À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා

A+ A-

” අහ් අයියා නැගිට්ටද මේ පාන්දරම “

” ඔව් මාත් නැගිට්ටා. මන් මේ බෝ මලුව අමදින්නම් මල්ලි . ”

පොඩි ඇදේ නිදාගෙන හිටිය මට ඇහුනේ දොර අරින හඩක්. අර පොඩි එකා අමදින්න යන්න ඇති. මාත් ඇදෙන් බැහැලා මූණ කටත් හෝදගෙන ගියෙ මිදුල අමදින්න. කොච්චර ලොකු පිනක්ද බෝ මලුවක් අමදින එක.

” හරි අයියේ එහෙනම් ඔයා මේ මලුව අමදින්න. මන් උඩ මලුව අමදින්න යන්නම් එහෙනම් “

ගොඩක් සීතළයි. අවටින් ලාවට එළිය වැටීගෙන එද්දි මන් උදේ පාන්දර මලුච අමදිනවා. හිතට මහා සන්සුන් කමක් දැනෙද්දී අනාගතේ ගැන දැනෙන බිය නොසන්සුන් කම දුක යටපත් වෙලා මට දැනුනේ ලොකු සැහැල්ලුවක්.

” නිලූෂ පුතා පාන්දරම නැගිටලා වැඩ වගෙ. “

මන් මිදුල ඇමද ඇමද ඉද්දි ආවේ ලොකු හාමුදුරුවන් වහන්සේ චෙනකොට ඉදලත් පැත්තකින් තියෙලා දණගහලා වැන්දා මන් .

” එහෙමයි හාමුදුරුවනේ. “

” ඔය ඇත්තා මට දැන්ම හම්බුනු එකත් හොදයි. අද දානේ දෙන්න පන්සලට එන්නෙ මේ ගමේ උප පොලිස්පති තුමයි එයාගේ පවුලෙ උදවියයි. ඒ ඇත්තන්ටනේ අද හීලි දානේ දෙන්න තියෙන්නේ. ඊයේ හවසත් මා එක්කලා ඒ උපාසක මහත්තයා කතා කරලයි ගියෙ. එවෙලාවේ කිව්වා මන් ඔය දරුවා ගැනත්. ඒ මහත්තයා නම් කිව්වා ඉතින් උපාධිය තිබ්බොත් නම් තව මොකක්දෝ මන්දා එයාලා දෙන පරීක්ෂණ විභාග වලින් එහෙමත් සමත් වුනොත් කෙලින්ම පොලිස් ස්ථානාදිපති තුමාම වෙන්නත් පුළුවන් කියලා. කොච්චර වැදගත් රස්සාවක්ද කියන්නකෝ කොල්ලෝ ඒ . පොලිස් ස්ථානාධිපති තුමා කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙවෙයිනෙ ඉතින්. පුතත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඒ ගැන . අර මහත්තයා ආපුවාම තවත් ඒ ගැන කතා කරත හැකියි දරුවට “

එහෙම කියලා හාමුදුරුවෝ ධර්ම ශාලාවට වඩිද්දි ටිකක් ඉතිරි වෙලා තිබ්බ බෝ කොළ ටිකත් අහුලලා ගියෙ විහාර මලුවත් අමදින්න.

” අයියේ මන් දැන් ගෙදර යනවා. මෙන්න කාමරේ යතුර “

විහාර මලුවත් පිරිසිදු කරපු මන් අතපය හෝද හෝද ඉද්දි ආවේ මල්ලි.

” ආ හරි හරි පරිස්සමින් ගිහිල්ලා එන්න එහෙනම් “

යතුරත් ඇරගෙන කාමරේට ගියපු මන් ඊයේ හාමු මහත්තයා දුන්නු අඹ ගෙඩියක් කපා ගෙන කන්න ගත්තා. පොලීසියත් හොදයි හැබැයි. අර එනවැයි කිව්ව මහත්තයගෙනුත් තව විස්තර අහන්න ඕනී. කැම්පස් එක පටන් ගන්න කලින්ම මට‍ රස්සාවක් හම්බ වුනොත් හොදයි. පොලිස් මහත්තයෙක් හරි වුනොත් මටත් ටිකක් කල් යනකම් ක්වාටස් එකක හරි ඉන්න පුළුවන් නෙ.

