À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය

A+ A-

හෝල් එක නම් ලස්සනට තිබ්බා… ලස්සන වෙන්න එපැයි මමනේ සැරසුවේ 😌 ස්කෝලේ ළමයින්ට පෙන්නුව නිසා හෝල් එකේ ඇති තරම් ඉඩ තිබ්බා අපි කට්ටියම ඒක හින්දා එක පෝලිමට ඉඳ ගත්තේ…… සර්ව පිත්තල කෑලි එල්ලන් ඉන්න තේව්ව දැක්කාම හිනත් යනවා …. හැබැයි ඉතිම් පොර ලස්සනයි

( මේවට සර්ව පිත්තල කෑලි කියනවට සමාවෙන්න  🥲 සෙනූ තමා කියන්නේ )

පූජා නැටුමත් එක්ක හරි ලස්සනට වැඩේ කෙරුනා….. අපේ තේව්ගේ අයිටම් එකේදී තේව් කරනමකුත් ගැහුවේ වටේ පිටේ කට්ටිය à·„à·– තියද්දි…… මායි සහසුයි විතරයි අපේ සෙට් එකෙන් කිසිම item එකකට හිටියේ නැත්තේ…..

” මේ තාම ඔයා කියන්නේ නැද්ද??”

” දැන් ඕක අහන එක්ලක්ෂ පනස්වෙනි වතාව…… මං කිව්වේ අන්තිම හරියේ තියෙන්නේ ……”

මිහිදුන් අයියලගේ මනමේ නාට්‍යත් හරි ලස්සනයි මං නම් කට ඇරන් බලන් හිටියේ ….. යසස් අයියා කට වැහුවේ නැත්නම් අනිවා මැස්සෙක් රිංගනවා…. මිහිදුන් අයියා… උඩට මුකුත් නැතුව දකිද්දි ලැජ්ජයි වගේ…… කුමාරිට ඉතිම් වැදි රජාට හිත ගියපු එක අහන්න දෙයක්ද……. බලන්න එපැයි අපේ මිහිදුන් අයියගේ බොඩිය……

අන්තිම ටිකේදි යසස් අයියා නැගිටලා ගියා ….. එයාගේ item එකට ළඟයි කියලා …..

” ඔව් ඊළඟට අපි ලෑස්ති වෙන්නේ ලස්සන ඒකල ගායනයකට සවන් දෙන්න…… ඉතිම් අපි පිළිගනිමු ගණිත අංශයේ…. යසස් තීෂ්මක ……

Next We welcome Yasas Thishmaka to Sing song for all of you ……

ගිටාර් එකත් අරන් මයික් එක ගාව හිටන් ඉන්න යසස් අයියව දැක්කාම එයාට වඩා මගේ හිත ගැහෙන්න ගත්තා …..

1, 2, 3

Har Ghadi Badal Raha Hai Roop Zindagi
ජීවිතේ හැම මොහොතකම වෙනවෙනසුලුයි……….

Chaav Hai Kabhi Hai Dhoop Zindagi
වෙලාවකට අදුරත්, වෙලාවකට එලියත් එහි පවතී……

Har Pal Yahan Jee Bhar Jiyo
පුලුවන් උපරිමයෙන් ගෙවෙන හැම මොහොතක්ම ගත කරන්න …….

Jo Hai Sama
මේ හැම මොහොතක්ම

Kal Ho Na Ho
හෙට උදා නොවෙන්න පුලුවන් …….

Chaahe Jo Tumhe Poore Dil Se
මුලු හදවතින්ම ඔබට ආදරේ කරන පුද්ගලයෙක් ……….

Milta Hai Woh Mushkil Se
සොයා ගැනීම ගොඩක් අපහසුයි………

Aisa Jo Koi Kahin Hai
ඉතිම් එහෙම කෙනෙක් කොහෙන් හෝ මුණ ගැසුනොත්……….

Bas Vahi Sabse Hasin Hai
ඇය තමා මුලු ලොවෙහි සුන්දරම කෙනා…..

Uss Haath Ko Tum Thaam Lo
ඔබ ඇයගේ අත අල්ලා ගන්න ……….

Woh Meherbaan Kal Ho Na Ho
මොකද ඇය හෙට එහි නොසිටින්න පුලුවන් ………

Palko Ke Leke Saaye
ඔබේ ඇස් වල සෙවනැල්ල මායිමට…..

Paas Koi Jo Aaye
කෙනෙක් ඇවිත්………..

Lakh Sambhalo Paagal Dil Ko
ඔබේ හදවත තදින් අල්ලා ගත් විට…..

Dil Dhadke Hi Jaaye
ඔබේ හදවත වේගෙන් ගැහෙනවා නම්……

Par Sochlo Iss Pal Hai Jo
මතක තියාගන්න , ඒ මොහොත…….

