À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය

A+ A-

අපිට හම්බෙන බජට් එකත් බැලන්ස් කරගෙන ඕනි කරන බඩු ඔක්කොම ගන්නවා කියන එක පුදුම කට්ටක්….. ඒත් මට මේවා පුරුදු නිසයි බඩු තියෙන තැන් ටික දන්න නිසා ලොකු අවුලක් ගියේ නෑ..

විසි තුන…….. ආ…විසි හතරයි හරි පහයි……….

මං මේ පාරේ ඇවිදින ගානට යසස් අයියා දිහා බලපු කෙල්ලො ගාන ගණන් කරා… කෙල්ලෝ විතරයෑ.. මූ දිහා කොල්ලොත් හැරි හැරි බලනවා……. ඇත්තටම ඉතිම් එක අතකින් ඒක සාධාරණයි මොකද යසස් අයියට තිබ්බේ එක පාරක් නෙමේ දෙපාරක් හරිලා බලන්න හිතෙන හැන්ඩ්සම් ලුක් එකක්… යසස් අයියා මිහිදුන් අයියා තරම් සුදු නෑ.. එයාට තිබ්බේ චොක්ලට් පාට හමක්… උසට උසේ කලුම කලු පාට ෂර්ට් එකකුයි තද නිල පාට ඩෙනිමකුයි සුදුපාට shoes දෙකකුයි සන්ග්ලාස් දෙකකුයි දාගෙන නහර ඉලිප්පිච්ච අත් දෙකෙන් බඩුත් උස්සන්… ලාවට දාඩියත් දාගෙන යන යසස් අයියා හරිම හොට්..

මට උනත් මිහිදුන් අයියා හිටියේ නැත්නම් යසස් අයියාට හිත යන්න තිබ්බා… මොකක් නෑ…නැ…. ඒක නම් කවදාවත් සිද්ද වෙන දෙයක් නෙමේ…. no never…..

ඔහොම මනෝලෝකේ ආපු මාව යසස් අයියා ඇදලා අරන් එයාගේ එහා පැත්තෙන් දාලා එයා පාර පැත්තට ආවා….

“ මොන සිහියෙන්ද පාරේ යන්නේ??’

ඇත්තටම මං ආදරේ ගැන ලොකු දේවල් දන්නේ නෑ…… ආදරේ කරනවා කියලා මිනුස්සු මොනාද බලාපොරොත්තු වෙන්නේ කියන්න මං දන්නෙත් නෑ…. මං දකලා තියෙනවා ඇති තරම් ආදරේ කරන කපල්…. ඒ එක එක්කෙනාට තිබ්බේ එක එක්කෙනාට වෙනස් ආදරේ කරන විදි…. එතකොට මම ගැන ගත්තොත් මං ආදරේදි ලොකු දේවල් බලාපොරොත්තු වෙන මනුස්සයෙක් නෙමේ…. ඒ උනාට මෙහෙම හිතන්නෙවත් නැති වෙලාවක දෙන කෙයාරින් වලට මගේ හිත පොඩ්ඩක් ගැස්සෙනවා….

ඇත්ත පාරේ පැත්තෙන් යන්න එපා කියලා මාව අනිත් පැත්තට කරන එක එහෙම ලොකු දෙයක් නෙමේ… ඒත් යසස් අයියා වගේ කෙනෙක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක මගේ හිතට ගෙනාවේ අමුතු ෆීලින් එකක්… මට එවෙලෙත් මතක් උනේ උදේ මං අයිස් කොෆී එක බොන්න ගිහින් හලාගත්තු වෙලේ යසස් අයියා ටිෂූ අරන් මේසෙයි මගේ ඇදුමයි පිහදාලා මටත් බැනලා ප්ලාස්ටික් කප් එක විසික් කරන්න ගිය හැටි… ඒත් එක්කම මගේ ඔලුවට ආවේ මිහිදුන් අයියව.. එයාගෙන් කවදාවත් මට එහෙම සැලකිල්ලක් ලබිලා නෑ… දවසක් අපි කැන්ටින් එකේ ඉඳගන්න යනකොට මට කැඩිච්ච පුටුවක් දීලා එයා හොඳ පුටුව ගත්ත හැටි මට තාම මතකයි… මං මට ටිකක් ඉස්සරහින් යන යසස් අයියා දිහා බැලුවා… එයාගේ අත් පුරවලා බඩු තිබ්බට මගේ අතේ තියෙන්නේ බොක්ස් බෝඩ් රෝලක් විතරයි….. මට වෙලාවකට මගේ තීරණේ ගැන මගෙන්ම ප්‍රශ්න කරන්න හිතෙනවා….. ඒත් ඉතිම් හිත ගිය තැන් මාලිගාවනේ කියලා මම හිතහදාගන්නවා……

පස්සෙ අපි ගෙදර ආවේ ජූස් එකකුත් බීලා… අපි ගෙදර එනකොට දවල්ට කන වෙලාවත් ලං වෙලා….. ලොකුඅම්මා දවල්ට කන්න එලවලු බතක් හදලා තිබ්බා….

