À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම

A+ A-

විරාජ් අහස්‍ය මනමේන්ද්‍රන්

නුවර හිල්ලාව ගමේ වීරන්කෙඩුව වලව්ව නම් නොදාන්න කෙනෙක් මේ නුවර නැතුව ඇති. අවුරුදු තිස්‌ නවයක මැදි වයසක් වුණත් තරුණ පෙනුමැති මන් එක් දරු පියෙක්. ඒවාගේම ගමේ ස්කෝලෙක ගුරුවරයෙක්. මට ඉන්න එකම සහෝදරයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් අවුරුදු දෙකක්‌. අම්මා ගිය අවුරුද්දේ අයියත් එක්කම රට ගියා. අප්පච්චි මේ වලව්වේ තේ වතු දෙකක අයිතිකාරයෙක්.

පුතා නුරාද අහස් මනමේන්ද්‍රන් අවුරුදු තුනයි . එයාට උපතින්ම හරියට කතා කරන්න බෑ. ගොත ගගහා වචනයක් හරි කියන්නේ පුදුම අමාරුවෙන්. පුතූගේ අම්මා පුතා හම්බෙද්දීම අපිවත් දාලා ආයේ කවදාවත් නොයෙන ගමනක ගියා.

නිලූෂ සත්සිදු

අම්මා තාත්තා කවුද කියලවත් දන්නැති මන් අවුරුදු විස්සක් ජිවත් වුනේ අනාත නිවසේ. ලංකාවේ ඉපදිලා තිබ්බත් මගේ පෙනුම ටිකක් සුද්දෙක්ගේ වගේ.

මගේ එක ඇහැක් නම් ටිකක් වපරයි. ඒ ඇහැ පේන්නැති නිසා අනාත නිවාසේ මැඩම් මට අවුරුදු පහළවේදී කන්නාඩි කුට්ටමක් අරන් දුන්නා.ජිවිතේ කොහොම හරි ගැටගහ ගන්න ඕනී නිසා මන් දැන් හරි හරියට රස්සා හොයනවා. කොහොමත් මට දැන් අලුතින් කන්නාඩි කුට්ටමකුත් ගන්න ඕනී. මේක ඉරි තලා ගිහිල්ලා හොදටම පරණයි.

………………………

අවුරුදු විස්සකට කලින්

අද කැම්පස් එකේ අවසන් වසර සිසුන් පළමු වසර සිසුන්ට පාටියක් දෙනවා. පුළුවන් තරම් කලින් රැග් දීපු උන්ම දැන් අපිට කන්න දෙනවා. හතර වෙනි අවුරුද්දේ ඉන්න අපෙ අයියා නිසා මන් අනිත් උන්ට වඩා රැග් වුනා. මට ඉතිං මගේ එකා එක්ක කෙන්න්ති හොදටම.
මගේ පෙනුම නිසා මට ඉහේ කෙස් ගානට කෙල්ලෝ.

හැබැයි එක කෙල්ලෙක් පස්සේ මන් මේ මාස කීපයේම ගියත් එකී මාව ගණන් නොගන්න තරම්. අයියගේ බැජ් එකේ ඉන්න එයා තනිකරම සුද්දියක් වගේ. නමත් ලෝරා කියල ඉංග්‍රීසි නමක්.

” ඒයි හිච්චි නගා මේක අර අතන ඉන්න කොන්ඩේ කොට අක්කට දීපන්. උබ දුන්නා වගේ දීපන් හොදේ ”

” විරාට අපිට තමයි කේක් කෑල්ලක් වත් දෙන්න බැරි. අක්කලාට නම් දෙයි ඉතිං ”
ලෝරා තනියම බැලුම් පුම්බනවා. අද තමයි මන් ඕකිට මේ විරාජ් අහස්‍ය මන්මේන්ද්‍රන් කවුද කියලා පෙන්නන්නේ. ලෝරා දිහා බලන් කට කොනින් හිනා වුණු මන් හිමන්දි අතේ කේක් කෑල්ලක් ඇරියා.

