À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා

A+ A-

” මැණිකේ මොකෑ මේ කල්පනා කර කර ඉන්නේ ඔතන්ට වෙලා ඈ “

මම් තේ වත්තේ වැඩ බලලා හවස වලව්වට එද්දිම වගෙ දැක්කේ මගෙ හාමිනේ ලොකු ඔන්චිල්ලාවේ වාඩි වෙලා පොතකුත් අතේ තියන් ඔහේ කල්පනා කර කර ඉන්නවා.

” එහෙමත් නෑ මහත්තයෝ ඇතුළේම ඉදලා ඉදලා කම්මැලි හිතුනු නිසා මන් මේ එළියට ඩිංගක් ආවා. “

” ආ ඒක මිසක් මන් ඒත් මොකද මේ කියලා බැලුවා “

එහෙම කියලා මන් එන්න ආවේ කාමරේට. ගිය සැරේට වඩා මේ සැරේ නම් තේ වත්තෙන් හම්බ වෙච්ච ආදායම සරුයි ගොඩක්. වැඩත් වැඩි නිසා තව කොල්ලෙක් එහෙමත් වැඩට ගන්නත් වෙයි මට‍.

නිලූෂ… ඒ..කා මගේම වතු වලත් වැඩ කර කර කොහොමහරි මගෙ පුතාවත් අල්ල ගත්තා එහෙනම් උබ. ඕකා හරියට අප්පුවා මගෙ අයියව මේ වලව්වෙන් ගෙනිච්චා වගේ මගෙ දරුවත් එක්ක යයිද දන්නෑ. බලමුකෝ අපි ඉස්සරහට.

එදා ඉස්පිරිතාලේන් කකුලේ කැක්කුමට බෙහෙත් ගත්තත් තාම නෙවෙයි ඒකෙ ගුණේ මගෙ කකුලට ඇල්ලුවේ. ඇවිද්ද නිසාද මන්දා කකුලේ කැක්කුම තව වැඩියි වගේ.

” කමනි… කමනි… මට‍ කහට එකක් වක් කරාපන්කෝ “

” හොදමයි ලොකු හාමු. මන් විගහට හදලා දෙන්නම්කෝ. මහතුන් අයියත් හොද කිතුල් හකුරු මුලකුත් දුන්නා ඕන්”

” කිතුල් හකුරු එක්ක දීහාන් එහෙනම්. මන් ඉස්තෝප්පුවට වෙලා ඉන්නම් “

එහෙම කියලා මන් එන්න ආවේ ඉස්තෝප්පුවට. කිතුල් හකුරු කෑල්ලකුත් හපා ගත්ත මන් කහට කෝප්පෙන් උගුරු දෙක තුනකුත් බිව්වා. නිලූෂ කොල්ලා හැබැයි මන් නැති කාලෙක වුණත් මගෙ පොඩි එකායි උගෙ පැටියයි නම් හොදට බලා ගනියි වගේ . මගෙ හාමිනේ දැන ගත්තොත් නම් මුන් දෙන්නගේ සම්බන්දෙ ගැන පොඩීට විසුමක් වෙන එකක් නැති වෙයි.

…………………………………

” පැටියෝ මොනාද අප්පේ ඔච්චරටම ඕක දිහා බලන් ඉන්නෙ ම්ම්.. “

නුරාද හාමු ළගට එන්න ගියත් නතර වෙලා දිනුල මහත්තයගේ අප්පච්චිගෙ ෆොටෝ එක දිහා බලන් හිටපු නිසා මන් ගියෙ පැටියා ළගට.

” ම් “

මන් කොල්ලට කතා කරත් හරි පැටියා ඒක දිහාම බලන් ම් ගෑවා වෙද්දී මන් එයාව වඩා ගෙනම එක්ක ආවේ අපි ඉදන් ඉන්න පුටුවට.

” ඔයා කෝද අනෙ ගියෙ. මන් අලහෙත් බැලුවා “

අපි ළගට ආපු රාහුල් ඉනට අතකුත් තියන් මගෙ ඔක්කේ ඉදන් ඉන්න පැටියට එහෙම කියද්දී මගෙ හාමු මහත්තයා ඒ චූටියාව ගත්තේ ඔක්කට.

” බලන්නකෝ අනෙ එයා අප්පච්චිව හොයන් ඇවිල්ලා ඔයාට හොරෙන් නේද”

” ඒකනී මාමි. බබා මත නේද ගෙනාවේ මාමි… ඈ.. “

කොල්ලා ඇසුත් බෝල කර කර හාමුගෙන් එහෙම අහද්දී දිනුල මහත්තයා ආවේ බන්දේසියක් උස්සගෙන අපෙ ළගට.