බෝ මලුවේ වාඩි වෙලා කල්පනා කර කර ඉද්දි කවුරු හරි උගුර පාදන සද්දයක් කරපු නිසා මන් බැලුවේ ඒ කවුද කියලා.

” මේ නිලූෂ නේද “

අපෙ හාමුගේ වයස විතර මනුස්සයෙක් මගෙන් එහෙම අහද්දී මට‍ හිතුනා මේ හාමුදුරුවන් වහන්සේ කියපු අර මහත්තයා වෙන්නැති කියලා.

” ඔව් “

” අහා පුතා….. මට‍ ලොකු හාමුදුරුවෝ කිව්වා ඔය දරුවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා “

මේ එහෙනම් එයා තමයි. මන් ඉද ගෙන ඉන්න තැනින් නැගිටලා ඒ මහත්තයා ළගට යද්දි එයා අතින් පෙන්නුවෙ ඉදගන්න කියලා වෙද්දී එයත් ඒ අයිනකින්ම වාඩි වුණා. බෝ මලුවෙන් හමන ලා හුළග හරි සනීපයි.

” පුතා කැමතිද කියන්නකෝ ඉස්සෙල්ලාම පොලීසියට බැදෙන්න ම් “

” කැමති මහත්තයා “

හිතේ පොඩි දෙගඩියාවක් තිබ්බත් මන් කැමතියි කියලා කිව්වා. මොකද මේකෙන් හරි උසස් තනතුරක්‌ හම්බ වුනොත් මට‍ හොද තැනකට එන්න පුළුවන්. ලොකු හාමු ඉස්සරහ වුණත් ආයේ බය වෙන්න දෙයක් නෑ. හාමුයි පැටියයි දෙන්නම වලව්වේ නිසාම මටත් කොහොමත් ආයේ ඒ වලව්වට තමයි යන්න වෙන්නේ. එතකොට ආයේ ලොකු හාමුටවත් බෑනේ පොලිස් ස්ථානාධිපති කෙනෙක්ව වලව්වෙන් එලවන්න. මට‍ නිදහසේ ඒ දෙන්නව බලලා එන්න පුළුවන්.

” කෙලින්ම මන් කාරණාවට එන්නම්කෝ එහෙනම්. පුතා දැන් කැම්පස් යන්නෙ උසස් පෙළත් ඉහළින්ම සමත් වුණු නිසානේ නේද. ඉස්කෝලේ ක්‍රීඩා සහතික එහෙමත් තියෙනවද “

” ඔව් මහත්තයා.. සමස්ථ ලංකා හිටන් තියෙනවා මන් ළග මිටියක්ම “

අනිත් ළමයින්ට වඩා මන් ගොඩක් උස මහත නිසා ක්‍රීඩා ගුරුවරු මන් මයි හොයා ගෙන ක්‍රීඩා වලටත් දාන්නේ. ඉස්කෝලේ උසස් පෙළ කාලේ මන්නේ ඉතින් ශිෂ්‍ය ක්‍රීඩා සභාපතිත්. හය වසරේ ඉදන් මන් තරග වලට යන්නෙ. දැන් නම් මන් ළග සමස්ථලංකා සහතික මිටි පිටින් ඇති. හොද වෙලාවට මන් ඒ ටික හරි පරිස්සමින් අරන් තියා ගෙන හිටියෙ.

” එහෙනම් පුතා අපිට තවත් ලේසි. අපි සතියකට විතර කලින් නම් අලුත් කණ්ඩායමක්‌ ගත්තා එයාලගේ සුදුසුකම් අනූව. මන් පුතා ගැනත් ඉහළ නිළධාරීන් එක්ක කතා බහා කරලා බලන්නම්කෝ. පුරප්පාඩුත් තව තියෙන්නත් පුළුවන් නෙ. උපාධිය තිබ්බොත් අපිට තවත් ලේසි කෙලින්ම පොලිස් අධිකාරි නැත්තම් එස් පී තනතුර ගන්න තරග කරන්න. කමක් නෑ හැබැයි දැනට අපි කෙලින්ම පොඩි එකේ ඉදලා පටන් ගමුකො. මන් මේ දැන් උප පොලිස් පරීක්ෂක තනතුරට ආවේ අවුරුදු දෙකකට කලින්. එතකොට මන් පොලීසියට බැදුනේ සාමන්‍ය පෙළ ඉවර වුණු ගමන්. අපි උසස් පෙළ වත් කරලා තිබ්බේ නැහැනේ ඒ කාලේ ඉතින්. “

මහත්තයා උසස් පෙළත් කරලා හිටිය නම් මේ වෙද්දී මීට වඩා හොද තනතුරකට එන්න තිබ්බා.

