම් තෝර ගන්න බැරි නම් මට‍ කියන්නයි වෙන වෙන උන් හුරතල් කර කර ඉන්නැතුව මෙතැන .  මුනුත් හරි ආස ඇති අනුන්ගේ මිනිස්සු එක්කලා හුරතල් වෙන්න ”

මේ කියන ඒවාට මයෙ ඇසුත් දොඹ ගෙඩි  සයිස් වෙන්න ඇති බේබිගේ මේ පිපිරෙන පිපිරිල්ලට. අර කොල්ලටත් හොද දෙකක් රවලා මාවත් ඇදන් එලියට ආවත් හරි බේබි තාම වෙව්ලනවා. මන් වැඩිය බේබි එක්කලා වචනයක් වත් කතා කරේ නැත්තේ බොරුවට එයාගේ ඇගේ ලේ ටික පුච්චන්න ඕන්නැති නිසා. මන් තාම නිකන් ශොක් වෙලා වගේ.

එතැනින් පස්සේ ගියපු කඩවල් තුන හතරේම අපි දෙන්නටම ඇදුම් තේරුවේ පොඩි බේබී.  ඇදුම් තෝරන එක තරම් එපා වෙන වැඩක් මට‍ කොහෙවත් නැති තරම් කියලා මේ වෙද්දී හොදට තේරිලයි තිබ්බේ .

.
.
.
.
.
.
.
.
.
.

.

.

..
.

.
.
.
.

මට‍ කේන්ති හොදටම මන් මෙහෙ ඇදුම් තෝරද්දී නිලූෂ ගිහිල්ල තව කොල්ලෙක් එක්කලා වෙන තැනක ඇදුම් තෝරනවා. තවත් බලන් ඉන්න බැරි තැන අතේ තිබ්බ යට ඇදුම් ටිකත් දමලා ගහලා එතැනට යන්න හදනකොටම අර කොල්ලා නිලූෂගේ ළගට ගිහිල්ලා පපුවද මන්දා අල්ලනවා වගේ දකිද්දී මට‍ හුන් හිටි තැනුත් අමතක වෙලා ගියේ මගෙ අත පයත් වෙව්ලද්දි . වේගෙන් වේගෙන් ඒ දිහාවට අඩිය තිබ්බ මන් අර කොල්ලට හොද වයින් දෙකකුත් කියලා කොල්ලවත් එතැනින් තල්ලු කරන් නිලූෂ ඇදන් හිටපු අලුත් කමිසේ බොත්තම් ටික ගලවගෙන ගලවගෙන ගියේ මට මළ යකා ආවේස වෙද්දී. ඇයි යකෝ මුන් මෙහෙම ඉද්දි කේන්ති යන්නැද්ද මට. මූත් ඉතින් ඉන්නවා දැන් ඉතින් මොකුත්ම දන්නැති දොන්තයා වගේ.

ආයේ ගියපු කඩවල් වලින් එයාට මන් ඇදුම් තෝරද්දී එයත් ඔහේ බලන් හිටියේ මන් තෝරපු අපෙ ඇදුම් එයාගේ අතේ ගොඩ ගැහිලා තියෙද්දී.

වැව රවුමේ දකින දකින තැන් වල අත් අල්ලන් ඉන්න කපල් පුංචි පුංචි පවුල් දකිනකොට මට‍ ලොකු හුස්මක්‌ පිට වුනෙ හිතේ පොඩි බර ගතියකුත් එක්කමයි . මන් මට ටිකක් ඉස්සරහිම් යන නිලූෂ ළගටම ගිහිල්ල එයාගේ අත් වල බරට බරේ තියෙන මලු වලින් මලු දෙකක් ගත්තේ එයා නතර වෙලා මයෙ මූණ දිහා බලද්දී.  පව් හැබැයි මේ කොල්ලට හොදටම මහන්සි පාටයි .

” ඇයි ”

” කන්න මොනා හරි අරන් “

එයා ඇයි කියලා අහද්දී මට පොඩි බඩගින්නකුයි හිතේ පොඩි දුකකුයි තිබ්බ නිසා ඒ දෙකටම හරියන්න නිලූෂට මන් කිව්ව කන්න මොනා හරි අරන් දෙන්න කියලා. මන් කිව්ව කතාවටද මන්දා එයාගේ ඒ ඇස් හිනා වෙනවා.

