À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය

A+ A-

මං හවස් වෙලා යසස් අයියට කෝල් එකක් ගත්තා …….

” කියන්න සෙනූ …….”

එයා කොහොමද කිසිම දෙයක් නොවුන ගානට ඉන්නේ….. මං හිතනවා වැඩිද…. ඒත් මට රිදෙනවා නේ මෙහෙම කරද්දී………

“අද ඇයි ආවේ නැත්තේ………”

“ආ…… සෙනු මට අද හදිස්සියේම කොළඹ යන්න උනා……  ඒක හින්ද මම ගියා…… “

“ඉතින් මට කිව්වේ නැත්තේ??….”

” මට අමතක වුණා ඉතින්…….”

” ඔයා වෙනදා එහෙම අමතක කරන්නේ නැහැනේ……”

” එහෙම තමයි ඉතින්…… මිනිස්සුන්ට අමතක වෙනවා…..  ඕක එච්චර දෙයක් නෙමෙයි සෙනු……”

” ඒ උනාට……”

“ඒ උනාට කියන්නෙ සෙනූ….. මම දැන් ගෙදර ආවා විතරයි……. ඇයි ඔයා මේ පොඩි දේයක් අල්ලගෙන රණ්ඩු කරන්න හදන්නේ………”

යසස් අයියා එහෙම කියනකොට මගේ හිත ගොඩක් රිදුනා….. මොකද කවදාවත් එයා මට ඒ විදිහට කතා කරල තිබුණේ නැහැ….. මේ ගෙවුණු අවුරුද්දක විතර කාලෙටම අපි එක පාරක්වත් රණ්ඩු වෙලා තිබුණේ නෑ……. ඉතින් එයා අද මෙහෙම මට කතා කරද්දි මට දුකක් දැනෙන එක පුදුමයක් නෙමේනේ……..

මට නොදැනීමයි මගේ ඇස් වලට කඳුළු ආවේ……..  මම කතා නොකර එහෙම්මම ඉකි ගගහ හිටියා…..

“සෙනූ කතා කරන්න ඔයා අඬනවාද?… කතා කරන්න සෙනූ ඇයි අඬන්නේ…”

” මුකුත් නෑ…… ඔයා මට කවදාවත් ඔහොම කතා කරල නෑ……..”

මට තේරෙන්නේ නැහැ මං මෙහෙම බොළඳ උනේ කවදා ඉදලද කියලා මම මෙහෙම අඬන ළමයෙක් නෙමෙයි…… මීට වඩා දේවල් මම දරාගෙන තියෙනවා……….. ඒ උනාට යසස් අයියගේ මේ පුංචි වෙනස්වීම මගේ හිතට සෑහෙන්න ලොකු දුකක් ගෙනාවා
………. ඒකයි මමත් දන්නේ නැතුව මට ඉකි ගැහුනේ……

” සෙනූ ඔයා  අඬනවාද??   සෙනූ මට සමාවෙන්න …  කතා කරන්නකෝ ……”

මට තවත් කතා කරගන්න ශක්තියක් නැති නිසයි මම ෆෝන් එක තිබ්බේ….. ඇත්තටම යසස් අයියා කියනවා වගේ ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි තමා ඒත් යසස් අයියා කවදාවත් මට මෙහෙම සැර කරල නෑ……  ඒ වගේම මෙහෙම කතා කරලත් නෑ…..  එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ…..  මමත් ඇත්තටම බොරුවට නේද එල්ලුනේ……..

ඒත් එයාට මාව එපා වේගෙන යනවද දන්නෙත් නෑ……… කාලයක් යනකොට හිතේ තියෙන ආදරය අඩුවෙනවා කියන්නේ මේකටද දන්නෙත් නෑ….. ඒත් දෙයියනේ මගේ හිතේ ආදරේ එහෙම අඩු වෙලා නෑනේ……..  එතකොට එහෙම වෙන්නේ කොහොමද ???  ඇත්තටම එයාට දැන් මාව එපාද දන්නෙත් නැහැ……….  නැහැ. නැත්නම් ඔච්චර දෙයක් මට කියන්න අමතක උනේ……..