” මෙහෙමයි පුතාට තව යෝග්‍යතා පරීක්ෂණ කරලා විභාගයකුත් තියෙනවා ඒකත් කරලා පොලිස් කොස්තාපල් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයේ මාස කීපයකින් පුතාට පුළුවන් උප පොලිස් පරීකක්ෂක තනතුරට තරග කරන්න. එකේදීත් අර විදිහට තමයි යෝග්‍යතා පරීක්ෂණයි විහාගයි තියෙනවා. ඒකෙ යෝග්‍ය තා පරීක්ෂනේ තමයි වැදගත්ම මොකද ඒකෙන් සමත් වෙන්නේ හරිම සුළු පිරිසයි. ඊට පස්සේ ආයේ තරග කරන්න ඕනී පොලිස් පරික්ෂක කෙනෙක් වෙන්න. ඒකත් අමාරුයි ගොඩක්. හොදට මහන්සි වුනොත් බැරි වෙන්නෑ. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස් අධිකාරි නැත්තම් ඒ එස් පී තනතුර. ඊටත් පස්සේ තමයි මන් මුලින්ම අර කිව්වේ එස් පී ගැන අන්න ඒ තනතුරට යන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනී යෝග්‍යතා පරීක්ෂණ වලදී ඉහලින්ම සමත් අයයි ගන්නෙ ඒකට. විබාග වලටත් ඉහළ පෙලේ ලකුණු තමයි තියෙන්න ඕනී. එතැනදී ඔයාට උපාදියට තවත් අමතරව ලකුණු හම්බෙන නිසා ඔයාට වාසි වෙයි. කොහොමත් ඔයාගේ ඒකටයි ක්‍රීඩා සහතික නායකත්ව සහතික භාෂා දැනුමට වගෙ ඔය බාහිර දේවල් වලට අමතර ලකුණු ටිකකුත් හම්බ වෙනවා එතැනදී . මන් ළග ඒ විස්තර එහෙම තියෙන පොත් පත් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් දෙන්නම්කෝ මන්. “

මගේම වාසනාවටද කොහෙදෝ මේ වගෙ හොද මහත්තයෙක් හම්බුනෙ. නැත්තම් මන් කොහොමද මෙච්චර තොරතුරු ගොඩක් හොයා ගන්නේ.

” මහත්තයට ගොඩක් පින් මේ මට‍ කරන උදව් වලට “

” ඒක මොකක්ද පුතා.. මටත් ඔයාගෙ වයසේ වගේම ළමයි දෙන්නෙක් ඉන්නවා. එකෙක් නම් හමුදාවට ගියා. අනිත් එකා ගෙදර තාම. පුතා හෙට අනිද්දා දිහාට්ට අපෙ ගෙදර එහෙම එන්න පුළුවන් නම් මට අර කිව්ව පොත් ටික එහෙම දෙන්නත් පුළුවන් “

” මහත්තයට අද දෙන්න පුළුවන්ද. මන් ගෙදර දන්නෙත් නැහැනේ තනියම එන්න “

” යනින් ගමන් යමු එහෙනම් පුතා අපිත් එක්කම. “

ලොකු හාමුදුරුවොන්ටත් කියලා මන් ඒ මහත්තයා එක්කලාම එයාලගේ වාහනෙන්ම ඒ ගෙදර ගියා. සාමාන්‍ය ලොකු ගෙදරක්. මහත්තයගෙ නෝනා හාමිනෙත් හරි හොදයි. එයාලගේ පුතා නම් පේන්න වත් හිටියෙ නෑ.

