À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා

A+ A-

83 කොටස ඊයේ දැම්මා ළමයි. ඒක කියෝලා මේක කියවන්න 😊❤️ ඊයෙත් නොටිෆි ආවේ නැද්ද කොහෙදෝ….

” දිදු මක්කද මයෙ චන්ඩි පැටව් දෙන්නා එක්ලා කොරන්නේ ම් ….. “

මට හිතා ගන්න අමාරුයි. එහෙම වෙන්නේ කොහොමද. මේ නම් දිනුවගේ අප්පච්චිමයි. අඩි හයක් විතර උස දිනුවගේ අප්පච්චි අඹපු ඉටි රූපයක් වගේ. ඇගේ එක කැළලක් නෑ. ලා කහ පාටයි. ඝන කළු තියුණු ඇස් දෙකට ගැලපෙන්නම ඝන හැඩති ඇහි බැමි දෙක. ගානට අඩු කරාපු රැවුල. උඩට කරන් තියෙන කොන්ඩේ ගෙඩිය. හරි ලස්සන රූපයක්. ෆොටෝ වල දැක්කට වඩා ගොඩක් වෙනස්. ඒත් ඇයි මයෙ චන්ඩි පැටව් දෙන්නා කිව්වේ. මේ දිනුලගෙ අම්මියි අප්පච්චියි නම්. අප්පු එතකොට දිනුලගෙ අම්මිද. එක්කෝ මට පිස්සු හැදීගෙන එනවද කොහෙදෝ. ඊළගට ඇහුණු දේත් එක්ක මයෙ ඇසුත් දොඹ ගෙඩි සයිස් වෙලා මගෙ මූණ ඉබේටම හැරුණේ දැන් ආපු හැඩි දැඩි පිරිමි පරානේ ළගට.

” ලොකු බේබී චූටි පැටියව පිරිසිදු කොරලා යන්ඩ හැදුවේ මන් මේ “

” කවුරුත් නැති වෙලාවට ඇයි ඔහොම දොඩන්නේ ම්….. මගෙ දරුවෝ දෙන්නා ඉස්සරහ කමක් නැතුවා බන්. උබ මට ආදරෙන් කතා කොරපංකෝ මයෙ දරුවෝ ම්…..  “

” අපති….. වදා.. “

මන් බලාන් හිටියා. මගෙ ඇස් වලින් කදුළු කැට පෝලිම් බහිද්දී මන් ඔහේ බලන් හිටියෙ ඒ හතර දෙනා දිහා. අප්පුගේ අස්සේ හිටපු කලිසමක් නැති පොඩි එකා ඉක්මනට ගියෙ අර මනුස්සයා දිහාට වෙද්දී එයා පැටියව වඩා ගෙන ඉම්ඹා..

” මගෙ අහස් මොකෝ අයියා එක්කලා ගුටි කෙලියක් කරන්ඩ නේද ආ හැදුවේ. අප්පච්චි දැක්ක හින්දා හොදා ඉතින්. මයෙ අප්පු කහට කෝප්පයක් වක් කොරලා දියන්කෝ බන්. තිබහයි උබේ මිනිහට .”

” හරි අප්පච්චි. දිනූ යමු අම්මි එක්ක අප්පච්චිට කහට එකක් වක් කරන්න “

දිනූ. එතකොට ඒ උබමද දිනුල. නැත්තම් ඒ මමද. ළමයි දෙන්නවත් මාරු වෙනෝ වගේ මට. මයෙ හිත හරි කලබලයි. අප්පු දිනුලටත් උම්මා එකක් දීලා වඩා ගෙන කුස්සියේ පැත්තට යද්දි මන් ඉක්මනට අඩිය තිබ්බේ ලොකු බේබී යන දිහාවට. එයා ළමයා එක්කලා ඔන්චිල්ලවේ ඉදගෙන පොඩි එකාව දාගෙන හුරතල් කරද්දි මාත් පැත්තකින් ඉද ගත්තා. මට ආයේ ආයේ දැනෙනවා මන් මේක කලින් විදලා තියෙනවා වගේ හැගීමක්. මගෙ නමත් අහස්‍ය වෙද්දී මේ පොඩි එකාට කොහොමද ලොකු බේබී අහස් කියන්නේ. මේ කවුද ඇත්තටම. එක්කෝ දිනුලටවත් ආදරේට එහෙම කියනවද

