À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා

A+ A-

” චූටි මොකක්ද ප්‍රශ්නෙ ම්….. අයියට කියන්න බැරි එකක්ද ”

” දිනූ….. ද් මේ…. “

” ඇයි මේ ආ….. දෙයියනේ ඇයි අඩන්නේ මොකක්ද වුණේ වීරා “

මයේ ළගට ඇවිල්ලා දිනූ එහෙම අහද්දී මයේ ඇස් වලින් ආයේ කදුළු වාන් දැම්මා. ඒත් එක්කම මන් මගෙ අයියව හයියෙන් බදා ගත්තේ එයත් මාව බදන් කලබෙලෙන් වගේ කතා කරද්දි.

” ම් මගෙ අතින් හදන්න බැරි ලොකු වැරැද්දක් වුනා අයියේ.. අනේ මට මැරෙන්ඩ තරම් දුකයි දිනූ. ම් ම ට පිස් සු
වගේ “

” ශ්….. චූටි කලබල වෙන්න එපා. මොකක්ද වුණේ කියන්න ඉස්සෙල්ලම. අහන්න වීරා උබේ හොදම යාලුවත් මන් උබේ අනිත් භාගෙත් මන්. මොකක්ද වුණේ කියන්න. මයේ චූටිට අයියව විශ්වාස නැද්ද ම්… “

මන් එයාගේ බෙල්ලේ අස්සේ ගහන් හිටපු මගෙ ඔලුව උස්සලා බැලුවේ එයා දිහා. මට ලැජ්ජයි කියන්න.

” නිලූෂ කවුද කියලා දන්නවද දිනූ.. එ එයා ල් ලෝරගේ පුතා බ න් “

මන් එහෙම කිව්වත් වගේම අයියා ගැස්සුනා. ගැස්සිලා මයෙන් පස්සට වුනා.

” ක්‌ කොහොම ද දන් නේ චූටි ආ… “

” ඒක නෙවෙයිනෙ අයියේ ප්‍රශ්නෙ. න් නිලූ ෂගේ අප්පච්චි ම් මන් බන්. මයේ පපුව පැලෙන්ඩ වගේ රිදෙනවා ඕයී “

මන් එහෙම කියාගෙන ඔලුව අත් දෙකින් මිරික ගත්තා වුණත් වීරා මාව උඩට උස්සලා මන් දිහාම බලන් හිටියා.

” කොහොමද චූටි එහෙම හරියටම කියන්නේ ම් “

මන් දන්නවා දිනූට මාව විශ්වාස නෑ. ඒ නිසාම තමයි එයා මට හිනා වෙන්නේ. මන් එදා වෙච්ච සිද්දිය අකුරක් නෑර කියද්දී මන් හිතුවා වගේම එයාගේ මූණ වෙනස් වුනා. ඒ ඇස් වලත් ලා කදුළු පටලයක් බැදුනේ මයේ ඇස් වලිනුත් කදුළු උනද්දී.

” කු සාහුල් දාන්ත දාන්ත කු කු….. “

” අයියූ…… ඔත්තල දුල යන්ත අපා නුලාද. මෙහාත්ත එන්ත “

” මත බා…. ඔලා දාන් තකු බා නතුව “

නුරාදයි රාහුලුයි ඉස්සරහ මිදුලේ බෝල ගහනකම් මන් චූටි මැණිකවත් ඔක්කේ තියන් ඒ දෙන්නා දිහා බලන් හිටියෙ මෝල් සතත් අනිත් බංකුවෙ ඉදගෙන අපිට ටිකක් ඈතින් මොන මොනාදෝ කතා කර කර ඉන්න අප්පච්චියි පුතයි දිහා බලාගෙන. පැය ගානක් ගිහිල්ලත් ඒ දෙන්නා තාම කතාව.

” ඔයත් ගිහිල්ලා අයියලා දෙන්නා එක්ක සෙල්ලම් කරන්න චූටි මැණිකෙ “

” තුත්තක් මාන්ති අප්පත්ති.. “

එයා ආයේ මාවත් බදාගෙන පපුවට ඔලුව තියන් ඈනුමුකුත් අරිද්දි මයේ ඇගිලි ඒ බොකුටු කොන්ඩේ අස්සෙන් ගියා.

” දැන් හිතට හොදයිද අහස්‍ය “

” ම් හොදයි හොදයි “

මෝල් සතත් හිනා වෙලා එහෙම කියද්දී මටත් ආපහු පාරක් හිනාවක් ගියා. ඒත් එක්කම මට ආයේ ආයේ මතක් වුණේ අයියගේ වචන ටික.

” කොහොමද චූටි එහෙම හරියටම
කියන්නේ ම් “

මන් එදා වෙච්ච සිද්දිය අකුරක් නෑර කියද්දී මන් හිතුවා වගේම එයාගේ මූණ වෙනස් වුනා. ඒ ඇස් වලත් ලා කදුළු පටලයක් බැදුනේ මයේ ඇස් වලිනුත් කදුළු උනද්දී.