” කිරි එක නිවෙයි දරුවෝ. තව කෙක් කෑල්ලක් ගන්න කෝ “

” අම්මා අම්මා කෝ…. ආ අම්මා අද මගෙ යාලුවෝ ටික එනවා කිව්වා දවල්ට. “

මේ නෝනා මට‍ කෙක් දීසිය තව පාරක් අල්ලද්දී එළියේ පැත්තෙන් කෑ ගහගෙන කොල්ලෙක් ආවා. මගෙ දෙයියනේ රස්තියාදු කාරයෙක් වගෙ පෙනුම .

” ඇත්තටම පිස්සුද ළමයෝ ඔහේට ආ දැන්ද කියන්නේ මට‍. එකොළහටත් කිට්ටු එකේ මන් කොහොමද දැඩිබිඩි ගාලා කන්න උයන්නෙ ඒ ළමයින්ට. අනික තමුන් කොහෙද මෙච්චර වෙලා ගිහිල්ලා හිටියේ….. රවී මාත් එක්ක නටන්න ලෑස්ති වෙන්න එපා පුතේ… ළමයි එක්ක රස්තියාදු ගහන්න පුරුදු වෙලා මෙතැන. දැන් උදේට කෑවද ම්… “

” පිට උන් ඉස්සරහ මන් කැමති නෑ අම්මේ මට කෑ ගහනවට. “

එහෙම කිව්ව ඒ කොල්ලා මගෙ දිහා වත් බලන්නැතුව මගෙ ළගින්ම ඉදගෙන කෙක් කෑල්ලක් ඇරගෙන කන්න ගත්තා.

” යන්න ගිහිල්ල අතපය හරි සෝද ගන්න පුතා “

” මොකෝ මොකෝ මේ සද්දේ… ආ මේ චූටි ඇවිල්ලා ඉන්නේ “

මහත්තයා මොනාදෝ පොත් වගයකුත් ඇරගෙන ඇවිල්ලා ඉස්සරහ හාන්සි පුටුවේ වාඩි වුණා.

” බලන්න ඒයි පුතා දැන් තමයි කියන්නේ එයාගේ යාලුවෝ මෙහෙ එනවැයි කියලා. “

” හරි හරි මාත් එන්නම්කෝ ඉතින් උයන්න උදව් කරන්න. කෑ ගහන්න එපා ඕකට “

එහෙම කිව්වට පස්සේ තමයි ඉතින් නෝනා හිනාවකුත් දාලා යන්න ගියෙ.

” ම් මේ පොත් ටික දැනට බලා ගන්නකෝ පුතා එහෙනම්. මන් තව විස්තර බලලා කියන්නම් “

” ගොඩක් පින් මහත්තයා මේ පොත් ටික දුන්නට. මන් ගිහිල්ලා එන්නම් දැන් “

එහෙම කියලා මන් පොත් ටික මල්ලටත් දාලා නැගිටින්න හැදුවත් ආයේ මහත්තයා කතා කළා මට‍.

” මන් දවල්ට වැඩට යනවා. ඒත් එක්කම පුතාවත් ගිහිල්ල දාන්නම් පන්සලට. අපෙ හාමිනෙත් පුතාට එක්කමයි උයන්නෙ… බෑ බෑ ගාන්නැතුව කාලායි යන්න ඕනී කොල්ලෝ… “

මගෙ උරහිසටත් තට්ටුවක් දාලා එහෙම කියලා මහත්තයා යන්න යද්දි මට‍ බැලුනෙ මගෙ දිහා බලා ගෙන ඉන්න අර කොල්ලා දිහා.

” තමුසේ අපෙ තාත්තගේ ගෝලයෙක්ද “

ටකරමකට ගල් ගහනවා වගෙ කතාව නම් පොඩි ඇටයගේ.

” නෑ “

” ම් “

මේ කොල්ලා මෙතැනින් යන්නැද්ද මන්දා.

” ඔයා පිටරට මනුස්සයෙක්ද. ලංකාවේ නම් නෙවෙයි වගෙ “

” නෑ “

මේ කොල්ලට මොළේ හොද නෑ වගෙ මට‍ නම් පේන්නෙ. මහත්තය දුන්නු පොත් මන් එකින් එක පෙරලා බැලුවා වෙද්දී ඒකෙත් තිබ්බේ නීතිය ගැන සමාජේ ගැන. හොද වෙලාවට මන් කැම්පස් එකේ සමාජ විද්‍යාව කරනවා.