” චූටි මගෙ රන් කොටේ… අයියා එක්ක ආයේ රණ්ඩු කරන්න යන්න එපා හාද මගෙ පැටියෝ. අප්පච්චි කැමතියි ඔයාලා දෙන්නා හරි ආදරෙන් ඉන්නවා දකින්න. අප්පච්චිට ඉන්නෙ ඉතින් මගෙ පුතාලා දෙන්නා විතරයිනෙ රත්තරන්. එහෙම නේද ආ…. “

” ඕ… “

කොල්ලා කට පුරාම හිනා වෙනවා. ඒත් එක්කම වගේ අපෙ ළගට ආපු මගෙ අම්මා දැක්ක පාර මන් ආයේ ගැස්සිලා ගියෙ ඒ ඇහුණු වචනේ හින්දා. අම්මා නම් මට අදුර ගන්න ඒ හැටි වෙලාවක් නෙවෙයි ගියෙ. ඇත්තටම අප්පච්චි වගේ මනුස්සයෙක් නම් අහළ ගම් හතකවත් නැතිව ඇති. මට ඇවිල්ලා තියෙන්නේ අප්පච්චිගෙ ඇස් දෙක විතරද කොහෙදෝ.

” මයෙ මහත්තයා කොයි වෙලේද ආවේ.. මන් ඒත් මේ බැලුවත් එක්කලා චූටි කෝ කියලා… බැලින්නම් ඒකගේ අප්පච්චි එක්කලා හුරතල් වෙනවනෙ. පොඩී නම් ගන්ට දෙයක් නැතුවානෙ මයෙ හාමු. අරකා අස්සෙම නොවෑ ඉන්ටෙ. අප්පුවට පුදුම කැක්කුමක්‌ නොවෑ අපෙ දරු පැටව් දෙන්නා ගැන තියෙන්නේ “

“  ලොකු හාමු කහට ක්‌ කෝප් පේ….. “

අප්පු ඇවිල්ලා ලොකු හාමුගේ අතට කහට කෝප්පේ දික් කරත් හරි අපෙ අම්මා හොද වයින් ඔරවලා බැලුවේ අප්පු දිහාට. දැන්  නම් මට හොදටම තේරුණා අප්පු එක්ක ඇගේ එල්ලි එල්ලි හිටපු චූටි එකා මන් කියලා. මෙතන මේ ඉන්නෙ දිනුල තමයි. එතකොට මගෙ දරු පැටව් දෙන්නා කිව්වේ ආශ්…. ආයෙත් මට පිස්සු හැදීගෙන එනවා.

” අප්පු ගිහිල්ලා මයෙ මල්ලිට ඩිංගක්  එන්න කියාපන්කෝ මාව හම්බෙන්න “

ලොකු බේබී එහෙම කියලා කහට කෝප්පේ තොල ගෑවේ එයාලා දිහා බලන් ඉන්න අපෙ අම්මට වත් බැල්මක් නොදී . මේ අම්මා නම් එතකොට මේ අපෙ අප්පච්චිද. මගෙ ඔලුව පුපුරන්න වගේ වෙද්දී මට ඔක්කොම රූප බොද වෙවී පේන්න ගත්තා…..

” හාමු…… හා…..මූ… නැගිටින්න වස්තු… කෝ මන් කිරි ඩිංගක් වක් කරා…. මයෙ හාමු…. මයෙ මැණිකෙ කෝ කෝ ඉතින් “

ලාවට වගේ මගෙ නිලූෂගෙ කටහඩ ඇහුනත් හරි මන් ඇස් දෙක ඇරියේ මගෙ හිතට මහා බරක්‌ දැනෙද්දී . ඒත් එක්කම මට ආයේ ආයේ මතක් වුණේ මන් දැකපු හීනේ .

” ඒයි වස්තු ඇ යි දෙයියෝ අඩන්නේ මේ… ම්.. ඇයි මේ “

පැනපු ගමන් මන් නිලූෂව බදා ගෙන මූණ බෙල්ලේ අස්සේ ගහ ගත්තෙ මයෙ මනුස්සයා මගෙ කැඩිච්ච සරමත් මයෙ ඉන වටේ පටලවලා මාව ඒ ඇගට තුරුල් කර ගනිද්දී. මට නෙවෙයි එක වචනයක් පිට වෙන්නේ.

