À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා

A+ A-

වර්තමානේ

( වෝට් එකකුත් හලන් යන්නෝ 🤗🙃)
.
.
.
.
.
.
.
.

උපන්දා ඉදන් හැදී වැඩුනේ කොළබ වුනාට අනාත නිවාසේ ඉදලා ස්කෝලෙටයි ස්කෝලේ ඉදලා අනාත නිවාසේටයි යන මම තනියම කොළබ වටේ ඇවිදින්න නොදන්න තරම්. අවුරුදු විස්සත් ලබපු නිසා මම දැන් මෙහෙ හිටිය කාලෙත් ඉවර වීගෙන එන්නේ. කොහෝම හරි රස්සාවකුයි ඉන්න හිටින්න තැනකුයි හොයා ගන්න ඕනී.

මගේ වයසේ අනිත් ළමයි නම් මේ වෙද්දීත් මෙහෙන් ගිහිල්ල හිටියත් පොඩි උන් නිසා මට පාළුවක් නොදැනෙන තරම්.

” සුදායියේ……….. මදේ කොන්දේ කපා දෙනෝද…. ආ කතුල ”

පොඩි එකාගේ කොන්ඩේ කෙල්ලෙක්ගේ වගේ දික් වෙලා. මොන්ටිසෝරි ටීච වත් කොන්ඩේ කපන්න කියන්නැති. ඒක තමයි මේ පුංචා තකහනියේ මාව හොයන් ආවේ.

” චුටියෝ යන් අර බන්කුවට. අම්බෝ උකුණු තඩියොත් මේකේ ඉන්නවද දන්නෑ ”

මන් හිනා වේවි පොඩි එකාගේ කොන්ඩේ අත ගෑවා.

” අලේ ඉන්නෝ මේ…. චුතිගේ ඌව කලනෝ මේ.. මේ… ”

” ආ ආ බබරේ වගේ කැරකෙන්නැතුව ඉන්න හොදේ. නැත්තම් මේ කනත් කතුරෙන් කැපෙයි හොදේ ”

කොච්චර දගලන්නෙපා කිව්වත් මේ කොල්ලා කකුල් පද්දනවා ඔලුව හොලවනවා ඉදන් හිටියත් වැඩ කෝටියයි. පව් අම්මා හිටියනම් කොල්ලට.

” ළමා ආ ආ ආ යි………..එන්න ඇතුලට හැමෝම එන්න. ලොකු මැඩම් ඉක්මනට එන්න කිව්වා ”

අතු ගාන ඇන්ටි කෙනෙක් එහෙම කිව්ව පාර මායි චූටියයි එතන හිටිය පොඩ්ඩෝ හතර පස් දෙනයි විජහට විජහට ඇතුලට යන්න ගියා.

ලස්සන පවුලක්. අම්මයි තාත්තයි පොඩි කෙල්ලෙකුයි, මගෙ වයස විතර කොල්ලෝ දෙන්නෙකුයි. අද පොඩි කෙල්ලගේ උපන්දිනේ නිසා අපිට දවල්ට කෑමයි තෑගියි දෙනවලු. දැන් නම් අපේ අනාත නිවසේ ළමයි පනහක් හැටක් විතර තමයි ඉන්නේ.

අපි ඉතින් හැමෝම මේසේ වටේ ඉද ගත්තට පස්සේ අපේ පිගන් වලට බත් බෙදන්න ගත්තා. මුහුදු මාලුයි, කැරට් සම්බෝලේකුයි, ගෝවා බැදුමයි, පොලොසුයි. ම් ම්…. පුදුම රසක්.

මම කකා ඉද්දි පොඩ්ඩෙක් කමිස කොනෙන් අදින්න ගත්තේ මට මොකක්හරිම කියන්න වගේ. මෙයා නම් චූටියටත් වඩා පොඩි. එහෙම්ම බත් කටක් කටට ගත්ත මන් පොඩ්ඩා දිහාට නැමුණු හැටිය එයා කියපු දේට මට පොඩියට හිනාවක් ගියත් කොල්ලා ලජ්ජාවෙන් ඇගිල්ලක් අල්ලන් බිම බලා ගද්දි මන් එකාව වඩා ගත්තා.