” උබට වුණේ අත් වැරැද්දක් වීරා. උබ නෙවෙයි ලෝරා එක්ක හිටියේ. මන් ඔයාට මොකුත් කිව්වේ නෑ. මොකද මන් ඒක මතක් කරන්න වත් කැමති නෑ බන්.  “

” ම් මොක ක්‌. ඔයා මොනාද කියන්න යන්නෙ දිනූ “

” එදා උබ හොදටම වෙරි වෙලා බන් හිටියෙ. මටත් වඩා උබ වෙරි වෙලා හිටියේ. එදා සින්නෙක් ආව හින්දා උබ ඒකිවත් අරන් ගියානේ බන් . පස්සේ මන් ආයේ උබව එක්ක යන්න ආවා ඉක්මනට එතනට . උබ ඒකිගේ ඇදුම් ගලවලා විතරයි තිබ්බේ එතනින් එහාට්ට මොකුත් වුන් නෑ බන් උබ අතින්. උබත් හිටියෙ මෙලෝ සිහියකින් නෙවෙයි. මන් උබව හොස්ටල් එකට ගෙනහිල්ලා දාලා ආයේ ආවා ලෝරව බලන්න කි ය ලා. ඒ කිගෙ ඇදුම් මන් දාන්න කියලා ත් තමයි හැදුවේ. ඒ ත් බන් ම් මට එහෙම කරන්න බැරි වුණා. මන් ඒකි එක්ක හිටියා. ලෝරගේ සිහිය තිබ්බෙම නෑ බන්. එයාගේ යාලුවෙක් අපෙ පැත්තට එනවා දැකපු හින්දා මන් ඇදුම් ටිකත් දාගෙන දිව්වා බන් ”

” උබ මොකුත් මට ඒ ගැන කිව්වෙ වත් නෑ නෙ “

දුකක්‌ වගේම මට දැනුනේ සතුටක්. ලොකු බරකින් හිත නිදහස් වුණු හරි සතුටු හැගීමකින් හිත පිරිලා යද්දි මුට ගහගෙන ගහගෙන යන්න තරම් මට කේන්ති. මන් කොච්චර නම් ඇඩුවද මයේ පුතා එක්ක එකට හිටියෙ කියලා   හීතලා.

” මට උබගෙ මූණ බලන්නත් ලැජ්ජා හිතුනා. ඒ ත් මන් හිතුවේ නෑ ඒකිට මන් හින්දා ළමයෙක් හම්බෙයි කියලා. මන් දවසක් දැක්කා බන් උබේ අයියයි ලෝරයි ළමයෙක්ව අනාථ නිවාසෙට අරන් එනවා. මන් එතකොට අම්මි එක්ක අනාථ නිවසේ ළමයින්ට කෑම දීලා ඒ ළමයි එක්ක කතා කර කර හිටියේ. අපේ අම්මියි අප්පච්චියි ඉස්සර ගොඩක් සැරයක් ඔය අනාථ නිවාසෙට දීල තියෙනවා චූටි. අර දෙන්නා ගියාට පස්සේ ලොකු මැඩම් අපෙ අම්මිට පෙන්නන්න ඒ පොඩි දරුවා අරන් ආවා. තනිකරම සුදු බෝලයක් ඒ දරුවා. ඇහැක් වපර වුණාට කොල්ලා හරි ලස්සන බෝනික්කෙක් වගේ හිටියේ බන් . ඉන්නකෝ පොඩ්ඩක් “

” එතකොට නිලූෂද මේ… “

දිනූ එයාගේ පස් එකෙන් පරණ වෙච්ච ෆොටෝ කෑලි තුනක්‌ තිබ්බේ මයේ අතට වෙද්දී ඒකෙ හිටියෙ අප්පු නිලූෂව තුරුල් කරන් ඉඹින එකක්. තව එකක අප්පු ඒ ළමයගෙ මූණ කැමරාවට පේන්න ඉස්සරහට කරන් හිටපු ෆොටෝ එකක්‌.

” ඒවුනාට බන් මන් දැක්ක කැමරාවෙන් ලෝරා ඉන්නවා. ළමයා දිහාම බලා ගෙන ලෝරා ඉන්නවා දැක්කා බන්. ඇත්තමයි කියන්නෙ. හැබැයි බන් මන් ආයේ හිතන්නත් කලින් ඒ රූපේ නැති වෙලා ගියා චූටි. මන් හිතුවේ මයේ හිතේ මැවුණු විකාරයක් කියලා. ඒක බන් මට හීනෙනුත් දවස් ගානක් පෙනුනා. ආයේ ඊට පස්සේ මන් වැඩිය ඒ ෆොටෝ කෑලි තුනවත් බැලුවේ නෑ පස් එක අස්සේ ගහන් හිටියට. අපෙ අම්මි හිටිය හින්දා ළගම තියන් හිටියා බන් “

” මන් එකක් ගන්නද “

” ගන්න ගන්න. මයේ අතින් නැති වෙලා ඕන් මගෙ මැණිකෙ තමයි ඔය තුන හොයා ගත්තෙ “

මන් කොච්චර නම් බය වුනාද. අම්මේ ආයේ නම් අපි දෙන්නට කලින් හිටියා වගේම ඉන්න පුළුවන්. ඇත්තටම නිලූෂට තියෙන්නේ අපෙ අයියගේ ඇස් දෙකම තමයි. මයෙ නිලූෂත් මනමේන්ද්‍රන් කෙනෙක්. අපෙ අයියගෙයි නිලූෂගෙයි තාම කතාව. දෙයියනේ මේ දෙන්නට අපිව අමතකයිද කොහෙදෝ.

” ඇතයෝ ඔලත් එන්ත බෝල ගාන්ත “

” ඔයා සෙල්ලම් කරන්න වස්තු. මන් මෙතන ඉන්නම් “

මෝල්සතා රාහුගේ කම්මුලකුත් මිරිකලා එහෙම කියද්දී රාහුල් එයාගේ ඔක්කට නැගලා කම්මුලට හාද්දකුත් තියෙලා දිව්වේ නුරාද ළගට.

