À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා

A+ A-

” දිනූ උබ හිටියද පැටියා එක්ක “

” ඔව් බන් තාම අලුත් නෙ ඉතින්. නුරාද යාලූ එනකම් පැටියා අප්පච්චිට ඉන්න කිව්වා “

මන් පැටියව ඇරගෙන පෙර පාසලට එද්දි රාහුල්ව ඔන්චිලි පද්දනවා දිනුල. තාම නම් වැඩිය ළමයි ඇවිල්ලත් නෑ පේන්න.

” අප්පත්ති මෙලා එත්ත බාගෙ තීලා එන්තම් මන් “

එහෙම කියා ගෙනම නුරාදත් එක්ක රාහුලුත් ගියා ඇතුළට. දිනුලට නම් තැපැල් කන්තෝරුවේ රස්සාවක් හම්බුනා කිව්ව . උදේ අටේ ඉදන් හවස හතර වෙනකම් වැඩ ඉතින්. දොළහෙන් පස්සේ නම් රාහුල් වත් ළග තියාගෙන තමයි වැඩ කරන්නේ. ආණ්ඩුවේ රස්සාවක් හින්දා දිනුලට හොදයි ඉතින්. රස්සාව ඉස්ථිරයිනෙ දැන් . අපේ ගුරු පඩිය වගේ නෙවෙයි හැබැයි එයාලගේ රස්සාවේ පඩිය ටිකක් වැඩියි අපිට වඩා. සෙනසුරාදා ඉරිදා හැබැයි නිවාඩු එයාට නම්.

” මාර වැඩේ බන් මටත් උනේ බලහන්කෝ විරා “

” ඊලගට මොකද වුණේ තොට. එකක් නැත්තම් උබට තව එකක් “

” අර ගෙදර ඉන්න බැහැ බන්. අනේ මන්දා මන් ඒක ආයේ විකුණලා වෙන ගෙයක් හොයා ගන්න ඕනී. අල්ලපු ගෙවල් වල ඉන්නෙ තනිකරම කුඩු කාරයෝ වගේ උන් බන්. උන් දෙගොල්ල කුණු හරපෙන් හිටන් බැන ගන්නවා “

අමෙ අම්මේ කොහොමත් ආයේ ඔය ගෙවල් වල ඉන්න අමාරුයි දරුවෙකුත් තනියෙන් තියා ගෙන. මේ කරදර අස්සෙ දැන් කොහොමැයි දිනුවා ගෙවල් හොයා ගන්නෙ. අපේ ක්වාටස් එකේ ඉන්න තිබ්බා ක්වාටස් එක පොඩි නැත්තම්.

” ඔව් ඉතින් පොඩි එකා තියා ගෙන ඉන්න අමාරුයිනෙ එතකොට කොහොමත්.    ම්……. හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපෙ වලව්වේ ඉදපන්. දැන් අම්මත් නෑ නෙ. කොච්චර ලොකු වලව්වක්ද ඒක. හොදට ඉඩත් තියෙනවා “

” පිස්සුද බන් එහෙම හරි නෑ නෙ. අනික ලොකු හාමු මාමාත් මොනා හිතයිද බන්. උබලා ඇත්තෙත් නැහැ එහෙ “

” යකෝ අප්පච්චි මොනාත් හිතන්නෑ උබ ගැන. මොකද අදුරන්නැති මනුස්සයෙක් ඈ. අනික බන් අපි වුණත් ක්වාටස් එකට ගියෙ හැමදාම ඉන්න නෙවෙයි. ආයේ අපි තුන් දෙනාම වලව්වට එනවා දිනුවෝ . කොහොමත් බන් ඔය වලව්වේ පවුල් දෙක තුනකටම ඉන්න ඉඩත් තියෙනවා. “

” මන් ගෙවල් කීපයක්ම බැලුවා. ඒත් බන් ඒවා හ‍රියන්නෑ. මන් එහෙනම් හවස ලොකු හාමු මාමා එක්කලා කතා කරලා බලන්නම් ටික දවසකට හරි ඉන්න පුළුවන්ද කියලා. හෙට උදේට අපි ආයේ කොළඹ යනවා බන්. උසාවි යන්න තියෙනවා. අරකිට දික් කසාද වෙන්න ඕනිලු. ඒ අස්සෙන් මගෙ රාහුල් වත් ඒකී ඉල්ල ගන්න හදන්නේ”

” උබ බය වෙන්න එපා බන්. කොහොමත් රස්සාවක් තියන එකේ දරුවා ඔයාගෙ ළගට ගන්න පුළුවන් වෙයි උබට. මාත් එහෙනම් පහට විතර අප්පච්චි එක්ක කතා කරන්න එන්නම් බන් “

” විරා මචන්….. උබට පින් බන් ඔහොම මන් වෙනුවෙන් ඉන්නවට “

දිනුවගේ ඇස් දිලිසෙනවා. කාත් කවුරුත් නැති උට ඇත්තටම ගොඩක් සතුටු ඇති.