” රන් කද… ඇයි මයෙ හාමුට මේ නිලූෂ අතින් වැරැද්දක් වත් වුනාද ම්… ඇයි බන් ඔහොම අඩන්නේ දෙයියෝ… චුට්ටක් කතා කරන්න පුළුවන්ද මැණිකට…. නෑ එක්කෝ කතා කරන්න එපා රන්. ඇති වෙනකම් උබේ මිනිහා ළග අඩපන්. අඩලා අඩලා හිත නිදහස් කරපන් මයෙ මැණික “

” ම් ම යෙ මහ ත්ත යෝ ම් මට දිනු ලව හම් බෙන් න ඕ නී “

ඒ පපුව අස්සෙම මූණක් වත් උස්සන් නැතුව මන් එහෙම කිව්වත් හරි එයා ලොකු හුස්මක්‌ පාත දාලා මාව ඇදලා අරන් එහාට්ට කරත් හරි මන් දැක්කේ එයාගේ ඇස් දෙක එන්න එන්න රතට හැරෙනවා..

” උබට මේ දැනුත් දිනුලවද මතක් වෙන්නේ ආ…. යකෝ මන් මොකෙක් වගේද පේන්නෙ ම්…… “

දෙයියනේ මයෙ කට.ඇයි මේ මෙයා මෙහෙම. නිලූෂ වෙව්ලනවා තරහටම. මන් මයෙ අත් දෙකෙන් නිලූෂගෙ අත අයින් කරන්න හැදුවත් එයා කළේ තව තවත් මයෙ කට තද කරන එක.

” මොකක්ද කියපන් ඒකත් එක්ක තියෙන සම්බන්දෙ ම්….. උදේන්ම් නැගිට්ට ගමන් ඒකගේ නම කියන්න තරම් මොකක්ද කියපන් ඉතින්. හාමු මයෙ යකා අවුස්සන්න එපා… අඩන්නේ ඇයි කියලා අහපුහාම කොහෙදෝ නැති කාලකන්නියෙක් මතක් කරනවා “

” ම් à·„à·Š අ ත….. “

දෙයියනේ මයෙ කට. එයා අත ඇරියත් හරි මන් ආයේ ඒ පපුවෙම ඔලුව තියා ගෙන හුස්ම ඇල්ලුවා.

” දි නු ල කියන්නේ මගෙ මල්ලි නිලූෂ. මට පිස්සු වගේනෙ…. මන් පොඩි කාලේ හීනයක් දැක්කා නිලූෂ… “

” මයෙ හාමු කොහොමද එහෙම කියන්නේ ම්…. හීනයක්. පොඩි කාලේ. හරි පොඩි කාලේ සිද්දි අපිට ලොකු වෙලත් හීනෙන් පේන්න පුළුවන්. හැබැයි මයෙ හාමු කොහොමද එහෙම හරියටම කියන්නේ “

චූටි මැණිකෙවයි පැටියවයි කමනි නැන්දට බලා ගන්න කියලා මන් බයික් එකේ පිටිපස්සට නැග්ගේ දිනුලලාගෙ නෙවෙයි මල්ලිගේ ගෙදර යන්න. මට ඇත්ත දැන ගන්න ඕනී. අප්පච්චි කියන ඒවා කොහොමද මන් විශ්වාස කරන්නේ.  තාම මට ඇඩෙනවා ඇඩෙනවා වගේ. මන් තව ටිකක් මයෙ නිලූෂව බදා ගත්තත් හරි එයා මයෙ අත් දෙක උඩින් එයාගේ අත තියා ගෙන බයික් එක හිමීට පාරේ ගෙනිච්චා. අද ඉරිදා හින්දා මල්ලි ගෙදර ඇති.

” වස්තු බහින්න “

” අහ් ආවද “

මන් බලද්දී මයෙ නිලූෂ බයික් එක මිදුලටත් දාලා මට කතා කරනවා. මන් බැස්සත් හරි දැක්කේ දොර ඇරලා ඉස්තෝප්පුවට එන ගයාන්ව. හැදි මිටකුත් අරන් ඇවිල්ලා.

” මේ එන්න ඇතුළට. මන් දිනුලව ඇහැර වන්නම් “

එයා එහෙම කියාගෙන ඇතුළට යද්දි මන් නිලූෂවත් එක්ක ආවෙ ඇතුළට. නවයටත් කිට්ටුයි. තාම නිදි මයෙ මල්ලි පැටියා. රාහු ටීවී එක බලනවා.

