À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා

A+ A-

” ඉක්මන් කරන්න බැරි ද නිලූෂ. මනමාලියක් හරි ගස්සනවා වගේනේ පුතාව හරි ගස්සන්නේ “

” පොඩ්ඩක් ඉන්න කෑ නොගහ. අපේ පැටියා ලස්සනට යන්න එපැයි. “

අද අපෙ චූටි බටිති පැටියා හා හා පුරාම කියලා ඉස්සෙල්ලාම පෙර පාසලට යන දවස. ඉතින් චූටි තද නිල් පාට කලිසමට සුදු පාට කමිසේ ඇදලා ඊට උඩින් ලා නිල් පාට අත් නැති හීනි පටි දෙකක් තියන තවත් කමිසයක් ඇදලා ඉන්න නුරාද හරි ලස්සනයි. මන් මේ චූටි ලේන්සුවක් ඒ කමිසේ අමුණලා පැටියගේ තලෙලු මූණට සුවද පුයර ටිකක් ඉලුවා වෙද්දී හාමු මහත්තයා මයෙ කාමරේට ඇවිල්ලා කෑ ගැහැව්වා පරක්කු වෙනවා කියලා .

දෙසැම්බර් මුල් සතියෙ තමයි ඉතින් ආයේ අලුතින් පෙර පාසල් පටන් ගන්නෙ. පොඩි බේබී කමනි නැන්දට කියෙලා කිරි බතක් හදද්දී මන් පුතාට හොරෙන් එයාට ගත්ත චොකලට් කෙක් එක බේබීගෙ කාමරේ තිබ්බා.  මන් කොල්ලව ලෑස්ති කරනකම් බේබී එයාගේ මේසේ ලස්සනට හරි ගස්සල ඇති කෙක් කපන්න.

” ඔන්න හරි රන් කොටේ “

පැටියව එහෙන්ම වඩා ගත්ත මන් එයාව දුන්නේ බේබිගේ අතට.

” යන් කාමරේට ඉක්මනින්. අම්මා එයාගේ කාමරේ ඇදුමක් මහනවා “

එහෙම කියපු බේබී පැටියවත් අරන් ඉස්සර වෙද්දී මාත් ඒ පස්සේ ගියා. කෙසෙල් කොළේක කපාපු කිරිබත් කැටයි ආනමාලු කෙසෙල් ඇවරියයි චොකලට් කෙක් එකයි මේසේ එල්ලලා තිබ්බ බැලුම් බෝල කීපයයි එක්ක බේබිගේ කාමරේ හරි ලස්සනට තිබ්බා .

         ……………………………..

” ආ කපන්න පැටියෝ.  කෝ අර කැමරාව දිහත් බලන්න “

පැටියා කෙක් කෑල්ල කපන එකත් නතර කරලා ඉස්සරහ බලද්දීම නිලූෂ අපි දෙන්නාගේම ෆොටෝ එකක් ගැහැව්වා. මේ ළගදියි අපි දෙන්නා සල්ලි දාලා අලුතින් කැමරාවක්‌ ගත්තේ අපේ ඇල්බම් එක ෆොටෝ වලින්ම පුරවන්න .

” නිලූෂ කෝ මෙහාට එන්න”

කෙක් කපන පැටියගේ අතිනුත් අල්ලන් ඉන්න නිලූෂගේත් මන් ෆොටෝ එකක් ගැහැව්වා.

පැටියාට මායි නිලූෂයි දෙන්නම කිරි බත් කට කට කවලා අපි තුන් දෙනාම කිරි බත් කාලා බුදු මැදුරට ගිහිල්ලා මල් පහන් පුජා කරලා බුදුනුත් වැදලා ගියෙ වාහනේ ළගට.

” නිලූෂ… පැටියා එක්කලා මෙතැන ඉන්න කෝ මන් තව ෆොටෝ දෙක තුනක් ගහනකම් “

අපෙ වලව්වත් එක්කලාම වැදෙන්න මන් මයෙ නිලූෂගෙයි පැටියගෙයි දෙන්නගෙම ෆොටෝ එකක් ගත්තා.