” සහෝදරයෝ වුනාම එහෙම තමයි. අපිට ඉන්නෙ අපි විතරයිනෙ බන් “

” විරා මොන දේ එහෙනම් සිද්ද වුණත් මේ දිනුලව අමතක කරන්න එපා. කාලයක් තිබ්බනෙ අපිට අපිවම මුණ ගැහෙන්න බැරි වුණු අවුරුදු ගොඩක් . දැන් ඒ කාලේ ඉවර කරලා අපි හැමෝම එකට ඉමු “

” එසේය අයියණ්ඩි…… මේ මලයණ්ඩිය මොන දේ සිද්ද වුණත් උබ ළග වද දිදී හරි ඉන්නවා “

මන් ඔලුවත් නවලා එහෙම කියද්දී දිනූ හයියෙන් හිනා වෙලා මයෙ කොන්ඩේ අවුල් කරා.

” හැමෝම ඇවිල්ලද ඉන්නෙ…. “

ගුරුවරු හැමෝටම ලොකු සර් රැස්වීම් ශාලාවට එන්න කියපු නිසා අපි ටිකම ගියෙ එහෙට්ට. මන් නම් මගෙ ළමයි ටිකට මන් එනකම් ප්‍රශ්න ටිකකුත් දීලා ගියෙ. කීයට එන්න පුළුවන් වෙයිද කියලා කව්ද දන්නේ.

” මන් හදිස්සියේම ගෙන්නුවේ ටීචලා සර්ලව මේ ගැන ළමයින්ට කලින් දැනුවත් කරන්න. අද හරියටම දහය වෙද්දී ළමයි හැමෝම බණ්ඩාරනායක ශාලාවට ගෙන්නන්න ඕනී. පොලීසියේ මහත්තුරු කණ්ඩායමක්‌ එනවා ඉස්කෝලේ විශේෂ උපදේශන රැස්සීමක් කරන්න. ඉතින් අපෙ ඉස්කෝලේන් ඒ මහත්තුරු වෙනුවෙන් සංග්‍රහයක්‌ තියන්නත් එපැයි. මොකද එයාලා එන්නෙත් අපේ ළමයි වෙනුවෙන්නෙ. මේ ගැන බලාගන්න සර්ලා හතර පස් දෙනෙකුයි ටීචස්ලා දෙන්නෙකුයි ඕනී මට. ම් කව්ද ගන්නෙ…… ම් අමාලි ටීච පුළුවන්ද ඔබ තුමියට “

” පුළුවන් සර් “

අල්ලපු පන්තියේ මිස්ටත් ආයේ දෙයක් නෑ වගේ කට පුරාම හිනා වෙලා පුළුවන් සර් ගෑවා. ඊට පස්සේ ලොකු සර්ගේ ඇස් මගෙ දිහාට ආවත් මන් ඉක්මනට බිම බලාගත්තේ මටවත් සංග්‍රහ කමිටුවට යන්න කියයි කියලා.

” විරාජ් සර් අකිල සර් බණ්ඩාර සර් තුන් දෙනාමත් එන්න. නිතාලි මිසුත් එන්න ම් හරි ඔයගොල්ලෝ එකතු වෙලා පිළි වෙලක් කරන්නකෝ. හත් අට දෙනෙක් තමයි එනවා කිව්වේ “

දෙයියනේ කියලා කිව්වා නේද මගෙ නමත්. දැන් ඉතින් මොනා කරන්නද බෑ කියන්න බෑනේ ඉතින්. දහයට පටන් ගෙන එයාලා දොළහට ඉවර කරනවලු.