” නම මොකක්ද… මන් රවිදු “

” නිලූෂ “

පොත බලාගෙනම උත්තර දුන්නු මන් ඊලග පිටුව පෙරලුවා. ටිකක් වෙලා යද්දි වාහනයක් නතර කරපු සද්දයක් ආවත් හරි මෙච්චර වෙලා මගෙ ළග හිටපු එකා ගියා දොර ළගට.

” ටිකක් පරක්කු වුණා බන්. මුගේ කෑල්ලත් බලලා එන්න ලක්සිරි එකට ගිහිල්ලා ආවේ. අර කව්ද අප්පේ ඒ රට සුද්දා “

දොර ළග හිටපු එයාලගේ කසුකුසුවත් මට මෙතෙන්ට ඇහුනා.

” තාත්තා අදුරන කෙනෙක් බන් රට සුද්දෙක් නෙවෙයි . වරෙන්කො ඇතුළට එළියේ සීතයි “

මගෙ දෙයියෝ මගෙ ඇසුත් උඩ ගියා හිටපු සේනාන්කේ දැකලා . ඒක තමයි එහෙනම් අර නෝනා දමාගෙන කෑ ගැහැව්වේ. කොල්ලෝ දහ දොළොස් දෙනෙක්ම ඇවිල්ලා තිබ්බ වෙද්දී උන් ටික මන් ඉදගෙන ඉන්න පුටුවෙ ඉස්සරහ තිබ්බ සැටි වලින් වාඩි වුණා. ඒකෙ ඔක්කොටම ඉද ගන්න ඉඩක් නැති නිසාම මන් ඉන්න සැටියටත් ඇවිල්ලා කට්ටිය ටිකක් වාඩිවෙද්දී මන් සැටියේ අයිනටම ගියා. තනිකරම භාගෙට භාගයක් මැරයෝ වගේනේ මුන්. ඒ අතින් පොඩි ඇටයා රස්තියාදු පෙනුම තිබ්බත් මුන් ටිකට වඩා ඒකා හොදයි වගේ. තුන් හතර දෙනෙක්ම මටත් වඩා උස මහත කොල්ලෝ.

” අරූව මරන්න ඕනී බන් ඒකා කරපු පාහර වැඩේට. “

” දැන් ඕක කියවලා වැඩක් නෑ සුද්දා. ඒකා කොහොමත් දැන් ගොහිනුත් ඉවරනේ “

” ඔන්න ඔහේ අල්ලලා දාන්න. ඒකා ආයේ ආපු දවසට මතක හිටින්න වැඩක් කරමුකෝ අපි…… “

” කෝ කෞවෝ අම්මා “

” ඕන් උබලට කන්න දෙන්න කුස්සියට ගියා උයන්න “

පව් ඒ නෝනා මේ අලි පැටව් ටිකට කන්න දෙන්න කල්දේරම් වල වෙන්නැති උයන්නෙ මෙලහකට. මුගේ තාත්තා උපපොලිස් පතිතුමා නිසා හොදයි ඉතින් මුන්ට කන්න දෙන්න .

” අහ් එහෙනම් මගෙ නැන්දම්මා හම්බෙලාම එන්නම්කෝ පොඩ්ඩක් “

එහෙම කියලා කළු උස කොල්ලෙක් කුස්සියේ පැත්තට යද්දී උන්ගේ යාලු කල්ලියයි මායි ඉතිරි වුණා. ඒකා කළු වුනාට හරි පෙනුමයි. ඇග ගානට. උට‍ තියෙන්නෙත් සල්ලි කාර පෙනුමක්.

💥💥💥💥💥💥💥💥💥

” පැටියෝ…. නුරාද අප්පච්චිගෙ ඔලුව ඩිංගක් අත ගාන්නකෝ “

මෙච්චර වෙලා පාඩම් කර කර හිටපු මන් ගියෙ එළියට වෙලා තනියම සෙල්ලම් කර කර ඉන්න නුරාද ළගට. මගෙ පැටියා ඔහේ බයිසිකලේ පදිනවා.

