À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය

A+ A-

“ අයියේ…. මට අයියත් එක්ක කතා කරන්න ඕනි…”

හෝල් එකේ කවුරුත් නැති වෙලාවක් බලලා මං මිහිදුන් අයියට කතා කරා…..

“මට වැඩක් තියනවා මල්ලි”

“ අයියේ… මාව මග අරින එක නවත්තන්න මගෙ අතින් මොකක් හරි වරැද්දක් උනාද??”

“ එහෙම මග අරියේ නෑ මං…”

“ මාව මෝඩයෙක් වගේ පේනවද අයියේ?? ඔහොම කරන්න එපා රිදෙනවා මට…”

“ඇයි ඔයාට රිදෙන්නේ සෙනුල්ය???”

“ රිදෙන්නේ ඔයා මගේ අයියනේ ……”

“ බොරු කියන්න එපා සෙනුල්ය…. මට ආදරේ කරන එක දැන්ම නවත්තන්න”

“ ආදරේ??? කවුද කිව්වේ මං අයියට ආද…..”

මං කියන්නත් කලින් මිහිදුන් අයියා එයාගේ බැග් එක ඇරලා මගේ කකුල් දෙක ගාවට විසික් කරේ මගේ ඩයරි එක…….

“ ඒක….ඒක….. කොහොමද…”

“ පිංසිද්දවෙයි මට මගේ පාඩුවේ ඉන්න දෙනවා…..”

මට එතකොටයි තේරුනේ අර නැට්ටිච්චි ඇයි මගේ කාමරේට ගියේ කියලා එදා….. එතකොටමයි අනිත් අයත් හෝල් එකට ආවේ….

“ සෙනූ ඇයි මේ… මිහිදුන්???”

මුලින්ම භය උනේ යසස් අයියා…

“ ඔව්… ඔව්…. ඔව්…. දෙයියනේ මං ආදරෙයි තමයි… අදක ඊයෙක ඉඳලා නෙමේ අවුරුදු තුනක ඉඳලා මං ඔයාට ආදරෙයි මගෙ අයියේ…”

ඔව් මං අන්තිමට ඒක කිව්වා…. අවුරුදු තුනක් තිස්සේ මගේ හිතේ විතරක් හංගගෙන හිටපු ඒ ආදරේ මං අද කෑ ගහලම කිව්වා….. මිහිදුන් අයියට විතරක් නෙමේ යසස් අයියා , නදීක අයියා , සහස් , තේව් , චේතිය මේ හැමෝම ඉස්සරහා මං මිහිදුන් අයියට ආදරෙයි කිව්වා……..

“ මට තමුසෙව කවදාවත් එහෙම දැනුන්නෑ… අනික කොල්ලෙක්ට ලව් කරන්න මට අමාරුවකුත් නෑ…”

“ අයියේ??”

මං හිටියේ මගේ ඩයරි එකත් තුරුල් කරගෙන… මාව අඩියක් දෙකක් පස්සට විසික් උනා…. මං කවදාවත් හිතුවේ නෑ… මිහිදුන් අයියා මට මෙච්චර නපුරු වෙයි කියලා…. මට මේක දරාගන්න බෑ වගේ… ඇයි අයියේ මගේ ආදරේ ඔයාට තේරෙන්නේ නැද්ද??

“ අයියේ….. මං පාඩුවේනේ හිටියේ…. ඔයානේ ආවේ… ඔයානේ මං ගැන හොයලා බැලුවේ… හැමදාම msg කරලා කෑවද? බිව්වද? අද මොකද කරේ? බුදුසරණයි පරිස්සමෙන් කිය කිය ඇහුවේ ඇයි……….? ඇයි මට එහෙම කරේ? මං බලාපොරොත්තු තියා ගන්නවනේ…”

මට වචන පිට වෙන්නෙත් නෑ…. හොඳටම ඉකි ගැහෙනවා… මගේ පපුව රිදෙන්න වගේ… මට භයයි ඒක දැන් පුපුරයි කියලා… මං ඩයරිය තවත් පපුවට තද කර ගත්තා……..

“ ඒ මම නෙමේ ඒ යසස්…”

“ මිහිදුන්…”

“ මොකක්???”

මං පුදුමෙන් වගේ බැලුවේ යසස් අයියා දිහා එයාගේ ඇස් වල තිබ්බේ සමාවෙන්න වගේ බැල්මක්….

