À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා

A+ A-

” පොඩී පොඩී පොඩී……. කොහෙදෑ ළමයෝ ඉන්ටෙ…. පොඩි…. “

” ඉන්න අම්මේ එනෝ…. ”

මන් උයනේ පොකුණ ළගට වෙලා පැටියත් එක්කලා ටිකක් හිටිය විතරයි අපෙ අම්මා මට අඩ ගහන්න ගත්තා. සෙනසුරාදා නිසා ඉස්කෝලේ අද මට නැහැයි වෙද්දී කෑම කාපු මන් ටිකක් ඇවිදින්න ආවේ මෙතෙන්ට. දැන් නම් මයෙ අලි පැටියගේ අතත් ටිකක් හොදයි. ටිකක් හොද වුනාට මොකද අප්පච්චිත් නිලූෂට අද තේ වත්තේ වැඩට එන්න ඕන්නැහැයි කිව්වා.

” ඇයි කතා කරේ අම්මේ “

” අද මට පොඩි අක්කලා දිහා යන්ට ඕනෑ. මන් ගොහිල්ලා එනකම් පුතා පරිස්සමින් ඉන්ට. මන් එද්දි ඩිංගක් පරක්කු වෙයි. ගුණේ එක්කලාම උදේන්ම යා ගන්ට තිබ්බා නම් හොදයි. අප්පච්චි අද මා එක්කලා ඇවිදිල්ලා හෙට දිහාට්ට ආයේ වලව්වට ඔය එනවැයි කිව්වේ “

අම්මේ අම්මත් මේ ගොඩ කාලෙකින් එයාලගේ අක්කලායේ දිහා යන්ටේ.

” අම්මා මොකෑ හදිස්සියෙම එහෙ යන්නේ “

” කාලෙකින් ගියෙත් නෑ නොවෑ පුතේ. වැස්ස එන්ඩ කලින් යන්න ඕනී. “

අම්මා එහෙම කියෙලා ඇතුළට යද්දි මාත් පැටියා එක්කලා කාමරේට ගියෙ නුරදරට පාඩම් ටිකක් කියා දෙන්ට කියෙලා. කොල්ලට චිත්‍ර ඇද ඇද ඉදලම හරියන්නෙත් නැහැ නේ.

” පුතේ අම්මයි මමයි ගොහිල්ලා එන්නම්. හෙට දිහාට්ට මන් එනවා. පොඩ්ඩක් හවසටයි හෙට දවල්ටයි වතු දෙක බලන්න යන්ට. මන් සෝමෙටත් කිව්වා. මන් විගහට ගොහිල්ලා එනකම් වලව්වත් බලා කියාගෙන ඉන්න ඕනෑ ”

අප්පච්චි එක්කලාම ඉස්සරහ දොර දිහාට්ට යද්දි දැක්කේ මිදුලේ නවත්තලා තියෙන වාහනේ ඇතුළට නිලූෂයි ගුණේ මාමයි බඩු මලු දානවා. අම්මා නම් නැගලත් ඉවරයි.

එයාලා කඩුල්ලෙන් එළියට යන දිහා බලන් හිටපු නිලූෂ ළගට ගියපු මන් ඒ අත අල්ල ගත්තේ ලොකු හුස්මක් පිට කරලා.

” මොකෝ මයෙ හාමු සුසුම් ලෑවේ ආ “

” අපි තුන් දෙනාට නිදහසේ ඉන්න පුළුවන් නිලූෂ. මන් කමනි නැන්දටත් අද නිවාඩුවක් දෙන්නම් . “

මන් එහෙම කියද්දී වට පිට බලපු නිලූෂ එහෙන්ම මයෙ නළලට සිපුමක් තියෙලා මයෙ අතිනුත් අල්ලන් වලව්ව ඇතුළට ගියා.

” කෝ පැටියා කාමරේද බේබී “

” ඔව් මන් එයාට අකුරු ටික දුන්නා ලියන්න කියෙලා. දැන් ලියනවා ඇති කොල්ලා “

” ම් මන් කාමරේ අස් කරලා එන්නම්කෝ”

නිලූෂ එහෙම කියෙලා එයාගේ කාමරේ පැත්තට යන්න යද්දී මන් ගියෙ කුස්සියෙ පැත්තට කමනි නැන්දා හොයා ගෙන. මන් කුස්සියට එද්දිත් කමනි නැන්දා කුස්සිය අතු ගානවා.

