À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය

A+ A-

මේ වාරේ අපේ ස්කෝලේ වෙන විශේෂ දේ තමා prize giving එක …. හැම අවුරුද්දකම දෙවෙනි වාරේ තමා මේක තියන්නේ…… මේකෙදි කරන්නේ කලින් අවුරුද්දේ සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට …. එක එක විශයන්ට වැඩිම ලකුණු ගත්ත ළමයි තුන්දෙනාට….. සෙක්ෂන් එකේ වැඩිම overall තියෙන ළමයි තුන්දෙනාට… ඒලෙවල්….. ඕලෙවල් පාස් වෙච්ච අයට වගේම තව ඔය අමතර ජයග්‍රහණ ඒ කියන්නේ සාහිත්‍ය තරඟ, ඔලිම්පියාඩ් වල සමස්ථ ලංකා ජයග්‍රහණ වලට තෑගි දෙන එක….

හැම අවුරුද්දෙම මටත් මොකක්ම හරි තෑග්ගක් තිබ්බා… ඒත් ඒලෙවල් වල නම් හිතුවට වඩා අමාරුයි …. මොකද තියෙන්නෙත් විශයන් තුනයි….. ඒකෙත් science කරන්නේ ඉතිම් A හයට වැඩි උන්නේ…. කොහොමත් අමාරුයි එතකොට …… මේ පාර මට prize එකක් තිබ්බේ.. English වලටයි… අර චිත්‍ර තරඟෙන් දෙක උන එකටයි විතරයි ….. අවුලක් නෑ ඔය මදෑ……

මේකට ඉතිම් දහතුනේ අයත් එනවා…. මිහිදුන් අයියට නම් හැම පාරම වගේ මේ පාරත් සහතික ගොඩක් තිබුනා…..

යසස් අයියටත් තියෙනවා පිසික්ස් 1st place එකයි… Combine Maths 2nd place එකයි….. තව මොනාද තරඟ වල සහතික ටිකකුයි……. මං හිතුවට වඩා මනුස්සයා දස්සයා……

එදාට ඉතිම් prize තියෙන හැමෝම blazer දානවා… තේව්ත් හිටියා මගේ තනියට… පොරට බයෝ 3rd place තියෙනවා …. ඒකටත් එක්ක සහස් ඌට බයෝ, පිසික්ස්, කෙමෙස්ට්‍රි තුනටම 1st place…. මං හිතන්නේ ඌට section එකෙත් බෙස්ට්ම prize එක තියෙනවා ….. අපේ නෑයෝ වෙන්නෙත් ඉතිම් එසේ මෙසේ මිනිස්සු නෙමේ 😌
සහස් ගන්නවා කියන්නේ අපේ වගේ තමා …….

එදා යසස් අයියා blazer එක දාලා මාරම Handsome …. යසස් අයියා ඉඳ ගත්තේ මගේ පිටිපස්සේ ෂීට් එකේ…… එක එක වසරවල් ඉඳ ගත්තේ වෙන වෙනම…..

මං ඉඳගෙන ඉද්දි පොඩි බට්ටෙක් මාත් එක්ක හිනා වේගෙන ගියා…. මං වැඩියේ ඔලුවට ගත්තෙ නෑ …. තෑගි දෙන වෙලාවේ යසස් අයියගේ ගැම්ම බලන්න එපැයි …..

S.A Yasas Thishmaka Senevirathna
1st place for Physics
3rd place for Combine Maths
3rd place of the Maths section and the
Silver medal for the Maths Olympiad

අම්මෝ ඉතිම් කාටද ආඩම්බර ……..

නැටුම් ගැයුම් එක්ක prize giving එක ඉවර වෙද්දී දවල් 2 විතර උනා… මං ඉතිම් මගේ තෑගි බලන එක පැත්තකින් තියලා… යසස් අයියගේ තෑගි ටික ඇරලා බැලුවා……

ගොඩක් තිබ්බේ කැම්පස් යද්දි ඕන් වෙයි කියලා හිතෙන බඩු…. හාෆ්ෂීට් බන්ඩල් උණුවතුර බෝතල්… පොත් පෑන් ….. ඊට අමතරව කියවන්න පොත් වගේකුත් තිබ්බා……

” සෙනූ ඔය කියවන්න තියෙන පොත් ගන්න ඕනි නම් ….. මං වැඩියේ පොත් කියවන මනුස්සයෙක් නෙමේ ……..”