එකොළහාමාරට දෙන තේ වෙලාවට අපි ලෑස්ති කර ගත්තේ බිත්තර පැටිසුයි චොකලට් කෙක් එකයි කිරි කෝප්පයයි ආනමාලු ලොකු කෙසෙල් ඇවරි තුනකුයි ලොකු කැටන් කපාපු පුහුල් දෝසියි. මහා ලොකුවට ඕන්නෑ මේ ටික හොදටෝම ඇති. හත් අට දෙනෙක් එනවා කිව්වට මොකද අපි පහළවකට හරි ගැස්සුවා. අපි හය දෙනාම කෝකටත් කියලා කලින්ම කෙසෙල් ඇවරි ටිකයි පුහුල් දෝසි ටිකයි කලින්ම මේසෙට අරන් ගියා. බිත්තර පැටිස් දාසය නම් උණු පිටම කඩේ නැන්දා එකොළහයි විස්ස වෙද්දී ගෙනත් දෙන්නම් කිව්වේ. ලොකු සර්ගේ ක්වාටස් එකට ගිහිල්ලා එයාගේ නෝනා හාමිනේටත් කිව්වා කිරි ටික උණු වතුර බෝතල් දෙකකට දාලා එකොළහ වෙද්දී එවන්න කියලා. අපි කෝප්ප පහළවයි බන්දේසි තැටි දෙකයි ඇරගෙන ගියා මේසේ ළගට. දැන් හරි බය වෙන්න දෙයක් නෑ. දහය වෙන්න තව විනාඩි හතළිහක්ම තියෙනවා.

” පොඩි ළමයි ඉස්සරහ පෝලිම් වලට එන්න. කෝ කෝ අපිට වැඩි වෙලාවක් නෑ. “

බණ්ඩාර සර් ගිරිය පලාගෙන කෑ ගගහා ළමයි ටිකව වාඩි කරවද්දී මායි තව සර් කෙනෙකුයි පැත්තකට වෙලා හිටගෙන හිටියා.

” ආන් බන් එයාලා එනවා. අපිත් ඉක්මනට ගිහිල්ලා වාඩි වෙමු සර්. අපිට කලින්ම නැගිටලා යන්නත් එපැයි “

පොලිස් ජිප් දෙකක්ම ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට දාද්දි මායි සරුයි ගියෙ ඇතුළේ වාඩි වෙන්න. මන් හිටියෙ හතර වෙනි පේළියෙ තිබ්බ ගුරු පුටුවේ. ළමයි කයිය ගහන නිසා ගුරුවරුත් තැනින් තැනට තමයි දාලා ඉන්නෙ. එනවැයි කියපු මහත්තරු හත් අට දෙනාම වේදිකාවේ පුටු වලින් වාඩි වෙද්දී ඒ අතරින් මන් දැක්කේ නිලූෂ වගේ කෙනෙක්. එයා කොහොමත් මේ වැඩ වලට සම්බන්ද වෙන්නැති නිසා මන් ආයේ වෙන පැත්තක් බැලුවා. එක වගේම අය ඉතින් කී දෙනෙක් කියලා ඉන්නවද හැබෑට.

” සියලුම දයාබර ගුරු භවතුන්ටත් ගව්රවණීය ස්වාමින් වන්සේටත් මගෙ දයාබර දූ පුතුන්ටත් සුභම සුභ උදෑසනක් වේවා. අද අපි ඔයාලා වෙනුවෙන්ම විශේෂ වැඩසටහනක් කරනවා. “

” ඒ බලපන්කෝ බන් අර ලා නිල් පාට කමිසේ. එයා නම් කොල්ලෙක් බන්. ම්… හරි ලස්සනයි “

” සුද්දෙක් වගේ බන් එයා. මන් එද්දි දැක්කානෙ. පොලිස් එක්කෙනෙක් කියලා හිතා ගන්නත් බෑනෙ

” අලුත් අය වෙන්නැති බන් තව කොල්ලෝ දෙන්නෙක්ම හිටියා. අර සුදු එක්කෙනා නම් නියමයි…… “

මෙච්චර වෙලා ජනේලෙන් එළිය බලාගෙන කල්පනාවක හිටපු මන් මගෙ ළග හිටපු ගෑන් ළමයි ටිකකට රවලා බැලුවට පස්සේ තමයි උන් කටවල් ටික පියන් හිටියේ. අප්පෝ මයෙ නිලූෂ මේ ඉස්කෝලෙට ආවා නම් මුන් ටික එයාව දැකලා à·„à·– තියයි. මන් ආයේ බැලුවේ මෙයාලත් කතා වුණු ඒ ලා නිල් පාට කමිසේ දිහා. මයෙ මහත්තයා වගේමායි. කන්නාඩි කුට්ට… නෑ දෙයියෝ නෑ…. ඒ මයෙ එකා තමයි. මගෙ ඇස් ගෙඩි දෙකත් එයාව දැකලා දොඹ ගෙඩි සයිස් වෙන්නැති.

