À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය

A+ A-

අපි ලොකු මාලු ටැංකියක් ගාව ඉඳගත්තා……. අද aquarium එකේ සෙනග අඩුයි…… වෙලාවට ………

” අයියේ මට කියන්න දෙයක් තියෙනවා …….”

” කියන්න සෙනූ……..”

” මම…………”

” මට ඔයාට කිස් එකක් දෙන්න පුලුවන් ද??”

” ආ???….”

” නෑ මට එහෙම දෙන්න හිතුනා …. අද මං ජීවිතේ ගෙවන සතුටුම දවස් වලින් එකක් …… මේක හරියට date එකක් වගේ……..”

මං ඇස් ලොකු කරන් බලන් ඉද්දිම … යසස් අයියා මගේ කම්මුලකින් චූටි කිස් එකක් තිබ්බා……..

මං ටිකක් වෙලා යසස් අයියා දිහා බලාගෙන හිටියා……. ඒ ඇස් දිලිසෙනවා….. එයා ඉන්නේ ගොඩක් සතුටින්…… මට ඒ සතුට තවත් වැඩි කරන්න ඕනි උනා…….. මං එයා හිතන්නත් කලින් එයාගේ තොල් මගේ තොල් වලින් අල්ල ගත්තා …….. මටත් හිතාගන්න බෑ මං මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා ……. ඒත් එයාව දැක්කම මට කිස් කරන්නම හිතුනා……

මං හිමීට මගේ තොල් දෙකෙන් එයාගේ යටි තොල උරවන්න ගත්තා…. ඒක හරිම සොෆ්‍ට්…….. ටිකක් වෙලා හිටපු යසස් අයියා…… මාව කිස් බැක් කරන්න පටන් ගත්තා….. මාව තව එයාගේ පැත්තට ඇදපු යසස් අයියා මගේ බෙල්ල පිටිපස්සේන් එක අතකුයි ……. මගේ ඉනෙන් එක අතකුයි තියන් මගේ තොල් උරවන්න ගත්තා ………

මෙහෙම කරනකොට මගේ කොන්දෙන් පල්ලෙහා පණ නැතුව යනවා වගේ වෙනවා……. මගේ ඇඟ රත් වෙනවා මටම තේරෙනවා …….. විනාඩියක් දෙකක් කිස් කරපු අපි නලලට නලල තියා ගත්තා ………

” සෙනූ………..”

මං අයියට මගේ බෙල්ලේ තිබ්බ චේන් එක පෙන්නුවා…….

” සෙනූ………. ඒ………ඒ……….. කියන්නේ ඔයා??”

” හම්ම්……… මං ඔයාට ආදරෙයි …….”

” මට නිකම් හීනයක් වගේ සෙනූ….. ඒ …… කියන්නේ ………. මේ ඔක්කොම ඔයා ලෑස්ති කෙරුවේ???”

” හම්ම්ම්……. ඔයාට ආදරෙයි කියන්න ….”

යසස් අයියා මාව ඇදලා අරන් හයියෙන්ම බදාගත්තා ……….

” Thankyou සෙනූ ……….. Thankyou ….. මට ආදරේ කරනවට Thankyou ……… මං තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බෝයිෆ්‍රෙන්ඩ් ……. දන්නවද සෙනූ……. මං තමුසෙට මහා හුඟක් ආදරෙයි ……. ඒක අච්චරද මෙච්චර ද කියන්න බැරි තරම් ලොකු ආදරයක් …….. මට ලස්සනට වචන කියන්න දන්නෑ සෙනූ…. මං දන්නේ මං උඹට ලෝභයි කියලා …… මගේ හුස්ම තියෙනකම් උඹව පරිස්සම් කරනවා…….. මාව කවදාවත් දාලා යන්න එපා….. මං මැරෙයි …………”

” මාත් අයියට ආදරෙයි ……….. ඒක අද ඊයේ හිතුන දෙයක් නෙමේ ……. ටික ටික මගෙ හිතේ ඇති උන දෙයක් …… ඒත් මට ඒකට කාලේ ඕනි උනා…. ඔයාට බලාගෙන ඉන්න සැලස්සුවට මට සමාවෙන්න අයියේ…….. ඒත් අද ඉඳල මං ඔයාට ගොඩක් ආදරෙයි …….”

අපි ගොඩක් වෙලා එහෙම බදාගෙන ඉන්න ඇති ………. මට දැනුනේ මගෙ වටේ කාලේ නැවතිලා වගේ…… ඒ තරම් මං ඒ මොහොතට ආදරේ කෙරුවා…… අපි දෙන්නග්ගේ…. දැහැන බිදුනේ මට ආපු කෝල් එකකට………..

