À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා

A+ A-

” අහ් හුස් ම ගන්න අමා….රුයි බන්. පොඩ්ඩක් හෙමින් බදා ගනින්කෝ…. ”

” අනේ බන් මට හීනයක් වගේ… අපි දෙන්නම එකට. දෙයියනේ මන් ඉස්සෙල්ල ඇත්තටම බය වුණා ඕයී තමුසෙව තෝර ගත්තේ නැති එකට. බලාන් ඉතින් ඒකෙත් හැටි. තාම හිතා ගන්න අමාරුයි අපි දෙන්නා එයාලගේ බුද්ධි අංශයට තෝර ගත්ත එක “

කාමරේට ආපු හැටියේ දමියා මාව පිඹුරෙක් වගේ වෙලා ගත්තා.  අද රැස්සීම ඉවර වෙලා යන්න හැදුව මාව එතැන නතර කර ගත්තේ එතැන හිටපු ලොකුම නිළදාරියා වෙද්දී අවසානේදී මන් අවසාන පස් දෙනා අතරටත් තේරුණා. දැන් ඉතින් අපි දෙන්නම අපරාදභාර විමර්ශන බුද්ධි අංශයේ නිළ දාරින්. අපෙ ඊළග රැස්සීම හෙට උදේ අට වෙද්දී පටන් ගන්නවා කිව්වා .

” උබේ අප්පච්චි ඇවිල්ලා ඇති පලයන් දැන්. මටත් ක්වාටස් එකට යන්න ඕනී… නිදි මතයි මහන්සි ඉන්න බෑ “

දමියා ගියායින් පස්සේ ක්වාටස් එකට ආපු මන් ටැංකිය ළගට ගිහිල්ලා ඇග හෝද ගත්තා. දොළහටත් කිට්ටුයි. හෙට නම් උදේ විතරයි වැඩ. හවස නිදහසේ ඉන්න පුළුවන් ක්වාටස් එකට වෙලා. හෙට එළවලු ටිකක් හිටෙව්ව නම් හරි වැස්සත් එක්කනේ.

අපි පස් දෙනාම රැස්සීම තියෙන කාමරේට අටටත් කලින්ම ඇවිල්ලා ඉද්දි හරියටම අට වෙනකොට නිලදාරීන් පස් දෙනාම එකට අපෙ කාමරේට ඇවිල්ලා ඉද ගත්තා. අදත් එයාලා සාමාන්‍ය ඇදුමින්. එයාලා ආව හැටියේ අපි පස් දෙනාම එකට නැගිටලා ආචාර කරලා වාඩි වෙද්දී ඉහළ උප ප්‍රධාන නිළදාරියා කතාව පටන් ගත්තා.

” ඔයාලා හැමෝටම සුභ උදෑසනක්. ඉස්සෙල්ලාම අපි අපිවම අදුර ගමුකො මුලින්ම..   අපි ඔක්කොටම කලින් දැන අදුර ගෙන ඉන්න එපැයි.  ඔතන ඉදලා පටන් ගන්න නම වයස ඉන්නෙ කොහෙද කියලා කියා ගෙන යන්න. පටන් ගන්න පුතා. “

“  දමිත සදරැස්. වයස දහ නවයයි. කොස් ලන්ද “

” දමිත උසස් පෙළ ලියපු හැටියෙද ආවේ “

” ඔව් සර් “

ඒ ඇස් මගෙ දිහාවට හැරුණත් හරි මන් මගෙ නම කිව්වා.

” නිලූෂ සත්සිදු.  වයස විස්සයි. හිල්ලාව”

” අම්මා හරි තාත්තා හරි පිටරට මනුස්සයෙක්ද “

” සර් මේ අම්මා තාත්තා කවුද කියලා දන්නෑ. අනාථ නිවාසෙක හිටියේ “

” ඊළග.. “

අපි පස් දෙනා ගැනම විස්තර අහපු එයා ආයේ කතා කරන්න ගත්තා වෙද්දී අපි ටික දෙනා පුටු වලින් වාඩි වුණා.