” රාහු කෝ යාලුවාට කෙක් කෑල්ලක් දීලා බීම බොන්න කියන්න පුතේ “

දිනුල මහත්තයා බන්දේසිය පොඩි මේසේ කෑල්ලේ තියෙලා එහෙම කිව්වා විතරයි රාහුල් ලොකු කෙක් කෑල්ලක් ඇරන් දුන්නේ තාම මගෙ ඔක්කේ හිටපු පැටියට.

” උබට රසට බීම හදන්න පුළුවන් නේ දිනූ “

” ම් අම්මගේ අත් ගුණේ තමයි. මේ චොකලට් කෙක් එකත් මායි නොනයි ඊයේ උදේ හැදුවෙ. “

හාමුයි දිනුල මහත්තයයි කතා කර කර ඉද්දි මගෙ ඔක්කේ හිටපු කොල්ලා කෙක් කෑල්ලකුත් කකා ගියෙ අපිට ටිකක් එහායින් ඉන්න රාහු ළගට. රාහුත් මොන මොනාදෝ නුරාදට කියද්දී නුරාදත් පුළු පුළුවන් විදිහට කතා කර ගන්න හදනවා.

” නුරාදට මහන්සියක් වත් නෑ වගේ නේ හාමු”

ජනේලෙන් එළිය පහළ මිදුල බලපු මන් දැක්කේ නුරාද රාහුල් එක්ක හරි හරියට සෙල්ලම් කරනවා.

” මන් මේ දැක්කමයි අපෙ දරුවා මෙච්චර හිනා වෙලා සතුටින් ඉන්නවා නිලූෂ. හැමදාම මෙහෙම සතුටින් ඉන්නවා නම් මගෙ පැටියා “

” එයා එහෙම ඉදියි හාමු. අපි පැටියා දිහා බලන් ඉමුකො “

හාමු මහත්තයගෙ බද වටේ අතත් දා ගෙන මගෙ නිකට ඒ උරහිසෙ තියාගෙනම පහළ කොටස දිහා මන් බලා ගෙන හිටිය.
දිනුල මහත්තයා අපි තුන් දෙනාටම දුන්නේ උඩු මහලේ කාමරයක් වෙද්දී මේ ජනෙල් කෑල්ලෙන් ලස්සනට එළිය පේනවා.

” නිලූෂ මන් දිනුල එක්කලා ටිකක් කතා කරලා එනකම් ඔයා නිදා ගන්න. එවලේ ඉදලා පුටුවේ නිදි කිර කිරානේ හිටියේ මගෙ අලි පැටියා “

” ම් මාව එහෙනම් නිදි කරවලාම යන්නකෝ හාමු බේබිගේ යාලුවා ළගට “

පැත්තකින් කන්නාඩි කුට්ටමත් ගලවපු මන් හාමු මහත්තයව එක්ක ගියෙ ඇදට.

” නිලූෂ ඇස් දෙක පියා ගනින් මනුස්සයෝ අත අහකට කරන්. මට‍ කිති. “

එයා ඔලුව අත ගාද්දී මන් කරේ ඒ ඉන හෙමින් හෙමින් පිරි මැද්ද එක. විටින් විටේ ඒ බඩට හාදු තියපු එක.

” කෝ බාන්න ඉතින් නුලාද. මෙයාත ගුඩක් දෝ ගීල්ලා “

” ඕ “

” මේත මන් කතත දාන්නම් “

ලා කටහඩවලුත් මට හෙමින් හෙමින් ඇහෙන්න ගනිද්දී මගෙ කටට දැනුනේ සීතළක්‌.

” ආසකීම් වලට ඇහැලෙන්නා නෙ මෙයා. මත ආසකීම් කතත දුන්නුත් මන් ඉක්මනත ඇත් අලිනවා. තා කතක් දාමු බාන්න “

” අ à·„à·Š “

එක පාරටම මගෙ කටට තද සීතළක්‌ දැනිච්ච හැටියේ මගෙ කම්මුලටත් පාරක් වැදෙද්දී මන් දැක්කේ රාහු හැන්දකුත් අතේ තියාගෙන නුරාද එක්කලා මගෙ මූණ ළගට එබී ගෙන ඉන්නවා.