” මේ දැන් කමක් නෑ නෙ මගෙ මල්ලිව බදා ගත්තට “

” හ්ම් “

එච්චරයි. හ්ම් විතරයි. හරි නම් මගෙ කට මිරිකපු එකට මන් ගහන්න ඕනී මෙයාට. ඒත් එක්කම මන් දැක්කේ මේ පැත්තට එන එයාව. ඇත්ත තමයි අපි දෙන්නා පොඩ්ඩක් එක වගේනෙ. අපි විසම කිඹුල්ලෝ දෙන්නෙක්. මයෙ සතුට කෝච්චරද කියනවා නම් මයෙ අඩිය ඉක්මන් වුණේ මේ පැත්තට එන දිනූ ළගට

” විරා උබ… උදේ පාන්දර ම්හ්….. ඒ ඇයි බන් මේ……. “

” කටපියා ගනින් දැන් වත් රගපාන් නැතුව. ඇයි ආ මේ අයියට මොකුත් කිව්වේ නැත්තේ ආ මල්ලි…. මෙච්චර දෙයක් ඇයි මේ අයියගෙන් හැංගුවෙ. දැන් උබ කියන්න හදන්න එපා මොකවත් තේරෙන්නේ නෑ කියලා. මන් හැම මගුලක්ම දන්නවා “

මයෙ ඇස් වලින් කදුළු කැට එක දෙක එයාගේ කම්මුල් දෙක තෙමාගෙන ගියත් මන් තව තවත් මයෙ නළල ඒ නළලේ තියන් මගෙ අත් දෙකෙන් ඒ කම්මුල් දෙක අල්ලන් හිටියා. ඒත් එක්කම එයා කිව්ව එකෙන් මන් බැලුවේ එයා දිහා.

” මල්ලි නෙවෙයි බන් අයියා. තප්පර ගානකින් උබට කලින් මන් ඉපදුනා. මෙහෙ එනවා ඉතින් මගෙ පොඩි එකා. පොඩි අප්පච්චි ඔක්කොම කිව්වද මගෙ පුංචි මල්ලිට ම්….. ඒකද මේ තකහනියෙ මාව හොයා ගෙන ආවේ ආ…….. “

” මන් නෙවෙයියිද අයියා. ඔයානේ චූටි.. මන් පොඩීනේ ආ…. ඉතින් මන් නෙ අයියා “

” යෝ…… නෑ බන් නෑ… පොඩී තමයි මන් එතකොට චූටි තමයි උබ. මන් වලව්වෙන් ගියපු නිසයි පොඩි අප්පච්චියි ලොකු මැණිකෙයි මගෙ මල්ලිට පොඩී කිව්වේ.. මෙහෙ එනවා යන්න ඉදගෙන කතා කරන්න. අනේ උබත් ඉතින් “

මයෙ නිලූෂගෙ එහා පැත්තෙන්ම මාවත් වාඩි කරවලා දිනු මගෙ එහා පැත්තට ඇවිල්ලා හාන්සි පුටුවෙන් වාඩි වුණා.

” හරි ඒක එහෙමයි කියමුකෝ. කවද්ද එතකොට මේ හැමදේම දැන ගත්තෙ.. ඇයි මට මොකුත් කිව්වේ නැත්තේ ආ… දෙයියනේ එදා මන් දන්නව නම් අප්පච්චි මගෙ අත් දෙක උඩට ඒ කඩන් ව්…. “

” ඔන්න ඔන්න ආයේ අඩන්න ගන්නවා ඉතින්. එතකොට මාත් දන්නෑ බන් මේ මොකවත්. මන් දැන ගත්තෙත් පස්සේ. අප්පච්චිගෙ දිනපොත කියවලා. මන් ඔයාට කිව්වේ නැත්තේ අම්මියි අප්පච්චියි වුණත් මට මොකුත්ම කිව්වේ නැති හින්දා. ඒ දෙන්නා වුණත් පොඩ්ඩක් වත් කැමති නැති නිසානේ බන් වීරන්කෙඩුව ගැන කතා කරේවත් නැත්තේ.  මාත් ඉස්සෙල්ලා නොසෑහෙන්න සතුටු වුණා බන් උබ මගේම මල්ලි කියලා දැන ගත්තට පස්සේ. ඒත් මොකුත් කියන් නැතුව ඔහේ හිටියෙ මන් කැමති නෑ ලොකු මැණිකෙයි පොඩි අප්පච්චියි මේ ගැන දැන ගන්නවටවත් චූටි… ඒකයි හේතුව. නැතුව උබ ගැන කැක්කුමක් නැතිවට නෙවෙයි.මන් හරි ආදරෙයි මගෙ මේ චූටි මල්ලිට”

මගෙ හිස් මුදුනට හාද්දක් දීපු දිනු මයෙ කම්මුලකුත් මිරිකලා එහා පැත්තේ හිටපු මයෙ නිලූෂගෙ කර වටේට අතකුත් දාලා මගෙ කර වටේටත් අතක් දැම්මා.

