À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය

A+ A-

කිරි අම්මා නැති වෙලා සෑහෙන්න දවසක් ගියා අපිට යසස් අයියවයි සහස්වයි යතා තත්වයකට ගන්න …… කලින් තරම්ම නැති උනත් යසස් අයියා හිනා වෙලා සතුටින් හිටියා ….

අපි දැන් ස්කෝලෙ යන්නේ නෑ මොකද ඒලෙවල් වලට තිබ්බේ සතියකටත් වඩා අඩු කාලයක්…… මේ දවස් ටිකේ මිහිඳුන් අයියයි යසස් අයියයි මට සෑහෙන්න උදව් කරා…… ඒ දෙන්නා කැම්පස් දාලා තිබ්බේ ඒත් තාම select කරපු ලියුම ආවේ නෑ…….

හැමදාම හවසට යසස් අයියගෙන් පිසික්ස් අහ ගන්න එක මට පුරුද්දකට ගිහින්…….

ඒලෙවල් ලං වෙද්දී මාර පීඩනයක් ඔලුවට එන්නේ…. මං වගේම ශ්වේතාත් මේ පාර ඒලෙවල් ලියනවා Art වලින්… ඒ නිසා ගෙදර ප්‍රශ්න නම් අඩුයි මේ ටිකේ…. තාත්තා මං ගැන නැතුව ශ්වේතා ගැන හිතලා හරි රණ්ඩු නොවී ඉන්න එක මට සැනසීමක්……

අන්තිම දවස් ටිකේ මං කොහෙවත් නොගිහින් ගෙදරට වෙලාම පාඩම් කරා….. මං යසස් අයියා ගැන බැලුවා වගේම එයත් ඒලෙවල් ලං වෙද්දී මගේ හිත සෑහෙන්න හැදුවා……. හැමදාම හවසට මට කෝල් කරලා මගේ දවස ගැන විස්තර එයා අහගෙන හිටියා……

ඇත්තටම මං හරි වාසනාවන්තයි….. තමන්ගේ හීනෙට මෙච්චර සපෝර්ට් කරන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ලබන්න තරම්…….. යසා අයියා හැදුවේ මට වචනෙකින් උනත් උදව්වක් වෙන්න ….

” හලෝ සුදූ……..”

” හලෝ…….”

” මොකද කරන්නේ….?? වැඩ කරාද අද??”

” ඔව් අනේ මේ වෙනකම් කරා…… සහස්??”

” ඔව් එයා දැන් මේ මගෙන් ගණන් වගයක් අහන් ගියේ…. පොරත් හොඳටම stress වෙලා ඉන්නේ………”

” ඔව් අනේ කොච්චර පාඩම් කරත් භය හිතෙනවා නේ……..”

” ඔව් ඉතිම් එහෙමනම් තමා….. ඒ උනාට exam එකේදි නම් කලබල වෙන්න එපා…… මොකද එහෙම උනොත් ඔක්කොම ඉවරයි ………”

” ඔයා එදාට එනවද?”

” ඔව් සහස්ව ඇරලවන්න එන්නම ඕනිනේ මං එන්නම් ඔයාවත් බලන්න …..”

” හොද චූටියා………..”

” දැන් නිදාගන්න සෙනූ….. හොඳට විවේක ගන්න මේ සතියේ ලොකුවට වැඩ කරන්න එපා….. “

” හා……… good night ….”

” කෝ මගේ උම්මා එක …….”

” උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා………….”

” නිදාගන්නවා මැටි අලේ 😂❤️”

යසස් අයියා එක්ක කතා කරාම ඉතිම් හිතට ගොඩක් නිදහස්……..

ඒ සතිය ගෙවිලා ගියේ පුදුම ඉක්මනින් … මුලින්ම අපිට තිබ්බේ බයෝ mcq පේපරේ…. ඒ තිබ්බේ දවල් නිසා දවල් තමා අපි ස්කෝල්ට ගියේ……

යසස් අයියා මට පිරිත් නූලක් ගැට ගහලා හාමුදුරුවෝ දුන්නා කිව්ව පෑණකුත් දුන්නා හොඳ ට විභාගේ කරන්න කියලා ……….
මගේ නළලට kiss එකකුත් දීලා ඔලුවත් අත ගාලා ගියේ……

සති දෙකක් පුරාවට exam එක තිබ්බා… මුල්ම දවසේ භයක් තිබ්බට පහු වෙනකොට ඒක අඩු වෙලා තිබ්බා… හැබැයි මං physics වලට නම් භයෙන් හිටියේ….. කොච්චර භයද කියනවා නම් මං එදා සපත්තු දෙක මාරු කරන් දාගෙන ඇවිත් තිබුනේ…. යසස් අයියා පෙන්නුවේ නැත්නම් මං විභාගේ ලියන්න යන්නෙත් එහෙම ………

එයා මගේ සපත්තු දෙක හරි කකුලට දාලා ලේස් ගැට ගැහුවා…..

“කලබල වෙන්න එපා සෙනූ….. ඔයාට පුලුවන් ……”

නදීක අයියත් ආයේ අපිත් එක්ක මේ පාර ඒලෙවල් ලියන්න ඇවිත් තිබ්බා….

අන්තිම දවසේ තිබ්බේ පොදු පරීක්ෂණේ……

” ඒ මොනාද බන් ඒ අහලා තිබ්බේ……..”

” අනේ මන්දා…. මොකාද මනු කියවන්නා කියන්නේ …….”

” අර ලයිට් බිල් ලියන්න එන එකා බන්….”

” ඌට ඇයි එහෙමනම් ගෙදර ගෑණි ….. දයාබර මනු කියවන්නානෙනි කරගෙන යන්න කිව්වේ…..”

” මං හිතන්නේ එයාට මනු කියවන්නා එක්ක ටොයිං ටොයිං එකක් ඇති …..”

අපි හැමෝම පේපරේ ගැන කියව කියව එලියට ආවේ හිනාවේගෙන උනත් මගේ හිනාව නැති වෙලා ගියේ යසස් අයියා පේන්න හිටියේ නැති නිසා …… වෙනදා නම් හැමදාම exam එක ඉවර උනාම ගේට්ටුව ගාව ඉන්නවා…..

” සහස් අයියා??”

” ආ අද එයා කොළඹ යනවා කිව්වා… ඔයාට කිව්වේ නැද්ද??”

” නෑනේ …….”

” අමතක වෙන්න ඇති බන් හදිස්සියේම ගියේ…..”

ඒ උනත් මගේ හිතට දැනුනේ මාර දුකක් …… යසස් අයියට කවදාවත් මාව එහෙම අමතක වෙලා නෑ ……. ඒ නිසාද මන්දා මට මේක එච්චර දුක…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇයි එයා කොළඹ යන්නේ?? 🫠 එතකොට සෙනූව අමතක වෙලා යසස්ට ඒක වෙන්න පුලුවන් දෙයක් ද??

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පනස්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 52