” අම්බූ……මෙයා ඇත් ඇලියා. මේ ඔයාත බයි කන්න එන්න කූවා නේද නුලාද. අපි දෙන්නා මේ බයි කාලා තමයි ආසකීම් කන්නේ. ඔයාත නම් මෙව්වා නා හොදේ. බයි කාලා නා නෙ ඉතින්. නේද නුලාද “

” ඔ “

” නුරාද ආසකීම් කටක් කැව්වොත් මන් නැගිටිනවා. නැත්තම් බුදි ගන්නවා “

මන් එක ඇහැක් පියාගෙන එක ඇහැක් ඇරලා මගෙ පැටියා දිහා බලන් කිව්වත් හරි එයා චොකලට් අයිස්ක්‍රීම් හැන්දක්ම කටට ඔබලා හිනා වෙනවා. මන් ආ කියන්නත් කලින් එබුව නිසා කට වටේ මගෙ අයිස්ක්‍රීම් ගෑවිලා.

” මෙයා එයි නුලාද අපි නමු. තා කවන්ත එපානේ මෙයාත. බයි කන්නැති වෙයි  හොල ගෙදියා “

අපෙ අප්පේ මේ පොඩි ඇටයා අපේකාවත් ඇදන් යන්න ගියෙ පහළට. පුදුම පණ්ඩිත ළමයෙක් වගේ මට‍ පේන්නෙ. අනෙ නුරාද කොච්චර අහිංසක ළමයෙක්ද මෙයා එක්කලා බලද්දී.  මමත් උඩට කමිසයක් දා ගෙන මූණ කටත් හෝදලා ගියෙ පහළට.

” එන්න එන්න පුතා කෑම ටිකක් කමු. අපි දෙන්නත් තාම කෑවේ නැහැ. ”

අප්පච්චියේ…. මෙයාට මන් අන්කල් කියන්නද අයියා කියන්නද නැත්තම් දිනුල මහත්තයා කියන්නද කියලා හිතා ගන්න බැහැ මගෙ බේබී හාමු වත් පෙන්න නැති හැටියක් .

” ම් මේ බේබී හාමු කොහෙද ඉන්නේ දිනුල මහත්තයා “

” ඔයාගේ බේබී හාමු ඕන් මිදුලේ. එයත් එයි දැන්. මට දිනුල හරි අන්කල් හරි කියලා කතා කරන්න පුතා. මේ ඔයා වැඩ කරන වලව්ව නෙවෙයි “

එයා එහෙම කිය කිය හිනා වෙද්දී මාත් කළේ හිනාවක් දුන්නු එක .

” අප්පත්ති….  තා ආසකී….ම්. බබාතත් දෙල්ලකෝ අප්පත්තියේ… “

අපෙ කොල්ලවත් අතින් ඇදගෙන ආපු රාහුල් හිස් වෙච්ච කෝප්පෙත් පෙන්නලා තව අයිස්ක්‍රීම් ඉල්ලුවා වෙද්දී දිනුල මහත්තයා මටත් හිනාවක් දීලා ගියෙ කුස්සියේ පැත්තට.

” ඔයා නැගිට්ටද. මන් නුරාදට කිව්වා ඔයාව නැගිට්ටවන්න කියලා “

” දෙන්නා හොදට මාව නැගිට්ටවව්වා හාමු “

රාහුගෙයි නුරාදගෙයි ඔලු ගෙඩි දෙක අල්ල අල්ල මන් එහෙම කියලා ආයේ බැලුවේ නුරාදගේ අතේ හැදි දෙකක්ම ගහපු අයිස්ක්‍රීම් පෙට්ටියක්ම තිබ්බ දිනුල මහත්තයා දිහා.

” දෙයියනේ දිනුවෝ මුන් දෙන්නට ඔහොම කෑවොත් වෙනම ලෙඩක් හැදෙයි බන් “

” ඉස්පිරිතාලේ ගෙනියමු බන් එතකොට.   එදත් මේ දෙන්නා තනියම ලොකු අයිස්ක්‍රීම් පෙට්ටියකටම වැඩේ දුන්නේ යසට. කෝ කෝ හොදට බෙදා ගනින් බන්. පුතා ඔයත් හොදට කන්න ඕනී “

එහෙම කියපු දිනුල මහත්තයා බෙදා ගත්ත බත් පත කන්න ගත්තා. කැරට් සම්බෝලෙයි මුහුදු මාලුයි පරිප්පුයි පපඩමුයි.

අපි තුන් දෙනාම කතා කර කර මේසේ කෑම කද්දී පොඩ්ඩෝ දෙන්නා ලොකු හාන්සි පුටුවේ ඉදගෙන අයිස්ක්‍රීම් පෙට්ටියටම වග කියනවා.

