À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය

A+ A-

ගහක් නැතුවම මලක් පිපෙනවද…..?
වෙරලක් නැතුවට රැල්ලක් ගහනවද….?
රැයක් නැතුවත් තරු පායනවද….?
ඉතිම්,
අයිතියක් නැතුවම මගේ කියන්න පුලුවන් ද…….?

සෙනුල්ය මහීෂ්වර

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

“ හලෝ සුදූ…”

ඕන්න ඉතිම් පටන් ගත්තා…. ඒ තේව්.. මට නැති උනාට තේව්ට නම් කොල්ලෙක් හිටියා…. එයාගේ කලින් ස්කෝලේ… ඒ දෙන්නා ඒක ලොවටම හොරෙන් කරගෙන ගියේ… හැබයි ඔය කිව්වට මේ අවුරුදු දෙකට එකපාරක්වත් ඌ තේව්ව හම්බෙන්න ආවේ නෑ……… අනේ මන්දා මට නම් ඒක සෙට් නෑ… ඕවා ඉතිම් තේව්ට කියල උගේ ඔලුව විකාර කරන්න මට ඕනි නෑ…. මොකද ඌ ඒකට පණ ඇරලා…. ඌ කියන්නේ එහෙම එකෙක් ඌට කැමති උන එකම ඇතිලූ…

පිස්සු මූට ඇයි අපි Gay කියලා අහවල් එකෙන් ආවයෑ… අපිත් හැඟීම් දැනීම් තියෙන සාමාන්‍ය මිනිස්සු කොට්ටාසයක්…. රිවිශන් ක්ලාස් ඇරිලා මායි තේව්යි එහෙම්මම ආවේ බස් හෝල්ට එකට…. ගෙදර වාහන ඇති තරම් තිබ්බත් මට ඕනි උනේ සාමාන්‍ය මිනිස්සු වගේ බස් එකේ යන්න……..

තේව් නම් රණ්ඩුවක්ද කොහෙද කොල්ල එක්ක…..  මට ඉතින් ඕවා හැමදාම ඇහෙන්න දකින දේවල්…… මනෝ පාරකුත් ගහගෙන බස් ස්ටෑන්ඩ් එකට ආවේ අපේ පැත්තට යන්න තියෙන අන්තිම බස් එක තියෙන්නේ 6.30ට නිසා….

මං කුලියාපිටියේ… ඒත් මං ස්කෝලේ ගියෙයි ක්ලාස් ගියෙයි කුරුණෑගල…… කුලියාපිටිය කියන්නේ ලොකු ටවුන් එකක් උනාට අපේ තාත්ත කුරුණෑගල ආදිශ්‍යයෙක් නිසා මාව ඒ ස්කෝලෙට දැම්මා… තේව් හිටියේ බෝවත්තේ.. ඉතින් අපි දෙන්නම එකම බස් එකේ තමා ගෙදර යන්නේ… මිහිඳුන් අයියා නම් හිටියේ කුරුණෑගල අවට…. ඒ උනාට එයා යසස් අයියව බස් එකට දාන්න හැමදාම ස්ටෑන්ඩ් එකට එනවා… ඉතින් මං මේ ඔලුව උස්ස උස්ස හොයන්නේ මිහිදුන් අයියව… 

“ තේව්… සෙනූ…”

එතකොටම මං පිටිපස්ස බැලුවේ කවුද මේ දෙනෝදහාක් ඉන්න ස්ටෑන්ඩ් එකේ අපේ නම් ලකුණු කරන්න වගේ කෑ ගහන්නේ… කියලා….. හරිනේ ඔය එන්නේ නූල……. සහස්….

“ ඇයි මොකද?”

මං නිකම් ගහ ගන්න වගේ ඇහුවම සහස් මං දිහා පුදුමෙන් බලලා මොකක්ද මල්ලක් තේව් අතින් තිබ්බා….. තේව්ත් බෝම්බයක් බැදන් ඉන්න සහරාන් කාරයෙක් දිහා බලනව වගේ සහස් දිහා බැලුවේ…

“ මේක ගන්න තේව් යන ගමන් කන්න… දවල් නෝට් දුන්නට තෑන්කස්..”

එහෙම කියලා අපි මුකුත් කියන්න කලින් මෑන් මිසින් උනා… මං පාර්සලේට එබිලා බැලුවමයි දැක්කේ ඒකේ තිබ්බේ ඉස්සෝ වඩ……

‘ ඌඹ තාමත් ඉන්නේ පරණ මතේමද තේව්???”

“ හැබැයි මටත් නම් දැන් අමුතු එකක් තේරෙනවා…”

“ ඒකනේ උඹට මං කියන එක පිලිගන්න බෑනේ… කොහෙද මගේ රැවුල නෑනේ…”

“ කෝ බලපන් නැද්ද කියලා…”

“ සෙනුල්ය….”

