À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා

A+ A-

” පොඩ්ඩක් ඉන්න අහ් හා ම් මට මහ න් සි…… “

නෑ එයා නතර වෙන්නෑ.

සොහොනක්‌ මැද පාලු පාරක සුදු කමිසෙයි කළු කලිසමයි ඇදගෙන එයා යනවා නතර වීමක් නැතුව . හැබැයි හෙමීට. එයාගේ අතේ සුදු මලානික වෙච්ච රෝස මලක්. මන් කොච්චර හයියෙන් දුව දුවා එයාව අල්ලන්න පස්සෙන් දිව්වත් එයාට මාව ඇහැන්නේ නෑ වගේ ඇවිදගෙන යනවා. හුළග හින්දම දෙපැත්තේ තියෙන අරලිය ගස් වල මල් හිටන් වැටෙනවා. හති වැටිලා හති වැටිලා මයේ දණ හිස් දෙකම පාර සිප ගනිද්දී මන් හති දදා එයාට මහන්සි කිව්වේ අත් දෙකත් බිමටම තියවෙද්දී මට . ඔව් මයේ අනු නතර වුණා. නතර වෙලා එයා පිටිපස්සේ බිම වැටිලා ඉන්න මයේ දිහා බැලුවේ හරි දුක්‌ බර විදිහට.

” අනූ……. කොහෙද යන්නෙ ආ….. මාව දාලා යනවද ඔයා. ඇයි බන් මන් ළගටවත් උබ එන් නැත්තේ… එච්චරටම පළි ගන්න එපා මනුස්සයෝ… අම්මියි අප්පච්චියි වගේම උබත් මාව දාලා යන්නද හදන්නේ.. ඇයි මෙහෙම කරන්නේ මට ආ….. කතා කරපන්…. ඇයි ඇ යි එ හෙම කරන් නේ   “

මට අවසාන වචන ටික කියන්න තරම් වත් කටහඩක්‌ පිටවෙන්නෑ. ඒ තරමට ඉකි ගැහෙනවා. මයේ පපුව හිර වෙන්න වගේ. ආයේ කදුළු පිහ දාන් මන් ඔලුව උස්සලා බැලුවේ ඉස්සරහ. එයා තාමත් ඒ විදිහටම මයේ දිහා බලන් ඉන්නවා ඇස් වල කදුළුත් පුරව ගෙන. හැබැයි එයා සුදු රෝස මලේ නටුව අතින් තද කරන් ඉන්නෙ. ලේ බින්දුව බින්දු බිමට වැටෙනවා.

” ඒයි අනූ ඕක අත ඇරපන්. අනූ පිස්සුද උබේ අතේ ලේ යනවා.. අනූ දෙයියෝ අහපන්….. අනූ අහ්  අනූ…..”

එයාගේ අතින් මදිවට නහයෙනුත් ලේ බින්දු දෙක තුන වැටෙන්න ගනිද්දී කෑ ගහගෙනම මන් ඉක්මනින් නැගිටින්න හැදුවත් මට වාරු ගන්න බැරිව ගියේ  මයේ මුළු ඇගම ඇදුම් කද්දී. හරියට මයෙ ඇගට විලංගුත් දාලා වගේ.

” ඔය මල අතැරලා මයෙ ළගට එන්න මැණික. මන් ආදරේනේ බන් උබට අනූ. කවුරු නැතත් උබට මන් ඉන්නවා දෙයියෝ….. ඇයි උබ ඔච්චර මුරණ්ඩු ආ.. ඇයි මේ… අ නු.. එ න්න “

එයාගේ නහයින් කටින් අතින් ලේ බේරුනත් එයා හිටගෙන මයෙ දිහා බලන් හිටියෙ මාත් මයෙ බොද වෙවී යන ඇස් වලින් ඒ රුව දිහා බලන් ඉද්දි. ඇයි දන්නෑ මයෙ හුස්ම හිරවෙනවා වගේ. එයාගේ චායාව බොද වෙනවා ටිකින් ටික. මයෙ ඇස් දෙක පිය වීගෙන යද්දි මන් අවසානෙට දැක්කේ එයාගේ ලේ වලින්ම භාගෙට තෙමිච්ච සුදු රෝස මල. ඔයාලා හැමෝම ඇයි මාවම තනි කරන්න බලන්නේ.

