À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය

A+ A-

නුඹ ගැන සිත සිතා මම …….. ලිය ලියා දුන් ආදරේ විසිරුණා….. නුඹෙ රුව මව මවා මම ආදරෙන් මියැදුනා….”

මං වාහනේ රේඩියෝවේ තිබ්බ සින්දුව වෙනස් කරේ ….. දැනට ගොඩක් කල් ගිහිල්ලත් තාමත් මට මෙහෙම දෙයක් ඇහෙද්දි මතක් වෙන්නේ යසස් අයියව නිසා …… මං තාම බලන් ඉන්නවා එයා එනකම්…..

මාසයක් දෙකක්….. නෑ දැන් අවුරුදු පහක්ම ගෙවිලා ගියේ යසස් අයියා ගැන කිසිම තොරතුරක් නැති වෙද්දී…… මේ අවුරුදු පහට ගොඩක් දේවල් වෙනස් උනා….. ඔව්…… ගොඩක් දේවල්……

මිහිදුන් අයියා මොරටු කැම්පස් ගියා…. එතකොට ඒලෙවල් රිසල්ට් ආවා….. මං සහස් තේව් චේතිය නදීක අයියා හැමෝම කැම්පස් යන්න පාස් වෙලා තිබ්බා……..

මායි තේව්යි දෙන්නම කැළණි කැම්පස් තේරෙද්දී… සහස් පේරාදෙණියේ මෙඩිකල් තේරුනා…. නදීක අයියා යාපනේ ඉංජිනියර් තේරෙද්දී…. චේතිය රුහුණේ මෙඩිසින් තේරුනා……. ඉතිම් අපි හැමෝම හොඳ තැන් වල හිටියට යසස් අයියා නැති අඩුව ලොකුවටම හැමෝටම දැනුනා……

මං ගිය මාසේ කැම්පස් එකෙන් අවුට් උනේ…….. මගේ තිබ්බ ලාමක රූපේ දැන් ටිකක් අඩු වෙලා …. කැම්පස් එකේ කට්ට කද්දි එහෙම වෙනවා…. අපි විතරක් නෙමේ රටත් ගොඩක් වෙනස් වෙලා…… කොරෝනා වසංගතෙන් පස්සේ රටේ බඩු මිල බලන් ඉද්දි වැඩි උනා….. ඉස්සර රුපියල් 10ට ගත්ත බිත්තරයක් දැන් 65යි…… මේ වෙනස් උන හැම දෙයක් අස්සෙම වෙනස් නොවුන එක දෙයක් තිබ්බා…… ඒ තමා මගේ හිතේ යසස් අයියා ගැන තිබ්බ ආදරේ…….. ඒක තාමත් යසස් අයියා අත ඇරලා ගියපු විදිහටම පරිස්සමෙන් තියෙනවා ……….

” අපි ආවා සෙනූ………”

මිහිඳුන් අයියා කියද්දි මං අල්ල අල්ල හිටපු චේන් එක ෂර්ට් එක අස්සට දාගෙන බටන් එක දා ගත්තා …..

අද තමා මං ජොබ් එකට යන පළවෙනි දවස…… අපෙ තාත්තයි මිහිදුන් අයියගෙයි උදව්වෙන් මටයි තේව්ටයි මෙතන රස්සාව හොයාගන්න පුලුවන් උනා…… මේ ගොඩක් ප්‍රසිද්ධ food brand එකක්…. මටයි තේව්ටයි තිබ්බේ chemicals එක්ක තිබ්බ වැඩ ඉතිම් අපිට ලැබුනේ lab එක ….. එතකොට මිහිඳුන් අයියා තමා මේ company එකේ ප්‍රධාන engineer ……. සහසුයි… චේතියයි තාම මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගන්නවා…… අවුට් නෑ …….

” සෙනුල්ය එහෙමනම් හොඳට වැඩ ටික කර ගන්න ඕනී…… මොනාහරිම දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න ……”

” ම්ම් හරි අයියේ…….”