” කමනි නැන්දේ “

” ආ පොඩි බේබී මන් දැක්කෙත් නෑ නොවෑ කුස්සියට ආවා කියලා. මොකක් හරි වෙන්න ඕනිද බේබී මයෙන් “

” එහෙම මොකුත් වෙන්න ඕනී නෑ නැන්දේ. මන් මේ කියන්න හැදුවේ නැන්නදට අදට මන් නිවාඩුවක් දෙන්නම් කියෙලා “

මන් එහෙම කියද්දි නැන්දා කොස්සත් පැත්තකින් තියෙලා මයෙ ළගට ආවා වෙද්දී මන් නැන්දට හිනා වුනා.

” එහෙම පුළුවනෑ බේබී. රෑට උයන්නේ කව්ද එතෝට “

” ආ ඒක නම් අපිට උයා ගන්න බැරියෑ නැන්දේ. නැත්තම් රෑට හන්දියට ගිහිල්ලා කන්න මොනා හරි ගේනවා නැන්දේ. නැන්දා ගෙදර යන්න කමක් නෑ ඒකට “

” අනෙ බේබී මන් එහෙනම් අතු පතු ගාලා එහෙම යන්නම්. බේබිලාට දවල්ටත් එක්කම කෑම තියෙනවා ඕන්. මොකක් හරි පණිවිඩයක් එහෙම දෙන්න ඕනී වුනොත් නිලූෂ පුතා අතේ පණිවිඩේ එවන්නකො මට‍. මන් විගහට එන්නම් පොඩි බේබී “

” හරි නැන්දේ . එහෙම වුනොත් මන් නිලූෂව එවන්නම්කො නැන්දේ “

එහෙම කියෙලා මන් ආයේ ගියෙ මයෙ කාමරේට වෙද්දී නුරාදයි නිලූෂයි දෙන්නා මයෙ ඇදෙ ඉදගෙන ජනේලෙනුත් එළිය බලන් බබා විස්කෝතු කනවා. නුරාදත් ලොකු වුනාට මොකද පැටියගේ විස්කෝතුමයි කන්නේ.

” ආ දෙන්නා හොදට තව ගිලින්න. දැන් අකුරු ලියන්න ඕනී මන් ද එතකොට නුරාද ඈ……….. මෙහාට්ට ඇවිල්ලා කරන්න කියපු වැඩ සේරම ඉවර කරලා කනබොන දේවල් කන්න බො න්න “

මන් ඉස්සල්ලාම කෑ ගහද්දි නුරාද ගැස්සිලා මයෙ දිහා බලලා ආයේ නිලූෂ දිහා බැලුවේ නිලූෂත් පොඩි එකා දිහා බලද්දී.

” අයියෝ මේ දැන්නේ අපි දෙන්නා මේ විස්කෝතුවක් කන්න පටන් ගත්තේ නේද පැටියෝ . පැටියගේ අප්පච්චිත් ඇවිල්ලා ඕනී නම් විස්කෝතුවක් කාලා නුරාද එක්කලා පාඩම් කරන්නකෝ “

හපේ හප්පේ මට මේකා නිසා තමයි මයෙ එකාවත් මට ඕනී විදිහට හදා ගන්න බැරි. ඔක්කොටම වඩා හපන් නිලූෂත් නුරාද වගෙ පොඩි එකෙක් වෙනවා නෙ වෙලාවකට ඉතින් . ඒවුනාට සමහර වෙලාවකට නම් නිලූෂ මයෙ අප්පච්චිත් වගෙ වෙනවා.

” අනෙ මන්දා නිලූෂ.. පොඩි එකා මැටි අලයක් වුනොත් අයියා මලෝ දෙන්නටම මන් කොස්සක් අරන් වලව්ව වටේට පන්නනවා හැබැයි ”

එහෙම කියලා මාත් ගියෙ ඒ දෙන්නා ළගට වෙද්දී නිලූෂ මයෙ ඔක්කේ ඔලුව තියා ගත්තා.