” අ න්නු…. “

මට ඇහැරුනත් හරි ඇහුනේ කපුටෙක් කෑ ගහන හඩක්. ඒත් එක්කම මන් අද දැක්ක හීනේ මතක් වුණත් හරි මයෙ හිතට දැනුනේ බරක්.  මහ කාල කන්නි හීනයක්.  කවදාවත් මට ඒවගේ එකක් හීනෙකින්වත් පේන්න එපා. කෑම උයන සුවදක්‌ අපේ කාමරේටම එනවා දැනෙද්දී මයෙ හිත පොඩ්ඩක් හරි සැනසුණා . සෙනසුරාදා නිවාඩු දවසක් නිසා මට හොදට නිදා ගත්තා මන්. රාහු පැටියා නම් මෙලහකට ස්වර්ණවාහිනිය දාගෙන කාටුන් බලනවා ඇති. සද්දෙත් ඔය ලාවට ලාවට වගේ ඇහෙන්නේ

” නැගිට්ටද…. ඇයි මේ දාඩිය අයියේ.. මේ උදේ පාන්දරත් රස්නිද ඔයාට. ඈ අයියේ “

මන් උත්තරයක් දෙනවා වෙනුවට එයාවත් තුරුල් කරන් මන් මයෙ මූණ ඒ බෙල්ල අස්සේ ඔබා ගෙන ඇස් දෙකත් පියාගෙන එයාගේ සුවද වින්දා. මට එයා ළගින් එන්නෙ රම්පෙ සුවදක්. උයන ගමන් වෙන්න ඇති මේ පැත්තට ඔලුව දාන්න ඇත්තේ මන් නැගිටලාද කියලා බලන්න . අනේ මේ උණුහුමට කොච්චර නම් හිත පිරෙනවද. සහස්ගේ අතින් බිදිලා ගියපු මයෙ හිත ආයේ ආයේමත් පණ ගහනවා.

” දකින්න අකමැති දෙයක්ම හීනෙන් දැක්කා අනූ. මහා බය හිතෙන හීනයක්. මතක් වෙද්දීත් මයෙ ඇගේ හිරිගඩු පිපෙනවනෙ මැණිකෙ… “

” මතක් කරන්න එපා ආයේ. නිදා ගන්න යන්න කලින් බුදුන් වැදලා භාවනා කරන්න අයියේ. නපුරු හීන ආයේ පේන්නෙවත් නෑ එතකොට “

මන් පොඩ්ඩක් එහාට්ට වෙලා බැලුවේ මයෙ මූණ දිහාම බලන් ඉන්න මයෙ අනුජ. ලා හිනාවක් ඇදිලා ඒ මූණේ . කොච්චර සැනසීමක්ද එයා මන් ගාවට වෙලා මෙහෙම ඉන්නවා කියලා දකිද්දී

” අහ් අමතක වුණා දෙයියනේ…….පරිප්පුව… එන්න යමු කුස්සියට “

එක පාරටම ගැස්සිලා කෑ ගහගෙනම මගෙ අතිනුත් ඇදන් ගියපු අනු මගෙ අතත් අත ඇරලා රෙදි කෑලි දෙකත් ඇරගෙන ලිපෙන් පරිප්පුව බාලා සැනසුම් සුසුමක් හෙළුවෙ මටත් හිනාවක් දාලා.  සුදු පාට දණ හිසටත් උඩින් තියෙන පුංචි කලිසම් කොටේකට අත් කොට කළු කමිසයක් දාලා හිටපු එයා හීන් දෑරී වෙලා ඇදිලා ගිහිල්ලා වුණත් කලින්ට වඩා ගොඩක් පාටයි.

” මන් හිතුවේ කර වෙලා කියලානෙ “

” සුවදයි අනු… තව මොනා හරි තියෙනවද උයන්න. මන් උයන්නද නැත්තන් “

” මන් උයලා ඉවරයි අයියේ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ. එන්න මූණ කට හෝදන් බත් කන්න. මන් තුන් දෙනාටම බෙදන්නම් බත්.   අ යියෙ ඇ යි මේ ම්………”

මන් ආයේ පාරක් මයෙ අනූව තුරුල් කරගෙන බෙල්ල අස්සේ මූණ ඔබන් ලොකු හුස්මක් පාත දැම්මා. කොච්චර වුණත් මට බයයි. ගොඩක් බයයි. මන් කැමති නෑ මන් ආදරේ කරන ටික දෙනා මයෙන් ඈත් වෙනවට. මේ වෙනකම් මට වුනේම ඒවගේ දේවල්