” මීළගට අපෙ වැඩසටහනේ මුල් ආරම්බය ගන්න නිලූෂ මහත්තයට මන් ආරාධනා කරනවා “

එහෙම කිව්ව‍ හැටියේ එයා ඉස්සරහටම එද්දියි මන් එයාව දැක්කේ. මගෙ දෙයියනේ එයා මට මේ ගැන මොකවත්ම කිව්වේ නැති හැටියක්. ගෙදර යන්කො මහත්තයාව මන් බෙල්ලෙන්ම අල්ල ගන්න.

” ආදරණීය දුවා දරුවනේ මන් ඔයාලට මුලින්ම කියලා දෙන්නම් දැනට අපෙ දරුවන් අතර වැඩි පුරම පැතිරිලා තියෙන මත් ද්‍රව්‍ය වර්ග…………………….
……………………………………………………………………………………………….  “

එයා ගැඹුරු කටහඩින් ඇවිද ඇවිද ළමයින්ට මත් ද්‍රව්‍ය ගැන කියලා දෙනවා. ඒ කියවන ගමන් විටෙන් විටේ ඒ ඇස් මගෙ දිහාට යොමු වෙද්දී මට අමුතුම සතුටක් දැනුනත් මන් ඔරවලා අහක බලා ගත්තා . එයා නම් මාව කලින්ම දැකලා වගේ. මයෙ මහත්තයා හරි ලස්සනට කතා කරනවනේ. අහගෙන ඉන්න ආසා හිතෙනවා.

හරියටම එකොළහ වෙද්දී අපි ටික දෙනා එතැනින් නැගිටලා යද්දිත් මගෙ දිහාට බැල්මක් දීපූ එයා ආයේ ඉස්සරහ බලා ගත්තා.

” හරි නේද ඔක්කොම ටික “

” හරි හරි පැටිස් ටිකත් හරි කිරි බෝතල් දෙකත් හරි. තාම එකොළහමාර වෙලා නෑ නෙ. “

ලොකු සර් එක්කලාම ඒ හත් අට දෙනාම එද්දි අපි පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා.

” එන්න සර් ඇවිල්ලා ඉද ගන්න. අපෙ ගුරුවරු ඉතින් සර්ලට පොඩි තේ වේලක් ඕන් හරි ගැස්සුවා. මහන්සිත් ඇතිනෙ “

ලොකු සර් එයාලට කතා කර කර වාඩි වෙන තැන් පෙන්නද්දී මායි තව මිස් කෙනෙකුයි කෝප්ප වලට කිරි වක් කරන්න ගත්තා. නිලූෂගෙ ළගට ගියපු මන් නම් කාටවත් පේන්නැති වෙන්නම ඒ දිලිහි දිලිහි තියෙන සපත්තුව පෑගුවා වෙද්දී එයා කලබලෙන් බැලුවේ වටපිට .

” ඇති ඇති සර්…. “

” අහ් සමාවෙන්න නිලූ…. නිලූෂ සර් “

තව පොඩ්ඩෙන් එයා දිහා බලන් ඉදලා කිරි ටික කෝප්පෙන් පිටත් පනිනවා. ගෙදර කතා කරනවා වගේ පුරුද්දට නම කියන්න ගියත් පස්සේ තමයි මට මතක් වුණේ.

” ආ…. දැන් තමයි මේ මට මතක් වුණේ සර් කවුද කියලා. මාත් මේ බැලුවේ ඔබ තුමාව මන් කොහේ හරි දැකලා තියෙනවා කියලා. බැලින්නම් ඔබතුමා මේ අපේ විරාජ් සර්ගෙ මල්ලිනෙ නේද”

            

පැටියත් එක්ක ඉස්කෝලෙත් ඉවර වෙලා ගෙදර එද්දි නිලූෂ නෙවෙයි ගෙදර හිටියේ. එයාට තුනේ ඉදලා පහ වෙනකම්ම දේශනේ තියෙනවා කිව්ව නිසා එයාවත් එහෙන්ම අරගෙනම වලව්වට ගියා නම් හරි.

