À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා

A+ A-

අද නම් මන් ඉස්කෝලේ ගියේ නෑ. ඒ වෙනුවට මට යන්න වෙලා තියෙන්නේ පැටියගේ පෙර පාසලට. එයාලගේ අද සිගිති පොළක් තියෙනවා පෙර පාසල ඉස්සරහම.

” අයියූ… තූති අප්පත්ති සාම වතුනුත් කත්තිය මත à·„à·– කියයි අලේ…. “

” නෑ නෑ මේ චූටි ඉන පටිය හිර කලාම ආයේ මයෙ පුතාගේ සරම වැටෙන්නෑ. “

පැටියගේ පොඩි කලිසමට උඩින් නිලූෂ චූටි කොටු කොටු තියෙන දුඹුරු පාට සරමක් අන්දලා ඒකට උඩින් ඊයේ අලුතින් ගත්තු ඉන පටිය දැම්මා.

” ඈ තූති අප්පත්ති ඒත තුත්තක් හිලයි වදේ. මදේ මෙතන සිදෙනෝනේ අයියූ “

” ම් දැන් හරි නේද “

” ආ දන් හලි තූති අප්පත්ති “

නිලූෂ කළු කලිසමට ඇගටම තද වෙච්ච කළු අත් දිග කමිසයක් ඇදන් වැලමිට ළගින් නමා ගන්න විදිහ මන් හිටියෙ බලාගෙන. අපෙ අප්පච්චි අවුරුද්දට දීපු ඒක. ඒවුනාට ඒ කමිසේ පපුවේ භාගයක් වෙන්නම බොත්තම් නෑ. ඉතින් පපුවෙන් භාගයක් එළියේ . ඒක අලුතින්ම ආපු විලාසිතාවලු . මට තියෙන්නේ එකේම තද මෙරුම් පාට එක. ඒක ඇන්දම මගෙ මාලේ හරි ලස්සනට පපුව අස්සෙන් පේනවා. එදා ඒක ඇන්ද නිසා මන් සුදු පාට අත් දිග කමිසයක් ඇදලා ලා අළු පාට කලිසමක් දා ගෙන ගියේ කන්නාඩිය ඉස්සරහට. මයෙ නිලූෂ කලුම පොරවන් ඉද්දි මන් හිටියෙ සුදු පොරවන්.

” මයෙ හාමු මහත්තයගෙ හැඩ බලන්න එපැයි. සුවදයි. හතළිහයි කියලා හිතන්නත් බෑ “

” එහෙම තමයි ඉස්කෝල වල උගන්නන්න ගුරුවරු මැදි වයසට ආවා වුණත් තරුණයි වගේ තමයි පෙනුම. මන් ඒක ගොඩක් ගුරුවරුන්ගේ දැකලා තියෙනවා “

පිටිපස්සෙන් මාවත් බදා ගෙන හිටපු මයෙ නිලූෂට මන් එහෙම කියලා අනිත් පැත්ත හැරිලා එයාගේ තඹ පාට කොන්ඩෙත් මන් ජෙල් චුට්ටක් ගාලා කොන්ඩේ පිළි වෙලකට හැදුවේ එයාගේ ඇසුත් මයෙ මූණ පුරාම දුවද්දී.

” පුංචි මුදලාලි මහත්තයව ගෙනියන්න වෙලාව හරි දැන් චූටි අප්පච්චි “

” ඉන්න පොඩ්ඩක් ෆොටෝ ටිකක් ගහන්න “

පැටියා අපි වත් පහු කරන් කන්නාඩිය ඉස්සරහට වෙලා ඔලුව පීරලා මූණට පුයර ටික උල උලා හැඩ බලනවා. හොද වෙලාවට මයෙ නිලූෂට මතක් වුණේ ෆොටෝ ගහන්න.

” අප්පත්ති මදේ වලත් පතියා කු….. එලා නා නෙ අලේ….. “

” චූටි අප්පච්චියි මායි ඔක්කොම බඩු ටික දැම්මා වස්තු. මන් දොර ලොක් කරලා එනකම් නගින්න චූටි අප්පච්චි එක්ක “

කලූට තම්බපූ මාළු ඔලුත් එක්කලා බත් දාලා දොරවලුත් ලොක් කරලා නැග්ගේ වාහනේට. පොල් ගෙඩි ටිකකුයි ඇඹරැල්ලයි පේර ගෙඩියි ඊයේ හවස වලව්වෙන් ගිහිල්ලා ගෙනාවා. අද අප්පච්චි දෙනුවන් එක්කලා ඇවිල්ලා කමනි නැන්දා හදපු හැලප ටිකකුයි වන්ඩු ටිකකුයි දුන්නා නුරාදට විකුණන්න කියලා. ඒකත් හොදයි ඉතින්