” මොනාද ඕනී “

” ම් මොනා හරි . ”

” බඩ පිරෙන දෙයක්ද “

” බඩයි කටයි හිතයි තුනම පිරෙන්න දෙයක් ඕනී මට‍ ”

මන් එහෙම කිව්වත් හරි නිලූෂට හයියෙන් හිනා ගියේ මන් එයාගේ අත් ගොබයකට හයියෙන් ගහද්දි. වට පිටේ යන මිනිස්සු දෙතුන් දෙනෙකුත් අපේ දිහා හැරී හැරී බලන් යද්දි මට ලැජ්ජාවකුත් නොහිතුනාම නෙවෙයි . ඒත් ඉතින් මන් මොකට කියලා ලැජ්ජා වෙන්නද.

” ඔතනින් නතර කරන්න බේබී. මෙතැන හොදයි වගේ ”

ඇත්තටම මේ කඩේ තියෙන තැන හරි නිස්කලංකයි. එහාට්ට වගේ වෙන්න පොඩි කදුරකුත් එක්කලා තිබ්බ පොඩි පොඩි පොකුණු ටිකකුත් තියෙද්දී එතනින් ඇස් අහකට ගන්න හිතුන්නැති තරම්.

” මොනා හරි කාලාම ඒ හරියට යන් ”

මන් ඒ දිහාම බලන් ඉද්දි මයෙ කන ළගින්ම නිලූෂ ගේ කට ඇහුනත් හරි මගේ ඇස් නිලූෂගේ මූණට වැටුනා.
නිලූෂ කඩේ ඇතුළට ගිහිල්ල මොන මොනා හරි ගේනකම් පැත්තක තිබ්බ ලී මේසෙයක් ළගට ගිහින් නිලූෂ එනකම් බලන් හිටියේ කටේ හප හප හිටිය චුංගම් එකත් එලියට විහික් කරද්දී.

මැටි පිගානේ පිරෙන්නම කෑලි කපාපු බිත්තර රොටී. අනිත් පිගානේ කළුවට උයාපු දුම් දාන කුකුළු මස් කරිය. ඒ අස්සේ නුඩ්ල්ස් පිගානකුත් තියෙනවා දකිද්දී මයෙ ඇස් දිලිසුනේ එයාගේ මූණේත් හිනාවක් ඇදෙද්දී .

” තව මොනාද අරන් ඕනී  ආ “

” එපා ඇති ”

මයෙ බඩට තව දා ගන්න ඉඩක් නැති වෙද්දී ඔලුව හොලවලා එපා කිව්වේ මන් පුටුවෙනුත් නැගිටලා.

” නුරාදට මොනාද ගන්නේ ”

එයා එයාගේ සල්ලි ටිකත් සාක්කුවට දාගෙන ඉතිරි සල්ලි වලට ගත්තු චොකලට් එකක් මට දික් කරන ගමන් මයෙන් නුරාදට මොනාද ගන්නේ කියලා ඇහුවා.

” පළතුරු ටිකක් ගමු. “

අපි වලව්වට එනකොට දෙකත් පහුවෙලා තිබුනා වෙද්දී වොෂ් රූම් එක ඇතුලෙන්ම නා ගත්තේ ඇගේ තියෙන තෙහෙට්ටු ගතියත් නැති වෙලා යද්දි .

” බබා  කෝ නුරාද ”

” එයා අයියා එක්කලා කමනි නැන්දලාගේ ගෙදර ගියා ආපු හැටියේ චූටි තාත්ති ”

” කවලද එක්ක ගියේ ”

” ඔව් මන් කැව්වා දගයට ”

දෙව්මි මොකද්දෝ එකක් මහ මහා ඉද්දි මන් අහන එව්වට උත්තර දුන්නේ එයාගේ වැඩෙන් ඇස් අහකට නොගෙන.
මේ කෙල්ල එච්චරටම ඒකට සම වැදිලා.

” මේ ඒක නෙවෙයි ඉද ගන්නකෝ අප්ප බඩ්ඩක් කියන්න ”

දෙව්මි වට පිටත් බල බල එයා මහ මහ හිටපු රෙදි කෑල්ලත් පැත්තකින් තියෙලා වේ වැල් පුටුවේ හරි බරි ගැහිලා වාඩි වුනේ ලොකු කතාවකට මුර පුරන්න වගේ.

” දැන් මොකක්ද ඔය හාමිනේගේ රහස “

මන් හිතන්නේ දෙනුවන් ගැන කේලමක් වෙන්න ඕනී.වුනා කාලේ ඉදන් දෙව්මිගේ විනෝදාන්ශේ තමයි එයාගේ අයියා ගැන අපි එක්කලා කේලම් කියන ඒක. ඒක තරම් වෙන සතුටක් එයාට නම් කොහෙවත් නෑ.

