À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය

A+ A-

යසස් අයියා නැතුව ගෙවෙන දෙවෙනි දවස මේ….. එදා යසස් අයියගේ මේසේ අදිදී මට හම්බුනේ එයා කැම්පස් සිලෙක්ට් වෙච්චි ලියුම…… එයා කැම්පස් එකත් අත ඇරලා යන්න තරම් මොකක්ද එයාට උනේ??? ඒක දන්නේ ඉතිම් එයාම තමා……

මං ඉඳන් හිටපු බංකුව ගාවින් ඇවිත් වාඩි උනේ සහසුයි තේව්යි……. මේ දවස් වල මේ හැමෝම මගේ හිත හදන්න සෑහෙන්න උත්සහ කරා……

” දැන් මොකක්ද කරන්න ඉන්නේ සෙනූ??”

” මොනා කරන්න ද එන දේකට මූණ දෙනවා…..”

” එතකොට ආදරේ ??”

” මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බැරි වෙයි තේව්…… මං එයා එනකම් බලන් ඉන්නවා…..”

” යසස් අයියා නම් පුදුම මනුස්සයෙක් තමා ….. ඔහොම යනවද එක පාර…. ප්‍රශ්නයක් තිබ්බා නම් අපිත් එක්ක කතා කරන්න තිබ්බනේ…….”

” අයියා හොඳින් ඉන්නවද දන්නේ නෑ……”

” හම්ම් යසස් අයියා කියන්නේ පුදුම මනුස්සයෙක් තමයි……”

මං ඈත අහස දිහා බලාගෙන කිව්වා…

” හැමෝම හඳට ආදරේ කරද්දී ….. එයා ආදරේ කරේ අහසේ කාටවත් ඇස් නොගැටෙන කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුණු නිවි නිවී දැල්වෙන තරුවකට……
මැරෙන්න තරම් දුක හිතිලා…. අඬපු කාලෙක… මං මාවත් අත ඇරලා තිබ්බ කාලෙක…. මට ආදරේ කරපු මනුස්සයෙක් එයා…. මට මං කවුද කියලා … මගේ වටිනාකම පෙන්නලා දුන්න කෙනෙක් එයා…. ගෙදර තමන්ගේ අයත් මාව අත ඇරලා දාලා තියෙද්දී… මාව වැටෙන්න නොදී අල්ල ගත්ත කෙනෙක් එයා…… ඉතිම් එයා පුදුම මනුස්සයෙක් නෙමේද ?”

මං මගේ ඇස් වලින් ගලපු කඳුලු අතින් පිහදාගත්තා…….

” එයා මොන හේතුවකට මෙහෙන් ගියාද කියන්න මං දන්නේ නෑ…… ඒත් යසස් අයියා මං වැටිලා ඉන්න කාලේ මාව නැගිට්ටවලා මට ඇවිදින්න කියලා දුන්නා…… ඉතිම් දැන් එයා නැතුවත් මට ඇවිදින්න වෙලා…. ඉතිම් මං ආයේ වැටිලා කොහොමද ?? මං දන්නවා එයා ආයේ කවදාහරි එයාගේ සෙනූව හොයන් එනවා…… එතකම් මං එයා නැතුව… මේ ගමන ඉස්සරහට ඇවිදන් යනවා….”

” ඔව් සෙනූ….උඹ ගේම අත අරින්න එපා බන්…. උඹ පෙන්නපන්….. සාර්ථකත්වයයි…. ආදරෙයි දෙකම එක මනුස්සයෙක් ඇතුලේ තියෙන්න පුලුවන් කියලා …. “

මං මගේ බෙල්ලේ තියෙන යතුර තද කරලා අල්ල ගත්තේ මොන දේ උනත් ආයේ වැටෙන්නෑ කියලා හිතලා…..

මං ඔයාව විශ්වාස කරනවා අයියේ …….. ඕනෑවටත් වඩා විශ්වාස කරනවා….. ඔයා දවසක් කිව්වා… ඔය හිතේ සෙනුල්ට තියෙන ආදරේ කවදාවත් මැකෙන්නෑ කියලා ……. ඉතිම් ඒ වචනේ විශ්වාස කරන් මං ඔයා එනකම් බලන් ඉන්නවා…….. ඒක අවුරුද්දක් ද….. දෙකක්ද මුලු ජීවිත කාලෙමද කියන්න මට වැඩක් නෑ……… මං ඔයා එනකම් ඉන්නවා…….

