À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය

A+ A-

එදා බාස්කට්බෝල් මැච් ඉවර වෙද්දී….. ගොඩක් රෑ වුණ හින්දා මායි තේව්යි දෙන්නම යසස් අයියලගේ ගෙදර තමා නැවතුනේ…….. කොහොම හරි අපේ සහස්ලා චැම්පියන් එක ගත්තා ….. බලන්න එපැයි අපේ තේව්ගේ මූණේ සතුට……… එයා මෙහෙම සතුටින් ඉන්න එක කොච්චර දෙයක් ද …… මට ඇත්තටම ඒ දෙන්නා ගැන දැනුනේ සතුටක්……… ඉතිම් අපි ජයග්‍රහණයත් celebrate කරලා එනකොට රෑ උනා ……

තෙව් සහස්ගේ කාමරයට යනකොට මම හිටියේ යසස් අයියගේ කාමරේ……  මම ඇඟ හෝදගෙන ලෑස්ති වෙලා ඇඳට ආවා……..

” මොකද ඔහොම  බලන්නේ?..”

” නෑ අද වෙනදට වඩා ලස්සනයි වගේ……….”

” ඔයාටත් පුදුම ඉක්මනකට නේද තරහ යන්නේ ??  තරහා ගියාම නිවන්න නම් හරිම අමාරුයි…….”

” එහෙම තමා සෙනූ….  මට කොහොමත් ගොඩක් තරහ යනවා…….  ඒ මම පොඩි කාලේ ඉඳලා හැදිලා තියෙන හැටි වෙන්න ඇති………  ඒත් දන්නවද වෙන දවසක් වගේ වුණා නම් මං අද ලොකු රණ්ඩුවක් පටන් අරගෙන……… ඒත් චූටි හිටිය හින්දා මං රණ්ඩු කරන එක නැවැත්තුවා…………  මම දන්නෑ ඔයාගේ වචන වලට ඔයාගේ action වලට මාව ඒතරම් නිවෙන්නෙ කොහොමද කියලා……….. චූටි ඔයා දන්නවද???  ඔයා හරියට රෑ අහසක් වගේ…….

“ඇයි එහෙම කියන්නේ??”

” මොකද ඔයා දන්නවද චූටි …… අව්වට පිච්චෙන පොලවක් නිවන්න පුලුවන් හඳකට විතරයි කියලා ……. ඒකයි පොළවට හැමදාම පිපෙන අරලිය වලට වඩා ඉදලා හිටලා පිපෙන කඩුපුල් වටින්නේ……..
මට ඔයා ගාව ඉද්දී දැනෙන්නෙ වෙනස්ම feeling එකක්…..  ඒක කියන්න වචන නැහැ………… ඒ කියන්නේ මං ආයි අලුතින් ඉපදුණා වගේ හැඟීමක් මට දැනෙනවා………..  මම වෙනස්ම කෙනෙක් වගේ තමයි ඔයා ගාවදී මට දැනෙන්නේ………..  මට තරහා ගන්න හිතෙන් නෑ………  ඔයාව පරිස්සම් කරන්න හිතෙනවා…….. ඔයාව ආරක්ෂා කරන්න හිතෙනවා………. ඔයාට ආදරේ කරන්න හිතනවා………  අනේ  මන්දා සෙනූ මේ හැඟීමට කියන්නේ ආදරේ කියල නම්………. මං උඹට මහා ගොඩක් ආදරේයි……………   ඒක මට මෙච්චරයි කියලා කියන්න බැරි තරම්……..”

” මාත් යසස් අයියට ගොඩක් ආදරෙයි…. මං දන්නෑ මං ඇයි ඔයාට ඉස්සර වෛර කළේ කියලා………  ඒත් ඔයාව අඳුර ගත්තට පස්සේ ඔයා කොච්චරද ආදරණීය චරිතයක්ද කියලා මං දැන ගත්තේ………..  මට හිතාගන්න බෑ මම ඇයි ඉස්සර ඔයාගේ අස්සේ හිටපු ඔය ආදරණීය චරිතේ දැක්කෙ නැත්තේ…….  කියලා………. ඒ උනාට දැන් ඔයා ගාව මං ඉන්නවනේ හැමදාම…….. මට  පුළුවන් ඒ ආදරණීය චරිතේ දිහා බලාගෙන ඉන්න……. මගේනේ……කියලා”

මං කිව්වේ යසස් අයියගේ කම්මුලකුත් මිරිකන ගමන්……. එහෙම්මම එයා මාව ඇදලා එයාගේ ඔඩොක්කුවට ගත්තා….. එයා මාව පිටිපස්සෙන් හග් කරා……. එයා මාව බදාගත්තහම මාව වැහිලා යනවා ඒ තරමට එයා ලොකුයි මම පොඩියි………….

