À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය

A+ A-

මං ගෙදර ගිහිල්ලත් කල්පනා කරේ කොහොමද ඒ දෙන්නගේ DNA test එකක් කරන්නේ කියලා …… යසස් අයියාගේ නම් ගත්තා කියමුකෝ… එතකොට ඒ බබාගේ… මං ඒ ගෑණු ළමයව හරියට දැක්කෙත් නෑ …….

ඊයේ දැක්ක දෙයින් පස්සේ මට යසස් අයියා එක්ක කතා කරන්න තිබ්බ උවමනාව එහෙම්මම නැති වෙලා ගියා… සහස් උනත් මට අයියා ආවා කියලා කෝල් නොකරේ තේව් උන හැමදේම සහස්ට කියන්න ඇති ඒත් මං ළමයා ගැන කතාව එයාට කියන්න එපා කියලා තේව්ගෙන් පොරොන්දු කර ගත්තා …… සහස් මෙහෙ නැති නිසා මුකුත් අහන්නත් බෑ අනික යසස් අයියා තාම ගෙදර ගිහිල්ලත් නෑලු…..

” සෙනුල්ය යසස් එක්ක කතා කරාද??”

මිහිදුන් අයියා මගෙන් ඇහුවේ උදේ වැඩට යද්දී….. එයාගේ මූණ අඳුරුවෙලා කියලා මට හිතුනේ…

” තාම නෑ ……. මට කතා කරන්න හිතුන්නෑ……”

” ඒ මොකද??”

” අනේ මන්දා………..”

මට ඇත්ත හේතුව කාටවත් කියන්න ඕනි උනේ නෑ ……. මොනා කියන්න ද?? මාව අත ඇරලා දාලා යසස් අයියා ගිහින් ළමයෙක් හදාගෙන පවුලක් වෙලා කියලා කියන්නද?? එහෙම උනොත් හැමෝම එයාව වැරදි කාරයෙක් විදියට දකී කියලා මගේ හිත බය උනා………

” අයියගේ මූණ කලු වෙලා …… අයියා අසනීපෙන්ද?”

” අහ් නෑ සෙනුල්ය ඊයේ නින්ද ගියේ නෑ ඒක වෙන්නැති ……”

මිහිඳුන් අයියා කිව්වේ මගේ ඇස් මග අරින ගමන් කියලා මට තේරුනත් මං ඒක අහන්න ගියේ නෑ………

දවල් වරුවේ මං roof top එකට ආවේ එක දිගට chemical එක්ක වැඩ කරලා මගේ අත් හිරි වැටිලා තිබ්බ නිසා….. අපි වැඩ කරේ කොළඹ තියෙන company එකක….. ඉතිම් roof top එකට ආවම මුලු කොළඹම ලස්සනට පෙනුනා…. කුරුණෑගලට වඩා කොළඹ වෙනස් කියලා මට හිතුනා…. මෙහෙ මුලු නගරෙම වැහෙන්න තිබ්බේ එක එක උස buildings…..

” මොනාද ඔච්චර කල්පනා කරන්නේ ම්ම්??”

ඒ කටහඬ එක්ක මට මොහොතකට මගේ ආත්මේ මගේ ඇඟෙන් එලියට යනවා වගේ තේරුනා….. අවුරුදු පහක් ගියත් මට ඒ කටහඬේ වෙනසක් තේරුනේ නෑ….. ඔව් ඒ යසස් අයියා….. එයා දැන් මගේ පිටිපස්සේ ඉන්නවා… මං හිමීට හැරිලා එයා දිහා බැලුවා……

එදා මට හම්බෙද්දී හිටිය අවුරුදු 18ක කොල්ලා නෙමේ දැන් ඉන්නේ….. අවුරුදු 25 ක තරුණයෙක්……. ඒත් තාමත් ඒ මූණේ තිබ්බ නපුරු පාට අඩුවක් නැතුවම තියෙනවා ….. එතකොට ඒ ඇස්….. ඒවා දිලිසෙනවා ……. තාමත් එදා වගේම…….

