À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා

A+ A-

” ඒයි සුද්දා අර නාට්‍ය කරන්න අපි උබේ නමත් දැම්මා. එදා උබ ආවේ නෑ නේ ඉතින් “

” ඒයි පිස්සුද බන්. එක්කෝ උබලා මගෙන් අහන්නයි. හරි දැන් මන් මොකාටද ඉන්නෙ කියපන්කෝ “

” වැඩි දෙයක් නෑ බන්. පොතේ ගුරාට “

ඊළග සතියෙ සිකුරාදා රූ වින්දනය කියලා සාහිත්‍ය වැඩ සටහනක්‌ තියෙනවා. ඒකට අපේ සමාජ විද්‍යා අංශයෙන් නාට්‍යක් කරන්නයි හදන්නේ මේ .  පොතේ ගුරාට නම් කමක් නෑ ඉතින් කතාව හදුන්වන්නනේ ඕනී.

” අපෝ බන් උබේ අකුරු ටික. ආ කමක් නෑ කමක් නෑ ඔක්කොම ටික ලියලා දුන්නට පින් බන්. මේ දවස් වලම වැඩ මට “

“  මට පින් දෙන්න එපා සුද්දා. මොනරිට පින් දීපන්. මන් තමයි කිව්වේ පුළුවන් නම් නිලූෂයට සටහන් ටික ඔක්කොම ලියලා දෙන්න කියලා. කෙල්ලත් ඉතින් හිනාවක් දාලා හා කිව්වා “

ඒකා එහෙම කිව්ව ගමන් මන් බැලුවේ වම් පැත්තේ දෙවැනි පේළියෙ ඉදගෙන ඉන්න මොනරි දිහා වෙද්දී ඒකිත් බලන් ඉදලා තියෙන්නේ මෙච්චර වෙලා අපේ පැත්තද කොහෙදෝ. ඒකි මට හිනාවක් දාලා ටක් ගාලා අහක බලා ගත්තෙ ඒකිගේ යාලුවත් මන් දිහා බලද්දී.

” ඇයි උබ ඕයී ඒකිට කිව්වේ “

” ආ…… දැන් උබට ඔක්කොම සටහන් ටික ගෙඩිය පිටින් තියෙද්දී සතුටු නැද්ද ආ… අනේ පලයන් බන් බොරුව නොදා . උබෙත් මාර කැටයම් ගොඩ. පොඩ්ඩක් ඒ කෙල්ලට හිනාවක් දාලා කතා බහා කරලා ඉදින්කෝ බන් . පස්සේ බැරියෑ ඉතින් අපිටත් කටට රසට බත් කටක් හරි කන්න  “

” අනේ උබත් “

අපේ එකේ කෙල්ලෝ සමහර කොල්ලොන්ට ගෙදර ඉදන් එද්දි බත් මුල් හිටන් ගේනවා. ටික්කා ඒක නිසා තමයි මෙච්චර මේ කෙල්ලෝ එක්කලා මාළු කඩ දා ගන්න බලන්නේ

මැයි මාසේ කිට්ටු හින්දා කැම්පස් එකේ ලස්සනට එක පේළියට මල් හැදිලා. සමහර ගස් වල කොළ වලට වඩා තියෙන්නේ මල්. ඒ ගස් යට පැදුරු එලලා වගේ මල් වැටිලා තියෙද්දී මාරම ලස්සනයි. නුරාදත් එක්ක එන්න ඕනී වෙලාවක. පැටියගේ ලස්සන ෆොටෝ ටිකකුත් ගහන්න පුළුවන් එතකොට.

” මේ චොකලට් වර්ගෙනුත් දෙකක් දාන්න. මේකෙනුත් දෙකක් දාන්න “

එක එක වර්ගයේ පොඩි පොඩි චොකලට් වලින් දෙක දෙක වගේ පොඩි මල්ලක් පිරෙන්නම චොකලට් කෑළි ගත්තා. පොඩි පොඩි ජෙලි ටිකකුයි තව චීස් පෙට්ටියකුයි චොකලට් බෝල පෙට්ටියකුයි ගත්තා පැටියට. මේ දවස් වලම පැටියා ටිකක් මූණ එල්ලන් ඉන්නෙ එයාගේ කඩචෝරු පෙට්ටියේ කඩචෝරු අඩුයි කියලා. ඇයි ඉතින් දෙනුවන් ආපු  දවස් වල එයා පැටියා නැති වෙලාවකට ඒකෙන් චොකලට් පැකට් එකක් හරි ගන්නවනේ ඉතින්.
හාමුටයි මටයි කිරි එකක් බොද්දි කන්න නයිස් විස්කෝතු පැකට් එකක් ගත්තා. හාමුගේ ආසම විස්කෝතු වර්ගේ.