” මැඩම් වොෂ් රූම් ගිහිල්ලා එන්නම් ”

මැඩම් මයේ දිහා බලන් හිටිය නිසා මන් එහෙම කියලා කෑම කාමරෙන් එලියට ආවාත් හරි      මැඩම් එතැන හිටන් හිටිය මැදි වයස මනුස්සයට මොකක් හරිම කිව්වත් ඒක මට ලාවට ඇහුනා.

  

” එයා ගැන තමයි කිව්වේ. කොල්ලා කැමතිනම් විතරයි ”

” අයියා ඇතුළට එන්නද ආ ”

” අපා මත පූවන්. දොල වාන්න අපා “

පොඩ්ඩට කෑම කකා ඉද්දි ලොකු බරක් ඇවිල්ලා.        කට්ටිය ගොඩක් නිසා ලජ්ජාවෙන් ඇබරි ඇබරි තමයි ඉදන් තියෙන්නේ එතකම්.  ටිකක් ලොකු කොල්ලෝ දෙතුන් දෙනෙක් පොඩ්ඩා දිහා බලන් විසිල් ගහද්දි තමයි එයා මට කතා කරේ.  උන්ටත් පොඩි එකෙක්ව අවුස්සන්න තියෙනවා නම් ආයේ දෙයක් නෑ.

” හලි ”

” අ…. හා හරි යන් එහෙනම් “   

    පොඩ්ඩව වඩා ගත්ත මන් එලියට එන්න ආවත් මගේ ගමන නතර වුනේ වොෂ් රූම් එක ඇතුලේ පැත්තකින් හයියෙන් හුස්ම ගන්න හඩක් ඇහුනු නිසා.

පොඩ්ඩත් එක්ක ආයේ ඇතුලට ගිහින් සද්දේ ආපු පැත්තට ගිහිල්ල බලද්දී දැක්ක දෙයින් මගේ ඇග දිගේම හිරියක් ගලන් ගියා.              

එහෙන්ම ආයේ තප්පරයක්වත් එතැන නොඉද මන් පොඩ්ඩා එක්ක ඉක්මනින් එතනින් ගියත් දැකපු දේ ගැන හෝ ගාලා පොඩ්ඩා ප්‍රශ්න කරනවා.

” අයි අනේ ඒ අය්යා අදින් අයියදේ බෙල්ල කන්… නේ ආ කියදකෝ……. ”

” බත් කන්නැති ළමයි ගේ බෙල්ල වල් එහෙම කනවා තමයි ”

” මන් නන් අබුන් කන… වා  ඕ ඕ බොලු දෙමේ….. මන් ගොදක් කනෝ ”

පොඩ්ඩා ඇසුත් බෝල කරන් එයා කියනවා බත් කනවලු කියලා.

එයා බයවෙලා අර කොල්ලෝ දෙන්නා කට වලුයි බෙල්ල වලුයි කා ගන්නවා දැකලා.   උන්ගේ පැත්තට ආපු අපිවත් නොදකින තරමට උන් දෙන්නාට මදන විසේ ඔලුවටම ගහලා. 

” දෙන්නට කන්න හම්බුන්නැති නිසා ඕන් මන් පාර්සල් දෙකක් අර ගත්තා.
        ආ අයිස්ක්‍රීම් කාලා බත් දෙක හවසට වත් කන්න ”

අපි එතනට යද්දී අනිත් ළමයි අයිස්ක්‍රීම් කනවා හෝ ගාලා. අපි කෑම කාපු තැන් අස් කරලා නිසා මැඩම් අපි දෙන්නට කෑම දෙකක් අයින් කරලා. මැඩම්ටත් ස්තුති කරලා අනිත් ළමයි ඉන්න තැනට ගිහිල්ල කප් දෙකකට අයිස්ක්‍රීම් බෙදා ගත්තා.

හවස අපි හැමෝම අපේ කාමර වලට ගියා. මන් ඉන්න කාමරේ ඕ ලෙවල් කරන මල්ලිලා දෙන්නෙකුයි අට වසර පොඩ්ඩෙකුයි තමයි ඉන්නේ ඉතින් .

ගොඩක් වෙලාවට අටේ පොඩි එකා අපේ කාමරේ අනිත් දෙන්නා එක්ක මරා ගත්තත් මන් ලොකු නිසා රණ්ඩුවට එන්නෑ. මට සුදු පාට ටිෂට් එකකුයි අළු පාට ට්‍රවුසර් එකකුයි හම්බෙලා තිබ්බා. ආයේ තව හැම ළමයෙකුටම රුපියල් දෙදාහක් එයාලා පරිත්‍යාග කරා.