” හරි මයෙ හාමු බේබී. බේබී කොස්සක් අරන් පන්නද්දී මායි පැටියයි දෙන්නම වලව්වේ වටේටම දුවන්න පුරුදු වෙලා ඉන්.. ආව්වා මයෙ කන බේබී “

මේකා මට දැන් පැටියා ඉන්න තැනම විහිලුත් කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි මන් මයෙ නිලූෂ ගෙ ඔලුව අත ගාන්න ගත්තත් හරි නුරාදත් ඇවිල්ලා මයෙ ඔක්කේ ඉඩ නැති නිසා නිලූෂ අස්සේ ගුලි වෙලා නිලූෂ ගෙ අත අරන් පැටියගේ ඔලුවේ තියා ගත්තා.

” ඕන් නුරාදගෙත් ඔලුව අත ගාන්නලූ “

” ඒකනේ හාමු මාත් බැලුවේ.. දැන් ඉතින් මයෙ චූටි හාමු දගලන්න බෑ හොදේ. “

එහෙම කියෙලා නිලූෂ පැටියවත් තුරුල් කරන් ඔලුව හීන් සැරේ අත ගගා ඒ ඔලුවට හාදු දෙද්දී මන් ඒ දිහා බලා ගෙනම හිටියා. මේ ලෝකේ ඉන්නේ ටික කාලේද ඒ ටිකේ අපි තුන් දෙනාම මේ විදිහට සතුටින්ම ඉන්න ඕනී.

ටික වෙලාවක් යද්දි දෙන්නටම ඇදෙ නින්ද යද්දි මන් ගියෙ පැටියා කරාපු වැඩ බලන්න. ම් වැඩ ගොඩක් දුර‍ට කොල්ලා කරලා නිසා පොතත් වහලා කාමරේ දොරත් පොඩ්ඩක් වහලා දාලා ආවේ පහළට. කට්ටිය නැති නිසා ඇණ කෑල්ලක් වැටුනත් ඒ හඩ ඇහෙන තරමට මුළු වලව්වම නිහඩයි. කමනි නැන්දා නම් ගිහිල්ලා වයේ. මිදුලට ගියාට මොකද පිනි බිදු එක දෙක වැටෙන්න ගත්ත නිසා මන් ආයේ ඉස්තෝප්පුවට ගිහිල්ලා බිම ඉද ගෙන ඈත තිබ්බ මාදන් ගහා දිහා බලන් හිටියා.

ඉස්සර ඔහේ සෙල්ලම් කර කර හිටියට මොකද දැන් අපිට වගකීම් වැඩි වෙලා වැඩත් ගොඩ ගැහිලා. අයියයි දරුවෝ දෙන්නයි නම් මොනා කරනවද දන්නෑ. මෙහෙන් ගියත් හරි තාම ලිවුම් කඩදහියක් වත් එව්වේ නෑනේ.

එක දෙක වැටුනු පිනි බින්දු දැන් මහ වරුසාවක් වෙලා කඩුල්ල පේන්නෙ වත් නැති තරමට හයියෙන් වහිනවා. සීතළ දැනිච්ච නිසා ඇතුළට ආපු මන් නිලූෂගෙ කාමරේට ගිහිල්ලා එයාගේ අත් දිග කමිසයක්‌ දා ගත්තේ සීතළ අඩු වෙන්න කියලා වෙද්දී ඒකෙන් ආපු නිලූෂගෙ සුවද නිසා මට‍ හීනි හිනාවක් ගියා . ඒත් එක්කලා කන්නාඩියට ඉස්සරහට ගිහින් මයෙ අතේ තිබ්බ බූල අරන් උරහියට වෙනකම් තිබ්බ මයෙ කොන්ඩේ එකට කරන් බූල දැම්මා. දැන් ඉන්නේ ඉතින් ඔය කොල්ලා වගෙ.

