À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය

A+ A-

මං මගේ තියෙන පුරුෂ දෛර්ය ඔක්කොම ඉස්සරහට දාලා යසස් අයියට කතා කරන්න ගියා විතරයි මගේ ෆෝන් එකට කෝල එකක් ආවා….. ඒ… මේකටත් මේ වෙලේම රිං වෙන්න ඕනි උනානේ…..

( ඕක තමා සෙනූගේ ringing tone එක..)

කවුද මේ ආ සහස්…….

“ හලෝ සහස්… ආ අයියද ඉන්නවා… ආ හරි ඉන්න පොඩ්ඩක්……. සහස් කතා කරනවා… ඔයාගේ ෆෝන් එක වැඩ නෑලු…” යසස් අයියා මගේ අතින් ෆෝන් එක ගත්තේ මං දිහා බලන්නෙවත් නැතුව… ඉදකින් වල්හිපාටුවා… ඔච්චර ලොකුම් දාන්න ඕනිද මං කියන්නේ…….

යසස් අයියට ෆෝන් එක දීලා මං ඉතිම් කරේ මිහිදුන් අයියගේ කාමරේ පුරා ඇවිදින එක… ලස්සනට පිලිවෙලකට තියාගෙන ඉන්නවා… ඇත්තටම හැම අතින්ම ප්‍රර්ෆෙක්ට් කොල්ලෙක්…. මිහිදුන් අයියා වගේ කොල්ලෙක් ලැබෙන ඕනි කෙනෙක් වාසනාවතයි…

මං මිහිදුන් අයියගේ කාමරේ ගහලා තියෙන ෆොටෝ එකක් දිහා බලන් ඉද්දී යසස් අයියගෙන් කිසිම සද්දයක් නැති නිසා ඒ පැත්ත හැරිලා බලද්දි දැක්කේ මගේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එක දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න යසස් අයියව… වෙලා තියෙන දේ තේරුම් ගන්න මට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.. මං එතෙන්ට අඩියට දෙකට දුවලා ගිහින් එයාගේ අතින් ෆෝන් එක උදුර ගත්තා…..

මගේ ෆෝන් එකේ හෝම්ස්ක්‍රීන් එකෙට දාලා තිබ්බේ මිහිදුන් අයියගේ ෆොටෝ එකක්…. කවුරුත් මගේ පාස්වර්ඩ් දන්නේ නැති නිසා මට ගානක් ගියේ නෑ.. ඒත් සහස් කෝල් එක ගත්තේ වට්සැප් එකෙන් නිසා යසස් අයියට හෝම් ස්ක්‍රීන් එක පෙනිලා…..

මං දැන් මොකද කියන්නේ… ඔයාව කිස් කරපු මම කැමති මිහිදුන් අයියට කියන්නද……

“ එහෙනම් සෙනූ ඇත්තටම කැමති මිහිදුන්ට…”

යසස් අයියා ඒක කිව්වෙ බිඳුන කටහඬකින්…. මං එහෙම්මම යසස් අයියා ගාව දණ ගහගත්තා…

“ අනේ අයියේ වඳින්නම් මිහිදුන් අයියට නම් කියන්න එපා… එයා මගේ අයියනේ.. ලොකු අම්මා මාත් එක්ක කතා කරන එකකුත් නෑ… අයියත් කතා කරන එකක් නෑ… මං කොහොමද එතකොට ඉන්නේ……”

මට හොඳටම ඇඬෙනවා……

“ ඔයා එච්චරටම මිහිදුන්ට ආදරෙයිද සෙනූ??”

“ අනේ ඔව්… මට මෙහෙම හරි එයා එක්ක හමදාම ඉන්න ඕනී….”

“ එහෙම ඉන්න පුලුවන්ද සෙනූ??’

“ කමක් නෑ… මං ඉන්නවා… අනේ මේක කාටවත් කියන්න එපා අයියේ… අනේ කතා කරන්නකෝ….”

මං යසස්ගේ කකුල හොල්ල හොල්ල බිම ඉඳගෙන අඬන්න පටන් ගත්තා….. යසස් කිසිම හැඟීමක් නැතුව ඉස්සරහා බලාගෙන හිටියා….. එක පාරටම සිහියට ආපු යසස් අයියා බිම වටිලා ඉන්න මගේ ඔලුව අතගාන්න ගත්තා…

“ භය වෙන්න එපා සෙනූ ඔයාගේ රහස මං ගාව පරිස්සමෙන් තියෙයි…”

එහෙම කියලා එයා කාමරෙන් ගියා දොරත් වහගෙන… මට මහා සීතලක් පාලුවක් දැනුනා නිකම් මොනාහරි මට නැති උනා වගේ… හවස වැඩ කරන්න යසස් අයියා හිටියේ නෑ…. මට නිකම් මහා වැරැද්දක් කරා වගේ හැඟීමක් දැනෙනවා…. මං අද වෙච්ච දේවල් තේව්ට කිව්වා…

“ යසස් අයියා එච්චර අප්සෙට් ගැහුවේ??උඹට ෂුවර්ද ඌ කියන එකක නෑ කියලා…”

“ කියන්නේ නැති වෙයි…”

මං හිටියේ මල කඳක් ගානට යසස් අයියා ඒක කාටවත් කියයි කියනදේට වඩා එයා මගේ ඔලුව අතගාලා දොර වහගෙන ගියපු එක මගේ හිතට හරි බරයි…

මං හවස ගෙදර යද්දී කුඩම්මගේ පොඩි දුව මගේ කාමරේ පැත්තේ ඉඳලා ආවත් මට ඒක ගැන කල්පනා කරන්න තරම් මානසිකත්වයක් තිබුනේ නෑ….