” මන් ගැනත් කියන්නම්කෝ ඔයාලට එහෙනම්. මන් රන්දුනු කොඩිකාර. ගිය අවුරුද්දේ තමයි ඉහළ බුද්ධි අංශයට බැදුනේ. වයස තිහයි. ඉන්නෙ හිගුරුව. මන් පොලීසියට බැදුනේ අවුරුදු විස්සෙන්. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තමයි මන් මේ තැනට ආවේ.  මන් කියන්නේ ඔයාලටත් මහන්සි වෙලා වැඩ කරන්න. කවදා හරි ඔයාලගෙන් එක්කෙනෙකුට  මේ තනතුරට එන්න පුළුවන් මහන්සි වෙලා හොදට වැඩ කරොත් . හරි ඊළගට ඔයාලට මේ සර් කතා කරයි. ගයා..න් ඔයා කතා කරන්න “

” හරි සර්. මාත් ගිය අවුරුද්දේ තමයි බුද්ධි අංශ උප ප්‍රධාන වුණේ. නම ගයාන් හේවාවිතාන. වයස විසි නවයයි. ඉන්නෙ ලම්දුව. හරි එහෙනම් අපි ඔයාලා හැමෝම තෝර ගත්තේ ඔයාලගේ බුද්ධි මට්ටම් බලලා. පස් දෙනාටම අපි යෝග්‍යතා පුහුණු වීම් කරනවා ඔයාලගේ පුහුණු වීම් වලින් පස්සේ. ඊට පස්සේ ඔයාලට ආත්ම ආරක්ෂක සටන් ක්‍රම අංග ලක්ෂණ විද්‍යාව තවත් ඉගෙන ගන්න ඕනී දේවල් ටිකක් අපි මෙහෙදි උගන්නනවා.  ඒ ටිකට පස් දෙනාම එන්නම ඕනී. මේක හොදටම මතක තියා ගන්න ඕනී පස් දෙනාම. රන්දුනු සර් ඇරෙන්න අපි හැමෝම ඉන්නෙ අපරාදභාර විමර්ශන බුද්ධි අංශයේ. ඉතින් අපි වැඩ ටික කරන්නෙ මෙහෙ නෙවෙයි. ඒකට අපි වෙනම තැනක් හදා ගෙන ඉන්නෙ. ඔයාලා හැමෝම වැඩට එන්න ඕනී එතනට ආයේ. අපි පෙන්නන්නම් ඒක. ඔයාලා එන්න ඕනී සාමාන්‍ය ඇදුමෙන්. කිසිම කෙනෙක් නිළ ඇදුමින් එන්න එපා. අනික අපි ඇර ඔයාලගේ පවුල  ඔයා කවුද කියන එක දැන ගත්තම හොදටම ඇති. පිට අයට තමන්ගේ අනන්‍යතාවය හෙළි කරන්න බෑ. ඒක අපෙ වැඩ වලට බාදාවක් වෙන්න පුළුවන්. ආයේ කියන්නම් මන් ඔයාලා වැඩ කරන අංශය කාටවත් කියන්න එපා. වෙන රස්සාවක් කරන්නැත්තම් ඔයාලා පොලීසිය කිව්වට කමක් නෑ අංශෙ කියන්නැතුව. තව මොනා හරි ප්‍රශ්න තියේද..  සදරැස් රන්දුනු සර්ගෙන් අහන්න මොනා හරි ප්‍රශ්නයක් තියේද පුතාට “

” න් නෑ සර්. “

ගයාන් සර් හෙන හෑල්ලක් කියෙව්වත් දමිතගේ ඇස් වෙලාවකට තිබ්බේ රන්දුනු සර් ළග.  මේ එළ හරකට කිසි බයක් සැකක් නැති හැටියක් ඇත්තටම. මේ මිනිස්සුන්ට කෙනෙක් හැරෙන්නේ මොකටද කියලා හොදට තේරෙන බව මේකා දැන දැනත් පිස්සෙක් වගෙ හැසිරෙනවා. මෙච්චර වෙලා ගයාන් සර්ගේ කතාව අහන් හිටිය රන්දුනු සර් බැලුවේ දමියා දිහා වෙනකොට ඒකා හරි කලබලෙන් නෑ සර් ගෑවා.

ඊට පස්සේ අපි හැමෝම සර්ලත් එක්ක ආවේ එයාලා වැඩ කරන තැන බලන්න වෙද්දී ඒක දැක්ක හැටියේ හිතා ගන්න බැරි වුණා මේක වැඩ කරන තැනක්ද කියලත්. සාමාන්‍ය ටිකක් පරණ තට්ටු දෙකේ ලොකු ගෙදරක්.  උඩ තට්ටුවට යන්න පිටින් දාපු පඩි පෙළක්. ගෙදර ඉස්සරහ වැටේ හරි ලස්සනට මල් වැල් හදලා පරිසරයත් ලස්සනයි.