” දැන් වත් යමුද නැත්තම් පරක්කු වෙයි හොදේ පැටියට “

නිලූෂ එහෙම කියද්දී මන් කැමරාවත් මල්ලට දාගෙන ගියෙ වාහනේ ගන්න.
පැටියා නම් පෙර පාසලේ කොහොම හැසිරෙයිද දන්නෑ. අදුරන්නැති ළමයි ගාව අපෙ කොල්ලා ඉන්න හරි බයයි. අප්පච්චි එක්කලා ආපු ලොකු නැන්දගේ පොඩි එකා වලව්වෙන් යනකම් වත් නෙවෙයි අපෙ පැටියා ඒ දරුවා ළගට ගියෙ වත්. කොච්චර ඒ දරුවා කතා කරත් නුරාද බය වෙලා එන්නෙ නිලූෂ ළගට නැත්තම් මයෙ ළගට.

” යමු පැටියෝ. යාලුවෝ ඇවිල්ලත් ඇති “

පැටියවත් එක්කරගෙන නිලූෂයි මායි ඇතුළට යද්දි ළමයි දහ පහළොස් දෙනෙක් විතර ඇවිල්ලා ඉස්සරහ පුටු වලින් වාඩි වෙලා හිටිය නිසා පැටියවත් අපි චූටි ගෑන් ළමයෙක් ළගින් වාඩි කෙරෙව්වා.

” නිලූෂ මන් අර කිව්වේ පැටියා අපිවද කොහෙදෝ හොයනවා “

නුරාදව වාඩි කරවලා අපි දෙන්නා ආවේ දෙමව්පියෝට වෙන් කරල තියෙන පිටිපස්සේ පුටු වලට. ඒත් වැඩි වෙලා යන්න කලින්ම කොල්ලා නැගිටලා පුටුවත් අතින් අල්ලාගෙනම මූණත් බෙරි කරන් අපිව හොයනවා.

” පැටියව පොඩ්ඩකට අරන් එන්නම් “

” එපා එපා ඔහොන්ම සද්දේ නැතුව ඉමුකෝ පොඩ්ඩක් බලා ගෙන. නැත්තන් මේ කොල්ලට අපි දෙන්නා නැතිව මොනවත් කර ගන්න බැරි වෙයි “

නිලූෂ යන්නම් කියෙලා නැගිටින්න හැදුවත් මන් ඒ අත අල්ලන් නතර කරේ නුරාදගේම හොදටයි.

” අර පේන්නැද්ද ආ කොල්ලට හීල්ලෙනවා දෙයියනේ. “

” පොඩ්ඩක් ඉන්නවකෝ. අර දැන් ආන් ටීචලා දෙන්නත් එනවා නිලූ… ඒ යි “

ටීචලා දෙන්නම ඉස්සරහට ඇවිදිල්ලා පොඩි එවුන්ට කතා කරගෙන යද්දිම හූල්ල හූල්ල හිටපු අපෙ කොල්ලා එහෙන්ම පුටුවේ වාඩි වෙලා මූණ එයාගේ ඔක්කේ ඔබාගෙන අඩන්න ගත්තා වෙද්දී නිලූෂ එක පාරටම නැගිටලා ඉස්සරහට ගියා.  නිලූෂ පැටියා ළගට එද්දිම වගේම එක ටීච කෙනෙකුත් අපෙ පුතා අඩනවා දැකලා එතැන්ට ගියා.

ටීච එක්කලාත් මොන මොනවදෝ කතා කරපු නිලූෂ පැටියට අපි ඉන්න තැනුත් පෙන්නලා ඒ නළලට සිපුමක් තියෙලා ආයේ ආවේ මෙතැන්ට.

” ටීච මොකද කිව්වේ “

” නුරාද ඔහොම හිටිද්දෙන් ටීච ඉන්නවනෙ කියලා කිව්වා “

” ඒකනේ මන් කිව්වේ ඔයාට නිලූෂ. ඇඩුවත් ගණන් ගන්න හොද නෑ. තව දවස් ටිකක් යද්දි හරි යාවි. මටත් දුකයි තමයි ඉතින්. දුකයි කියලා මොනා කරන්නද. කොල්ලා සමාජෙට හුරු කරන්න ඕනි. “

මන් එහෙම කිව්වත් පුටුවේ වාඩි වෙලාම අපි පැත්තම බලන් ඉන්න පැටියා දිහා නිලූෂ ඇස් හීනි කරන් බලන් හිටියා මිසක් මොනවත්ම කිව්වේ නෑ.