” මන් ඇත්තමයි බාප්පි කියන්නේ. මන් ඇස් දෙකෙන්ම දැකලා මේ කන් දෙකටත් ඇහිච්චි ඒවා තමයි කියන්නේ හොදද. මට නම් අදහා ගන්නත් බෑ බාප්පියෝ මේ…. “

” වටින් ගොඩින් යන්නැතුව කෙලින්ම කියන්න බබා ”

වට්ටි අම්මා කෙනෙක් වගේ හැච පැච ගද්දි නම් මයෙ ඔලුවත් කැක්කුමයි.

” අයියෝ බාප්පි මැදින් ඇඩ් දන්න එපා හලෝ. ”

” ම් කියන්නකෝ දැන් වත් ”

” මේ අපෙ එකාගෙයි නිර්මාල් අයියගෙයි හුටපටයක් තියෙනවා වගේ. “

” ම් මොකාක් ”

ඒක ඇහුව මට‍ කෑ ගැස්සුනු පාර දෙව්මිත් ගැස්සිලා ගිහින් වට පිට බැලුවේ කවුරු හරි එයි කියලා බලලා.

” බොරුවට කෑ ගහන්න එපා බාප්පි. මාත් බය වුනා ඔක්කොටම කලින් ඔයාගේ ඔය කෑ ගැහිල්ලට “

” ඒක ඇත්තමද ”

” ඇත්ත ඇත්ත බාප්පි. එදා නුරාදයි මායි හැංගි මුත්තෝ කර කර ඉද්දි මන් එහා පැත්තේ පරණ මඩුව ඇතුළට ගිහිල්ල හැංගෙන්න හදනකොට මඩුවේ එහා පැත්තේ පිටි පස්සෙම කොටසේ මන් දැක්කා අපෙ අයියා අර අයියාවත් බදන් නළලට තොත්තුවක් දීලා කම්මුල් දෙකත් මිරිකනවා. ඊට පස්සේ නිර්මල අයියත් අපෙ අයියගේ බෙල්ලේ එල්ලිලා මූණ දිහා කන්න වගේ බලන් හිටියා ඉතිරි ටික බලා ගන්න වුන්නෑ හලෝ චූටියා ආවා නෙ මාව හොයන්. අපරාදේ තව ටිකක් හිටියා නම් හොද හොද දේවල් බලා ගන්න තිබ්බා මට‍ ”

“  ආයේ දැක්කේ නැද්ද ”

” නෑ බාප්පියෝ ”

ඒක තමයි එහෙනම් දෙනුවන් අයියා එක්කලා යන්න බෑ කිය කියා මෙහෙ ඉන්න ඕනී කියලා නහයෙන් ඇඩුවේ.
මේකා නිසා කමනි නැන්දටත් කවදා හරි ප්‍රශ්නයක් වෙයිද මන්දා. කාමරේට ගියපු මන් හෙට පාන්දරම ට්‍රිප් එක යන්න ඕනී නිසා බෑග් එක ලෑස්ති කරන්න පටන් ගත්තත් හරි නිලූෂ ඉතිරි සල්ලි වලට ගත්තු චොකලට් එකත් මට මතක් වුනා. ඒ චොකලට් එකෙන් කෑල්ලක් කටේ දාගෙන ආයේ ආයේ රෙදි ටික නමලා ඇතුළට දැම්මේ අඩු පාඩු මොනාද කියලා හිතමින්.

කම්මැලි කම යන්නත් එක්කලා නිලූෂ ගේ කාමරේට යනකොට එයා නෙවෙයි කාමරේ හිටියේ. කොහේ ගිහිල්ලද මන්දා මේ කොල්ලා.

” මොකද මල්ලි තමුසේ ඔය කාමරේට එබී ගෙන කරන්නේ ආ ”

මන් ගැස්සිලා ගියේ අපේ අයියගේ කටහඩට. දැන් දීපන්කො ඉතින් උත්තර.

” න් නෑ මේ අයියේ නුරාද කෝ කිය… “

” පොඩ්ඩා අපෙ පුතත් එක්කලා ගියා කමනි නැන්දලායේ දිහා “

” අහ් හරි අයියේ ”

එහෙම කියලා මන් ආයේ එන්න හැරුනත් ආයේ සැරයක් අයියා කතා කරපු නිසා මන් ආයේ එයා ළගට ගියේ අඩියට දෙකට.