මට කියාගන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා උගුර හිර වෙනවා වගේ දැනුන නිසා ඉස්සරහා බලා ගත්තා….

යසස් අයියා මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානට ඇවිත් අත් වැටට හේත්තු උනා….. ලාවට උනත් මට එයාගේ උණුහුම දැනුනා…. ඒ උණුහුමට ගුලි වෙන්න මෙච්චර කල් හිර කරන් හිටපුවා නිදහස් කරන්න මට ඕනි උනත් එයා දැන් වෙන කෙනෙක්ගේ කියන මතය ඔලුව අස්සේ දෝංකාර දෙද්දී මං අත මිට මොලවලා මගේ හැඟීම් පාලනය කර ගත්තා ……….

” ගොඩක් කාලෙකින් නේද?”

මං කරේ ඈත අහස දිහා බලාගෙන ඉන්න එක….

” සෙනූ හොඳින් ඉන්නවද?”

ඔයා කොහොමද එහෙම දෙයක් අහන්නෙවත් අයියේ?? මගේ සතුට නැති  කරලා මං හොඳින්ද අහන්නේ කොහොමද ඔයා ?

” සෙනූ තාම මාත් එක්ක තරහයි වගේ….”

මං කොහොමද දෙයියනේ ඔයා එක්ක තරහා වෙන්නේ?? ඒත් ඒත් මං ඔයා එක්ක හොඳින් ඉන්න හැදුවොත් මං මීට වඩා විඳවයි…. මට මගේ හැඟීම් හංගන් ඔයාව වෙන කෙනෙක්ට දීලා ඉන්න අමාරුයි අයියේ……. මට සමාවෙන්න ..

” සොරි මට වැඩ තියෙනවා ……”

මං යසස් අයියා කියලා කෙනෙක්ව අඳුරන්නේ නැති ගානට එතනින් එන්න හැදුවත්… මං නැවතුනේ යසස් අයියා මගේ අත අල්ල ගත්ත නිසා ……

” මට සෙනූ එක්ක ටිකක් කතා කරන්න පුලුවන් ද??”

යසස් අයියා අහද්දී මං ඒ ඇස් දිහා නොබලම ඒ අත ගසලා දැම්මා…..

” මට වැඩකට නැති දේවල් වෙනුවෙන්…නාස්ති කරන්න කාලයක් නෑ “

ඔව්…… මටවත් හිතාගන්න බෑ මං ගැන ….. මං අවුරුදු පහක් බලන් හිටියේ ඒ කතාව අහන්න …….. නිකම් නෙමේ අවුරුදු පහක් ! ඒත් දැන් මට ඒකට ඇහුම්කන් දෙන්න උවමනාවක් නෑ …….. උවමනාවක් නෑ කිව්වටත් වඩා මං භයයි කිව්වොත් තමා හරි ….. මං භය උනා යථාර්තෙට මූණ දෙන්න ….  ඇස් ඉස්සර පේන දේට මූණ දෙන්න මං භය උනා……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මේක කියවද්දි එයාලා දෙන්නා ආයේ යාලු වෙයි කියලා හිතපු අය මේ කොනට….. 😌👉

යසස් අයියා වැරදි උනත් මං කොහොමද ලස්සන පවුලක් කඩලා ඒ දෙන්නව එකතු කරන්නේ 😪

ඔයාලා බලාගෙන ඉන්නේ බබා කාගෙද කියලද?? මාත් එහෙම තමා අනේ… මාත් ඉන්නේ මේ DNA test එක එනකම්…

නිකම් සාමාන්‍ය common love story එකක් වගේද ?? ☹️☹️

ආ ඊළඟ කෑල්ල මගේ කතා කියවන අය වෙනුවෙන් පුංචි තෑග්ගක්  😌❤

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්නමවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 61