” ඒයි ළමයෝ බත් කට දාන් ඉන්න “

හාමු බත් කටකුත් අතේ තියා ගෙනම හයියෙන් කෑ ගැහැව්වත් පැටියා කඩුල්ල ළගින් එන මාව දැක්ක හැටියේ දුවගෙන ඇවිල්ලා බදා ගත්තෙ මයෙ කකුල.

” තූති අප්පත්ති…… අයි අලේ මෙත්තල පාක්කු “

” වැඩටත් ගිහිල්ලනේ පැටියෝ ආවේ චූටි අප්පච්චි. මයෙ පුතා ඉක්මනට අප්පච්චි අතින් බයියන් කාලා චූටි අප්පච්චිට රස කුක්කු එකක් හදනවද ම් “

” අයියූ ඔලා නාදෙන එන්තකු ඉකමනත. පතියා සසත කුක්කු එතත් වත් කලන්තම්කු …. “

එහෙම කියපු පැටියා හාමුගේ අතින් බත් කටක් කවා ගෙන දිව්වේ ගේ ඇතුළට. හාමු හවසත් නුරාදට බත් කවනවා සමහර දවස් වලට.

” සටහන් ටික ඔක්කොම හොයා ගත්තද ම් “

” අම්මෝ ඔව් හාමු. තරිඳුගෙන් ඉල්ල ගත්තා. තුවායයි සරමයි තියන්න මන් නා ගෙනම එන්නම් “

නයි මල්ලත් කුස්සියේ පැත්තේ පුටුවක් උඩින් තියෙලා ඇදුනුත් ගලවලා යට කොටේ පිටින්ම සීතළ වතුර බාල්දිත් හලා ගත්තා ඔලුවට.

” දෙන්තකු අලේ මන් ඕත කාලම් කලන්ත. අප්පත්ති ඌ වතුල තුත්තක්‌ දාන්තකු බාන්න දන් “

” කෝ එහෙනම් පස්සට යන්නකෝ පුංචි අප්පච්චි. ආ දැන් ආයේ හෙමීට කවලම් කරන්න “

මන් නාලා ඉවර වෙලා දොරකඩ කිට්ටුවම ඇදුමුත් මාරු කර කර බලන් හිටියෙ පැටියයි හාමුයි එක්කහු වෙලා කිරි හදන දිහා.

” ඒයි ඒයි එහෙම නිකන් කනවද ආ.. ඊට පස්සේ කිරි පිටි එකත් මට තැන් තැන් වල හංගන්න වෙයි “

” ආපූ ඔත්තල කා ගාන්ත එපා අලේ. මන් මේ සස බලුවේ අප්පත්ති “

” රස බලන්නේ හැදුවට පස්සේ “

හාමු පැටියවත් ආයේ පස්සට කරලා කෝප්පෙට උණු වතුර දාලා හැන්ද දුන්නේ පැටියට ආයේ කවලම් කරන්න කියලා.

” මයෙ වස්තු කැටේ හදලා ඉවරයිද චූටි අප්පච්චිට සස කුක්කු එකක් ආ “

” ආ බොන්තකු තූති අප්පත්ති… සසයි නේත ගුදක් “

මන් කෝප්පේ තොල ගාපු හැටියේ කිරි උගුර උගුරෙන් පහළට යන්නත් කලින් පැටියා ඇසුත් ලොකු කරන් එහෙම ඇහැව්වා වෙද්දී මන් කිරි එකත් පැත්තකින් තියෙලා කොල්ලව ඇදලා ගත්තෙ මයෙ ඔක්කට. මයෙ රැවුල ඒ මූණේ ගෑවෙද්දී කොල්ලා ඇකිලෙනවා කිති නිසා.

” මයෙ පැටියගේ කුක්කු තමයි රසම චූටි අප්පච්චිට. ඔන්න ආයේ වැඩ ඇරිලා එද්දි මයේ මැණික තමයි කිරි හදන්න ඕනී “

” හලි අයියූ…. මන් තූති අප්පත්තිත හමදාම සස කුක්කු එතත් හදා දෙන්තම්කු “

මයෙ හාමුත් ඇවිල්ලා පැටියගේ එක කම්මුලකට හාද්දක් දෙද්දී මාත් අනිත් පැත්තෙන් පැටියට හාද්දක් තිබ්බා.

