À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය

A+ A-

අපි මිහිදුන් අයියලගේ ගෙදර එද්දි උදේ 9ට විතර ඇති.. එතකොටත් නදීක අයියය් සහසුයි යසසුයි ඇවිත් හිටියේ…. මං මනුස්සකමට යසස් කරයා එක්ක පොඩ්ඩක් හිනා මූ නෙමේනේ හිනා උනේ… බලාගෙන හිනා උනා කියලා දත් ඇන්ද කඩන් වැටෙයි… පොල්කාවයියා…. මටත් හොඳ වැඩේ….

“ ආනේ චූටි පුතා ඔයා ආවද… කාලෙකින් නේද?? ඇදිලා ගිල්ලද මන්දා මයෙ කොලුවව… අද ඉන්න නේද ආවේ?”

“ ඔව් ලොකු අම්මේ…”

“ එහෙමනම් හොඳයි කොහොමත් මං යන්න දෙන්න නෙමේ හිටියේ… මාව අමතක කරලනේ හිටියේ…”

“ අයියෝ එහෙම නෑ ලොක්කම්මේ…. මට වැඩ ටිකක් වැඩි උනා….”

“දන් ඉතිම් බොරු කියනවා… උදේට කාලද මයේ අම්මා….”

“ ඔව් ලොක්කම්මේ…”

“ ආ අනිත් පුතාලා නම් දන් කෑවා… මං ඉඳි ආප්ප තම්බලා තියෙන්නේ ඕනි කෙනෙක් බඩගිනි උනොත් අරන් කන්න… ලැජ්ජා වෙන්න එපා හරිද ළමයි….”

එහෙම කියලා ලොකු අම්ම ගියේ කුස්සියට

“ හරි මල්ලි අපිට පැහැදිලි කරන්නකෝ ඔයාට ආපු අයිඩියා එක..”

“ මං හිතාගෙන ඉන්නේ මං එදා අයියට එවපු ෆොටෝ විදිහට වැඩේ කරන්න…”

“ ෆොටෝ??”

මිහිදුන් අයියගෙ මූණේ තිබ්බෙ නිකම් ඒ මොන හරුපයක්ද වගේ ලුක් එකක්…

“ ඔව් මං එදා එව්වේ…”

මං එහෙම කිව්වාම නදීක අයියට කැස්සක් ආවා..

“ ආ ඒ ෆොටෝස්…. හරි ඒත් අනිත් අය දැක්කෙ නෑනේ… ඒ නිසා ආයේ පොඩ්ඩක් පැහැදිලි කරමුද සෙනුල්ය ”

මූ යකෝ ඒ ටිකට ඒක අමතක උනාද හරියට මං පැය විසිහතරෙම ඌට ෆොටෝස් එවනවා වගේ..

එහෙම හිත හිත මම ගත්තේ මගේ ලැප් එක ලැප් එක ඕපන් කරලා එදා මිහිදුන් අයියට යවපු ෆොටෝ මම හැමෝටම පේනන ස්ක්‍රීන් එකේ දම්මා…

“ මෙහෙමයි මං හිතාගෙන ඉන්නේ මේ පාර අර හැම පාරම වගේ මෝහිනියි කකුලෙන් අදින බහිරවයොයි…… මහසෝනයි… මිනී පෙට්ටියෙන් නැගිටින මිනියයි නැතුව පොඩ්ඩක්  international theme  එකකට වැඩේ කරන්න… ඒ කියන්නේ.. IT , Nun ලරොනා… ඇනබෙල් වගේ ෆේමස් horror  theme වලට යන්න… ඒවගේ concept  අරන් මේ වැඩේ කරන්න….