මන් එළියට යද්දි දැක්කේ අපෙ අම්මා හීතළ එද්දි ඇතුළට දා ගන්න සෙරෙප්පු දෙක. අම්මට කාමරෙන් තියෙලා යන්න අමතක වෙන්නැති. සෙරෙප්පු දෙකත් ගත්ත මන් අම්මගේ කාමරේට ගිහිල්ලා ඒ දෙක ඇද යටින් තියෙලා වහලා තියෙන ජනෙල් පියන් දෙකත් ඇරියා. අපෙ කාමරේට වඩා වලව්වේ පිටිපස්ස කොටස මේ ජනේලෙන් හොදට පේනවා.
හැබැයි මේ කාමරේට වඩා අපෙ කාමරේ ගොඩක් ලොකුයි හරිම සනීපයි. හරි නම් ඉතින් වලව්වේ ලොකුම කාමරේ තියෙන්නේ ඕනී අපෙ අප්පච්චිටයි අම්මටයි වෙද්දී ඒක දීලා තිබ්බේ මට‍. ඒත් එක්කම මට මතක් වුනේ අප්පච්චිගෙ හරි අම්මගේ හරි දින පොතක් හොයා ගන්න වෙද්දී මන් ආයේ දෙපාරක් නොහිතා එයාලයේ අල්මාරිය ඇරියා. දින පොතක් කියෙව්වොත් මට‍ මේ වලව්ව ගැන දන්නැති දේවලුත් දැන ගන්න පුළුවන් වෙයි නෙ.

……………………………………..

මන් ඇස් දෙක අරිද්දි පැටියා නම් මයෙ අස්සේ ගුලි වෙලා හිටියත් මයෙ ළග මයෙ හාමු බේබී නම් හිටියේ නැහැ පේන්න . එළියේ ඉමක් කොනක් පේන්නැති තරමට වහිනවා වගේම උදේ තිබ්බ රස්නිය වෙනුවට දැන් තියෙන්නේ තද සීතලක්. නුරාදට නම් සනීපෙට නින්ද ගිහිල්ලා. මන් එයාටත් පොරවලා ගියෙ පහළට හාමු මහත්තයා හොයා ගන්න. සාලෙයි ඉස්තෝප්පු පැත්තෙයි ඉස්සරහ කෑල්ලෙයි බේබී හිටියේ නැති නිසා මන් ගියෙ කුස්සියේ පැත්තෙට.

” මයෙ හාමුට මයෙ කමිස හරි ලස්සනට තියෙනව නෙ. “

කුස්සියේ මොන මොනාදෝ හෝද හෝද හිටපු බේබී හාමු මන් ඇවිත් පිටිපස්සෙන් එයාගේ බද වටේට අත් දෙක දානකම් වත් මන් ආවායි කියලා වත් දන්නැති තරමට එයා හිටියේ ලොකු කල්පනාවක.

” මන් කහට එකක් වක් කරන්නද නැත්තම් කිරි එකක් වක් කරන්නද “

එයා අපෙ කෝප්ප වලට අලු දාලා මදිනකම් මන් පිටිපස්සේ ඉදන් හාමුව බදා ගෙන ඒ පළල් උරහිසකට මයෙ නිකට තියා ගත්තා.

” කිරි කෝපි බොමු හොදද. මට‍ සීනි ගොඩක් අඩුවෙන් දාන්න මයෙ බේබී “

” හ්ම්ම්. පැටියා නැගිටලාද නිලූෂ “

” නැහැ. ඇයි රාග නැටුමක්වත් නටන්නද. ඒකත් හොදයි ගොඩ කාලෙකින් කරෙත් නෑ. වැස්සත් එක්කලා හරි ශෝක් “

මයෙ අත් දෙක කමිසේ යටින් ගියෙ ඒ නිරුවත් පපුවට.

” එහෙම දේකට නෙවෙයි දෙයියනේ . පැටියට කිරි එකක් වක් කරන්න. එයා නිදි නම් ඕන්නැ. නැගිට්ටම බත් පිගානක්ම කවන්න ඕනී. පේන්නෑ මයෙ කොල්ලා ඇට ගැහිලා වයේ. “

අයියෝ එහෙම දේකට නෙවෙයිලූ. ඔහොම කිව්වට මන් ඔව්වා කරන්න ගත්තොතින් මට වඩා හපන් මයෙ බේබී හාමුට ගොඩක් කරන්න ඕනී .