අප්පච්චියේ මයෙ හාමු රෑට උයලා තියෙන්නේ වැටකොළු. ඒකත් කිරට. ඊට පස්සේ හාල්මැස්සෝ ලූණු එක්ක තෙල් දාලා. මගෙ දෙයියනේ ආයේ එක එළවලුවක් උයලා නෑ.

” ඇයි වැටකොළු විතරක්. ගෙදර ආයේ නැද්ද හාමු එළවලු “

” ගෙදර විතරක් නෙවෙයි මයෙ නිලූෂ එළියේ කොටුවෙත් ඕන් තියෙනවා රාබුයි බණ්ඩක්කයි. මන් මේවා හැදුවේ අනිත් එළවලු තිබ්බොත් මේ මාලුව ඉතිරි වෙන නිසා දරුවෝ. දැන් චුරු චුරු ගාන් නැතුව මන් බෙදලා තියෙන සේරම ටික කන්න මයෙ නිලූෂ. පැටියටත් ඒවම තමයි. බිත්තරයක් තියා පපඩම් කෑල්ලක්‌ වත් බැද්දේ නෑ . කොච්චර ගුණ කෑමක්‌ද වැටකොළු කියන්නේ ඈ නිලූෂ. ඔන්න බලන්නකෝ අද රෑට ඕවා ඔහොම ගොඩක් කෑවා කියන්නේ හෙට උදේට ශෝක් එකට අමාරුවක් නැතුව ටොටෝ කරන්න පුළුවන්. මන් පස්සේ බොන්න අපිට එළවලු සුප් එකකුත් හැදුවා. බත් ටික කාලා ඒක බොමු ම්.. දැන් ඉතින් දෙන්නා මූණ සවුත්තු කරන් ඉන්නැතුව ඔක්කොම ටික කන්න. මන් මයෙ මේ චූටි අප්පච්චිටමයි වැටකොළු ටික හැදුවෙ. අනික ගෙනාපු එළවලු විහික් කරාම පවුල පිටින්ම සුන්නත් දූලි වෙලා යන්නම සල්ලි නැති වෙනවා. මන් කැමති නෑ අපේ පවුලට එහෙම වෙනවට. සතුටින් ඉන්න වුණත් අතේ සතයක් හරි වැඩි පුර තියෙන්නම ඕනීනේ .   
හරි හරි දැන් මයෙ දිහා කට ඇරන් බලන් ඉන්නැතුව වැටකොළු ඇටයක් වත් ඉතිරි කරන්නැතුව කන්න ඕනී… නුරාද ඔයත් එහෙමයි. අප්පච්චි එක්ක නටන්න විතරක් ලෑස්ති වෙන්න එපා. ඇහිබැමි දැලි ගාපුහාම නෙවෙයි ලස්සන වෙන්නේ. වැටකොළු පතෝල කරවිල වට්ටක්කා වගේ එළවලු කාපුහාම තමයි ලස්සන වෙන්නේ. ක්‌… “

” බත් එක නිවිලා යන්න කලින් කමු නේද මයෙ හාමු මහත්තයා. පැටියෝ ඔයත් දා ගන්න ලොකු කටවල්. මන් පැටියට කන්න බඩ්ඩකුත් ගෙනාවා “

මායේ හාමු මහත්තයගෙ වචන වැල නිසා මට අතේ තිබ්බ බත් එකත් අමතක වුණා. දැන් ඉතින් හරකා වගේ ගිලපන්කො වැටකොළු .  මේවා නිකන් උගුරේ හිර වෙනවා හිර වෙනවා වගේ පහළට යන් නැතුව . පව් පැටියත් අමාරු වෙන් සද්දයක් වත් නැතුව බත් ගුලි ගිලිනවා. හාමු නම් බත් ගුලි ගිලින ගමන්ම බලන්නේ පැටියගෙයි මගෙයි බත් පිගන් දිහා.

” පුන්ති අපේ බඋ පතියා

හිතපු හතියේ පා යනවා

ආලෙත් පා මතු වෙනවා

වූෆි පුන්ති මදේ පතියා…

හූතලේත හලි තදිමයි

හූලන්තේ නා නීමයි

තේන්තියත් ආ සැති……

බූලා බූලා පේලෙදවා

වූෆි මදේ බඋ පතියා….