” කෝ පැටියෝ පූස් පැටියා. එයාවත් අරගෙනම යන් සීයා බලන්න. නැත්තම් එයාට මෙහෙ තනීනේ….. “

” එලා අපෙ කාමලේ අප්පත්ති දෝ ගෙන ඉන්තෙ අල “

පැටියටත් බත් කවලා මන් අපි තුන් දෙනාගෙම ඇදුම් ටිකකුත් දා ගත්තා වාහනේට. ඊටපස්සේ නිලූෂගෙ අව්වට වේලෙන්න දාපු රෙදි ටිකත් අරගෙනම පහ වෙන්න කලින්ම ගියෙ කැම්පස් එක ළගට. මට කියන්නවත් බැරි වුණු නිසා කොල්ලව මග ඇරෙයිද මන්දා

” කෝ අප්පත්ති තාම නා නෙ තූති අප්පත්ති. එලා ගියාත දන්නා නේත අප්පත්ති “

” අපි ටිකක් වෙලා තව බලමුකෝ. “

වාහනේ පැත්තකින් නතර කරපු මන් පැටියවත් ඇරගෙන ගේට්ටුව ළගට ගිහිල්ලා බලාගෙන හිටියා වෙද්දී මන් දැක්කා ඈතින් මේ පැත්තට එන එයාව.

” ආ…. තූ ති අප්පත්ති……. තූ ති අප්පත්ති…… “

මගෙ අතත් අත ඇරපු පොඩි පැටියා කෑ ගහගෙනම ගේට්ටුවෙනුත් ඇතුළට ගිහිල්ලා එක පාරටම නිලූෂගෙ කකුල බදා ගත්ත පාර ඒ ළග පාත හිටපු ගොඩක් ළමයි නිලූෂ දිහා බලන් හිටියා. නුරාද බදා ගත්ත පාර නිලූෂ  ඈත හිටපු මගෙ දිහාට බැල්මකුත් දාලා පැටියවත් වඩා ගෙන දෙන්නා එක්ක මොන මොනාදෝ දොඩව දොඩව මගෙ ළගට ආවා.

” පැටියා කොහොමද ඇතුළට ආවේ මෙහෙම තනියම “

” ඔයාව දැකපු හැටියේ තමයි මෙයා දුවගෙන ආවේ. මේ වලව්වට යමුද අප්පච්චි එක්ක මට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා “

වාහනේට නැගපු මන් ඒ දෙන්නත් ඉද ගද්දි වාහනේ පාරට දාලා වලව්වට එන්න ආවා.

” ඇයි මට ඉස්කෝලේ එනවා කියලා කිව්වෙ වත් නැත්තේ ආ….  බලන්න මන් දන්නෙත් නෑ ඒ ඔයාද හිටියෙ කියලා. ඔයා කතා කරද්දියි දැන ගත්තේ ඒ ඉන්නෙ ඔයා කියලා “

“  මයෙ හාමු මහත්තයව පුදුම කරන්න තමයි එහෙම කරේ ඉතින්. මොනා නැතත් මගෙ හාමු මට වක් කරලා දීපු කිරි එක රසයි. බිත්තර පැටිස් එකත් ගොඩක් රසයි “

යැයි යැයි තමයි. ඒ දෙකම හරියට මන් හැදුවා වගේනේ කියන්නේ මෙයා.

” ආ මේ ගොයියත් දා ගත්තද හාමු “

” ඒකනේ තූති අප්පත්තියේ අපේ අප්පත්ති මෙලාවත් දා ගෙන අයියූ මන්දා. පූතා කාද කලයිත දන්තා මත “

” අප්පෝ ඔව් ඔව්  පූසා පැටියා හරීයට මගෙ පුතාට කාද කරනවනෙ නේද ම් “

             💥💥💥💥💥💥💥💥

” දිනුලත් ඇවිල්ලා වගේ. ඈ අර නම් අපෙ අයියගේ වාහනේ නේද ඈ නිලූෂ “

” ලොකු බේබී රට ඉදලා අම්මා බලන්න එන්න ඇති හාමු. කොහොමත් ලොකු හාමු පණිවිඩයක් අරින්න ඇති නෙ “

වාහනේ නතර කරපු හැටියේ එළියට ආවේ රාහුල්. කොල්ලා මගෙ අතේ එල්ලිලා හිටපු නුරාද ළගට ඇවිල්ලා ඔලුවත් උඩට කරන් මගෙ දිහා බලන් ඉදලා ආයේ නුරාද දිහා බැලුවා.

