À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය

A+ A-

අපේ ගෙදර දැන් ඉස්සර වගේ ප්‍රශ්න නෑ… තාත්තා මාත් එක්ක කතා කරන්නෙම නැති තරම් නිසා රණ්ඩු නෑ … කතා කරත් ඕනි දේ කියනවා විතරයි ….. මට දැන් ඉස්සර වගේ ශ්වේතව බඳින්න කියන්නෙත් නෑ….

කුඩම්මත් එහෙමයි එයා එයාගේ පාඩුවේ ඉන්නවා…… ශ්වේතට නම් අලුත් කොල්ලෙක් හම්බෙලා… ඒකට නම් අවුරුද්දක් ද කොහෙද…. අනිත් ඒවා මාසෙන් දෙකෙන් නවත්තන එයා මේක නම් සීරියස් කරනවා වගේ……

මොනා නැතත් හිතට හරි සැනසීමක් ගෙදර මෙහෙම ඉන්න ලැබෙන එක…..

මං මගේ කාමරේට ගිහින් ඇඟහෝදලා ඇවිත් ඉඳගත්තේ මගේ මේසේ…. ඉඳගෙන මං හැදුවේ හිත සැහැල්ලු කර ගන්න චිත්‍රයක්වත් අඳින්න….. මං පැන්සල අරන් මගේ පොතේ කුරුටු ගාන්න ගත්තා …….. එක හුස්මට ඇදන් ගියපු මම ලොකු හුස්මක් අත ඇරියේ මගේ චිත්‍ර පොතේ ඇන්ද චිත්‍රේ දැකලා…

ඒත් එක්කම මං චිත්‍ර පොතේ අනිත් පිටුත් පෙරලුවා………

මගේ චිත්‍ර පොතේ හැම පිටුවක් අස්සෙම හිටියේ යසස් අයියා…. මට තේරෙන්නේ නැත්තේ මං ඇයි මේ මනුස්සයට මෙච්චර ඇබ්බැහි උනේ කියලා ……….

ඔයා මං ගාව ඇත්තෙත් නෑ ……
මට ඔයාව හොයාගෙන එන්නත් බෑ…..
ඔයා ගැන නොහිතා ඉන්නත් බෑ……
වෙන කෙනෙක්ගේ වෙන්නත් බෑ….
මට ඔයාව අමතක කරන්නත් බෑ……
ඇත්තටම මං කොච්චර අසරණයි ද….

මං දන්නෙත් නැතුව මගේ ඇස් වලින් කඳුලු පහලට ගලාගෙන ඇවිත් චිත්‍ර පොතේ පිටු අතරට වැටුනා……..

මං ඉස්සර හීන මැව්වේ එයාගේ අත අල්ලන් හැම තැනම ඇවිදින්න…. එයාට උයලා කන්න දීලා බලාගන්න…. හරි ලස්සනට එයා එක්ක මගේ ජීවිතේ ගෙවලා දාන්න ……. ඒ අත් උඩම අන්තිම හුස්ම ගන්න …….. ඒත් අද මට තියෙන්නේ…… එක පාරක් හරි මට එයාව බලන්න ඕනි කියන හැඟීම විතරයි ………..

මට දැන් අනාගතයක් ගැන හිතන්න භයයි …… එයා නැතුව තව අවුරුදු ගානක් ගෙවෙන්න තියෙනවා කියලා හිතද්දී…. මගේ පපුව ඇදුම්කනවා…… හරියට කවුරුහරි ඒක හිමීට කෑලි කෑලි වලට ඉරනවා වගේ…… මට එච්චර කල් නම් අල්ලන් ජීවත් වෙන්න බැරි වෙයි….. මං තාම හුස්ම ගන්නේ… ඔයා එයි කියන බලාපොරොත්තුවෙන් අයියේ… මේ ලෝකේ මට මගේ කියන්න කවුරුත් නැති වෙද්දී…. මට ජීවත් වෙන්න හේතුවක් උනේ ඔයා ….. ඉතිම් ඔයාටත් බැරි නම් මං ගාවින් ඉන්න ………. මෙහෙම ජීවත් වෙන එකේ තේරුමක් තියෙනවා ද…. ඔයාට මාව බලන්න ඕනි නම් ඉක්මන් කරන්න වෙයි අයියේ…. මොකද මේ ජීවිතේ මට තවත් අල්ලන් ඉන්න බැරි උනොත් මං ඒක අත ඇරලා දානවා……..