පහුවදා ස්කෝලේ ගියාම මට මිහිදුන් අයියගෙන් දැනුනේ අමුත්තක්…. වෙනදට මාව දැකලා හිනා වෙන එයා මාව මග අරිනවා වගේ මට දැනුනේ…. මගේ හිතේ හොරයක් තියෙන නිසා වෙන්නැති  කියලා හිතලා මං ඒක අත ඇර ගත්තා…

“ සුදූ මට අද කන්න මොනාද ගෙනාවේ…..”

“ පිස්සුද මනුස්සයෝ මං කියලා තියෙනවා ස්කොලෙදී ඔය අමුතු නම් වලින් මට කතා කරන්න එපා කියලා…”

ඒ සහසුයි තේව්යි… ඒ දෙන්නා යාලු වෙලා දැන් සතියක් වගේ….. තේව් හැමදාම සහස්ටත් එක්ක දවල්ට බත් එකක් ගේනවා…..

“ සෙනූ මොකද උඹ…. මං මේ ටිකේම බලාගෙන මොකක් හරි හෙන අවුලකින් උඹ ඉන්නේ…”

“ අවුලක්මත් නෙමේ සහස්…”

‘ එහෙනම්??”

“ මගේ හිතේ මොකක්ද ලොකු දුකක් තියෙනවා…”

“ මිහිදුන් අයියා ගැනද??”

“ හම්ම්ම් …… ඔව් එයා වෙලාවකට මාත් එක්ක හොඳින් ඉන්නවා.. තවත් වෙලාවකට.. මාව අදුරන්නෙත් නෑ වගේ ඉන්නවා… එයා නොදන්නවා වෙන්නැති…….  ඒත් එයා එහෙම කරද්දි මට රිදෙනවා….. එක්කො ඉස්සර වගේ මගේ ජීවිතේට නෑවිත්ම ඉන්න තිබ්බා.. මං ඈතින් බලල හරි සතුටු වෙනවනේ……”

“ ඇත්තටම බන් මට බෑ උඹ වගේ ආදරේ කරන්න… නොලැබෙනවා කියලා දැනදැනත් ආදරේ කරන්න මට නම් අමාරුයි සෙනූ…”

“ඇයි මමම? ඇයි මං විතරක් මේ බැදීම රැක ගන්න ඔට්ටු වෙන්නේ තේව්????… වෙලාවකට මටත් හිතෙනවා මාව නැති කර ගන්න අකමැති කෙනෙක්  හිටියානම් කියලා..”

“ ඒ සෙනූ උඹ අවුල් ගන්න එපා බන්….. හොදම දේවල් එන්නේ පස්සෙනේ හරියට මට සහස්ව හම්බුනා වගේ… සමහර විට උඹෙයි මිහිදුන් අයියගෙයි කතාවක් දෙවියෝ ලියලා නැතුවැති….”

ඇත්තටම මං මගෙන්ම ප්‍රශ්න කෙරුවා මගේ තේරීම හරිද?? මිහිදුන් අයියා නිසා මං මේ වෙනකම් වෙන කවුරුත් ගැන හිතුවේ නෑ.. දැන් අවුරුදු තුනක් වෙන්නත් එනවා…. මේ දවස් දෙක තුනේ මිහිදුන් අයියා මාව මග ඇරියේ පුදුම විදිහට…. පොලට තිබ්බෙ තව දවස් දෙකයි…. හෙට අපි මේ ඔක්කොම සරසන්න පටන් ගන්න ඕනි…. මිහිදුන් අයියා මෙහෙම මාව මග අරින එක මට හෙන වදයක්… ඒ වගේම යසස් අයියත්…..  එයා මාව මග ඇරියේ නැති උනාට මාත් එක්ක කලින් වගේ වැඩ කරන්න එන්නේ නෑ… මට දෙපැත්තෙන්ම මේක මානසිකව වද දෙනවා… එක නිසා මං ඕනි දෙයක් වෙච දෙන් කියලා මට මේක මිහිදුන් අයියා එක්ක කතා කර ගන්න ඕනි උනා…

“ අයියේ මට අයියත් එක්ක කතා කරන්න ඕනි…”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇයි මමම?? ඇයි මං විතරක් මේ බැඳීම් රැක ගන්න ඔට්ටු වෙන්නේ… තේව්…. වෙලාවකට මටත් හිතෙනවා මාව නැති කරගන්න අකමැති කෙනෙක් මටත් හිටියා නම් කියලා ……

_ සෙනුල්ය මහීෂ්වර _

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දාහතරවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 15