À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය

A+ A-

දවල් ස්කෝලේ ඉවර වෙලා පන්ති යන්න යද්දි තමා මං මිහිදුන් අයියවයි යසස් අයියවයි දැක්කේ… පව් මූණේ බැන්ඩේජ් එකකුත් ගහගෙන… පව්??? මොනාද සෙනුල්ය උඹ මේ හිතන්නේ… හොඳ වැඩේ ඕකට….

“ යසස් අයියටයි රජිත අයියටයි සතියක පංති තහනමක් දීලා…”

තේව් කිව්වේ මගේ කනට කරලා…

“ ඔන්න උඹේ චාන්ස් එක මිහිදුන් අයියා එක්ක තනියම කතා කරන්න නම්…”

හිත අස්සෙන් මං පිනුම් ගැහුවා කොහොම හරි අර හෝතඹුවා එන්න කලින් මිහිදුන් අයියා එක්ක මීට වඩා ෆිට් වෙන්න ඕනි… හරි හරි මං දන්න්වා දැන් ඔයාලගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නේ මොකද්ද කියලා.. මං මිහිදුන් අයියලගේ ගෙදර නිතරම යනවා නම් ඇයි මං එයා එක්ක ෆිට් නැත්තේ?? කතා කරන්න ස්කෝලෙට එනකම් ඉන්න ඕනි ඇයි??

හේතුව තමා එයාලගේ අම්මා…. මට එයාලගේ ගෙදර ගිහින් දැන දැනම ඒ මූණ දිහා බලන් වැරදි කරන්න බෑ.. අනික මට භයයි මගේ හැඟීම් එලියට පෙනෙයි කියලා…. ඉතිම් එයාලගේ ගෙදර ගියාම මං සෑහෙන්න පරිස්සම් උනා……

එක දවසක් ම උදේ ගිහින් පන්තිය අතු ගගා ඉන්නකොට තේව් ආවේ දුවගෙන… තේව්ගේ මූණ හොඳටම කලු වෙලා ඇදිලා ගිහින් ඇස් දෙක තඩිස්සි වෙලා…

“ තේව් මොකද මේ?”

“ අපි පොඩ්ඩක් එලියට යමුද සෙනූ?”

තේව් කියන සෙනිකෙන් මං කොස්ස එහෙම්මම බිත්තියට හේත්තු කරලා තේව්ගේ පස්සෙන් ගියා… තේව් මාව එක්කන් ගියේ හැමදාම අපි යන ඒත් වැඩියේ කට්ටිය එන්නෙ නැති අපේ ගල් බංකු දාපු නුග ගහ යටට… එතෙන්ට ගියපු ගමන් තේව් මිනිහා මැරිච්ච ගෑණි වගේ අඬන්න පටන් ගත්තා…

“ ඒ තේව් මොකද කියපන්කෝ…. කතා කරපන්කෝ මාව භය කරන්නේ නැතුව…”

දැන් නම් මටත් ඇඬෙන්න වගේ මූ මෙහෙම අඬනකොට මං කොහොමද බලන් ඉන්නේ?

“ සෙනූ එයා…. එයා…. මාව රැවැට්ටුවා..”

“ එයා… කවුද එයා??”

“ භාතිය අයියා…”

භාතිය කිඅය්න්නේ තේව්ග්ගේ බෝයිෆ්‍රෙන්ඩ්…පොර ඉන්නේ හමුදාවේ… මං දැනගත්තා ඕකා නම් සීරියස් නොකර වග…

“ මොකක්ද උනේ කියපන් අඬන් නැතුව මුල ඉඳලා…..”

“ඊයේ එයාගේ බර්ත්ඩේ එක සෙනූ ඉතින් මට ඕනි උනා ඊයේ එයාට සප්‍රයිස් එකක් දෙන්න…. ඒ නිසා මං එයාට නොකියා එයාව බලන්න ගියා…. එයා ඉන්න කෑම්ප් එකට…”

“ උඹ දියතලාවේ ගියා??”