ටික වෙලාවක් යද්දී දොරට තට්ටු කරපු නිසා ඇරලා බලද්දී තමයි ලොකු මැඩම් ඇවිල්ලා ඉන්නවා දැක්කේ.

” නිදා ගන්නද හැදුවේ…. මට පොඩ්ඩක් සත්සිදුත් එක්ක කතා කරන්න ඕනී. යමුකෝ අරහෙට්ට ”
මැඩම් එහෙම කියද්දී මගේ කන්නාඩි දෙකත් දාගෙන එයා පස්සේන්ම ගියා.

” මේකයි පුතා අද ආවේ මගේ යාලූවෙක්.   එයා අදුරන අයියා කෙනෙක් එයාලගේ තේ වත්තේ වැඩට කට්ටිය ගන්නවලු. සත්සිදු කැමති නම් ඒ වැඩට යන්න පුළුවන්. එයාලා නුවර වලව්වක තමයි ඉන්නේ. ”

” මැඩම් මට නතර වෙන්න තැනක් ”

” ආ මන් ඒකත් ඇහුවා එයාලගෙන්. ඒක නම් හෙට අරගොල්ලොන්ගෙන් අහලා බලලා කියන්නම් කිව්වා. ”

” එහෙම නම් මන් කැමති මැඩම් ”

” බලමුකෝ පුතා. මන් ඒ ගැන තව ටිකක් හොයලා බලන්නම්කෝ හොදේ ”

එහෙම කියලා මැඩම් යන්න යද්දී මන් මගේ කාමරේට ආවා. එතැන හරි රස්සාවක් හම්බුනොත් හොදයි කොහෝම හරි.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අද සෙනසුරාදා හින්දා මට නිවාඩුයි. අප්පච්චි එක්කලා යන්න ඕනී ටිකක් තේ වත්ත පැත්තට. මයේ පැටියා නම් පපුවේ උඩ පස්සත් උඩ දාන් තාම නිදි . කලිසම් කොටෙත් බාගෙට ගැලවිලා.

අම්බෝ ඉස්සර ඔහේ ජිවිතේ ආතල් එකේ හිටියත් නුරාද හම්බුනත් හරි සම්පුර්ණයෙන්ම වෙනස් වුණා.  විරාජ් අහස්‍ය මනමේන්ද්‍ර දැන් ගොඩක් වෙනස් එක්කෙනෙක්.  මයේ රන් කද සැපේ නිදි. අප්පච්චිගේ චූටි වස්තුව.  මන් ගමේ ස්කෝලෙට උගන්නන්න යන්නෙත් සමහර දවස් වලට පැටියවත් අරන්.

නුරාද්ට කතා කරන්න ටිකක් අමාරුයි. කියන එක වචනේ වුණත් හරි අමාරුවෙන් ගොත ගගහා කියන්නේ. මන් පැටියව හොද කරන්න නොගිය තැනක් නැති තරම්. මයේ දග මල්ලට ඇවිල්ලා තියෙන්නේ එහෙම් පිටින්ම මගේ පෙනුමමයි.

ඔන්න ඔන්න කොල්ලා දගලන්නේ නම් නැගිටින්න වගේ. කටත් උල් කරලා අකුරු අකුරු අමුණ ගන්න හදනවා. මගේ පපුව පිච්චිලා යන්නේ මේ වෙලාවට තමයි.

” අ….. ප….. ත් ……………….”

අප්පච්චි කියන නමේ අනිත් අකුරු ටික කියන්න අමාරු වෙනකොට මයේ මැණික මගෙ මූණ අත ගගා කම්මුල් ලෙව කනවා. 

ඇදෙන් නැගිට්ට මන් සරමත් හදන් ටී එකත් දාගෙන පැටියවත් වඩාගෙන කුස්සියට ගියා. මන් යද්දී කමනි නැන්ද උයනවා. කමනි නැන්දා තමයි ඉස්සර ඉදලා අපේ වලාව්වේ වැඩ කරන්නේ. එයාට රසට උයන්න පුළුවන්.

