À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය

A+ A-

මගේ කකුල ළඟ තිබ්බ පුටුවක වැදිලා මාව පාවීගෙන වගේ බිම වැටෙන්න ගියේ… මං තද කරලා ඇස් දෙක පියා ගත්තේ දැන් බඩු හරි නිසා.. කොහොමත් මට යන යන තැන වැටෙනවට රන් පදක්කමකුත් තියෙනවා….

ඒ උනාට මට දැනුනේ මං ගිහින් මොකක හරි වදිනවා… මට ඒක රිදුනේ නෑනේ… මං හිමීට ඇස් ඇරලා බලන්කොට දැක්කේ යසස් අයියා මාව අල්ලගෙන ඉන්නවා… මගේ ඉන වටෙන් අත් දෙක දාලා එහෙම්ම මාව පපුවට හේත්තු කරන් හිටියේ…..  මං පුදුමෙන් වගේ උඩ බැලුවා.. මං ගොඩක් මිටි නිසා යසස් අයියගේ මූණ බලන්න මට ඔලුව උස්සන්න ඕනී… එතකොට තමා මං පළවෙනි වතාවට යසස් අයියගේ ඇස් දෙක දිහා කෙලින් බැලුවේ…

ඒවා හරිම ලස්සනයි… ඒවා හරියට පතුල පේන්න නැති ගැඹුරු ළිඳක් වගේ… හැඟීම් පිරිලා… ඒත් ඒ එකක්වත් මට කියව ගන්න බෑ… මගේ ඇඟම ලොක් වෙලා වගේ… මට මෙතනින් ඇස් අහකට ගන්න ඕනි… ඒත් ඒ ඇස් මට මායාවක් කරලා… මට ඇහිපිල්ලමක්වත් ගහන්න හිතෙන්නේ නෑ…. ඒ තරම් ඒ ඇස් වල මායාවට මාව අහු වෙලා…..මට මගේ හදවතේ සද්දේ කන් දෙකටම ඇහෙනවා…..

එක පාරටම මට ඒ මායාකාර ඇස් නොපෙනී ගියා…. ඇයි ඒ… මට තවත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්න ඕනී….. ටිකකින් මට මගේ තොල් වල සිනිදු දෙයක් ගෑවෙනවා දැනෙනවා…. මාස්මෙලෝස්? නෑ ඊටත් වඩා සොෆ්ට්…. මගේ බඩ කැලැත්තෙනවා…. ඔව් …….. මගෙ බඩේ සමනල්ලූ පියාඹනවා… දෙයියනේ මොකක්ද මේ වෙන්නේ…. යසස් අයියා???

ඔව් දන් නම් මට හොඳටම ෂුවර් එයා මාව කිස් කරනවා…. ඒක හරි හිමීට උන දෙයක්… මට මොහොතකට වෙලාව නතර උනා වගේ තේරුනේ… එයා හිමීට මගේ යටිතොල එයාගේ තොල්වලින් අල්ලන්න ගත්තා… ඒවා හරිම සිනිදුයි… මට ඕනි ඒවගේ රස බලන්න… මං ආයෙමත් කිස් බැක් කරන්න යද්දිම යසස් අයියා මගෙන් ඈත් උනා….. එයා මං දිහා බලාගෙන හිටියේ හොල්මනක් දැක්කා වගේ….

“ ඕ ෂිට්…”

එහෙම්මම එයාගේ ඔලුවට ගහ ගත්තු යසස් අයියා මාව එතන තනි කරලා ගියා …….. මට මොහොතකට මහා පාලුවකුයි දුකකුයි දැනුනා….. එයා මාව කිස් කලා?? මං තොලටත් අත තියන් එහෙම්මම පොඩ්ඩක් පියවි සිහියට එන්න උත්සහ කරා…

මං මොකක්ද ඒ කරේ?? මට එපා කියන්න තිබ්බා නේද?? මට එයාව තල්ලු කරන්න තිබ්බා…. ඒත් ඇයි මං එහෙම නොකරේ?? එයාගේ ඇස්… මට ඒවා දකිද්දී මට මාවම පාලනයක් නැති උනා… මට එපා කියන්නතරම් ශක්තියත් තිබුනේ නෑ… හරියට එයා මගේ තොල් උරන ගමන් මගේ ශක්තියත් උරා ගත්තා වගේ…. මං හිතුවේ මට සිහිය නැති වෙයි කියලා….