” ආ “

බයිසිකලෙන් බැහැපු එයා හා ගාගෙන මගෙ ළගට එද්දි පැටියව වඩා ගත්තු මන් ළිදෙන් එයාගේ කකුල් අතපයත් හොදවලා කෙලින්ම ගියෙ ඇදට .
කොල්ලව හොදට වාඩි කොරෝපු මන් ඒ ඔක්කේ ඔලුව තියා ගත්තා වෙද්දී චූටි අත් දෙක මගෙ ඔලුව දිගේ හීන් සැරේ යන්න ගත්තා.

මගෙ කොල්ලා අද මොනා කරනවද දන්නෑ. අනේ එයා කන්න ඇති නේද කෑම. මගෙ කොල්ලත් දැන් නිලූෂ වගෙ නළලට හාදු දිදී තමයි ඔලුව අත ගාන්නේ. ඒ අත් වල සනීපෙට මට‍ නින්ද යාගෙන වගෙ ආවත් කවුරු හරි දොර ඇරගෙන ඇතුළට එන අඩි සද්දේ ආවා. දැනෙන හුරු පුරුදු සුවද එන්න එන්න ළගටම දැනුනා .

” නිලූ…à·‚ ඔ යා… “

නුරාද හිනා වුණු හඩ ඇහිච්ච හැටියේ මන් ඔලුවත් උස්සලා බැලුවේ ඒ කවුද කියලා වෙද්දී ඒ හිටියෙ මගෙ නිලූෂ . හීනයක්ද දන්නෑ මේ දකින්නේ කියලා හිතුනත් ළගට ආපු එයා අපි දෙන්නවම බදා ගත්තා . පැටියත් එයාගේ චූටි අත් දෙකෙන් එයාව බදා ගනිද්දී මාත් පැටියව මැදි කරගෙන්ම ආපිට එයාව බදා ගත්තා.

” තමුසේ කිව්වත් වගෙ එහෙනම් දරු පවුල් කාරයෙක් තමයි “

එක පාරටම කොල්ලෝ දෙන්නෙක් මගෙ කාමරේට කඩා වැදුනත් හරි මන් ගැස්සිලා නිලූෂ ළගින් ඈත් වුණා .

” කෙලි පැටික්කි නම් තනිකරම රෝස මලක් නෙ බන් . මාත් කැමති මේ වගේ දුවෙකුට “

” මගෙ ළමයා බය කරන්නැතුව ඉන්නවද පොඩ්ඩක් “

එකෙක් ඇවිල්ලා නුරාදව වඩා ගෙන එහෙම කිව්වත් හරි බයවුනු පාර මගෙ පුතාගෙ මූණ ඇකිලුනා.

” හාමු අර ඉන්නෙ මේ පැත්තෙ උප පොලිස්පති තුමාගේ පුතා. මේ ඉන්නෙ එයාගේ යාළුවෙක්. පහළත් තව යාලුවෝ ටිකක් ඉන්නවා. “

එහෙනම් මේ ඒක තමයි මගෙ නිලූෂ මේ බය නැතුව වලව්වට ඇවිල්ලා තියෙන්නේ.

අර කොල්ලා නුරාදගේ ඔලුවත් අත ගාලා නිලූෂ අතට දුන්නට පස්සේ පැටියා ආයේ නිලූෂගෙ බෙල්ල අස්සේ මූණ ඔබා ගත්තා. කොන්ඩේ කපලත් නැති නිසා මගෙ දරුවා නිකන් කෙලි පැටික්කියක් වගේ තමයි. කොන්ඩේ කපන්න ඕනී ඉක්මනට.

” මන් කමනි නැන්දට කියලා බොන්න මොනා හරි හදා ගෙන එන්නම් “

” ආ ඕන්නැ හාමු තුමෝ… අපේ එකෙක් ඔසරි කෑල්ලක් ඇදගෙන හිටපු ආච්චි අම්මගෙන්ම කිරි කෝප්ප දොළහකුයි කන්න මොනාහරියි ඉල්ලුවා “

මට‍ ඉබේටම බැලුනෙ නිලූෂගෙ මූණ දිහා. කටත් තද කරගෙන මූණ බිමට හරවගෙන ඉන්නවා. මොකක් නමුත් මෙතැන යමක් සිද්ද වෙලා වගේ.
ඇයි දන්නෑ අපේ අම්මාගෙන් කිරි කෝප්ප දොළහක්ම ඉල්ල ගෙන තියෙන්නේ ඒ කොල්ලා .