” චුට්ටක් අරහෙට්ට වෙන්න ඒයි. කවුරු එයි නිලූෂ “

” චුට්ටක් වත් අරහෙට්ට වෙන්න බෑ හාමු. ඈත් වෙලා හිටියා හොදටම ඇති මට. මට සතුටුයි බන්. අම්මට වෙච්ච දේට සෑහෙන්න දුකයි. ඒත් මට ආපහු මයෙ ආදරේ හම්බ වුනානෙ ම් “

මන් තේ හද හද ඉද්දි එහෙන් නිලූෂ මාව පිටිපස්සෙන් තද කරගෙන බදාගෙන මයෙ උරපත්තේ බෙල්ල ගහන් ඉන්නවා. තාම හිතා ගන්න බෑ වෙච්ච දේවල්. අපේ අයියා ආපු එකම කොච්චර දෙයක්ද අද. ඊටත් වඩා මන් ලැජ්ජ වේවි ඉන් නැතුව අරහෙම කිව්ව‍ නිසා හොදා.

” මොතද මේ ඕම ඉන්තෙ අලේ…. තුත්තක් අලහෙත්ත වෙන්ත අයියූ… බෝ තිබායි මත “

මායි නිලූෂයි දෙන්නම ගැස්සිලා ගියේ නුරාදගේ ටින් බෙලෙක්කෙට. කොච්චර කිව්වත් පැටියා අහන්නේ නෑ. මැටි කලේ කරාමෙන්ම කට තියෙලා බොනවා. දැන් ඒක බලාගෙනම චූටි මැණිකත් එහෙන්මම බොන්න පුරුදු වෙලා.

” දෙවෙනිදා දෙන්නම යනවද එතකොට “

” ඔව් බන්. මන් නිවාඩුවක් දාලා එනවා. අපෙ එක්කෙනාගෙ නම් ඔක්කොම බඩු ලෑස්ති චූටි “

” අපෙ දෙන්නගෙත් ඔක්කොම හරි බන්. සපත්තු නම් තියෙන ඒවම දානවා “

මගෙ ඇස් දෙක ආයේ ගියේ අයියගේ ඔක්කෙම නින්ද ගිහිල්ල ඉන්න මෝල් සතා දිහාට්ට. ඇදට යන්න ඕන් නෑයි කියලා අයියගේ ඔක්කෙම ඔලුව තියා ගත්තා විතරයි විනාඩි පහක් යන්න කලින් නිදි කටත් ඇරගෙන. අපෙ අයියගෙ හුරතලේ. මල කෝලන්.

💥💥💥💥💥💥💥💥

” තොත මන් දෙනෝ දෙතත් උදින් යන්ත. තුහ්.. “

” පායන් යන්ත මිත්තා “

” නවත්තන්න නවත්තන්න පුතා “

පොඩි උන් දෙන්නා ආයේ කා කොටා ගන්න ගත්තෙ නුරාද අර ළමයගේ මූණට කෙළ තලියකුත් ගහලා. ඉක්මනට මන් නුරාදව එහෙන් වඩා ගත්තා වෙද්දී කවිතගෙ අප්පච්චි කවිතව වඩා ගත්තා. අපේ පොඩි එකා ඔරවගෙන හයියෙන් හුස්ම ගන්නව තාමත් කවිත දිහා බලාගෙන . මුළු මූණම රතු වෙලා.

” එහෙම රණ්ඩු කරනවද පැටියෝ. ඒ ඔයාගේ යාලුවෙක් නෙ “

” මදේ කෝද.. එලා පිතතක්වල දීවියෙත්. ඔලා දන්තේ නා නෙ. තා පොද්දෙන් මදෙ මාලිව එලා ගෙනීනෝ… හුම් “

මදැයි මන් නුරාදව කරාටි පන්තියකට දැම්මා. චූටි මැණිකෙ නම් බෑ කියලා විලාප තිබ්බ හින්දා එයා ගෙදර. රාහුයි මෙයයි තමයි දැම්මේ අලුතින්ම. ඒ පන්තියටම කවිතත් එනවා. නුවර තියෙන හොදම කරාටි පන්තිය ඒක නිසා ළමයි ගොඩක් එනවා.

” ඉන්තකෝ මන් ලුකු වුණාම ඔලාත වෙදි තීලා දානෝ හුම් “

” ඒයි නුරාද… මෙහෙ යන් එන්න “

එන්න ලෑස්ති වෙද්දී කොහොම හරි මයෙ ඔක්කෙන් පැනපු පැටියා කවිත ළගට ගිහිල්ලා ඇගිල්ලත් උලුක් කරලා එහෙම කියද්දී මන් දුවලා ගිහිල්ලා ආයේ කොල්ලව උස්සන් ආවේ බයික් එක ළගට. දැන් දැන් හරි අමාරුයි මේ කොල්ලව ආම්බාන් කරන්න. අද රාහුලුත් ඇවිල්ලා හිටියේ නෑ.

