À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය

A+ A-

දවස් ගෙවිලා ගියේ ඉක්මනින් …. මං ගියපු චිත්‍ර තරඟෙන් මං දෙවෙනියා වෙලා තිබ්බා….. මේ ඔක්කොම යසස් අයියට පින් සිද්ද වෙන්න තමා …….

මං දැන් දුවන්නේ නම් මං චිත්‍ර තරඟෙන් දෙක උනා කියලා කියන්න නෙමේ …… මං මේ දුවන්නේ යසස් අයියට මගේ වාර විභාග ලකුණු පෙන්නන්න ……. මං මේ පාර පන්තියේ හතරවෙනියා…… මං හිටියේ පුදුම තරම් සතුටකින්…..

” එතකොට මගේ ගාස්තු කීයද………”

මං ප්‍රගති වාර්ථා පොත යසස් අයියට පෙන්නුවට පස්සේ යසස් අයියා කරේ ඇඟිලි වලින් ගණන් කර කර එයාගේ ගාස්තුව හදපු එක ….. 😒

” 282 යි……….”

මං පැනලා කිව්වේ මං එතෙන්ට එන්න කලින් ගාන හදලා තිබ්බ නිසා……

” එහෙමනම් අද හවසට ඈ…….”

යසස් අයියා මට ඇහැකුත් ගගලා කියද්දී මාව නිකම්ම රතු වෙලා ගියා….. ඒත් මෙහෙම ඉන්න අවසාන දවස අදනේ කියලා මතක් වෙනකොට දුක හිතෙනවා …

අද අපේ දෙවෙනිවාරේ අන්තිම දවස… දහතුන වසරේ අය සාමාන්‍යයෙන් තුවෙනිවාරේ ස්කෝලේ එන්නේ නෑ….. ඉතිම් එයාලා දෙවෙනි වාරේ අවසාන ලොකු පාටියක් තියෙනවා …. මුලු science section එකටම….. අද උදේ ඉඳලා ඒකට ඇලිලලා හිටිය යසස් අයියා එක්ක මෙහෙම කතා කරන්න චාන්ස් එකක් මං හදාගත්තේ හරිම අමාරුවෙන් ……..

උදේ 9.00ට විතර තමා පාටිය පටන් ගන්නේ…… පිලිගැනීමේ කතාවක් කරලා… ගුරුවරුන්ටයි දොලහා වසරේ ළමයින්ටයි කෑම වේලක් දෙනවා දහතුන වසරෙන්….

ගුරුවරු බෙදාගත්තට පස්සේ තමා අපි බෙදාගන්නේ…. කෑමට ඉතිම් එක එක ජාති තියෙනවා ……… කිරිබත්… කිරිපැණි…… කැවුම්….. කොකිස්……. ආස්මි…… කිරිටොපි…..කෙසෙල්….. කේක්………  කෑම ගොඩයි…..

දහතුන වසරේ ළමයි බෙදාගෙන තමා කෑම ගේන්නේ….. එක කැවිලි ජාතියක් තුන්දෙනෙක් විතර බෙදාගන්නවා ගේන්න…. science section එකේ ඉතිම් ඉන්නේ එසේ මෙසේ ගාණකුත් නෙමේනේ ………

මං කෑම බෙදාගෙන කකා ඉද්දි යසස් අයියා වට පිට බලලා මගේ පිඟානෙන් ඇවිත් තවත් කේක් කෑල්ලක් තියල ගියා…. මෙයා එකපාරට කරන මේ ආදරේ හිතෙන වැඩ වලට මං හරි ආසයි…… හරියට තාත්තෙක් තමන්ගේ දරුවව බලාගන්නවා වගේ තමා යසස් අයියා මාව බලාගන්නේ…….. මගේ තාත්තගෙන්වත් ලැබුණේ නැති ආදරයක්….. ආරක්ශාවක් මට යසස් අයියගෙන් හම්බුනා…. මං ඒ හැමදේකටම දැන් ඕනෑවටත් වඩා ආදරේ කරන්න පටන් අරන් …….