ඔයාට ඕනි නම් දුවන්න අයියේ… පුලුවන් තරම් දුර දුවන්න…… හැබැයි හති වැටුන මොහොතෙම ආයේ මාව හොයාගෙන එන්න අයියේ…. මොකද……. යසස් දාලා ගිය තැන සෙනූ ඉන්නවා…… එක අඩියක්වත් වෙනස් නොකර…….

” ජීවිතේ තැනක් එනවා තේව්….. එතනදී හැම කෙනෙක්ටම අකමැත්තෙන් හරි තනි වෙන්න වෙනවා…….. ඉතිම් හැම දේම කාලෙට බාර දීලා ඉන්නවා…… එයා ඉන්න තැනක හොඳින් හිටියොත් ඇති ……”

” ඇත්ත සෙනූ…… කාලයට කරන්න බැරි දෙයක් නෑ ………. ඉතිම් අපි බලන් ඉමු…. අපි හැමෝම ඉන්නවා ඔයා එක්ක……”

කොච්චර දරාගෙන ඉන්නවා කියලා හිතුවත් මට රෑ වෙද්දි හරි අමාරුයි ….. රෑ කලුවරේ බිත්ති වලින් වට වෙච්ච කාමරේ තනියම ඇඳට වෙලා ඉද්දී… මට ඔයාව මතක් වෙනවා වැඩී යසස් අයියේ….. ඔයාට දැනෙනවද ඔයාගේ සෙනූගොඩක් දුකින් කියලා ….

මං ෆෝන් එක අරන් ඇස් ගෙනිච්චේ අපේ මතක පිරුණු ඒ ෆොටෝ දිහා…

ඒ දවස් හරිම ලස්සනයි යසස් අයියේ….. ඒ දවස් වල ඔයා මෙහෙම යනවා කියලා දන්නවා නම් මට ඔයාට මෙච්චර බැඳෙන්නේ නැතුව ඉන්න තිබ්බා…. එහෙමනම් මට මෙච්චර දුක නෑනේ …… ඒත් මං ඔයාට ඇබ්බැහි වෙලා …… හරියට කොකේන් වලට වගේ….. මට ඒ ආදරේ නැතුව හරි අමාරුයි ……. ඔයාට එහෙම දැනෙන්නැද්ද අයියේ?? කොහොමද ඔයා මගෙන් ඈත් වෙලා ඔහොම ඉන්නේ……

මං කඳුලු පිරුණු ඇස් වහගත්තට….. මට නින්ද ගිය වෙලාව මටම මතක නෑ…..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ගරා වැටුණු සොහොන් කොතක් පුරාවට………
සඳරැස් පමණි වැටුනේ තනි රකින්නට………
තනිකම පිරුණු හැන්දෑවක වෙලාවට……….
පාලුත් ඇති කවුරුත් නැති කනත්තට………
තෙමුනත් දුරුතු වැසි වැටෙනා වෙලාවට……….
දළුලා නොඑයි වැලලූ ඒ අතීතය………….
කාටත් හොරෙන් මූසල ඒ සැදෑවක……..
ඉඳහිට මිනී මලක් පිපෙනවා ඇති තවම……………..

අපි හැමෝම අපේ මතක මරන්න බෑ….. කොච්චර වහන්න හැදුවත් ඒවා ආපහු උඩට එනවා….. මනුස්සයෙක් තමන්ව දාලා ගියාම අමාරු එයා නැති දුකටත් වඩා එයා එක්ක ගත කරපු ඒ මතක ආයේ මතක් වෙන එක ….. සමහර මතක මැරෙන තුරාවට අපි එක්ක ජීවත් වෙනවා……

ඉතිම් හැම වෙලේම ආපහු හැරිලා බලද්දි සතුටු විතරක් හිතෙන මතක එකතු කරගන්න උත්සහ කරන්න ….

ආදරේ මං පූජා ………..😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්හතරවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 56