” මේකේ උඩ තට්ටුවේ වැඩ කරන්නෙ රන්දුනු සර්ලගෙ කට්ටිය. පහළ කොටසෙ වැඩ කරන්නෙ මාත් එක්කලා ඔයාලා. සමහර දවස් වලට ලොකු සර් එනවා අපෙ වැඩ බලන්න. ආයේ ඔයාලා එන්න ඕනී පස් දෙනාම මෙතැන්ට “

රන්දුනු සරුත් ඇවිල්ලා පහළ කොටසේ වැඩ කරන්න ඕනී විදිය අපිට කියලා දුන්නා. අපි ඇතුළට එද්දිත් කට්ටිය ඇතුළේ වැඩ. ගෑණු ළමයිනුත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියා වැඩ කරන තැන. මේකේ ලොකු සර් කවුද දන්නෑ. එයා නම් මොළ ගෙනාපු නැවක් වත් වෙන්න ඇති.

” ඒ නිලුවා තේ එකක් බීලා යමන්. තාම එකොළහටවත් නෑ නෙ “

” බෑ බන් ක්වාට්ස් එකට යන්න ඕනි “

එහෙම කියලා මන් එන්න ආවේ ක්වාටස් එක ළගට වෙද්දී මන් දැක්කේ ගෙ ඉස්සරහින් නතර කරලා තියෙන මගේ හාමුගේ වාහනේ වෙද්දී මන් අඩියට දෙකට ගියෙ වාහනේ ළගට. මන් යද්දි වාහනේ පිටිපස්සේ පැටියවත් බදා ගෙන හාමු නිදි. එයා ඇදලා තියෙන්නේ මන් ඊයේ තෙත නිසා කොරිඩෝව වැලේ වනලා තිබ්බ සරම. උඩට මොකුත් නෑ.

එයාලට කතා කරන්න කලින් මන් ක්වාටස් එකේ දොර ඇරියා. පොඩ්ඩා මගේ තඩි අත් කොට කමිසයක් ඇදලා. ගුලි වෙලා ඉන්නකොට කමිසේ එළියෙන් පැටියගේ චූටි කකුල් දෙකත් පේනවා. මන් එහෙන්ම හිමීට වාහනේ දොරත් ඇරලා හාමුගේ අත එහාට්ට කරලා පැටියව හෙමින් සැරේ ගත්තා වෙද්දී හාමු තවත් හොදට හරි බරි ගැහිලා නිදි. මේකා හොද අප්පච්චි බලන් යද්දි. මොකෙක් හරි පැටියා උස්සන් ගියත් ගානක් නෑ.පැටියත් හොදට නිදි කටත් ඇරගෙන. නුරාදව ඇදෙන් තියලා මන් පැටියව වැහෙන්න මගේ ෂීට් එකත් පොරවලා ඒ චූටි නළලට හාද්දකුත් දුන්නා. මගේ කමිසේ ඇදගෙන පොඩි එකා බෝනික්කෙක් වගෙ හරියට. හාමුට වගේමයි කොල්ලටත් දිග ඇහි පිහාටු තියෙන්නේ.

හාමු මහත්තයා නම් මේ ඉන්න විදියට උස්සන්න අමාරුයි. කතා කරන්න තමයි වෙන්නේ. දෙයියනේ මේකා මේ හීතලේ නාලා වගෙ .

” හාමු…. නැගිටින්න.. “

මන් කතා කර කරම එයාව මගේ අස්සට ගනිද්දී එයා එක ඇහැක් ඇරලා මගෙ දිහා බලලා හිනා වෙලා ආයේ මගෙ පපුව අස්සට මූණ ඔබා ගත්තා. මේ මොකද බේබී අමුතු සතුටකින් වගෙ ඉන්නෙ..

” මොකද දෙන්නා මේ එක පාරටම මෙහෙ ආවේ ම්… ඉස්කෝලේ ගියෙ නැත්තේ ඇයි. පැටියව පෙර පාසලට දාලත් නෑ නෙ “

” ටිකක් වෙලා මෙහෙම ඉන්න ඕනී මට‍ . “

මගෙ හාමු ළග පිච්ච මල් සුවදයි. අලුතින් ගෙනාපු සබන් කැටේම මගෙ බේබී උලලා වගෙ.  මෙහෙම හරියන්නෑ හොර ගෙඩියා වගෙ ඉන්නවා මගෙ අස්සේ ගුලි වෙලා බොරුවට නිදා ගෙන .