” හාමු සීනි දාන්න එපා කිව්වේ නෑ නෙ මන්”

ඉස්තෝප්පුවේ එයත් එක්කලා වාඩි වෙලා කෝපි කෝප්පේ තොල ගෑවත් හරි මට තිත්ත ගතියක් ඇර පොඩිම පැණි රසක් වත් දැනෙන්නැති වෙද්දී මන් හාමුට එහෙම කිව්වා.

” මන් සීනි හැදි අඩක් විතරයි නිලූෂ දැම්මේ. ඇයි ඔයාමනේ කිව්වේ සීනි අඩුවෙන් වක් කරන්න කියලා. “

” දෙයියනේ සීනි හැදි භාගයක් දාපුහම කොහෙන්ද කියන්නකෝ මේකේ පැණි රහක් එන්නෙ. එදා ඔයා අතින් සීනි වැඩි පුර දාලා හැදුව නිසයි මන් අද සීනි අඩු කරන්න කිව්වේ. දැන් කමක් නෑ මන් බොන්නම් “

” එහෙනම් එදා රසයි කියෙලා කිව්වේ ඔයා මාවත් බදා ගෙන මහ ලොකුවට . කලින්ම කියන්න තිබ්බ නෙ මට‍ හරියටම මෙච්චරයි ඕනී සීනි ප්‍රමාණේ කියලා. මන් දන්නවා ඈ නිලූෂට ඕනී සීනි ප්‍රමාණය. මට‍ සීනි ගොඩක් ඕනී නිසයි මන් හදද්දී සීනි ගොඩක් දාන්නේ. ඔයාට ඒත් එහෙම බැරි නම් තනියම කිරි එකක් හදන් බොන එකයි ඇත්තේ. මට‍ ආයේ කියා ගෙන එන්න එපා සීනි මෙච්චර ඕනී සීනි අච්චර ඕනියි කියෙලා. “

වැස්ස නිසා හොදයි ඉතින් නැත්තම් පොඩි එකා බය වෙයි හාමුගේ මේ කෑ ගැහිල්ලට. මටත් හොද වැඩේ දුන්නු දේ පාඩුවේ උගුරට හලා ගන්නැතුව මේකට සීනි නෑයි කියන්න ආවා.

” කෝ දෙන්න “

” පිස්සුද හලන්න එපා මන් බොන්නම්. මයෙ හාමු මහත්තය ආදරෙන් එයාගේ අලි පැටියට හදලා දුන්නු එක නේ “

” ඔච්චර දෙයක් කියවන්න ඕන්නැ. හලන්න නෙවෙයි දෙන්න කිව්වේ සීනි ටිකක් දාන් එන්න. “

එහෙම කිව්ව නිසා මාත් ගොන් හිනාවක් දාලා කෝප්පේ එයා අතට දුන්නා වෙද්දී ඒක එයා අරන් ගියා.

” ම් දැන් නම් රසයි බේබී හාමු “

පොඩ්ඩක් සීනි වැඩි වුණත් මන් හරි රසයි කියලා බිව්වේ එයාට හිනාවකුත් යද්දි. දැන් නම් බේබී හිතලම සීනි වැඩි කරාද දන්නෑ. එච්චරටම එයාගේ ඒ හිනාව නම් මට ඇල්ලුවේ නෑ. කිරි එක බීලා ඉවර වුනු බේබී ඇවිල්ලා මයෙ ඇගට හේත්තියක්‌ දාන් වහින වැස්ස දිහා බලන් හිටියා.

” නිලූෂ “

” ම් “

” සීතළයි “

එයා සීතළයි කියෙලා මට තව ටිකක් තුරුල් වෙද්දීයි මන් කෝප්පේ පැත්තකින් තියෙලා ඒ මූණ දිහා බැලුවේ. එයා කට තද කරන් ඉන්න විදිහෙන් මට‍ කියන්න පුළුවන් මෙයා සීතළයි කිව්වේ ඇයි කියලා වෙද්දී මන් ඒ වගක් දන්නෑ වයේ හිටියා.

” ආ බේබී හාමු මේකත් දා ගන්න සීතළ අඩුවෙයි. “

එයා මයෙ දිහා බලන් ඉද්දිම මන් බොත්තම් එකින් එක ගලවලා මයෙ කමිසෙත් ඒ ඇග වටේ දාලා නළලට සිපුමකුත් තියෙලා ආයේ කෙලින් වෙලා ඉස්සරහ බලද්දී ඒ මූණ ඇද වුනා.

