À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය

A+ A-

ඊයේ දවස නිකම් මට හීනයක් වගේ…. අද ඉඳලා ඉතිම් මේ සෙනූත් ප්‍රේමවන්තයෙක්……

” ආව් ආව් කොල්ලගේ මූණේ පෙම් පාට….”

” පලයන්කෝ තේව්…… ඊයේ ඉඳලා මට විහිළු කරන්නේ……..”

“ඉතින් බං අපිටත් සතුටුයි නේ………”

” හරි හරි ඉතින් ….. මටත් සතුටුයි තමා………”

” හරි හරි දැන් කියපන්කො කවද්ද පාටිය කියලා………”

” පාටි නෑ …….. සල්ලි නෑ……….”

” මහ ලොකු දානපතියා ඒ උනාට මොකද……. පාටියක් දෙන්න සල්ලි නෑ……. තමුසෙ නැති උනාට තමුසෙගේ…. රකුසු කුමාරයා නම් අපි හැමෝටම කේක් බෙදුවා……..”

” මොකක් ???”

තේව් හිනා වුනේ තේව්ගේ අතේ තියෙන බටර් කේක් කෑල්ලක් මට පෙන්නන ගමන්……

” ර්‍ර්‍……… මේ මනුස්සයා නම් ……….”

මං විනාඩියක්වත් ඉන්නෙ නැතුව ගියේ යසස් අයියව හොයාගෙන………. මේ මනුස්සයා මුළු පන්තියටම කේක් බෙදලද දන්නේ නෑ………  දැන් ඉතින් ඇහුවාම මොනවා කියල කියන්නද……….  මොකද යසස් අයියා ලොකුළමයෙක් උනා  කියලා කියන්නයෑ………..

මං යනකොට මෑන් ඉන්නව තඩි කේක් කෑල්ලකුත් කටේ පුරවගෙන……. මිහිදුන් අයියලත්  එක්ක කතා කර කර………..

“යසස් අයියේ……………”

“ඕ……………”

” මොනාද අනේ ඔයා කරන්නේ???……”

” ඇයි මොකෝ චූටි……..?”

” අම්මට බොල චූටිලු මේන්න………..”

” මට තේව් කිව්ව ඔයා හැමෝටම කේක් බෙදුව කියල……..”

” ඔව් ඇයි???……….”

” අනේ පන්තියේ හැමෝටමත් බෙදුවද ???…..  දැන් ඒගොල්ලෝ අහද්දි මොකක්ද කියන්නෙ අපි??…..”

” වෙන මොනා කියන්නද…….. අපේ කිරි අම්මගේ උපන්දිනේ කියනවා………”

” මොකක්??”

” ඔව් අද අපේ කිරි අම්මගේ උපන්දිනේ…….  ඉතින් ඊයෙත් මට සතුටු දවසක්නේ…….. ඒක හින්දා අද අපි දෙකටම අල්ලලා කේක් එකක් හැදුවා…………”

” මේ…………. තේව් නම් මාව බොරුවට භය කරනවා…… අල්ල ගන්නම්කෝ මම…….. “

” ආ ඔයා ආපු එක හොඳයි…….. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා………..”

” මොකක්ද??”

” ආ ඔයාම අරගෙන බලන්නකෝ……..”

යසස් අයියා මගේ අතින් තිබ්බේ….. පෝස්ටරයක් ඒක රෝල් කරලා තිබ්බේ. ඒක නිසා මම ඒක දිග ඇරලා බැලුවා ඒකේ තිබ්බේ art competition එකක් ගැන………

” art competition එකක්???”

” හම්ම්…… ඔව් මේ දවස් වල කරන්න ලොකු වැඩකුත් නැති එකේ ඕකට ඇප්ලයි කරලා බලන්න……….. මම දැකල තියෙනවනේ සෙනූගේ චිත්‍ර ඒවා හරිම ලස්සනයි…….. නිකම් ඉන්න ඒකෙ  මං හිතුවා ඔයා මේකට දැම්මොත් හොඳයි කියලා…………”

” බලමුකෝ……….”