” මෙහෙ එන්න. මන් රස්නි පිට කිරි එකට කෝපි ටිකකුත් දාලා හදන්නම්කො මගෙ හාමු බේබීට. පස්සේ කතාව කියන්න “

” මන් පැටියා ආසම චොකලට් කෙක් ගෙනාවා. “

එහෙම කියලා හාමු බේබී හිනා වීගෙනම කෙක් එක ඇරගෙන මගෙ කම්මුලකුත් හපලා ඇතුළට ගියා. එයා අද ගොඩක් සතුටින්. පව් ගොඩක් වෙලා මන් එනකම් හිටියද දන්නෑ. වාහනෙන් බැස්ස මන් කාමරේට ගියෙ ඇදුම් මාරු කරන්න. යට බැනියම එහෙන්ම තියෙද්දී මන් සැහැල්ලු කොට කලිසමක් දා ගත්තා. නුරාද තාම නිදි හරි සනීපෙට.
මන් කුස්සියේ පැත්තට යද්දි හාමු පෝරණුවේ යටින් දර කෑළියි හනුසු කෑළියි අරගෙන ලිප පත්තු කරනවා.

” අද මට මාර වැඩේනේ වුණේ. “

කේතලේ ලිපේ තියලා එහෙම කියා ගෙන හාමු මහත්තයා ආවේ මන් ඉදන් ඉන්න බංකුවට.

” පැටියගේ බෝතලේ අමතක වෙලා ඒක දෙන්න යද්දි හරියටම මන් ලිස්සිලා වැටුනේ මඩ වලකට. “

” මොකක් එච්චරටම සිහියක් නැද්ද ආ පාරේ යනකොට… හරි හරි.. “

මෙච්චර වෙලා හිනාව පිරිලා තිබ්බ ඒ මූණ මැලවෙනකොට මන් හරි හරි ගෑවා.

” නුරාදත් දුව ගෙනම ආවා. මන් ඉතින් ආයේ ඉස්කෝලේ ගියෙ නෑ. වාහනේටවත් නගින්නැතුව ළග කඩේකට ඉක්මනට ගිහිල්ලා හොදට නා ගත්තා නිලූෂ. නාලා ඇදුමකුත් අලුතින්ම අරන් ඒකත් ඇදගෙන කෙලින්ම මෙහෙ ආවා. මෙහෙ ඇවිල්ලත් මන් ආයේ නා ගත්තා අප්පා…. මට‍ හරි අප්පිරියයි. “

“  මටත් අද ආයේ වැඩ නැහැ හාමු. ඔහොම ඉන්නකෝ මන් කිරි දෙකක් හදන්නම් “

එහෙම කියලා මන් අපෙ කෝප්ප දෙකත් ඇරගෙන කිරිපිටි ටික දාලා කෝපි කුඩු ටිකක් දැම්මා.  ඒත් එක්කම මන් ගැස්සිලා ගියා.  එක පාරටම මගෙ හදවත ගල් වෙලා වගෙ දැනෙද්දී මන් කර කර හිටපු වැඩේ එහෙන්ම නතර වුණා

” තූ…ති අප්පත්ති… “

ඇහුණු ඒ කටහඩ ඒ චූටි හුරතල් වචන වලට හිත පිච්චුනා මගෙ . මොනාවත් හිතන්න කලින් මගෙ ඇස් වලින් කදුළු කඩා ගෙන වැටුනා වෙද්දී කන්නාඩි කුට්ටමත් ගලවලා පැත්තකින් තියලා හැරුණේ පිටිපස්සේ ඉදලා මගෙ කකුල් දෙක බදා ගෙන ඉන්න මගෙ පුංචි පැටියා දිහාට . කොල්ලා ආයෙමත් මාව බදා ගෙන හිනා වෙලා ඔලුව උස්සගෙනම මගෙ දිහා බැලුවා. ඒ බෝල කම්මුලුත් තෙත් වෙලා යනවා මගෙ ඇස් වලින් වැටෙන කදුළු වලට.