” මට ස් සමාවෙන්න අ නු “

” මන් කිව්වා ඕක මන්තර මතුරනවා වගේ කියන්න එපා කියලා. ඔයා එහෙම මට මොකුත් කළේ නෑ නෙ අයියේ… අනික මට ඔ යා මේ විදිහට ආදරේ කරන එක ම කොච්චර දෙයක්ද. මට පුදුමයි. මන් හරි ආසයි මන් ආදරේ කරන කෙනා ළග ඉන්න.  හිතුවේ නෑ මට මේ විදිහට ඉන්න පුළුවන් වෙයි කියලා ඔයා ළග..  කව්ද ඉතින් මන් වගේ ඔහේ වටේ ගියපු එකෙකුට කැමති වෙන්නේ “

” අනුජ නවත්තන්න ඇති ඔය. මන් හරි ආදරෙයි මේ අනූට. ඒකනේ ඉතින් මගෙ අනූව දැන් හරි මෙහෙම මන් ලගම තියන් ඉන්නෙ “

අනුජ හිනා වුණාට මන් දන්නවා ඒ හිනාව මවා ගත්ත හිනාවක් කියලා.
දවස් හතරකට කලින් රෑ මගෙ අනූට සිහි ඇවිල්ලා තිබ්බා. තුවාල ටිකත් ඔක්කොම හොද නිසා එයාගේ උදේන්ම ටිකට් කපන්න පුළුවන් වුණා. හැබැයි එයාව මන් ගෙදර එක්ක එන්න කලින් මන් එයාව ඇරන් ගියේ එයාගේ ඩොක්ට ළගට. කොච්චර වුණත් වෙච්ච හැමදේම මතක් වෙන්න ගනිද්දී එයාගේ මනසේ පීඩනේ වැඩි වෙන්න පුළුවන්. ඊට කලින් එයාගේ මනස හොද කර ගන්න පුළුවන් නම් ඒක එයාටම තමයි හොද. මොකද එයා ඔය නිහඩවම තාමත් හිනා වෙවී හිටියට මන් කීප වතාවක් දැක්කා එයාගේ ඇස් වලට කදුළු උනනවා. ඒ වෙලාවට එයා ඇහි පිලි එක ළග එක ගොඩක් ගහලා කදුළු එන එක පාලනේ කර ගන්නවා. නැත්තම් මන් එතැනින් පොඩ්ඩක් ගියපු හැටියේ ඉක්මනට ඇස් දෙක පිහද ගන්නවා. කොච්චර වුණත් එයාට රස්සාව නැති වෙච්ච එකටයි එයාගේ අයියා නැති වෙච්ච එකටයි දුක ඇති.  මේ වෙනකම් වත් එයාගේ අයියා ගැන මාත් එක්කලා වචනයක් වත් කිව්වේ නෑ. ඇත්තටම අනූගේ දින පොත නැත්තම් මන් මොනාද මෙයා ගැන දන්නේ. පිටින් පේන එයා ගැනයි අනිත් අයගේ කතා වලිනුයිනෙ මන් එයා ගැන දැන ගත්තෙ කලින්. කොච්චර පීඩනෙකින් ඉන්න ඇත්ද

” අම්මලාව බලන්න යමුද අනු ඊළග සතියෙ සිකුරාදවත් “

” අයියෙ… කරදරේ නේද ඔයාට වැඩත් එක්කලා. මන් ගිහිල්ලා බලලා එන්නම් අම්මලාව “

අනේ ඉතින් මට හිනා ගියා අනූ ඒක කියපු විදිහට. මේ කොල්ලා නම් තාම මාව හරියට තේරුම් අරන් නෑ .