මෙහෙමයි මං හිතාගෙන ඉන්නේ… මුලින්ම අපි කට්ටියව ඇතුල් කරනවා ගරා වැටිච්ච ගෙයක් වගේ එකකට ඒක තමා එන්ට්‍රන්ස් එක…. ඊටපස්සේ ටිකක් දුර අපි එයාලට යන්න දෙනවා… කිසිම සද්දයක් නෑ.. ටිකකින් ඒ අය අතරින් අපි යවනවා රතු පාට බැලුමක්… ඒ අය ඒ බැලුමට ෆෝකස් කරද්දී… අපි පිටිපස්සෙන් එවනවා ITà·€….. එහෙම්මම එයලා බය වෙලා දුවන්නේ රාමු කරපු පිංතූර එල්ලපු සයිඩ් එකකට…ඒ පිංතූර වල ඉන්නේ අපේ කට්ටිය ඒ අය හිමින් හිමින් හෙල්ලෙනවා….  ඒ එක පිංතූරයක් අස්සේ ඉන්නේ අපේ nun …. කට්ටිය ඒක දිහා බලන් ඉද්දි එක පාරටම nun දුවගෙන එන්න ඕනි……….. පස්සේ මෙයාලා යනවා සෙමෙට්‍රි එකකට කට්ටියක් මිනියක් තියාගෙනෙ යාතිකා කියනවා… ඔහොම යද්දිම හිමීට මිනිය ඔලුව හරවලා අපේ කට්ටිය දිහා බලනවා… ඊළඟ සෙක්ෂන් එකේ ඉන්නවා පුටුවක ඇනබෙල්.. ලයිට් නෑ.. පුටුවට විතරයි ලයිට් ෆෝකස් වෙන්න ඕනි…. මෙයාලා එතනින් යද්දි ඇනබෙල් හැරිලා බලන්න ඕනී… ඊළඟට එනවා අපේ ලාස්ට් සෙක්ෂන් එකට… මේ හරිය තෙතයි…. මේ හරියෙන් අපි එලියට දානවා අපේ ලරෝනව…. තව අපිට මැද්දෙදී කාසි බූතයා… චකී… වගේ අය එකතු කර ගන්න පුලුවන්….”

“ වාව් ෆුල් horror  movie එකක් බැලුවා වගේ… පට්ට ඈ අදහස…. ඇත්තටම උඹට කොහෙන්ද ඕවා එන්නේ??”

නදීක අයියා මගේ මූණට පාත් වෙලා අහද්දි  යසස් අයියා උගේ කකුලට ගැහුවා… පුහ් මුගේ ගෑස්.. මාව අගයනකොට මූට අමාරු ඇති….

“ හරි… එහෙමනම් අපි ඕනි බඩු ලිස්ට් එකක් දල වශයෙන් හදමු… කාටද පුලුවන් සිංහල ටයිප් කරන්න… මට ලොකුවට සිංහල ටයිපින් බෑ…” මිහිදුන් අයියා එහෙම කිව්වාම මට නිකම් අන්දමන්ද දූපතේ පොල් ගහක ඔලුව වැදුනා වගේ ෆීලින් එකක් ආවේ… එතකොට මහ රෑට msg කරන්නේ අහවල් එකෙන්ද??

“ අපේ අයියට පුලුවන්…”

සහස් එහෙම කියලා පෙන්නුවේ යසස්ව…. මූට ඒවත් පුලුවන්ද.. මං හිතුවේ ඌට පුලුවන් බුම්මන් ඉන්න විතරයි කියලා… මූ ආපු ටිකට තාම එක වචනයක් කිව්වෙ නෑනේ… ගොලුද කොහෙද… නෑනේ මූ වලි වලදි ඔය බැන ගන්නේ.. චන්ඩිට අග්ගලා කෑවම පවර් එක එනවා වගේ මූට පවර් එන්නේ වලියක් දා ගතමද දන්නේ නෑ…

“ මටත් පුලුවන්….”

“හරි එහෙම නම් චේතියයි මායි ටයිපින් වැඩ බලන්නම්…. නදීක උඹට පුලුවන්නේ අනිත් උනටයි ටේලර් ශොප් වලටයි කෝල් කරලා වැඩේ පැහැදිලි කරන්න… “

“ ඕකේ මචාන්…”

“ එතකොට සහසුයි තේවන් ටයි පුලුවන්නේ කොස්ටියුම් වලට ඕනි බඩු ගේන්න…”

“ හරි අයියා…”

“ යසස් උඹට පුලුවන්නේ සෙනුල්ය එක්ක ගිහින් ඩෙකරේෂන් බඩු ටික ගේන්න??” ……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔන්න Horror movie වලට කැමති අයට පුලුවන් ඒවා බලලා නැත්නම් බලන්න  😌

සාර්ථකව දහවෙනි තීර්ථයත් ඉවරයි …… දැන් අපි යමු ඊළඟ එකට…..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දහවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 11