” ඇත්තටම දැන් මුදලාලි කෙනෙක් වගේම තමයි අපෙ පැටියා නේද මයෙ හාමු…. “

ටීචලා දෙන්නා එක්කහු වෙලා මුදලාලිලා ටික ගේට්ටුව දිගේ ඉන්දවලා. එයාලගේ බඩුත් ඒ වටේට තියලා බඩු වල මිලත් ගහලා පොඩි පොඩි කාඩ්බෝඩ් කෑළි වල.

” ඒකනේ… කොල්ලට අමාරුයි වගේ ටිකක් “

” ඉන පටිය තාම පුරුදු නෑ නෙ “

මෙච්චර වෙලා රාහුල් ළග හිටපු දිනුවත් ආවේ අපෙ පැත්තට. මූණ නම් තාම දිනුවගේ අවුල් ටිකක්.

” කොහෙන්ද රාහුල්ට බඩු හොයා ගත්තෙ ඈ දිනුවෝ “

” ඇයි බන් අපෙ ගේ පිටිපස්සේ නාරං ගහක් තියෙන්නේ. ඒකෙන් කඩා ගත්තා බන්. මන් පාන්දර නැගිටලා කොල්ලට ලැවරි ටිකකුත් හදලා දුන්නා ඉතින් කොල්ලගේ මූණත් හරි නැති නිසා “

” දැන් ඔය ඉන්නෙ මුදලාලිලා දෙන්නා යසට කයිය ගගහා. අඩේ බන් ආන් දෙන්නා කනවද කොහෙදෝ හැලප “

මන් දිනුවගේ කරට අතකුත් දාගෙන එහෙම කියද්දියි දැක්කේ අපේකා රාහුල්ටත් හැලපයක් දීලා රාහුලගේ ලැවරි එකක් අරන් කනවා. ළගට ඇවිල්ලා ටීච මොනාදෝ මොනාදෝ කිව්වත් රාහුල් ඔලුව වනලා ආයේ හැලප එක කද්දී නුරාද ලැවරි එක කකා එහා පැත්තේ හිටපු ගෑන් ළමයගේ ගස්ලබු ගෙඩි දිහා බලන් ඉන්නවා.

” ඔලා මදෙන් ගන්තකු….. මේ මේ පෝ ගන්ත. ආ කු තල්ලි.. ආ හලි හලි “

” වදේ ගන්ත එපා අලේ මදේ හාප තීනෝ එලා ගන්තෝ….. එලා ගුදක් සසයි හලු… කාලා බාන්තකු…… ඈ… තල්ලි කු දන්… “

දෙයියනේ නුරාද අල්ලපු ළමයගේ බඩු ටික ගන්න ආපු මනුස්සයාගේ අතින් අල්ලන් හැලපයක් නේද අතේ තිබ්බේ. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා. දෙමව්පියෝ ටික පැත්තකින් පුටු වල වාඩි වෙලා ඉද්දි ළමයි එයාලට ඕනී ඕනී විදිහට එන එන අයට බඩු විකුනනවා.

” ළමයි කෝ රණ්ඩු වෙන්න එපා දනුත් මොකද ඔය ගහ ගන්නෙ. දෙනවා මන් දෙකක් “

ඒ අස්සේ ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි මරා ගන්නවා. මයෙ නිලූෂ හිනා වෙවී එයාගේ කැමරාවෙන් ෆොටෝ ගද්දි මන් බැලුවේ මට එහා පැත්තේ ඉදන් ඔහේ කල්පනා කර කර ඉන්න දිනුවා දිහා.

” ආන් රාහු නාරං විකුණනවා “

” අඩේ බන් ආයේ අන්දපු සරම කඩා ගෙන නේද පැටියා “

ඇත්තනේන්නම් රාහුල්ගේ සරම නෑ. පුංචි කලිසම් කොටේ විතරයි. ඒත් කොල්ලට ගානක් නෑ.

” ඔය කමක් නෑ බන් පොඩි උන් නේ “

අපේ කොල්ලගේ සල්ලි පස් එක පිරෙන්නම සල්ලි. ඒකත් එයාගේ චූටි අප්පච්චි පැටියට හොරෙන් ඒකට සල්ලි දාපු නිසා. සිගිති පොළේ වැඩිම සල්ලියක් හොයාගෙන හොදම මුදලාලිට හිමි තෑග්ග ගත්තෙ රාහුල්. දිනුලගෙ ලැවරියයි නාරං ටිකයි නිසා තමයි ඉතින්.