” මට ආයේ මොකටද කියන්නකෝ මගෙ මල්ලි ගැන බයක්‌ හිතෙන්නේ ම්…. මේ ඉන්නෙ නිකන් යෝධයෙක් වගේ අලි කොල්ලෙක්. මට හරි සතුටුයි කොල්ලෝ උබ මයෙ මල්ලි එක්ක හොදට එහෙම ඉන්න විදිහට. උබ වගේම අහිංසකයෙක් තමයි මගෙ මල්ලිට ගැලපෙන්නේ “

මන්නෙ දන්නේ අප්පේ මේ අහිංසකයගේ හැටි. තව පොඩ්ඩෙන් අද උදේ මයෙ හුස්ම හිර වෙනවා. අයියට කියන්න ඕනී පිට පොත්තෙන් මනුස්සයෙක්ව මනින්න බෑ කියලා. යකෝ දකින දකින මනුස්සයා කියන්නේ මයෙ නිලූෂ හරි අහිංසක පාටයි මන් ටිකක් නපුරු පාටයි කියලා.

” ඉදපන් පොඩ්ඩක් මන් කුස්සියේ පැත්තට ඔලුව දාලා එන්න. දෙන්නා උදේට කලාද ආවෙ. නැත්තම් කෑම ටික මේසෙට අරින්නද “

” පිස්සුද ඕයී. අපි කාලා ආවෙ. උබ ගිහිල්ලා කාලා වරෙන් “

” යසයි අයියෙක්ට කතා කරන විදිහ. අප්පච්චි හිටිය නම් උබ කතා කරන විදිහ දැකලා පපුවේ අමාරුවක් හැදෙනවා “

මගෙ ඔලුවටත් ගහලා දිනුල කුස්සියේ පැත්තට යද්දි බත් කටකුත් කටේ පුරවාගෙන ඒක ගිල ගිල අපෙ ළගට ආවේ චූටි රාහු පැටියා.

” කූ නුලාද… අලේ එලාව එත්ත ආවෙ නත්තේ අයි ආ…….. නුලාද කූ…. “

” වෙන දවසක එක්ක එන්නම් පැටියෝ හාද… දැන් බත් කාලා ඉවර වෙලාද ආවෙ මෙහෙම ම්….. “

කොල්ලගේ මූණත් එක්ක සවුත්තු වුනාද මන්දා නුරාද නෑ කියලා දකිද්දී.

” තා ඉවල නා… අයි ඒ නුලාද එත්ත ආවේ නත්තේ ඔලාලා “

” රාහු ආ කෝ බත් කට දාන් ඉන්න දරුවෝ “

” අලේ බාන්නකූ ඇතයෝ…. මෙලාලා නුලාදව තීලා අවිල්ලානෙ “

” හරි මයෙ වස්තු මේක දාලා ඔයාගෙ යාලුලා දෙන්නව එක්ක එමුකෝ ම්… “

            💥💥💥💥💥💥💥💥💥

අනේ මන්දා මට නම් දැන් ගයාන් සර් දිනුල එක්ක ඉන්න විදිහ අවුලක් ඇත්තෙම නෑ. ඒවුනාට හාමු නම් ගයාන්ට පොඩ්ඩක් වත් කැමතිම නෑ. මයෙ හාමුගෙයි රාහුගෙයි  කන්දොස් කිරියාවට මන් බයික් එකේ ගිහිල්ලා පැටව් දෙන්නව ආයේ උස්සන් ආවා. මන් නෙවෙයි ඇත්තටම යන්න හිටියේ ගයාන් සර් තමයි ළමයි දෙන්නව මෙහෙට එක්ක එන්න හැදුවේ. කොහෙද ඉතින් හාමු එක්ක බෑනෙ.