තේව් මගේ මූණට එබීගෙන ඉන්නකොට මගේ පිටිපස්සෙන් ආපු කට හඬ මට හැතැප්ම තුන හතරක් ඈතට උනත් අඳුර ගන්න පුලුවන්……

මිහිදුන් අයියා….

මිහිරාව ආවා……
මූඩ් එකෙන් මං පිටිපස්ස් බැලුවත් මගේ හිනාව මොහොතකින් නතර වෙලා ගියේ මිහිදුන් අයියාගේ එහා පැත්තේ ඉන්න නහර කාරයව දකලා…. ඇත්තටම මූට වෙන වැඩක් ඇත්තෙම නැද්ද…. මගේ මිහිදුන් අයියා පස්සෙන්ම වැටිලා ඉන්න…. මුටයි උගේ මල්ලිටයි නම් DNA ටෙස්ට් ඕනි නෑ… අයියයි මල්ලියි කියන්න…. ඇයි කොයි වෙලේ බැලුවත් නූල වගේ පස්සෙන්මයි… මුන්ව හම්බෙනකොට අම්මා කපු කටින ගමන්ද දන්නෑ හිටියේ…

“ අම්මා ඇහුව්වා ඒ පැත්තේ එන්නේ නැද්ද කියලා…..”

අම්මට පස්සේ මට අම්මෙක් වගේ ළඟින් හිටියේ මගේ ලොකු අම්මා ඒ කියන්නේ මින්දුල අයියගේ අම්මා….. අන්න ඒ නිසා තමා මං මගේ ආදරේ හිතේ තද කරන් ඉන්නේ… මං කොහොමද මගේ අම්මා වගේ කෙනාට ද්‍රෝහි වෙන්නේ?

“ මේ දවස් වල වැඩ වැටුනා අයියේ… ඉරිදා දිහාවට එන්නම්…”

අම්මා මැරුණට පස්සෙ ලොකු අම්මලා කැමති උනේ නෑ තාත්තා ඉන්න ගෙදරට එන්න… ඒත් මට ලොකු අම්මලගෙ දිහා එන්න නම් කිසිම තහනමක් තිබුනේ නෑ…

“ ආ මං අම්මට කියන්නම්…”

එහෙම කියලා එයා යන්න ගියා… හැමදාම ඔහොම තමා… වාක්‍ය දෙකකට වඩා කතා කරන්නේම නෑ…. එහෙමත් තිබිලා මං මොකට එයාට කැමති උනාද මන්දා…….

පහුවදා තේව් එක්ක කයියක් දාන් ඉන්න වෙලේ සහස් ඇවිත් තේව්ව හම්බෙන්න ඕනි කිව්වා හදිස්සියේම…. පොරගේ මූණත් හොඳටම රතු වෙලා තිබ්බේ…..

“ තේව්…. පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද??”

සහස් ඇවිත් තේව්ගෙන් අහද්දී… තේව් බැලුවේ මං දිහා..

“ ඔව් කියන්න සහස්…”

“ තනියම??”

සහස් මං දිහා බලලා තේව්ට කිව්වා.. තේව් මං දිහා බලලා නැගිටලා සහස් එක්කම පන්තියෙන් එලියට ගියා… දැන් නම් මට හොඳටම ෂුවර් සහසා ලයින් දාන්නේ තේව්ට…

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අනේ අනේ සෙනූගේ ඒකපාර්ශ්වික ආදරේට කවි ගී ලියවුනා මදී……

එතකොට සහස්….. ඌ මොකාටද මේ එන්න හදන්නේ…. 😒 මේකා තේව්ට ලයින්වත්ද????

ආ තව දෙයක් මට කියන්න ඕනි උනේ ඇයි මං මේකට තීර්ථ කියලා නම දැම්මේ කියලා …….. ඉතිම් තීර්ථය කියන්නේ සාමාන්‍යයෙන් තොටුපලකට වගේ….. තීර්ථකයා කියන්නේ තොටුපොලෙන් තොටුපලට ගමන් කරන්නා………. ඉතිම් අපි හැමෝම තීර්ථකයෝ…… එහෙම නේද??

අපේ ජීවිතේ අපි එක එක තොටුපොලවල් පහු කරනවා….. හොද හෝ නරක ……. ඉතිම් හිතන්න මේ මහන්සියෙන් ගෙවන ගමනේ…. එක තොටුපලක් හම්බුනොත් හැමදාටම නවතින්න පුලුවන් ?? කිසිම දෙයක් බලාපොරොත්තු නොවී….. ඔයාට නවතින්න විතරක් කියන තොටුපලක් හම්බුනොත්……..

ඔන්න ඕකයි කතාවේ මාතෘකාවේ විස්තරේ…….

මං ප්‍රාර්ථනා කරනවා මහන්සියෙන් ජීවිතේ කියන මේ ගංගාවේ තීර්ථකයෝ විදිහට ගමන් කරන ඔයාලටත්….. සදහටම නවතින්න පුලුවන් තොටුපලක් හම්බෙන්න කියලා ……….

බුදුසරණයි ……….. මං පූජා….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තෙවැනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 4