” මෙහෙමයි ළමයගේ තාත්තේ දරුව ගැන අපි දෙන්නම බලා ගන්න නිසා බය වෙන්න එපා. ගෙදර ඉදලා ඉදලා පිටතැනකට එද්දි ඔහොම තමයි මුලදී. පස්සේ හරි යාවී. එයාලා තාම අලුතින් නිසා මේ පාළොස් දෙනා ගැනම විශේෂයෙන් බලනවා “

” හරි ටීච අපි ගිහිල්ල එන්නම් “

” හරි දරුවගේ තාත්තේ. ළමයා ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා. “

ටීචලා දෙන්නා දෙමව්පියෝ හැමෝටම යන්න කියද්දී මාත් එක්කලාම නිලූෂ ගිහින් ඒ ටීචලා දෙන්නට ආයේ කිව්වා නුරාදව හොදට බලා ගන්න කියලා වෙද්දී එයාලා හිතලා තියෙන්නේ නිලූෂ අපෙ පැටියගේ තාත්තා කියලා. 

” ඔච්චර බය වෙන්න එපා නිලූෂ. ටික දවසක් යද්දි හරි යයි “

” පැටියව තනියෙන් තියෙලා එන්න මොකදෝ වගෙ හාමු “

එයා එහෙම කියලා වාහනේට නැගලා ඉදගෙන ඔලුව ෂීට් එකේ ගහගෙන ඇස් දෙක පියාගෙන හිටිය.

            ……………………………….

කමිසේ බොත්තම් එකින් එක ගලවලා දාපු මන් කලිසමත් ගලවලා සරමක් උඩින් දාන් තුවායයි සරමයි අරන් ගියෙ ළිද ළගට. ළිද ළගට ගියත් හරි මයේ ඇගම හිරි වැටිලා ගියෙ තිබුණු තද සීතළට.

කළු කරලා තිබ්බ අහස මන් සබන් උල උල ඉද්දැද්දිම වගෙ ගොරව ගොරව වහින්න ගත්තත් හරි මන් විජහට විජහට වතුර බාල්දි ටිකක් ඇගේ හලා ගත්තා.

” කොල්ලෝ මොකෑ උබ මේ හීතලේම ඔලුව තෙමා ගත්තේ. සෙමක් හෙම්බිරිස්සාවක්‌ හැදුනොත් අමාරුයි නේ “

” හන්දියේ පැත්තට ගිහිල්ලා ආපු නිසා දාඩියනේ නැන්දේ. ඒකයි නෑවේ ”

තුවායෙන් ඔලුව පිහ දදා මන් ඉද ගත්තේ කුස්සියේ බංකුවක් උඩ. 

” උබට කොත්තමල්ලි එකක් වත් වක් කරලා දෙන්නද බන්. මූණත් එක්කලා මැලි වෙලා ගිහිල්ලා සීතළටම “

මන් හිනා වෙලා ඔලුව හෙල්ලුවට පස්සේ නැන්දා කේතලේ ලිපේ තියෙලා ආයේ හාල් පොලන්න ගත්තා.

” නැන්දේ මටත් ඕනි  මොනා හරි හදලා බොන්න. මේ සීතලේ ඔලුවත් තෙමාගෙන මොකද ඔය ඔහොම ඉන්නේ. තාම කොන්ඩෙන් වතුර බේරෙනවා නිලූෂ “

කුස්සියේ පැත්තට ආපු බේබී හාමු නැන්දා කොත්තමල්ලි වක් කරනවා දැකලා එහෙම කියලා මයෙ උරහියේ තිබ්බ තුවායත් අරන් ඔලුව පිහන්න ගත්තා.

” අම්මා එයි හාමු “

” එන්නෙ නැහැ අනෙ “

අනෙ මන්දා බේබී ගෙ මේ වැඩ නිසා කමලා නැන්දා මොනා හිතනවද දන්නෑ අපි ගැන. අපි අපෙ කෝප්ප දෙකත් අරන් ආවේ මයෙ කාමරේට . බබා විස්කෝතු පැකට් එකක් කඩාගෙන ඒකෙන් එකකුත් අර ගත්ත මන් ඒක කකා කොත්තමල්ලි එක බොන්න ගත්තා.

