À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය

A+ A-

කොහොම හරි මේ දවස් ටිකට මිහිදුන් අයියයි මායි සෑහෙන්න ෆිට් උනා.. ඕක පටන් ගත්තේ ස්ටේටස් වල්ට රිප්ලයි කරන්න ගිහින්… ස්කෝලෙදි වැඩි කතාබහක් නැති උනත් අපි ගෙදර ඇවිත් සෑහෙන්න කතා කරා….

ඔහොම ඉද්දි ආවේ ස්කෝලේ මහ පොල… ඕක ඉතිම් හෙනම ඉවෙන්ට් එකක් අපේ ස්කෝලේ…..මුල් වාරේ තමා ඕක තියෙන්නේ… ප්‍රයිමරියේ ඉඳලා ඒලෙවල් වෙනකම්ම ඕක තියනවා… ඒකෙදි වෙන්නේ ස්කෝලෙන් නියම කරනවා ගානක් ඒක ශ්‍රේණි වශයෙන් හොයලා දෙන්න ඕනි… අතින් දාලා හරි මොනාහරි විකුණලා හරි පෙන්නලා හරි  ඕනි දෙයක් කරලා ඕක හොයලා දෙන්න ඕනි….  ඒ සල්ලි ඉතිම් හවුස්මීට් එකට හරි කොන්සට් එකට හරි ගන්නවා… ගිය පාර හවුස්මීට් තිබ්බ නිසා මේ පාර තියෙන්නෙ කොන්සට් එකක්.. අවුරුද්දක් ඇර අවුරුද්දක් තමා ඒවා තියන්නේ…

ඒත් ඔය එකතු කරගන්නවා කියන සල්ලි වලින් බාගයක්ම පිනා යටිමඩි ගහනවා කියන එක හැමෝම දන්න ප්‍රසිද්ද රහසක්… ඒත් ඉතිම් කවුරුත් ඕවට කතා කරන්න යන්නෑ දේශපාලන බලෙන්ලුනේ පිනා ආවේ… අපි පිනා ඕවා යටිමඩි ගහනවා කියලා දැන්ගත්තේ තේව්ගේ මල්ලිගෙන්… උගේ පන්තියේ තමා පිනාගේ පොඩි පුතා ඉන්නේ….  ඒකා හෙනම ගොනා… ඌ කිව්වලු දවසක්… ටිකට් කඩලා එකතු කරන සල්ලි වලින් ඌ තාත්තාට ප්ලේස්ටේසන් එකක් අරන් දෙන්න කිව්වා කියලා…..

අනිත් එකා ඉන්නේ මිහිදුන් අයියගේ පන්ති වල ඌට මැත්ස් බෑ… බොරුවට පොස් එකට කරන්නේ… ඌ ලෝක කුකුලා… එක දවසක් මං අහන් කෙල්ලෙක්ගෙන් ස්ටෑන්ඩ් එකේදී කන පැලෙන්න කම්මුල් පාරක් කාලා තිබ්බා…..

මට එක අතකට පිනා පව් කියලත් හිතෙනවා… පොරත් හරියට මයින්ද මාත්තියා වගේ චිචීයි නාමලුයි ඉල්ලන ගානේ රොකටුයි… සන්ලයිට් ඇඩ් වල කෙල්ලොයි… ගෙනත් දෙනවා වගේද දන්නෑනේ අපේ පිනා මූණ දීලා ඉන්න තත්වය……..

කොහොමෙන් කොහොම හරි හැම අවුරුද්දේ වගේම මේ පාරත් සයන්ස් එකෙන් කරන්නේ හොල්මන් මන්දිරයක්…. කොමස් එකත් එක්ක වලි දාන් තමා අපි මේ හොල්මන් මන්දිරේ කරන්නේ… ඇයි උන්ටත් ඕනි ඒකම කරන්න… 

“ ඒ තේව් ඉක්මනින් වරෙන්…..”

අපි මේ යන්නේ සයන්ස් හෝල් එකේ මේක ගැන කතා වෙන්න තියන මීටින් එකට ඒකෙදි තමා මේකේ වැඩ බෙදලා දෙන්නේ….