මාසෙන් මාසේ ගෙවිලා ගිහිල්ලා අවුරුදු නවයකුත්කුත් ගෙවිලා ගියා ඉක්මනට. පැටව් දෙන්නත් දැන් ටිකක් ලොකුයි. මේ අවුරුද්දේ දෙන්නම නවය වසර. ඒවගේම මේ අවුරුදු කීපයේ ගොඩක් දේවල් වුනා. මහ වලව්වේ ලොකු හාමු මැරුණට පස්සේ අප්පච්චි මහ වලව්වට ආවා. මායි හාමුයි නම් අපේ පුංචි වලව්වේ. මන් උපාධිය අරන් අදට අවුරුදු හතක් අටක් වෙනවා . මයෙ හාමුගෙයි හාමුගේ මෝල් සතාගෙයි පරණ ගෝරනාඩු ඒ විදිහමයි. නුරාද දැන් තනිකරම චන්ඩි මල්ලක් වෙලා. මන් කීප පාරක්ම නුරාදගෙ වලි නිසා ගියා ටීච හම්බෙන්නත්. මන් තඩියවත් වහලා දාලා පුටුවෙන් නැගිටලා ගියේ ඉස්සරහ මිදුලට. හාමුයි ළමයි දෙන්නයි හරි නම් මේ වෙද්දී එන්න ඕනී. දැන් ඉස්කෝලේ කොහොමත් ඇරෙන වෙලාව.

” අහ් දෙයියනේ දරුවෝ “

” මොකද දොයි අනේ….. චුට්ටත් වෙලා ගියානේ චූටි අප්පච්චි.. “

මට ඉස්තෝප්පුවේ පුටුවෙම නින්ද ගිහිල්ලා. වාහනේ එනවා වත් සද්දේ ඇහුන්නෑ. නුරාද මේස් දෙක පිටින්ම මයෙ ඔක්කට පැන්න පාර ගැස්සිලා ගියපු මන් බිමට වැටෙන්න ගියපු කන්නාඩි කුට්ටම ටක් ගාලා අල්ල ගත්තා. ඒ පාර චූටි මැණිකත් අයියව එහාට්ට කරලා මයෙ ඔක්කට පැනලා මාව බදා ගත්තෙ මයෙ හාමු මහත්තයත් බෑග් එක අරන් මේ පැත්තට එද්දි.

” චූටි අප්පච්චි ඒක නෙවෙයි යන්කෝ කදුරට නාන්න “

” ඇදුම් ගලවලා ඉන්න ළමයි. ගෙදරින් නා ගන්න අනේ කදුරවල් අස්සේ යන් නැතුව “

එහෙම කියපු මයෙ හාමු මගෙ හිස් මුදුනටත් හාද්දක් දීගෙන ඇතුළට යද්දි මාත් කොල්ලෝ දෙන්නා උස්සන් ආවේ ඇතුළට.

” ඔයා ගොඩක් අරන් අයියේ “

” පිස්සුද ඒ ඔයාට පේන හැටි චූටි මැණික. නිදහසේ කන්න දෙනවකො අප්පා “

” පුහ්… චූටි අප්පච්චි කන්නෑ “

” ඔය දෙන්නා කන්නකෝ. මායි අප්පච්චියි පස්සේ කන්නම් “

බත් කාපු ගමන් නුරාද ගිහිල්ලා ශීතකරණේ ඇරලා ගත්තෙ අයිස්ක්‍රීම් පෙට්ටිය. පැටියට අයිස්ක්‍රීම් කද්දී චොකලට් කේක් කෑලිත් කුඩු කරලා දා ගන්න ඕනී. රාහුලුත් එහෙම කන්නේ.

” නුරාආආආආද මෙහෙ එනවා ගුටි දෙකක් දෙන්න කලින් “

” අනේ චූටි අප්පච්චි… මාර වැඩක් නෙ වුණේ හලු…….. “

” මන් කිව්වා අයියේ තමුසෙට එහෙම කරන්න එපා කියලා “

” අනේ චූටි අප්පච්චි මන් ඒක හිතලා නෙවෙයි කරේ. අහ් ආව් අතාරින්න “

නුරාද අයිස්ක්‍රීම් කෝප්පෙත් තියෙලා දඩ බඩ ගාලා ආවේ මගෙ ඔක්කට. ඒත් වැඩි වෙලා යන්න කලින් හාමු ඇවිල්ලා නුරාදගේ කනෙන් ඇදලා ඊයේ පෙරේදා ඇරන් දීපු කැඩිලා තියෙන බෙන්ටෙන් පැන්සල් පෙට්ටියේ කෑලි පෙන්නද්දී මන් බැලුවේ චූටි මැණික දිහා.

” එයා ඕකෙන්නෙ අප්පච්චි කවිතගේ ඔලුවට ගැහැව්වේ “

” මොකද තමුසේ ඒකා දුන්නු ටොෆි කෑවේ. කිව්වා නම් මන්ම අරන් දෙනවානෙ “

” ඉතින් ටොෆියක් විහික් කරන්නේ මොකටද අපරාදේ. මන් ඒක කටේ දා ගත්තා ඉතින් “

” නුරාද මන් අඩු කැඩෙන්න ගහන්නේ ආයේ ඔය ළමයා එක්ක රණ්ඩු වුනොත් ඔහොම. මගෙ ඔලුවත් පැලෙන්න වගේ මගෙ ළමයි ඔහොම හැසිරෙද්දී. ඔයත් තව හුරතල් කරන්න චූටි අප්පච්චි. ඊට පස්සේ පන්ති රැස්සීම් වලටත් ඔයාම යන්න නිලූෂ. මන් එන්නෑ පැත්තෙ වත් “

මගෙ හාමු ළමයගේ කනෙන් ඇද ඇද ඔලුව හොලවද්දී මන් පොඩි ඒකාව මයෙ ළගට අරන් හාමුව පොඩ්ඩක් බදා ගත්තා. නැත්තම් මයෙ කනත් ඉවරයි. ළමයගේ කනත් ඉවරයි.