පුන්ති මදේ බඋ පතියා

හිතපු හතියේ පා යනවා

ආලෙත් පා මතු වෙනවා

වූෆි පුන්ති මදේ පතියා…  “

රෑ හාමුයි මායි හාන්සි පුටුවේ ඉදගෙන ප්‍රවෘත්ති බැලුවත් ඒකට වඩා හයියෙන් අපේ පැටියා කලූටත් පේන්න එයාගේ චූටි සෙල්ලම් බලු පැටියවත් හොල්ල හොල්ල එයාගේ ඇගත් කරක කරක වූෆි සින්දුව කියනවා බෙරිහන් දිදී .

” පැටියා හොද ගායකයෙක් වෙයි නිලූෂ “

” කියන්න බෑ හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්නත් පුළුවන් හැබැයි “

අමෙ අම්මේ කොල්ලා කැරකෙන්න යද්දි කකුලුත් පැටලිලා වැටුනා නේද පස්සත් බිම ඇනෙන්නම . පැටියා මේ පැත්ත බලන්න කලින් හාමුයි මායි ඉක්මනට බැලුවේ ටීවී එක දිහා.

” මොතත ඔලා ඕම බාන්නේ ආ…. දෙනෝ මන් සැබයි. පිත්තු පූතා. යනෝ යන්ත මෙතදින්. අයි අලේ… මාත් එත්ත නතන්ත විතලත් ලාත්ති වෙන්ත එපා හලි…… ඉන්තකු දෙන්ත මන් පත්ත පුපුලන්ත ගුති දෙතක්. කීන දේ ආන්තෑ. තීන ඇත්තලතම “

” ඒයි ඒයි නුරාද…. ගහන්නෑ සුදු මහත්තයට විතරක්. මන් බලාගෙන ඉන්නෙ “

” මෙලා හුද නා අප්පත්ති. ඉනා වෙනවත කෝදෝ මත හුම්…. මෙලාත හුද වැදක් කලන්තම ඕලි අයි වදේ… පතියත ඉන්ත දෙන්තෙම නා නේ තූති අප්පත්ති බාන්නකු “

පැටියා මූණත් නාලු කරගෙන ඇවිල්ලා මයෙ පපුවේ මූණ ඔබා ගනිද්දී හාමු කටත් තද කරන් බැලුවේ ටීවී එක දිහා.
මයෙ හාමුගේ සුදු මහත්තයට නම් ගානක් වත් නෑ ඔහේ පැටියගේ පස්සෙන්ම ඇවිල්ලා හාන්සි පුටුවේ ගුලි ගැහුනා.

” මයේ වස්තු කොටේ හෙට මොට්ට සෝරි යනවද ම් “

” ඕනේ තූති අප්පත්ති…. හෙත පතියව ගීන් දාන්ත එනවත මොත්ත තෝලියත… “

” එන්නම්කෝ එහෙනම්. මයෙ වදුරු පැටියව ඉස්කෝලෙට ගිහිල්ලා දාලම චූටි අප්පච්චි වැඩට යන්නම්කො හාද ම්… “

මන් මගේ නහය පැටියගේ නහයේ අතුල්ල අතුල්ලා හිටියෙ පැටියත් හිනා වෙවීම එයාගේ නහය මගේ නහයේ අතුල්ලද්දී.

           💥💥💥💥💥💥💥💥💥

මයෙ නිලූෂ පැටියවත් අරන් යනවා කියව්ව නිසා මන් ගියේ හිල්ලාවට. අද ඉස්කෝලේ අපිට ගුරු රැස්සිමක් දාලා හතහාමාර වෙද්දී එන්නත් කිව්වා. වාහනේ ඉස්කෝලේ ඇතුළටම දාලා වෙනදා නතර කරන පරණ මඩු කෑල්ලට දාලා බෑග් එකත් අරන් ගියේ ගුරු විවේකා ගාරයට. දෙනුවන්ලට ජුලි ලොකු විබාගේ පටන් ගන්න නිසා දැන්ම නිවාඩු දුන්නත් අපේ ඉස්කෝලේ එහෙම නෑ. ජුලි වෙනකම්ම ඉස්කෝලේ එන්න ඕනී උසස් පෙළ ළමයින්ට .

