À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය

A+ A-

අද අපි ගෙදර එද්දී ගොඩක් හවස් උනා… මං දවසම හිටියේ යසස් අයියා එක්ක … මට හරිම සතුටුයි යසස් අයියා ආයේ හිටපු විදිහට ආපු එකට……

මං එදා රෑ නිදාගත්තේ හිතේ මාර සැනසීමකින්……

පහුවදා මං ඇහැරුනේ මගේ ෆෝන් එක එක දිගටම වයිබ්‍රේට් වෙන්න ගද්දී….

” සහස්……”

ඇයි මට ඉන්න හැම කුජීත යාලුවම මහ උදේ කෝල් ගන්නේ.. උන්ට නිද ගියේ නෑ කියලා මට පලිද….. මං දවල් වෙනකම් නිදාගන්නවනේ….. හිතින් සහස්ගේ මුලු පරම්පරාවටම අමතන ගමන් මං ෆෝන් එක කනේ තියාගත්තා….

” මොකද මනුස්සයෝ උදේ පාන්දර වද දෙන්නේ……”

” සෙනූ අයියා මොනාහරි කිව්වද??”

” නෑ ඇයි??”

සහස්ගේ කටහඬ වෙව්ලනවා …….

” සෙනූ අයියා………”

” අයියට මොකද??”

මගේ හදවතේ සද්දේ දැන් මටම ඇහෙන්න වගේ……

” සහස් කියනවා….. මාව භය නොකර….”

” අයියා ගෙදර නෑ සෙනූ කොහෙවත් නෑ…..”

” මොකක් ?? ඊයේ මාව හම්බෙලා ගෙදරනේ ගියේ…..”

” ඊයේ ආවා අද උදේ නෑ……”

” ඔයාට ෂුවර්ද?? කෝල් එකක් අරන් බැලුවේ නැද්ද?? ළඟකට යන්න ඇති ….”

” නෑ සෙනූ ෆෝන් වැඩ නෑ ….. මිහිඳුන් අයියලා…. නදීක අයියලා කවුරුත් දන්නෑ……… මට ලියුමක් ලියලා ගිහින් තියෙන්නේ ……”

” මොනා කියලා ??!”

” එයාව හොයන්න එපා කියලයි ඔයාව බලාගන්න කියලයි….. අපි දැන් මොනාද කරන්නේ සෙනූ??”

මට හිතාගන්න බැරි උනා සහස් මේ මොනාද කියන්නේ කියලා …….. ඊයෙත් හොඳට හිටියනේ…. යසස් අයියේ ඔයා විහිලුවක් නම් කරන්නේ දැන්ම ඕක නවත්තන්න ……. මොකද සෙනූගේ හිත හොඳටම රිදෙනවා …….

” මං එන්නම් ඉන්න ………”

මං ෆෝන් එක තියලා ගියේ යසස් අයියගේ චැට් එකට……. එකම එක වොයිස් msg එකක් තියෙනවා ……… මං ඒක play කරේ වෙව්ලන අතින්……

” සෙනූ මැණික………. මුලින්ම අයියට සමාවෙන්න …….. මං කරේ කරන්න පුලුවන් හොඳම දේ කියලා මං හිතනවා…. මේ දේ කරේ අපි හැමෝගෙම හොඳට කියලා හිතන්න….. මාව හොයන්න එපා සෙනූ… මං ඔයාලා හිතන්නෙවත් නැති තරම් දුරකට යනවා …… ඉතිම් මගෙ සෙනූ අඬන්න එපා….. හැමදාටම හිනා වෙලා ඉන්න ….. කැම්පස් යන්න හොඳ තැනකට එන්න…. මං මේ දේවල් කරේ සෙනූට ආදරේ නැති හින්දා නෙමේ ….. මං මේක සෑහෙන්න හිතලා ගත්ත තීරණයක්…….. මං සෙනූට කියන්නේ නෑ මං වෙනුවෙන් බලන් ඉන්න කියලා …. ඒත් මැරෙන්න මොහොතක් තියලා හරි මං සෙනූව බලලා යන්න එනවා…. ඉතිම් සෙනූ බුදුසරණයි මැණික…… යසස් අයියව පුලුවන් නම් අමතක කරන්න …… ආදරෙයි …..”