” තෙල්ලම් කලමුද “

” හලි අපි දෙන්තා යමු ඔන්තිලි පදින්ත “

” ම් ගිහිල්ලා එහෙනම් සෙල්ලම් කරන්නකෝ “

ඒ පුංචි කම්මුලට හාද්දක් තියාපු මන් මයෙ හාමු එක්ක ඇතුළට යන්න හදද්දී ආවේ දෙනුවන්.

” චූටි බාප්පි….. ආ කොහෙන්ද මේ පූස් පැටියා “

එහෙම අහපු දෙනුවන් බේබී පූස් පැටියව වඩා ගත්තා වෙද්දී මන් බැලුවේ ඔන්චිලි පදින පැටව් දෙන්නව.

” පුතා කවද්ද ළමයෝ ආවේ “

” ඊයේ රෑ ආවේ බාප්පි. අප්පච්චියි නංගියි රට ඉදලා ආවා කිරි අම්මව බලන්න කියලා. මාත් එයාල එක්ක ආවා “

දෙනුවන්ගෙ කර වටේට අතකුත් දා ගෙනම මයෙ හාමු බේබී වලව්ව ඇතුළට යද්දි දිනුල මහත්තයා ලොකු හාමු එක්කලා කතාවක හිටියා.

” පොඩි….. ඕන් අයියත් ආවා. අයියයි දෙව්මියි නම් ගියා ඉස්පිරිතාලේ පුතා “

” පුතා කිව්ව අප්පච්චි මට.  අම්මත් අයියා ගැන අහ අහනෙ හිටියෙ. ”

” මන් කලින්ම ලොකුට පණිවිඩයක් ඇරියා අම්මව බලලා යන්න එන්න කියලා “

ලොකු හාමු මගෙ දිහාට බැල්මක් දාලා ආයේ හාමු දිහා බැලුවේ ලොකු හුස්මකුත් පාත දාලා.  මොනා කරන්නද ඉතින් ලොකු හාමු මට අකමැති වුණා කියලා මට බෑ නෙ ලොකු හාමුගේ පොඩි පුතණ්ඩිගෙන් දුරස් වෙලා ඉන්න.

” අප්පච්චි මේ දිනුලට ටික කාලෙකට හරි මෙහෙ ඉන්න පුළුවන් වෙයිද. එයාට පොඩි ප්‍රශ්නයක් වුණා “

” මාත් එක්ක දැන් මේ ළමයා කතා කර කර හිටියෙත් ඒක ගැන තමයි. ටිකක් කල් නෙවෙයි ඉතින් මේ වලව්වේම මේ දෙන්නට ඉන්න පුළුවන් ඉතින්. මේ වලව්වේ උබලා ඇර වෙන කවුරු ඉන්නද ඉතින්. මාත් මේ වලව්වේ තනියම ඉන්නවට වඩා හොදයි නෙ උබලා මොකෙක් හරි එක්කලා ඉන්න එක “

අප්පච්චිත් අම්මා ඉස්පිරිතාලේ ඉන්න කාලේ කොච්චරවත් කිය කියා හිටියේ මට නිලූෂ එක්ක මේ වලව්වට එන්න කියලා. නැත්තම් මිනිස්සු කවුරුත් නැතුවම මේ වලව්ව පාළුවට යනවා කියලා කිව්වෙ.  හැබැයි වෙද රාළ මහත්තයත් අප්පච්චිට කියලා කොහොම හරි ළමයි ටිකවත් වලව්වට ආයේ ගෙන්න ගන්න කියලා.  නැත්තම් මේ මුළු වලව් ඉඩමේ හතර කොන් ටිකම පාලු වෙලා යයි කිව්වලු. ඇත්ත තමයි ඉතින් ඕනීම තැනක මිනිස් වාසයක් නැත්තම් ඒවා පාලු වෙලා පොළවට දිරා පත් වෙනවා නෙ කොහොමත් . අප්පච්චිත් එයාගේ වලව්ව ගැන හිතලා හිතලාමද කොහෙදෝ දිනුලටත් මෙහෙ නවතින්න කියලා කිව්වේ.