” විරාජ් සර් තෙරුවන් සරණයි. රැස්සීමටද යන්නෙ “

” ඔව් සර්. ඊයේ පෙරේදා දැක්කේ වත් නෑ නේ ඉස්කෝලේ ඇවිල්ලා ඉන්නවා සර්ව “

” පුතාව කොළඹ ගෙනිච්චා සර්. එයාලගේ එල්ලේ තරග තියෙනවනේ “

කතාවෙන් කතාව අපි ආවේ රැස්සීම් ශාලාවට. ගුරුවරු ගොඩක් දෙනෙක් ඇවිල්ලා. දෙයියනේ ඉතින් මයෙ කොල්ලත් පොඩි සර් කෙනෙක් වුණා නම් අපි දෙන්නට එකටම ඉන්න පුළුවන්. බලන්න කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ කියන්නේ එයාටත් කොහොම හරි ගුරු විභාග කරලා ආණ්ඩුවෙන් ගුරු පත්වීම් යසට ගන්න තිබ්බා. කොහෙද ඉතින් මයෙ මිනිහට ලොකු පොලීසියේ මහත්තයෙක් වෙන්න උණක් නේ තියෙන්නේ. මයෙ පැටියත් ඒ පාරෙම යයිද දන්නෑ. අපෝ එහෙම නම් ඕනී නෑ.

” ගුරුවරු ඔක්කොමලාම ඇවිල්ලා නේද ඉන්නෙ. හැමෝටම තෙරුවන් සරණයි. මේ එන්නෙ වෙසක් මාසේ.  වෙසක් මාසේ වෙනුවෙන් අපේ ඉස්කෝලෙත් මොනා හරි දෙයක් කරන්න තිබ්බොත් කියලා මට අදහසක්‌ තියෙනවා. ටීචලා සර්ලා ටික ඒ ගැන මොකද කියන්නේ “

“  කරමු සර් මොනා හරි. දන්සලක් දැම්මොත් “

” ඔව් එහෙමත් පුළුවන් ටීචලා සර්ලා ටික කැමති දෙයක් කියන්නකෝ බලන්න මට කතා වෙලා. අතේ මිල මුදල් තියෙන විදිහට කරන්නත් එපැයි. ඉස්කෝලෙන්ම කීය කීය හරි කැමති ගානක් එක්කහු කරොත් අපිට වැඩේ ලේසි. මේ ගමේම ළමයි කී දෙනෙක් එනවා කියලද “

ලොකු සර් එහෙම කිව්වට පස්සේ අපි තීස් හතලිස් දෙනා කතා කරේ වෙසක්‌ සතිය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ගැන

” සර් පළතුරු බීම දන්සලක් දෙමු “

” ඔව් සර්. අන්නාසි දොඩම් පැෂන් එහෙමත් ගෙවල් වලින් හොයා ගන්න පුළුවන්නේ සර් “

” ඔව් සර් එතකොට අපිට සල්ලි වලට ගන්න තියෙන්නේ කොඩියල් බෝතල් ටිකකුයි අපැලුයි රතු සීනියි ලුණුයි කස කසා ඇටයිනේ සර්”

අපි ටික ඔක්කොමලාම කතා වුණේ පළතුරු බීම දන්සලක් දෙන්න. රස්නි යන්නත් එක්කලා කොච්චර හොදයිද බීම. අනික ගෙවල් වලත් කොච්චර පළතුරු වතු තියෙනවද.

” හරි එහෙනම් අපි එහෙම කරමු. ඒකත් හොදයි. ළමයි ටිකටත් පණිවිඩේ දෙන්නකෝ. බීම අල්ලන්න ලොකු ළමයි ටික දෙනාව ගමු නේද “

” ඔව් සර් දහ තුන වසර ළමයි ටික බීම අල්ලන්න දාමු. අපි ටික හදන්නම් සර් “

හෝරාවක් පුරාවටම අපි ටික ඔය ගැන කතා කරලා ආවේ අපේ පන්ති වලට. මට දැන් විද්‍යාව උගන්නන්න තියෙන්නේ දහය වසර ළමයි ටිකට.