” හරි හරි. ළමයි එහෙම තමයි වස්තු. මන් යන්නම් පන්ති රැස්සීම් වලට. ඔයා චුට්ටක් තරහ ගන් නැතුව ඉන්න. තේ එකක් වත් බොමුද ම්………. “

” හිමීට ළමයව බේර ගන්නවා නේද “

මන් හාමුවත් බදා ගෙන ඉන්න ගමන් මන් බැලුවේ පිටිපස්සේ අත් දෙකෙනුත් කට වහන් හිනා වේවි ඉන්න මයෙ නුරාද දිහා.

” මයෙ ළමයි දෙන්නා බේර ගන් නැතුව වස්තු අල්ලපු ගෙවල් වල ළමයි බේර ගන්නද කියන්නේ හාමු “

” ඒකනේ නේද… හෙට අරහේ යනවද ම් “

” අනේ මොනාද කියන්නේ අප්පච්චි . හෙට යනවා තමයි. මගෙ යාලුවෙකුත් එනවා කිව්වා “

” කවුද යාලුවා චූටි….. “

මන් උත්තර දෙන්නත් කලින් චූටි මැණික ඇවිල්ලා මයෙ හාමුගේ කරේ එල්ලිලා අඩන්න ගද්දි නුරාද ඇසුත් ලොකු කරන් අරහෙම ඇහුවා.

” ආ මේ අයියේ… එයා කිව්වා ඔයාලත් එක්ක මාත් එන්නද කියලා. මන් ඉතින් හා කිව්වා අයියේ. ලොකු අප්පච්චිගෙ වෑන් එකේ ඕනී තරම් ඉඩ තියෙන්නේ ඕයී . මොකද මට ඔරවන්නේ ඔහොම…. අනේ බලන්නකෝ චූටි අප්පච්චි ඔයාගෙ ළමයා මට දැන් ඉදලා ඔරවනවනේ ”

” මන් ඇහුවේ කවුද තමුසෙගෙ මන් නොදන්න යාලුවා කියලා චූටි මැණිකෙ “

” කවිත කවිත අප්පා….. “

” ආවදෙන් බලන්න මන් ඕකගෙ ඉහේ ඉදලා පට්ට ගහන්නේ “

” අනේ චූටි අප්පච්චි. අපේ අයියට පිස්සු හැදිලා “

” නවත්ත ගන්න දෙන්නගෙ කියවිල්ල “

හාමු එහෙම කෑ ගැහැව්වා විතරයි නුරාද අපිටත් ගස්සන් චූටිගෙ ඇගෙත් හැප්පීගෙන දිව්වේ එළියට.

” ඔක්කොම හරිද එහෙනම් “

” හරී හරී ලොකු අප්පච්චි “

අපි පාන්දරම යාපනේ යන්න කියලා. එහෙන් අපි කලින්ම නවා තැනකුත් වෙන් කරලා තියෙන්නේ. අපි කලින් ගිහිල්ලා තිබ්බත් ළමයි ගිහිල්ලා නෑ නෙ. දවස් පහකට යන්න කියලා. අප්පච්චියි ගයාන් සරුයි ඉස්සරහින් යද්දි ළමයි හතර දෙනා හිටියේ පිටිපස්සෙ. මායි හාමුයි මැද.

පැය ගානක් විතර ගියාට පස්සේ අපි ආවේ නවාතැනට. හාමු නම් හොදට මයෙ ඇගේ පත බෑවිලා නිදි. එයාගේ කොන්ඩේ නම් තනිකරම පිස්සෙක් වගේ මූණ වැහෙන්න වැටිලා.

” ඉක්මනට බහිනවකො හරකෝ “

” හිටපන් පොඩ්ඩක් “

මාත් බැලුවේ නුරාද දිහා. මේ ළමයට නේද අපේකා හරකා කියලා බැන්නේ. මන් විතරක්‌ නෙවෙයි මයෙ හාමුත් කිව්වා නුරාදට කවිත එක්ක රණ්ඩු වෙන්න එපා කියලා. කොහෙද ඉතින්.

” නුරාද යාලුවාට හොදින් කතා කරන්න පුතා. ඒ ළමයට සැර කරන්න එපා “

” හරි හරි චූටි අප්පච්චි. එන්න රාහු “

ළමයි හතර දෙනා බැස්සට පස්සේ තමයි හාමුවත් නැගිට්ටවලා මාත් බැස්සේ. කොන්දත් එක්කලා මොකක්දෝ වගේ. හරියටම අපි දහය වෙද්දි ඇවිල්ලා.

” අනූ බෑග් ඔක්කොම ටික ගත්තද ම් “

” ඔව් අප්පච්චි ඒවා ගත්තා. බබත් ගත්තා බෑග් දෙකක් “

අප්පච්චි දොරවලුත් ලොක් කරලා ගයාන් සර් එක්ක පිටිපස්සෙන් එද්දි මායි හාමුයි ගියේ ඉස්සරහින්. දවල්ටත් එක්ක අපි උයාගෙනත් එක්ක ආවේ.

” මතකද ම් එදා….. “

” කොහොමද අමතක වෙන්නේ මේ මුහුද “

මට හිනාවක් ගියා වගේම හාමුටත් හිනා ගියේ එදා දවස මතක් වෙලා. අපි හැමෝම ආවේ මුහුදු වෙරළට. ළමයි හතර දෙනා වැල්ලේ සෙල්ලම් කරද්දි මායි හාමුයි වැල්ලේ ඉදගෙන ඉර බහින දිහා බලා ගෙන හිටියා වෙද්දී අපිට ටිකක් ඈතින් අප්පච්චියි ගයාන් සරුයි රැල්ල පාගනවා.

