À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය

A+ A-

“ ඒ සෙනූ…. සෙනූ…..”

“ඕ….”

“ මොන ලෝකෙද බන් ඉන්නේ?”

“ උඹ මට කථා කරාද?”

“ කතා කරාදත් අහනවා.. මං දැන් මේ පැයක් තිස්සේ ඉඳලා උඹට කතා කරන්නේ… උඹ මොන ලෝකෙද ඉන්නේ?”

මං තෙව් කතා කරද්දිත් බලාගෙන හිටියේ ග්‍රවුන්ඩ් එකේ ඈතින් ප්‍රැක්ටිස් වෙන බෑන්ඩ් එක දිහා. බෑන්ඩ් එක කිව්වට මගේ ඇස් ගිහින් තිබ්බේ අව්වට වෙලා ගේමක් නැතුව එයාලව ප්‍රැක්ටිස් කරන මිහිදුන් අයියා දිහා.

මිහිදුන් අයියා තමා අපේ ස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්. අඩි 6ක විතර උස කිරි සුදු පාට හම, යුනිෆෝර්ම් එකෙන් කැපිලා පේන වැඩිත් නැති ගානට තියෙන muscles නිසා මිහිදුන් අයියා අපේ ස්කෝලෙ විතරක් නෙමේ වටේ පිටේ තියෙන හැම ස්කෝලෙකම Main ක්‍රෂ් එක වෙලා හිටියේ.

“ අම්මෝ උඹටත් උඹේ ප්‍රේම කුරුල්ලා දිහා බලන්න තියෙනවා නම් වෙන වැඩක් නෑ නේද?”

තේව් ඒක මගේ කනට කරලා කිව්වේ කාටවත් ඇහෙන්නෙ නැති විදිහට.

ඔව් ඔයාලට ඒ ඇහුන එක හරි…. මිහිදු අයියා කියන්නේ ගොඩක් කල් ඉඳලා මගේ ක්‍රෂ් එක.. හොඳම දේ කියන්නේ මිහිදු කියන්නේ අපේ අම්මගේ අක්කගේ පුතා…..

ඇත්තටම ඔයාල බලනවා ඇති මං ඇයි මේ කොල්ලෙක්ව ක්‍රෂ් කරන් ඉන්නේ කියලා…. ඔව් මම gay …. මට මගේ අවුලක් තියෙනවා කියලා තේරුනේ 10 වසරේදී… එතකොට තමා මං මුලින්ම කෙල්ලෙක් එක්ක යාලු උනේ…. ඉතිම් මගේ first kiss එකත් ඒ කාලෙම උනා…. ඒත් එදා මට තේරුනා ඒ කිස් එකෙන් මට කිසිම දෙයක් දැනුන්නෑ කියලා…. අර ෆිල්ම් වල තියෙනවා වගේ බඩේ සමනල්ලු පියාඹන වටෙන් වයලින් සද්ද ඇහෙන ෆීලින් එකක් මට ආවේ නෑ….

මට අහම්බෙන් ටීවී සීරියස් එකක් හොයන්න ගිහින් තමා Bl ඩ්‍රාමා එකක් සෙට් උනේ…. ඊට පස්සෙ තමා මට Bl කියන side එකට interest  එකක් ආවේ… පස්සේ මං ඒවා ගැන හොයන්න ගත්තා…. මේ වෙනකොට නම් මං ඒ ඩ්‍රාමා බර ගානක් බලලා ඇති….

එතකොට තේව් ඌ කොහොමත් Gay කාරයා ඉස්සර ඉඳලම….. එක අතකට එහෙම නිදහසේ කතා කරන්න පුලුවන් තමන්ගේම sexuality එකෙන් යාලුවෙක් හම්බෙන එක වාසනාවක්…….. මට තේව් à·€ සෙට් වෙන්නේ ඕලෙවල් වලින් එයා අලුතින් අපේ ස්කෝලෙට ආපු නිසා… ඒ උනාට මේ අහිංසක මං 10 වසරෙන් පස්සේ තාම එෆෙයාර් එකක් පටන් අරගෙන නෑ…..

මොකක්?? මගේ අහිංසක කම?? පිස්සුද බබා මේක ලංකාවනේ…

ලංකාවේ කොහෙද lgbtq වලට තැනක්……..  ඒක ඕනි නෑ කියමුකෝ අඩුම ගානේ straight කපල් එකකටවත් නිදහසේ ලව් කරන්න පුලුවන්ද මේ ලංකාවේ?. මම කියෙව්වා වැඩිද මන්දා….. 

මං ග්‍රවුන්ඩ් එක දිහා බලලා ලොකු හුස්මක් අත ඇරියා….

“ උඹ ඔහොම හූල්ල හූල්ල හිටියා කියලා මුකුත් වෙන්නේ නෑනේ… ඕනි පුකක් ප්‍රීති වෙසක් කියලා ගිහින් අහපන්කෝ අයියගෙන්…”

“ පිස්සුද තේව් උඹ කියන තරම් ඒක ලේසි නෑ… මිහිදුන් අයියා straight අනික… අපි නෑයෝ මං කැමති නෑ අපේ පවුල් අතර ප්‍රශ්න යනවට…”

“ උඹැ හැමදාම එකම තැටිය කරකව කරකව ඉඳපන් ඌව වෙන එකෙක් ඩැහැගෙන යනකම්….”

මොනා කරන්නද ඉතිම් ඒක මේ සෙනුල්ය ලබා උපන් හැටි තමා… මේ වෙලාවට මට ප්ලේ කරන්න පසුබිම් සංගීතෙකුත් මතක් වෙනවා….. 

ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්……….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

බෝරින් නෑනේ දරුවනේ???
අන්තිම වෙනකම් මාත් එක්ක ඉන්න … ඔයාලගේ ප්‍රතිචාර මත මං ඉතුරු ටික ලියන්නම්……..

සුබ දවසක්……. ආදරෙයි

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පළමුවැනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 2