” ළමයි පොත ගන්න ඉක්මනට. විනාඩි දයක් පරක්කුයි අපිට. නෑ එක්කෝ ඕන්නෑ පොත් ටික ඔක්කොම වහන්න. මන් අලුත් පාඩම ඔයාලට ඉස්සල්ලාම කෙටියෙන් හදුන්වලා ඉන්නම් “

ගුරු මේසෙනුත් නැගිට්ට මන් කළු ලෑල්ල ළගට ගිහිල්ලා හුණු කූරෙන් රූප සටහනුත් ඇද ඇද රසායනික බන්ධන පාඩම උගන්නන්න ගත්තා. දැන් නම් රවුම් ඇදලා ඇදලම ගානට ලස්සනට රවුම් අදින්නත් පුළුවන් මට .

” ඔලාතේ පන්තල තුත්තක් විතල නුලාතට දෙන්ත බාද හලු…. මේ බාන්න මදේ එතේ නම් උද මත්තයතුත් තීනවා “

” පැටියෝ ගිහිල්ලා පුටුවෙන් ඉද ගන්න. අක්කිලාට කරදර කරන්න එපා “

” ආපූ හලි හලි මන් යන්තම් හුම්…. අයි අලේ “

නුරාද මටත් ගස්සලා පස්සත් උඩ දදා ගිහිල්ලා හිස් පුටුවෙන් වාඩි වෙද්දී මන් ආයේ ළමයින්ට උගන්නන්න ගත්තා. මන් පන්ති වාර්තා පොතේ අත්සනකුත් දාලා පුටුවෙන් නැගිටිද්දී පැටියගේ අතේ චොකලට් එකක්. කවුරු හරි ළමයෙක් දෙන්න ඇති ඉතින්.

” අප්පත්ති….. පතියත කදතෝලු අලන් දෙනෝත ඈ අප්පත්ති…. තුත්තක් බදගිනි වදේ නේ අප්පා “

” යද්දි අරන් දෙන්නම් මගෙ කොල්ලට “

ටිකක් දුර ආපු මන් වාහනෙත් නවත්තලා පැටියගේ අතිනුත් අල්ලන් කඩේ ඇතුළට ගිහිල්ලා මන් බිත්තර ටිකකුයි නුඩ්ල්ස් පැකට් එකකුයි පැටියට දැන් කන්න එයා ආසම චොකලට් කෝන් අයිස් එකකුයි මීකිරි හට්ටියකුයි අරන් ආවේ ක්වාටස් එකට.

” කෝ එන් නැද්ද ඉතින් “

” හලි හලි අප්පත්ති යන්තකු… මන් හිමීත හිමීත එන්තම්. ආසකීම් එත වත් වැටුනොත් “

මන් දොර ඇරපු හැටියේ සපත්තු දෙකත් විහික්කා කරපු නුරාද ඉස්සරහ හාන්සි පුටුව ළගම එහෙන්ම බිම ඉද ගෙන අත් දෙකෙන් අල්ලන් අයිස්ක්‍රීම් එක ලෙව කන්න ගත්තෙ ඇස් කොනින් මගේ දිහත් බල බල. හොද වෙලාවට උදේ මාලුත් ඉතිරි. මට කාපු හැටියේ නිදා ගන්න පුළුවන්.

” අප්පත්ති අප්පත්ති කූ කූ අත් අලින්ත. ආන් කාදෝ අවිල්ලා අලේ “

“ඉන්න ඉන්න මන් එන්නම්. කෝ ඇදුමක් දා ගන්න නුරාද ඔය කොටේ ගලවලා “

ඇදෙනුත් නැගිට්ට මන් උඩට කමිසෙකුත් දාන් ගියේ ඉස්සරහට කවුද කියලා බලන්න. වාහනේ දොර ඇරිලා කොල්ලෙක් බිමට බැස්සත් හරි දැක්කේ ඇවිල්ලා ඉන්නෙ රවිදු පුතා කියලා.

” මන් හිතුවේ ගෙදර කවුරුත් නෑයී කියලා. කෝ අයියා නැද්ද මාමේ.. ආ චූටිත්තා මෙන්න ඔයාට “

” තාම වැඩ ඉවර නැද්ද කොහෙදෝ පුතා. එද්දි තව ටිකක් හවස් වෙයි . එන්න ඇතුළට යමු “

මන් රවී එක්කලා ඇතුළට එද්දි නුරාද හාන්සි පුටුවේ ඉදගෙන මල්ල ඇරලා බලනවා. කමක් නෑ ඉතින් පොඩි එකා නේ තාම. පෙට්ටිය ඇරපු හැටියේ කේක් ගෙඩිය දැක්ක ගමන් පැටියට හීල්ලුනා.