” ඇතයෝ කූ ඔලා…. එන්ත යන් අපි එත්ත බෝල ගාන්ත “

” රාහු පැටියෝ. කමක් නෑ පුතා එයා අප්පච්චි ළග හිටපුවාවෙ “

” ආ ඒනම්.. “

මයෙ හාමුගේ ඇස් තාම තිබ්බේ දිනුල එක්කලා හිනා වෙන ගයාන් සර් දිහා. දිනුල ගයාන් සර්ගේ අතත් එයාගේ ඔක්කේ තියන් ආයේ අපෙ පැත්තට හැරුණත් හරි මයෙ හාමු ඉක්මනට අහක බලා ගත්තෙ මට හිත යටින් හිනා යද්දි.

” චූටි…. මගෙ අම්මිත් හරියට අනූ වගේ. මගෙ අප්පච්චි එක්කලා අම්මිත් මෙහෙම තමයි හිටියේ. ඒ දෙන්නා දැන් හොද තැනක ඇති පොඩී….. “

දිනුල එහෙම කිව්වත් මයෙ හාමුගේ ඇස් තිබ්බේ හයියෙන් හිනා වෙවී උඩ පනින අපෙ පැටියා දිහා.

” කොහොමද රසයි නේද චූටි ම්….. මයෙ අනූ හොද අත් ගුණයක් තියෙනවා. à·„à·š පරිප්පු එක නම් රස නැතු ඇති. මන්නෙ ඒක හැදුවේ…. “

“මට රස පරිප්පු එකනේ . පරිප්පු එක නම් කියන්න දෙයක් නෑ අයියේ නියමයි. එහෙම නේද චූටි අප්පච්චි ආ…. පරිප්පු එක රසයි නේද ම්…. “

මන් හාමු දිහා ඇසුත් ලොකු කරන් බලන් හිටියේ එයාගේ ඒ කතාව නිසා. පරිප්පු රසයි තමයි. හැබැයි ඊට වඩා රසයි අල බැදුමයි මාළු එකයි. මෙහෙම මෙයා කතා කරද්දි ගයාන් සර්ට මොනා හිතෙයිද. මගෙ කකුලට හොද පාරක් වැදුනට පස්සේ තමයි මට මතක් වුනෙ මන් මෙච්චර වෙලා බලන් හිටියෙ හාමු දිහා කියලා.

” අනේ කොල්ලෝ… උබ වලව්වට ගිහිල්ලා ඕනී තරම් අපේකා දිහා බල බල ඉදපන්. දැන් නිවෙන්න කලින් බත් ටික කාලා ඉදින්. ඕනී දෙයක් කරන්න කලින් කාලා ඉන්න එපැයි නේද අනූ “

” අයියූ තූති අප්පත්ති ඕම තමා මාමි…. ගෙදලදිත් ඕමම තමා. අප්පත්තිදෙ ඇදේම හූතල් වෙවී ඉන්නෝනේ… වෙලාවත ගුදාආආආත් වෙලා තූති අප්පත්ති අප්පත්ති දිආ ඕම තමා බලන් ඉන්තෙ….. “

තඩි බත් ගුලියක් අරන් මන් බැලුවේ මයෙ ලොකු මැණික දිහා. පුදුම ඇන්ටනාවක් නෙ කොල්ලා. උදේ කාපු ඒවා අමතක වුණාට ඒ වගේ දේවල් ලුණු ඇඹුල් එක්ක යසට කියත හැකියි. හාමුට නම් ලැජ්ජා හිතිලද කොහෙදෝ බත් කාගෙන කාගෙන යනවා.

” ඇත්තට…. පැටියා හොදට බලාගෙන වගේ ඉන්නෙ නේද අප්පච්චියි චූටි අප්පච්චියි ගැන ම්…… “

” ඕ නෙ මාමි පතියා දන් ගුදක් ලුකුයිනෙ. අප්පත්තිලා දෙන්තයි තූති මනිතයි පූතෝ තිතයි තුදු මනිතයි පතියා තමා බලා ගන්තේ… නේත අප්පත්ති “

” දැන් මයෙ හාමු මහත්තයාගෙ හිතට සතුටුයිද ම්……. “

” නැත්තම්. දෙයියනේ හොදම යාලුවා මයෙ කිඹුලෙක් කියලා හිතෙද්දි කාටද සතුටු නැත්තේ… ඒත් මට මයේම අප්පච්චි ළග ඉන්න බැරි වුණානෙ නිලූෂ.  මයෙ අප්පච්චි හරි ලස්සනයි. හරි ගාම්භීරයි. හොද වෙලාවට පොඩි කාලේ මතක යටි හිතේ හරි ඉතිරි වෙලා. අප්පේ මන් අපෙ පැටියවත් දැක්කා නිලූෂ. අප්පු හරි ආදරෙයි මටයි අයියටයි දෙන්නටම. අප්පච්චිත් එහෙමයි. “

එහෙම කියපු හාමු ලොකු හුස්මක්‌ පිට කරලා කොණ්ඩෙට බූලක් දාලා ආයේ මගෙ ඔලුව අත ගාන්න ගත්තා.

