À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය

A+ A-

යසස් අයියලගේ පුංචිලාගේ ගෙදර ටිකක් ලොකු ගෙයක්……… අපි එහෙට යනකොට උදේ කෑම වෙලාව ළංවෙලා තිබුණා………. ඒක නිසා පුංචි අපිව ගිය ගමන් ආදරෙන් පිළි අරගෙන උදේට කන්න දුන්නා………  එහේ හිටිය ලස්සන කලු පූසෙක්………

” අනේ අයියේ බලන්නකො මුගෙ තියෙන හුරතලේ……… “

මම එතන ඉඳගෙන පූසව හුරතල් කරද්දි යසස් අයිය මගේ ඔලුව අතගානන්න ගත්තා ……

” මොකද අනේ මගේ ඔලුව අතගාන්නේ..??….. මම කිව්වේ මෙතන ඉන්න පූස් පැටියා ගැන……… “

” ඔයා ඔතන ඔහොම ඉද්දී මට වෙන කාවවත් හුරතලේට පේන්නෙ නෑනේ…..”

” අනේ යන්න …… දැන් ඕනෑවට වැඩි යසස් අයියා හරිද…..??”

යසස් අයියගේ පුංචිට හිටියා ඕ ලෙවල් කරන දුවෙක් ඔයාලා දන්නවා ඇතිනේ…… දිලහාරා…….තව අවුරුද්දක විතර චූටි බබෙකුයි……..  අනේ ඒ බබා හරිම හුරතල්………

” ලොකු අයියේ තමුසෙලා දෙන්නට මෙච්චර කල් එන්න කියලා දැන් ද එන්නේ…….”

උදේ ක්ලාස් ගියා කිව්ව යසස් අයියගෙ නංගි …. දිල්හාරා දවල් ආවේ ඔහොම කෑගහගෙන…… මං හිතන්නේ එයා අපි ඉන්නවා කියලා දන්නෙ නෑ …. අපිව දැක්ක ගමන් කෙල්ලගේ මූණ දෙක කර ගත්තා ……

” අනේ යසස් අයයේ කවුද මේ ලස්සන අයියලා දෙන්නා……  මේ පාර ගෙදරේදී යාළුවොත් එක්කන් ඇවිල්ලනේ කලින් කියන්න තිබ්බනේ……. එහෙමනම් මං පොඩ්ඩක් පිළිවෙලකට  හැසිරෙනවානේ……. “

දිල්හාරා කිව්වේ මොංගල් හිනාවකුත් දාන ගමන්……

” අනේ මේ දිල්හාරා ඔයාගේ පිළිවෙල බොරුවට අනිත් අය ඉස්සරහ පෙන්නන්න ඕනේ නෑ……..  අපි ඔයාගේ කැරට්ටුව මෙයාලට කියලා තියෙන්නේ  නේද …..?”

සහස් කීයද්දී තේව් සහස් ගේ පිටට එකක් ගැහුවා……

” අර ඉතින් පටන් ගන්නකොටම කාලානෙ මගේ නම්බුව තොපිලනං අයියලා නෙමෙයි අම්මපා………”

පුංචිලගේ ගෙදර ගෙවුණු ද ඒ දවස් හරිම සුන්දරයි…….. අපි නුවර හැමතැනම ඇවිද්දා…….. දළදා මාලිගාවට ගියා…….. මල් වත්තට ගියා…..  තව නුවර යන්න පුළුවන් හැම තැනකම අපි ඇවිද්දා…..  මං මේ ගොඩ කාලෙකින් අපේ සීමාවෙන් එලියේ ඇවිදින්නේ……. මාව මෙහෙම එක්ක යන්නවත්….. මට යන්නවත් කවුරුත් හිටියේ නෑ……….. අම්මා මැරුණට පස්සේ ගොඩක් නෑයෝ අපෙන් දුරස් උනා…….

හිතුවෙවත් නැති විදිහට දිල්හාරා එක්ක අපි එකතු උනා….. එයා මට යසස් අයියා පොඩි කාලේ කරපු මෝඩ වැඩ ගොඩක් කිව්වා……. පව් අනේ…… 😂 මෙයා පොඩි කාලේ පූසන්ව නාවන්න කියලා පොඩි පැටව්ව වතුරේ ඔබලලූ….. පව්කාරයා………

හවස් වෙනකොට හොඳටම මහන්සියි. ඒක නිසයි අපි ආයේ  පුංචිලගේ ගෙදරට ආවා……….  රෑ අපිට ඉන්න හම්බුනේ…..කාමර දෙකක……. ඉතින් එක කාමරේක මායි යසස් අයියයි ඉන්නකොට අනිත් කාමරේ සහසුයි තේව්යි ඉන්න කතාවුනා……

” මේ අයියේ තමුසෙට…….  තමුසෙත් එක්ක ආපු ඒ යාළුවා එක්ක මොකක් හරි තියෙනවාද ???…..මම දැක්කා තමුසේ පැය ගානක් තිස්සේ ඒ කොල්ලා දිහා බලාගෙනම ඉන්නවා…….  හරියට කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලනවා වගේ………”

” පිස්සුද එහෙම එකක් නැහැ……. “

” අනේ මේ අයියේ මම පොඩි තමා ඒ උනාට අපිත් හොඳට ලව් කරපු කපල් දැකලා තියෙනවා……… ඔයා විතරක් නෙමෙයි සහස් අයියයි එයාගේ යාළුවයිත් හරි අමුතු විදිහකටනේ හැසිරුණේ…….. මට ඇත්ත කියන්න ලොකු අයියේ………. ඔයාල අතර මොකක් හරි තියෙනවද??”