” සා………. තොකලත් කේත්… පතියත ලුකූ තොකලත් කේත්…. ම්…… ගුදක් සසයිනේ සවී අයියා… ඔලාත නම් මන් ගුදක් ආදලෙයි අයියූ….”

” කෝ ඔහොම අත දාලා කේක් කනවද. තියන්න ඕක මේසෙන්. අප්පච්චි ලස්සනට ඕක කපලා දෙන්නම්කෝ මගෙ වස්තුට කන්න හාද “

කොල්ලා අත දාලා චොකලට් අයිසින් කට වටේ ගාගෙන කනින් ගමන් ඔහේ කියවනවා.

” මොනාද පුතා බොන්නේ “

” රස්නි පිට කිරි එකකුත් තිබ්බා නම් හොදයි නේද “

” සීනි දාලාද නැතුවද “

පැටියා නම් හාන්සි පුටුව ළගින් හෙලවෙන්නෑ. මන් කුස්සියේ පැත්තට යද්දි පුතත් ආවේ මන් පිටිපස්සෙන්.

” අම්මෝ සීනි නැතුව බොන්න බෑ හාමු මාමේ. සීනි දාලා හදන්න. කෝ බබා විස්කෝතු නැද්ද ඈ “

” ඕන් කබඩ් එකේ ඇතුළේ බෝතලේකට දාලා තිබ්බා මන්.  ආ කන්නකෝ… මන් වතුර එක ලිපේ තියන්නම්කො පුතා “

මන් කොල්ලට බෝතලෙත් අතට දීලා කෝප්ප ටික ගත්තෙ අතට. පැටියගෙ නම් කිසිම සද්දයක් බද්දයක් නෑ. මෙලහකට කේක් එකේ උඩ චොකලට් අයිසින් ටිකට වැඩේ දෙනවා ඇති.

” සීනි අඩු වුණාට හාමු මාමගේ කිරි එක නම් හරි රසයි. හොදයි ඉතින් නිලූෂ අයියට. කෝ අනේ පොඩි යක් පැටියා “

” ඒකනේ අනේ පුදුමයි කොල්ලා කේක් එක ළග නැති එකට නම්. මන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්නම්කෝ. ඉන්නකෝ පුතාට කේක් කෑල්ලක් කපලම දෙන්න “

මන් කේක් පෙට්ටියේ පියනත් ඇරලා බලද්දී හොදට ඒක තියෙනවා. පුදුමයි.
මන් පැත්ත ඉදලා පටන් ගත්තෙ කේක් එක කපන්න.

” ආන් හාමු මාමේ දුව ගෙන දුව ගෙන එනවා පොඩි එකා “

” කොහෙද ගියේ… මොකද ඔච්චර හති දාන්නේ ම්. ආ ඉද ගෙන කිරි එක බීලා ඉන්නකෝ මේ කෑල්ලත් කලාම “

පැටියා කේක් කෑල්ලත් අරන් රවී පුතා ළගින්ම ඉද ගද්දි මන් නිවාපු සුදු කිරි එක පැටියා අතේ තිබ්බා.  සුදු මහත්තය ට නම් පැණි රස හොද නෑ. පස්සේ බත් පොඩ්ඩක් වත් දෙනවා.

” අප්පෝ අයියා දැක්ක කල්. දැන් නම් අපි වත් අමතක ඇති නේද ඕයී “

” ඔව් ඔව් මන් මැරිල ඉපදුනා නේ ඉතින්. කීයටද ආවේ “

” මහා ලොකු වෙලාවක් නෑ අනේ. ඇවිල්ලා මේ ඔයාගෙ හාමුගේ රස තේ එකක් බිව්වා විතරයි අයියේ “

මන් කුස්සියේ පැත්තේ ඉද්දි මට ඇහුනේ මයෙ නිලූෂගෙ කටහඩ. අද නම් ටිකක් කලින් වගේ .

” තූති අප්පත්ති ආවා අප්පත්ති ඔලා කෝද ඉන්තෙ ….. “

” හරි හරි පැටියෝ ඉන්න අප්පච්චි එන්නම් “

මන් කුස්සියේ එහා පැත්තේ වළං මැස්සෙ වළං ටිකත් අහුරලා කුස්සියට යන්න යද්දි නිලූෂ කුස්සියට ඇවිල්ලත් ඉවරයි.