සහස්………….

” හලෝ සහස්…………”

” මේ උඹ අරක කිව්වද?? “

” ම්ම්ම් ඔව්……..”

” අම්මටසිරි කියලා කියලා ……. “

” මොකක්ද ඔය පිටිපස්සේන් ඇහෙන සද්දේ…….??”

” වීඩියෝ කෝල් එක ආන්සර් කරනවකො……”

මං යසස් අයියවත් පේන විදියට කෝල් එක answer කරා…….

” හායි කපල් එක …………”

” අප්පච්චියේ මේ මොකද………??”

ෆෝන් එකට එබීගෙන හිටියේ සහසුයි…. තේව්යි…… මිහිදුන් අයියයි නදීක අයියයි ……. චේතියයි……..

” අපිටත් ඉතිම් ඔයාලගේ memorable moment එකට සහභාගී වෙන්න හිතුනා …..”

” ඒ කියන්නේ ඔයාලත් දන්නවද??”

” නැත්නම් …… ඕකත් එක්ක එකතු වෙලා හොඳ place එකක් තෝරලම අපේ හොඳ පණ ගියා …….”

” ඔයා එච්චර මහන්සි උනාද සෙනූ…..”

” ඔව් ඉතිම් ……. අයියෝ ඕවා කියන්න එපා අනේ ලැජ්ජයි ……..”

” අම්මෝ අම්මෝ….. ඒ ලැජ්ජාව….. ඒකෙන් මේකෙන් වැඩක් නෑ එද්දි කන්න මොනාහරි ගේන්න …….”

” අද දවස හොඳට මතක තියාගන්න ….. අදින් පස්සේ හැම අවුරුද්දෙම මේ දවසට මුන්ගෙන් පාටි ඉල්ල ගන්න …….”

” කවද්ද අද…. 2018.03.11…… හරි ඈ.. ඔන්න anniversary date එක තීන්දුයි…. ඈවරයි …. දෑවරයි තුන් ඈවරයි…….”

” අනේ මේ තියපන් ෆෝන් එක ….. ඔක්කෝටම කලින් උඹලා දීපන් පාටි…..”

එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා…. මටම හිනා මේ මෝඩයොන්ගේ වැඩ දැකලා………..

” මොකද හිනා වෙන්නේ ම්ම්ම්?”

” මෙයාලගේ පිස්සු වැඩ දැකලා….”

” මේ ඒක නෙමේ සෙනූ…… මං ඔයාට චූටි කියන්න ද??”

” චූටි??”

” ඔව්…….. ආදරේට…….”

” හාකෝ……….”

” ඔයා මට මොකක්ද කියන්නේ ??”

” යසස් අයියා කියලා ……”

” අපෝ අනේ ඒක හැමෝම කියනවනේ…… “

” යාෂු කියන්නද??”

” හා……………😁😁”

” මේ ………”

” ඕ………. “

” මේක අපේ 1st kiss එක නෙමේ නේද??”

ඒක කියද්දි නම් මාව ආයේ රතු උනා…. මෝඩයා…. ඕවා මතක් කරන්න ඕනියෑ…

” කොහෙද අපේ 1st kiss එක රොමෑන්ටික් වෙන්න තිබ්බා…. එක්කෙනෙක් පුටුවක වැදිලා මගේ ඇඟට පත බෑවුනේ නැත්නම් ………”

” මං කිව්වයෑ එහෙම කරන්න කියලා …..”

” හරි ඉතිම් අපිත් මනුස්සයෝනේ control නැති වෙනවා…… දැන් ඉස්සරහට එහෙම අවස්ථා ගොඩක් එයි…..”

මං ලැජ්ජාවට යසස් අයියගේ උරහිසේ මූණ හංග ගද්දී… අයා මගේ ඉන වටේ අතක් දාලා මාව තුරුල් කර ගෙන මගේ නලලේ පැත්තකට කිස් එකක් දුන්නා….

එයාට තව තව තුරුල් වෙන ගමන් මං හිතුවේ අනේ මේ මොහොත නම් ගෙවිලා ඉවර වෙන්න එපා කියලා ……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

සාර්ථකව තිස්වෙනි එපියත් පහු කරන ඕතරී…………

මට මහන්සි …… මට වතුර ටිකක් දෙන්න සුදෙව්………..

විස්සකින් විතර ඉවර කරන්න හිටපු කතාවක් නේද මේ ඇදෙන්නේ 😂😂 කමක් නෑ කමක් නෑ ඔහොම යමුකෝ…..

2018.03.11 මෙයාලගේ anniversary date එක මතක තියාගන්න ( ඉඟි අංක 2)

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 32