” ඇයි දැන් අනූට මාත් එක්කලා යන්න කැමති නැද්ද ආ….. ලැජ්ජයිද “

             💥💥💥💥💥💥💥💥💥

” මාමේ බෙහෙත් වර්ග වල මිල කොහොමද දැන්. ලාභයිද ගිතෙල් එහෙම “

” අප්පේ පුතා ලාභයි ලාභයි ගිතෙල් නම්. අනිත් කඩවල් වලට වඩා අපේ කඩේ තමයි බෙහෙත් බඩු ලාභම. ඔය දරුවෝ දෙන්නට මොනාද ඕනේ කිව්වා නම් “

මායි දමියයි බයික් එකත් පැත්තකින් නවත්තලා ගියේ බෙහෙත් බඩු කඩේකට. ගොලිත බෙහෙත් බඩු කඩේ ගැන හොයා ගත්තු විස්තර එක්කලා මුදලාලිට සැක හිතෙන් නැති වෙන්න බඩු ගන්න ආපු දෙන්නෙක් වගේ අපි දෙන්නත් බඩු එකින් එක බලන්න ගත්තේ මුදලාලි එක්කත් කතා කර කරමයි.

” මට නම් නෙවෙයි මාමේ මෙයාට මේ අශ්ව තෛලේ ඕනී කිව්වා. ඒක මේ මුදලාලිට කියන්න ලැජ්ජාවේ ඔය “

අනේ ඇත්තමයි මූව ගෙනාපු මට ගහන්න ඕනී පොල් පිත්තෙන්. මොන ලැජ්ජා නැති කට කැඩිච්ච කතාවක්ද මේ දමියා කිව්වේ. මුදලාලිත් හිනා වෙනවා. ඒ අස්සේ මේකා මට ඇස් ගහනවා. යමන්කෝ එළියට කරන්නම් හොද වැඩක් . උගෙ මිනිහට තමයි රා බෝතලේකට අශ්ව තෛලේ දාලා දෙන්න ඕනී දමියගේ වක්කඩේ වහන්න.

” අප්පේ කොල්ලෝ මොකට ලැජ්ජා වෙන්නද. ඔය කාලේ ඔහොම තමයි ඉතින්. අශ්ව තෛලේ නෙවෙයි තවත් බෙහෙත් වර්ග දෙකක්ම ඕන් ආයුර්වේදයෙන් දාලා තියෙන්නේ.   ආයේ බින්දු දෙක තුනක් බිව්වත් ඇති පණ ගහලා එන්න. ගොඩක් කොල්ලොත් ඕක ඕන් ගෙනිච්ච පුතා. මන් කියනවට ආ මේ බෝතලේ අරන් මූඩියෙන් එකක් බීලා බලන්නකෝ……. පැය ගානක් යනකම් සතුටු වෙන්න පුළුවන් යසට. මහත්තයා යාලු ගෑණි දැරිවියටත් දීලා බලන්නකෝ මේකෙන් පොඩ්ඩක්.  පිස්සු හැදිලා වගේ දගලයි “

” බෝතල් දෙකක්ම දෙන්නකෝ මාමේ එහෙනම් “

මන් ඔහේ ඒ මුදලාලි දිහා බලන් ඉද්දි දමියා මුදලාලි අතේ තිබ්බ කුප්පියයි තවත් කුප්පියකුයි අතට ගත්තෙ කිසිම ලැජ්ජාවක්‌ නැතිව. මේ මුදලාලිටත් ආයේ දෙයක් නෑ. තනිකරම කපටි කයිරාටකයෙක් වගේ

” මාමේ අර පැත්තෙත් බෙහෙත් බඩුද තියෙන්නේ එතකොට “

” ආ ඔව් පුතා. ඔය ගොඩවල් ගහලා වහලා තියෙන්නේ බඩු තමයි. තොග පිටින්ම එවන ඒවත් තියෙනවනෙ දරුවෝ ඉතින් “

කෝකටත් මන් තව බෙහෙත් තෝරනවා වගේ පිටිපස්සේ කෑල්ලටත් ගිහිල්ලා බැලුවා. දමියත් එක්ක මුදලාලි කොච්චර කතා කර කර හිනා වෙවී හිටියත් ඒ ඇස් සැරින් සැරේ මේ පැත්තට ආව එකින් මට තේරුණා හොයා ගත්තු විස්තර ඇත්ත වෙන්න ඇතියි කියලා.