” අප්පත්ති….. අයියා කුව්වා කුක්කු නාද කීලා “

” තාම වතුර කේතලේ ලිපේ කියන්න පැටියෝ. පස්සේ අප්පච්චි වක් කරන්නම්කෝ මයෙ පැටව් දෙන්නට කුක්කු කිරි දෙකක්‌. කෝ දැන් ඉක්මනට ගිහින් අයියගෙන් අකුරු ඉගෙන ගන්න “

” හලි අප්පත්ති.. “

චූටි මැණික ආයේ දුවගෙන එයාලා දෙන්නගේ කාමරේට යද්දි මයෙ නිලූෂට හිනාවක් ගියා.

” චූටි මැණිකගෙන් පුළුවන් තරම් වැඩ ගන්නවද කොහෙදෝ අපෙ කපටි පැටියා “

” නුරාදට කියලා දෙන්න වෙයි අනේ. ඒක නෙවෙයි මේ….  අනූට වඩා මන් උයන කෑම නේද රස ඈ ඒයි. අපෙ අයියා ආදරෙන් අන්ධ වෙලා ඒකයි. මේකා රෑටත් ඉන්නෙ අයියගේ ගෙදරද කොහෙදෝ. දැක්කේ නැද්ද උදේ ඔහේ රෑට අදින ඇදුමක් නෙ ඇදන් හිටියෙ පොඩි ළමයෙක්‌ වගේ. කවුද කියන්නකෝ මිකී මවුස් ඉන්න කලිසමකුයි කමිසෙකුයි අදින්නේ. පොඩි ළමයි රෑට නිදා ගන්න යද්දි අදින ඒවානෙ. අයියටත් අනූ අනූ තමයි. හැමදේකටම අනූ. ඔයා වුණත් වැඩිය ගණන් ගන්න යන්න එපා ඒ මනුස්සයව හාද. ඊට පස්සේ මයෙ මනුස්සයගේ කරේ එල්ලෙන්නත් එයි. මන් දන් නැද්ද ඒ මිනිහගේ හැටි. පිස්සු අනේ අපෙ එකාටත්.  ඉදන් ඉන්න වෙලාවටත් අත අල්ලගෙන පෙම් කෙලිනවා. හරි නම් එහෙම ඉන්න ඕනී අපි දෙන්නන්නෙ නේද ඈ ඒයි.  ඒවුනාට අපිත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඇල්ලුවට කට්ටිය ඉස්සරහ වැදගත් විදිහට ඉන්නවා නේද හලෝ….. මන් කුස්සියට යද්දිත් බලාගෙන හිටියෙ. ඔයා දැක්කේ නෑනෙ. අපරාදේ මට තමුසෙව එක්කෝ එක්ක එන්න තිබ්බේ කුස්සියේ දොර අස්සට. කොහෙද මට ඔයාව මතක් වුන්නෑ ඒ වේලාවෙ. ඒක නෙවෙයි ඉන්නකෝ මන් දැක්ක ඒවා කියන්න.  අරකගේ බෙල්ල මිරිකන්න හිතෙනවා. අපෙ අයියා පාඩුවේ අරයා පිගන් හෝද හෝද ඉද්දි හාද දිනුවත් අරයට හේත්තියක් දාන් පිගානේ හේදුවා. ඒ ඩිංගට අර මිනිහට මෝල් තද වුනාද කොහෙදෝ. බලන්නකෝ ඒයි ඔතන්ට ළමයෙක් ආවා නම් මොකද කරන්නේ කියන්නකෝ. අරකා නිකන් පිස්සෙක් වගේනෙ ඕයී දිනූගේ කට කෑවේ. දිනූටත් පිස්සු ඒයි එක එකාගේ පස්සවල් මිරිකන්න යන්නෙ.  ඒත් ගයානයා කියන එකා තමයි අපේකා අවුස්සන්නේ. මල පෙරේතයෙක් වගේනෙ ඕයී බෙල්ල කන්නේ. පුදුම මෝලකින් තමයි අර ගයාන් කරායත් හිටියෙ. ඕවා බලන් ඉන්න බැරිම තැනට මන් හයියෙන් කැස්සකුත් කැහලා නිකමට කුස්සියට ගියා ඒයි වතුර බොන්න. මන් ආයේ ඉක්මනට ආවෙ නෑ ඒයි. දිනූවත් ඇරගෙනම අරූට හොද වයින් දෙකක් රවලා ආවේ මෝල්තදයා “