” තූති අප්පත්ති මේ බාන්න. මත හොදත  තතා කලන්න පූවන් “

මට හිතා ගන්න බෑ දෙයියනේ හිතා ගන්න බෑ. මගෙ පපුව හිර වෙනවා වගෙ. මන් එහෙන්ම නැවිලා පොඩි බටු ඇටේව බදා ගත්තා.  මගේ කටට වචන එන්නෙත් නෑ. මගෙ පැටියට කතා කර ගන්න පුළුවන් වුණු එක ගැන ගොඩක්ම සතුටු හිතෙද්දි ආයේ මගෙ පපුව පිච්චිලා ගියෙ එයාගේ කටින් චූටි අප්පච්චි කියලා ඇහෙද්දී. දෙයියනේ මෙච්චර සතුටක්. මගෙ පපුවට ටොන් ගානකට ලොකු බරක් ආවේ ඒ අප්පච්චි කියන එක වචනෙට වෙද්දී මන් දැනෙන නොදෙනෙන හැගීමක හිර වුණා. දෙයියනේ මගෙ චූටි කුමාරයා. චූටි අප්පච්චිගෙ පුංචි වලස් පැන්චා.

” ආ…. අමා…ලු යි “

කොල්ලා දගලපු පාර තමයි මන් හරි සිහියට ඇවිල්ලා පොඩ්ඩක් කොල්ලව ඈත් කළේ. මගෙ පැටියා හොදටම රතු වෙලා.

” ම න් පැටියගේ චූ ටි අප්ප ච්චි ද ආ… “

මන් අත් දෙකෙන් ඒ ලේ පිරුණු චූටි කම්මුල් අල්ල ගෙන ඒ නළලට වරින් වර හාදු තිබ්බ .

” ඕ අලේ ඕ…. පැතියගේ තූති අප්පත්ති “

කොල්ලා ඇසුත් ලොකු කරන් හිනා වෙවී ඉදලා ආයේ මගෙ ඇගට පැනලා මාව බදා ගත්තා වදුරු පැටියෙක් වගෙ . කොල්ලා ඇදපු මගෙ ලා රෝස පාට කමිසේ බිම ගෑවෙනවා.

” නුරාදගේ මේ චූටි අප්පච්චි මගෙ පැටියට ගොඩක් ආදරෙයි. මගෙ දරුවා.. ඔයා මගේම පැටියා තමයි. අප්පච්චිගෙ චූටි රෝස මල “

” මාත් ආදලෙයි ගුඩක්. මදෙ ලුකු සෝස මලත “

කොච්චර කාලේ ගියාද මන්දා මන් පැටියව බිම ඉදගෙන ගොඩක් වෙලා යනකම් බදා ගෙන හිටියා.

” අප්පච්චිටයි පුතාටයි මාව අමතක වෙලා වගෙ දැන් “

අපෙ අප්පේ කිව්වත් වගේම මටත් අමතක වුණා මේ ඩිංගට හාමු බංකුවේ වාඩි වෙලා ඉන්නවා කියලා. මන් එහෙන්ම පැටියවත් වඩා ගෙනම අපි ළගට ආපු හාමු දිහාට හැරුනා.

” කෝ දෙන්න පැටියව. මට ඉන්න බෑ හොදටම සීතයි. ඔයා කිරි ටික හදා ගෙන එනකම් පැටියයි මායි හාන්සි පුටුවට වෙලා කෙක් එක කපන්නම්කො. “

” ඒ ත් බ්..  “

” පස්සේ පස්සේ අනේ… ඉක්මනට කිරි ඕනී අපිට. නේද පැටියෝ. “

මන් මොකවත් අහන්න කලින් බක පණ්ඩිත සීයා වගෙ කියවගෙන කියවගෙන ගිහිල්ලා පැටියවත් ඇරගෙන යන්න ගියා.

               💥💥💥💥💥💥💥💥

මන් වැටුනු පාරට කොල්ලා හොදටම බයවුනු පාර කොල්ලා කෑ ගගහා දුවගෙන ආවා වෙද්දී මන් හිටි තැනම ගල් වුණා. මඩ වතුරේ හිටපු මට කිසිම ගානක් නෑ. වටපිටාව සම්පුර්ණයෙන්ම අමතක වෙලා යද්දි මන් ආයේ පියවී සිහියට ආවේ කොල්ලා මාව හොලවද්දී.