” නිලූෂ “

” ම් ”

” මොනාද ඔච්චර කල්පනා කරන්නේ “

මන් ඈතක් බලා ගෙන අපි තුන් දෙනා ගැන හිත හිත ඉද්දි හාමු මයෙන් අහනවා මොනාද කල්පනා කරන්නේ කියලා. නුරාද පිටතැන් වලට පිට මිනිස්සුන්ට බයේ අඩනකොට මට‍ අපෙ පොඩි එකාව අරන් මයෙ තුරුලේ අස්සේ ඔබා ගන්න හිතයි. ඒකා ඒ තරමටම මේ මාස කීපය තුළ මට‍ තදේටම බැදිලා. එයා දැක්කම මටත් හිතෙනවා මාත් දැන් අප්පච්චියෙක් කියෙලා බේබී හාමු වගෙ. කොල්ලව හොදට හදා ගන්න ඕනි නිසා බේබී ටිකක් සැර කරනකොට පැටියා එන්නෙ මයෙ ළගට. නුරාද හොදටම දන්නවා එයාගේ අප්පච්චිගෙ ගුටි වලින් බේරෙන්න පුළුවන් වෙන්නේ මයෙ ළගට ආවොත් තමයි කියලා.  බේබී හාමු වලව්වේ නැති දවස් වලට තනියෙන් ඉන්නැතුව චූටියා එන්නෙ මාව හොයාගෙන වෙද්දී සමහර දවස් වලට මන් පාඩම් කරන්නෙත් ඒකා ඔක්කේ තියාගෙන.

ඉතින් කෝප්පේ පැත්තකින් තිබ්බ මන් මයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන් ඉන්න හාමු දිහාව බලලා මන් ඒ අත අල්ල ගත්තා.

” ඇයි මයෙ හාමු බේබීට කවදා හරිම මා එක්ක යන්න එන්න බැරිව මේ වලව්වෙම ඉන්න ඕනයි කිව්වේ එදා . ”

” මන් එදා නිලූෂට කිව්වා නේද අප්පච්චි මට‍ මේ මුළු වලව්වමයි වතු කෑළි ටිකයි ඔක්කොගේම තනි අයිතිකාරයා විදිහට ලියව්වයි කියෙලා. මට‍ ඒක ටිකක් සැක හිතුනා නිලූෂ. මොකද අප්පච්චි අයියට වත් පොඩිම කොටසක් වත් නොදී මටම ලියාපු එක ගැන. ඉතින් කෝකටත් මන් අප්පච්චිගෙ කාමරේට ගිහිල්ලා අම්මත් නැති එකේ කාමරේ හැමතැනම බැලුවා මොනා හරිම දෙයක් හම්බෙයි කියලා. ඒත් මට එතනින් හම්බ වුනේ මන් අත්සන් කරපු ඔක්කොම ලියකියවිලි තියන ලොකු ෆයිල් එකක්. මන් ඒක කියව කියව ඉද්දියි අප්පච්චි කාමරේට ආවේ. ඉතින් මට‍ පුළුවන් වුන්නෑ නිලූෂ ඒක අප්පච්චිගෙන් හංගන්න. අප්පච්චි මට කිව්වා එතැනදී මට‍ එයාගෙන් අයින් වෙලා දුරකට යන්න එපා කියලා. මොකද මේ වලව්වට ආයේ අයියා තියා කවුරුත්ම එන්නේ නෑයිලු. එනව නම් එන්නෙ අපි නැති දාක අම්මයේ පවුලෙ අය තමයි කියලා අප්පච්චි නම් කිව්වේ. කොහොමත් එයා අපි ගැනත් දන්නවද කොහෙදෝ නිලූෂ. මොකද අප්පච්චි මට‍ කිව්වා උබලා කැමති විදිහට මේ වලව්වේ ඇතුළේ ඉන්න කියලා හැබැයි අම්මා නම් කොහොම වෙයිද දන්නෑ කියලා කිව්ව.  අප්පච්චි ආයේ මයෙ ජිවිතේට ඇගිලි ගගහා කරදර කරන්නෙත් නෑයි කියලා කිව්වා. ඉතින් ඒ කියද්දී කොහොමද කියන්නකෝ මන් අප්පච්චිව දාලා යන්නේ නිලූෂ. එයා දැන් පොඩි එකාට හිටන් වෙනදා වගෙ මොකුත් කියන්නෑ. අම්මා එහෙම නුරාදට මොනා හරි ඇනුම් පද කිව්වොත් අප්පච්චි නම් අම්මට සැර කරනවා මොනාවත් කියන්න එපා පොඩි එකාට කියලා ”