“ ළමයි අපි මේ පාරත් පොළට කරන්න ඉන්නේ හොලමන් මන්දිරයක්… ඉතිම් දොළහා වසරයි දහතුන වසරයි එකතු වෙලා ගිය අවුරුදු වල වගේම මේ පාරත් වැඩේ හොඳට කරන්න ඕනා…. හැම පාරම වගේ මේ පාරත් හොඳම income කප් එක සයන්ස් එකට ගේන්න ඕනි තේරුනාද?”

පිට පිට අවුරුදු තුනක්ම සයන්ස් එක තමා හොඳම income එක ගෙනාවේ ඉතිම් හැම පාරම හොඳම income සෙක්ෂන් එකට ස්කෝලෙන් ට්‍රීට්මන්ට් එකක් දෙනවා… මට මතකයි අපි ඕලෙවල් ක්ලාස් ඉන්නකොටත් මේක බලන්න ආවා… ඇත්තටම සයන්ස් එකෙන් කරන හොල්මන් මන්දිරේ පට්ට…. කවුරුත් ඒකට කැමති… අපිත් එක්ක against එකට ඉන්නේ කොමස් එක තමා….. උන් මේ පාර සිනමා හෝල් එකක්ලු හදන්නේ….

“ හරි ඇත්තටම දහතුන වසරට වැඩ වැඩි නිසා මේකේ ගොඩක් කොටසක් කරන්න වෙන්නේ දොලහා වසරේ අයට ඉතිම් මං එක එක වැඩ වලට දොළහා වසරේ අයව බෙදලා ඒකේ වැඩ බලන්න දහතුන වසර බෙදනව…”

අපේ සයන්ස් එකේ පන්ති හයක් තිබ්බා මැත්ස් තුනයි බයෝ තුනයි…. අපේ අංශ බාර සර් තමා ඔය වැඩ බෙද බෙද යන්නේ… කලින් සර්ලා වගේ නෙමේ මේ පාර අංශ බාර සර් ගොඩක් තරුණයි… ඒ නිසා සර් බැහැලම මේ වගේ වැඩ කරා…

“ හරි සවුන්ඩ් ගැන බලන්න දිනෙත්ට පුලුවන්නේ… කවුද ඒකට යන්නේ?? ආ හරි ඔය පස් දෙනා සවුන්ඩ් බලන්න පුතේ පසන් ඔයාලා තුන් දෙනා ඒකට උදව් කරන්න… එතකොට ඩෙකරේෂන්ස් පසුතල සැකසුමට අපි සෙනුල්යව දාමු.. කවුද කැමති ඒකට… ආ තෙවන්.. සහස්.. චේතිය… හරි ඔය කට්ටිය එහෙමනම් ඒක කරන්න අමාරු නෑනේ නේද සෙනුල්?? අපේ ආර්ට් මාස්ටර්?”

“ නෑ සර්..”

අපේ ස්කෝලේ ඉතිම් ෆන්ෂන් එකක් කිව්වොත් මේ සෙනුල්යව නම් අමතක වෙන්නේ නෑ.. මං මුලු ස්කෝලෙම ප්‍රසිද්ද වෙලා හිටියේ ආර්ට් වැඩ වලට… මගේ ඩෙකරේෂන් අයිඩියා වලට කවුරුත් හරිම කැමති.. ඉතිම් වෙන සෙක්ෂන් එකක වැඩක් උනත් එයාලා කතා කරන්නේ මට….. මගේ සහයක ඩැනී තමා තේව්… ඒ හින්දා ඉතිම් ඩෙකරේෂන් වැඩක් නම් කවුරුත් මුලින්ම ඒක බාර දෙන්නේ මට…

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

දෙබස් අඩුයි වගේද ළමයි ?? කමක් නෑ කමක් නෑ ඉවසන්නකො…… අපේ යසස් කතා කරන්න පටන් ගන්නකම්……

” මේ තේව්………….”

” ඇයි මොකද?? “

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® අටවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 9