” ඉස්කෝලේ නිවාඩුයි නේද විරා. පැටියා පෙර පාසලකට එහෙම දැම්මේ නැද්ද ඉතින් “

” දැම්මා දැම්මා හැබැයි බන් මෙයා අඩනවා. යාලුවෝ එක්කලා ඉන්නෙ නෑ කතා කරන්නෙ නෑ අනෙ මන්දා. ටික දවසක් බලලා දරුවා පෙන්නන්න ඉස්පිරිතාලෙකටවත් ගෙනියනවා “

” දැන් ඔය කොල්ලා අපෙ එකා එක්කලා හොදට හිනා වෙලා ඉන්නෙ. රාහුත් වලව්වෙන් ආපු දවසෙ ඉදලා නුරාද ගැනමයි කියවන්නේ “

ඇත්තටම කිව්වත් වගේ ළමයි දෙන්නා හොදට ඉන්නවා. මගෙ හාමුට නම් ගොඩක් බඩගිනි වෙලා වගේ. එයා ආපහු බත් හැන්දක් බෙදා ගෙන මටත් බත් හැන්දක් දාලා මාළු කෑල්ලකුයි පපඩම් ටිකකුයි බෙදුවා වෙද්දී මන් දැක්කේ හාමුයි මායි දිහා දිනුල මහත්තයා බලන් ඉන්නවා.

” කොල්ලා නම් එදා දැක්කටත් වඩා ගොඩක් ලොකු වෙලා නෙ. වලව්වේ කන්න එහෙමත් හොදට තියෙනවනේ නේද  ඉතින්. අපි කැම්පස් යන කාලේ නම් ඉරටු කූරු වගේ නේද විරා “

” ඔව් බන් මෙයාට කමනි නැන්දා කැම්පස් එකට වුණත් බත් මුලක් අරිනවා. නැත්තම් කැම්පස් වල කෑම කන්නේ කොහොමද බන් කියන්නකෝ “

          ………………………………..

” රාහු පැටියෝ මාමි දැන් නුරාදව ගෙනියනවා. හවස් වෙන්න කලින් නාවන්න එපැයි “

දිනුල හදිස්සියකට කියලා හෝටලේට ගියත් හරි අපි ටික දෙනා විතරයි ඉතිරි වුනේ. මන් නාවන්න කියලා නුරාදව හොයද්දි පැටව් දෙන්නා එළියේ සෙල්ලම් ගෙයක් හදලා.

” මාමි මන් බබාව නාවන්නම්කූ පලිත්තමට. නමු නුලාද දෙන්නම නාමු ගිහිල්ලා “

” එන්නකෝ එහෙනම් මන් දෙන්නවම නාවන්න “

මම රාහුල්වයි නුරාදවයි දෙන්නා අපෙ වොෂ් රූම් එකට ගෙනියලා නාවන්න ගත්තේ අපේකාගේ මඩ ගෑවුණු ඇදුම් ටිකත් හෝදන්න දාලා.

” බාන්නකෝ මාමි මදෙ කීම් ගාන්නකු මෙයාත ”

නිලූෂ අපෙ කොල්ලට පොඩි කලිසමකුයි කමිසෙකුයි අන්දලා පව්ඩර් ටිකක් මූණේ ගාද්දී රාහුල් උස්සන් ඇවිල්ලා නිලූෂගෙ අතට දුන්නේ ලොකු බේබී ක්‍රීම් බෝතලයක්.

” මාමිත් ටිකක් ගෑවට කමක් නෑ නෙ “

” ඔය බබාලගෙ කීම් ලුකු අය ගාන්නා මාමි “

” ඉන්නකෝ පොඩ්ඩක් පැහැච්ච සීයා කෙනෙක් වෙන්නැතුව “

මේ නිලූෂ දැන් තියාගෙන පොඩි උන්ව අවුස්සනවා. රාහුල් මූණත් බෙරි කරගෙන එයාගේ ක්‍රීම් එක ගාන නිලූෂ දිහා බලන්  හිටියා වෙද්දී මන් ඒක උදුරලා ඇරන් පොඩි එකාගේ අතට දුන්නා.

” පොඩි එකාව අවුස්සන්න එපා නිලූෂ. අනෙ මන්දා ඔයත් “

” එහෙනම් මේ දෙන්නා ගියාට පස්සේ මගෙ හාමු මහත්තයව අවුස්සන්නම්කෝ මන් “

කැත හිනාවකුත් දාලා නිලූෂ එහෙන්ම ගියෙ නා ගන්න.

