À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය

A+ A-

“ඔයාලා අද බයෝ මිස් කියපු වැඩේ කරාද?”

එහෙම කියන් එතෙන්ට ආවේ සහස්… මට නම් පේන්න බෑ ඕකව… ළඟකදි ඉඳලා මට ඌ එන පොට හොඳ නෑ කියලා හිතුනා.. මොකද ඌ ඕන එකටයි එපා එකටයි හැම එකකටම කතා කරන්න එනවා…. මල වදයක් උනානේ මේක……

සහස් කියන්නේ අපේ පන්තියේ ඉන්න මීටරයක් වගේම හොඳ සල්ලි කාරයෙක්…… ඌට හැමෝම වශී කර ගන්න පුලුවන් හොඳ ලුක් එකකුත් තිබ්බා…… ඒ අතින් ඌට මොනාද අඩු… ඌ ඉස්සර ඉඳලම හිටියේ පන්තියේ ටොපාලා සෙට් එකේ…… උන් තමා පන්තිය ඉස්සරහින් ඉඳගෙන ගුරුවරුන්ට ගොට්ට අල්ලන්නේ…. දෙන්න තියෙන්නේ ඕකුන්ට….

“ ඔව් කරා සහස්…”

ඕකනේ ඉතිම් බැරි…. ඒ තේව්… ඌ ඉතිම් සකල සතම බොදු බැතියෙන් සීන් එකේනේ ඉන්නේ…..

“ අනේ මට පොත පොඩ්ඩකට දෙනවද??”

හෝව් හෝව් හෝව්……… මෙතන නම් මොකක්ම හරි හොරයක් තියෙනවා…. මූ ගෙදරවැඩ කරලා නෑ? ඒකත් කමක් නෑ කියමුකෝ… අච්චර මීටර් ගොඩක් උගෙ යාලුවෝ වෙලා ඉද්දී මූ මොකටද ඒක අපෙන් ඉල්ල ගන්නේ? උන් ඔක්කොම හෝම්වර්ක් කරලා නෑ වෙන්න බෑනේ……….

“ මොකද උඹ නිකම්….”

කෆියුස් උන්ගා බුන්ගා තත්වයේ හිටපු මම පියවි සිහියට ආවේ තේව් පිට හරහා ගැහුව පාරට….

“ ඈ…බන් උඹට හිතෙන්නේ නැද්ද උගේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා….”

“ ඇයි එහෙම කියන්නේ..?”

“ ඈ බන් ඉඳලා හිටලවත් ඔය මොලේ ටිකක පාවිච්චි කරපන් නැත්නම් ඕක ගලවන් මොකෙක් හරි හොඳ ගානකට විකුණයි බ්‍රෑන්ඩ් නිව් කියලා…. අච්චර උන් ටිකක් පාස් කරන් මූ මොකද ඇවිත් අපෙන් පොත ඉල්ලුවේ???”

“ උඹ හිතනවා වැඩී සෙනූ”

“ මට නම් ඕකව පේන්න්න බෑ.”

ඇත්තටම මට උටත් වඩා පේන්නම බැරි උගෙ අයියව… යසස්. ඌ නම් හැම වෙලේම දුම්මල වරම අතේ තියන් ඉන්නේ… කොයිවෙලෙත් රණ්ඩුවක් දාගත්ත ගමන්… මට ඒවගෙන් නම් වැඩක් නෑ….. මට ඌ එක්ක තියෙන අවුල තමා ඌ මගේ villan…. ඔව් මගේ ලව් එකට කොස්ස දාන්න ඉන්නේ ඌ තමා…. කොයි වෙලෙත් මිහිදුන් අයියගේ පස්සෙන්මයි…. ගෑණියි මිනිහයි වගේ… මටයි අයියටයි තනි වෙන්න දෙන්නෙම නැනේ… ඒක නිසා මට ඌ එක්ක 10 වසරේ ඉඳලා තිබ්බෙ පුදුම නයි වෛරයක්….. මොන හේතුවකටද මන්දා ඌටත් මාව පේන්නම බෑ………