හරියටම මගේ ඇමට විනාඩි පහක් යන්නැති ලෝරා තව ළමයෙක් එක්කත් කතා කරලා එතැනින් යන්න නැගිට්ටා.

” ඒයි දුලා වරෙන් යන්න. අරකි නැගිට්ටා බං ”

” තොගේ ඔය වැඩ වලට නම් මගේ නමවත් ගාව ගන්න එපා හැබැයි ”

” හරි ඕයී අඩන්නැතුව වරෙන් යකෝ ”

ලෝරා යන පිටිපස්සෙන්ම ගිය අපි ඒකී ගලක් උඩ වාඩි වුණු ගමන් වටපිට බලපු මන් කවුරුත් නැති නිසා දුලට එතන ඉන්න කියලා ලෝරා ඉන්න තැනට ගියා.

මන් දැකපු ලෝරා ගැස්සිලා නැගිටින්න හැදුවත් එයාව විහික්කා වෙලා වැටෙන්න ගියා.

” මොකෝ නිකම් පණ නෑ පණ නෑ වගේද…… ම් තව ටික වෙලාවයි තමුසේ ඔහොම ඇස් ඇරන් ඉන්නේ ” එහෙම කියපු මන් ඒකී ළගටම පාත් වුනා.

” ත තමුසේ මහා ජ… රා… බල්ලෙ..ක්. තොට à·„à·œ….. ”

ඒකිට කතා කර ගන්නවත් වුන්නෑ. එහෙම්ම බිමට වැටුනා.

” විරා මචන් සින්නෙක්ද කොහේදෝ එනවා. අරක ඇතුළට පලයන් බම් ඕකිව අරන් ”

දුලා එහෙම කිව්වත් හරි ලෝරාවත් උස්සන් මන් පරණ හෝල් එකත් ඇතුළට ගියා.

මාස තුනක් ඔහේ ගෙවිලා යන්න ඇති. අද අපි කොළබ යනවා. අයියා බදින්න ඉන්න ගෑණු ළමයා බලන්න. මන් නම් තාම කෙල්ල දැකල නම් නෑ. අයියා මාස තුනකට කලින්ලූ අක්කත් එක්ක සෙට් වුනේ. අයියා මේ සතියේ අක්කත් එක්ක එන්ගේජ් වෙලා මාස දහයකට යනවා කිව්වා ඕස්ට්‍රේලියාවේ බිස්නස් වැඩකට. ආයේ ඉතිං ඇවිල්ලා තමයි වෙඩින් ගන්නේ කිව්වා.

මාලිගාවක් වගේ ලොකු ගෙදරක්. අයියගේ කෙල්ල නම් සල්ලිකාර කෙල්ලෙක් එහෙනම්.

” එන්න එන්න මනමේන්ද්‍ර…. ආ මේ ඉලන්දාරියා අදමනේ දැක්කෙත් ඉතින් “

” මේකා අද එක්ක අවේත් පුදුම අමාරුවෙන් සුනේන්ද්‍ර. කෝ මොනාකා නැද්ද ඉතිං ”

” අද උදේ ඉදන් දුව ළග. ආ අර එන්නේ ඉතිං දුවත් එක්ක ”

අංකලුයි අප්පච්චි කතා කරන අතරේ මන් ෆෝන් එකෙන් දුලත් එක්ක චැටක් දාන් හිටියා. එක පාරට අපේ අයියා මගේ අතට වැලමිටෙන් ඇනලා පෙන්නුවත් හරි මන් දැක්කේ හීනකින්වත් බලාපොරොත්තු නොවුණු රූපයක්.
.
.
.
.
.
.
.
.
.
.
.
.

………………………………….

මගේ දෙවැනි කතාව. මනංකල්පිත bl කතාවක්. කැමති අය කියවන්න.

වෝට් එකකුත් දාගෙනම යන්න යාලුවනේ 👇🙃🤗

…………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැදින්වීම light novel, ,

Comment

Leave a Reply

Chapter 1