À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය

A+ A-

එදා දවස මහා එපා කරපු දවසක්…. හැමෝම හිටියේ මූඩ් ගහලා…. මට අපි සතුටින් හිටිය දවස් මතක් උනා …… මං නිසා නේද මේ ඔක්කොම?? මගේ තනි තීරණයක් නිසා නේද හැමෝම මෙහෙම අවුලෙන් ඉන්නේ……

” සෙනූ උඹ අවුල් ගන්න එපා මං මෙහෙම කිව්වට…. උඹ දැන් යසස් අයියට මොකද කරන්න ඉන්නේ??..”

” මං දන්නෑ….”

” උඹට පුලුවන් ද ඉතිම් ඒක එහෙම අත ඇරලා දාන්න …….”

” අත ඇරලා නෑ තේව්….. මට හිතාගන්න බෑ මං මොකක්ද කරන්නේ කියලා ……. එක පැත්තකින් මිහිදුන් අයියා මට සලකපු විදිහ….. අනිත් පැත්තෙන් යසස් අයියා මාව රවට්ටපු විදිහ… මේ ඔක්කොම අස්සේ මං හිර වෙලා තේව්……”

” මිහිදුන් අයියා ගැන නම් මං දන්නේ නෑ සෙනූ….. ඒත් යසස් අයියා නම් සාධාරණයි කියලා හිතෙනවා …… පොඩ්ඩක් හිතලා බලපන්….. මාසෙකට කලින් යසස් නේද උඹට මේ ස්කෝලෙ පේන්නම බැරි එකා….. ඉතිම් එහෙම තත්වයක් යටතේ ඌ ඇවිත් උඹට ආදරෙයි කියන්නද බන්?? උඹ පිලිගනීද එතකොට ?? ඌ දන්නෑනේ බන් උඹ මිහිදුන් අයියට කැමති කියලා ….. ඌ හිතන්න ඇති ඌ වගේ හොයලා බැලුවට කිසි අවුලක් නෑ කියලා ….. ඌ උඹේ අයියා නිසා ……..”

” මට තේරෙනවා යසස් අයියා වැරදි නෑ…. මායි වැරදි …… නොලැබෙන දෙයක් පස්සෙ ගිහින් බලාපොරොත්තු තියාගත්ත මායි වැරදි ……”

” මේ අහපන් වැරදි තේරීම් අපි හැමෝම කරනවා… මේ මම උනත් කරනවා…. ඒත් මම දැන් ඒ දුක් වින්ද කාලේ අමතක වෙන තරම් සතුටින් ඉන්නවා…… හැමදාම පායන්නෙ නෑ බන්….. පායලා පායලා වහින දවසකුත් එනවා…. එදාට මැරුන ගස් කොලන් උනත් ආයේ දලු දානවා…..”

” මට ටික කාලයක් ඕනි තේව්…… මට යසස් අයියා එක්ක තරහක් නෑ …. ඒත් මං අවුරුදු තුනක් තිස්සේ ආදරේ කරන්නේ මිහිදුන් අයියට….. ඒක දැන් පුරුද්දක් වෙලා …… පුරුදු අත් ඇර ගන්න අමාරුයි තේව්…….”

” මං දන්නවා…. එහෙම එක පාරට හිතක තියෙන ආදරයක් මරන්න බෑ කියලා …… කාලෙත් එක්ක ඒක යටපත් කරන්න විතරයි පුලුවන් ……. උඹ කැමති තීරණයක් ගනින්…… කවුරු නැතත් උඹේ ඕනිම තීරණයකට මම ඉන්නවා…….”

මොනා නැතත් තේව් එක්ක කතා කරපු එක මගේ හිතට ගෙනාවේ සහනයක්…

එදා රෑ ගෙදර ඇවිත් වොෂ් දාලා මං ඇදට වැටුනේ ඉස්සරහට මං මොකද කරන්නේ කියලා හිත හිත……. මං යසස් අයියට කතා කරනවද?? මං එයාට එදා කතා කරපු විදිහ වැරදි …….. මෙතන වැරදිකාරයා කවුරුත් නෙමේ මමමයි…. ඉතිම් මං එදා එයාට බැන්න එක වැරදී….. එයා මට වචනයක්වත් කිව්වේ නෑනේ ……

” උඹව දකිද්දී මගේ හිත පිරෙන්න එන මේ හැඟීමට මං මොකක්ද කියන්නේ ??”

ඒ වචන මගේ කන් අස්සේ දෝංකාර දෙනවා වගේ…. මගේ මනෝ ලෝකේ බිඳුනේ මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙට….. මං ෆෝන් එක අතට අරන් බලද්දි සහස්ගෙන් msg ගොඩක් …….