ඒකෙන් මේකෙන් මට ඉන්ටවල් එකට බෙල් එක ගහනකම්ම වෙලාව ගියා තේරුනේ නෑ…. ඇත්තටම ඉතින් ඒලෙවල්ස් වලට බයෝ වගේ කරන එක ලේසි උනේ නෑ… මං මේ අනිත් ඒවා අමාරු නෑ කියනවා නෙමේ… මොන දේ ලබා ගන්නත් අපි ලොකු මහන්සියක් දරන්න ඕනි… ඉතින් පණ්ඩිතකමට සයන්ස් තෝර ගත්තට ලොකු වැඩ කොටසක් කරන්න ඕනි කියලා මටයි තේව්ටයි තේරිලා තිබ්බේ තාම අපි 12 වසරට ඇවිත් මාසයක් විතර…. පිසික්ස් වල මිනුම් වලින් යාන්ත්‍ර විද්‍යාවට… කෙමෙස්ට්‍රි වල බන්ධන වලින් රසායනික ගණනයට…… බයෝ වල සෛල වලින් විවිධත්වයට යද්දි තමා සබ්ජෙක්ට් එකේ බරපතලකම තේරෙන්න පටන් ගන්නේ…..

ස්කෝලෙත් මහ ලොකුවට උගන්නන්නේ නැති නිසා මායි තේව්යි සතිය පුරාවටම ක්ලාස් පැක් කරන් හිටියේ…. ලොකු අයගේ ක්ලාස් වලටත් ගිහින් කොහොම හරි ඉක්මනින් සිලබස් එක ඉවර කර ගන්න තමා අපි දෙන්නා ට්‍රයි කරේ…

එහෙමයි කියලා මං ස්කෝලේ කට් කරේ නෑ… මං හොඳ ළමයනේ… හොඳ ළමයා නිසාමත් නෙමේ… ඉතිම්…. මගේ මිහිදුන් අයියා බලන්න තමා….. ඒ උනාට මට සෙනසුරාදට හම්බෙනවා මින්දුල අයියව…. 2017 ඒලෙවල් ක්ලාස් වලින්… මං ඒලෙවල් ලියන්න හිටියේ 2018… ඒ උනාට සිලබස් කලින් ඉවර කර ගන්න ඕනි නිසා මං 2017 ක්ලාස් වලටත් ගියා… මට එහෙම යන්න කියලා කිව්වෙ  අපේ මාම.. පොර ඩොකෙක්… ඒ නිසා පොර කියන දේ අහන් මං ක්ලාස් යන්නයි පාඩම් කරන්නයි පටන් ගත්තා…..

කොහොමත් මං ගෙදර ඉන්නවට වඩා කැමති ගෙදරින් පිට ඉන්න… ඔයාලට පුදුමත් ඇති නේද?? මොකද අනිත් මිනිස්සු කැමති ගෙදරට වෙලා ඉන්නේ… ඒ උනාට මට ගෙදර කියන්නේ එහෙම්ම පිටින්ම අපායක්… සල්ලි තිබ්බ පලියට හැම මිනිහම සතුටින් නෙමේ…. ඒකට හොඳම උදාහරනේ තමයි මම…

පිටින් බැලුවම අපි ලස්සන පවුලක් වගේ පෙනුනට ඇත්තටම ඒක අපායක්… අපේ අම්මා නැති වෙන්නේ මාව හම්බෙන්න ඉද්දී… එදා ඉඳලා තාත්තට මාව පේන්න බෑ.. පොඩ්ඩක් හරි මට කතා කරන්න ඉන්නේ අපේ ගෙදර වැඩට ඉන්න බබා නැන්දා… අපේ අම්මා මැරිලා අවුරුද්දක් යන්න කලින් අපේ තාත්තා වෙන ගැණියෙක් ගෙනාවා ගෙදරට… උන් දෙන්න බදින්නේ නෑ මොකද අර ගෑණීට ඒකිගේ කලින් මහත්තයගෙන් හම්බෙන වන්දිය හම්බෙන්නේ නැති නිසා… ඒකිට ඉන්නවා ඒකි වගේම වට බඩු දුවෙක්…. ඒකි අපේ ස්කෝලේ බාගෙට බාගයක් එක්කම යාලු වෙලා ඉඳලා තියෙනවා……… ඉතින් මෙහෙම තත්වයක් යටතේ මං කොහොමද සැනසිල්ලෙ ගෙදරට වෙලා හුස්ම ගන්නේ.. ඒ නිසා මං හැමවෙලේම බැලුවේ බිසී වෙන්න…..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

තේරෙන්නේ නෑ වගේද??? 🥲🥲🥲 නෑනේ නේ..?? ඉතිම් මට දැන් මහන්සි නිසා ඕනි ඔයාලගෙන් පොඩි මෝටිවේසන් energy එකක්  🙃

කෝ කෝ දෙන්න බලන්න …….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දෙවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 3