එහෙම කියපු මයෙ හාමු කෝප්පෙත් පැත්තකින් තියෙලා මයෙ උරහිසේ ඒ ඔලුව තියන් මයෙ අතක් ඒ අත් දෙකෙන්ම බදා ගත්තා.

” මයෙ මහත්තයා මොකද කියන්නේ. තව ඕනි නම් අප්පච්චියි අම්මයි අවුරුදු පහක් දහයක් ඕනි නම් ඉදියි. පේන්නෑ අපේ අම්මටත් දැන් හොදටම සනීප නෑ.”

මයෙ හාමු ඉතින් කියවනවා. කොහොමත් අම්මා අප්පච්චි නැති මට‍ මයෙ හාමු බේබීව එයාලගෙන් ඈත් කරලා තව මයෙ ජිවිතේට පව් පුරව ගන්නේ මොකටද.

” අපි එහෙනම් වලව්වේ ඉමු හාමු. ඒ කියන්නේ බේබීගෙයි මගෙයි සම්බන්දෙට ලොකු හාමු අකමැත්තක් නැද්ද ම් “

” මන්දා. ඒත් එයා අකමැත්තක් පෙන්නන්නෑ . අපෙ අම්මා දැන ගත්තොත් තමයි ඉතින් මෙතැන සන්නි නටයි. “

බේබී හාමු කිව්වත් වගෙ මටත් ටිකක් හිතුනා ලොකු හාමු අපි ගැන දන්නවා ඇති කියලා.

          ……………………………….

මන් පැටියව ගන්න ආයේ පෙර පාසලට එද්දි දෙමව්පියෝ එයාලායේ ළමයි අරගෙන එනවත් එක්ක. මන් ඇතුළට යද්දි මයෙ ළමයා චූටි බෑග් එකත් ඔක්කේ තියන් පුටුවේ උඩ ඉදගෙන දෙමව්පියෝ එන දොර දිහාම බලන් ඉද්දි එයා මාව දැක්කත් හරි දුව ගෙන ඇවිල්ලා මයෙ ඇගේ එල්ලුනා. කොල්ලා හොදටම අඩලා වයේ. ඇසුත් ඉදිමිලා රතු වෙලා තිබ්බා.

” පැටියා මේ පුටුවෙන් වාඩි වෙලා ඉන්නවද ම් අප්පච්චි ටීච එක්කලා චුට්ටක් කතා කරලා ඉක්මනට එන්නම් හොදද “

” බා “

කොල්ලා බෑ කියාගෙන මයෙ කකුල් අල්ල ගත්තා වෙද්දී මන් කොල්ලවත් වඩා ගෙන ටීචටත් කතා කරලා ආවේ වාහනේට.

” මා පුතා මොකෝ ඔච්චර අඩන්නේ පැටියෝ ආ අප්පච්චි එනවානේ ඉතින් මයෙ නුරාදව ගන්න “

” ම් “

” පැටියට යෝගට් එකක් අරන් දෙන්නද “

මන් හිතුවා වගේම එයාගේ මූණට හිනාවක් ආවා. පැටියට යෝගට් එකකුයි කිරි එකකුයි අර ගත්ත මන් කිරි හට්ටි දෙකකුත් අරන් ආවේ වලව්වට.