මගේ පපුව නිකම් පොඩි කරනවා වගේ….. උගුර අස්සේ ලොකු දෙයක් හිර වෙලා වගේ…. මං ඉන්නේ මේ හීනෙකද?? අනේ එහෙමනම් මාව ඉක්මනින් ඇහැරවන්න ……. මොකද මං මේ හීනෙට පොඩ්ඩක්වත් කැමති නෑ……

මං එහෙම්මම ඇඳුමක් දාන් ගියේ එයාලගේ ගෙදරට මගේ ඇස් දනවා අඬලම………

මං එහෙට යනකොටත් තේව්යි, මිහිදුන් අයියයි..නදීක අයියයි…… චේතියයි ඇවිත් හිටියා……….

” මල්ලී……. ඌ උඹට පොඩි ඉඟියක් වත් දුන්නේ නැද්ද…..”

” නෑ අනේ දුන්නා නම් මං මෙහෙම යන්න දෙනවද….”

” හරි මල්ලී අඬන්න එපා අපි පුලුවන් හැම තැනකම හොයමු……..”

අපි හැමෝම යසස් අයියා යන්න ඇති කියලා හිතන හැම තැනකම හෙව්වා…. මට තේරෙන්නේ නෑ මොනා වෙනවද කියලා ……. මට පියවි සිහියක් තිබුන්නෑ…… මං පිස්සෙක් වගේ බස් ගානේ නැග නැග එයාව හෙව්වා…. අන්තිමට මං බෑ කියද්දිත් කට්ටිය මාව ඇදන් ගෙදර ආවේ බලාපොරොත්තු ඔක්කොම අත ඇරලා …….

හැමෝම සාලේ ඉද්දී….. මං ගියේ යසස් අයියගේ කාමරේට…. එතන තිබ්බ පොත් එකින් එක ඇද ඇද මං හෙව්වේ මොනාහරි දෙයක් තියෙනවා ද මේකට හේතු වෙච්ච කියලා ……….

එතකොට මං ඇදපු පොතක් අස්සෙන් වැටුනේ කහපාට දෙකට නමපු ලොකු ලොකු ලියුම් කවරයක්…….. ඒක දිග ඇරියම ඒකේ තිබබ අකුරු දැකලා මගේ හදවත හයියෙන් ගැහුනා….

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

මං ගැහෙන ඇඟිලි වලින් ලියුම් කවරේ ඇතුලේ තිබුන ලියුම අරන් කියෙව්වා…..

S.A Yasas Thishmaka Senevirathna
Selected to,
Engineering faculty
University of Moratuwa

මගේ අත ගියේ මං බෙල්ලේ එල්ලන් ඉන්න මාලෙට…… ලියුම අතේ තියෙද්දි මට එහෙමම ඇස් පියවුනා වගේ මතක…..

‘ සෙනූ…………”

තේව්ගේ සද්දේ කන් දෙකේ දෝංකාර දෙද්දී මට දැනුනා වටේම කලු වෙලා යනවා …….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

යසස් යන්න ගිහින් ළමයි ….. එයාව හම්බෙයිද 😪

ළමයි මට GL කතාවක් ලියන්න හිතුනා… ලොකු එකක් නෙමේ short story එකක් ….. මේකත් එක්ක…. භය වෙන්න එපා මේක දානවා…….. ඉතිම් කියවන්න කැමති කෙනෙක් ඉන්නවද?? කැමති නම් මාව follow කරලා තියාගන්න ……

ආදරේයි මං පූජා ……..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්තුන්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 55