එයාගේ එක අතක් මගේ අත් දෙකක් සයිස්…….. මට එතකොට දැනුනේ මගේ බෙල්ල පිටිපස්ස තෙත් වෙනවා…. යසස් අයියා මගේ කොලර් එක පාත් කරලා එයාගේ තොල් මගේ බෙල්ලෙ තියනවා…. එතකොට මගේ ඇඟ දිගේ කරන්ට් වයර් හත අටක් යනවා වගේ මට දැනෙන්නේ……

යසස් අයියා නිකටින් උස්සලා මගේ මූණ දිහා බැලුවා….. ඒ ඇස් බාගෙට පියවිලා….. මට කලුවරේ උනත් ඒ ඇස් දිලිසෙනවා කියලා පේනවා….. මාව හැමදාම මත් කරන ඒ මායාකාර ඇස්….. අදත් මාව මායාවකට අහු කරලා …. මට එතනින් ගැලවෙන්න හිතෙන්නෙම නෑ …….

යසස් අයියා එයාගේ තොල් වලින් මගේ තොල් අල්ල ගත්තා ….. මගේ ඇස් පියවුනේ ඉබේටමයි……… ලතාවකට වගේ ඒ තොල් මගේ තොල් අස්සේ දඟ කරනවා…. මට යසස් අයියා හයියෙන් හුස්ම ගන්න සද්දේ ඇහෙනවා…… හිමීට පටන් ගත්ත කිස් එක ටිකෙන් ටික රළු වෙනවා දැනෙද්දී මං යසස් අයියගේ උරහිස තදින් මිරිකුවේ….. ඒ දැනෙන හැඟීම දරාගන්න බැරුව……..

මට හිතන්නවත් වෙලාවක් නොදී මගේ කකුල් දෙක අස්සෙන් අත දාලා යසස් අයියා මාව වඩා ගත්තේ කිස් එක නවත්තන්නේ නැතුවම……

එහෙම්මම මාව ඇදට පෙරලගත්තු යසස් අයියා මගේ ෂර්ට් එක උස්සලා මගෙ බඩ කිස් කරන්න ගද්දි නම් කිචිය දරාගන්න බැරුව මං දැඟලුවා… ෂර්ට් එක උස්සන ගමන් යසස් අයියා මං දිහා බැලුවේ අවසර ඉල්ලන්න වගේ….. මටත් මේ හැඟීම දරාගන්න බැරුවයි හිටියේ ……. මට තව තවත් යසස් අයියව ඕනි කරා…. ඒ රස්නේ මගෙ ඇගේ වදිනකොට මට ඒ හැඟීම තවත් ඕනි කරා… ඉතිම් මං අවසරේ දෙන්න ඔලුව වැනුවා……….

ලාවට හිනාවක් දුන්න යසස් අයියා…. මගේ පපුව පුරා තොල් ගෙනියන ගමන් තැනින් තැන උරවන්න ගත්තා ….. මං මගේ හැඟීම් පාලනය කරේ යසස් අයියගේ කොණ්ඩෙ තදින් අල්ලන ගමන්…… ආයේ මගේ තොල් වලට පහත් උන යසස් අයියා මාව තවත් කිස් කරලා පොඩි පෙක් එකක් තියලා ඇදට පැනලා මාව තුරුල් කර ගත්තා …….

” අදට ඇති ………… උඹ තාම පොඩියි……”

යසස් අයියා මගේ නලලට කිස් එකකුත් දීලා මාව හයියෙන්ම තුරුල් කර ගත්තා ……. මටත් ඉක්මනින්ම නින්ද ගියේ කලින් උන දේවල් වලට මත් වෙලා වගේ හිටිය නිසා ….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

😌 ඔන්න ඕතරීගේ තෑග්ග…….. යන්න යන්න දැන් සෝ එක ඉවරයි ඒ අයට නිදාගන්න දෙන්න………

😉😉😉

කිසිම කම්කටොලුවක් නැතුව නිකම් බෝරින් වගේ පෙරලන්න හිතයි ලොකු බාල්දියක්…… 🫣

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්තුන්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 35