” සාහුල්ත මොලාද අප්පත්ති ඒ දීලා තියෙන්තේ “

” තෑගි පෙට්ටිය ඇතුළේ තියෙන දේවල් මොනාද කියලා අප්පච්චි දන්නෑ නේ රත්තරන් “

නිලූෂ කොල්ලට එලපු පැදුරත් අරන් වාහනේට එද්දි මන් පුංචි මුදලාලිගේ අතිනුත් අල්ලන් බඩු ටිකත් වාහනේට දාලා ගියේ දිනුලටත් කතා කරන්න.

” දෙන්නා මොකද ඔහොම ඉන්නෙ ලැජ්ජා නැද්ද. ඔහොම ඉදලා තමයි පුතණ්ඩියත් චූටි අප්පච්චි වගේම වෙන්නේ “

” අයියෝ හාමු කෑ ගහන්න එපා නේ. මේක පිට ගෙදරක්‌ ඈ . අපේ ගෙදර අපි හෙළුවෙන් හිටියත් මොකද වෙන්නේ. මේ දාඩියේ මැරෙනවට වඩා හොදයි එහෙම ඉන්න එක “

” ගෙදරට මනුස්සයෙක් ආවාදෙන්කෝ. මන් එතැනදිම තමුසෙට දෙන්නම් පාර. ඇයි යකෝ “

ඕනී දෙයක් කර ගත්තෙන් කියලා මන් ආවේ අපේ කාමරේ අල්මාරියට හෝදපු රෙදි ඔබන්න. මේවා නව නව ඉන්න බෑ අප්පා. හොද චූටි අප්පච්චියි පුතයි. දෙන්නම එකයි. හිච්චි කොට යට කලිසම් දෙකක් ඇදගෙන කකුලුත් උඩ දාන් දෙන්නම කැමරාවෙන් අද ගත්තා ෆොටෝ බලනවා . මහ උන්දෑ දැන ගන්න ඕනී එක්කෝ පොඩ්ඩක් පිළි වෙලකට ඉන්න.

” ඒයි මොකද ඔය ඔහොම රෙදි ඔබන්නෑ…. ආ කමක් නෑ කමක් නෑ දෙන්නකෝ මන් නවන්නම් ඔයා දාන්න “

ආයේ මයෙ කොල්ලා රෙදි ටිකත් ඇදට දාලා උඩ ගහපු රෙදි ටිකත් ඇදට දාද්දි තමයි මයෙ සියොලගම වෙව්ලලා ගියේ. මයෙ දෙයියනේ නිකමට තඩියව බලන්න හරි ගත්තොත්.

” අහ් මොකද මේ “

” ඔහොම ඉද්දි මට පිස්සු වගේනේ “

මන් තව තවත් ඒ ඇගට තද වෙලා එක අතක් කර වටේ අනිත් අතින් කන්නාඩිය ගලවලා පැත්තකින් තියද්දි එයාගේ අතුත් මයෙ ඉන වටේ පැටලෙද්දී මයෙ හිනාව මන් තද කරගෙනම ඒ තොල් වලට පාත් වුණා.

” රෑට කරමු මයෙ හාමු. පැටියවත් ආවොත් “

” අනේ මිනිහෝ ගොන් කතා කියන්න එපා. චුට්ටක් ඉතින් මෙහෙම ඉමු වස්තු… ඒකනේ ඉතින් මේ ශිට් තියෙන්නේ “

ඊට පස්සේ ආයේ රෙදි ගන්න කියලා උඩ කොටසට අත තිබ්බොත් . ඇසුත් හීනි කරන් එයා මන් දිහාම බලන් ඉද්දි මන් අපි දෙන්නවම වැහෙන්න ශිට් එකත් දාලා එයාගේ දිලිසි දිලිසි තියෙන උගුර දණ්ඩ දිහාට පාත් වුණා.

මන් ඇස් පියාගෙනම ඒ නිලූෂගේ බෙල්ලේ අස්සේ මූණ ඔබන් හිටියෙ එයාගේ ඉන වටේට කකුලකුත් දාගෙන.

” හා මූ…. පැටියා එනවා. ඔහොන්ම නිදි වගේ ඉන්න “

” හරි à·„ රි “

මට දැනුනා නුරාද ඇද උඩට නැගලා අපේ පැත්තට එනවා. මන් තාම හිටියෙ නිලූෂගේ අස්සේ මූණ ඔබන්.