” පුතා උබ එහෙනම් නිවාඩු දවසක් අරන් මේ වලව්වට බඩු ටික දා ගනින්කෝ. වහලා දාලා තියෙන හිස් කාමර පහ හයක්ම තියෙන්නේ ඔය. කැමති එකක් අපෙ කොල්ලා එක්කලා තෝරලා බලලා ගනින්. කොහෙද ඉතින් මන් අපෙ පොඩීටත් එන්න කිව්වා අම්මත් නැති එකේ වලව්වට. එන්නෙ නෑ නෙ ඉතින් “

ලොකු හාමු එයාගේ පොඩි දිහා බලලා එහෙම කියද්දී එයා මගෙ දිහාට බැල්මක් දාලා බිම බලා ගත්තා.  බේබියි දිනුල මහත්තයයි ලොකු හාමුයි කතා කර කර ඉද්දි මන් ආවේ එළියේ ඉස්තෝප්පුවට.

” ඉස්කෝලේ නැද්ද මේ දවස් වල “

” තියෙනවා අයියේ. මන් අප්පච්චි එක්කලා ආවා ඉතින්. අනිද්දා මන් බස් එකේම යනවා කොළඹ . පන්තිත් තියෙනවනෙ “

කොල්ලා තාමත් පූස් පැටියා වඩා ගෙන හුරතල් කරනවා.

” නුරාදට කතා කරන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක් අයියේ . පොඩි එකා මා එක්ක හෝ ගාලා කයිය ඉස්සෙල්ලා. කොහෙද ඉතින් අර පොඩි ඇටයා නුරාදව ඇදගෙන ගියානේ සෙල්ලම් කරන්න ඕනී කියලා “

රාහුල් එයා නම් හිතන් ඉන්නෙ මයෙ පුංචි එකා උගෙ සෙල්ලම් බඩුවක් කියලා වෙන්නැති. මටත් ඕකා එද්දි එනවා පොඩි කේන්තියක් හැබෑට

” නිර්මාල්ව හම්බුන් නැද්ද “

” අපි එද්දි ඊයේ හවස චූටි අයියා මෙහෙ තමයි හිටියෙ ඉතින් “

එහෙනම් ඉතින් මුටත් ඊයේ අවුරුදු වගේ තියෙන්න ඇති. මටත් මයෙ ඇස් ඉස්සරහ මගෙ හාමු මහත්තයයි පැටියයි ඉන්නවා නම් ආයේ ඊට වඩා දෙයක් නෑ.

” තූති අප්පත්ති මේ කාලා බාන්නකූ මන් පාප්පු හදුවා අලේ “

මන් පැටියා ළගට යද්දි කොල්ලා පොල් කට්ටක තිබ්බ වැලි කූරු ගානවා.

” ම් පැටියා හදන පරිප්පු තමයි රසම. තව ටිකක් ලොකු වුනාම චූටි අප්පච්චිට මයෙ පැටියම හදලා දෙන්නකෝ පරිප්පු “

” හලි අලේ මන් පාප්පු සසට හදලා දෙන්තම් මලේ තූති අප්පත්තිත”

මන් පැටියව හුරතල් කර කර ඉද්දි රාහුල් නම් මූණත් ඇඹුල් කරගෙන අපි දිහා බලන් ඉද්දි මන් තව ටිකක් ඒ ළමයට පේන්න මයෙ පැටියාගේ මූණ ඉඹගෙන ඉඹගෙන ගියා.

” නිලූ… à·‚ දරුවෝ දෙන්නා එක්ක එන්න තේ බොන්න “

මගෙ හාමු ඉස්තෝප්පුවේ ඉදලා බෙරිහන් දෙද්දී තමයි මන් පැටියව බිමින් තියෙලා පැටියගේ අවුල් වෙලා තියෙන කොන්ඩේ හරි ගැස්සුවේ.

” සාහුල් යන් කිලි බොන්ත “

” ආ… “

රාහුල් ළගට ගියපු නුරාද එයාගේ අතින් අල්ලගෙන මයෙ ළගට එද්දි මේන් මේ පොඩි ඇටයා මට ඔරවනවා දා ගෙන . මූට පොඩි කාලේ ඉදලම ඉරිසියාව දෝරෙ ගලනවද කොහෙදෝ .

කමනි නැන්දා කිරි වක් කරන කම් හාමුයි මායි ආවේ හාමුගේ කාමරේට වෙද්දී ඒක දූවිල්ලක් වත් නැති වෙන්න හරි ලස්සනට පිරිසිදුව ඒ කාමරේ තිබ්බා.