Woh Dastan Kal Ho Na Ho
මොකද මේ කතාව, හෙට එහි නැති වීමට පුලුවන් …….

යසස් අයියා මාරම emotional විදියට ඒ සින්දුව කිව්වේ……

මගේ පපුවේ පැත්තක් හිරි වැටුනා ඒ සින්දුවේ ලස්සනට…. ඒ තරම් ඒ මොහොත හැඟීම්බරයි……..
සින්දුව ඉවර උනාම කට්ටිය හයියෙන්ම අත්පුඩි ගැහුවා….. ඒ තරම් හැමෝම ඒකට වශී උනා………

” කොහොමද මගේ සින්දුව??”

යසස් අයියා මගේ එහා පැත්තට ඇවිත් අහද්දී…. ඇත්තටම මට කියාගන්න වචන නෑ ……..

” මට ලෝභයි……..”

” ඒ මොකද…??”

” වෙන අයට ඒ item එක පෙන්නන්න …….”

” ඇයි ……??”

” ඒක අහන ඕනි කෙනෙක්ට ඔයාට ආදරේ කරන්න හිතෙනවා ……..”

” ඒ උනාට මං ආදරේ එක්කෙනක්ට විතරයි නේ……….”

යසස් අයියා එහෙම කියන ගමන් මගේ අත පපුවට තියලා තද කරන් ඇස් පියා ගත්තා ……. ඇත්තටම මට ලෝභයි අයියේ….. මං වගේ කෙනෙක් ඔයාට ගැලපෙනවද හිතෙනවා වෙලාවකට මට … ඒ තරම් ඔයා සර්ව සම්පූර්ණයි….  ඔයාගේ ආදරේ මට ඕනෑවටත් වැඩියි….

දෙවෙනි දවසේ නම් කොන්සට් එකේ යසස් අයියට සෑහෙන්න ප්‍රතිචාර ගොඩක් තිබ්බා….. එයා එනකම් ස්කෝලෙට වෙලා හිටපු මගේ ඔඩොක්කුවට එයා ගෙනත් දැම්මේ කොල කෑලි ගොඩක් ………

” මේ මොනාද මේ??”

” ඔයාම බලන්නකෝ…….”

ඒ කොල කෑලි වල තිබ්බේ නම්බරුයි…… ලියුමුයි………

” කොහෙන්ද මේ??”

” අද ආපු කෙල්ලෝ දීලා තිබ්බා……. ඉතිම් මං ඔයාට ගෙනත් දුන්නා ……”

මට ඉරිසියයි ඉතිම් ……. වෙලාවකට හිතෙනවා මේ මනුස්සයගේ කරේ ටැග් එකක් එල්ලන්න Taken කියලා ….

” මට ඕන්නෑ……..”

මං ඒ ඔක්කොම බිමට විසික් කරා…… මං ඉඳන් හිටියේ බංකුවක ඉතිම් යසස් අයියා මගේ ඔඩොක්කුවේ ඔලුව තියලා බංකුවේ දිගා උනා….. මං ඉතිම් අහක බලාගෙනම හිටියා ….. එයා දිහා බලන්න බෑ ඒතරම් ලස්සනයි ……

” මොකද අහක බලන්…….”

” මුකුත් නෑ………”

මට රවනා……………….. මුහුණත් අතරේ…………. ඔබ සිටියා……….. කොනකින් වාගේ……….. ඔබමද මාගේ තොල්පෙති තෙමුවේ…….. ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ……

යසස් අයියා මගේ කම්මුලකට ඇඟිල්ලකින් අනින ගමන් සින්දු කියනවා……..

” කිස් එකක් දෙනවකෝ සෙනූ………”

” මට බෑ…………”

” තමුසේ ඉරිසියාවෙන් පැලෙනකොට මං ආසයි…….”

” ඒ මොකද???”

” එතකොට ඔයා මට ආදරේයි කියලා පේනවනේ …….”

” ඇයි අනිත් වෙලාවට එහෙම නැද්ද??”

මං ඇහුවේ භය වෙලා ?? මගේ අතින් අඩුපාඩුවක් උනාද??

” පිස්සු කොල්ලා….. එහෙම නෙමේ …… ඒත් ඉරිසියාව පේනකොට මට තවත් ආදරේ හිතෙනවා ………”

” හාකෝ……..”

යසස් අයියා හිමීට ඉස්සිලා මගේ නිකටට කිස් එකක් දුන්නා……….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

වෙලා ගියේ හින්දි සින්දුව ඔයාලට දැනෙන වචන වලට මට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනි උනා……… අනික මට මං හිතාගෙන ඉන්න වයිබ් එකට ගැලපෙන්න සින්දුවක් හම්බුනේ නෑනේ …… හම්බුනොත් මං fb එකේ දාන්නම්……… ❤❤

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්දෙවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 44