” පැටියෝ නිදි මතද ආ…. “

” ඕනේ තූති අප්පත්ති. කු අලේ අප්පත්ති තුත්තක් එලාත වෙන්ත මත ඔලා ලද බයි ගන්ත ඕලි “

” අප්පච්චිට කරදර කරන්න එපා පැටියෝ.. කෝ මයෙ හොද පුතානේ බිත්තියේ අයිනට එන්න. චූටි අප්පච්චිත් ඉන්නවනේ ඉතින් “

” ඒම කෝමත අප්පත්ති ඕලි මත. ඔලත් ඕලි “

මේ කොල්ලා එක බෑ දැන් නම් නින්දෙන් වගේ සැර කරන්න ඕනී.

” මොකාද ඔය කෑ ගහන්නේ ආ…… නැගිට්ටෝත් මන් දෙන්නේ පස්ස පුපුරන්න හොද පාරක් කෑ ගහපු එකාට “

අප්පේ දැන් නම් මීක් නෑ. මන් ඇස් අරින්නැතුව නිලූෂගේ අස්සේ ඉදලම කෑ ගැහැව්ව පාර නිලූෂ හිතලමද කොහෙදෝ එක පාරටම මට හික් ගෑවෙන්නම මයෙ බෙල්ල හැපුවා .

” පැටියෝ ඉඩ තියෙනවා නේද “

” ඕ… ඔලා මදේ පත්ත හලෙන්තකු තූති අප්පත්ති “

පැටියා එහෙම කියද්දියි මන් පොඩ්ඩක් ඔලුව මෙහාට්ට කරලා මයෙ නිලූෂගේ මූණ බැලුවේ. ඒ අඩවන් වෙච්ච ඇසුත් ඉදලා තියෙන්නේ මන් දිහා බලාගෙන.

” හා මූ…… “

” ඇයි තව පාරක් කරන්න ඕනිද “

” නෑ නෑ ඊට පස්සේ දරුවත් නැගිටියි “

මන් ආයේ ටිකක් තුරුල් වෙලා මයෙ නිලූෂගේ මූණ දිහා බලද්දී එයා මයෙ හිස් මුදුනට දුන්නේ හාද්දක්.

” සතුටු වුනාද “

” ම් ගොඩක්. ඒත් හාමු මන් දන්නවා “

” මොකක්ද “

මොනාද මේ මයෙ කොල්ලා දැන් කන අස්සේ මුමුණන්නේ.

” මයෙ හාමු මහත්තයා අතින් මයෙ දින පොතේ පිටුවක් ඉරුනා නේද ම්….. මන් උඩ තට්ටුවට අත තියද්දි දැක්කා මයෙ හාමු මහත්තයාගේ ඇස් ගැස්සෙන විදිහ “

එයා මයෙ කොන්ඩේ කෑල්ලකුත් කන අස්සට දාලා මයෙ ඇස් දිහාටම එබිලා මුමුනද්දී මට ගිලුනේ ලොකු කෙළ තලියක්. කෙනෙක්ගේ දින පොතක් හොරෙන් කියවනවා කියන්නේ කොච්චර කැත වැඩක්ද. මන් ඒක දන්නවා වුණත් මට පුදූම උණක් තිබ්බේ මගෙ මිනිහගේ තඩියා බලන්න.

” ම් ම න් නිලූ à·‚ මේ….. මට සමාවෙන්.. “

” සමාව…… සමාව ඉල්ලපුහාම හරිද “

මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු මන් ආයේමත් පාරක් මයෙ නිලූෂ දිහා බැලුවේ එයාට හොදටම කේන්ති ගිහිල්ලා ඇතියි කියලා හිතන්. ඒවුනාත් එයාගේ මූණේ හීන් හිනාවක්. තද විදිහට සමාව ඉල්ලපුවාම හරිද කියලා කිව්ව එයාගේ මූණේ දැන් තියෙන්නේ හිනාවක්.

” ඇයි ඔයා ඔහොම. මාව විහිළුවක් වගේද දැන් පේන්නෙ ඔයාට ආ නිලූෂ. බනිනව නම් බ… ම් න් “

මට අවසාන ටික පොඩ්ඩක් විතර හයියෙන් කියවෙද්දී එයාගේ අත ආවේ මයෙ කටට.