“ ඔව් අපේ පුංචි එහෙනේ… එහෙ ගිහින් තමා ගියේ… මං එහාට යනකොට අයියා කෑම්ප් හොස්ටල් එකේ නෑ.. එයාල කිව්වා අයියා බෝඩිමකට ගිහින් ඉන්නේ කියලා මට ඇඩ්‍රස් එක දුන්නා… මට එවෙලේ මාරම දුකක් ආවේ ඇයි එයා මට ඒක නොකිව්වේ කියලා… ඉතින් මං එහෙන් දුන්න ඇඩ්‍රස් එක හොයන් ගියා…”

ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ තේව්ට ඉකි ගගහා ඇඬුනා….

“ හරි හරි බන් උඹට අමාරු නම් පස්සේ කියපන්..”

මං තේව්ගේ පිට අත ගානගමන් කිව්වේ…

“ සෙනූ එයා හිටියේ වෙන කෙල්ලෙක් එක්ක….. එයා කියනවා… ඒ එයාගේ වයිෆ්ලූ… මං එයාට මල්ලි විතරලු……. මං වැරදියට තේරුම් අරන්ලු…. මාත් එක්ක යාලු වෙන්න එයා කොලුකාරයෙක්වත් පොන්නයෙකවත් නෙමේලු….”

“ මූ යකෝ එල්ලන්න එපැයි බේසිකයව…”

‘ අනේ සෙනූ කොහොමද එහෙම වෙන්නේ?? එයානේ මගේ පස්සෙන් ආවේ… එයානේ මට ආදරෙයි කිව්වේ… ඇයි දැන් එයා ඔක්කොම මගේ පිටට දාන්නේ?? ආදරෙයි කිව්වනේ එයා… කොහොමද මං ඒක වැරදියට  තේරුම් ගත්තා වෙන්නේ? මට දරා ගන්න බෑ සෙනූ… මං එයාට ගොඩක් ආදරෙයි….”

මං දන්නවනේ මේකා ඌට ආදරේ කරපු තරම මූ anniversary  වලට වැලන්ටයින් වලට තෑගි එහෙම අරන් එකතු කරන් ඉන්නවා සුදු අයියා හම්බුනාම දෙන්න කියලා….. ඒ තරම් මූ ආදරෙයි ඌට… මූ අර සහස්ටත් බෑ කිව්වේ.. මේකා හිනදනේ….

“ හරි හරි බන් අඬන්න එපා උඹ සතුටු වෙයන් දැන්වත් ඕකා ගැන ඇත්ත දැනගත්තු එකට… උඹට ඔය කවුරු නැති උනත් මම ඉන්නවනේ….”

එහෙම්මම දවල් වෙනකම් ගෙවිලා ගියේ මහ මූසල විදිහට… තේව් උදේ ඉඳලම කිසිම වචනයක් කතා කරේ නෑ… මට දුකේ බෑ…. හවස පීරියඩ් දෙකේ තිබුනේ පීටී කරන්න… තේව් ඉන්නේ අවුලෙන් නිසා මං තේව්ට ඔලුව තියන් ඉන්න කියලා පීටී රූම් එකට ගියා… ඒත් මට හිත එක තැනක තියාගන්න බැරි උනා… මට මහා මූසල හැඟීමක් හිතට දැනෙනවා….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ආදරේ ස්වරූපයෙන් කරුම පල දෙන වෙලාවලුත් තියෙනවා ………..
ඉතිම් වටිනාකමක් නැති තැන කොච්චර වටිනාකමක් දුන්නත් තේරුමක් නෑ……
ඉතිම් ලස්සන ළමයෝ…. හිනාවෙලා ඉන්න …..
දිග නියඟයකින් පස්සේ වහින වැස්ස තමා හොඳම……..

_ ඕතරීගෙන් තෙව්ට_

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හායි ළමයිනේ……. අද නම් තියෙන්නේ තේව්ගේ දුක හිතෙන story එක තමා …. ඉතිම් තේව්ට වගේ අත්දැකීමක් තියෙන අය මේක කියවනවා ඇති ………

ඉතිම් ඒ හැමෝටම මට කියන්න තියෙන්නේ …. ඉවසන්න කියලා ….. හොඳම දේවල් අහිමි වෙලා යන්නෑ…. අපිට හිතෙනවා අහිමි වෙලා ගියේ හොඳම දේවල් කියලා …… ඒත්…. ඊට වඩා හොඳ දෙයක් එනවා…….. ඉතිම් ආදරෙන් රිදිච්ච හිත් සුවපත්වේවා…..

මං පූජා……

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පස්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 6