À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය

A+ A-

“ යසස් උඹට පුලුවන්නේ සෙනුල්ය එක්ක ගිහින් ඩෙකරේෂන් බඩු ටික ගේන්න??”

“ම්ම්ම්”

මොකක් මට ඒ ඇහුනා වැරදිද මායි මේ නහරකාරයයි… මීට වඩා හොඳයි මං ඇත්තටම ලරෝනට බිලි වෙන්න යනවා… ආයේ හොල්මන් ගෙවල් ඕනි නෑ.. මූම ඇවිදින හොල්මන් ගෙයක් වගේ… මං කොහොමද පැය ගානක් මූ එක්ක ඉන්නේ? මාව මැරෙයි සාන්ත…. අනේ උඩ ඉන්න දෙවියන්ටවත් පේන්නේ නැද්ද මගේ මේ දුක…

මිහිදුන් අයියට බෑ කියන්නත් බෑ හැමෝම හා කිව්ව නිසා මාත් මගේ පුරුෂ ශක්තිය අරන් හා කිව්වා…… සහසුයි තේව්යි ගියේ යසස් අයියලා ආවා කිව්ව බයික් එකේ… අම්මෝ අම්මෝ කපල් එක … අපිට කොයින්ද එහෙම වාසනාවක්……

අපිට බඩු ගොඩක් ගන්න යන්න තියෙන නිසා මිහිදුන් අයියා යසස් අයියට කිව්වා එයාලගේ කාර් එකේ යන්න කියලා…. මිහිදුන් අයියා කාර් එකේ යතුර යසස් අයියට දෙද්දි අමුතුම දුකකින් මං දිහා බැලුවේ… සමහරවිට මාව යසස් කාරයා එක්ක යවන්න එයාට දුක ඇති …… ඔයාට විතරක් නෙමේ අයියේ මටත් මං ගැන දුකයි…. ආයේ මූ කොහෙට හරි එක්ක ගිහින් මාව මරලා දැම්මොත්…. මූ මාව කොහෙ හරි අතරමං කරලා ආවොත්?? මතක් වෙද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා… මට බුදුසරණයි …….

මං දෙයියෝ බුදුන් සිහි කරන් තාරා අම්මා පිටිපස්සේ තාරා පැටියා යනවා වගේ යසස් අයියා පස්සේ ගිහින් වාහනේ ගාවින් නැවතුනා…. ඉස්සරහෙන් නගිනවද පිටිපස්සෙන් නගිනවද… ඉස්සරහෙන් නගිනවද පිටිපස්සේන් නගිනවද… මං පියවි සිහියට ආවේ යසස් අයියා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන ගහපු හෝන් එකෙන්… ඔන්න ඔහෙ පිටිපස්සටම නගිනවා… එහෙම කියලා මං පිටිපස්සේ දොර ගාවට යද්දි යසස් අයියා කෑ ගහන්න ගත්තා….

” කොහෙද ඔය තමුසේ යන්නේ… එනවා ඉස්සරහට මාව ත්මුසෙගේ ඩ්‍රයිවර් වගේද පේන්නේ??”

අම්මට බොල මූ……  තව ටිකෙන් කටේ සද්දෙට මට හාටටෑක් එකක් එනවා…. මුගේ කටේ මොකක් හරි අවුලක් ද… මුගේ ග්‍රසනිකාව ලෝවර් වොලියුම් වලට වැඩ කරන්නේ නැද්ද කොහෙද…. එහෙම හිත හිතම මං ගිහින් ඉස්සරහින් ඉඳගත්තා… ටික වෙලාවක් යනකම් කිසිම සද්දයක් නෑ වාහනේ.

” බ්‍ර….ස්ස්ස්ස්ස්…..”

යසස් අයියා ඇස් දෙක ලොකු කරන් බැලුවේ මගෙ බඩ දිහා… ඉවරනේ ලැජ්ජාව බාල්දියෙන් එකයි…. අනේ බඩ තමුසෙටත් දැන්ම කෑ ගහන්න ඕනි උනානේ….

” උදේට කෑවා කිව්වා නේද??”

කිරි ආච්චිට බල්ලො පැනපි කිව්වලූ මූට මේ ටෝන් එකෙනුත් කතා කරන්න පුලුවන්ද……

” ඒ….. ඒ වෙලේ බඩගින්නක් තිබුනේ නෑ…”

ඇත්තටම ඒ වෙලේ මට බඩගින්නක් තිබුනේ නෑ ඒත් දැන් ආයෙම බඩගිනී….. දැන් ඉතින් ඉඳපන්කෝ පැය දෙක තුනක් බඩගින්නේ…. එහෙම හිත හිත ෂටර් එකෙන් එලිය බලන් හිටපු මම ගැස්සුනේ වාහනේ perera and sons එකක් ගාවින් නවත්තද්දී….

මං මේ මොකද බැල්මට් එකෙන් යසස් අයියා දිහා බැලුවම ඌ කාලා යමු කියලා වාහනෙන් බැහැලා ඇතුලට ගියා…. හිතන තරම් යකා කලුත් නෑ වගේ…..

යසස් අයියා ගත්තේ egg රෝල් එකකුයි ටී එකකුයි.. අපෝ ඒ ඇතියෑ මනුස්සයෙක්ගේ බඩ පිරෙන්න…. මං ගිය ගමන් චිකන් බන් එකයි egg රෝල් එකයි ෆිෂ් බන් එකයි අයිස් කොෆී එකකුයි ඕඩර් කරා…. ඕඩර් කරපුවා ටේබල් එකෙන් ගෙනත් තියද්දි යසස් අයියා හිටියේ පොල් ගෙඩි තරම් ඇස් ලොකු කරන්…. වහ ගනින් අයියේ ඇස් බෝල පනී එලියට

” පැය එක හමාරකට ඔච්චර බඩගින්නක් එනවද??”

” ආයේ නැත්නම් ….. මිනිස්සු උනාම හොදට කාලා බීලා ඉන්නෝනි….”

මං ෆිෂ් බන් එක කටේ ඔබන් කියද්දි යසස් අයියා ලාවට හිනා උනා… මූ හිනා උනාමත් අමුතු ලුක් එකක් තියෙනවා …. මං හිතුවේ හිනාව කියන වචනේ පොරගේ සබ්දකෝසේ නෑ කියලා ….. බැලින්නම් මූ හිනාවෙන්නත් දන්නවා…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ආවුස් යසස් අයියගේ හිනාව…… 😏…

” අයියෝ මේක හැලුනනේ……”

” පැය එක හමාරකට ඔච්චර බඩගින්නක් එනවද??”

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® එකොළොස්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 12