” හාමු මයෙ දින පොත කියෙව්වා කියලා මන් මොකටද බන් තරහ ගන්නෙ ම්. මයෙ හාමු මහත්තයා මගේනේ. ඉතින් මන් ආයේ මයෙ හාමු මහත්තයට මොනා හංගන්නද ම්…. මයෙ මහත්තයා ඉස්සරහදි කොහෙන්ද මට තවත් පෞද්ගලිකත්වයක්. කසාද බැදපු මනුස්සයා ඉස්සරහ නිරුවත් වෙන්න පුළුවන් නම් මෙතැන ගැහෙන එක නතර වෙනකම් එකට ඉන්න පොරුන්දු දී ගත්ත නම් කොටින්ම කිව්වොත් මන් මත්තෙම ඉන්න මයෙ පණ ළගදි මට කොහොමද පෞද්ගලිකත්වයක් තියෙන්න පුළුවන්. මට උබ. උබට මන්. ජිවිතේ අවසාන භාගයේ නැවතුම් පොළ ළගදි උබයි මමයි තනිවෙන දවසක් එනවා. එදාට ඉන්නෙ අපිට අපි දෙන්නා විතරනේ…….. එහෙව් එකේ මන් උබට කියලා මොනා හංගන්නද මයෙ හාමූ…. “

මන් නිහඩවම බලන් හිටියේ මයෙ නිලූෂ දිහා. ඒ ඇහුණු ඇහුණු හැම වචනයක් ගානේ මට දැනුනේ පුදුමාකාර හැගීමක්. මයෙ කටින් එක වචනයක් පිට නොවෙද්දී මන් ආයේ එහෙන්ම වාරු වුණේ එයාගේ ගැහෙන පපුවට. මයෙ නිලූෂගෙ දාඩිය පුසුඹ දැනෙද්දී මන් තව තවත් ඒ පපුවේ මූණ තද කරන් විද ගත්තෙ එයාගේ දාඩිය සුවද. එයාගේ හැඩි දැඩි අත් වලින් තව තවත් මාව තුරුල් කරගෙන මයෙ කන් පෙත්ත අස්සේ ආයේ ආයේ මුමුණනවා.

💥💥💥💥💥💥💥

ඇදෙන් නැගිට්ට මට හිනාවක් ගියේ අපේ චූටි ඇද දැක්කට පස්සේ. මයෙ පැටිය පුළුවන් තරම් බිත්තියේ අස්සට ගිහිල්ලා. ගොරව ගොරව ඉන්න මයෙ හාමු මහත්තයට එහා පැත්තේ ඇද අයිනේ හෝදපු රෙදි ටික. ඒකෙනුත් ටිකක් බිමත් වැටිලා.

ඒ රෙදි ගොඩෙන්ම තිබ්බ සරමකුත් ඇද ගත්ත මන් අත් දිග කමිසයකුත් ඇද ගත්තෙ මයෙ පපුවෙයි පිට පුරාවටමයි බතික් වෙලා තිබ්බ නිසා. අනික ඒවා දැක්කොත් අපේ පැටියට හීල්ලෙනවා එයාගේ චූටි අප්පච්චිගෙ කයියෝ කාලා තියෙන විදිහ දැකලා . ඊට පස්සේ කැරපොත්තෙත් දැක්කත් ඇති කොල්ලා කයියා කයියා ගගා හූ තියෙනවා අපේ කන් අඩි හිටන් පුපුරන්න. මන් කොච්චර පැටියට මාව කන්නේ එයාගේ අප්පච්චි කියලා කිව්වත් එයාගේ අප්පච්චි කියන්නේ කයියෝ කාලා කියලා වෙද්දී පැටියා ඒ වචන තමයි හිස් මුදුනින්ම පිළි ගන්නෙ. පස්සේ ඉතින් කූඹි ගුලක් දකින්න බෑ කැරපොත්තෙක් පේන්න බෑ පොඩි පොඩි සත්තු දකිද්දී කොල්ලට පිස්සු හැදෙනවා.

අද එද්දි ගත්තු කේක් ගෙඩියෙන් කෑල්ලකුත් කපා ගත්ත මන් එහෙන්ම ඒකත් කකා මට ඕනී කරන පත්තර වගේක තොරතුරු ටිකකුත් බල බල ඉදලා ගියේ ඇග පත හෝද ගන්න. අද හවසට තමයි අපිට වැඩ තියෙන්නේ.

” තව බත් ටිකක් ගේන්නද “

” එපා එපා අම්බෝ මේ ඉස්මුරුත්තාව වගේනේ හාමු “

මන් කමිසේ බෝත්තමුත් දා ගනිද්දී හාමු අන්තිම කටත් කවලා ගියේ කාමරෙන් එළියට පිගානෙත් අරන්.

