À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය

A+ A-

ඉර දවසේ අඳුර මැකුවට……
රාත්‍රියට එන හඳ මට ලස්සනයි…..
ඉර සර්ව සම්පූර්ණ උනාට…….
හඳ සම්පූර්ණ වෙන්නේ මාසෙකට වතාවයි……
දවාලෙට එලි බහින මිනිස්සු …….
රාත්‍රිය ආවම හරි භයයි ……..
ඒත් කවුරුත් නොදැක්කාට……
රාත්‍රියටත් කඩුපුල් පිපෙනවා සත්තයි….
ඉතින් හැමෝම ඉරක් ඇගයුවට……
මට ඕනි හඳට පෙම් බදින කෙනෙක් විතරමයි…….

_සෙනුල්ය මහීෂ්වර_

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මේ දවස් ටිකම ගෙවුනේ සහස් Basketball වලට මහන්සි වෙන අතරේ මං Art competition එකටයි ලෑස්ති වෙන අතරේ……

” සෙනූ ඔයා චිත්‍රයක් හිතුවද??”

” ඔව් හිතාගෙන නම් ඉන්නවා…..”

” හෙට නේද තරඟේ?? මං එන්නද ගෙනිහින් දාන්න ??”

” මං බස් එකේ යන්න හිතුවේ….”

” මං එන්නම්…… බඩු ලෑස්තිද?? උදේද තියෙන්නේ ?? “

” ඔව්….”

පහුවදා මං චිත්‍ර තරඟෙට …… යසස් අයියා එක්ක තමා ගියේ…..

” ඔයාට පුලුවන් …… පුලුවන් උපරිමයෙන් ට්‍රයි කරන්න ……”

යසස් අයියා වට පිට බලලා මගේ නලලට පුංචි කිස් එකක් තිබ්බා…….

මං මට පුලුවන් උපරිමෙන් චිත්‍ර ඇඳලා එනකනුත් යසස් අයියා ඉන්නවා….. හෑන්ඩ්ෆ්‍රී දෙකක් කනේ ගහගෙන කණුවකට හේත්තු වෙලා….. පැය තුනක් විතර මේ මනුස්සයා මං එනකම් ඉඳලනේ…….. මගේම තාත්තවත් මං වෙනුවෙන් මෙහෙම දේවල් කරලා නැ..

” ඉවරද…. හොඳට කරාද?? මොකක්ද ඇන්දේ??”

” නිකම් දර්ශනයක්……… හවසට මොකද කරන්නේ??”

” Basketball match එක බලන්න එනවනේ??”

” යමු යමු….. මගේ වෙන්ඩ මස්සිනානේ…”

ටිකක් දවල් වෙලා තමා සහස්ගේ basketball match එක තිබ්බේ….. අපි එතෙන්ට යනකොටත් තේව් ඇවිත් ඉවරයි …….

” මොනාද බන් මේ ලොකු බෝඩ් එක ??”

” එහෙම තමා …… මං ඒක ගෙනාවේ මගේ hubby ට චියර් කරන්න …….”

” මෙන්න හබීලූ……….”

අපේ ස්කෝලෙ හැමෝම ඉඳගෙන හිටියේ එක පැත්තක අනිත් ස්කෝලේ අය ඉඳගෙන හිටියේ අනිත් පැත්තේ…. තේව්ට ඉන්න කියලා මායි යසස් අයියයි පහළට ආවේ කැන්ටින් එකෙන් කඩචෝරු මොනාහරි අරගෙන යන්න ……. මං මේ හිටන් ඉන්නේ යසස් අයියා washroom එකට ගිහින් එනකම්….

මං එතන හිටන් ඉද්දි කවුද ඇවිත් මගේ කරට අත දා ගත්තා ……… ඒ හිටියේ අනිත් ස්කෝලේ ළමයි වගයක්….

” ආ මල්ලී…….. මැච් එක බලන්න වගේ…….”

” හම්ම් ඔව්…….. අත පොඩ්ඩක් ගන්න පුලුවන් ද……. මට ටිකක් අපහසුයි වගේ…….”

” ඒ පොඩ්ඩක් ඉඳපන්කෝ බන්….. අපි යාලුවෝ නේ…….. ඒක නෙමේ උඹ ගාව මෙච්චර සුවඳ ඇයි……. මේ බලහන්කෝ අත පය කෙල්ලෙක්ටවත් නෑ …….”

