À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය

A+ A-

” සෙනූ හෙට අපි කොහෙ හරි යමුද??”

” හා…… කොහෙද……??”

” කොහෙහරි…….. සෙනූ කැමති තැනක් තියෙනවා ද??”

” බීච් යං…….”

” හා…….”

පුදුමයි මේ මනුස්සයා කොහේ හරි යන්න ඇහුවා… නැත්නම් මමමනේ යමු කියන්නේ ……..

” දවසම ඉන්න බලන් එන්න….”

මං හිටියේ හරිම සතුටකින්….. ඒලෙවල් ඉවර උනාට පස්සේ අපි මේ එලියට යනවමයි…. ඒලෙවල් ඉවර වෙලා සතියක් විතර ගිහින් තිබ්බත් යසස් අයියා ලොකු වැඩක කිව්ව නිසා මං කරදර කරෙත් නෑ……. වැඩේ ඉවර වෙලා වෙන්නැති …….. කමක් නෑ දැන් ආයේ ඉස්සර වගේ ඉන්න පුලුවන් වෙයි….

පහුවදා මං උදේම නැගිටලා නෑවේ අද සුවඳට ඉන්න එපැයි….. මගේ බෝයියව බලන්නනේ යන්නේ…..

” ගෙවී යන මේ බවේ ජීවිත ගානේ සංසාරේ……… මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ………”

සින්දුවකුත් මුමුණ මුමුණ ඇඳ ගත්තේ යසස් අයියා තව පැය බාගෙකින් එනවා කියලා msg එකක් දාලා තිබ්බ නිසා ….

නිල් ඩෙනිමට සුදුයි රතුයි ඉරි ගියපු ටී ෂර්ට් එකක් ඇඳ ගත්ත මම….. ආසම පර්ෆියුම් එකෙනුත් ගහගෙන ගියේ යසස් අයියව බලන්න …….. ඔය ඉන්නේ හැන්ඩියා වගේ ඇවිත් ලානිල්පාට ඩෙනිමට සුදු ෂර්ට් එකක් ඇඳලා……..

මාව දැක්කාම එයා ලස්සනට හිනාවුනා… ඒත් අනේ මන්දා මොකක්ද ලොකු අඩුවක් දැනෙනවා……. මං ගිහින් බයික් එකේ පිටිපස්සේ ෂීට් එකෙන් ඉඳ ගෙන එයාගේ ඉන වටෙන් අත දාලා මූණ එයාගේ පිටට හේත්තු කර ගත්තා ….. එයාගෙන් ආවේ මං හැමදාටම ආස ලැවෙන්ඩර් සුවඳ…..

කොච්චර කාලෙකින්ද මේ උණුහුම මට දැනෙන්නේ…. සති දෙක තුනකට මට දරාගන්න මෙච්චර අමාරුයි නම් …… කොහොමත් මට යසස් අයියා නැතුව ඉන්න බැරි වෙයි……..

” බහින්න …….”

යසස් අයියගේ පිටට හේත්තු වෙලා එක එක මනෝලෝක වල ආපු මට බීච් එක ළඟට එනකම් දැනුනෙවත් නෑ …… බයික් එකෙන් බැහැපුව්ම හෙල්මට් එක අතට අරන් එයා මගේ අත තද කරලා අල්ල ගත්තේ හරියට කවුරුහරි උදුරන් යයි වගේ…….

අපි රැල්ල පෑගෙනත් නොපෑගෙනත් ගානට වෙරළ දිගේ ඇවිදන් ගියා …..

” ඔයාගේ ප්‍රශ්න ඉවරයි ද??”

මං ඇහුවේ මගේ පැත්තට එන රැලි වලට පයින් ගහන ගමන්……

” බොහෝ දුරට…….”

” මට කියන්නෑ??”

” කියන්නම්….. ඒත් අද නෙමේ …. මේ ලස්සන දවස විනාස කරන්න ඕනි නෑ මට ප්‍රශ්න ගැන කතා කරලා ….”

