À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය

A+ A-

අද පොල නිසා පරක්කු වෙලා ස්කෝලෙට ආපු එක ලොකු ප්‍රශ්නයක් තිබුනේ නෑ…… මොකද පොල පටන් ගන්නේ 9.00ට නිසා …… මට ඕනි උනේ පොල පටන් ගන්න කලින් මිහිදුන් අයියා එක්ක කතා කරන්න ……. හිතේ තරහවල් තියන් මට ඉන්න හරිම අමාරුයි ……..

” අයියේ……”

” සෙනුල්ය …….”

හැමෝම මට සෙනූ කිව්වට අයියා හැමදාමත් මට කතා කරේ සෙනුල්ය කියලා විතරමයි…… ඒ අපි දෙන්නා අතර දුරස්කම තියාගන්න ඕනි හින්දා වෙන්නැති ……..

” අයියේ මට සමාවෙන්න …..”

ඒ ටික කියද්දි නම් මගේ ඇස් දෙකෙන් කඳුලු ගලන්න පටන් ගත්තා ……

” මටත් සමාවෙන්න සෙනුල්ය …. මං සෙනුල්යට නපුරු උනා වැඩී……….”

” මටත් සමාවෙන්න අයියේ….. ඕනේ නැති දේවල් වලින් හිත පුරව ගත්තට….”

” හරි ඒවා ඉවරයි ……. කෝ දැන් අඬන්න එපා….. මනුස්සයෙක්ට ආදරේ කරන එක වැරැද්දක් නෙමේ …… ඒත් ඔයාට තේරෙනවනේ සෙනුල්ය මේක වෙන දෙයක් නෙමේ කියලා ……… අපි සහෝදරයෝනේ…..”

” හම්ම්ම්ම්   ලොකු අම්ම මාත් එක්ක තරහද??”

” මං අම්මට මුකුත් කිව්වේ නෑ සෙනුල්යට ඔයත් කියන්න යන්න එපා… ඒක අපි එතනින්ම ඉවර කරමු… සෙනුල්ය යසස් එක්ක කතා කරාද??”

” හම්ම්ම් ඔව්…..”

” යසස් කියන්නේ හොඳ කොල්ලෙක් සෙනුල්ය…….. නපුරුවට හිටියට එයාට හුඟක් ආදරේ ඕනි……. මට විශ්වාසයි එයා ඔයාව පුදුමතරම් පරිස්සම් කරාවි….. “

” හම්ම් මට තව ටිකක් කල් ඕනි අයියේ….”

” හොඳට හිතලා හොඳ තීරණයක් ගන්න ……. යසස් එක්ක හිටියා කියලා ඔයාට කවදාවත් වරදින එකක් නෑ……”

” අයියා මාත් එක්ක තරහද??”

” නෑ….. පිස්සුද සෙනුල්ය …… ඔයා මගේ මල්ලිනේ……”

එහෙම කියලා මිහිදුන් අයියා මගේ ඔලුව අතගාද්දි මට පළවෙනි වතාවට එයා ගැන සහෝදර හැගීමක් ආවා…. මෙහෙම්මම අනිත් හැමදේම හරියනවා නම් ……..

අද දවස ගොඩක් බිසී දවසක් 9ට පොල පටන් ගත්තාම ළමයි වැල නොකැඩී ආවේ හොල්මන් මන්දිරේ බලන්න …… ඒ නිසා උදේ වරුවේ නම් හෙල්ලෙන්නවත් වෙලාවක් තිබුනේ නෑ…..

” සෙනූ යංකෝ මොනාහරි කාලා එන්න……”

” හරි හරි තව ටිකයි…..”

” මොකක්ද සෙනු යංකෝ……”

” මොකද මනුස්සයෝ මට වද දෙන්නේ…. අර තමුසෙගේ මනුස්සයා ඉන්නේ…… ඌවත් එක්ක පලයන්කෝ…..”

” අනේ මේ පිස්සු කතා කරන්න එපා ඌව එක්කන් ගියොත් කඩේ එකා පැනලා දුවයි……”

සහස් හොල්මන් මන්දිරයේ හොල්මනකට හිටියා ….. ඒ නිසා තමා තේව් ඔය මට වද දෙන්නේ…..