” මචං මං උඹට වදයක් වෙන්න හිතුවේ නෑ ….. උඹේ personal life එකට අත දාන්න මට කිසිම අයිතියකුත් නෑ …. ඒත් බන් මේ මගේ අයියා…. අම්මයි තාත්තයි නැතුව මාව මේ වෙනකම් බලාගත්ත මගේ අයියා බන්….. මට ඌ මෙහෙම බිබී නාස්ති වෙනවා බලන් ඉන්න බෑ බන්……… මං උඹට අපේ අයියා එක්ක යාලු වෙන්න කියනවා නෙමේ … ඒක උඹේ අයිතිය…. ඒත් පොඩ්ඩක් ඌ එක්ක කතා කරපන්……. උගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපන් මචං ප්ලීස්…… මාත් එක්ක තරහා වෙන්න එපා ……….”

ඒ msg එකට යටින් තිබ්බේ වීඩියෝ එකක් ……

පාට පාට කලර්ස් ගොඩක් මැද්දේ හිටියේ යසස් අයියා…… එයා හොඳටම බොනවා……. අඬනවා…….

” ඌ මාව එපා කිව්වා බන්………. ඌට මාව අප්පිරියයි කිව්වා බන්…… මට වෛර කරනවලු….. ආයේ මේ මූණ පෙන්නන්න එපා කිව්වා………. “

” උඹ දැන් සෑහෙන්න වෙලා ඉඳල බොනවනේ බන් දැන් ඇති අපි ගෙදර යං… මැරෙයි උඹ…..”

” මැරිලා ගිය දෙන් බන්……… මැරිලා ගිය දෙන්……. මං මේ ජරාව බොන එක නැවැත්තුවේ ඌ හින්දා…… මට ඌ එක්ක තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕනි හින්දා…… ඒත් බන් ඌම මාව එපා කියනවා නම් මං ඇයි ජීවත් වෙන්නේ බන්??? උඹම කියපන්කෝ……”

මගේ පපුව හිර වෙනවා වගේ දැනුනා…. මං මොකක්ද මේ කරලා තියෙන්නේ …. මං වැඩියේ හිතන්නේ බලන්නේ නැතුව කිව්ව වචන නිසා යසස් අයියා කොච්චර විඳවනවද…… මේ පව් නම් මට මේ ආත්මේ ගෙවලා ඉවර කර ගන්න බැරි වෙයි….

මං බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා බැලුවා….. වෙලාව රෑ 9.45යි……

” මං දැන් එනවා මට ඔතන location එවපන්…..”

මං එහෙම්මම බයික් එකේ යතුරත් අරන් ගියේ පල්ලෙහාට……

” චූටි බේබි මේ රෑ වෙලා කොහෙද යන්නේ??”

මේ ගෙදර මං ගැන හොයලා බලනවා නම් ඉන්න එකම මනුස්සයා…..

” මගේ යාලුවෙක්ට කරදරයක් වෙලා බබා නැන්දේ… මං ගිහින් එන්නම්…”

” පරිස්සමෙන් මයේ මහත්තයෝ රෑ ගමන් යද්දී….. දෙයියන්ගේ පිහිටෙන් ඒ දරුවටත් කරදරයක් වෙන්න එපා….”

” බොරු කිය කිය කොහෙ යනවද කවුද දන්නේ…..”

” මාත් තමුසේ වගේ කියලා හිතන්න එපා….”

මං කුඩම්මට ඔරවලා ඇවිත් නැග්ගේ බයික් එකට…. අවුරුදු 17 වෙද්දිම මං ලයිසන් අරගත්තේ මේ ගෙදර මං කොහොමත් තනියම ඉන්න නිසා …… මං සහස් එව්ව ලොකේෂන් එකට මට පුලුවන් වේගෙන් යන්න පටන් ගත්තා ….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මුකුත් බලාපොරොත්තු නොවී ආදරේ කරන්න ගත්තාම ඒක පුරුද්දකට යනවා ….. පුරුදු අත් ඇරගන්න අමාරුයි  තේව්…………….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

තමන්ගේ කටින් අනිත් අයට දේවල් කියද්දි පරිස්සම් වෙන්න ළමයි…… ඔයාලට ඒවා වචන උනාට…. තව කෙනෙක්ට ඒවා ජීවිතක්ම වෙන්න පුලුවන් ……………

අපි හැමෝම ජීවත් වෙන්නේ ටික කාලයි ළමයි….. ඒ ටික කාලේ කාගෙවත් හිතකට දුකක් නොවී සතුටක් වෙන්න බලන්න ………

මං පූජා……….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දහසයවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 17