” මාමි නුලාද එක්කල ගෙන නන්නද මදෙ තෙල්ලම් බදු කාමලේට “

” පරිස්සමින් යාළුවාව බලා ගන්න ඕනී එහෙනම් හොදද “

” අ ලි..  “

කොල්ලෝ දෙන්නා ගියාට පස්සේ නාලා ඇද ගත්ත තුවායත් ගලවලා සුදු කොට කලිසමකට කහ පාට අත් කපාපු ලොකු කමිසයක් දා ගෙන ඉද ගත්තේ  පොතක් කියවන්න.  ඒත් එක්කලා මට‍ මතක් වුනේ මගදී කන්න ගත්ත රට කජු මල්ල.

” ආ ව් නිලූ… à·‚ රිදුනා ඒක නම් “

පොතටම ඇලිලා හිටපු මාව ගැස්සිලා ගියෙ නිලූෂ මගෙ බෙල්ල හපපු පාරට. මේකාට ගානක් වත් නැහැ ඉන්නේ පිට ගෙදරකවත් කියලා තුවායත් ඇදට විහික්කා කරලා ඔහේ ඇගෙ නූල් පොටක් වත් නැතුව දා ගෙන අදින්න කලිසමක්‌ හොයනවා.

” සරමක් අදින්න “

” හොද ඇදුමක් තෝරලාම දෙන්නකෝ හාමු එහෙනම් “

ඉතින් මන් පොතත් දාලා ගිහිල්ලා බැලුවේ අපි දෙන්නගේ ඇදුම් මල්ල.  එහෙන්ම මන් එයාට දික් කරේ මෙරුම් පාට සරමකුයි කෙසෙල් දල්ලේ පාටට තියෙන අත් කොට කමිසෙයි.

මගෙ අතින් එයාගේ ඇදුම් ටික එයා ගන්න ගියත් මන් එහෙන්ම ඒ ටික ඇදට විහික්කා කරලා එයා වත් තල්ලු කරන් ආවේ ඒ ඇග උඩට.

” හාමු මහත්තයෝ ළමයි එයි. කරන දෙයක් රෑට ක.. අහ් ආ…ව් “

එයා මොන මොනාදෝ කියන්න ගියත් ඊට‍ කලින් මගෙ කට ගියෙ ඒ පපුවට වෙද්දී මට‍ හයියෙන්ම පපුවේ පැත්තක් හැපුනා.

“  හයියෙන් හැපුනා ඉතින් “

මන් එහෙම කියද්දී එයා අඩවන් වෙච්ච ඇස් වලින් මගෙ දිහා බලන් ඉදලා එහෙන්ම මාවත් පෙරලගෙන අල්ල ගත්තේ මගෙ තොල් වෙද්දී මාත් පිස්සුවෙන් වගේ ඒ  තොල් අල්ල ගත්තා.

” චරා…..ස් “

” ඒක ගන්න දෙයක් නෑ මනුස්සයෝ… පොඩ්ඩක් ඕක ඔයාට උඩින් ගලවන්න බැරි වුනාද කියන්නකෝ. ඉස්සර තිබ්බ ඉවසීම දැන් හොයා ගන්නවත් නෑ නෙ තියෙන කුලප්පුවේ හැටියට ඈ නිලූෂ. මන් කැමතිම කමිසේ දෙයියනේ….. මොන හිතකින්ද ඒක ඉරුවේ ආ “

හොදම හරිය පටන් ගන්න යද්දිම වගේ නිලූෂ මගෙ කමිසෙන් ඇද්ද පාර චරාස් ගාගෙනම මගෙ ආසම කහ පාට කමිසේ ඉරා ගෙන ගියෙ මගෙ මතෙත් හිදිලා යද්දි.

” හාමු මහත්තයෝ…මේ වගේ වෙලාවක මොන කෙහෙල් මලකටද දෙයියනේ රෙද්දක් ගැන කියවන්නේ. ඒක හිතලා ඉරුවෙ නැහැනෙ .  ඉන්නකෝ මන් එකට දෙකක්ම අරගෙන දෙන්නම් ඔයවගේ කිහිලියි කුක්කුයි පේන රෙදි කෑළි හාමු .”

අමෙ අම්මේ මගේ අහිංසක අලි පැටියට ඩෝන් ගිහිල්ලා තියෙන තරමක්. මූණ රතුත් වෙලා මන් කෑ ගහපු ඩිංගට. මගෙ මනුස්සයට එහෙනම් මන් එක්කලා වුණත් කේන්ති යනවනෙ හැබෑට.  මට‍ මොකුත්ම කියන්න තරම් දෙයක් මගෙ ඔලුවට ආපු නැති නිසා මන් කළේ එයාගේ ඇස් මග ඇරලා බිම බලා ගත්ත එක. කොච්චර වුණත් මාත් වැරදි කමිසයක් නිසා මගෙ කොල්ලට බැනපු එක.