අනේ මන්ද මට යසස් අයියගේ අමුත්තක් තියෙනවා …… එයා හිනා වෙනවා තමයි….. ඒත් මට වෙනදට පේන මායාකාර ඇස්වල දිස්නේ නැතුව ගිහින්….. ආයෙමත් මට අර කියවගන්න බැරි ගැඹුරු ළිං වගේ ඒ ඇස්……

අපි වෙරළ දිගේ ඇවිදන් ගිහින් බීච් එකේ ගහලා තිබ්බ හට් එකක් යටට ආවා…….. අපි ඉන්නේ කුරුණෑගල රට ඇතුලට වෙන්න නිසා බීච් එන්න නම් එක්කෝ කොළඹ පැත්තට යන්න ඕනි නැත්නම් හලාවත පැත්තට එන්න ඕනි…. ඉතිම් අද අපි ආවේ හලාවත පැත්තට …..

” සෙනූට බඩගිනි ද??”

” තාම නෑ……”

යසස් අයියා ආයෙමත් හිර වෙන්න මගේ අත තද කර ගත්තා ……

” සෙනූ…. ජීවිතේ හරි පුදුමයි නේද??”

” ඇයි එහෙම කියන්නේ ??”

” අහම්බෙන් ජීවිතේට ආපු අයව අත ඇරගන්න බැරි තරම් ජීවිතේ කොටසක් වෙලා ……”

” ම්ම්?”

” මං සෙනූව දැක්කේ අහම්බෙන්…… දවසක් මිහිඳුන්ට පොතක් දෙන්න පන්තියට ආපු වෙලේ…. එතකොට සෙනූ දහය වසරේ….. එදා මට ඔයාව හරි ලස්සනට පෙනුනා…. මුලින් මට ඕනි උනේ ඔයාව දකින්න ඈතින් ඉදන් බලන් ඉන්න විතරයි ….. ඒත් කාලයක් යනකොට ඒ ආකර්ශනය ආදරේකට පෙරලුනා….. මට ඔයාට ආදරේ කරන්න ….. ඔය අත අල්ල ගන්න ….ඔයාව තුරුල් කර ගන්න ඕනි උනා………. ඒත් ඔයාට මාව පේන්න බෑ කියලා මං දැන ගත්තේ සහස්ගෙන් ඉතිම් මං බොරුවට මිහිඳුන් වගේ ඔයා ගැන හොයලා බලන්න හිතුවා…. මං හිතුවේ නෑ එදා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා ….. මෙහෙම ඔයාගේ අත අල්ලන් ඉන්න පුලුවන් වෙයි  කියලා ……. ඒත් අද වෙනකොට මට සෙනුල්ය කියන්නේ මගේ ජීතේම කොටසක් වගේ……”

මං යසස් අයියගේ උරහිසකට බර උනා…

” මං මැරනකම් අයියට ආදරෙයි ………”

” මාත් සෙනූ…. මොන දේ උනත් මැරෙනකම්ම මාත් ඔයාට ආදරේ කරයි…..”

මං එදා දවස ගෙව්වේ හරිම සතුටින් යසස් අයියා මං කැමති හැමදෙයක්ම කරා…… එයා කරේ මං නටන පිස්සු දිහා හිනා වෙවී බලන් ඉන්න එක …….. ඒත් මගේ හිතට මහා අමුත්තක් තියෙනවා …..

මටත් විකාර මෙච්චර අද දවස හොඳින් ගෙවුනාමත් ඒකේ ඇදයක් හොයනවා…

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

දැන් නම් කතාව ඉවර වෙන්න ළඟයි…. දුක හිතෙන දේවල් ගොඩක් වෙයි එත් මං පොරොන්දු වෙනවා Happy ending එකක් දෙන්න …………. ❤️❤️

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්දෙවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 54