මං අද එයා එනකම් කොච්චර ආසාවෙන් බලාගෙන හිටියද…….  නිදහසේ එයත් එක්ක කොහේ හරි යන්න……..  එයාට තුරුල් වෙන්න……  එයාට ආදරෙයි කියන්න……..

ඒ ලෙවල් නිසා අපි දෙන්නට ආදරේ කරන්න වෙලාවක් තිබුණේ නැහැනේ……  ඒක හින්ද මං අද ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ……. ඒත් ඉතින්….

මම ෆෝන් එක එහෙමම  දාලා ඇඳට වැටුනා…… පැය භාගෙකින් පැයකින් විතර මට ඇහැරුණේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙට…… මම ෆෝන් එක අතට අරගෙන බලද්දි යසස් අයියා මිස්කෝල දහයයි……….

” හලෝ…….”

“එළියට එන්න……”

” මොකක් මේ රෑ??……”

“ඔව් මම ඉන්නේ ඕගොල්ලන්ගේ ගේ ඉස්සරහා…..  ඒක හින්දා එළියට එන්න.. කරුණාකරලා…..”

” අයියේ……….”

” මම කිව්වනේ ප්‍රශ්න අහන්නේ නැතුව එළියට එන්න……”

යසස් අයියත් මොනා කරනවද මන්දා……  මහ රෑ ගෙවල් වලට එනවද…… මම ඔරලෝසුවේ වෙලාව බැලුවා…… වෙලාව දොළහයි කාලයි අනේ දෙයියනේ…… වෙලාවට අද තාත්තයි කුඩම්මයි දෙන්නම ගෙදර නැහැ……… හිටියා නම් මම ඉඳලා ඉවරයි……… 

මම ටී ෂර්ට් එකකුත් දාගෙන එලියට ගියේ යසස් අයියව බලන්න මෙන්න පොර ඉන්නවා ඇවිල්ලා…… මාව රිද්දලා දැන් හොයාගෙනත්  ඇවිත් ….

“ඇයි අඬන්න කියන්නකෝ…..”

“  ඔයා මට කවදාවත් එහෙම සැරෙන් කතා කරලා නැහැනේ…….”

” අනේ මට සමාවෙන්න සෙනූ…. මං හිතලා කරා නෙමේ ……. අයියට සමාව දෙනව නේද ඉතින්………ආයේ කියන්නෑ…”

” මෙච්චර දුර ආපු එකේ සමාව දෙන්නම්…”

යසස් අසස් අයිය මාව එහෙම්මම තුරුල් කරගෙන ඇඟට හේත්තු කරගත්තා……

“මේ අහන්නකො සෙනූ අපිට ඉස්සරහට ප්‍රශ්න එන්න පුළුවන්…….. මං මේ දවස්වල ඉන්න ප්‍රශ්න ගොඩක……… මං ඔයාට ළඟදි මේවා කියන්නං ඒව මොනාද කියලා මගෙන් දැම්ම අහන්න එපා සෙනු………. එක දෙයක් හොඳට මතක තියාගන්න…… ම ඔයාට ගොඩක් ආදරෙයි……..  මං ඔයාට එදත් කිව්වා අදත් කියනවා…….  මොන දේ උනත් මේ හිතේ සෙනූට තියෙන ආදරේ මැකෙන්නෙ නෑ ……. “

එහෙම කියලා එයා මගේ නළල ඉම්බා….මාත් එයාව තුරුල් කරගත්තේ මොහොතකට සැනසීම මට ලන් කරලා දීලා…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇයි යසස් එහෙම සෙනූට බැන්නේ?? යසස් අයියා වෙනස් වේගෙන යනවා වත්ද………

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්එක්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 53