” අපි යමු නේද පහළට එහෙනම් “

” ආ ඔව් ඔව් ආච්චි අම්මා කන්න මොනා හරි අරුන් ටිකට දීලත් ඇති මෙලහකට “

ඒ ළමයි දෙන්නා ගියාට පස්සේ මන් පුතාට ඉක්මනට කමිසෙකුත් අන්දලා නිලූෂ එක්කම පහළට ගියත් හරි මන් ආයේ පුදුම වුනේ සාලේ තැන් තැන් වල හිටපු පිරිස දැකලා.

” නිලූෂ මෙච්චර ළමයි…. “

” අර කොල්ලගේ යාලුවෝ ටික හාමු “

ඉදලා ඉදලා අපේ නිලූෂටත් හොද ගැන්සියක්‌ හම්බෙලා වගේ. මුන් ටික ඉද්දි ආයේ මොකාට කියලා බය වෙන්නද. තනි කළුම ඇද ගත්ත මැර පෙනුම තියන කොල්ලෝ හතර දෙනෙක්. ඒ හතර දෙනාගේ කලිසම් වල යට ඉදන් උඩට වෙනකම්ම තියෙන්නේ පොඩි පොඩි ආයුධ නෙ දෙයියනේ.. පොඩි තුවක්කු දෙකක්. පොඩි පිහි තල පෝලිමක්. හෑ මේ ළමයිද නැත්තම් පාතාලේ උන් ටිකක්ද.

” ඒයි ආච්චියෙ මගෙ එකට සීනි වැඩි වෙන එකක් හදා ගෙන එන්න ‘

මට පුදුමයි දෙයියනේ පුදුමයි. අපේ අම්මා මොකුත් නොකියා මූණ දෙල් කරගෙන ඒ කෝප්පෙත් අර ගෙන ගියෙ කුස්සියේ පැත්තට.

” අයියේ…. එන්න එන්න…. මෙයාද ඔයාගෙ චූටි පැංචා. ආ කොහොමද පොඩි බේබී. අපි ඉතින් වලව්ව බලන්නත් එක්කමයි ආවේ.. “

” ඇයි අනේ මේ චූටියා බය වෙලා. මෙන්න අපි ඔයාට බඩ්ඩක් ගෙනාවා. “

එක කොල්ලෙක් පුංචි මල්ලක් මගෙ දරුවට දෙද්දී පැටියා නිලූෂගෙ දිහා බලලා ඒ මල්ල අතට ගත්තා.

” හාමිනේ… හා.. උබ උබ කොයි වෙලේද සක්කිලි බල්ලො මගෙ වලව්වට ආවේ “

තේ වත්තට ගියපු අප්පච්චි ඇතුළට එද්දිම නිලූෂ දැක්ක හැටියේ ආවේස වුණා.

” ආ හා සීයේ කට…. පරිස්සමින් වචන එළියට දාන්න. “

” උබ කව්ද යකෝ මගෙ වලව්වට ඇවිල්ලා මේ ලොකු හාමුට ඔහොම කතා කරන්න ඈ බොල “

කෑ ගහගෙන නිලූෂ ළගට යන්න ගියපු අප්පච්චි ආයේ හැරුනේ අර කොල්ලා දිහාවට වෙද්දී ආයුධ දාපු කලිසම් ඇද ගෙන හිටපු කොල්ලෝ හතර දෙනාම අප්පච්චිට කෑ ගැහැව්ව කොල්ලා වටේටම හිට ගත්තා.