යසස් අයියා නැති මේ දවස් වල මට මිහිඳුන් අයියා ගොඩක් උදව් කරා…. මට හිත හදාගන්න ගොඩක්ම උදව් කරේ එයා…….. යසස් අයියා වගේම මං ගැන හොයලා බලන්න එයා අමතක කරේ නෑ….. ඒත් ඉතිම් මොනා උනත් යසස් අයියා මගේ ජීවිතේ නැති අඩුව ඒ කාටවත් පුරවන්න බැරි උනා……..

ඉස්සර මං මිහිඳුන් අයියට කැමැත්තෙන් හිටියා තමා….. ඒත් දැන් ඇත්තටම මට එයා ගැන තියෙන්නේ සහෝදර ප්‍රේමයක්…… ඉතිම් තේව් කියන විදියට මට එයාට ඉස්සර තියෙන්න ඇත්තේ ඇත්තටම ආදරේකට වඩා ආකර්ෂණයක් ……..

මං ඔෆිස් එකට යනකොටත් තේව් ඇවිත් හිටියා….. ඉතිම් අපි දෙන්නම බොස්ව හම්බෙලා ඇවිත් ඉද ගත්තේ අපිට තිබ්බ මේස වල……

අපිට ගොඩක් වැඩ තිබුනේ ලැබ් වල ඒත් ඊට අමතර වෙලාවේ අපි මේ මේසේ ඉඳගෙන documents එහෙම හදන්න ඕනි….. මේ ඉතිම් මං ජොබ් එකක් කරන පළවෙනි වතාව……. අපේ ගෙදර ආර්ථික තත්වේ හොද නිසා මට එහෙම වෙන රස්සාවක් කරන්න උවමනාවක් තිබුන්නෑ…… ඒත් තාත්තා එයාගේ business වලට ජොයින් වෙන්න කියන එක අහන් ඉන්න බැරි කමටයි… මෙච්චරකල් ඉගෙන ගත්ත එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි නිසයි මං රස්සාවක් කරන්න හිතුවා………

පළවෙනි දවස නිසා ලොකුවට වැඩක් අපි දෙන්නට හම්බුනේ නෑ …….

” සහස් අවුට් වෙන්නේ කොයි කාලෙද තේව්?”

” තව අවුරුද්දක් විතර තියෙනවා …… ඊට පස්සේ ඉතිම් සීමාවාසිත දායි…. එතකොට මේ හම්බෙනවා වගේවත් හම්බෙන්න වෙන්නෑ…….”

තේව් කිව්වේ මූණ කජු ලෙල්ලක් කරගෙන…….. තේව්ත් ඉතිම් මාර ඉවසීමක් ඉවසනවා…….

මට මතක් උනේ මගේ යසස් අයියව….. කාලයක් යනකොට මං එයා වෙනුවෙන් අඬන එක නතර කර ගත්තා …… මොකද හදවත වේදනාවට හුරු උනාම මිනිස්සු අඬන එක නවත්තලා සම්පූර්ණයෙන් නිහඬ වෙනවා……. ඉතිම් මාත් එහෙමයි…… ඉස්සර සෙනූගෙ දකින්න හම්බෙන හිනාව දැන් නැති වෙලා ….. ඒ වෙනුවට තියෙන්නේ මවා ගත්ත හිනාවක්…….. මං තාම හුස්ම ගන්නේ යසස් අයියව තව එක පාරක් හරි දකින්න ඕනි නිසා ……..

මං එයාව මතක්වෙනකොට මගේ ෆෝන් එකේ wallpaper එක බලනවා……

ගොඩක් අය මට ඒ මතක අමතක කරන්න කිව්වට….. ඒ මතක හරි ලස්සනයි ……. ඉතිම් ඒ ලස්සන මතක තමා මාව ජීවත් කරන්නේ………….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

සෙනූ දැන් ලොකු ළමයෙක් වෙලා නේද ළමයි …… 🥺 එයා සෑහෙන්න දුකක් හිතේ තියන් අවුරුදු 5ක්ම ඉඳලා ….

ඉතිම් ළමයි ඇත්තටම ආදරේ කරන මිනිස්සු මැරිලා නෑ…… එයාලා තාමත් ජීවත් වෙනවා…. ඉතිම් ඔයත් එහෙම දුර්ලභ මනුස්සයෙක් වෙන්න බලන්න ළමයෝ……….

ආදරෙයි මං පූජා 😘❤

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්පස්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 57