” හෙට ඔයා එද්දි මන් ඉස්කෝලෙට ගිහිල්ලා ඉදියි “

” මන් එද්දි අට නවය විතර වෙයි හාමු. දොළහට මන් නුරාදව ගන්නම් ”

රෑ අටට විතර පාරට ගියපු මන් නැග්ගේ බස් එකට නවයේ කණුවෙන් බහින්න.
මන් එද්දි කීප දෙනෙක්ම උඩ තට්ටුවේ වැඩ. රන්දුනු සර් නම් ගෙදර යන්න ඇති.

” අපිට මේවා හොයන්න යන්න වෙනවා බන් නාච්චියටම “

” ලොකු සර්ට කියලා යන් බන් තව කොල්ලෝ දෙන්නෙකුත් අඩ ගහන් “

” ඕනී බඩු ටික දා ගනින් බෑග් එකට. මන් ලොකු සර්ටත් කතා කරලා එන්නම් “

එහෙම කියලා මන් ගියේ ලොකු සර්ව හම්බෙන්න. තව අපිට හොයා ගන්න දේවල් කීපයක්ම තියෙනවා.

” උබලා ලෑස්ති වුනාද “

” ඔව් උබ ඇදුම දා ගනින්. මන් විල්ලුවටයි විහාටයි කියන්නම් අපි එනකම් බයික් දෙක ගන්න කියලා “

දමියා පහළට යද්දි මන් ගියේ ඇදුම් මාරු කරන්න. අපිට හදිස්සික්‌ වුණොත් කියලා මේ ඇදුම දා ගන්නෙ. ඇදුමේ උඩ ඉදලා පහළටම පිට කාටවත් පේන්නැති විදිහට චූටි චූටි ආයුධයි පිස්තෝලයි. හැබැයි කලිසම් සාක්කු වල් ටිකක් පිම්බෙන්නේ පිස්තෝලවල් නිසා තමයි.

” අහ් ආ..ව් හෙමින් පලකො “

දමියා වේගෙන් පදින බයික් එක වලකට වැටුණු හැටියේ මයෙ පිටිපස්ස කොදු නාරටියේ කෙළෙවර පිටිපස්සේ ගැට්ටේ ඇනුනත් හරි කෑ ගැස්සුනා. පස්සේ කියන්න ඕනී වලවල් වලට දාන්න එපා කියලා. ළගදීම මටත් රියදුරු බල පත්‍රයක්‌ ගත්ත නම් හරි වගෙයි. මේක හැමදාම කරන්න බෑ.

” ඒ බන් කට්ටිය ඉන්නවා එතැන “

” අනිත් පැත්තෙන් හිමීට යන් බන්. අපි දෙන්නා වෙන පැත්තකින් යන්නම්. උබලා දෙන්නා වෙන පැත්තකින් පලයන්. මොකක් හරි අවුලක් වුනොත් ඕකෙන් කතා කරපන් අපිට “

ඒ වැඩ ටිකත් ඉවර කරලා ක්වාටස් එකට එද්දි හතහාමාරයි. මයෙ හාමු මහත්තයයි පැටියයි ගිහිල්ලා. සීතළ වුණත් මන් හොදට නා ගෙන බත් පිගානක්ම ඉවර කරලා පැන්නේ ඇදට එලාම් එකත් තියෙලා. හුලන් එන්න එක ජනෙල් පියනකුත් ඇරියා. මොකා කියලා රිංගන්නද ඉතින්.

” තූ ති අප්පත්ති…… තූති අප්පත්ති…… අලේ තූති අප්පත්ති දොල අලින්තකු… තූති අප්පත්ති අයියූ…… “

” ඉන්න ඉන්න නුරාද ආ දැන් ඇතුළට යන්න. චූටි අප්පච්චි නිදා ගත්තාවේ තව. මාමි ගිහිල්ලා එන්නම් එහෙනම් “

” හලි මාමි බායි බායි ආ… මාමි සාහුල් තීලා යන්තකු ඉතින් මත පාඋයි එලා නතුව “

” ස්…. සාහුල් තද්ද කලන්ත එපා හලිත. අයියූ හිමීත එන්ත “

ලාවට කටහඩ වලුත් ඇහෙද්දී ඇදේ පොඩි හෙළ වෙන ගතියක් ආවා වුණත් මට නෙවෙයි ඇස් ඇරුනේ. ඒ අස්සේ පොඩි පොඩි හිනා සද්ද වලුත් ඇහෙනවා.

