À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය

A+ A-

ඒ හින්දා ඉතිම් ඩෙකරේෂන් වැඩක් නම් කවුරුත් මුලින්ම ඒක බාර දෙන්නේ මට….

“ හරි පුතා එහෙමනම්… මිහිදුන්ටයි… යසස්ටයි… නදීකටයි පුලුවන්නේ ඒක ගැන බලන්න….”

මොකක් ඇයි අසේල සර් මට මෙහෙම කරන්නේ?? ඇයි මට සතුට දීලා දුක දෙන්නේ… මිහිදුන් අයියගේ නම කියද්දි මට දරාගන්න බැරි සතුටක් ආවත්.. යසස්ගේ නම කියද්දි මගේ ඇගේ මාලු ගඟේ නටන්න උනා… මොකක්ද මේ කරුමේ මේ යසස්ගෙන් මං ගිය ආත්මේ ණයක්වත් අරන්ද දන්නේ නෑ….. මෙච්චර පස්සෙන් පන්නන්නේ…. ඇයි යකෝ මොකාක් හරි මඟුලක් කෙලවර මූ ඉන්නවා…. මාවම කන්න ආපු යකෙක්…..

අසේල සර් වැඩ බෙදලා දුන්නට පස්සෙ මිහිදුන් අයියා අනිත් දෙන්නත් එක්ක ඇවිත් අපිත් එක්ක කතා කරා…

“ මොකක් හරි අයිඩියා එකක් තියෙනවද මල්ලී??”

“ තාම නම් නෑ අයියේ.. රෑට තමා…”

මං එහෙම කියද්දි කට්ටියම මං දිහා බැලුවේ අමුතුවට…

“ නෑ නෑ අයියේ රෑට තමා හිතන්න ඕනි…”

“ ආ ඒක මිසක් එහෙමනම් මල්ලි මොනාහරි හිතලා හෙට අපිට කියන්නකෝ… අපි හෙට පොඩි මීටින් එකක් ගමු…”

“ හා අයියේ අයියලාටත් මොනාහරි හිතෙනවා නම් මට කියන්න…”

“ හරි මල්ලිලා යන්නම්…”

එදා මං ගෙදර ඇවිත් දස අතේ කල්පනා කරේ හොල්මන් මන්දිරේ ගැන ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් හොඳ වැඩක් බලා පොරොත්තු වෙන නිසා ඇත්තටම එක අතකට ඒක හෙන ස්ට්‍රෙස් එකක්… ඒ උනාට මම කැමති මේ වගේ වැඩ වලට…. මං ඇදේ පෙරලි පෙරලි ඒක ගැන හිත හිත ඉන්නකොට තමා මගේ ෆෝන් එක වයිබ්‍රේට් උනේ… මිහිදුන් අයියගෙන් msg එකක්….

“ මොනාහරි හිතුවද වැඩේ ගැන?”

“ Aaaa ow ayye mt idea keepayakm thynw innko mn ayyt 4to tkk ewnnm….”

මං එහෙම කියලා මං පින්ටරෙස්ට් එකෙන් සේව් කර ගත්ත පිං‍තූර වගයක් මිහිදුන් අයියට යැව්වා………..

“ Ayye…. mn me wdht krnn thma hithuwe….”

“ වැඩේ නම් හොදයි අපි හෙට හම්බෙමුකෝ…..”

“hri ayye….”

“බුදුසරනයි මල්ලි පරිස්සමෙන්…”

“ budusaranai ayyth prssmin….”

ඇත්තටම මට මිහිදුන් අයියගේ හැමදාම රෑට එවන ඒ බුදුසරණයි  පරිස්සමින් ඉන්න msg එක සෑහෙන්න හිතට වැදුනා… හැමදාම වරද්දන්නේ නැතුව එයා ඒක මට කියනවා… අපි ලොකුවට msg කතා කරන්නේ නෑ තමයි…. ඒත් ඒ msg එක අයියා වරද්දන්නේ නැතුව එවනවා…

වෙන අය වගේ නෙමේ සම්පූර්ණයෙන්ම ඒක සිංහලෙන්ම ටයිප් කරලා.. ඒකයි ඒක හිතට ගොඩක් වදින්නේ… මිහිදුන් අයියා msg කරේ සිංහල ටයිපින් වලින්… මට වෙලාවකට හිතෙනවා… ස්කෝලේ මිහිදුන් අයියයි චැට් කරන මිහිදුන් අයියයි දෙන්නෙක්ද කියලා… ඒ තරමට ඒ චරිත දෙක වෙනස්…

නෑ… එහෙම වෙන්නේ කොහොමද… එයාමනේ ඇවිත් මගෙ අතේ නම්බරේ ලිව්වේ.. අනික වැරදි නොම්බරයක් නම් මට කෙලින් කියනවනේ… මං හිතන්නේ එයාට ලැජ්ජ ඇති මාත් එක්ක ස්කෝලෙදි කතා කරන්න… අනික ඩීපී ස්ටේටස් ඔක්කොම එයාගෙනේ….

පහුවදා ස්කෝලෙදී කට්ටියම කතා උනේ මේ වැඩ කරන්න මිහිදුන් අයියලගේ ගෙදරට සෙට් වෙන්න… මොකද මිහිදුන් අයියා තමා ස්කෝලෙට ළඟම ගෙවල් තිබුන කෙනා…. ඉතිම් හැමෝටම නිවාඩු ඉරිදා දවසේ මං ලෑස්ති උනේ මිහිදුන් අයියලගේ ගෙදර යන්න…

බබා නැන්දා උදේට හදලා තිබ්බ පාස්ටා ටිකත් කාලා මං ගියේ බබා නැන්දට වදින්න….

“ සෙනූ බේබි අද ගෙදර එන්නේ නතෑ??”

අපේ බබා නැන්දා පදිංචි දකුණු පළාතේ ගාල්ලේ… මං පොඩිකාලේ ඉඳලා මේ ගෙදර එකතු බබා නැන්දට විතරයි……..

“ නැති වෙයි නැන්දේ… ලොකු අම්මලගේ දිහා ඉන්නවා…”

“ හරි මගේ බේබිට කඳසුරිදුගෙම පිහිටයි…”

මං බබා නැන්දටත් වැදලා පාරට ආවේ තේව් බස් එකට නැග්ගා කිව්ව නිසා… කොහොමෙන් කොහොම හරි මට තේව් ඉන්න බස් එකටම නැග ගන්න පුලුවන් උනා… අපි මිහිදුන් අයියලගේ ගෙදර එද්දි උදේ 9ට විතර ඇති..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

Finally you and me and you and your friend Steve…… turu tuu tu tuu your friend Steve ………..

මට මේ සින්දුවෙන් තියෙන tik tok ටික මතක් උනා 😂😂 පව් අපේ සෙනූටයි මිහිදුන් අයියටයි මේ යසස් කාරයා තනි වෙන්න දෙන්නෙම නෑනේ ………

සැක්…….. 😂💔

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® නව වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 10