වෙලාවකට හිතට මහා අමුතු භයකුත් දැනෙනවා…… කවදාහරි මට මේවා නැති උනොත් එතනින් එහාට මං හුස්ම ගන්නේ කොහොමද කියලා …… ඒ තරම් යසස් අයියා මගේ ජීවිතේට බැඳිලා ඉවරයි …….

මං පියවි සිහියට ආවේ තේව් මගේ පිට හරහට ගහපු පාරකින්….

” මොකද නිකම් අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ……”

” තේව්…. උඹ නිකමටවත් කල්පනා කරාද මේවා කොතනින් ඉවර වෙයිද කියලා ……”

” ඒ කිව්වේ??”

” ඒ කියන්නේ …… අපි මේ මොහොතේ ජීවත් වෙන්නේ පට්ටම සතුටකින්නේ…. ඒත් බන් කවදා වෙනකම් මෙහෙම ඉන්නද?? අපිට ඇත්තට මුහුණ දෙන්න දවසක් එනවා …… අපි දෙගොල්ලොම පිරිමි අය…… ඉතිම් අපේ ගෙවල් වලින් …. වටේ ඉන්න සමාජෙන්…… අපිට මේවට මොන වගේ රිඇක්ට් එකක් හම්බෙයිද…?? “

” උඹ කියන එකත් ඇත්ත බන්….. මටත් ඒවට උත්තර නෑ තමා …….. මං දන්නේ මේ මොහොතේ සතුටින් ඉන්න ඕනි කියන එක විතරයි ……..”

” ඒත් බන් මට දැන් යසස් අයියා නැතුව ජීවත් වෙන විදිහක් මතක නෑ තේව්…. “

” කවුද කිව්වේ එහෙම වෙනවා කියලා …. උඹයි අයියයි හැමදාටම එකට ඉන්නවා බන්…… අපි ඇයි අපිට පේන්නේ නැති අනාගතේ ගැන හිතලා දුක් වෙන්නේ?? අපි මේ මොහොතේ සතුටින් ඉමු සෙනූ………”

හැමෝම වගේ කෑම කෑවට පස්සේ…. එක එක්කෙනා ඇවිත් එක එක කතා පවත්වනවා…. හැමෝම වගේ කරන්නේ අතීත මතක මතක් කරන එක ….. ඉතිම් හැම කතාවක්ම වගේ ඉවර වෙන්නේ ඇහැට කඳුලක් ඉතුරු කරලා….

අන්තිමට හැමෝම සුළගේ ලෙලෙනා සින්දුවයි…… මා ඉතිම් යන්න යනවා එකයි කියද්දි නම් දහතුන වසරට විතරක් නෙමේ වටේ පිටේ ඉන්න හැමෝටමත් ඇඬුනා……..

සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

ලොකු පන්තියෙ අය
පොඩි පන්තියෙ අය
හැම දෙන එක පංතියේ විලසේ
ලොකු පන්තියෙ අය
පොඩි පන්තියේ අය
හැම දෙන එක පංතියෙ විලසේ

අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ

සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සාම ල, අමර ල පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
සාම ල, අමර ල පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ

අපේම පාසැල අපේම මව විය
එ දවස් අප හට නැත ආයේ

සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ

නුඹ සඳක් වෙලා පායා
මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මගෙ මතක එපමණයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

සඳ අයිති අහසටයි
ඉනි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි

මට උරුම එපමණයි
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි

මගේ ඇස් දෙකට උනත් කඳුලු ආවේ මිහිදුන් අයියා, නදීක අයිය, යසස් අයියවයි මතක් වෙලා …. අපි එකට හිටපු කාලේ ඉවර නිසා …… මේ හැමදේම සිද්ද උනේ අදක ඊයෙක වගේ මට මතක……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ස්කෝලෙ කාලේ කියන්නේ ජීවිතේ ගත කරපු ලස්සනම සහ නිදහස්ම දවස්… මං උඩ දාලා තියෙන සින්දු දෙක ස්කෝලෙ මතකත් එක්ක අහලා බලන්න …… හරි ලස්සනට දැනෙයි……

ආදරෙයි මං පූජා……..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්හයවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 38