යසස් අයියා එයාගේ බෙල්ලේ තියෙන පදක්කම ගලවලා මගේ බෙල්ලට දාලා blazer එක ගලව ගත්තා …… පව් කොල්ලට දාඩියත් දාලා……

” තව ටික දවසයි නේද??”

” ඔව් එතකොට කොල්ලා නිදහස්……”

” ඊට පස්සේ මොකක්ද කරන්න හිතන් ඉන්නේ?? “

” රිසල්ට් එනකම් රිවිෂන් යන්න ඕනි….. “

” ඒ ඇයි ??”

” කියන්න බෑනේ …… මොකක් හරි අවුලක් වෙලා තිබ්බොත් රිසල්ට් එනකම් ඉඳල වැඩ පටන් ගද්දි වෙලා මදි……”

” කැම්පස් තේරුනොත්??”

” ඉංජිනියර් තේරුනොත් යනවා ….. නැත්නම් ආයේ කරනවා……”

අපි මෙහෙම කතා කර කර ඉද්දි එතෙන්ට ආවේ පොඩි කොල්ලෙක් හතර වසරේ විතර …….

” මේක අයියට අර අයියා…. දෙන්න කිව්වා……”

මං බැලුවේ පොඩි එකා පොන්නපු පැත්ත දිහා…… අර උදේ මට හිනා උන කොල්ලා ඉන්නවා බාස්කට්බෝල් කණුවට හේත්තු වෙලා යාලුවෝ ටිකත් එක්ක මේ පැත්ත බලන්…..

මං ඒ කොලේ කියවන්න කලින් යසස් අයියා ඒක උදුරගෙන බැලුවා….. මාත් ඉතිම් ඒකට එබුනේ මොනාද තියෙන්නේ කියලා බලන්න …….

ආදරනීය සෙනුල්ය අයියේ.,

                     මම දන්නවා අයියා මං කවුද කියලවත් දන්නේ නැතුව ඇති . ඒත් මං අයියව හොඳට දන්නවා…. මං ෂෙනාල් දැන් එකොලහවසරේ ඉන්නේ…. මට මේක අයියට කියන්න ඕනි….. අයියා හරි ලස්සනයි ….. හරියට බෝනික්කෙක් වගේ කොල්ලෙක් කොහොමද එච්චර ලස්සන උනේ කියලා මටත් පුදුමයි…. මේක මහා අමුතුයි ද දන්නෙත් නෑ …. ඒත් මට කියන්න ඕනි මං අයියට ආදරෙයි ….. අයියා මට දැන්ම උත්තරයක් දෙන්න ඕනි නෑ …… මං අයියා වෙනුවෙන්ම හොඳට විභාගේ කරලා බයෝ කරන්න එනවා.. එදාට මට උත්තරයක් දෙන්න ……

                                         මං ෂෙනාල්…
                                         ආදරෙයි ❤

මං හිතන්නත් කලින් යසස් අයියා ඒ ලියුම ඉරලා බිම දාලා පාගලා එරෙව්වා ඒ පොඩි කොල්ලට……. ඌ යසස් අයියට භය උන පාර එතනින් හෙමින් ලිස්සලා ගියා ……

” ආවා මෙතන ලව් කරන්න ….”

යසස් අයියගේ මූණට පොරි දැම්මොත් දැන් පුපුරන සයිස්…

” ඔච්චර ඉරිසියා කරන්න එපා අනේ… පුපුරයි…..”

” කතා කරනවා නෙමේ ඕකා එක්ක…..”

” හරි හරි අනේ….”

මං හිනාව අතරින්ම කිව්වේ යසස් අයියගේ මූණ දිහා බලන්…

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔන්න අලුත් චරිතයක්…. කවුද මේ ෂෙනාල්….. එයා ඉස්සරහට මේ අයට ප්‍රශ්නයක් වෙයිද?? නැත්නම් …… අපි දන්නෑ ලොකූ කුණාටුවක් ඉස්සරහට බලාපොරොත්තු වන්න…. ටිෂූ ලෑස්ති කරන් ඉන්න ළමයි ….. ඔන්න මං කිව්වෙ නෑ කියන්න එපා 😌😌

ආදරේ මං පූජා…….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්නමවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 41