මං දැඟලුවේ…. මොකද ඒ අය බීලා හිටියේ…. මට ඒ ගඳ එද්දි වමනෙට වගේ එනවා……..

” ඒ මල්ලි මට ඇත්ත කියපන්….. උඹ කොල්ලෙක් වගේ ඇදන් ඉන්න කෙල්ලෙක් නේද??”

” නැහ්…….. මට යන්න දෙන්න …….”

” ඒ අපි බලමුද ….. මූ ඇත්තටම කොල්ලෙක්ද කියලා ……….”

” එපා අනේ……. මට පාඩුවේ ඉන්න දෙන්න ……….. අනේ……….”

එකෙක් මාව අල්ලන් ඉද්දි අනිත් එක්කෙනා හැදුවේ මගේ කලිසම ගලවන්න ……….

” ඕක නවත්තපන්……….”

මං බලද්දි දොර ගාව හිටියේ යසස් අයියා…… එයාගේ මූණෙන් පේනවා එයා කොච්චර තරහකින්ද හිටියේ කියලා …… අර කොල්ලො ටිකත් මාව අත ඇරියේ උන්ටත් භය හිතුන නිසා වෙන්නැති ………

” ඇයි උඹ කවුද ……..”

” මං කවුරු උනත් මොකද පරයෝ තොට……… “

යසස් අයියා එහෙම්මම ගත්තේ පුටුවක්….. මෙතන ලොකු විනාශයක් වෙන්න යන්නේ…… මං යසස් අයියා එක්කෙනෙක්ටවත් ගහන්න කලින් ඉක්මනින් ගිහින් යසස් අයියව බදා ගත්තා …….

” අපි යමු අයියේ………….”

” එහාට වෙයන් සෙනූ…… උඹේ ඇඟට අත තියලා මුන්ට යහතින් යන්න දෙන්නේ කොහොමද ??”

” අයියේ….. මෙතන රණ්ඩු කරන්න එපා ……… සන්සුන් වෙන්නකො……..”

යසස් අයියා හොඳටම දාඩියෙන් පෙඟිලා…. ඒ වගේම එයාගේ අත්වලයි මූණෙයි නහර ඉලිප්පිලා….. ඕනි කෙනෙක්ට බැලුවම තේරෙනවා යසස් අයියා ඉන්නේ ලොකු කේන්තියකින් කියලා …………

” අයියේ අපි යමු…..”

මං අමාරුවෙන් හරි යසස් අයියව එතනින් ඇදන් ආවේ අනිත් ස්කෝලේ ළමයි තක්බීර් වෙලා බලන් ඉද්දී…… මං යසස් අයියව එත්නින් ගෙනාවේ නැත්නම් ඇත්තටම අද ඔතනින් එකෙක් මැරෙනවා…..

” ඇයි සෙනූ… මාව එතනින් ගෙනාවේ…”

” සන්සුන් වෙන්නකෝ මගේ අයියේ…. ඒක ඉවරයි ඒක අමතක කරන්න …….”

” අමතක කරන්න ?? තමුසෙගේ ඇඟට අත තියපු උන්ව අමතක කරන්න ??”

” අයියෝ අයියේ……. කෝ මං දිහා බලන්න ……… දැන් හිනා වෙන්න ……. කෝ……….”

මං හෙමීට යසස් අයියගේ පිට අත ගාන ගමන් මගේ පැත්තට හරව ගත්තා …. මට තේරෙනවා හයියෙන් හුස්ම ගත්ත එයා දැන් ටික ටික යතා තත්වෙට එනවා……

මං වට පිට බලලා එයාගේ තොල් උඩින් පෙක් එකක් තිබ්බා….  එතකොට එයා හිනා වෙන්න ගත්තා ………. හම්මෝ දැන් නම් පොර සන්සුන්……. යසස් අයියට තරහා ගියාම පොරව සන්සුන් කරන එක නම් ලේසි වැඩක් නෙමේ ……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අපි හැමෝම විෂ් කරමු සෙනුල්ය චිත්‍ර තරඟෙන් එක වෙන්න කියලා ……..

😌😌😌😌😌😌😌

එතකොට මං මෙතන ස්කෝලවල් වල නම් ලිව්වේ නැත්තේ හරි නැති නිසා ඉතිම් ………..

ආදරෙයි මං පූජා ………. 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්දෙවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 34