” අද හක් ගෙඩි හොයන් නැද්ද ම් “

” එහෙම හක් ගෙඩි හම්බෙනවා නම් ම්… à·„à·Š දෙයියනේ නිලූෂ. ඉක්‌ කේ… අර දරුවොත් දකින්න ඇති “

” එදා කට කෑවා වගේ අද කට කෑවේ නෑ නෙ. චූටි උම්මා එකක්‌ නෙ වස්තු දුන්නේ ආදරේට “

එදා නම් අම්මෝ මන් මෙහෙදි උම්මා එකක් දුන්නා කියලා පුප්ප පුප්ප හිටියෙ දවසෙම. අද නම් ඒකට. මයෙ හාමුගේ මූණෙන් එකයි හිනාව.

” ඒකාලේ හරි ලස්සනට ගෙවිලා ගියා නේද චූටි අප්පච්චි “

” ඇයි මේ කාලේ. අපි ඉතිරි ටිකෙත් ලස්සනට ඉමු වස්තු. පුළුවන් තාක් කල් හැමදාම සතුටින් ඉමු “

” අර මෝල් සතා කරපු වැඩේ දැක්කද ඒයි “

” මොකක්ද “

මන් ඇසුත් ලොකු කරන් තව ටිකක් නැමුනෙ හාමුගේ මූණ දිහාට. ඒත් මන් හිතන්නත් කලින් මයෙ හාමු මගෙ මූණත් පාත් කරලා මයෙ කටට අල්ල ගත්තෙ මාත් මයෙ හාමුව තද කරලා බදා ගද්දි.

” මන් හරි ආදරෙයි සිදූ. පැටව් දෙන්නගේ චූටි අප්පච්චිට මන් හරි ලෝභයි. එන්න යන් ඒයි අපිත් හක් ගෙඩි අහුලන්න “

” අපි නම් දැක්කේ නෑ මොකුත් “
 

” අනේ යනවා යන්න අයියේ “

හාමු එහෙම කියලා වතුර පාරක් අප්පච්චිගෙ මූණට ගහද්දි මයෙ හාමුත් අප්පච්චිව තල්ලු කරලා එයාගේ ඇගේ එල්ලුනා.

” අප්පච්චි….. “

රාහුල් කෑ ගැහපු හින්දා අපි හතර දෙනා පිටිපස්ස බැලුවත් හරි මයෙ ඇස් නිලංකාර වෙලා වගේ ගියේ එයා කැමරාවෙන් ෆොටෝ ටිකක් ගහ ගෙන ගහ ගෙන යද්දි.

” අයියෝ…. අපිත් එනෝ අනේ…. කෝ කෝ එන්න කවිත ඔයත්.. “

චූටි මැණිකෙත් කවිතව ඇදන් අපේ අස්සට එද්දි නුරාදත් ඇවිල්ලා මයෙ ලූනු කරේ එල්ලුනේ එයාගේ චූටි හීන් දෑරී කකුලුත් මයෙ ඇග වටේ එතෙද්දි.

” හනේ හනේ මයෙ චූටි අප්පච්චි පැටියා නැතුව තනියම ෆොටෝ ගහනවා නේද ආ…. මහ ලොකු හොර ගෙඩියා මගෙ “

” කව්දෑ ඉතින් ගැහැව්වේ ආ…. ඔයාගෙ යාලුනෙ ෆොටෝ ගැහැව්වේ පැටියෝ “

” එයාට තමයි ඔක්කොටම කලින් ගහන්න ඕනී නේද චූටි අප්පච්චි “

” ම් ගහන්න ඕනී තමයි “

මයෙ බෙල්ල අස්සේ ඔලුව දාගෙන ඉන්න පැටියවත් උස්සන් මන් වෙරළේ රැල්ල දිගේ අඩියෙන් අඩිය ඉස්සරහට ගියේ අර කට්ටිය ඔක්කොමලාම එක එක විදිහේ ෆොටෝ ගහද්දි. ඒත් ඉතින් අපි දෙන්නට වැඩි දුරක් යන්න හම්බුන්නෑ. මයෙ ළගට දුවගෙන ආපු හාමු මයෙ වම් අතින් ඇදගෙන යන්න හදද්දී චූටි මැණිකෙත් ඇවිල්ලා දකුණු අතින් ඇදන් ගියේ එයාලා ෆොටෝ ගහන තැනට.

” අපි දෙන්නට පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ මේ දෙන්නට ඉරිසියද කොහෙදෝ චූටි අප්පච්චි “

” චූටි මැණිකෙයි අප්පච්චියි දෙන්නම එකයි පුතේ “

” මොනාද චූටි අප්පච්චියි පුතයි කුටු කුටු ගාන්නේ ආ…. “

මයෙ කරේ හිටපු පැටියා මගෙ කන් අස්සේ මුමුණද්දී හාමු මයෙ කන් දෙකෙනුත් හොලවලා එහෙම ඇහැව්වේ චූටි මැණිකෙ කවිතත් අතින් ඇදන් අපෙ ළගට එක්ක එද්දි.