” ආ මේ බැදපු රට කජු ටික දෝදලේ හැදි ගාන දිහාට දියන්කෝ පොඩ්ඩක් “

” ඈ දොදොල් හදනවද අයියේ එතකොට ”

” ඔව් අප්පච්චිට දොල දුකයි ඇවිල්ලනේ ”
අයියා රට කජු ටික දීලා යන්න ගියත් හරි මන් එළියේ පැත්තට ගිගින් වට පිට බලද්දී තමයි දැක්කේ දර මඩුවෙන් එහාට්ට වෙන්න කට්ටියක් දොදලේ හැදි ගානවා. අපේ අප්පේ නිලූෂ සරමත් දණ හියෙනුත් උඩට හිටින්න නවාගෙන ගැටයක් ගහන් උඩ කමිසෙත් ගලවන් හෝ හෝ ගාලා හැදි ගානවා. සෝමේ මාමා බිමටත් නැවීගෙන ලිප අස්සට හනසු දානවා. අප්පච්චි ඉතින් පැත්තකට වෙලා දොදලේ දිහා බලන් ඉද්දි කමනි නැන්දා නිලූෂට අරෙහෙම හැදි ගාන්න මෙහෙම හැදි ගාන්න කියලා කියද්දී නිලූෂත් ඒ විදිහට කරනවා. එයාගේ ඇග අව්ව වැදිලා දිලිසෙනවා. ඒ මදිවට ගින්දරේ සැරට නාලා වගේ දාඩිය දාලා කොල්ලගේ. 

” පොඩි ඕක ගෙනෙන් මෙහාට “

මන් ටිකක් ඈත හිටන් නිලූෂ දිහා බලන් ඉද්දි අප්පච්චි මට කෑ ගහපු පාරට දොදොල් හැදි ගගා හිටපු නිලූෂ ත් මයෙ දිහා බැලුවේ මන් ඉක්මනින් ඉක්මනින් රට කජු ටිකත් අරන් එතැනට යද්දි.
මයෙ අතින් කජු ටික ගත්තු කමනි නැන්දා ඒ ටික දොදොල් හැලියට දාද්දි අපෙ අම්මාත් ඇවිල්ලා ඒකට තව කුඩු කරපු කජු ටිකකුත් දැම්මා.
මටත් හෙට එහෙනම් ගෙනෙත හැකි දොදොල් නම්.

” කෝ කෝ හයියෙන් හයියෙන් හැදි ගාපන් කොල්ලෝ ”

මෙයා ගොඩක් වෙලා ඉදලද දන්නෑ මෙහෙම හැදි ගාන්නේ. ඒ අස්සේ ඉතින් අපෙ අප්පච්චිත් කොල්ලටම හැදි ගාන්න කියනවනේ ඉතින්.

” අප්පච්චි මට වත්තට යන්න ඕනී ”

” ඉතින් කොල්ලෝ මට‍ කියන්ටේ. අම්මත් එක්කලා හරි යන්න ”

” අයියෝ අප්පච්චි අම්මට එහෙ යන්න බෑනේ. මන් නිලූෂ එක්ක යන්නම් “

කොහොම කොහොම හරි අප්පච්චිගේ බර බරෙත් එක්කලා තිත් බටු ටිකක් කඩන්නම් කියලා නිලූෂත් එක්කලා වත්ත පහළට ගියේ බාල්දියකුත් අරන්. කිව්ව වගේ නෙවෙයි දැන් ඉතින් කටුත් ඇන ගෙන තිත් බටුත් කඩපල්ලකෝ.

” මාව හෙව්වද පොඩි බේබී ”

වලව්වෙන් ටිකක් ඈතට වගේ තිබ්බ කොටුවට ආපු අපි ගලක් උඩින් ඉද ගත්තේ එතැන චුට්ටක් ඉන්න හිතන්.  කරේ තිබ්බ අත් කපාපු බැනියමත් ඇද ගත්ත නිලූෂ මයෙ ළගටම ඇවිල්ලා මාව හෙව්වද කියලා අහද්දී මයෙ කටින් ඇත්තම එළියට පැන්නේ එයා මට තව තවත් ළං වෙද්දී.

” ම් ගොඩක් වෙලා යනකම් හෙව්වා මන් “

එයා එහෙම මයෙ දිහා එක දිගට බලන් ඉද්දි ඇයියේ මන්දා මගේ ඇගේ හිරිකඩත් පිපෙනවා. ඒ ඇස් හරි කලබලෙන් මයෙ මූණ පුරා දුවද්දී මන් එයාගේ මූණෙන් ඇස් අහකට අරන් බිම බලා ගත්තේ එයාගේ ඒ ගොරෝසු අතක් මයෙ අතින් මිරිකෙද්දී.  ඔයාම මට මොනා හරි කියන්න නිලූෂ .  මේ පොඩි බේබී මයෙ සඳ කතා කරනකම්  බලන් ඉන්නවා.

            ……………………………….

ගිහිල්ලා එන්නම් යාලූ ❤️🤗

බුදුසරණයි හැමෝටම 🙏🙏

වෝට්  කමෙන්ට් වලට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි 💗💗

           ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) එකොළොස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 12