” අප්පා… තොකලත් ගුදක් තීනවෝ අප්පත්ති “

” පැටියා ආසයි නේද චොකලට් ගොඩක් තියෙන කෙක් වලට ම්… මන් ගොඩක් වෙලා තෝරලා තෝරලා පැටියට මේක ගත්තේ. කෝ කෝ ඔයාගෙ චූටි අප්පච්චි ආවට පස්සේ කමු.  දැන්ම කන්නෑ “

කෙක් එක දැකපු කොල්ලගේ ඇස් දිලිසුනා. නුරාද ඇගිල්ලෙන් ඇනලා උඩ තිබ්බ චොකලට් ගුලියක්ම කටේ ඔබා ගද්දි මන් කිව්වා චූටි අප්පච්චි එනකම් ඉමුයි කියලා.

” කෝ මගෙ බටු ඇටේ ආ සුදු කුක්කු එක “

නිලූෂ හාන්සි පුටුවේ අයිනේ වාඩි වෙලා හිටපු පැටියට කිරි එක දීලා අපි දෙන්නගේ කිරි දෙක තිබ්බේ පොඩි මේසේ උඩින්.

” ඇයි මට කලින්ම කිව්වේ නැත්තේ මොකුත්ම ම්…. “

” නුරාද ඔයාට ඉස්සෙල්ලාම කතා කරන කම් තමයි මන් බලන් හිටියේ නිලූෂ. ඒකයි ඉතින් මන් කිව්වේ නැත්තේ “

එහෙම කියලා මන් ගත්තේ මගෙ කිරි එක.

” දන් තොකො කේත් කමුත තූති අප්පත්ති “

” චූටි අප්පච්චිටත් මගෙ පුතාගේ මේ අත් දෙකෙන්ම කවනවද පුංචි කෙක් කෑල්ලක් ම් “

නුරාද තඩි කෙක් කෑල්ලකුත් කවද්දි නිලූෂ මගෙ පැටියගේ චූටි මූණ ඉඹලා එයාටත් කෙක් කෑල්ලක් කැව්වා. පැටියා මගෙ දිහාටත් ඇවිල්ලා කෙක් කෑල්ලක් කවද්දී මාත් පැටියව තද කරගෙන බදා ගත්තා.

” වාහනේ මෙහෙට්ට එනකම්ම නුරාද ගිරවෙක් වගෙ කියව කියව ආවේ නිලූෂ “

එහෙන්ම මන් ලොකු හුස්මක්‌ පාත දාලා අපිට ටිකක් එහාට්ට වෙන්න තනියම කියව කියව සෙල්ලම් කරන නුරාද දිහා බලාගෙන මගෙ නිලූෂගෙ ඔක්කේ ඔලුව තියා ගත්තා.

” කොච්චර දෙයක්ද අපෙ ළමයාට කතා කර ගන්න පුළුවන් වෙනකොට. එයාගේ පුංචි හිතටත් සෑහෙන්න සතුටු ඇති මගෙ හාමු…. “

” ම්… කොහොමද පොලීසියේ වැඩ “

එන්න එන්න මගෙ අලි පැටියා ඇදිලා යනවද මන්දා. ඇස් යටත් ටිකක් කළු ගැහිලා හරි මලානික පාටයි. එහෙන්ම මන් එයාගේ ඔක්කෙන් නැගිටලා එයාගේ වැඩ ගැන ඇහැව්වා වෙද්දී එයා දරුවා දිහා බලාගෙන හිනා වුණා.

” ඔක්කට එන්න “

එයා ඔලුව මගෙ ඔක්කෙන් තියා ගනිද්දී මන් හීන් සැරේ ඒ තඹ කොන්ඩේ අස්සෙන් ඇගිලි ගෙනිච්චා.

” පුහුණු වීම් සදුදා ඉදලා පටන් ගන්නවා හාමු. ඒක නෙවෙයි මන් බුද්ධි අංශෙට තේරුණා හාමු “

” මොකක් බුද්ධි අංශෙට “

” ම් ඔව් “

පරිස්සමින් කරන්න ඕනී රස්සාවක්. පුහුණු වීම් පටන් ගද්දි නම් මගෙ නිලූෂට මීට වඩා වැඩ වැඩි වෙයි හැබැයි.  කැම්පස් එකේ වැඩයි පොලීසි යේ වැඩයි දෙක එකට කොහොම කර ගනියිද දන්නෑ මගෙ කොල්ලා. අනේ ඉතින් මගෙ නිලූෂත් තාම අවුරුදු විස්සක පොඩි කොල්ලෙක් නෙ. දැන්ම එයාට ලොකු වගකීම් පැවරිලා.