” යං යං……”

” බුදු අම්මො හොල්මනක් ………”

” මොකද මනුස්සයෝ කෑ ගහන්නේ….. මං තමුසෙගේ මිනිහා…..”

සහස් ඇවිත් තේව්ට කතා කරද්දි තේව් බොරුවට බය උනා වගේ මගේ ඇගට පැන්නා……

” ඇත්තටම තේව් මට තාම හිතාගන්න බෑ මූට මොකාද බය උනේ කියලා ….. මට නම් දකින ගානේ හිනා යනවා …..”

” ඔව් ඇත්ත මූණ තිබ්බා නම් ඔයිට වඩා භය කරන්න තිබ්බා….”

” යැයි යැයි තමා ….. මාව මේකට පටලවලා දැන් හිනත් වෙනවද??”

ඇත්තටම ඒක තේව්ගේ plan එකක් ….. ඊයෙද කොහෙද වෙච්චි රණ්ඩුවකට දුන්න රිටන් එක තමා ඔය…..

” මෙහෙ එන්න කන්න යන්න …. අයිය එක්කන් එන්න කිව්වා දෙන්නව….”

” යසස් අයියා??”

” නැතුව මට වෙන අයියලා ඉන්නවද?”

” අනේ මට නිකම් ලැජ්ජයි වගේ….”

” අනේ….. උගෙ ඇදේ බුදියන්න හොඳයි දැන් ලැජ්ජයිලූ…….. තොපෙත් බොරු සෝබන….. මෙහෙ එන්න යන්න …..”

” හෝව් හෝව්…… පොඩ්ඩක් ඔහොම ඉන්න ….”

” ඇයි මයේ අම්මා……..”

” දැන් තමුසේ ඔය යන්න කතා කරන්නේ ඔය ඇදුමෙන් නම් මං එන්නෑ තමුසේ එක්ක ……”

” හරි හරි බබා විනාඩි 5ක් දෙන්න මේකට යට තියෙන්නේ ස්කූල් කිට් එක ….”

” මං කියලා තියෙනවා තමුසෙට ඔය වචන ස්කෝලෙදි කියන්න එපා කියලා …..”

ඔව්වා ඉතිම් මට හැමදාම ඇහෙන වලි…. හැබැයි භාතිය අයියා එක්ක වගේ නෙමේ මේවා නම් සුන්දර වලි…..තේව් නම් කියන්නේ එහෙම වලියකින් පස්සෙලු සහස් ආදරේ වැඩිම…

සහස් පන්තියට ගිහින් ඇඳුම ගලවලා මේකප් එකත් හෝදගෙන අපි ගාවට ආවා….

” කොහෙටද අපි යන්නේ සහස්…..”

” අයියා auditorium එක ගාවට ඇවිත් ඉන්න කිව්වා…. ඉස්සරහා පැත්තේ රයිස් කඩයක් දාලා ඒකෙන් කමු කිව්වා….”

මං ඈත තියාම දැක්කේ auditorium එකට හේත්තු වෙලා ඉන්න යසස් අයියව…… එයාලගේ ගෙදර ඉඳලා ආවත් මොකද එතෙන්ට ලං වෙන්න ලං වෙන්න මගේ හදවත ගැහෙන එක වැඩි වෙනවා කියලා මටම තේරෙනවා….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

යෙයි……. ඔන්න සාර්ථකව මං විසිගණන් වලටත් ඇතුල් වෙනවා…. අයියෝ අයියෝ 20කින් විතර ඉවර කරන්න හිතන් ලියපු කතාව නේද මේ 😂😂 පනහකින්වත් නැවතුනොත් ඇති …… ලියනවා ලියනවා ඉවරයක් නෑනේ ……..

(මං යසස් අයියගේ අත් දිහා බලලා මගෙ අත දිහා බැලුවා…. මගෙ අතේ තිබ්බේ boxboard රෝලක් විතරයි ……)

ආදරෙයි නොකියා දැනෙන්න අරිනවා කියන්නේ මේකට නේද ළමයි ???

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දහනව වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 20