” ආ උබ මේක තියා ගනින්. මන් මේක තියා ගන්නම්. උබයි හාමුයි අරක කරන්න විනාඩි දහයකට විතර කලින් මේකෙන් මුඩියක් බීල ඉදහන් “

” පිස්සුද බන් තොට. අපි දෙන්නට ඒක කරන්න මේවා බොන්න ඕන්නෑ ආයේ “

” ඔව් ඔව් මටත් පේනවා ඒක උබ දැක්ක ගමන්. ඒවුනාට මන් කියනවට පොඩ්ඩක් බීලා බලන්නකෝ ඇගට වෙනමම මෙව්වා එකක් එන් නැද්ද කියලා “

ඒකගේ කටේ බලේට ඔන්න ඔහේ මාත් මගෙ නයි මල්ල අස්සට කුප්පිය දා ගත්තා. අද රෑට එහෙනම් බීලා බැලුව නම් හරි චුට්ටක් වෙන්න .

” රන්දුනු සර් මට කතා කරාද “

” අහ් වාඩි වෙන්න නිලූෂ.  ඔයාලා හතර පස් දෙනාගේ වැඩේ ඉවරයිද. අපි ඉක්මනට උප පොලිස්පති තුමාට ඒ ටික දෙන්න ඕනී සාක්ෂි එක්කම “

මන් රන්දුනු සර්ට කතා කරන්නම් කියලා හිටියා වුණත් ආව හැටියේ අරුන් ටික අපි දෙන්නව තේ බොන්න ඇදන් ගියානේ.  විහාගේ අම්මා අපි පස් දෙනාට පොල් රොටියි කට්ට සම්බෝලුයි එවලා තිබ්බා.

” ඔව් සර් එහෙම කරන්න පුළුවන්. අපි ගොඩක් සාක්ෂි දැනටමත් හොයාගෙන ඉවරයි සර්. මන් සර්ට ඒ ටික ගෙනල්ලා දෙන්නම් ඔක්කොම ටික හරි ගස්සලා “

” ම් ඒක හොදයි. ඉක්මනට ගෙනල්ලා දෙන්නකෝ මට “

සර් ආයේ ලියකියවිලි වගේකට මූණ ඔබා ගනිද්දී මන් නැගිටලා ගියේ පහළට. හොයා ගත්ත ඔක්කොම තොරතුරු දැන් පිළිවෙලක් කර ගන්න එපැයි සර්ට දෙන්න කලින් .

මන් බයික් එකෙන්ම හිල්ලාවට එද්දි තුනහාමාරටත් කිට්ටුයි. හාමුට නම් ඉස්කෝලේ නිවාඩුත් එක්කනේ. අපේ පුංචි වලව්වේ කඩුල්ල දිගේම දැන් ගැට පිච්ච වැල් ගිහිල්ලා යසට .  මහ වලව්වට වඩා අපේ පුංචි වලව්ව දැන් හරි ලස්සනයි. ඇයි ඉතින් නුවර ගොඩක් දක්ස ගෙවල් ඉඩම් සැලසුම් කරන ජිනෙ මහත්තයනෙ අපේ වලව්වේ සැලසුමත් හරි ගැස්සුවේ. අපි පුංචි වලව්වේ පදිංචියට යන්න කලින් දවස් පහක් යනකම් එක දිගට පිරිත් කරලා අවසාන දවසෙ මහා දානයකුත් දුන්නා.

” අහ් නිලූෂ ඔහොම බය කරන්න එපා ඕයී. තව පොඩ්ඩෙන් මයෙ කකුලේ ඇගිලි ටික චප්ප වෙනවා “

” පිස්සුද මයෙ පුංචි හාමුව මන් එහෙම හප්පනවද. කෝ නුරාද ආ.. වෙනදා මේකේ සද්දෙට එනවනෙ දුවගෙන “

හාමු ලොකු හෝස් එක ඇද ඇද පුංචි පැළ තවානට වතුර දානවා. පොඩ්ඩක් බය කරන්න හිතාන වේගෙන් ආපූ මන් එයාගේ කකුල් දෙක ළගින්ම බයික් එක නතර කරේ හාමුත් මට කෑ ගහද්දි.