” පූස් පූස් පූස්…… සුදු මහත්තයා…. එන්න බත් කන්න “

මේ මොකද මේ සුදු මහත්තය එන් නැත්තේ. හවසත් යසට හාන්සි පුටුවේ නිදා ගෙන හිටියෙ. රෑ කෑම වෙලාවත් හරි උගෙ.

” පූසා කොහේ හරි රස්තියාදුවෙවත් යන්න ඇති හාමු හෙට උදේට වත් එයි “

” පිස්සුද නිලූෂ.  මේ ගෙයින් එළියට බහින් නැති පූසා එහෙම අනිත් උන් වගේ දඩාවතේ යන්නෑ.. හරි නම් ඌ මීට කලින් කෑම පිගානේ ළග ඉන්න ඕනී “

කෝකටත් මන් එළියට ගිහිල්ලත් බැලුවා. ඒත් නෑ පේන්න තියා කෑ ගහන සද්දයක් වත්.

” අයි අප්පත්ති ඔල මොනා කලන්තේ කෑකී කෑකි “

” පැටියෝ පූස් පැටියා නෑ නේ “

” ආ….. “

නුරාදත් ආ කියලා වෙන පැත්තක් බලලා ඉක්මනට ගියේ ඇතුළට. මාත් ආයේ ඇතුළට ඇවිල්ලා කෝකටත් කියලා දොරත් භාගෙට ඇරලා දැම්මා . මන් කාමරේට එද්දි නුරාද එයාගේ චූටි අප්පච්චිගෙ ඇගෙත් එල්ලිලා කන ළගට වෙලා මොනාදෝ කුටු කුටු ගානවා. ඒත් එක්කම වගේ මයෙ නිලූෂ මගේ දිහත් අමුතු විදිහට බලලා දිව්වේ මාත් පුදුමෙන් පැටියා දිහා බලද්දී. මන් බැලුවත් හරි දැක්කේ නුරාදගෙ බය වෙච්ච මූණ.

” අයියූ මන් ඒම හිතලා කලේ නා නේ අප්පත්ති…… “

” යනවා යන්න මගෙන් හොද පාරක් කන් නැතුව නුරාද. දෙයියනේ ඇයි මේ සතා මෙහෙම ඉන්නෙ. “

මයේ පපුවත් එක්ක පිච්චිලා යනවා ඔහේ හැල හොල්මනක්‌ වත් නැතිව ඉන්න මයෙ සුදු මහත්තය දකිද්දී. නිලූෂ නම් උගෙ පපුවට මොනාදෝ දාගෙන කරනවා. ඒ වුණාට අනේ මගේ පැටියා මැරිලද කොහෙදෝ

” අ ප්ප ත්ති…. අයි ඉති න් පතියත සා කලන් තේ. මත ගුදක් දුත හිතෙනෝ නේ මදේ  අප්ප ත්ති “

” කිසිම හිතක් පපුවක්‌ නැද්ද නුරාද ආ… එහෙම ඇයි ඔයා මේකව වාහනේ ඩිකියට දැම්මේ ම්. කොච්චර නරක ළමයෙක්ද ආ …. බලන්න දැන් උට වෙලා තියෙන දේ. පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හරි ලස්සනට හිටපු මගේ සුදු මහත්තයට ඔයා කරපු දේ නුරාද “

” හාමු කෑ ගහන්න එපා දැන් පැටියට.  වෙච්ච දේ වෙලා ඉවරයි නේ. තව ටිකක් බලමුකෝ මුට මේ කලන්තේ දාලද කොහෙදෝ “

” අප්පත්ති මෙලා මදේ කේත් එත කන්ත ආවා නේ අලේ. මන් ඉතින් දූලා දූලා ගීල්ලා පුතව දිතියත දම්මා පත්තේ ග න් තම් කී ලා…. මත දන් නේ මතත් වුනේ අයියූ “

මන් ගහයි කියලා බයටම කොල්ලා චූටි අප්පච්චි අස්සේ හැංගිලා මයෙ දිහා බල බල නිදහසට හේතු කියනවා දාගෙන. ඒක තමයි මන් සාලෙට එද්දි කොල්ලා පේන්න වත් හිටියෙ නැත්තේ. ඒ ඩිංගට කොල්ලා මයෙ සුදු මහත්තයව වාහනේ ඩිකිය අස්සට දාලා වහලා

              💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට යාලුලා හැමෝටම ඉස්තුතියි ගොඩක් 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑදෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 73