” ම් මෙහෙ එන්න මට‍ ටිකක් කේන්ති ගියා. රෑට නවත්තපු තැනින් පටන් ගමු මගෙ හාමු “

මාව ඇදලා ළගට ගත්තු එයා මාව තුරුල් කරන් එහෙම කියලා මගෙ නළලේ පුරාවටම තියෙන කෙසගෙ කෑලිත් අයින් කරලා තප්පර ගානක් යනකම් සිපුමක් තියාගෙන හිටියෙ මගෙ ඇසුත් පියවිලා යද්දි.

         ………………………………….

” පුතා තමුන් දැන් කොහෙද ඔය රෙදි ටිකකුත් දා ගෙනම යන්නෙ ආ “

” යාලුවෙක්ගෙ ගෙදර අම්මි. ගිහිල්ලා ඉක්මනින් මන් එන්නම් “

ඉස්කෝලේ නිවාඩු දුන්නු එකේ  මගෙ ඇදුම් මල්ලත් ලෑස්ති කරේ නිර්මලගේ ගෙදර යන්න කියලා . මන් ආවත් හරි එක පාරයි මට‍ ලිවුමක් අරින්න පුළුවන් වුනෙත් .

” ගිහිල්ලා ඉක්මනින් එන්න එහෙනම්. ග්රෑන්ඩ් මාටත් හොදටම සනීප නැහැ නෙ “

අම්මා තව එක එක එව්වා කියද්දී කමිසෙත් දා ගත්ත මන් ගියෙ බත් ටිකක් කන්න. මෙහෙන් හෙට උදේ පාන්දරම යා ගන්න පුළුවන් වුනොත් මට‍ ඉක්මනින්ම යන්න පුළුවන් . නිර්මාල් කන්න ආසම කඩචෝරු ටිකකුත් මන් කල් තියාම ලෑස්ති කර ගත්තා.

” ද් දෙනුවන් බේබී ම් මේ මොකෑ මේ අපෙ ගෙදරට ආවේ ලොකු මල්ලකුත් උස්ස ගෙන ”

නුවරින් බස් එක නතර කර හැටියේ ටැක්සියක නැගපු මන් කෙලින්ම ආවේ නිර්මාල්ගෙ ගෙදරට.  මන් එද්දි ගෙදර මිදුලේ බයිසිකලේකුත් හෝද හෝද හිටියෙ නිර්මාල් ගෙ අප්පච්චි සෝමේ මාමා.

” මාමේ ඉස්කෝලේ නිවාඩුත් එකෙ මන් මේ දවස් දෙක තුනක් මාමලාගේ ගෙදර ඉන්න කියලා ආවේ. ඇයි මාමේ මන් ආව  එකට වැඩිය කැමැත්තක්‌ නැද්ද “

” අප්පේ බේබී වලව්වට ගියෙ නැතුවද මෙහෙ ආවේ. බේබී මෙහෙ කියලා ලොකු හාමු හරි ලොකු මැණිකේ හරි දැන ගත්තොතින් අපිටත් එක්කලා නස්බැද්දියක් වෙයිද දන්නෑ ඕන්. “

” ඒ ඉතින් මන් මෙහෙ ඉන්නවා දැක්කොත් නෙ මාමේ. මන් වැඩිය අරහෙට්ට මෙහෙට්ට යන්නැතුව ඉන්නම්කෝ එහෙනම්. “

” බේබී එහෙනම් ඇතුළට යන්කො. හාමිනෙත් වලව්වේ නොවෑ ඉන්නේ. පුතා නම් ඕන් එයාගේ ගහ උඩ ගෙදර “

මාමා කියව කියව මගෙ මල්ලත් උස්සන් ගියෙ ගේ ඇතුළට වෙද්දී මන් මහන්සි නිසාම වේ වැල් පුටුවේ ඉද ගත්තා.

” ඇග නිවිලා යන්නත් එක්කලා මන් කිරි ඩිංගක් එහෙම මාමාවක් කරගෙන එන්නම්කෝ බේබී “

එහෙම කියලා මාමා කුස්සියේ පැත්තට යද්දි මන් එළියේ කරාමේ ළගට ගියෙ මූණ අතපය හෝදන්න. නිර්මාල් ගහ උඩට වෙලා හොදට බුදි ඇති මෙලහකට.

” à·„à·‘…….   ද් දෙනු…. ඔයා “

ඉස්සරහ දොර පැත්තෙන් ආපු නිර්මාල්ට කෑ ගැස්සුනා මාව දැකලා. බොකුටු කොන්ඩේ වෙනදටත් වඩා දික් වෙලා.