” ඕන් සීයා ගෙදර යන්න ඕනී කියලා ගියේ උඩ දාගෙන බයිසිකලෙන්ම “

” කමක් නෑ එයිනේ කොයි වෙලාවේ හරි “

පැටියගේ බයිසිකලේ පිටිපස්සේ රෝදේට දෙපැත්තෙන් තවත් පොඩි මහත රෝද දෙකක්‌ හයි කරලා නිසා බය වෙන්න දෙයක් නෑ. වෙලාවකට ඉස්සරහ කුඩේ එයා පුංචි කළු පාට පූස් පැටව් තුන් දෙනාම දාගෙන වලව්ව වටේ සින්දුවක් කිය කියා බයිසිකලේ පදිනවා. සුදු පාට පූස් පැටියා නිර්මාල් ගෙනිච්චා. සම්බෝලයව මනුජ අරන් ගියා. දැන් ඉතිරි කළු පාට පූස් පැටව් තුන් දෙනා විතරයි. හාමුගේ සුදු මහත්තයා වගේ නෙවෙයි මුන් තුන් පුදුම විදිහට සෙල්ලම් කරන්නෙ. නුරාදත් මුලින් මුලින් මේ තුන් දෙනා එක්කලා තරහ වෙලා වගේ හිටියත් දැන් බලන්න ඕනී එයා.

” නුරා……… ද නුරාද නු රා…… ද එන්න පුතා… චූටි අප්පච්චි ආවෝ…. නුරා ද “

” ඕ…….. මන් එනෝ අප්ප ත්ති.. බායි තීයේ…. බා…යි බා…..යි බායි “

මන් ළිදෙන් වතුර ඇද ඇද නා ගත්තේ පැටියා කතා කරන දේවලුත් අහගෙන. හාමු මෙහෙ ඉදන් බෙරිහන් දෙනවා පැටියට. නුරාදත් දෙවැනි නෑ ඉතින්. මන් වේලිච්ච නියන් වැටකොලුව අරන් හොදට කුණු අතුල්ල ගෙන ආයේ වතුර බාල්දි ඇගට හලා ගත්තා.

” කු මදේ නූෆි පතියා එන්ත ඉදු ඉදු ඉදු… පූත් පූත් පූත් තූෆි වූෆි එන්ත ඉදු ඉදු ඉදු…. කු ඔලාලා පූත් පූ…..ත් “

” එයාලා ඕන් එළියේ නුරාද . ටොටෝ කරන්න යන්න ඇති. කෝ එන්න ආ මේ බත් කට කන්නකෝ පැටියෝ “

” කු බිත්තල කාල්ල “

බත් කටක් කන්න කලින් පැටියා හොයන්නේ හාමුගේ අතේ තියෙන බත් ගුලියේ බිත්තර කෑල්ල කොහෙද කියලා .  අද නම් මයෙ හාමු තවුසි කොළ මලවලා හින්දා බත් පිගානක්ම කන්න පුළුවන් බඩ පැලෙන්න.

” හාමු අද තේ වත්තේ දිහාට ගියේ නෑ..”

” ගියා නිලූෂ. අප්පච්චි එක්ක උදේ ගිහිල්ලා ආවේ. නුරාදත් ආවා මාත් එක්ක “

සමහර දවස් වලට මයෙ හාමු මහත්තයත් යනවා ලොකු හාමු එක්කලා තේ වත්තට වැඩ බලන්න. මේ සැරේ පොල් වත්තෙ අදායමත් හාමු තමයි ගත්තෙ.

” තෙල් එක මයෙ කොන්ඩේ ගාන්නකෝ පොඩ්ඩ පොඩ්ඩ “

” කන්නාඩිය ළගට ගිහිල්ලා පොඩි බංකුව අරන් වාඩි වෙන්නකෝ හාමු. මන් මේක තියෙලා අතත් හෝදගෙනම එන්නම් “

මන් කුස්සියට ගිහිල්ලා කෝප්පෙත් පැත්තකින් තියෙලා රට ඉදි ගෙඩියකුත් කටේ දාන මන් ගියේ අපේ කාමරේට. මන් එද්දි හාමු බංකුවෙන් වාඩි වෙලා තෙල් කුප්පියත් අරන් බලන් ඉන්නවා.  අනේ මන්දා මේ තෙල් ඔලු කට්ටට ගියොත් සෙම එන්න පුළුවන්. අරූද කොළයි කී කිරිදි කොළයි රන් තැඹිලි තෙලුයි එක්කලා හදලා තියෙන්නේ. මයෙ හාමුගේ බෙල්ල ළගට වෙනකම් තියෙන කොන්ඩේ මන් හීන් සැරේ ලී පනාවෙන් පිරුවේ ඉස්සරහ කොන්ඩේ මූණට වැටෙන්න දාලා. ඉස්සරහ කොන්ඩේ තියෙනවා හාමුගේ නහයේ ගෑවෙන්න. තද කළු පාට ඝන කොන්ඩෙට මන් පොඩ්ඩ පොඩ්ඩ තෙල් ගෑවා. පැටියගේ කොන්ඩේ නම් හාමුගේ වගේ මෙච්චර තද පාටත් නෑ. තනි ඉත්තෑ කූරු කොන්ඩේ කෙලින්ම පහළට කඩා ගෙන වැටෙනවා පැටියගේ නම් .