” ඕවට උඹ තාම පොඩි දිල් ……. පස්සෙ දවසක ඔයාට මම විස්තර ඔක්කොම කියන්නම්කෝ…….”

දිල්හාරයි යසස් අයියයි කතා වෙන දේවල් මට හොඳට කාමරේට ඇහෙනවා…..  අපි දැන් මේ ලෑස්ති වෙන්නේ නිදාගන්න…….

“එයා අහනවා ඔයාගේයි මගේයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා………”

” ඉතින් ඔයා මොනවද කියෙව්වේ?”

” මම කිව්වා ඔයා පොඩි වැඩියි ඒව කියන්න…… ලොකු උනහම කියන්නම් කියලා…….. “

“ඊට පස්සේ…..”

” ඉතින් මටත් ඔරවල ගස්සගෙන පද්දගෙන ඔය ගියේ………”

කලින් වගේ නෙමෙයි දැන් යසස් අයිය එක්ක තනිවෙන හැම මොහොතෙම යසස් අයිය මොකක් හරි දඟ වැඩක් කරනවාමයි…… අදත් ඔන්න මගේ ෂර්ට් එකට යටින් අත දාගෙන මගේ බෙල්ල කිස් කර කර තමා නිදාගත්තේ….. ඊට වඩා මුකුත් කරන්න බෑ ඉතින් පොඩි ළමයි ඉන්නවනේ මේ ගෙදර……….. 😁😁😁😁

ඔහොම දවස් දෙක තුනක්ම ගෙවිලා ගියේ යසස් අයියලගේ පුංචිලා ගෙදර ඉදලා……..  නුවරම ඇවිදලාමේ දවස් ටිකේම හොඳට එන්ජෝයි කරා……  යසස් අයියලා පුංචිත් හරි හොඳයි…….  එයා මටයි තේවිටයි හරි ආදරෙයි……. අපි දෙන්න හරියට චූටි ළමයි දෙන්නෙක් වගේ කියලා තමා අපි දෙන්නගෙ කම්මුල් එහෙම අල්ල අල්ල හිටියේ……

ඒ වගේම  එයාගේ පුංචි බබා ගොඩක් හුරතල් මං එහෙන් එනකොටත් මට එයාව දාලා එන්න පුදුම දුකක් දැනුනේ….. එයත් මාත් එක්ක හොඳටම ෆිට් උනා……..

“සෙනුල්ය  බබාලට හරි කැමතියි වගේ…….”

“ඒක තමා මාත් බැලුවේ සෙනූ බබාලට හරි කැමතියි වගේ……. “

” එහෙනම් ඉතින් අයියේ ඉක්මනට එයාට බබෙක් දුන්නනම් හරි නේද??….”

“  මොනාද අනේ ඔයාලා කියන්නේ ලැජ්ජත් හිතෙනවා…….”

” ඇයි ලැජ්ජ වෙන්නේ දැන් ඕවා සාමාන්‍ය දේවල්නේ……..”

“ඉතින් දැන් ඔයාලා ඒවා ගැන කතා කරලා ඉවරද ??…..”

” ආයෙත් අහලා, අපි වෙඩින් එකත් ප්ලෑන් කරලා තියෙන්නේ …… දැන් අපි දෙන්නට තියෙන්නේ බඳින්න විතරයි  නේද බබා?”

” මම කියන්නැ ඉතිම් …….”

තේව් හැම වෙලේම සහස්ට  සැරයි වගේ පෙන්නුවට තේව් සහස්ට හරිම ආදරෙයි ඉතින්……

මහන්සි දවස් දෙකකට පස්සේ මම ගෙදර ඇවිත් ඇඳට වැටුනේ හෙට ඉඳලා ආයේ  ස්කෝලෙ යන්න ඕනි කියලා හිතන ගමන්……. තව එක වාරයයි යසස් අයියලා අපිත් එක්ක ඉන්නේ……  ඒක ඉවර වෙන්නත් තව තියෙන්නේ මාසයක් වගේ කාලයක්………..  දැන් කොහොමත් වාර විභාග පටන් ගන්න හින්දා හොඳට පාඩම් කරන්න වෙනවා……….. අනික යසස් අයියට මම පොරොන්දු  වුණානේ එයාට ටියුෂන් වලට ගාස්තු දෙනවා කියලා ඒක හින්දා හොඳට පාඩම් කරලා ලකුණු ගන්ඩ ඕනි………

යසයි අයියලා නැතුව ඉස්කෝලේ ඉන්න පාලු හිතෙයි……. එයා නැතුව කොහොම ඉන්නද මන්දා………  මම දැන් එයාට ඇබ්බැහි වෙලා වගේ………. එයා නැතුව ඉන්න දවසක් ගැන  මට හිතාගන්නවත් බෑ……….. ඒක හින්දා එයා ගියහම මට සෑහෙන්න පාළු හිතෙයි………. ඒත් ඉතින් එයාලට මේ අගෝස්තුවේ ඒලෙවල්නේ ඒක නිසා ලොකුවට වද දෙන්නත් බෑ……..  මොනවා නැතත් මනුස්සයා කැම්පස් ගියහම කාටද ඉතින් ආඩම්බර……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මං අහලා තියෙනවා කපල් එකක් මුලින් නුවර දළදාමාලිගාවට යන්න හොඳ නෑ ඒ ලව් එක කැඩෙනවා කියලා … ( ඉඟි අංක 3)

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මනුස්සයෝ කොකේන් ගංජා වලට ඇබ්බැහි උනාට ……. මං ඇබ්බැහි උනේ ඔයාට ……… ඔයා මට කොච්චර ගත්තත් එපා වෙන්නැති අධිමාත්‍රෙක…. මත්ද්‍රව්‍යක්…………

_ සෙනුල්ය මහීෂ්වර_

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්පස්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 37