” කු නුලාද ඔලාදේ පූතා පතියා “

” අපෝ එලා ඔල කෝ හලි බයි අති “

ඇගට පොඩි සීතළ ගතියකුත් එද්දි මන් නැගිටලා ඇග මැලිත් කඩලා නිකමට බැලුනෙ වෙලාව වෙද්දී මට හික් ගෑවුනා. යකඩෝ එලාම් එක හරියට තියෙලා නෑ නේ ඔරලෝසුවේ. දෙකටත් කිට්ටුයි. වැහි මන්දාරමකුත් තියෙනවා. ඇදෙන් පැනපු හැටියේ මන් එහෙන්ම යට කලිසමට උඩින් කලිසමත් දාන් පිස්සුවෙන් වගේ දිව්වේ කුස්සියේ පැත්තට වෙද්දී මන් ගල් වුණා. ලිප ලගම පුටුවකුයි. එතැන බිම බත් ඇටත් හැලිලා. හට්ටි වල පියානුත් ඇරලා දාලා.

මන් ආයේ එහෙන්ම දිව්වේ සාලෙට. දෙයියනේ පැටව් දෙන්නා. හාන්සි පුටුවේ දෙන්නා හොදට බදා ගෙන කටත් ඇරන් නිදි. රාහුලුත් ඉන්නවා කියන්නේ දිනුල මහත්තයා එන්න ඇති ක්වාටස් එකට.

💥💥💥💥💥💥

” සර් සර්….. නැගිටින්න සර් “

” අහ් අයියෝ නින්ද ගියා අක්කෙ පොඩ්ඩක් “

මන් අනූගේ අතත් බදා ගෙන මට එහෙන්ම එයා ළගම නින්ද ගිහිල්ලා. අද කලින්ම කන්තෝරුවේ වැඩත් ඉවර වුණත් හරි මන් කෙලින්ම ආවේ මයේ අනූ ළගට.

” මොනා කරන්නද සර් ඒ මහත්තයා නැගිටින වෙලාවක නැගිටියි “

එහෙම කියලා අතු ගාන ගෑණු එක්කෙනා කොස්සත් අරන් යද්දි මට පිට වුණේ ලොකු හුස්මක්‌. කකුලේ තුවාලත් දැන් සෑහෙන්න අඩුයි. බඩ හරියේ වෙච්ච තුවාල තමයි ටිකක් ගැඹුරටම වෙලා තියෙන්නේ.

” කවද වෙනකම් මන් උබ එනකම් බලන් ඉන්න ඕනිද අනූ…… කවද වෙනක්ම්ද ම්….. මට හම්බුනු අය වැඩි පුරම කළේ මාව දාලා ගියපු එකනේ අනූ.. ඔයාට ඇහෙනවා නේද ආ….. අනූ. ඔයා ඔහොම හිටියට මන් කියන දේවල් අහන් නේද ඉන්නෙ…. දැන් උබත් මාව දාලා යන්නද හදන්නේ. මන් ඔයාගෙ පාත්ති වලට ඊයේ හවසත් වතුර දැම්මා අනූ. ඉස්සරහ කොටසත් සුද්ද කරා. ඔයාගෙ කෙල්ලත් මන් ආයේ මුල ඉදලම හරි ගැස්සුවා. එයාට මොකුත්ම වෙලා නෑ…. උබ ඒකිට එච්චරටම ආදරෙයිනේ. මන් ඒකිව අපේ මඩුව ඇතුළින් දැම්මා අනූ. මන් උබේ හැමදේම දන්නවා. මන් දින පොතේ එක අකුරක් නෑරම කියෙව්වා. අනූ හොදට අහ ගන්න මයෙ අනූ. උබ මට ජරාවක් නෙවෙයි. උබ ඔච්චරටම මට ආදරේ කරා නම් කට පියන් ඉන්නැතුව අකුරක් හරි කතා කරපන් බන්. ඇයි අනූ තාම උබ ඔහොම ඉන්නෙ. මන් බලන් ඉන්නවනෙ. උබට දැන් මන් ගැන කිසිම හැගීමක් නැද්ද අනූ. ඇයි ඔහොම මාව ගණන් ගන්නැතුව ඉන්නෙ. එන්නකෝ අනූ…. මට පාළුයි බන්. ඔහොම මාව රිද්දන්න එපා අනූ……”