“ ඇයි ඔයා හංගන්නේ යසස්….?? හැමදේම කියන්න…. ඔයා සෑහෙන්න කාලෙක ඉඳලා සෙනුල්යට ආදරේ කරනවා කියලා….”

“ මිහිදුන් ඕක නවත්තපන්….”

“ ඇයි නවත්තන්නේ යසස් ??? කවදා වෙනකම් මේවා හංඟන්නද?? ඔයා එයාට කියන්න ඉස්සර සතියකට සැරයක් ස්කෝලේ ආපු ඔයා දැන් හැමදාම ස්කෝලේ එන්නේ එයාව බලන්න කියලා… ඔයා එයාට කියන්න.. ඔයා එදා රාජිත එක්ක ගහගෙන සතියකට ස්කෝලෙ තහනම් උනේ එයාව බේරගන්න කියලා… ඔයා එයාට කියන්න ඔයා බොන එක නැවැත්තුවේ එයා හින්දා කියලා……….. ඇයි තව ඔයා එයාට කියන්න.. එයා ඔයාට අකමැති නිසා මගේ නමින් එයා ගැන හොයලා බැලුවේ …… ඔයා මිසක් මම නෙමේ කියලා…”

මට ඒ වචන් ඇහුනේ හීනෙන් වගේ

“ අයියේ ඔයා ආදරේ කරනවා කිව්වේ ඒ සෙනුල්යටද?”

සහස් අහද්දී….මට මහා අසරන හැඟීමක් දැනුනා…. මං රැවටිලා…. ඔව් මං හොඳටම රැවටිලා….. හැමෝම එකතු වෙලා මාව රව්ට්ටලා…. මට කොහෙ හරි යන්න ඕනි ……. කාටවත් පේන්නේ නැති තැනකට… මට අතුරුදහන් වෙන්න ඕනි… මං එහෙම්මම දුවලා ගියේ හෝල් එකෙන් එලියට…..  මගේ ඇස් දෙක දනවා අඬලම ඒත් මගෙ හිතේ වැඩ කරේ මං ඉක්මනින් මෙතනින් අතුරුදහන් වෙන්න ඕනි කියන දේ විතරයි….

මං දුවන වේගෙන්ම මාව ඇදිලා ගිහින් හිර උනේ බිත්තියක …..

“ සෙනූ මේක අහන්න………”

“ මට යන්න දෙනවා…”

මං යසස් අයියගේ අත් අතර දැඟලුවේ පිස්සෙක් වගේ……..

“ මේ අහන්න මට සමාවෙන්න සෙනූ… මට ඔයාව රවට්ටන්න ඕනි උනේ නෑ…”

“ ඇයි…….. ඇයි…. එහෙම කරේ………. ඇයි………. මට තමුසෙව අප්පිරියයි යසස්…. මං තමුසෙට වෛර කරනවා………..”

“ දඟලන්නේ නැතුව මේක අහ ගන්නවා සෙනූ මට සමාවෙන්න කකුල් දෙක අල්ලලා වඳින්න ඕනි නම් ඒකත් කරන්නම් මට තමුසෙව රවට්ටන්න උවමනාවක් තිබ්බේ නෑ… මට ඕනි උනේ එහෙම හරි තමුසේ ගැන හොයලා බලන්න…”

“ යන්න යසස් අයියේ මට පාඩුවේ ඉන්න දීලා ඔයා මොනාද ආදරේ ගැන දන්නේ… අයියට ආදරය කියන්නේ අකුරු හතරක් උනාට මට ඒක අකුරු කර ගන්න බැරි හැඟීම් ගොඩක්….අයියේ…..”

“සෙනූ….”

යසස් අයියගේ කටහඬ නිමිලා…

“ ආදරේ කියන්නේ වචනයකට සීමා උන දෙයක්ද සෙනූ??…. එතකොට උඹව දකිද්දි මේ හිත පුරවලා යන හැඟීමට මං දෙන නම මොකක්ද?? රසකරලා කියන්න මට උඹ වගේ අවුරුදු ගනන් ඉඳලා ආදරේ කරන ස්ටෝරියක්  නෑ තමා…. ඒත් උඹව දකින්නේ මං ඊයෙද අදද හෙටද මට අදාල නෑ… ඒ දකිනකොට මගේ හිතට එන මේ හැඟීම් අවංකයි බන්…. මං දන්නවා උඹට ඉස්සර ඉඳලම මාව පේන්න බෑ….  එහෙමයි කියලා මං කොහොමද උඹට ආදරේ නොකර ඉන්නේ……….. මට වෙස්සන්තර වගේ ආදරේ පරිත්‍යාග කරලා ඉන්න බෑ බන්…. මං උත්සහ කරා උඹ මිහිදුන්ට කැමති කිව්ව දවසේ මගේ මේ හිතට එන හැඟීම නවත්තන්න… ඒත් මට බෑ බන් ඒක දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑ… ඉතින් මං මොකද කරන්නේ?? මං දන්නවා උඹට දැන් මාව තේරෙන්නේ නෑ කියලා ……. ඒ උනාට උඹට කවදාහරි මං මේ කියපුවා තේරෙයි…….”