” ඒයි කාමරේට යමු එහෙනම්. පැටියත් නිදි නිලූෂ. “

එහෙම කියපු එයා නැගිටලා යන්න යද්දි ඒත් එක්කම ඉස්සර වුනු මන් එයා හිතන්නත් කලින් හාමුව බිත්තියකට තද කරා වෙද්දී එයා ගැස්සිලා මයෙ කර වටේ ඒ අත් දෙක දා ගත්තා.

” මයෙ කාමරේට යමු “

” හා “

එයා මගෙ කාමරේට යන්න කැමති වෙද්දී මම් එයාවත් ඇදන් ගිහින් මයෙ කාමරේ දොර වැහැව්වා. අත හොදයි නම් මයෙ හාමුව මට‍ උස්සගෙනම කාමරේට යන්න තිබ්බා.

” දැන් කටහඩ හිර කරන් ඉන්න ඕන්නැ හාමු ඇති වෙනකම් කෑ ගහන්න ”

එහෙම කිව්ව‍ මන් මයෙ හාමුව ඇදෙ දිගා කරලා නළලටත් සිපුමක් තියෙලා
එයාගේ කමිස බොත්තම් එකින් එක ගලවන ගමන් කන් පෙත්තේ ඉදලා හෙමින් හෙමින් පහළට එන්න ගත්තත් හරි හාමුත් කෙදිරි ගගා වෙනදා වගේම මයෙ පිට පුරා ඒ අත් නිය පාරවල් රටා මවන්න ගත්තා..

විනාඩි ගානක් ගෙවුනට පස්සේ අපි දෙන්නම හැගීම් වලින් නිදහස් වෙලා ඇදෙ දිගා වෙලා ඔහේ හිටියා.

” මන් හිතුවේ ඇද කැඩෙයි කියලා හාමු “

මන් හති ඇර ඇර එහෙම කියද්දී එයා හිනා වෙලා ඔලුව තියා ගත්තේ මයෙ පපුවෙන්.

” මේ ඇද කැඩිලා යන්න තරම් අපි දෙන්නා එහෙම එකක් කරේ නෑ නේ ඉතින් “

” පස්සේ දවසක කරමු. අපි දෙන්නම බැ”

” ඔයා එහෙම හිතුවට අපි හිතින් බැදිලා ඉවරයි. අනික බදින්නේ කොහොමද කියන්නකෝ අන බෙර ගගහා . අපි දෙන්නම කොල්ලෝ දෙන්නෙක් නේ මයෙ නිලූෂ. ඇයි අපි හැමදේම හෙටට කල් දාන්නේ. මට ඕනී ඔයාව. හැමදාම මෙහෙම කර කර ඉන්න බෑ නේ නිලූෂ. අපි දෙන්නම ගොඩ දවසකට කලින් නේද හැමදාම මෙහෙම එකට ජීවත් වෙමුයි කියලා කිව්වේ. එකිනෙකාට පොරොන්දු දී ගත්තේ. ඉතින් මයෙ නිලූෂ ඔයාට අලුත් ගෙදරකට යන්නම ඕනිද අපිට කැමති විදිහට ජීවත් වෙන්න ආ… කොහොමත් මයෙ අම්මා අප්පච්චි ඕන්නම් තව ටික කාලයක් ජීවත් වෙලා ඉදියි. අපි තුන් දෙනාගේ සතුට වෙනුවෙන් එයාලා දෙන්නව තනි කරලා යන්නේ කොහොමද මන් . දැනටමත් අප්පච්චි ඉස්සර වගෙ නෙවෙයි. එයා ගොඩක් දුර්වලයි. අපෙ අම්මා නිසා ආයේ මේ වලව්වට අයියා එන්නෙත් නැති වෙයි. අනික මන් කලින් මෙහෙන් යමුයි කියලා ඔයා අතින් කිව්වට දැන් මට‍ යන්න බැහැ නිලූෂ. මන් පස්සේ කියන්නම් හේතුව. මට‍ මහන්…සි දැන් “

මයෙ ඇස් දිහාම බලාගෙන කියාගෙන කියාගෙන ගියපු එයා මහන්සි කියා ගෙනම මයෙ බෙල්ලේ අස්සේ මූණ ගහ ගත්තා වෙද්දී මන් අපි දෙන්නම වැහෙන විදිහට ෂීට් එක පොරව ගත්තත් හරි ටික වෙලාවක් ගියාට පස්සේ මයෙ කාමරේ දොර ඇරුනා.