මන් ඒ කන් පෙත්ත අස්සේ විලාප දිදී මිමිනුවත් එයා ඇහුන්නෑ වගේ ඉන්නවා. මට මතක් වුනේම මයෙ අප්පච්චි. අම්මිත් ආයේ නොඑන ගමනකට ගිහිල්ලා ඉදිද්දී අප්පච්චිත් අම්මිගේ මිනිය බදන් මෙහෙම නෙවෙයි හයියෙන් විලාප තිබ්බා. අප්පච්චි කටහඩ බැරැන්ඩි වෙනකම්ම විලාප තිබ්බත් අම්මි නෙවෙයි මීක් ගෑවෙ. ඒත් අප්පච්චිගෙ අවසාන මොහොතේදී ඒ මූණේ ඉතිරි වෙලාම තිබ්බේ හිනාවක්. සැනසිලි දායක හිනාවක්. අප්පච්චි මැරෙන වෙලාවේදී මන් එයා ළගින් හිටියත් මන් වචනයක් වත් නොකියා කටින් පනින්න යන ඉකියත් හිර කරන් අවසාන මොහෙතේදී එයාගේ මූණට ආපු හිනාව දිහා මන් බලන් හිටියා. ගොඩ කාලෙකට පස්සෙයි මන් එදා ඒ හිනාවක් දැක්කේ. අප්පච්චි ඒ විදවපු ජිවිතෙන් නිදහස් වෙනවා කියලා දැන ගද්දි එයාට සතුටු හිතෙන්න ඇති. අප්පච්චි අම්මි නැතුව හිටියෙත් හරියට මළ මිනියක් වගේ. ජීවත් වෙන මන් තාම පිච්චෙනවා මයෙ අප්පච්චි. ඇයි මටම මෙහෙම වෙන්නේ

” මන් ගිහිල්ලා ආයේ එන්නම් මයෙ අනූ. එතකම් සනීපෙට නිදා ගන්න ම්…. ඔයා නැගිට්ටට පස්සේ මයෙ අනූ අපි තුන් දෙනාම යමු ඔයාගෙ අම්මා බලන්න. කාලෙකින් ගියෙත් නෑ කියලා අරකෙ ලියල තිබ්බනෙ නේද “

සුදු මැලි වෙලා තිබ්බ ඒ මූණටත් හාද්දක් තියෙලා එයාගේ ශිට් එකත් හරි ගස්සලා මන් කෙලින්ම ගියේ විරාගේ ගෙදරට.

” අනේ බන් මගෙන් හොද පදේ අහ ගන්නැතුව කාලා යන්න ඉදින්. තොටත් එක්ක තමයි ඉව්වේ . තව ටිකක් ඉන්න මයෙ කොල්ලා පරිප්පුව තෙල් දාන කම් “

හතත් පහු වෙලා තියෙද්දී මන් පැටියවත් අරන් යන්න හැදුවත් විරා නෙවෙයි යන්න දුන්නේ මට.

” අලේ අප්පත්ති මාත් සාහුල් එත්ත යන්තම්කු “

” ගුටි කන්න ලෑස්ති වෙන්න එපා. හෙට මොන්ට සෝරි යන්න එපැයි “

” අලේ මාමි නුලාද දෙන්තකු…. හෙත එවන්තම් එයාව “

මට හිනාවක් පැන්නේ රාහුලුයි නුරාදයි දෙන්නම විරාගේ ඇගේ එල්ලි එල්ලි කුණු කුණු ගාද්දී. විරාගේ මූණ නම් තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ.

” මාමිට වද දෙන්නැතුව ඉන්න එහෙනම්. හෙට දවල්ට ගන්න එන්නම් මයෙ රන් කොටේව “

” විරා උබ බය වෙන්න එපා බන්. මන් පැටව් දෙන්නව හොදට බලා ගන්නම් මගෙ චූටි මල්ලි. කෝ චුට්ටක් හිනා වියන්කෝ බන් “

එයාගේ කම්මුලකුත් ඇද්ද මන් මයෙ දිහාම ඇසුත් හීනි කරන් පුපුර පුපුර බලන් ඉන්න නිලූෂගෙ කොන්ඩෙත් අවුල් කරලා පැටව් දෙන්නා එක්ක නැග්ගේ වාහනේට.

💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗🤗

බුදුසරණයි 🙏

යාලූලාගෙ අදහස් වලට ගොඩාරියක් ඉස්තුතියි 🙏💗💗💗
වෝට් කරන යාලූලා හැමෝටමත් ගොඩාරියක් ඉස්තුතියි🙏🙏❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටනමවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 70