” හොල ගෙදියා මදේ  හනේ හනේ …. අයි තූති අප්පත්ති මත පනි එත දුන්තත්තේ ආ….. හොලෙන් බොන්ත නේත ඔලා මේත හන්දන් හිතියේ බාන්න ඉතින්… “

” ඒයි ඒයි පැටියෝ රත්තරන් කෝ මැණික දෙන්න ඕක මෙහාට්ට ආ…. බොන්න එපා යකෝ… “

මන් කුප්පිය ඇදලා ගත්තත් පරක්කු වැඩි කුප්පියෙන් භාගයක්ම කොල්ලා කලින්ම බීලා වගේම දැනුත් පැටියා මන් උදුරන්න කලින් උගුරක් බීලා මයෙ දිහා බලන් හිටියේ ඇසුත් ලොකු කරන් . හත්තික්කේ දැන් මන් මොකද කරන්නේ. හාමුත් මන් දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉදලා මන් හිතන්නත් කලින් මයෙ අතේ තිබ්බ කුප්පිය උදුරලා අරන් ලේබලේ බලන්න ගත්තෙ මන් ඔලුවට අත ගහ ගනිද්දී. මට ඕක හංගන්න අමතක වුණා නෙ යකුනේ. බලාගෙන ඉද්දි හාමු නිකන් රතු වෙනවා වගේ මට පේන්නෙ හරියට . 

” ඇයි මේ……. නිලූෂ ඇයි මේවා ගේන්නේ ආ….. ඔයාට මන් දෙන එව්වා මදි නිසාද ආ මේවා උස්සන් එන්නෙ… මන් හොද මදිද දැන් ආ… කෝ උත්තර ඈ……”

” අයියෝ…. හාමු වැරදි විදිහට හිතන්න එපා දෙයියනේ. මන් මේ පොඩ්ඩක් බලන්න ගෙනාවේ “

මොනා කියන්නද කියලා මට හිතා ගන්න බෑ . ඒවුනාට මන් දන්නවා දැන් හාමුගේ කටින් හිතා ගන්න බැරි විදිහට ලොකු දේශනාවක් දෙන්න යන්නෙ කියලා. හාමු ගැන දන්න ඕනී කෙනෙකුට දැක්ක ගමන් ඒක කියත හැකියි

” තූති අප්පත්ති… පතියත තුත්තක් බද මොතදෝ වෙනෝ වදේ නේ තූ බලයි වදේ “

මටත් හොද වයින් දෙකක් ඔරවගෙන ඒ මදිවට මට පේන්නමද කොහෙදෝ කුප්පියේ ඉතිරි භාගෙත් එයාම කටේ හලා ගෙන කුප්පිය මගෙ අතේ ගහලා පැටියා වත් වඩා ගෙන ගියේ එළියට. මට තාම හිතා ගන්න බෑ.ඒ මොන වින්ජුම්බරයක්ද ඒ වුණේ. බිව්වා නේද ඔක්කොම ටික. මුදලාලි කිව්වේ මුඩියෙන් එකයි කියලා. ඒවුනාට බෝතලේ තියෙන්නේ මුඩියෙන් භාගයක් බොන්න කියලා. විනාඩි විස්සකින් පසුවලු බෙහෙත ඇගට අල්ලන්නේ කියලා තියෙන්නේ. අප්පේ ඒක නෙවෙයි මන් අඩියත් ඉක්මන් කරලා ගියේ කුස්සියෙ පැත්තට කුප්පියත් පැත්තකින් තියෙලා .  හාමු නම් ඉන්නව කොල්ලගේ කලිසම අන්ද අන්ද කුස්සියේ ඉස්තෝප්පුවේ .