” සනීපයි හාමුගෙ මේ ඇගිලි. “

එයාට එහෙන්ම නින්ද ගියාට පස්සේ ටික වෙලාවක් එතැන හිටපු මන් පැටියට අතින් අඩ ගැහැව්වා.

” සද්ද කරන්න එපා. කොට්ටෙකුයි ෂීට් එකයි ගේන්න පැටියෝ “

නුරාද මට කොට්ටෙ දුන්නට පස්සේ පරිස්සමින් නැගිට්ට මන් ගොරව ගොරව නිදා ගෙන ඉන්න නිලූෂගෙ ඔලුව යටින් කොට්ටෙත් තියලා ෂීට් එකත් හොදට පෙරෙව්ව. හාන්සි පුටුව දිග නිසා හොදයි ඉතින් නිලූෂට පුටුවේත් හොදට නිදා ගන්න පුළුවන්නෙ. පැටියත් සද්ද නැතිව ඇස් දෙක පියාන ඉන්න එයාගේ චූටි අප්පච්චි දිහා බලාන ඉන්නවා..

” කෝ කෝ අපි දෙන්නා කුස්සියේ පැත්තට ගිහිල්ලා මොනාහරි උයමු “

” හලි  “

රෑටත් එක්කම ගත්ත හාල් ටිකට රම්පෙ කෑල්ලකුත් දාලා මැටි හට්ටියේ ලිපේ තිබ්බා. බලමු දැන් එළවලු මොනාද තියෙන්නේ කියලා.

” අප්පත්ති පාප්පු “

පැටියගේ ජාතික ආහරේ පරිප්පු. ගෝවා කෑල්ලකුත් තියෙනවා.

” හරි එහෙනම් ඔයාගෙ පාප්පුව හදලා ගෝවා තෙල් දාමු. “

මන් පරිප්පු එක සෝදනකම් පැටියට රතු ළුනු ටිකයි සුදු ළුණු ටිකයි දුන්නා සුද්ද කරන්න.

” මන් කපන්තද අප්පත්ති ඕ තික “

” තව ටිකක් ලොකු වුනාම අප්පච්චි දෙන්නම්කෝ පුතාට ගෝවා කපන්න හොදද “

” කාද්ද මන් ලුකු වෙන්තෙ අප්පත්ති.. “

මන් හිටගෙන ගෝවා හීනියට ලියන කම් පැටියත් උඩට වෙලා රෙද්දක් එලා ගෙන ඉදගෙන මන් කපන දිහා බලාන් ඉන්නවා.

” ඔයා ඉක්මනට ලොකු වෙයි පුතා. ආ මේ ළුණු ගෙඩියත් සුද්ද කරන්නකෝ “

යාන්තම් පරිප්පුවක් කිරට හදලා ගෝවා ටික තෙල් දා ගත්තා. මගෙ උඩ කොටස නම් ගන්න දෙයක් නෑ දැලි ගෑවිලා. උයලා ඉවර නිසා කුස්සියත් අස් කරපු මන් ගියෙ නුරාද හොයන්න.

” කු බාන්න.. ඔලා නතන්තකු. නුලාද බාන් ඉන්තවා හලූ. “

මන් කුස්සියේ එළියේ පැත්ත බලද්දී ඉස්තෝප්පුව ළග තියෙන නිදිකුම්ම්බා පැදුරේ මලක් එක්ක එයා තනියම කතා කරනවා. නුරාදගේ ඒ පොඩි කටහඩ එයාගේ කතාව මට අහගෙන ඉන්න ආස හිතෙනවා.

” ඔලා මේ නුලාද එත්ත තලා වුනාත හලු. ඉත්තල්ලා මන් දැක්තා ඔලා නතනවා. “

නිලූෂගෙ තඩි කමිසෙත් උස්සගෙන මල එක්ක හෝ ගාලා කතාව.

          💥💥💥💥💥💥💥💥💥

“  නෑ නෑ තව පරක්කු වෙන්න බැහැ රාද් මට. පුතා මන් ගැන මොනා හිතයිද ආ “

පුටුවෙන් නැගිට්ට මන් ඇදුමත් හදා ගෙන යන්න හැදුවත් රාදගේ කුණු කුනුවට මට‍ කේන්ති ගිය.