හප්පේ පැටියා ඈනුමුත් ඇර ඇර ඇස් පොඩි කර කර ඇද ළගට ඇවිදිල්ලා අපෙ දිහාට්ට ආවා වෙද්දී හෙමීට මයෙ හාමුට මන් කතා කරා.

” නුරාද ආවා “

මන් නුරාද ආවා කියද්දීම විගහට ඔලුව උස්සපු මයෙ හාමු නුරාදට කතා කරා.

” පැටියෝ අප්පච්චිට වතුර එකක් ගෙනල්ලා දෙනවද “

” ආ “

හාමු මහත්තයා එහෙම කිව්ව පමාවට පොඩ්ඩා ඇදෙනුත් බැහැලා එළියට ගියත් හරි අපි දෙන්නම ඇදෙන් බැහැලා බිමට විහික්කා වෙලා තියෙන සරම් දෙක ආයේ ඇද ගත්තා.

” රෑටත් කරමු “

” හරි “

රෑටත් කරමුයි කියලා කියද්දීම බේබී හිනාවක් දාලා හරියි කියල කුස්සියේ පැත්තට ගියා වෙද්දී ඇදෙ සීසිකඩ විසිරිලා තිබ්බ කොට්ටයි ඇද ඇතිරිලියි මන් පිළිවෙලක් කරා.

පොළොස් ඇඹුලක් හදලා කමනි නැන්දා පරිප්පු තෙල් දාලා තිබ්බා වෙද්දී මායි හාමුයි දුම් මැස්සේ වේලෙන්න දාපු කුකුළු මස් ටිකක් අරන් උයලා ගත්තා. පොඩි බේබී ටිකක් හරි උයන්න දන්න නිසා හොදයි.

” නිලූෂ වැස්ස අඩු කරපු එකේ මන් හන්දියේ පැත්තට ගිහිල්ලා එන්නම්. හවසට ආයේ වහින්න ගත්තොතින් වාහනේ එලවන්නත් අමාරුයි ”

මන් පැටියට බත් ගුලි කව කව ඉද්දි එයා එහෙම කිව්වේ එළියේ පැත්ත බලා ගෙන.

” අපි දෙන්නත් එන්නම් එහෙනම් “

මොනා වුණත් මයෙ හාමු තනියම යන්න ඕන්නෑ නේ.

” එපා පැටියා එළියට එක්ක ගිහිල්ලා බෑ නිලූෂ මේ වැස්සේ. මන් ගිහිල්ලා ඉක්මනට එන්නම් “

” හා එහෙනම් ඉක්මනින් එන්නැතුව පරිස්සමින් ගිහිල්ල එන්න හාමු “

……………………………………..

හරියටම මායි මැණිකෙයි පොඩි අක්කලා දිහාට එනකොට හවස දෙක විතර වුනා. අපෙ වලව්ව තරම්ම නැති වුණත් අක්කලායේ වලව්වත් හරි ගාම්භීරයි.

” නංගි පොඩි පුතාවත් අඩ ගහන් එන්න තිබ්බනේ “

” ළමයි අපි වගෙ නෙවෙයි චූටි අක්කේ එහෙම නෑදා ගෙවල් වල යන්නේ නෑ නොවෑ වැඩිය. අනික රස්සාවේ හැටියට වෙලාවකුත් නෑ නේ ඇවිදින්න යන්න. අපෙ ලොකුත් ආයේ ගියා නොවෑ ඕස්ට්‍රේලියාවට. “

ළමයි නෑදෑ ගෙවල් වල යන්න කැමති වුණත් මයෙ මැණිකේ නෙවෙයි දරුවෝ දෙන්නව කොහෙවත් එක්ක යන්නේ වත්. ඒකි හරි බයයි ළමයි අපෙ අතීතේ දැන ගනියි කියෙලා. කොහොමත් ඉතින් නෑදෑයෙක්ට කියලා ඉන්නෙත් මැණිකෙගේ අක්කලා දෙන්නා වෙද්දී උන්ගේ ගෙවල් වලටවත් ලොකුයි පොඩියි එක්ක එන්නෙ නෑ නේ.