” මන් හරි ආසයි ක්වාටස් එකේ ඉන්න. හරිම නිදහස් වගේ දැනෙනවා එහෙදි මයෙ නිලූෂ “

හාමු ඒ ජනේලෙන් එළිය බලාගෙන ඉද්දි මන් පිටිපස්සේ ඉදන් ඒ බද වටේ අත් දාගෙන මයෙ හාමුව මගෙ ඇගට තදේට තුරුල් කරන් මයෙ නිකට ඒ උරහිසේ තීයා ගත්තා.

” මගෙ හාමු කැමති කාලයක් ඉමු. කැමති නම් ආයෙමත් මයෙ හාමු මහත්තයගෙ මේ වීරන්කෙඩුව වලව්වටම එමු. මයෙ නම් කිසිම අකමැත්තක් නෑ. හැබැයි මන් ඉන්නෙ මයෙ පැටියයි හාමුයි ඉන්න තැන විතරමයි. තැන් දෙකක නම් ආයෙමත් මට‍ නම් ඉන්න බෑ “

” මටත් එහෙම තමයි. මට විතරක් නෙවෙයි පැටියටත්. පේන්නෑ…  දැන් මටත් වඩා පැටියට ලොකු එයාගේ චූටි අප්පච්චිව. ඉතින් කොහොමද අපි දෙන්නා මේ චූටි අප්පච්චිව නැතිව ඉන්නෙ ම්…. “

මන් ඒ හැඩි දැඩි සිරුර තව ටිකක් බදා ගෙන ඒ බෙල්ලට හාදු තිබ්බා. මයෙ ආදරණිය හාමු මහත්තයා.

” නිලූෂ…. “

” ම් මොකෝ “

” මයෙ නිලූෂට අවුල්ද දිනුල මෙහෙ ඉන්න එක ගැන ම්. ඔයාට අවුල් නම් කියන්න හාද. එයා මෙහෙ ඉන්නවා නම් මන් මෙහෙට ආයේ එන්නෙ නෑ… ක්වාටස් එකේම ඉන්නවා. මොකටද ආයේ හිත් වල අමනාප කම් තීයා ගන්නෙ “

එහෙම කියලා හාමු මහත්තයා මගෙ පැත්තට හැරෙද්දී මන් බැලුවේ ඒ ඇස් දිහා.

” මට නම් අවුලක් නෑ දිනුල මහත්තයා මේ වලව්වේ ඉන්න එක ගැන. හැබැයි ඉතින් මන් කැමති නෑ පිටස්තර වෙන කවුරුවත් මගෙ හාමු මහත්තයාගෙ ඇග පත අත ගාන්න එනවට. මොකද ඒක අත ගාන්න මගෙ හාමුගේ සැමියා ඉන්නවනෙ නේද “

කොච්චර වුණත් මගෙ හාමු සහෝදර බැදීමක් කියලා කිව්ව වුණත් ඒ පිරිමි හිත කොහොම තේරුම් ගන්නද. මන් ගොඩ සැරයක් දැකලා තියෙනවා මයෙ හාමුව දකිද්දී ඒ ඇස් වල දිලිහෙන දිලිසිල්ල.

” ඒ මගෙ හොදම යාලුවා නිලූෂ “

” යාලුවා විතරක් නෙවෙයි එකම සහෝදරයා. කැම්පස් කාලේ ඉදලා අමුඩෙයි පුකයි වගේ දෙන්නට දෙන්නා නැතුවම බැරි හොදම යාලුවෝ දෙන්නනෙ නේද ම්…… මන් නිකන් කිව්වේ. ඔය මූණ එල්ල ගන්න එපා හාමු……. හරි කැතයි “

එයාගේ මූණ ටික ටික කළු වීගෙන එද්දි එහෙන්ම කතාව වෙනස් කරපු මන් හිනා වෙවී මගෙ හාමු මහත්තයට කිති කැව්වා. 

” ඒයි ඒයි ගන්න ගන්න අත. දැන් බෑ  ඌයි දෙයියෝ…. “

” චුට්ටක් ඉතින් “

” දොරවත් ලොක් කරලා නෑ මනුස්සයෝ. කවුරු හරි ආවා නම් එහෙම “

එයා එහෙම කිව්ව විතරයි මෙච්චර වෙලා එයාගේ කලිසම අස්සෙ තිබ්බ මගෙ අත ඇරගෙන ගියෙ දොර ලොක් කරන්න.

             💥💥💥💥💥💥💥

ගිහිල්ල එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලාට 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හතලිස්නමවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 50