” අහ්හ් මයෙ චන්ඩි කොල්ලා එනකම් බලා ගෙන හිටියේ මන් . මොනාද මට‍ දැන් ගෙනාවේ ආ “

වාහනේ නතර කරත් හරි නුරාද අපෙ ළගට ඇවිල්ලා දොරත් ඇරලා පැටියව වඩා ගෙන ඉඹින්න ගත්තා වෙද්දී නුරාදට ඒ නිසා කිති.  නුරාදගෙන් මොනාද ගෙනාවේ අහනකොට පැටියා කරේ පැත්තකින් ඒ දෙන්නා දිහා බලන් හිටපු මාව පෙන්නපු එක.

” කමනි…..කමනි……….. මේ කිරි ටික කෝප්ප වලට දාලා මුලේ තිබ්බ පැණි ටිකකුත් කිරි ටිකට වක් කරගෙනම ගෙනෙන් “

ලොකු මැණිකේ කමනි නැන්දට එහෙම කිව්වා වෙද්දී කමනි නැන්දා කිරි හට්ටි දෙක අරන් ගියෙ කුස්සියේ පැත්තට.

” ආ කොල්ලෝ උබ පෝරණුවේ උඩ මැස්සේ මුලක එල්ලලා ඇති පැණි මුල අරන් දීහන්කෝ “

මන් කුස්සියේ පැත්තට යනකොට කමනි නැන්දා කෝප්ප වලට කිරි බෙද බෙදා හිටියේ . පෝරණුවේ උඩට නැග්ග මන් පැණි මුලත් අරන් කමනි නැන්දා බෙදාපු මී කිරි කෝප්ප වලට උකුම උකු පැණි වක් කරගෙන යද්දි මේ පැත්තට චූටි යට කලිසම පිටින් දුවන් ආවේ නුරාද.

“  අහ්හ් හාමු à·„ පන්න එ පාහ්….. “

” හිටපන් කෝ මිනිහෝ කට පියන්. තව වේගෙන් වේගෙන් අහ් වේ…… ගෙන් අහ්හ් “

තද වැස්සට අපි දෙන්නගේ කෑ ගැහිලි පැටියට ඇහෙන්නැති නිසා හොදයි. බිමට එලාපු රෙදි කෑල්ල උඩම අපි දෙන්නා ආල රාග සන්නි නැටුවේ මුළු ඇගවල් දෙකම දාඩියෙන් තෙත් වෙලා යද්දි.

” තව එක පාරක් කරමුකෝ..  “

” හෙට උදේට මයෙ හාමු බේබීට ඇවිද ගන්න බැරි තරමට කැක්කුම් අල්ලයි තව එක පාරක් හරි කොරොත් . දැන් නිදා ගමු “

එහෙම කියපු මන් හති ඇර ඇර දිගා වෙලා ඉන්න හාමු බේබී මන් අත් දෙකෙන්ම උස්සන් ගියෙ ඇදට වෙද්දී මාත් ඇදෙ ඇලවුනේ බේබීත් මයෙ පපුවෙන් ඔලුව තියා ගනිද්දි.

      …………………………………….

” අහ් අම්මා කොයි වෙලේද ආවේ. මෙච්චර රෑ වෙනකම් කොහෙද හිටියේ “

එකට විතර පාඩම් කරලා ඉවර වුණු මන් කුස්සියට යද්දි වතුර බිබී හිටපු අම්මව දැකලා ගැස්සිලා ගියා. පපුවෙන් භාගයක්ම ඇරිලා තියෙන අත් නැති දණ හියෙනුත් ගොඩක් උඩට වෙන්න තිබ්බ ලේ රතු පාටට හුරු ඇගටම තද වෙච්ච එ ඇදුම අම්මගේ ලා කහ පාට සම නිසා කැපිලා පෙවුනා වෙද්දී මට‍ මතක් වුනේම නිලූෂ අයියා. එයත් මේ පාටමයි.

” පාටි එක දැන් ඉවර වුනේ.  ග්රෑන්ඩ් මාට සුප් එක දුන්නනේ “

” ඔව් මාමා “

එහෙම කියපු මන් වතුරත් බීලා ගියෙ ඇදට නිදා ගන්න. ඒත් එක්කම ඊයේ ග්‍රෑන්ඩ් මා කියපු වචන මයෙ කන් දෙකේ දෝං කාර දුන්නා.