” නිදා ගත්තද මෙච්චර වෙලා “

” ඔව්. ඔයා කොයි වෙලේද ආවේ. අනෙ හිටියට වඩා වෙනස් වෙලානේ. ඇයි මේ කොන්ඩේ කොට කරලා හොදටම. ටිකක් කෙට්ටුත් වෙලා. ඇසුත් කළු වෙලා යට ගිහිල්ලනෙ. නිදි මැරුවද කියන්නකෝ දරුවෝ “

එයා කෝච්චිය වගේ කියවනවා මගෙ මූණටත් එබී ගෙන.

” ම් ටිකක් මේ දවස් වල ඉස්කෝලේ වැඩත් වැඩි වුනා මට‍ “

” බේබී කිරි එක බීලා හිටිය නම්. චූටි මොනා හරි ඉක්මන් කරලා උයලා ගනින්කෝ. ඕන් රාක්කේ උඩ ඇති ටින් මාළු එකක් “

” ම් නියමයි නියමයි මාත් ආසයි චූටි අයියගේ ටින් මාළු ඇඹුලටයි පොල් සම්බෝලෙටයි “

මන් කිරි උගුරකුත් බීලා එහෙම කියද්දී නිර්මාල් හිනාවකුත් දාලා සෝමේ මාමා දිහා බලලා ගියෙ කුස්සියේ පැත්තට.

” මාමේ නිර්මාල්ට කොහොමද දැන්. අසනීප ගතිය ටිකක් හරි අඩු වුනාද. ආයේ අර ළමයි කරදර එහෙම කරේ නැහැනේ චූටි අයියට “

” අනෙ බේබී දැන් නම් ළමයි කරදර කරන්නෙ නම් නැහැ ඕන්. ඒවුනාට ඉතින් අපෙ කොල්ලත් වැඩිය තනියෙන් එහෙ මෙහෙ යන්නැති තරම් නෙ . මන් මේ ළගදිත් දොස්තර මහත්තයා ළගට ගෙනිච්චා අපෙ එකාව. බෙහෙත් නම් ටිකක් වෙනස් කරලා දුන්නා හොදට නින්ද යන්නත් එක්කලා.  ඔලුවේ රුදාව නම් සෙම් අමාරුව නිසාලූ එන්නෙ. ඒකට ඉතින් රෑට බොන්න සිරප් බෝතලයක් දුන්නා .  මගෙ කොල්ලා නම් ඉතින් ගෙදර වැඩ පළ ටික නම් ඔක්කොම කරයි. ඒත් ඉතින් කොල්ලගේ ඉගැනීම මගින් නැවතුනු එකට නම් උගෙ අප්පච්චි වෙච්ච මට‍ හරීයට හිතට අමාරුයි. “

එහෙම කියපු සෝමේ මාමා ලොකු හුස්මක්‌ පාත දාලා කුස්සියේ පැත්තට ඇස් ගෙනිච්චා.

” මාමා දුක් ගන්න ඕන්නැ. චූටි අයියා ඔහොම හොදින් හරි ඉන්න එකම මදැයි”

“  චූටි අයියේ ඔයා මොනා හරිම හිතනවා වගේ එක දිගට. මන් කතා කරත් ඔයා හරියට අහන් ඉන්නෑ නෙ “

මන් දැන් වලව්වට ඇවිල්ලා සතියකුත් ගෙවිලා යද්දි  නිර්මාල්ව හම්බුනු හැමසැරේකම එයා මා එක්කලා වුණත් කතා කරලා කොහෙදෝ දුර ඈතක් බලන් කල්පනා කර කර ඉන්නවා. වෙලාවකට අහන එව්වට නෙවෙයි උත්තර දෙන්නේ.

” අහ් නෑ මේ දෙනූ බේබී ඔයා දකින විදිහ ඒ “

” මන් දෙයක් කියන්නද “

මන් දෙයක් කියන්නද කියපු විගහට එයා ඇසුත් හීනි කරන් බැලුවේ මගෙ දිහා.

” ම් මොක ක්ද “

” චූටි අයියා කැමති කොල්ලොන්ට නේද ආ “

මන් එහෙම කිව්වත් හරි එයා ගැස්සිලා අහක බලා ගත්තා.

” මන් ඔව් කිව්වොත් දෙනූ බේබීට මන් ගැන මොකද හිතෙන්නේ. හිරිකිතක්ද ආ “

” කොහොමද මන් ආදරේ කරන එක්කෙනාව අප්පිරිය කරන්නෙ චූටි අයියේ ම් “

මන් ඒ ඇස් දිහාම බලන් එහෙම කියද්දී එයා ආයේ පාරක් ගැස්සුනත් හරි මන් අල්ල ගත්තේ ඒ අත.