” මයෙ හාමු දකිද්දී උස්සන් යන්න හිතෙනවා මට. පිස්සු කෝච්චිය මගෙ “

” යැයි යැයි තමයි. පස්සේ මට කියන්න එපා අලි පැටව් උස්සලා අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා. මන් එපැයි නාරායනේ අතුල්ලන්න “

” අප්පච්චි ඉරිසියයි නේද ආ… ඔයාට මෙහෙම චූටි අප්පච්චිගෙ කරේ එල්ලිලා ඉන්න බෑ නෙ. ලැජ්ජයි නේද ම්… “

මන් බැල්කනි එකටත් වෙලා බලන් හිටියෙ මයෙ හාමු එනකම්. තව විනාඩි පහක් තියෙනවා.

හරි ගස්සපු පුංචි මේසේ උඩින් මන් තිබ්බේ මයෙ හාමු වෙනුවෙන් ගත්ත පුංචි තෑග්ග.

” අනේ පරක්කු වුනාද… චූටි මැණිකෙයි ලොකුයි අයියගෙ කාමරේට ගියා නිලූෂ ඉක්මනට එන්නම් කියලා “

” ගොඩක් හොදයි එහෙනම්. ම්… ඇරලා අරක බලන්නකෝ මයෙ වස්තු “

එතකොට තමයි මයෙ හාමු දැක්කේ පැත්තක තිබ්බ චූටි මේසේ උඩ තියෙන තෑග්ග. එයා ඒක අරිනකම් මන් එයාවත් පිටිපස්සෙන් තුරුල් කරන් බදාගෙන හිටියෙ චූටි මැණිකත් හිමීට හිමීට සද්ද නොකර බැල්කනියට එද්දි .

” හක් ගෙඩියක්. ලස්සනයි දෙයියනේ “

කිරි පාට හක් ගෙඩිය දැක්ක ගමන් මගෙ නිලූෂ ඒකත් බදා ගෙන මගෙ කම්මුලට හාද්දක් දුන්නත් හරි මන් හාමුව තද කරලා බදා ගත්තා.

අවුරුදු ගණනාවකට පසු වර්තමානේ

අපේ කාර් එක හිල්ලාව ගමට ආවත් හරි මට ඇගට දැනුනේ හරිම සීතළක්‌. වෙසක් මාසේ වුණාට පුදුම සීතළක්‌ තියෙන්නේ. කාර් එක කන්ද උඩට යන්න යන්න තව සීතළ එනවා. වීරන්කෙඩුව වලව්වේ අප්පච්චිගෙ යාලුවෙක් ඉන්නවලු. එයා බලන්න යන්නෙ මේ.

” අම්මි වතුර එක “

” පුතා අක්කව නැගිට්ට වන්න දැන් ළගයි “

තේ වත්තක් මැදින් තියෙන අතුරු පාරකට දැම්මත් හරි තමයි මට ලොකු වතුර තිබහකුත් ආවේ. ඒලෙවල් ඉවර වුණු හැටියේ තමයි අප්පච්චි අපිවත් එක්ක යාලුවගෙ වලව්වට යන්නෙ.
අප්පච්චිගෙ යාලු අන්කල්ටත් අපේ වයසෙම පුතෙකුයි     මේ පාර ඕලෙවල් කරන දුවලා දෙන්නෙකුයි ඉන්නවා කියන්නේ.

” ඒයි අර බලන්නකෝ විභූ අර පැත්තෙත් වලව්වක් තියෙනවද කොහෙදෝ “

” මන්දා බන් අක්කෙ මට නිදි මතයි “

කා එක වලව්වේ ගේට් එකෙන් ඇතුළට දැම්මත් හරි ආවේ චූටි අන්කල් කෙනෙක්. එයත් එක්කම තව ටිකක් උස මහත අන්කල් කෙනෙක් ආවේ පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් පිටිපස්සෙන් එද්දි.

” අඩෝ කවිත උබව දැක්ක කල් යකෝ… “

අපේ අප්පච්චි ගියපු ගමන්ම ලොකු උස අන්කල් බදා ගත්ත හැටියේ ඒ අංකලුත් හයියෙන් හිනා වෙලා බදා ගත්තෙ අක්කයි මායි අම්මයි ඒ දිහා බලන් ඉද්දි.

” චූටි මැණිකෙ වස්තු…. මේ අපේ කැම්පස් එකේ මගෙ හොදම යාලුවෙක් බන්. මතක ඇති නේද ම්… “

” ටිකක් මතකයි. මේ එන්න යන් ඇතුළට “

වලව්ව ඇතුළට ආවත් හරි තමයි සීතළ අඩුවුනේ. චූටි අන්කල්ට නම් අවුරුදු පනහක් කියලා කියන්නත් බෑ. අපේ අප්පච්චිලා වගේ කෙස් ඉදිලත් නෑ වැඩිය.

කට්ටියම ඉස්සරහ කතා කර කර ඉද්දි මන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා බැලුවේ කබඩ් එක උඩක රාමු කරලා තියෙන ලොකු ෆොටෝ එකක් දිහා .

” දරුවෝ…. ඔය ඉන්නෙ අපේ චූටි අප්පච්චි “

” කෝ දැන් එයා “

මන් එහෙම ඇහැව්වත් හරි මගෙ ළගට ආපු චූටි අන්කල්ගෙ මූණ ටිකක් අමුතු වුණා.