පහුවදා මම ස්කෝලේ ගියේ මිහිදුන් අයියලගේ ගෙදර ඉඳලා නිසා ස්කෝලෙට යන්න උනෙත් මිහිදුන් අයියා එක්ක….

“ ආව් ආව්… රාජකුමාරයගේ අස්ස කරත්තෙන් වගේ කොල්ලා අද ස්කෝලේ ආවේ…”

“ නෑ… තොපෙ අප්පගේ ටැන්ටු කරත්තෙන්….”

“ මොකො මොකෝ ඉතිම් සීන් එක නැගලම යනවා වගේ…”

“ අනේ මන්දා තේව්..”

“ මොකද අනේ මන්දා කියන්නේ??”

“ මට වෙලාවකට හිතා ගන්න්ම බෑ… මිහිදුන් අයියා ගන “

“ ඒ කිව්වේ”

“ ස්කෝලෙදියි ගෙදරදියි පොර ඉන්න චරිතේ නෙමේ රෑට චැට් කරද්දි පොරගේ තියෙන්නේ…වෙලාවකට පොර මට කැමතිත් ඇති කියලා හිතෙනවා ඒත් වෙලාවකට මං වැඩිපුර හිතනවද කියලත් හිතෙනවා….”

“ මං උඹට කියනවනේ උඹ හිතනවා වැඩී… කවුරු උනත් තමන්ගෙ හැඟීම් එලියට දාන්නේ රෑට තමා මං නම් කියන්නේ උඹ වැඩියේ හිතන්නේ නැතුව ඕක අහලා දාපන්….’

“බලමුකෝ තේව්.. මේ ඒක නෙමේ….. කොහොම්ද ඔයාගේ ලව් එක…”

“ මට ලව් එකක් නෑනේ බන්…”

“ ඕන්න ඕන්න මට කොලේ වහනවා… එතකොට සහස්??”

“ ඉතින් අපි යාලු නෑනේ’

“ හරි ඉතිම් යාලු වෙනවනේ..”

“ දන්නෑ..” 

“ ඇයි බන් අතට ආපු චාන්ස් මිස් කර ගන්නේ..”

“ මට දේවල් වෙනවා ඉක්මන් වැඩී වගේ බන්…”

“ එහෙම දෙයක් නෑ තේව් හොඳම දේවල් මිස් කර ගන්න එපා පසු තැවෙන්න වෙයි…”

“ එන විදියක් බලමුකෝ යං දැන් බෙල් එක ගැහුවා..”

එදා හවස අපි හිටියේ අපේ හොල්මන් මන්දිරේට ඕනි ඩෙකරේෂන් හද හද  නදීක අයියා එදා ස්කෝලේ ඇවිත් තිබ්බෙ නෑ…. එතකොට චේතියයි මිහිදුන් අයියයි ප්‍රිෆෙක්ට්ලා නිසා එයාලා ටිකක් හවස් වෙනකම් ඩියුටි කරනවා… සහසුයි තේව්යි කඩේට ගියා අපිට කන්න මොනාහරි ගේන්න….. ඉතිම් හෝල් එකේ ඉතුරු උනේ මායි යසස් අයියයි විතරයි…

මේ දවස් වල මගේ ග්‍රහයෝ ටිකක නීච වෙලාද කොහෙද මාව වැටෙන්නෙම මේ නහරකාරයා එක්ක පොර ලොකු අවුලකුත් නෑ.. ඒ උනාට වැඩියේ කතා කරන්නේ නැති නිසා මට එපා වෙනවා.. මම එහෙම නෙමේනේ.. මං කොයි වෙලෙත් වක්කඩ කඩා ගත්තු ගමන්මනේ ඉන්නේ…. ඒකටත් එක්ක මූ මං විස්සක් කිව්වොත් මූ කියන්නේ එක වචනයයි…

යසස් අයියා හිටගෙන ෆ්‍රේම් එකකක්ට පේන්ට් ගගා හිටියේ… මං පාටකරලා ඉවර උන ෆ්‍රේම් එක යසස් අයියා ගාවින් බිත්තියට හේත්තු කරලා එන්න හදද්දිම උනේ මං කොහොමත්ම බ්ලාපොරොත්තු උනේ නැති දෙයක්…

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

සමහර වෙලාවට ඇත්තටම අපි ආදරෙන් අන්ධ වෙනවා….. එතකොට අපි හිතනවා ඒක තමා හොඳම කියලා ….. ඒ උනාට ඊට වඩා දස දාස් ගුණයක් හොඳ දේවල් අපිට මිස් වෙනවා…..

ඉතිම් ආදරනීය ළමයෝ හොඳම දේවල් මිස් වෙයි…… පරිස්සමෙන් ……

මං පූජා….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® දොළොස්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 13