” අපරාදේ එහෙම කරන්න නැතුව තමුසෙට එන්න තිබ්බ. වතුර සාලෙත් තිබ්බේ “

” පිස්සුද මනුස්සයෝ…. යකෝ අපි ආවේ අයියා එක්ක කතා කරන්න. මේ මෝල්සතා අපේකා එක්ක හැමිනෙනවා බලන්න නෙවෙයි. “

” ඉතින් මාත් කැමතියිනෙ මයෙ මිනිහත් එක්ක හැමිනෙන්න “

එයාගේ ඉනටත් උම්මෙක් දීලා මන් එහෙම කියද්දී මෙන්න බෝලේ එක පාරටම මයෙ හාමු ටිකක් මෙහාට්ට වෙලා මයෙ සරම් කොටේ අස්සට අත දැම්මේ මාත් ඉක්මනට හාන්සි පුටුවේ තිබ්බ කුෂන් කොට්ටේ අරන් මයෙ ඉන හරිය වැහෙනන දා ගනිද්දී. හාමුගේ අත් දෙක පිස්සුවක්.

” මේක දැනට. ඇරෙව්වා එක රෑට කරමු ඒයි. කරන එක වුණත් නිදහසේ කරන්න ඕනී….. සනීපද වස්තු ම්…… “

” ම්….. ටි කක් හයි යෙ න් ක්‌ අහ් à·„ රි ම් “

මන් කන්නාඩි කුට්ටම් පුටුවේ යටින් තියෙලා කට තද කරන් හිටියෙ හැගීම් එන්න එන්න පිටාර ගලන්න ඔන්න මෙන්න වෙද්දී. හාමු තව ටිකක් මයෙ ළගට ඇවිල්ලා හයියෙන් කරන් කරන් යද්දි මන් ඔක්කොම ටික හාමුගේ අත් අස්සෙම නිදහස් කරලා මයෙ මූණ එයාගේ බඩට තද කරන් හති ඇරියේ මයෙ හාමු එයාගේ සරම් කොටෙන්ම අතත් පිහ ගනිද්දී.

” ඒයි කෝ ඉතින් මන් කිරි වක් කරන්න ඕනී..  ආන් කේතලේ කෑ ගහනවා. ඔයාගෙත් දැන් හරි හුරතලේ තමයි නේද ම්…….. “

හාමු මගෙ කම්මුලකට හාද්දකුත් දීලා එහෙම කියද්දී මන් තව තව එයා අස්සේ ගුලි වුණා.

” මන් ඉතින් මයෙ හාමු ළග හුරතල් වෙන්නැතිව හාමුගේ මස්සිනා එක්ක හුරතල් වෙන්නද කියන්නකෝ ම්…. ආව්…. මයෙ කන ඉරුනද කොහෙදෝ ඕයී “

” ආස ඇති මස්සිනා එක්ක හුරතල් වෙන්න. ඒවා ඉතින් හදේ තමයි. එක ඇහැක් හරි ඇරලා බලපන්කෝ බලන්න අර හිකනලයා දිහා. නියපොත්තෙ ඉදලා පට්ට ගහන්නේ මන් “

මයෙ කොන්ඩේ අහුරක් අරන් හොලව හොලව පස්සටත් තඩි පාරක් ගහලා මයෙ හාමු මහත්තය ගියෙ කුස්සියේ පැත්තට වෙද්දී මාත් හිනා වෙලා නිකමට බැලුවේ පැටව් දෙන්නගේ කාමරේ. මගෙ දෙයියනේ මන් ඒ පැත්ත බලපු හැටියේ දොර අස්සෙන් දැක්ක පුංචි ඔලු ගෙඩි දෙකක්‌ අන්තරස්දහන් වුණත් හරි මන් ඔලුවේ අත ගහ ගත්තා. කමක් නෑ කුෂන් කොට්ටේ හින්දා මොකවත් එහෙම පේන්නෙ නෑ ඉතින්.

               💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

කියෝන අදහස් වෝට් කරන යාලුලා හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූහතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 87