” ඇයි සෙනූ බලමු කියන්නේ සෙනූ කැමති නැද්ද චිත්‍ර අඳින්න??”

” කැමති………  ඒත් මම බයයි මේ වගේ කම්පෙටිෂන් වලට ඇප්ලයි කරන්න….”

” ඒ ඇයි ??”

” මොකද මම හයේ හතේ විතර ඉද්දී…… අපේ ආට් මිස් මගේ චිත්‍ර කැතයි කියලා විසික් කරනවා……. මං කම්පෙටිෂන් වලට ගෙනිහින් දෙන චිත්‍ර එයා ඒවා දාන්නේ නැහැ……….. කැතයි කියලා ආපහු මට දෙනවා…………”

” පිස්සුනේ ඉතින් මම දැකලා තියෙනවානේ සෙනූගේ චිත්‍ර………  මම බොරුවට කියනවා නෙමෙයි……..  ඇත්තටම ඔයාගේ චිත්‍ර හරි ලස්සනයි………  ඒකයි මම ඔයාට කියන්නේ මේකට ඇප්ලයි කරලා බලන්න කියලා……….”

” මම අට වසරෙන් පස්සේ කිසිම art competition එකකට ඇප්ලයි කරලා නැහැනේ අයියේ මට බයයි……….”

” අයියෝ සෙනුල්ය……..  ඕක ඔය මිස්ට පිස්සු වෙන්න ඇති…….. ඔයා බලන්නකෝ ඔයාගේ චිත්‍ර කොච්චර ලස්සනද කියලා කියලා…….. අපි හොල්මන් මන්දිරය කලෙත් තනිකරම ඔයාගේ අයිඩියා එකෙන්නේ……… බලන්නකෝ අපි මේ පාරත් කොහොම හරි first income එක දිනා ගත්තෙ….. ඔයා  හින්දනේ………  හැමෝම කිව්වා ඒක හරිම ලස්සනයි තාත්විකයි කියලා…. ඉතින් ඇයි ඔයා ඔයාගේ හැකියාව ඔහොම අවතක්සේරු කරන්නේ ??”

” ඔයිට වඩා දේවල් ඔයා අත්විඳලා තියෙනවනේ සෙනු…….. just for fun නිකන් ඇප්ලයි කරලා බලන්න……… දින්නොතින් තෑග්ගක්නේ……”

” ඔව් මාත් නම් කියන්නේ ඇප්ලයි කරලා බලන්න කියලා………”

” හරි හරි මම ඇප්ලයි කරන්නම්කෝ……”

” අන්න මගේ හොඳ සෙනූ…. ඔයා ඒකට ඇප්ලයි කරනවට මෙන්න මගෙන් පුංචි තෑග්ගක්…….”

එහෙම කියලා යසස් අයියා මගේ කටට එබුවේ ලොකු කේක් කෑල්ලක්….

” මොනවද මෝඩයෝ කරන්නේ තව ටිකෙන් මගේ හුස්මත් හිර වෙනවා……..”

මං කේක් කෑල්ලත් කටේ ගහගෙනම කෑ ගැහුවා……….

” අව් අව් අවව් අව්…….. මොකක්ද කියන්නේ චූටී……. නදීක උඹට තේරෙනවද???”

” මට නම් තේරෙන්නේ නෑ…….. උඹේ ප්‍රේමවන්තයානේ උඹම තේරුම් ගනින්……”

” මං තියන්නෑ ඔයාව………”

” මොකක්…… අව් අව්වා අවාව?? “

මං යසස් අයියට මිට මොලවල එකක් ගහද්දී හැමෝම හයියෙන් හිනා වුණා…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

Thankyou ඈ ඔයාලා හැමෝටම මේක කියවනවට….. මගේ ටාගට් එක තිබ්බේ 1K views ගන්න ….. ඒ උනාට දැන් ඒක 2K වලටත් කිට්ටුයි…….. ආදරෙයි ඈ මහ හුඟක්……..

ඔයාලට තෑග්ගක් වසයෙන් මං ලස්සන එපියක් දෙන්නම් ඉක්මනින්  😌😌

සී යූ සූන්…… ලව් යූ උම්මා……..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්එක්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 33