” පුතා මොනා කියලා හිතන්නද. ඔයා සමහර දවස් වලට දොළහත් පහුවෙලා යන එකනේ. අද මොකද මේ කලින් යන්නෙ. තාම දහයවත් වෙලා නෑ නෙ “

” රාද් තමුසේ අහන දේවල් වලට උත්තර දිදී ඉන්න වෙලා නෑ මන් යනවා. අම්මත් ඉන්නේ ඉස්පිරිතාලේ එයාවත් බලලා යන්න ඕනී “

එහෙම කියලා මන් එන්න ආවේ වාහනේට. කොන්ඩෙත් අවුල් වෙලා. නංගි වගෙ කොන්ඩේ කපලම තිබ්බ නම් ඒකත් එකක්.  ඒත් එහෙම ඉද්දි කොල්ලෙක් වගෙ. දාඩිය නිසා උඩ බොත්තම් දෙක තුනකුත් ගලව ගත්ත මන් වාහනේ පාරට දාලා වේගෙ වැඩි කරා.

රෑට කියලා වෙනසක් නැහැ පුදුම සෙනගක් කන්දරාවක් ඉන්නේ.  මන් වාට්ටුවට යද්දි අම්මා නිදි.

” අම්මා මේ මන් සුප් එකක් ගෙනාවා. බීලා ඉන්නකෝ “

” ම්..  බොන් න බෑ ල් ලොකු “

අම්මා බොන්න බෑ කිව්වත් මන් බලෙන් බලෙන් වගෙ අම්මට සුප් එක පොවලා අම්මා එක්කත් ටික වෙලාවක් එතැන ඉදලා වාට්ටුවෙන් එළියට ආවා.

” අහ්හ් දෙයියනේ ඇයි මේ හුචක්කුව නතර වුණේ “

වාහනේ පාරට දාලා ටික දුරක් යන්න හම්බුන්නෑ වාහනේ නතර වුණා. තෙල් වත් ඉවර වුනාද . කෝකටත් කියලා වාහනෙන් බැස්ස මන් ටයර් ටිකත් හොදට බැලුවා. හොද වෙලාවට අතුරු පාරක් වුණත් මේකේ ලයිට් කණුවක් හරි තිබ්බා. 

” ල් ලෝරා “

” අහ් මන් බය වුණා මනුස්සයෝ “

බිමට නැවී ගෙන ටයරේ බල බලා හිටපු මන් ගැස්සිලා නැගිට්ටේ පිටිපස්සෙන් සද්දයක් ඇහුණු නිසයි. කව්ද දන්නේ හොල්මනක්ද කියලා. බැලින්නම් මනුස්සයෙක්

” ලෝරා ඇයි මෙතැන මෙච්චර රෑ වෙලා “

මේ මනුස්සය කවුද. අපෙ නංගිගෙ යාලුවෙක්ද මන්දා. මොනා නැතත් මෙයා හෙන හැන්ඩිනෙ. ටිකක් විතර අහස් වගෙ පෙනුම නම්.

” ම් වාහනේ මොකක්දෝ වෙලා නෙ. ඒකයි මන් මේ බැලුවේ. “

” ඉන්න පොඩ්ඩක් බලන්න. “

එයා වාහනේ බලනකම් මන් එයා ළගටම වෙලා හිටියා . ඒ නහර පෑදුනු අත් හරි ශක්තිමත් වගෙ.  තැනින් තැන සුදු කෙස් ගස් දෙක තුනක් තිබ්බට මොකද ඒකෙන් මෙයා තවත් පෙනුමයි.

” පුතා දැන් ලොකු මහත්තයෙක් වෙන්න ඇති නේද “

” මේ අවුරුද්දේ උසස් පෙළ පුතාට “

” නෑ නෑ මන් ඇහුවේ ලොකු පුතා ගැන. කැම්පස් කාලේදී හම්බුනු පුතා ගැන. “

මේකා එහෙනම් අහන්නේ වපර කොල්ලා ගැන වෙන්නැති. මේ ලෝරාගෙ කවුද ඇත්තටම. පුතා ගැන මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.

” මන් එයාව ම් මේ අනාථ නිවාසෙට දුන්නා “

  

        💥💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏🙏

අදහස් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලා ටිකට 🙏🙏❤️ වෝට් වලටත් ඉස්තුතියි යාලූලා ගොඩක් 🙏🙏❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 41