” කොල්ලොන්ට කැමති වුනාට මන් කවදාවත් ආදරේ නම් කරන්නෑ දෙනූ බේබී. එක පාරක් වැරදුනා මට‍. ආයේ නම් ඒ වැරැද්ද කරලා මන් ලෙඩක් නම් වෙන්නෑ බේබී. “

එහෙම කියලා එයා යන්න හැදුවත් මන් නෙවෙයි එයාට යන්න දුන්නේ.

” ඉස්සෙල්ලම මොකද වුනේ කියලා කියන්නකෝ. අඩුම තරමෙ මටවත් කියන්න. මන් කාටවත් ඔයාගේ පුද්ගලික දේවල් කියන්නෑ චූටි අයියේ. පොඩි කාලේ ඔයා මාව වලව්වේ ඉද්දි කොච්චර බලා ගෙන ඇතිද. ඔය අත් දෙකින් කොච්චර මට‍ බත් ගුලි ගිල්ලලා ඇද්ද  වැටුනු පාරට දනිස් පොල් කටු තුවාල වෙද්දී කොච්චර දාස් පෙතියා කොළ තලලා නිදිකුම්බා කොළ තලලා මගෙ තුවාල වල තියලා ඇද්ද  ඉතින් ඔය මට‍ මතක තිබ්බ එව්වා විතරනේ. ඔයා මන් වෙනුවෙන් කරපු මට‍ අමතක වුණු දේවල් කොච්චර ඇතිද ආ… මොකක්ද වුනේ කියලා කියන්න කෝ ඔයාට අයියේ “

මන් එහෙම කිය කියා ඒ කැහුටු උරහිස් වලින් හෙල්ලුවා වෙද්දී එයා ඇස් වලට උනන කදුළු පාලනය කර ගන්න හැදුවා.

“  සාමාන්‍ය පෙළ ඉවර වෙලා හැමදාම වගේ මන් ගියා ගුණද්දුපාල මුදලාලිලාගේ අයියගේ කඩේ වැඩ කරන්න.  ඒ කඩේ මුදලාලි නැති දවස් වලට එයාගේ පුතා තමයි කඩේ බලා ගත්තේ. එයා මුදලාලිටත් වඩා ගොඩක් සැර නපුරු තද නීති දාන මට වඩා ටිකක් වැඩිමල් කෙනෙක්.  මන් ඒ කඩේ උයන පිහන වැඩ එහෙම තමයි කරේ ඉතින්. ඒ අස්සේ මුදලාලිලාගේ පුතා එක්කලා කඩේට ඕනී එළවලු තෝරන්න එහෙමත් ගියා. ඒත් එක දවසක් කුස්සියේ කවුරුත් නැති තැන මුදලාලිගේ පුතා ඇවිල්ලා මට‍ කැමති කියලා කිව්වා. ටික දවසක් ගියාට පස්සේ අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න ගත්තා. දෙනුවන් බේබී දන්නවා ඇතිනේ ගුණද්දුපාලගේ පුතා. එයා ඉන්නේ අපෙ පන්තියේ. ඉතින් දවසක් කුස්සියේ කවුරුත් නැති තැන මුදලාලිගේ පුතා ඇවිල්ලා මාව ඉඹින්න හැදුවා. මන් එවලේ ටිකක් ගැස්සුනු පාර පිටිපස්සට ගියත් හරි මන් තව කාගේදෝ ඇගක හැප්පුනා බේබී . පිටිපස්ස හැරිලා බලද්දී ගුණද්දුපාලගේ පුතා මගෙ නහයට රෙදි කෑල්ලක් දික් කරා විතරයි දැක්කේ මන් මට‍ කෙලින් ඉන්න තරම් වත් පණ නැති වුණා……

මේ කොටස තාම ඉවර නැතෝ..  ඉතිරි ටික ඊලග කොටසෙන් දෙන්නම් යාලුලා 😊😊

        ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලුලාට 🙏

අදහස් වෝට් වලට ගොඩක් ස්තුතියි යාලූලා🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗

ඇත්තටම අදහස් කියන යාලූලා කීපදෙනාට ගොඩක් ස්තුතියි. මට‍ ගොඩක් සතුටුයි ඔයාලා කතාව ගැන වචනෙකින් හරි අදහසක්‌ දෙනවට❤️🤗

ගිහිල්ල එන්නම් 🤗🤗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌එක්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 32