” පොඩීට ආයේ දීගයක් එහෙම බැලුවේ නැද්ද මල්ලි “

” නෑ අක්කේ ඒකා ඒ හැටි මනාපයක් නෑ ඔව්වට. කොච්චර කිව්වත් ඒකා අහන එකක් ඈ අපි කියන එකක් “

” එහෙම කියෙලා හරියනවා ඈ. පොඩීට හරි හමන් දරුවෙක් වත් ඉන්නවද කියන්නකෝ. ඉන්න එකත් ගොළුයි කියලා කීවා නේද අක්කා. කොහොමත් පොඩීගෙන් පස්සෙත් ඔය වලව්වයි වතු දෙක තුනයි බලා ගන්න හොද උරුමක් කාරයෙක් එහෙමත් ඉන්න එපැයි. ඔන්න පොඩීගේ කොල්ලා කෙල්ලෙක් වත් වුනා නම් අපෙ කෙල්ලගෙ පොඩි කොල්ලත් ලොකු වුනාම ඒකා එක්කලා දීගේ කරවන්න තිබ්බා යසට .”

හප්පේ මැණිකෙගේ අක්කා හිතන දුරක්. උන්ට එහෙම දීගේ කොරන්න කලින් අපි ජීවත් වෙලා ඉන්න එපැයි. මටම දැන් හැටත් පැනලා. මයෙ මැණිකෙට නම් හැට පහත් පැනලා නොවෑ. මන් හිතන්නේ මැණිකෙගේ අක්කට නම් දැන් හැත්තෑවත් පැනලා ඇතියි.

” අනෙ ඒකනේ අක්කේ. මොනා කරන්නද ඉතින් නේද “

එහෙම කියලා මැණිකේ ඔලුවත් ඩිංගක් කහලා මයෙ පැත්තට හිනාවක් දැම්මා.

” සුමනේ සුමනේ….. ගිහිල්ල කහට ඩිංගක් වක් කරහන් කෝ. ඈ අයියේ තාම උබහැගේ අයියා එහෙම හම්බුන්නෑ. “

” අනෙ නෑ අක්කේ ගියා ගියාමයි අයියා ආවේ නෑ මේ වෙනකම්. කොහේ ඉන්නවද කියලා දන්නේ කවුද “

මයෙ අයියා තියා මයෙ පොඩි පුතාවත් මට‍ තාම හම්බුන්නෑ. මයෙ දැන් එකාට පොඩි කියෙලා කිව්වත් ඒකනේ අපෙ ගෙදර චූටිම එකා.

” අනෙ ඇත්තට මද්දුවත් හිටියා නම් චූටි පුතාගේ වයසනේ නේද අක්කේ. ඒකටත් දැන් ළමයිනුත් ඇති. ලොකු කොල්ලට වඩා ඇත්තටම බැලුවොත් මද්දුට තමයි මේ දේපල ඔක්කොම ටික ලැබෙන්න ඕනී. ඒකනේ ඉතින් අයියගේ ලොකු අයියගේ ලොකු පුතා. “

ඔව් අක්කා කියපු කතාවත් ඇත්ත ඉතින්. ඒත් මන් මේ වෙද්දී පොඩීගෙ නමට ඔක්කොම ටික හරවලා තියෙන නිසා ආයේ වෙන එකෙකුට තියා අපෙ අයියට වත් අත ගහන්න බෑ. එව්වා ඉතින් මැණිකෙගේ අක්කට කියන්න ඕන්නෑනේ. ඔය හිත් වල මොනා තියෙනවද කියලා කව්දෑ දන්නේ හැබෑට.

” ඒක නම් එහෙම තමයි “

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ල එන්නම් යාලූලා 🤗💗

බුදුසරණයි හැමෝටම 🙏🙏

වෝට් වලට අදහස් වලට ස්තුතියි ගොඩාරියක් යාලූලා හැමෝටම 🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 27