” එයා අපිව දාලා ගියා දරුවෝ. මන් නවයේ පන්තියේ හිටියේ එතකොට. අපියි ලොකු අප්පච්චිලයි ගියා යාපනේ. ඒකත් මායි අයියයි කෑ ගහපු හින්දා එක්ක ගියේ. දවස් පහක්ම යාපනේ ඉන්න කියලා තමයි පුතේ ගියේ… ඒත් තුන් වෙනි දවසෙ අපි ආයේ ඇවිදලා එද්දි මගදි වෑන් එක ලොරියක හැප්පු නා පුතේ… චූටි අප්පච්චි à·€ බේ ර ගන්න බැරි වුණා. එයා හොස්පිටල් ගෙනියද්දිම මැරිලා ඉවරයි.  මාස තුන හතරක් විතර ගියාට පස්සේ අප්පච්චිත් නැති වුනා පපුවේ අමාරුවක් හැදිලා “

” මේ සොරි අන් ක ල් “

” ඒයි එහෙම අවුලක් නෑ දරුවෝ… සෑහෙන්න දුකයි තමයි. මොනා කරන්නද පුතේ. මායි අයියත් ඊට පස්සේ හිටියෙ මහ වලව්වේ ලොකු අප්පච්චි එක්ක. ඉන්නකෝ මන් බොන්න මොනා හරි හදන් එන්න. අපේ පුතා ඕන් යන්න ඇති මහ වලව්වට. දැන් එයි හැබැයි.”

එහෙම කියලා ඒ අන්කල් ගියාට පස්සේ මගෙ ඇස් ආයේ ගියේ ඒ ෆොටෝ එකට. මගෙ හිතත් නිකන් මොකක්දෝ හිස් කමක් එක්ක හිරවෙනවා හිරවෙනවා වගේ දැනෙද්දී මන් ආයේ අප්පච්චිලා ළගට එන්න ආවා.

” ඒයි විභූ එනවකො යන්න තේ වත්ත බලන්න “

” පිස්සුද මට විතරක්‌ කෙල්ලෝ එක්ක ඉන්න බෑ. ඔයා යන්න “

” අපූ…. යන් කෙල්ලනේ අපි යන් ඇවිදින්න “

අක්කා පොඩි කෙල්ලෝ දෙන්නත් එක්ක යද්දි මන් එළියට ඇවිල්ලා ඉස්තෝප්පුවේ පඩියකින් වාඩි වුණා.

” පො  ඩී  මයෙ දරු වෝ ……… “

එක පාරටම මන් ගැස්සිලා ගියේ ආපු සීතළ හුලන් පාරක් එක්ක ඒ ඇහුණු ගොරහැඩි ගෑණු කටහඩක්‌ හින්දා. ඒත් එක්කම මිදුලේ ලොකු ඔන්චිල්ලාවක් පැද්දෙන්න ගනිද්දි මන් නැගිටලා ගියේ පැද්දි පැද්දි තියෙන ඔන්චිල්ලාව ළගට. මන් පැද්දෙන ඔන්චිල්ලාව දිහා බලාගෙන හිටියත් හරි මගෙ උරහිසෙන් කවුරු හරි අතක් තිබ්බ පාර මන් ගැස්සිලා බැලුවේ පිටිපස්ස. තව පොඩ්ඩෙන් බය වෙලා මගෙ පපුව හිර වෙනවා. මේ අර දෙන්නගේ පුතා වෙන්ඇති. තලෙලු උස ලස්සන පිරිමි ළමයෙක්.

” තේ බොන්න එන්න “

” මෙහෙ හොල්මන් ඉන්නවද “

” පිස්සුද හොල්මන් කියලා ජාතියක් නෑ. යන් ඇතුළට “

ඒ ඇස් දෙක මගෙ මූණ පුරාම දුවන්න ගනිද්දී මට දැනුනේ ලොකු අපහසුවක්. ඒක එයාට තේරිලාද කොහෙදෝ එයා උගුරත් පාදලා යන්න යද්දි ආයේ පාරක්‌ ඔන්චිල්ලාව පැද්දෙන්න ගත්තා වෙද්දී මන් දුවගෙන දුවගෙන ගියේ මට ඉස්සෙල්ලා කතා කරපු කොල්ලා ළගට.

” නම මොකක්ද “

” විභූති “

ඉස්තෝප්පුවට ආපු එයා නැවතිලා නම මොකක්ද කියලා අහද්දී මාත් හිනා වෙලා විභූති කියලා එයා දිහා බලන් හිටියෙ එයත් නම කියනකම්.

” මගෙ නම මන්සිදු.  මන්සිදු භූමික මනමේන්ද්‍රන් “

             💥💥💥💥💥💥💥💥

සමාප්තයි.

වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමුගෙයි එයාගේ කන්නාඩි කොල්ලගෙයි ආදර අන්දරේ මෙතනින් ඉවරයි.

කතාව එක්ක මෙච්චර කල් හිටපු යාලුවෝ හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏🙏🙏❤️

ඔයාලා මගෙ කතාවට දුන්නු අදහස් මට සෑහෙන්න වටිනවා යාළුලා ❤️❤️. වචන වලින් ඒක කියන්න තේරෙන්නේ නෑ. පුදුම සතුටක් දැනුනේ මට යාලුලාගේ අදහස් දකිද්දී 🤗.

ආයේ එහෙනම් කටු ඉඹුලෙනුයි ගෝතික එකෙනුයි හම්බෙමු යාලුලා 🤗❤️

කටු ඉඹුල ලියන්නෑ කියලා හිතුනත් ඒකත් මන් ආයේ ලියන්න පටන් ගන්නවා. එහෙනම් ගිහිල්ලා එන්නම් යාලුලා

බුදුසරණයි 🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අවසන් කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 93