මං හුස්මක් අත ඇරලා ඇඳට ආවා….. හැමදාම ඔහොමයි….. හිත නිදහස් වෙන්න මොනාහරි කරන්න හැදුවම ඒක කෙලවර වෙන්නේ මංම මගේ හිත රිද්දගෙන……..

මං වැඩ කරන තැන වැඩ ටික අල්ල ගන්න මට දවසෙන් දෙකෙන් පුලුවන් උනා….. සමහර තැන් මං තේව්ටත් කියලා දුන්නා…… අපි දැන් මෙතෙන්ට ඇවිත් සතියක් විතර වෙනවා…….

ඒ හැම දවසකම මගේ ජීවිතේ ගෙවුනේ එකම විදිහට… පිටින් බලාගෙන ඉන්න කෙනෙක් කියයි හරිම ඒකාකාරි boring ජීවිතයක් කියලා ……. මොකද මං වෙලාවට office එකට එනවා වෙලාවටම යනවා ……. කවුරුත් එක්කත් ලොකුවට කතා බහක් තියාගත්තෙත් නෑ ……… සති අග ගෙවුනෙත් කාමරේට වෙලා බලපු ෆිල්ම් එකකින්……

එදා යසස් අයියගෙ සිද්දියෙන් පස්සේ මං එළියට…. ඇවිදින්න කරන්න යන්න අකමැති …… විෂේශයෙන්ම බීච් එකට … මේ අවුරුදු පහට මං බීච් එක දැකලම නෑ …… ඒ තරම් මං භයයි දැන් එතෙන්ට… නෑ ඇත්තටම කිව්වොත් බීච් එකට නෙමේ ….. එතන තිබ්බ මතක වලට…..

මං කැම්පස් එකේ උනත් කා එක්කවත් කතා නොකර හිටියේ ….. කතා කරා නම් කරේ තේව් එක්ක විතරයි ….. මගේ වාසනාවට තේව් මගේ කැම්පස් එකටම තේරුනේ……….

දවස් හරි වෙහෙසයි…… සමහර වෙලාවට ඇදන් යන්න අමාරුයි ….. ඒත් යසස් අයියව හම්බෙනකම් කොහොම හරි ඉන්න ඕනි නිසා මං ඩොක්ටර් දුන්න බේත් බීලා ඇඳට ආවා……..

( Dipression සඳහා වැඩිහිටියන්ට දෙන බෙහෙත් වර්ගයක්…… වෛද්‍ය අනුමැතිය නැතුව භාවිතා කරන්න එපා…)

යසස් අයියා ගියපු දවසේ ඉඳලා මං මේ ලෙඩේට බේත් ගන්නේ…. ඒත් ඉතිම් ඇඟට වඩා මට බේත් ඕනි කරලා තිබ්බේ හිතට

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඉවර වෙන්න චුට්ටක් ළඟයි……… ආ මං අර උඩ කිව්ව බේත් එක හිතු මනාපෙට බොන්න එපා…… හරිද?? එහෙම ඒ ලෙඩේ ගැන ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුලුවන් ඔයාට ……

ආ තව සතුටු දෙයක් …. අද තායිලන්තේ සමලිංගික විවාහ පනත සම්මත කෙරුවා නේද….. 😌 ඒක තමා ආසියාතික රටවල් ව්ලින් එහෙම කරපු පළවෙනි රට……. ඉතිම් ලැබූ ජය සාමකාමිව සමරමු……

🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈 Jeff star කියනවා වගේ ලෝකේ කියන්නේ කලු සුදු නෙමේ …… ඒක වර්ණවත්…… ඉතිම් කලු සුදු රාමුවෙන් පිටතට ගිහින්…. හැම sexuality එකටම ගරු කරනවා කියන්නේ ඔයා පරිණත මනුස්සයෙක් ….

මං mention කරේ sexuality එක ……. නැතුව එක්කෙනෙක් ඉද්දී තව දහයක් ඉන්න එකට නෙමේ …….. 😌

ආදරෙයි මං පූජා…….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්හයවෙනිතීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 58