ඒ ඇස් වල කඳුලු…….. හැමෝම දැකපු ඒ නපුරු ඇස් වල මං වෙනුවෙන් කඳුලු…. ඒ මායාකාර ඇස් වල දිස්නේ නැතුව ගිහින්… මගේ කටින් කතා කර ගන්න වචන එන්නෑ… මාව පිච්චෙනවා වගේ මට ඕනි උනේ මාව නිවන්න පුලුවන් සීතල හුළඟක්……. යසස් අයියා මගේ ඔලුව අතගාලා යන්න ගියා…….. මං යසස් අයියා මාව අත ඇරලා ගිය තැනම බිම ඉඳ ගත්තා……. මගේ කකුල් දෙකට ඔලුව තියාගෙන මම සෑහෙන්න වෙලා ඇඬුවා… පැයක්ද දෙකක්ද… ඊටත් වැඩිද දන්නේ නෑ… මං මගේ හිතේ දුක යනකම්ම ඇඩුවා……..

මං පියවි සිහියට ආවේ තේව් ඇවිත් ගෙදර යමු කිව්වාම…… මං ගෙදර ඇවිත් මුලින්ම කරේ මිහිදුන් අයියා කියලා මං සේව් කරගෙන හිටපු යසස් අයියගෙ නම්බරේ බ්ලොක් කරපු එක… මට ඒක දකිද්දිත් කේන්තියි මං ඒ තරම් මෝඩද??….. මට ශ්වේතා එක්කත් කේන්තියි… අපේ කුඩම්මගේ දුව… මං ඒකිට මුකුත් කියන්න නොගියේ මේ වෙලේ කතා කරන්න ගියොත් මං ඕකිව මරන නිසා……

මං ඊට පස්සෙ දවසේ ස්කෝලේ ගියේ මගෙ අතින් වෙන්න ඕනි වගකීම්වගයක් තිබුන නිසා……. යසස් අයියා එදා ස්කෝලේ ආවේ නෑ…. මං මිහිදුන් අයියා එක්කත් කතා කරන්න ගියේ නෑ ඕනිම උනොත් තේව් එක්ක විතරයි කතා කරේ……. මට හමෝම එක්ක තිබ්බේ ලොකු තරහක්…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අයියට ආදරේ කියන්නේ වචන හතරක් උනාට…. මට ඒක අකුරු කරගන්න බැරි හැඟීම් ගොඩක් …….

_ සෙනුල්ය මහීෂ්වර_

ආදරේ කියන්නේ වචනෙකට විතරක් සීමා උන දෙයක්ද??….. එතකොට උඹව දකිද්දී හිත පුරවලා යන මේ හැඟීමට මං දෙන නම මොකක්ද ???

_ යසස් තීෂ්මක_

මෙහෙමයි රසකරලා කියන්න අනිත් අයට වගේ අවුරුදු ගණන් ඉඳල ආදරේ කරපු ස්ටෝරියක් මට නෑ තමා ….  ඒත් උඹව දැක්කේ මං ඊයෙද අදද හෙටද මට අදාල නෑ …… ඒ දකිනකොට මගේ හිතට එන මේ හැඟීම් අවංකයි…..

_යසස් තීෂ්මක_

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔයාලා බලනවා ඇති ඇයි මං මෙච්චර episode දෙන්නේ කියලා දවස් දෙකට…. මට ඕනි උනේ මේ පොයින්ට් එකට එනකම් එක දිගට කතාව දෙන්න ……

අපි බලමුකෝ ඉස්සරහට මේ යසස් තීෂ්මක ආදරේට මොකක්ද වෙන්නේ කියලා ………..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® පහළොස්වන තීර්ථය light novel, ,

Related Series

Comment

Leave a Reply

Chapter 16