කට්ටියම ආවම මිහිදුන් අයියා කිව්වා යසස්ට ඔලුව රිදෙනවා කියලා එයා එන්නේ නෑ කියලා… මට එතකොට පොඩි සැනසීමක් දනුනා ඇයි දෙයියනේ මං කොහොමද ආයේ එයා දිහා බලන්නේ… එයා විතරක් නෙමේ මට මිහිදුන් අයියා දිහා බලන්න හිතෙන්නෙත් නෑ…  නිකන් මං එයාට ද්‍රෝහි උනා වගේ…

හවස මම ක්ලාස් එකෙත් හිටියේ මෙලෝ සිහියකින් නෙමේ…

“ සෙනූ උඹට මොකද වෙලා තියෙන්නේ ලෙඩක්වත්ද… උඹ සුදුමැලිත් වෙලා..”

“ එහෙම දෙයක් නෑ තේව් මට අද ටිකක් මහන්සි ගෙදර ගිහින් ටිකක් නිදාගත්තාම හරියයි…”

මං තේව්ට බොරුවක් කිව්වා…. මං කොහොමද කියන්නකෝ වෙච්ච දේවල් කටක් ඇරලා කියන්නේ?? මං මිහිදුන් අයියට ද්‍රෝහි උනා කියන්නද?? මං මේ ලෝකේ අකමැතිම මනුස්සයව කිස් කරා කියන්නද??

හවස ගෙදර ඇවිල්ල මං සෑහෙන්න වෙලාවක් මගේ තොල් දෙක අල්ලන් කල්පනා කරා…. ඇයි මං මේ මට දනෙන හැඟීමට කැමති?? ඇයි මට ඒක අමතක කරන්න බැරි ?? මෙහම හිත හිත හරියන්නෑ ඉරිදා ගියාම යසස් අයියගෙන් ඇයි එහෙම දෙයක් කරේ කියලා අහන්න ඕනි… මේකට මාව ජෝක් එකක්ද දන්නේ නෑනේ??

එහෙම්මම ෆෝන් එකට මිහිදුන් අයියගෙන් ඇවිත් තිබ්බ පරිස්සමෙන් කාලා නිදා ගන්න්න msg එකටත් රිප්ලයි කරලා මං නොකාම නිදාගන්න ට්‍රයි කරා මට නින්ද යද්දී පාන්දර විතර උනා… සෙනසුරාදා දවසම ක්ලාස් නිසා මට මිහිදුන් අයිය එක්කවත් යසස් අයිය එක්කවත් කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නෑ…

අපි මේ ඉරිදත් මිහිදුන් අයියලගේ ගෙදරට සෙට් උනේ හොල්මන් මන්දිරේට තව තිබ්බේ සතියක් වගේ නිසා…. මායි මිහිදුන් අයියයි යසස් අයියයි හිටියේ මිහිදුන් අයියගේ කාමරේ මිහිදුන් අයියගේ ලැප් එකට එබීගෙන බජට් එක හද හද….. ඒත් එක්කම මිහිදුන් අයියා පහළට ගියේ එයාට අම්මා කතා කරපු නිසා…. චේතියයි නදීක අයියයි පහළ පේන්ට් වැඩ කරද්දි සහසුයි තේව්යි එලියට ගිහින් තිබ්බා ඕනි කරන බඩු වගයක් ගේන්න ඉතිම් මේ කාමරේ මායි යසස් අයියයි තනි උනා….

මට හිතා ගන්න බෑ යසස් අයියා මුකුත් නොවුන ගානට මෙහෙම ඉන්නේ කොහොමද කියලා.. මට නම් දවස් දෙකක්ම නිදි නැතුව ඇසුත් ඉදිමිලා තිබ්බේ… සමහර විට මූට මාව ජෝක් එකක්ද දන්නේ නෑ.. මූ හැමෝවම මෙහෙම කිස් කර කර යනවද දන්න්නෙත් නෑ… කතා කරන්න්නත් භයයි ගැහුවොත් එහෙම… එක්කො ඔය තියෙන වීර්යය ඔක්කොම දාලා අහනවා මොකක්ද ඒ කරපු වැඩේ තේරුම කියලා… ඇයි යකෝ ගානක් නෑ වගේ ඉන්නේ ගෙබිහරකා…. මං මගේ තියෙන පුරුෂ දෛර්ය ඔක්කොම ඉස්සරහට දාලා යසස් අයියට කතා කරන්න ගියා විතරයි………

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

සෙනූ – දෙවියනේ ඒ ඇස්…… ඒ ඇස් හරියට මායාවක් වගේ……

ඒ මායාකාර ඇස් –

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දහතුන්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 14