” සීයා අදුරනවා ඇති නේද සූරියහේන ඇමතිතුමා නැත්තම් රටේ ආරක්ෂක ඇමති. අන්න ඒ ඇමතිගේ තුන් වෙනි දරුවා තමයි මන්. අර විස්කෝතු කකා ඉන්නෙ ඒ මගෙ මල්ලි. එතෝට අර ඉන්නෙ උප පොලිස්පති තුමාගේ පුතා . තව මොනා හරි සීයේ දැන ගන්න තියේද ඔයාට “

අපේ අප්පච්චි ඉන්න හැමෝම දිහා බලලා අවසානෙට දත් මිටි කා ගෙනම බැලුවේ නිලූෂ දිහා.

” ඔය දරුවෝ ඇයි මෙහෙ ආවේ එතකොට. මොකක් හරි අනතුරක් එහෙම වුණා නම්. “

” වීරන්කෙඩුව වලව්ව බලන්න ආවේ. මන් මේ හිල්ලාව ගමට ආවමයි මේ . ඒක නෙවෙයි සීයේ….. කොහොම අනතුරු වෙන්නද අනේ අපිට. මේ හතර දෙනාම මගෙ සහෝදර ආරක්ෂකයෝ. අනික ඉතින් අපිට කරදරක්‌ කරපු අයට මන් හිතන්නෑ දවසකට වුණත් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. අනික මතක තියෙන කාලේ ඉදලා අපි අපිවම ආරක්ෂා කර ගන්න පුළුවන් විදිහට සටන් ශිල්ප පුරුදු වෙලා පුරුදු වෙලා හිටන් තියෙන්නේ. “

” ම් “

අප්පච්චි කුස්සියේ පැත්තට යද්දි අපි ටික වාඩි වෙලා කතා කරන්න ගත්තා.

” නිලූෂ දැන් එතකොට ආයේ යනවද ඔයා “

” යන්න එපැයි මගෙ හාමු මහත්තයෝ. මන් වලව්වටම එන්නම් ආයේ මගෙ පැටියයි හාමුයි එක්කලා හැමදාම ඉන්න. ඒකට ඉතින් අවුරුදු තුන හතරක්ම යයි. හාමු මහත්තයගෙ අප්පච්චිට මාව මේ වලව්වෙන් එලව ගන්න බැරි තැනකට මන් එන්නම්කෝ පොඩි බේබී කවදා හරි “

නුරාද ඇදේ ඉදන් එයාට කට්ටිය ගෙනාපු චොකලට් මල්ල දිග ඇර ගෙන චොකලට් වෙන වෙනම එයාගේ කඩචෝරු පෙට්ටියේ අහුරනවා දාගෙන .

” මගෙ නිලූෂ මට‍ සමාවෙන්න ඔයත් එක්කලා මට‍ එන්න බැරි වුණු එකට. මන් මට ඇත්තටම අමාරුයි අම්මා අප්පච්චි මොනා කරත් එයාලව දාලා ඈතකට යන්න. “

” ම් මට දෙමව්පියෝ නැති වුණත් හාමුගේ හැගීම තේරුම් ගන්න පුළුවන්. හදවතින්ම ආදරේ කරන අයගෙන් වෙන් වෙන එක තනිකරම විදවීමක් නෙ මගෙ හාමු. හිත කරදර කර ගන්න ඕන්නැ. මගෙ හාමුගේ කිසිම වැරැද්දක්‌ නැහැ. සමහර දේවල් වෙන්නේ අපේම හොදට වෙන්නත් පුළුවන්. දැන් මට මගේම කියලා හීනයක් තියෙනවා . එකට දෙකක් තියෙනවා. ඒ හීන දෙකට මන් කොහොම හරි යන්න ඕනී හාමු “

ඇගිලි තුඩු වලින් යාන්තම් ඉස්සුනු මන් ඒ නළල් තලේ සිපුමක් තිබ්බා. මගෙ නිලූෂට කොතැනකවත් වැරදෙන්න එපා.

” මගෙ අලි පැටියට ඒ හීන දෙකටම යන්න පුළුවන්. නිලූෂගෙ පොඩි හාමුට ඒක ‍ විශ්වාසයි “

💥💥💥💥💥💥💥💥💥

බුදුසරණයි හැමෝටම 🙏🙏

කතාවට සහයෝගෙ දෙන යාළුලා හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩාරියක් පින් 🙏🙏

ගිහිල්ල ඉක්මනට එන්නම් 🤗🤗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්‌හයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 37