” අලේ අප්පත්ති තා තූ බලයි වදේ නෙ. පතියත අමාලුයි ගුදක් ආ…. මේ බාන්නකු අප්පත්ති… තූ මේතේ පිලෙනවද කෝදෝ ඈ……. ම ත බ යයි… තූ දාන්ත ඕලි….. “

” චූ බරක් නෑ පැටියෝ… ඕකේ චූ පිරිලත් නෑ බය වෙන්න එපා කෝ යමුකෝ බයි ගන්න දැන්. එතකොට හරියයි “

හාමු ආයේ කලිසම අන්දලා අඩන පැටියවත් උස්සන් ආයේ කුස්සියේ පැත්තට හැරෙද්දී තමයි මාව දැක්කේ. මයෙ හාමුගේ තරහ නිවිලා වගේ.

” තූ ති අප්පත් ති තූ බ ල යි à·€…. “

මයෙ උර පත්තෙම කොල්ලට නින්ද යාගෙන එද්දි තාමත් පැටියා එයාගේ කලිසම අල්ලන් නින්දෙන්ම චූ බරයි කියද්දී මන් කොල්ලගෙ ඔලුවත් අත ගාලා ගිහිල්ලා තිබ්බේ අපේ කාමරේ ඇදෙන්.

” හාමු ඒයි යන් නිදා ගන්න. පැටියා නිදි “

” ම්….. “

මන් ඉස්සරහට එද්දි දැක්කේ හාන්සි පුටුවේ නින්ද ගිහිල්ලා ඉන්න මයෙ හාමුව.  සරමත් කුඩාරම් ගහලා . පව් මන් නුරාද නිදි කරන කම්ම ඉන්න ඇති. හොද වැඩේ ඔක්කොම ටික බිව්වනේ ඉතින් මටත් රව රව.  ඒ ගිනියම් වෙච්ච ඇග උඩට ආව මන් හාමු අඩ නින්දේ හිටියා වුණත් එයාගේ දාඩියෙන් තෙත් වෙලා තියෙන බෙල්ලෙ ඉදන්ම හාදු දෙන්න ගත්තෙ එයාගේ කටින් හෙමීට හෙමීට කෙදරිලිත් පිට වෙද්දී.

“  අප්ප ත්ති….. තූ ති අප්පත්ති… අප්ප ත් ති අලේ තූති අප් පත්ති…. පතිය ත බදගි නි අලේ…  කු කු…. නැදි තින් තකු… කෝ ඔලාලදේ සාම… තූති අප්ප ත්ති පති යත බද ගි නි..”

පැටියගේ නිදි බර කටහඩ එක්කලම මයෙ අතක් හෙලවෙද්දී මන් හෙමින් හෙමින් ඇස් ඇරියත් හරි දැක්කේ පැටියා ඇසුත් පොඩි කර කර ඈනුම් යව යව තාම මගෙ අත හොල්ලනවා. අප්පච්චියෙ තාම මායි හාමුයි ඇද ළග බිම ඔහේ නිදි නූල් පොටක් වත් නැතිව. නැගිට්ට හැටියේ මන් ශිට් එකෙනුත් මයෙ හාමුව වහලා මයෙ ඇගට යට වෙලා තිබ්බ සරමත් ඉක්මනට ඇද ගෙන නිදි කිර කිර හිටපු පැටියවත් වඩා ගෙනම එක්ක ගියේ කුස්සියේ පැත්තට.
මයෙ මුළු පිටම දනවා. අත් හිටන් තැන් තැන් වල නිල් වෙලා. ශික් ඊයේ දන්නෙම නැතුව නින්ද ගිහිල්ලනේ මට.

මන් තාමත් නිදි මතේ ඉන්න පැටියව එයාගේ පුංචි පුටුවෙන් වාඩි කරවලා වතුර වීදුරුවකුත් බීලා ලිප පත්තු කරන්න ගත්තෙ ලිප් බොක්කේ හිටපු හාමුගේ සුදු මහත්තයවත් අයින් කරලා

” ඉන්න පැටියෝ චූටි අප්පච්චි ඉක්මනට මගෙ පැටියට කුක්කු එක හදලා දෙන්නම්කෝ හාද වස්තු “

” à·„ ලි… “

             💥💥💥💥💥💥💥💥

ගිහිල්ල එන්නම් යාලූලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

ගොඩාරියක් ඉස්තුතියි යාලුලා අදහස් කරනවට 🙏❤️❤️❤️

වෝට් කරන යාලූලටත් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️❤️

කතාව කියෝන යාලුලාටත් ගොඩාරි යක් ඉස්තුතියි 🙏❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 79