” පුතා මේ ලෝකේ කාටද වැඩි පුරම ආදරේ කරන්නේ “

එකපාරටම මයෙ දිහා බලපු ග්රෑන්ඩ් මා එහෙම මගෙන් අහනකොට මන් දෙපාරක් නොහිතා මගෙ අප්පච්චි කියලා කිව්වා.

” මගෙ අප්පච්චිට “

” අප්පච්චි නමින් දිවුරන්න පුතා මන් මේ කියන ඒවා කිසිම කෙනෙකුට කියන්නෑ කියලා. කාටවත් කියන්න බෑ මන් මේ කියන කතාව හොදද”

ඉතින් මන් දිවුරුවා මගෙ නමින්ම. අප්පච්චිගෙ නම වත් මේවට ගාව ගන්නැතුව මන් මගේ නමින්ම දිවුරුම් දුන්නා.

” මයෙ චූටි දුවගෙ දරුවගේ තාත්තා ඔයාගේ අප්පච්චි නෙවෙයි පුතා. “

” කව්ද එහෙනම් ඒ කෙනා “

” ඔයාලගේ බාප්පි. අප්පච්චිගෙ එකම මල්ලි “

මේ කියන කතා කොහොමද මන් විශ්වාස කරන්නේ. බාප්පි එහෙම කෙනෙක් නෙවෙයි නෙ. එයා එයා නිලූෂ අයියා එක්ක ආදරේ කරනවා මන් මේ ඇස් දෙකටම දැක්කනේ. එයා අනික කැමති පිරිමින්ටනේ.

” නෑ ඔයාට වැරදිලා ග්රෑන්ඩ් මා බාප්පි එහෙම කෙනෙක් නෙවෙයි ග්‍රෑන්ඩ් මා. එයා එහෙම කෙ “

” එයා දැන් කොහොමත් එහෙම නෙවෙයි වෙන්නැති. මොකද දැන් ගොළු ළමයෙකුත් ඉන්නවනෙ ඕකට. මයෙ කෙල්ලට කරපු අපරාදෙට තමයි ඕකාගේ ගෑණි මැරිලා කතා කර ගන්නවත් බැරි ගොළු ළමයෙක් ඉපදුනේ. මයෙ කෙල්ල බඩ වුනේ උගේ අතින්. ඒකයි මයෙ කෙල්ලව විනාශ කරලා මොකුත්ම දන්නැති උපාසකයා වගෙ වලව්ව ඇතුළෙම ඉන්නේ. මයෙ මහත්තයා ඕකාගෙ ඔලුව වෙඩි උණ්ඩයකින් කුඩු කරලා දාන්නයි ගියෙ. ලොකු හාමු නිසා අපි ඉතින් ඉවසුවා. “

” පුංචිගෙයි බාප්පිගෙයි ඒ දරුවා කොහෙද දැන් ග්රෑන්ඩ් මා “

” ඒකව දුන්නලු අනාත නිවාසයකට. ළමයගේ අම්මා මැරිලා ගියාට පස්සේ කොහොමද අපි ඕකව බලා ගන්නේ දරුවෝ “

මට‍ හිතා ගන්න බෑ මේ මිනිස්සු කොයි වගෙ අයද කියලා. හිතත් පපුවක් නැතිව කොහොමද ඒ කිරි සප්පයව අනාථ නිවාසෙකට එහෙම දුන්නේ. අනෙ එයත් අද අපි එක්කම හිටියා නම් එයා දැන් ලොකු අයියා වෙනවනේ අපෙ. 

” ඒවුනාට ඔයාලගේ පලවෙනි මුණුබුරාට එහෙම නොකර ඉන්න තිබ්බා ග්‍රෑන්ඩ් මා “

එහෙම කියපු මන් ආයේ ආවේ කාමරේට. මගේ අයියා කොහේ ඉන්නවද මොනා කරනවද දන්නෑ. එතකොට ඇයි බාප්පි වත් මයෙ අයියව භාර අරන් නැත්තේ.

         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි ළමයි 🙏🙏

ගිහිල්ල එන්නම් 🤗🤗❤️

අදහස් වලට වෝට් වලට ගොඩක් ස්තුතියි යාළුලා හැමෝටම 💗💗💗💗💗💗💗💗💗💗💗

                      ………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිඅටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 29