” ආ ලොකු බේබි ඇයි කුස්සියට ආවේ. දුම් වැදෙනවනේ දැන් ඉතිං ”

” නැන්දේ බබා නාවන්න වතුර එකක් උණු කරනවද. එකට තැම්බෙන්න හදුන් කෑලි ටිකකුත් දාන්න… ”

” හරි බේබි මන් විජහට කොරන්නම්කො ඕන්. ”

එහෙම කියලා මම පුතා එක්ක එලියට එද්දි අප්පච්චි කීප දෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා.

” ම් තව වත්තට දෙන්නෙක් වැඩ කොරන්න හිටිය නම් හොද ටෝම ඇති ඕන් “

” එහෙයි හාමු මට බලලා කියතැකි විගහට. ”

” හොදයි එහෙනම් අප්පෝ ගොහිල්ල එන්ට ”

” අවසරයි හාමු අපි ගොහින් එන්ටම් එහෙනම් ”

” ම් හොදා හොදා ”

අප්පච්චි පිටිපස්ස හැරිලා බලද්දී තමයි පුතා වඩන් ඉන්න මාව දැක්කේ. පොඩි දකිද්දී අප්පච්චිගේ මූණත් එක්ක ඇද වෙලා යනවා. එයා හිතන් ඉන්නේ මගේ දරුවා පරම්පරාවටම ලැජ්ජාවක් කියලා.

ඉස්සර නම් පුතාව අයින් කරලා ආයේ කසාදයක් බදින්න කියලා මට ඇවටිලි කරත්         දවසක් මන් පැටියත් අරන් වලව්ව අත ඇරලා යන්න ගිය නිසා   දැන් නම් මොකුත් කියන්නෑ.

” මොකෝ මේකව මේ වලව් දොරකඩට එක්ක ආවේ?? “ 

” ආයෙත් පටන් ගත්තද අප්පච්චි මයෙ මැණිකට අරියාදු කරන්න ”
 

” මටයි ලැජ්ජා. ඔය වගේ එකෙන් ඉපදෙන්නේ පව්කාර කමට තමයි ඕන් ”

” අප්පච්චි…… ඔයා ආයේ ඔහොම කියා ගෙන ආවොත් මන් මේ වලව්වෙන් යන්න දෙපාරක් හිතන්නෑ ඕන් “ 
මන් වලව්වම දෙදිරිලා යන්න කෑ ගැහුවත් අප්පච්චි ඊටත් වඩා කෑ මොර දුන්නා.

” උබ මට කට ගහන් එනවද ආ……  කට කඩනවා දැන ගනින් තොගේ මන්.             
උබ ඔහොම හරි ඉන්නේ තොගේ අප්පච්චි හින්ද බොල.   නැත්තන් අවුරුදු විස්සකට කලින් උබේ   ඔලු කට්ට කුඩු වෙලා යන්න තිබ්බා උන් නිසා .  එතකොට මේ ගොතයා නෙවෙයි තෝත් නෑ බොල මේ ලෝකෙවත් ”

තිත්ත අතීතේ ආයි ආයි අප්පච්චි මට මතක් කරා.  ඉතිං මගේ කට වැහිලා ගිහිල්ල චූටි පුතුව තදේට මිරිකා ගත්තා.  අප්පච්චිගෙයි මගෙයි කටේ සද්දේ නිසා පුළුවන් තරම් කොල්ලා මගේ පපුව අස්සේ ගුලි වෙලා මාව තදේට මිරිකම් ඉන්නවා. මන් තවත් එතැන නොඉද ඉක්මනින් කාමරේට ගියා.

පහළ ෆෝන් එක රින් වෙන සද්දේ ඇහුන නිසා පුතාට සෙල්ලම් කරන්න කියලා මන් පහලට ඇවිත් ෆෝන් එක අන්සර් කරා.

” à·„à·Š ලෝ   හාමු මහත්තයෝ… ”

” අප්පච්චි නම් වත්තට ගියා දැන්. හදිස්සියක්ද ”

” ආ බේබ් හාමු     වත්තේ වැඩට කොල්ලෙක් හම්බුනා ඔන්න ”

” ආ හරි හරි මන් අප්පච්චිට පණිවිඩේ දෙන්නම්කො එහෙනම් ”

” හොදමයි බේබ් හාමු “

” ම් ම් ”

අප්පච්චි මේ දවස් වල වත්තේ වැඩට කොල්ලෝ හොයනවා.  තේ වත්තෙත් නම් එසේ මෙසේ වැඩ නෙමේ තියෙන්නේ……

                       …………..

ගොහින් එන්නම් 🤗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පළමු කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 2